ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

31 August, 2011

අන්න මොකෙක්ද හොල්මනක්ද බුතයෙක්ද මලමිනියක්ද එනවා යකෝ...

ඉස්සර වෙලා මම දාපු කොටසට ටිකක් ප්‍රතිචාර තිබුනත් වැඩ ගොඩකට හිර වෙලා උන්නු නිසා ඊලග කොටස දාන්න ටිකක් වෙලා ගියා.. ඔන්න ඒ අතරේ මගේ මේ බ්ලොග් එකේ අදට මාස 4 වෙනකොට හිට්ස් 100000 පහු කරලා... ඔන්න ඔයාලා ඔක්කොටම තැන්ක්ස්.. තව පොස්ට් 2,3කින් 100 වෙන නිසා ඒකෙන්ම මම ඒවා ගැන කියන්නම්කෝ ලොරියක ස්තුති එක්කම...

කතාවේ ඉතුරු ටික ඉතින් ඔන්න අදම දාන්නම්කෝ....

ඔයාලට මතක ඇතිනේ අපි ඉතින් සෙට් එක හැන්දැවේ යන්න කියලා සෙට් උනා  නිදන් හොරු ගැන බලන්න.. මතක නැත්නම් මෙතනින් ගිහින් ආපහු බලලා එන්නකෝ

කොහොමත් අපි කට්ටියම හැමදාම 8 වෙනකොට කාලා බිලා අනිත් හැම වැඩක්ම ඉවර කරලා තමා වැඩ පටන් ගන්නේ.....

චමි මොනවද බන් අද ‍රැට අපි ඇත්තම කරන්නේ... අනිත් එක ඔය ඔහොම ඩයල් ඉන්න අල්ලගන්න උනුත් දෙනවලු නේද බන් බිල්ලට

අනේ මේ ප්‍රසෝ බොරුවට අපිව බය කරන්න එපා මම කිවා නෙමේ ගොත ගහමින් කියවුනා
අනේ දේව් (තව නමක් කිවා හම්බුන දවසක ඔයාලට පෙනෙයි ඒක)
මේ ඔය ප්‍රසා ගේ කතාවලට බය වෙන්න එපා බන් අපි තුන් දෙනෙක් මේ ඉන්නේ....

අනික අපි උන්ට පෙන්න යනවායේ

කොහොමහරි එදා පාඩම් කරන්න පටන් ගත්තට එක උනේම නැ.... 10.30 ට විතර සෙට් එක එලියට බැස්සා....

කිවානේ කවුරුත් අපි ගැන බලන්න දෙයක් නැ කියලා කට්ටිය ඩොයි.....

මම හිතන්නේ අපි මොඩයෝ වගේ ටොච් එක අලි සයිස් ගගහා ගිය එක තමා මේ චාටරේට හෙතුව

අපි ඉතින් ටික දුරක් යනවා ඔහොම

ඔන්න මේ තියෙන්නේ ඔකේ පොඩි පැත්තක කැල්ලක්.. මේකේ කෙලවර තමා ඔය වැඩේ (බොරු කතාවක් කියන නිධානේ)


කොහොම හරි අපි දැන් ඔතනට කිට්‍ටු කරලා කලින් පොස්ට් එකේ කිවා වගේ එතන දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා වගේ අපිට පෙනවා.... ඒ කාලේ මතක විදිහට 119 තිබුනෙත් නැ වගේ. තිබුනත් අපිට පොල් සෙන් තිබුනෙත් නැනේ

මචං අරු ගේම දෙනවා වගේ.... මොකද කරන්නේ...

මොනවා කරන්නද දේව් අපි බලාගෙන ඉන්නවා මිසක්...

අපි ඉතින් ඔන්න ඔය ඔහොම ඉන්නවා.....

අනේ බන් උන් මුකුත් කරන්නේ නැනේ.... දැන් ඉන්නේත් එකයි.. අනිත් එකා කොහෙ ගියාද මන්දා අර පැත්තට ගියා ගියා මයි ආවේ නැනෙ

ටික වෙලාවක් ගියා... අපිත් ඔහේ බලාන උන්නා.....

මෙන්න අපිට මිටර් 50 ක් විතර ඇතින් එනවා සුදුවට සුදුවේ ඇද ගත්තු අත් දෙකටයි කකුල් දෙකටයි සුදු මේස් දා ගත්තු ඩයල් එකක් අපේ පැත්තට අර කට්ටිය හිටපු හරියේ ඉදලා...

