ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

20 July, 2013

අරක්කු බොන්නේ ඇයි ....

කලින් පොස්ට්එකේ කිවනේ මේ දවස් වල ඉතින් කටුනායක පැත්තේ රවුම් ගහනවා කියලා... ඉතින් දන්නා කියන බ්ලොග් කරුවන් කාරියන් කීප පොළක්ම රට යන්න බලාගෙන  ඉන්නවත් කිවනේ...ඔන්න ඒ අය මෙන්න මේ  ලින්ක්  එකෙන්  ඇවිත් බුකියට  මෙසේජ්  එකක්  දාන්නකෝ..

මේ දවස් වල ඉතින්  ඔය යන අතරතුර උන දෙයක් නිසා මේ ගැනලියන්න හිතුනා.... මම ඉතින් ඔය  මත් වෙන  දේවල්  බිලා නැති නිසා මේ බ්ලොග් කියවන අපේ බ්ලොග් හිතවතුන් මේ කට එයාලාගේ  අත්දැකීම එහෙම කියනවා නම් මම  ගොඩාක්  කැමති...

සාමානයෙන්  දුකට  ගෙනත්  බොනබෝතලේම  කොහොම  හරි  ඉවර  කරගන්න  බැරි  උනොත්  සතුටටත්  බොන  නිසා  මත් වෙන අරක්කු  වගේ  ඒවා   බොන්නේ  මොන හෙතුවටද  කියලා  හිතා  ගන්න  නම්  බැ ... සෝ  එක  මම  හිතන්න  ඕනෙත්  නැනේ..


පහුගිය  දවසක මම  කටුනායක  බස් එකේ  යනකොට  බස්  එකට  වයස  අවුරුදු  40  ක විතර  පුද්ගලයෙක්  බස් රථයට  නැගිලා  ගමන්  කරන කොට  බස් රථයේ රියදුරා  ඒ  පුද්ගලයාට  බහින්න කියල දෙතුන්  පාරක්  කිවා... එක  පාරම හේතුවක්  හිතා ගන්න බැරි උනත් ටික දුරක්  යනකොට  ඒ පුද්ගලයා හොදටම  වෙරි මතින්  කියලා තේරුම් ගන්න  පුළුවන්  උනා...


සාමානයෙන් සල්ලි  මත්තෙම  නාහෙන පුද්ගලික බස් රියදුරන්  කොන්දොස්තර  වරුන්  අතරේ සමහර  හොද මිනිස්සුත්  ඉන්නවා ( 80%ක් විතර ) මේ පුද්ගයලා නිසා  බස් රථයේ ගමන් ගන්නා අනිත්  පුද්ගලයන්ට වෙන  අපහසු තාවය  තේරුම්  අරගෙන තව කිහිප පාරක්ම  බස් එකෙන්  බහින්න කියලා අර පුද්ගලයට  කියන්න රියදුරු මහතාට  සිදු උනා.. එත් ඒ රියදුරු  මහතාටත් එක එක වචන වලින් ආමන්ත්‍රණය කරමින් තව ටික දුරක් ගිහින් අසැබි වදන්  වලින් කතා කරන්න පටන් ගත්තු නිසා බස් රථයේ රියදුරා බස් රථය නතර කරලා කොන්දොස්තර මහතාගේත්  සහය ඇතිව ඔහුව බසයෙන් ඉවත් කරලා ධාවනය කරන්න පටන් ගත්තත් මීටර් කිහිපයක් යනවිට  මගේ අසුනට පිටි පස අසුනේ වීදුරුව අසලට ඉතා විශාල කළු ගල් පහරක් අර බිමත් පුද්ගලයා එල්ල කළා... හැමෝගෙම වාසනාවට එක කාටවත් කරදරයක් නොවුනත් ඒ ගල් පහර වැදුනානම් දවස් ගානකට රෝහල් ගත වෙන්න හරි මේ ලෝකෙන් යන්න හරි වෙන්න තිබුනා....

