තාම නම් එන නොඑන එක ගැන හරියටම තීරණයක් අරගෙන නැති උනත් පුළුවන් උපරිම උත්සහ ගන්නේ නම් එන්න තමයි...
වටෙන් පිටෙන් ඇහෙන කතා අස්සේ ඇහුන එක කතාවක් ගැන ඇහුන විදිහ ඔය බැදලා ළමයි එහෙම ඉන්න අය වෙනුවෙන් ලියන්න හිතුනා...
අපි ගොඩාක් ලොකු සල්ලි කාරයෝ නොවුනට (එහෙම ලොකු සල්ලි කාරයොත් ඉන්නවා බ්ලොග් ලියන ) යන්තම් හරි මොනවා මොනවා හරි අනාගතේ වෙනුවෙන් ඉතිරි කරනවානේ.... ඔය ඉතිරි කරන දේවල් ඉතින් යනකොට අපි ගෙනියන්න බලාපොරොත්තුවෙන් නෙමේ යනකොට දරුවන්ට දීලා යන බලාපොරොත්තුවෙන් ඉතිරි කරන දේවල් නේ....
ඇත්තටම අපි ඉඩ කඩම්, යාන වාහන ඉතිරි කරනවානම් දරුවන්ට පොඩි කාලේ ඉදලාම මේක පුතාට, මේ කොටස දුවට ,මේක ලොකු පුතා ට , මේ ඉන්න ගෙදර චුටි පුතාට කියලා වෙන් කරන එක හොදද?
මාත් එක්කහිතවත් ඉඩ කඩම් , මිල මුදල් වලින් ගොඩාක් ඉදිරියෙන් ඉන්න මිස්ටර් එන් (මේ පැත්තේ අයත් දැන් බ්ලොග් කියවනවානේ ඒ නිසා නම ඕනේ නැ ) කියන විදිහට නම් කවදාවත් එහෙම වෙන් කරලා දීල ඒ අයගේ මනසට ඒවා ඇතුළු කරන්න හොද නැහැලු....
ඒ අයගේ නිසි වයසට ආවහම ඉතින් ඒ ය වෙනුවෙන් යමක් කරලා දීලා ඒ අයට ඉතුරු කරගත්තු දෙයක් දෙන එක කරන්න ඕන දෙයක් උනත් අර විදිහට පොඩි කලේ ඉදන් අයිතිය පිළිබද දේවල් ඔලුවට දානකොට වෙන්නේ ඒ අය ඒ කාලේ ඉදන්ම ඒවා බුක්ති විදින්න පටන් ගන්න එක....
ඔය අතරේ පොඩි දරුවා වැඩෙන අතර කාලයේ හදිසි අවශ්‍යතත්වයකට කලින් ඉදන් වෙන් කරලා තිබුණු ලෑන්ඩ් එකක් විකුණන්න උනොත්
ඉතින් එහෙම කරන්න ඕනේ කමක් වෙන්නේ නැනේ කලින් වෙන් කරලා නොතිබුනානම්... ඒ දේවල් ඉතුරු කලේ අම්මා තාත්තා නම් ඒ අයට ඒ දේවල් නාස්ති නොකර කරන්න ඕනේ දෙයක් කරන්න නිදහස තියන්න ඕනා නේද?
මට හිතෙන විදිහට නම් මිස්ටර් එන් වරදිමත් නැ........
සහතික ඇත්ත මල්ලි !!!
ReplyDeleteඋන් කල වයසට ආවහම තමා තමන්ගේ දේවල් දෙන්න තියෙන්නේ.
සිරාවට මචං මට ඒ ගැන කිසිම අයිඩියා එකක් නෑ!!!!! අලේ මන්දා!!!
ReplyDeleteමිස්ටර් එන් හරි.... ඇත්තටම ළමයින්ට ඕවා ඔලුවට දැම්මම වෙන්නේ ඒවා දිහා බලාගෙන ඉන්න එක... ලොකු එකාට මේක පොඩි එකාට මේක කියලා බෙදලා තියලා තිබ්බම එයාලා කවදාවත් උත්සාහ කරන්නේ නෑ තමන්ම ඒවා ගොඩනඟා ගන්න.... ඒකත් එකක්... ළමයින්ට ඕනේ කාලෙට තියෙන දෙයක් බෙදලා දුන්නට කමක් නෑ... මුල ඉඳන්ම මෙයාට මේක කියලා තියන එක හරි නෑ...
