ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

20 August, 2011

බ්ලොග් ලොව දිදුලන ශ්‍රි ලාංකික තරු

අපි වෙමු එක පවුලක් තේමාව කරගෙන මේ විභාග අස්සේ දේවා අතගහපු වැඩේ ගැන පුන්චි දැනුවත් කිරිමක් කරලා මගේ කලින් පොස්ට් එකේ කමෙන්ට් කරපු හෑමෝටම උත්තරත් ස්තුති කිරිමත් මෙතනම කරන්න හිතුවා

අපි වෙමු එක පවුලක්.. ලංකාවේ බ්ලොග් ලියන ඔක්කොම එකතු කරගන්න හිනයක් තිබුනත් ඇත්තටම ප්‍රායෝගිකව ටිකක් ඒක කරන්න අමාරුයි,.එත් අඩුම තරමේ 50 තරම් සමාජික පිරිසක් එකතු කරගෙන මතක හිටින වැඩ ටිකක් කරන්න, බ්ලොග් කලාවේ දියුනුව තව ටිකක් වැඩි කරන්න ගන්න පුන්චි මහන්සියක් විතරයි මේක

කිසිම විදිහකට සිංහල බ්ලොග් සංසදය ට අභියොගයක් වෙන්නවත් ඒකට ඉස්සරහ ඉන්න්වත් හදන වැඩක් නෙමේ මේක (එහෙම කිවේ කලින් පොස්ට් එකේ ඇනෝ කෙනෙක් මට එහෙම බැනලා තිබුන නිසා) මම ගොඩාක් සිංහල බ්ලොග් සංසදයට ගරු කරනවා..

තවත් කමෙන්ට් එකකින් කියලා තිබුනා මගේ බ්ලොග් එක ප්‍රමෝට් කරගන්න හදන වැඩක් කියලා.. ඒත් ඔන්න ඒක හින්දා මම වෙනම බ්ලොග් එකක් පාටන් ගත්තා..

ඔයාලා මෙ අලුත් බ්ලොග් එකේ ෆලෝ කෙනෙක් වෙන්න මොකද මම මෙය් පිලිබද හැම එකක්ම ඊට පස්සේ දාන්නේ ඒ බ්ලොග් එකේ තමයි

මොනවද දැන් මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ..
කලින් පලාතක් ගැන කිවට ගොඩාක් අය කියලා තිබුනනේ පලාතේ නේමේ එක නිසා එක පොඩ්ඩක් වෙනස් කලා සිංහල බ්ලොග් ලියන කියවන ඕන කෙනෙක් එකතු වෙන්න පුලුවන් විදිහට

කරන්න දේවල් වලින් මුලින්ම ශක්තිමත් සම්බන්ද එක බ්ලොග් පවුලක් හාදාගන්න බලාපොරොත්තුව තමා මුලික අරමුන
එක කමෙන්ට් එකක එතනොල් කතාවක් කිවනේ.. ඇත්තටම මම නම් තාම එහෙම ඒවා පාවිච්චි කරලා නැති නිසා එහෙම දෙයක් වෙන්න ඉඩ ගොඩාක් අඩුයි
වැඩකට නැති වැඩක් කරන්න එකතු වෙන්න නෙමේ

කරන්න හිතාන ඉන්න වැඩ සාමාජිකයෝ ටික එකතු වුනහම කියන්න්ම්කෝ
මොකද මම විතරද දන්නේ නැනේ මේකට කැමති

ඔන්න එහෙම උනොත් සමාවෙන්න ඔයාලගේ වටිනා කාලය මේ වගේ පොස්ට් එකක් වෙනුවෙන් කැප කරන්න උනාට

අපි වෙමු එක පවුලක් එහෙමත් නැත්නම් බ්ලොග් ලොව දිදුලන ශ්‍රි ලාංකික තරු එක්ක එකතු වෙන්න කැමතිනම් මෙන්න මේ බ්ලොග් එකට ඇවිත් ලියාපංදිචි වෙන්නකෝ

තව දෙයක් මේ දේවල් එක්ක එකතු වෙන්න කැමත්තක් නැත්නම් මොනවද වෙන්නේ කියලා දැන ගන්න ඕනේ නම් විතරක් උනත් මේකේ ෆලෝ කෙනෙක් වෙන්න
ලියාපංදිචි වෙන ඔයාලත් එහෙම කරන්න

20 comments:

  1. නියම වැඩක් !!!
    මාත් අර බ්ලොග් අඩවියේ රෙජිස්ටර් වෙන්නම්.
    ඇනෝලා බැන්නට සැලෙන්න එපා. හරි දෙයක් හිතට එකගව කරනවා නම් ඒ දේ මින බාදකය ආවත් දිගටම කරගෙන යන්න. වරදින්නේ නෑ !!!!