ඒයි..............
අන්න මොකෙක්ද හොල්මනක්ද බුතයෙක්ද මලමිනියක්ද එනවා යකෝ.....
 බලාගෙන ඉන්නේ මොකද දුවපල්ලා කවුරු කැ ගැහුවද මන්දා අපි දිවා නෙමේ දිව උනා....

මිටර් 100ක් විතර එක පිම්මේ දිව්වා මතකයි...
ඊට පස්සේ උන දේවාල් මතක නැ..
ඔය දුවන අතරේ අනිත් උන් කොහේ ගියේ කියලා නම් මම දන්නේ නැ....
එත් මම ඇහැරෙන කොට උන් මගේ ලග ( මට නින්ද ගිහින් නෙමේ හොදේ හිතයි දැන් හිනයක් කියලා නැ නැ)

ඔහෝම දුවන අතරේ මාව වෙලේ වැටිලා...

අර හොල්මනත් මගේ ලගටම ආවාලු... අනිත් උන් දෙන්න ඇත ඉදන් බලාන ඉදලා... උනුත් මනුස්සයොනේ උන්ට බය හිතෙනවනේ...

කොහොමහරි ආපු හොල්මන ආයේ බලන කොට නැහැලු...

සමහර විට ආපු එකා එතනින් මාරු වෙන්න ඇති අරුන් දෙන්නා ඉතින් තියන බයට මම දිහම බලාන ඉදලා නැනේ...
ඔහොම පැය භාගයක් විතර මම වෙලේ නිදාගෙන ඉදලා තියෙන්නේ බය උනු පාරට වෙලේ වැටිලා මට සිහි නැති වෙලා....
ඒකයි...
අරුන් දෙන්නා මම එයි නැගිටලා කියලා බලාගෙන ඉදලා ඉදලා බැරිම තැන තමා ඇවිත් තියෙන්නේ මම ලගට...

දේව් දේව් අනේ මන් කතා නැති නිසා මුන් අත් දෙකෙන් විතරක් නෙමේ කකුල් දෙකෙනුත් මට වැඩි ‍ෆිට් එකට කතා  කරලා තිබුනා..

බැරිම තැන ලගින් යන ඇලෙන් මාව නාවලා තමා ඇහැරවගෙන තිබුනේ....

එත් අම්මෝ ඒ වෙලාවෙ මට දැනුන බය මෙතන කියවන්න්න බැ....
එත් එක හොල්මනක් නෙමේ කියලා පස්සේ දැන ගත්තේ දවසක ඔය එක අතේ තිබුන මේස් එකක් පදුරක් ලග වැටිලා තිබුන නිසා

ඔයාලා හිතයි මේකේ මොනවාට බය වෙන්නද කියලා..

එත් කාටත් හොරා ‍රැ 11 ට 12 ට ඔහොම පාලු තැනක එහෙම හොල්මනක් වගේ එකක් දැක්කහම මොනවා හිතෙයිද??

ප.ලි : අනේ මේ කතාව නම් වැඩක් නැතුව ඇති... එදා දැනුන දේ මට දැනුත් දැනෙනවා වගේ... සමා වෙන්න ඔයාලගේ කාලේ නාස්ති උනා නම්

ප.ප.ලි : එහෙම හිතුනත් මොනවා හරි කියන්න ඕනේ නම් ඔය පහල කො‍ටුව ඉඩ තියනව ඒකට... ඔය ෆලෝ ලිස්ට් එකේ තව ගොඩාක් ඉඩ තියනවානේ...

56 comments:

  1. මට මතක් වුනේ මීට අවරුදු 25කට විතර ඉස්සර අපේ යාළුවෝ කට්ටුියත් එක්ක ගොවියපානේ රේල් පාරේ පාළමේ හොල්මනක් තියෙනව කියල ගෙවල් වලටත් හොරෙන් ගිය ගමන , එදා නං අපි හොඳ හොල්මන් ටිකක් දැක්කා
    ස්තුතියි ඔබේ මේ කතා බහ මා නැවත නැවතත් ඒ සොඳුරු අතීතයට ගෙන යනවා ...

    ReplyDelete
  2. ඔයින් ගියා මදෑයි......

    ReplyDelete
  3. oyage nirmana lassanai..bayen bayen baluwata passenam hodatama hina giya. hamadamat liyanna api asawen balanawa. All the best!!!!!!!!!!!!!