ඒ පුද්ගලයා ඒ  පළාතේම කෙනෙක් වෙන්න තිබුනා.. සමහර විට ඒ පුග්දලයන්ගේ දරුවන් ඒ බස් එකේම යනවා වෙන්නත් පුළුවන්.. බි ගත්තහම ලෝකෙම අමතක වෙනවද? තමන් කරන කියන දේවල් ගැන මුකුත් අවබෝදයක් නැති වෙනවද? තමන් කරන දේවල් ගැන වගකීම් රහිත වෙනවද? ජීවිතයක වටිනාකම අමතක වෙනවද? අරක්කු ටිකක් කටේ ගා ගත්තහම ඔහුට වඩා ලොකු පුද්ගලයන් නැද්ද? අරක්කු බි ගත්තම වෙන්නේ වැඩකට නැති වැඩ විතරක්ම නම් ඇයි ඉතින්  ඕවා බොන්නේ.....

48 comments:

  1. arakku bonnne nattan e gana katha karanna nathuwa innawa nam hodai :P

    ReplyDelete
  2. nodanna dewal gana poddak dana ganna eka waraddak neme neda ano? :P

    ReplyDelete
  3. Replies
    1. බිලා ඉවර වෙලා ෂෝ පෙන්නන එක තමා මට නම් අවුල... එහෙම කරන්නේ ඇයි කියල

      Delete
  4. බොන හැම එකාම ඔහොම නෑනෙ

    ReplyDelete
    Replies
    1. බොන ගොඩාක් අය ඔහොම තමා නේද?

      Delete
  5. අරක්කු බොන්නේ ඇයි ....

    ඒ ඇත්තට ඇයි බං

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඒ ඇයි අය්යේ.... මම දන්නෙම නැනේ....

      Delete
  6. බොන එකත් එක්තරා කලාවක් මලයා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අය්යා... කලාවක් කෙසේවෙතත් අනිත් යට වදයක් වගේනේ

      Delete
    2. කලාවට බිලා කලාවට හාන එකත් කලාවක්ද අයියා.... ^_^

      Delete
    3. බොන එක කලාවක් නම් එකත් එහෙම ඇති නේද?

      Delete
    4. ඇයි බං..නොබී වදයක් වෙන උන් ඇත්තෙම නැද්ද..?

      Delete
    5. බිලා වදයක් වෙන තරම් අනිත් ය නැ නේද වියා

      Delete
  7. මම පොඩි එකා එත් බොනවා... බිව්වුවට පස්සේ අපේ බාශාවෙන් කියනවනං හාන්නේ නැතුව ඉන්නවා එත තටම බොන්නේ ඇයිද දන්නේ නැහැ .. හැබැයි බිලා පොර වගේ කියවන්නේ නැහැ .. නොබොන කෙනාට ගරු කරනවා... එච්චරයි,,

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අයි බොන්නේ කියලා දන්නා කෙනෙක් නැ වගේ ඉතින්... තාම නම් මම බිලා නැ ඉස්සරහට බෝනන හිතෙයිද දන්නේ නැ ඉතින්.. මොනවා උනත් ටිකක් වැඩි පුර බි ගත්තම හාන අය වැඩි නේද?

      Delete
    2. බොන්න ඕනි ප්‍රශ්නයක් :3

      Delete
    3. එහෙමනම් ඉතින් තව පාරක් වත් බිලා උත්තරේ හොයා ගන්න ට්‍රයි කරන්න.. හම්බුනොත් මටත් කියන්න

      Delete
    4. බොන උන්ට අරක්කු අරන්දීලා තියනවද ඔයා .

      උත්තරය ඔව්ද නැද විතරක් කියන්න

      මම මහෙම අහන්නේ ඇයි කියලා ඔයා දන්නවා

      Delete
    5. මේකට උත්තරේ නැ....... ඔය අහන හේතුව එදාට සම්බන්ද උනත් එදා ඒ වැඩේ කරන්න තිබුනා... බට් එක ඔය කියන විදිහට උනේ නැනේ....

      Delete
    6. එහෙනං සමාව දෙන්න පුළුවන් , මං හිතුවේ බොන උන්ට බොන්ඩ අරන් දිදි බොන උන්ටම බනිනවා කියලා

      Delete
    7. බිවට බැන්නා නෙමේ බොස්.... බිලා ෂෝ දාන අය ගැන කිවේ ඉතින්......