    ReplyDelete
  2. ෂා... නියමයි . මාත් රෙජිස්ටර් වෙන්නම්...

    ReplyDelete
  3. මොනාද බොස් අර බ්ලොග් එකේ තින්නෙ? අර ප්‍රස්න ඔලට ආන්සර් කොරලා තින්නෙ. සෙන්ඩ් කොරන්ඩ බටන් එක ඔයනවා. ඒම එකක් නෑනෙ..... අඩුගානෙ කොමෙන්ට් අයිටම්ස් එක වත් දාන්ඩකො..........

    ReplyDelete
  4. පුන්චි දෙයක් කියන්න ඕනා ඔයාලා අර බ්ලොග් එකට ගිහින් ‍ෆිල් කරලා එක සෙන්ඩ් කරන්න බට්න් එකක් පෙන්නේ නැතුව ඇති ඔයාල ගිහින් පලවෙනි එක ‍ෆිල් කරන්න ඉට පස්සේ එවට ටැබ් කි එක පාවිච්චි කරලා යන්න.. මේකේ අනිවාර්ය කියලා තියන එවා කියන්න අමාරු දෙවල් නෙමේ. පුද්ගලික දේවල් නොකිවට කමක් නැ

    ReplyDelete
  5. වැඩක් කරද්දී එක එක අය එක එක දේවල් කියනවනේ . සමහරු ආදරේට .ඒ අතර ඉන්නවා වැරදි පැත්තම පෙන අය . කොහොම වුනත් මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  6. මගෙනුත් උණුසුම් සුබපැතුම්. තමන් හරිදේ කරනතාක් කල් කාටවත් බයවෙන්න ඕනෙ නෑ.

    ReplyDelete
  7. මල්ලි,

    මම වයඹත් නෙමෙයි, දැනට ඉන්නෙ ලංකාවෙත් නෙමෙයි,මහා ලොකු බ්ලොග් කාරයෙකුත් නෙමෙයි...

    හැබැයි උඹට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්... උඹ හිතට එකඟව උඹට හරි කියල හිතෙන දෙයක් කරන්න ගත්තම ඒක අල කරන්න එක එකා කියන කතා අහල උඹ කරන්න ගත්ත වැඩේ නවත්තන්න එපා... කෙලින් කියන්න තරම් කොන්දක් නැති එවුන් කියන ඒව කොහොමටවත් ගනන් ගන්න එපා...

    වෙලාවක් ලැබුනොත් මගෙ බ්ලොග් එකේ "ඔබ කවුද" කියන පෝස්ට් එක කියවල බලපං...

    ReplyDelete
  8. නියමයි.. සුබ පැතුම්!

    ReplyDelete
  9. @සපතේරු උන්නැහේ :
    අයියා ඉතින් ඔබ කවුද කියන බ්ලොග් ලිපියේ ලින්ක් එකවත් දීලා නෑනේ. පුලුවන් නම් පහලින් කමෙන්ට් කරන්න.

    ReplyDelete
  10. @ මධුරංග මල්ලී..

    ඒක ඇඩ් එකක් නොවෙන්න හිතා මතාමයි එහෙම දැම්මෙ...

    නම ක්ලික් කරල බ්ලොග් එකට යන්න පුලුවන්නෙ...

    බොහොම ස්තුතියි..

    ReplyDelete
  11. අප්පේ හුග දවසකින් එන්න බැරි උනා නෙව මේ අඩවියට..
    එපාර මොකෑ කරන්න හදන්නේ. හොද වැඩක් වගේ...