ReplyDeleteඊටත් වඩා දෙයක් මං දකිනවා... දැන් ඔය සමහර ගෙවල් වල කියනවානේ පොඩි එකාට මේ ගේ ලියනවා කියලා.. ඒ කියන්නේ ඒකව හිර කර ගන්නවා අම්මලා.. කවදාහරි ගේ ලියලා දුන්නම ඌ තමන් ළඟ ජීවිත කාලෙම ඉඳියි කියලා.. බැරි වෙලා හරි ඌට රට යන්න හිතුනා, නැත්තම් වෙනම ඉන්න කැමති ගෑණීයෙක් බැන්දා... විනාසයි නේ ඉතිං... ( එහෙම උනා මං දන්න කට්ටියකට... ලොකු පුතා ගෙයක් හදාගෙන වෙනම ගියා... පොඩි එකාට ගේ ලිව්වා අම්මලා.. ඒත් මිනිහා ඉගෙනගන්න ගිහින් එහෙමම එංගලන්තේ නැවතුනා.. දැන් අම්මලා තනියම... මොකද ලොකු පුතයි දුවයි දෙන්නම බැඳලා වෙනම ඉන්නේ.. අම්මලා බලං හිටියේ පොඩි පුතා තමන් ළඟ ඉඳියි කියලා විතරනේ... දැන් ඌත් නෑ... අනිත් දෙන්නා දුර ඉන්නේ... ඇවිල්ලා බලලා යනවා විතරයි....)
මිස්ටර් එන් හරියට හරි. අපිත් කවදාවත් ළමයින්ගෙ ඔලු වලට ඔය කුණු කන්දල දාන්නේ නෑ. ඒ ඇරත් අපිට එහෙම දේපලත් නෑ බං.
ReplyDeleteඑන් හරි තමා නේද?...
ReplyDeleteමම නම් කැමති තනියම නැගිටින්න උත්සාහ කරන ළමයින්ට. පොඩි කාලේ ඉඳන්ම දේපල /වස්තුව ගැන ඔලුවට දාපුහම ළමයි නිකමෝ වෙනවා. අපි මහන්සි වෙලා හම්බ කරන්න ඕනි නෑනේ. අම්මලා තාත්තල අපට ඉතුරු කරලා තියනවනේ කියලා.
ReplyDeleteඇත්තකුත් තියෙනවා තමා කතාවේ.නැත්තම් පොඩි උන් 18 වුන ගමන් දේපල ඉල්ලලා රණ්ඩු කරනවනේ!
ReplyDeleteදෙමාපියන් දේපල යම් කලක දරුවන්ට දෙන එක ඇත්ත උනත් එය මුල සිටම දරුවන්ට කියන්න ඕනෙ නෑ කියන මතයේ මාත් ඉන්නේ . දරුවන්ට දෙපයින් නැගී සිටින්න පුරුදු කරන්න ඕනෙ .
ReplyDelete//ඒ දේවල් ඉතුරු කලේ අම්මා තාත්තා නම් ඒ අයට ඒ දේවල් නාස්ති නොකර කරන්න ඕනේ දෙයක් කරන්න නිදහස තියන්න ඕනා නේද?//
ReplyDeleteහ්ම්..එහෙම එකකුත් තියෙනව තමා..!
මමනම් කියන්නේ ඕනෙ නෑ කියලයි..
ReplyDeleteළමයින්ට පොඩි කාලේ ඉදන් ඕව ඔළුවට නොදම,හොදට ඉගෙන ගෙන සමාජයේ හොද මිනිසකු ලෙස ජිවත් වන ආකාරයයි කියා දිය යුත්තෙ.
ReplyDeleteඅපි කූරිය ගහන්න කිට්ටුයි කියල දැනුනම ඉතුරු වෙලා තියෙන වනම් දේපලක් ඉන්න අයට සමව බෙදල දෙන එක තමයි කලයුත්තෙ.
මොකද්ද ෆිල්ම් එකක ගියා මට ෆිල්ම් එක හරියට මතක නෑ. ඒකෙ තාත්තා හෙන සල්ලි කාරයෙක්. හැබැයි පොරගෙ තියරිය ළමයින්ට දේපල දෙන්න ඕන "මොනව හරි කරගන්න පුලුවන් වෙන්න සහ මොනවත් නොකර ඉන්න බැරි වෙන්න" (නිකමෙන් නොවෙන්න)
ReplyDelete