      Delete
  8. //බි ගත්තහම ලෝකෙම අමතක වෙනවද? තමන් කරන කියන දේවල් ගැන මුකුත් අවබෝදයක් නැති වෙනවද? තමන් කරන දේවල් ගැන වගකීම් රහිත වෙනවද? ජීවිතයක වටිනාකම අමතක වෙනවද?//
    මටත් තියන ප්‍රශ්නේ ඕකයි!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බන් ඕවට කාගෙන් උත්තර ගන්නද කියලා

      Delete
  9. බස් වලට ගල් ගන්න්නේ බොන උන් විතරද? ඔය බොන්නෙ නැති උන් පාරවල් වගගෙන පිස්සු කෙලින් කොට. පොලීසියෙන් කඳුළු ගෑස් පාරවල් ගැහුවම, එවා ආතල්ද? සිද්දීන් බීමට ලගු කරන්න එපා දේව්. බස් වල ජැක් ගහන්නේ බීපූ උන්ද.

    ReplyDelete
    Replies
    1. සිද්දීන් බිමට ලැගු කලේ නැ අය්යා එත් මෙතැ උනේ ඇත්තටම මේ මනුස්සය බිම නිසා ඇති උන දෙයක්... බිමත් කම කොහොමත් හොද දෙයක් නෙමේනේ...... අය්යා

      Delete
  10. ගමේ අම්බානකට බොන සෝමෙ අයියා ණයට ගන්න කඩේ ඉස්සරහා චන්ඩියා උනාට පොලීසිය ඉස්සරහා ඔලුව කස කස යන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. සිරාවට එහෙම වෙන ඒවා නැතුව නම් නෙමේ...

      Delete
  11. ඔය රඟපාන වැඩි දෙනෙක් හොඳටම බීපු අය නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. බිලා රගපාන කොට තමා මට නම් ඒ අය ගැන මුකුත්ම නොහිතෙන්නේ.........

      Delete
  12. තමං කැමති නම් බිව්වා, නැත්තම් නිකං හිටියා, බොනවානම් බේබද්දා වගේ බොනවා, නැත්තම් ඉඳහිට ඩීසන්ට් එකේ පොඩ්ඩක් කලාවට බොනවා. හැබැයි කොහොම බිව්වත් අනික් උන්ට ඇණයක් වෙන එකනම් දිරවන්නේ නෑ.. කොහොමත් බොන සෙට් එකක් අතර නොබී එකෙක් හිටියොත් උට හෙන ෆුල් අවුල්.. දෙගොල්ල අතරේ ලෙවල් එක වෙනස්නේ. එතකොට අමුවෙන් ඉන්න එකාට අරුන්ව ඇණයක්ම තමයි. අම්මෝ මේක හෙන දිගට යන්ඩ පුළුවන් මාතෘකාවක්නේ..එක එකාගේ ප්‍රතිපත්ති වෙනස්නේ..

    ReplyDelete
    Replies
    1. බොන අය එක්ක මගෙත් කිසිම අමනාපය්ක්වත් අකමැත්තක් වත් නැ.. මම නොබිවට ඕන තරම් බොන ටේබල් වල ඉන්නවා.. ආශ්‍රය කරන ගොඩක් දෙනෙක් බොන අය එක ප්‍රශ්නයක් නෙමේ.. එත් බිල තමා තමා පොර කියල හිතන යට නම් කැමතිම නැ

      Delete
  13. me post 1 sambandha deyak nam newei man oyage post kiyawana kenek oya boc nisai ahanne italy milan inna kenekta boc bank 1 mhe idan nrfc 1kata salli yawanna vidiyak thiyanawada

    ReplyDelete
    Replies
    1. contact please +39320622931 , +393803438089 , boc represantative in italy

      Delete
    2. thanks brother...

      Delete
  14. බීලා මහත්තුරු වගේ ඉන්න එවුනුත් ඉන්නවා දේවා. අනික බීමේ වුනත් ක්‍රමයක් තියෙනවා. ඔය හුඟක් වෙලාවට වෙන්නේ කෑදර කමට බීලා ලිමිට් පනින එකයි.

    ReplyDelete
    Replies
    1. ඕක ගොඩක් අය නොතේරුම් ගන්න එකයි අවුල අය්යා

      Delete
  15. ස්ටාෆ් එකේ මම දැකපු හොඳම දෙයක් තමයි නොබොන කෙනාට බලෙන් පොවන්න යන්නෙ නෑ දැන්.