    ReplyDelete
  12. ඔය එක එක අය කියන ඒවා ගනන්ගන්න එපා මචන්..හිතට එකගව හරි දේ කරන්න..මාත් රෙජිස්ටර් වෙන්නම් :)

    ReplyDelete
  13. මෙන්න අර සපතේරු මහත්තයා කියපු බ්ලොග් ලිපිය.
    ඇත්තටම මම නම් කලින්ම කියවලා තියෙන ආදර්ශමත් බ්ලොග් ලිපියක්. කැමති කට්ටිය ඉන්නවනම් මෙතන ක්ලික් කරලා කියවන්න.

    ReplyDelete
  14. එල එල..එහෙනම් ඔන්න මමත් සැට් වෙනවෝ...

    ReplyDelete
  15. ඔන්න මගෙනුත් සුබ පැතුම් මලයා ......
    සැලෙන්න එපා .......

    ReplyDelete
  16. පුන්චි දෙයක් ගැන මම සමාව ඉල්ලන්න ඕනා.. මට මේක ඩිප්ස් කියලා දුන්න නිසා ආයේ හැමෝටම මේල් එකක් දාලා කරදරයක් වෙන්න හොද නැ කියලා හිතුනා... යතුර බ්ලොග් එකෙන් ආව මේල් එකකට මම ආපහු හැමෝටම රිප්ල්යි කලා... ඇත්තටම මම දන්නේ නැ ඒක සින්ඩියක කන්ටැක්ට් ලිස්ට් එකක් කියලා ඒක නිසා ඒ මේලය ඔයාලට කරදරයක් උනා නම් මට සමාවෙන්න... ආයෙමත් මේල් එකකින් කරදර නොකරේ ඒක නොගැලපෙනවා කියලා මට තේරුන නිසා

    තැන්ක්ස් ඩිප්ස්

    ReplyDelete
  17. ඔන්න මේ වෙනකන් කමෙන්ට් කරපු හැමොටම එකම කමෙන්ට් එකකින් ස්තුති කරනවා.. ඒ අතරේම මධුරංගට නම් ගොඩාක් ස්තුති කරන්න ඕනා සපතේරු ගේ කමෙන්ට් එකට රිප්ලයි දෙන්න මම පරක්කු වෙනකොට ඒකට ප්‍රතිචාරයක් දක්වලා වැදගත් බ්ලොග් පොස්ට් එකක් වගේම එතනින් වැදගත් බ්ලොග් ටිකකට යන පාර පෙන්නලා දුන්නට.

    තව දෙයක් කිය්න්නම ඕනා මගේ අලුත් බ්ලොග් එකේ පරමාර්ථය වෙන්නේ බ්ලොග් ලියන කට්ටිය එකතු කර ගැනිම.. ආරන්චියක් තියනවා ඉස්සරහට ගොඩාක් වැඩ කරන්න අපේ බ්ලොග් යාලුවෝ කට්ටියක් දැන්මම ලැස්ති වෙලා කියලා අන්න ඒ වගේ වැඩ වලට එකතු වෙන්න්න සහය දක්වන එකයි මෙකෙන් කරන්න

    ඇත්තටම කීයන්න සතු‍ටුයි ඒ බ්ලොග් එක දැනටමත් 26ක් ෆලෝ කරලා තියනවා (එක දවසට) රෙගිස්ටර් උන ප්‍රමානය 34ක් මේ වෙනකොට
    ඔයාලා තාම රෙජ් උනේ නැත්නම් දැන්ම දුවලා ගිහින් රෙජ් වෙලා කියන්න තියන දෙයක් මෙතන එතන කියලා යන්න

    ඉස්සරහට අපි එකතු වෙලා වැඩ කරමු

    ජයවේවා ලාංකිය බ්ලොග් ලියන කෙල්ලෝ කොල්ලෝ ඔක්කෝටම

    ReplyDelete
  18. ශා මරු.. ගනන් ගන්න එපා අයියා, කවුරු හරි අළුතෙන් දෙයක් කරද්දී බලන් ඉන්න බැරි අය එක එක කථා කියනවා. ඒවා ගනන් ගන්න එපා... ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම් එහෙනම්.. :)

    ReplyDelete
  19. නියමයි මල්ලි මගෙනුත් සුභපැතුම් ඔන්න

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....