    ReplyDelete
  4. කතාවේ ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න.
    හොද වෙලාවට ඇලේ ඔබලා සිහිය ගත්තේ බැරි වෙලාවකවත් ඔය ලඟ ලිඳක් එහෙම තිබ්බනම් ආයේ කියලා වඩක් නෑ. ලිඳේ ඔබලා සිහිය ගනී. ඇත්තටම මල්ලි මොකෙද්ද ඒ ආවේ ???

    මල්ලිගේ ලක්ෂයක් වෙච්ච හිට්ස් වලට මගේ සුබ පැතුම් !!!

    ReplyDelete
  5. මැවිලා පෙනේවි විසුවල් එක
    කිව්වවලු! එල ඈ, කස්ටිය දුවපු විදිය මැවිලා පේනවා
    ලොල්ය

    ReplyDelete
  6. ඔය ගානින් ගියා මදෑ, වෙලාවට වෙලේ වතුර තිබුනෙ නැත්තෙ, නැත්නම් ඉතිං අද දේවා කෙනෙක් නැහැ .......

    ReplyDelete
  7. අපටත් දැනෙන තරමටම ලස්සනට කතාව ලියලා.

    ඊට පස්සේ නුලක් එහෙම දා ගන්න ඇති නේද....D
    මැදෑ....ඔයින් ගියා.

    ReplyDelete
  8. කතාව ඉවරද? මට ඒක ගැන විශේෂ හැගීමක් දැනුනේ නෑ! ඉතිං නිධානයක් ඇත්තටම තිබුනද?

    ReplyDelete
  9. දේවා ගේ අඩවිය කියවන්නෙක්.August 31, 2011 at 4:37 PM

    මොකටද මෙන්න මේක තියෙන්නේ ?
    එක අයින් කරන්න පුළුවන් නම් හොදයි. එතකොට ලස්සන වෙනවා ටෙම්ප්ලේට් එක.

    ReplyDelete
  10. එල අය්යේ තව ලියන්න...........congratz magen 100000 ta ........

    ReplyDelete
  11. මටත් මේ වගේ හොල්මනක් බලන්න ආසයි. දවසක් අපේ අත්තලාගෙ ගෙදරදි රෑ 1.30ට විතර උල්කාපාත බලන්න කියල නංගි කෙනෙකුයි මායි එලියට ගියා. මළගෙදර තිබිලත් වැඩි දවසක් නැති නිසා නංගි නම් ගැහි ගැහී හිටියෙ. අපරාදෙ එයාට මේක උනා නම් එයාටත් දානයක්ම දෙන්න වෙන්නෙ.

    ReplyDelete
  12. හයියෝ මන්දන්නෑ ගෙවල් වලට වෙලා ඉන්න බැරුව මහ රෑ රස්තියාදු ගහන්න යනව :D
    මොකා උනත් ඒ බය කරපු බුවානම් එල කිරි පොරක් වගේ මටනම් පේන්නෙ :ඪ්

    අහ් හිට්ස් ලස්සෙට සුබ පැතුම් අයියා!

    ReplyDelete
  13. බුදු අම්මෝ මමනම් හොල්මන් වලට මාර බයක් තියෙන්නේ.....සියවෙනි පෝස්ට් එකට සුභ පැතුම් අයියා...............

    ReplyDelete
  14. බුදු අම්මෝ මමනම් හොල්මන් වලට මාර බයක් තියෙන්නේ.....හිට්ස් ලක්ෂෙට සුභ පැතුම් අයියා..

    ReplyDelete
  15. ඕකනේ කියන්නේ ඉතින් රෑ ජාමේ ඔයවගේ අත්හදා බැලීමේ ගමන් යන්න එපා කියලා..ඔයින් ගියා ඉතින් මදෑ..
    හිට්ස් ලක්ෂයේ කඩඉම පැන්නට සුභ පැතුම් දේවා..දැන් ඉතින් තව බින්දුවක් අගට දාල යන්න පුළුවන් ටාගට් එකට තමයි යන්න ඕන :) :)

    ReplyDelete
  16. මහේෂ් : අනේ ඉතින් ඒ හොල්මන් ගැන අපිට දැන ගන්න බැරි වෙයිද???? ආසයි දැන ගන්න