    ReplyDelete
  16. හික් , මොකට ඔය දහා ජරාව බොනවද මන්දා මිනිස්සු ...මම නම් ඇල් වතුරත් නිවලයි බොන්නෙ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ..... ,මේ වගේ පුතුන් ජාතියේ වාසනාවක්

      Delete
  17. දේවා උබ මෙහෙම හිතපන්.උබ කවද හරි විනෝද ගමනක් ගොහින් තියෙනවද.ඇයි ගියෙ.ගෙදර ඉන්න තිබුනනෙ. .ගියෙ මොකක් හරි ෆන් එකක් තිබ්බ නිසානෙ.
    ඒ වගේම ගෙදර නිකන් සද්ද බද්ද නැති වෙලාවකට උබට නටන්න පුලුවන්ද.බෑනෙ.ඒ කික් එක එන්න සින්දුවක් දාන්න ඕන.
    බොන එකත් ඒ වගේ දෙයක්.තමන්ට ගැලපෙන ප්‍රමානයට බීවම කික් එක කියන එක වැඩි වෙනවා.බීල පිස්සු නටන උන් ගොඩක් බීල නෙමෙයි.උන්ට බොන්න දන්නෙ නෑ.නැත්තම් බොරුවට රගනවා.බොන එක කලාවක්.දැනගෙන කරන එකයි ඒකෙ රහ දන්නෙ.නැතුව අනික් උන් කරනවට ඔහේ කරන උන් නෙමෙයි.
    කොහොම උනත් මමත් බීල රගන්න ගිහින් අනික් උන්ට කරදරයක් වෙන උන්ව තරයේ හෙලාදකිනවා.

    ReplyDelete
    Replies
    1. සාටර් අය්යා කොයිම වෙලාවකවත් බොන එකට් මම තනිකර විරිද්දයි කියලා කියන්නන ගියේ නැ මොකද එහෙම කියන්න මට පුලුවන් කමක් නැ, මම ලග ඉන්න ගොඩක් අය උනත් බීවා කියල චාටර් නොවී ඉන්න අය ඕන තරම් ඉන්න්නවා එත් සමහර අය ඒ ආය ලබල තියන දැනුමේ හැටියටද මන්ද හැසිරෙන්නේ ඉතා අශෝබන විදිහට වදයක් විදිහට... එහෙම වෙන එකටයි මම අකමැති....

      Delete
    2. ඒකනෙ මාත් කිව්වෙ වැදගත් විදියට බීල පැත්‍යකට වෙලා තමන්ගෙ ආතල් එක අරන් ඉන්න ඕන කියල.එහෙම නැති උන්ව මාත් හෙලා දකිනව.

      සාටර් අයිය නෙමේ බොල මම මල්ලි.
      මතක නැද්ද ගම්5 ගේට්ටුව දවසෙ ජා ඇල හංදියෙ අපි දෙන්න උබේ ගානෙ තැබිලි බිව්ව :D

      Delete
    3. තැබිලි..... මට මතකත් නැනේ බන්...... සිරාවටම ඔය කියන්නේ වෙන එකක් ගැන.....

      Delete
  18. මම බීලනෙ මචන් හිටියෙ..මට මතක උබ වගේ.ගම්පහ ගෙට් එකට ඇවිත් ගෙදර යද්දි ජා ඇලින් කුලියපිටි බස් එකක් එනකන් හිටියෙ උබ නෙමේද.
    එහෙම නෙමේනම් මට මේ පෝස්ට් එකට වෙරි වෙලා. :D

    ReplyDelete
    Replies
    1. මම උන්නා බන් එත් ඔය තැබිලි බීපු එකක් මට මතක නැනේ... එත් ඉතින් කියනවාම් ඇත්ත වෙන්න ඇතිනේ..... ඔන්න බලපන්කො දැන් බ්ලොග් ගේට් සංවිධානය වෙන්නේ නැති හින්දා ඔය මොනවත් මතක් වෙන්නේ නැනේ... (අපිට හොරෙන් ලගකදී තිබ්බද දන්නෙත් නැ)

      Delete
  19. වෙරි හිදෙන්න එක්කම කණ රත්වෙන්න දෙකක් දුන්න නම් නියමයි. මෙච්චර උදව් කරපු කොන්දට එක් කරන්න බැරි වුණ හැටි.

    ReplyDelete
    Replies
    1. බැස්සට පස්සේ ගල් පාරක් ගැහුවට පස්සේ සෙට් එකක්ම ගිහින් පොඩි සැලකිල්ලක් කළා අය්යේ.. එත් ඒ වෙරි බස්සන්න තරම් නම් එක මදිද කොහෙද?

      Delete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....