ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

14 July, 2013

මේ දවස් වල ජිවිතේ,.....

කාලෙක ඉදන් බ්ලොග් එකේ මොනවම හරි ලියනවා කියලා හිතාන උන්නත් ලියන්න උනේ නැනේ... එහෙම හිතුනා කියලා ලියන්න දෙයක් තියෙන්නත් ඕනනේ ඉතින්..
මේ දවස් වල ජිවිතේ ගෙවෙන්නේ ටිකක් විතර අමුතු විදිහට... වෙනදට වඩා නිදහසක් වගේම වෙනදට වඩා වැඩ වැඩි කමක් රැකියාවේ ස්ථාන මාරුවත් එක්කම සිද්ද වෙලා...

ඉතින් මොනවද අලුතෙන් බ්ලොග් වල උනේ කියලා හොයල බලන්න පටන් ගන්න ඕනා... දන්නා අය කියන්නකෝ ඉතින්.... වෙනදා තරම් දැන් බ්ලොග් ලියවෙන්නේ නම නැ වගේ කියලා නිකන් හොයල බලනකොට තේරුනා...

අයි එහෙම වෙන්නේ... ඉස්සරම ඉස්සර ට වඩා මැද කාලේදී බ්ලොග් ලියවුනානේ හොදට.. අනේ මන්දා ඉතින්

දැන් ඉතින් දෙවා පොඩ්ඩක් රැට නිදි මරනවා වැඩියි.. මොකද ඉතින් පැය 24ම අවදියෙන්න ඉන්න ලංකාවට දෙකක් තියන තැනක වෙනත් ආයතනයක බ්‍රාන්ච් එකක්නේ වැඩ කරන්නේ

සමහර ය නම් දන්නවා ඉතින් ලංකාවට දෙකක් තියන ගුවන් තොටුපල වල පලවෙනි එක කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ departure එකේ ලංකා බැංකු ආයතනයේ දැන් දෙවා මේ මාසේ ඉදන් ටික කාලයක ඉන්න තමා කල්පනාව...

වෙනදට වඩා නිදි මරනවා කිවේ ඉතින් එතන වැඩ එක දිගට පැය 24ක් කරන්න පුළුවන් තැනක් නේ එකයි..

වෙනද වගේ බ්ලොග් ලියන්න බලන්න ආයෙම එනවා ඉතින් අපිව අමතක යට මතක් වේවා,..

රට යන අය එහෙම ඉන්නවනම් ඉතින් ඔන්න රට යනකොට දේවා වත් බලල යන්න එන්න....

මුණු පොතටවත් මැසේජ් එකක් දාලා යනවනම් එදා ඉතින් මම වැඩ කරන දවසක්ද කියල බල ගන්නවත් තිබුනා...

ජය වේවා...





41 comments:

  1. මම කැමතිම එයාර්පෝර්ට් එකේ සුවඳට :D

    ReplyDelete
    Replies
    1. එයාර්පෝර්ට් එකේ සුවඳ කිවේ........ එකේ වැඩ කරන අයගේද?

      Delete
  2. මීට මාසෙකට කලින්නම් ගිහින් ආවා ඔය පැත්තේ අම්මව ඇරලවන්න . අලුත් වෙනස හිතට අල්ලලා වගේ .

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ගිම් ආවත් ඉතින් හොයා ගන්න බැනේ...... ඉතින්
      අලුත් වෙනස නම් ඉතින් තාවකාලිකයි....

      Delete
  3. දේවා ලබන 7 මම විදෙස් ගත වෙනවා. මූනුපොතේ ලිංකුව දාන්න කෝ. අනිවා යන්න කලින් හමු වි යන්නම්.

    ReplyDelete
    Replies
    1. නලින් අය්යා මගේ මුණු පොතේ නැද්ද වෙන්න බැනේ... මේ දවස් වල මාක් අය්යා මාව බ්ලොක් කරලා රික් යවන්න නම් බැ.... 7 මේ යන විදිහට මම ඔෆ් ද මන්දා බලමුකෝ....

      Delete

  4. ලබන මාසේ මම ල0කාවට එනවා,වේලාවක් ලැබුනොත් ඔය පැත්තෙත් එන්නම්.........දිගටම ලියන්න ශක්තිය ලැබෙන්නයි පතමි.ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. අනිවා ලංකාවට එනකොට ඉතින් ඇවිත් කියලා යන්නකෝ මේ මම ශානු කියල හොදේ... මොනවා හරි දීලා ගියත් කමක් නැ ඔය ගෙන ඒවගෙන්.... හිකිස්

      Delete
    2. මොනව හරි ගේනව නං ඉතිං අපිත් ඇවිත් ඉන්නංකෝ එයාර්පෝට් !!!!!!ඔනේ නං මල් මා‍ලෙකුත් ගේන්නං දාලා පිලිගන්න

      Delete
    3. ඔන්න ඔන්න ඉතින් ඕනේ නැති කතා කියනවා දිනේල්ක..... උබ එයාපෝර්ට් එකෙන් පිටදී හම්බවෙලා ගෙන ඒවා ඉල්ලා ගන්න....

      මල් මලා දන්නා යන්න එපා ලග ඉලෙක්ෂන් එකකකුත් එනවනේ...