    ReplyDelete
  17. අසංග : කියලා වැඩක් නැ

    ReplyDelete
  18. taraki : හිනා ගියා නම් ඔයා මරුනේ

    ReplyDelete
  19. මධුරංග : අනේ ආපු එකා මොකාද කියලා තාම අපි දන්නේ නැනේ...
    ස්තුතියි අය්යේ 100 වෙනි පොස්ට් එක බලන්නකෝ දාපුවහම

    ReplyDelete
  20. මලියා : උබට නම් ලොල්.. තාමත් ගැහෙනවා මම

    ReplyDelete
  21. පන්සල් හන්දිය : ඇත්තටම.. ඊට වඩා ඔය වෙල් යායේ... ලොකු නාගයෙකුත් ඉන්නවලු... දවල්ටත් බලාගෙන යන එකේ ‍රැටම සෙට් උනානම්

    ReplyDelete
  22. නිල් අහස : අනේ අම්මේ නුල් නම් දාන්න උනේ නැ අය්යේ.... තාම ගෙදර කාටවත් ඕක කියන්න ගියේ නැතිවා.... කිවානම් සොරිම තමා

    ReplyDelete
  23. මාධව : ඒ කියන්නේ මම ලියන විදිහ අවුල් ද???

    ReplyDelete
  24. දේවා ගේ අඩවිය කියවන්නෙක් : මේක මගේ බ්ලොග් එක කියවන්නම හදපු එකවුන්ට් එකක්ක්ද? මොකක්ද අනේ අයින් කරන්න ඕනේ

    ReplyDelete
  25. DarkLight : ස්තුතියි යාලුවා.... අනිවා

    ReplyDelete
  26. හංසි : එන්නකෝ අපේ පැත්තේ..අර දේවා කියල ඉන්න හොල්මන බලා ගන්න පුලුවන් එතකොට

    ReplyDelete
  27. සසින්ද්‍ර : අම්මේ රස්තියාදුවම නෙමේ යාලු... කුතුහලය.. ස්තුතියි

    ReplyDelete
  28. කොඩුකාරයා : යාලු පොස්ට් 100 නම් තාම දාලා නැ ඉක්මනටම දානවා... ඔන්න 100000 නම් ගොඩ.. තැන්ක්ස් හොදේ

    ReplyDelete
  29. ChammA : ඒකට නම් සැහෙන කාලයක් බලාගෙන ඉන්න වෙයි නේද??? තාම බ්ලොග් ‍ෆිල්ඩ් එකේ එකට ආපු කෙනෙක් මම දැක්කේ නම් නැතිවා....

    කියලා වැඩක් නම් නැ ඉතින් මොනවා කරන්නද කොලු වයසනේ...

    ReplyDelete
  30. ඔව් ඔව් අයියේ මේ පාර ගමේ ආවාම අනිවාර්යෙන් එනවා. අපිව පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න.. හූවක දුර නෑ වගේ දන්න හැටියට නම්. හොල්මන හිටියෙ කොයි හරියෙද කියලත් පෙන්නන.

    ReplyDelete
  31. හිට්ස් ලක්ශෙට සුභ පැතුම් ! බය උනහම සිහි නැති වෙන්නෙ නැත්නම් හොඳයි .. එතකොට බය රස විඳින්න පුලුවන්නෙ..

    ReplyDelete
  32. සුබ පැතුම් මල්ලි.

    ReplyDelete
  33. දේවා ගේ අඩවිය කියවන්නෙක්August 31, 2011 at 8:33 PM

    අයින් කරන්න කියලා කියන්නේ "*මේ වගේ තවත් ඒවා* " ටෙක්ස්ට් එකනේ අයියා !!!
    ඔය පොස්ට් එක යටම තියෙන ටෙක්ස්ට් එක. අන්න එකෙන් කිසිම වැඩක් නැහැනේ

    ReplyDelete
  34. හිට්ස් 100000ට උණුසුම් සුභපැතුම්.

    ReplyDelete
  35. හංසි : අනිවා අනිවා... එන්නකෝ.. හැබැයි ඉතින් හොල්මන් දැකලා බය උනොත් අපි නම් නැ ඔන්න....

    ReplyDelete
  36. වෙනි : කවුද අය්යේ අනේ හිතලා සිහි නැති කර ගන්නේ.... මාර වැඩේ කොහොමද එහෙම වෙනකොට එහෙම නොවි ඉන්නේ

    ReplyDelete
  37. බින්දි : ගොඩාක් ස්තුතියි අක්කේ....

    ReplyDelete
  38. දේවා ගේ අඩවිය කියවන්නෙක් : ආහ්.... එහෙම කියන්න එපායැ... ඔන්න අයින් කලා... ඒත් ඉතින් ඕකේ මුකුත් නැත්තේ මම ලිපි ලේබල් කරලා නෑති නිසා... එහෙම කලා නම් ඔතන පොස්ට් එකක් තරම් දිග ලිස්ට් එකක් ආවොත් කියලා තමයි එහෙම නොකලේ....

    ReplyDelete
  39. ලස්ස ගනං හිට්ස් තව තව ලැබේවා ..! මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  40. යාලුවා. මට ගෙදර ඉන්න වෙලාවක් ලැබුනත් දැනට කරගෙන යන ඉගෙනීමේ වැඩ නිසා විවේකය අඩුයි. සමහරදාට ගෙදරඅයත් එක්ක කතා කරන්නවත් වෙලාවක් නෑ. විවේකයක් ලැබුනම තමයි එකදිගට බ්ලොග් කියවලා කමෙන්ට් දාන්නෙ. මගේ බ්ලොග්එකේ පෝස්ට් මම schedule කරලා තියෙන නිසා ඒවා නිකන්ම publish වෙනවා.
    දන්නවා ඇතිනේ ව්‍යාප්තිකාර්යාල ගැන. ගෙදර ආවම ඉතින් වෙන වැඩක් කරන්න හිතක් නෑ. නාලා-කාලා-නිදාගන්නමයි හිතෙන්නෙ.

    ReplyDelete
  41. කොහොමහරි හෙන චන්ඩියා බය වුනානේ...

    ReplyDelete
  42. හික්ස්...හොද වැඩේ ඕන නැති වැඩ කරන්න යනවට....මටත් හරි අසයි හොල්මනක් දකින්න...ෆිල්ම් වලින්නම් ඕන තරම් දකිනවා..ඔයාම එක දන්නවනේ බලල බයේ ඉන්නේ කියල..ඉතින් හැබැහින් දැක්කොත් කොහොම වෙයිද අයියේ...

    ReplyDelete
  43. හිස් අහස : හිට්ස් වලට වඩා ඉදලා හිටලාවත් ඇවිත් යනවා නම් මට ගොඩාක් වටිනවා

    ReplyDelete
  44. චතුරංග : ඔන්න ආයේ අතරමග නවතිනවා එහෙම නෙමේ අය්යේ

    ReplyDelete
  45. සුභ පැතුම් අය්ය...
    ලස්සනට ලියල තියෙනව..

    ReplyDelete
  46. රොශාන් හේරත් : ඔයාට පුලුවන් වෙලාවක ඇවිත් යන එක මට ගොඩාක් වටිනවා යලුවා

    ReplyDelete
  47. ප්‍රසන්න : මේ මේ මාලුවෝ.. කැ ගහන්න එපෝ......

    ReplyDelete
  48. සිතුවිලි නිහඩයි : අම්මේ හොල්මන් දකින්න ආසයි කියලා කෙනෙක් කියනවා ඇහුවාමයි... දවසක අපි හම්බ උනොත් ඔන්න බලාගන්න පුලුවන් හොදට

    ReplyDelete
  49. ඔන්න 100000ට මගෙන් සුබ පැතුම්.අම්මෝ මටනම් තාම ඔහොම වෙලා නෑ.වෙන්නත් එපා කියලා ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  50. ත‍ටු සිදුන සමනලි : තැන්ක්ස් නංගියෝ... එත් කවදද ආයේ ඔයා ලියන එක පටන් ගන්නේ

    ReplyDelete
  51. තොන්සා : ඔයාගේ ප්‍රාර්ථනාව ඉශ්ඨ් වෙන්න කියලා තමයි ඉතින් මටත් කියන්න වෙන්නේ

    ReplyDelete
  52. කතාවනම් මරු.ඒත් මම නම් හොල්මන් වලට බයයි

    ReplyDelete
  53. සංජය : කවුරු කොහොම කියවත් එහෙම එකකට මුහුන දුන්නහම බය වෙනවා තමයි යාලු

    ReplyDelete
  54. හි හී..... මියම කතාව. හොල්මන රහසින් මොකුත් කිව්වේ එහෙම නැද්ද?

    ReplyDelete
  55. හි හී..... මියම කතාව. හොල්මන රහසින් මොකුත් කිව්වේ එහෙම නැද්ද?

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....