      Delete
  5. ඩියුටි ෆ්‍රී එකෙන් මුකුත් පන්නගන්න බැරි වෙයිද අපිට :)

    ReplyDelete
    Replies
    1. මෙච්චර දේවල් කියනකොට මුට මතක් උන දේ......... ඒවා නම් බැ මලයන්ඩි

      Delete
  6. මත්තල එයාපෝර්ට් එකට ට්‍රන්සර් එකක් ගත්තනං ෆී එකේ ඕමි අතක් බලාගෙන ඉන්න තිබුනා අපරාදේ !!!

    ReplyDelete
    Replies
    1. වැඩක් වෙන්නේ නැ බන් 304 ටිකක් දන්නවා උනාට ඉතින් ඕමි මම දන්නේ නැනේ.... උබ දන්නවද දැන් එහෙත් හරි බිසී.... ෆ්‍රී නැ

      Delete
  7. ඉදලා හිටලා මෙහෙම හරි ලියහං බං

    ReplyDelete
    Replies
    1. දැන් නම් ටිකක් වැඩිපුර බ්ලොග් කියවන්න ලියන්න කියලා තමා හිතාන ඉන්නේ ඉතින් බලමුකෝ අය්යා

      Delete
  8. අළුත් වෙනසට සුබ පැතුම් දේවා මල්ලී

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අය්යා.... බ්ලොග් පොස්ට් ගොඩක් කියවල ඉවර කරන්නන ඕනා ඒ පැත්තේ ඇවිත්

      Delete
  9. හප්පේ දැක්ක කල්...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැ අය්යා.. කාලෙකින් ආවේ දැන් නම් සතියකට සැරයක් වත් එන්න ඕනා....

      Delete
  10. අළුත් රැකියාවට සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ජොබ් එක නම් පරණ එකමයි අය්යන්ඩි තැන තමයි ටිකක් වෙනස් උනේ... හව් එවර් තැන්ක්ස් හොදේ.....

      Delete
  11. අපිටනං ළඟකදි ඔය පැත්තෙ එන්න වෙන එකක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. මටත් වැඩි කල් ඉන්න වෙන එකක් නැ අය්යා... සෝ කොහෙද හරි මුණ ගැහෙවිනේ ඉතින්, ජය

      Delete
  12. නියමයි මචන් දැන අදුර ගැනීම.... මමත් ලගදි ඔය පැත්තෙ ආව.... කොහෙද උබව දන්නෙ නෑනෙ....

    ReplyDelete
    Replies
    1. එකනේ බන් අයේ එනකොට පොඩ්ඩක් කියපන්කො.... හිටියොත් කතා කරන්නවත්...

      Delete
  13. හොඳයි, හොඳයි, අපිත් අවුරුද්ද අන්තිමට ඕක හරහා දෙපාරක් ගමක් කරනවා. උඹ එතකොටත් එතනම හිටියොත් හම්බවෙමු.

    ReplyDelete
    Replies
    1. සමහර විට ඉන්න එකක් නැ හෙන්රි අය්යා.. සෝ ඉතින් මොනවා හරි බ්ලොග් ඉවෙන්ට් එකකින්වත් මුණ ගැහෙමුකෝ

      Delete
  14. මම ඉස්සර අපේ බැංකුවේ කවුන්ටර් දෙකට යනවා Troubleshooting වලට. යුද්දේ කාලේ PC දෙකක් ඔය ගේට් වලින් ගෙනියනවා කියන්නේ ඉතිං මාර අමාරු වැඩක්. එක දවසක් Airport Server Room එකටත් ගියා කොහොම හරි.

    ReplyDelete
    Replies
    1. සමහර තැන වලට නම් යන්න බැ ඉතින් ඒ කාලේ නම් මාර ගේමක් දෙන්න ඇති තමා ඉතින්.... මොනවා උනත් ඉතින් එතනත් වෙලාවකට මාරම සුන්දර තැනක්...

      Delete
  15. වෙනදට වඩෙ කොයි ශාඛාවේ ද?

    ReplyDelete
    Replies
    1. වෙනදට කියල කිවේ......... එයාපෝට් නැත්නම් ඉතින් පේ ඔෆිස් කොන්ට්‍රෝල් එකේ තමා වැඩ හෙඩ් ඔෆිස්.....

      Delete
  16. ආහ්හ්හ්...මම ආපහු යද්දි දේවව බලාගෙනම යන්න පුලුවන් එහෙනන්.. :D

    ReplyDelete
    Replies
    1. මකුළු පැංචි යන්නේ කවදා වගේද දන්නේ නැ ආපහු යන්නේ.. හැමදාමත් වැඩ නැනේ ඉතින් අපි... යන්න කලින් බුකියට මැසේජ් එකක්වත් දාන්නකෝ

      Delete
  17. කර්ය බහුලතාවය ඉහවහා ගිහින් වාගේ.... අපිටත් එහෙමම තමා....

    ReplyDelete
    Replies
    1. තරමක් දුරට අක්කා.... ඉස්සරහට මීටත් වඩා බලාපොරොත්තු වෙනවා එහෙම වෙයි කියලා

      Delete
  18. මලයා හෙට 07 උදේ 10ට මං එනවා ඔතැනට.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....