ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

27 August, 2011

හැම තැනම දැන් ඉන්ටනෙට් මනි.. ඒත් මේක මට හිතෙන දේ

මේ වගේ දෙයක් ගැන පොස්ට් එකකෛන් කතා කරන්න මට අයිතියක්, දැනුමක් තියනවද කියලා මම දන්නේ නම් නැ... ඔන්න බනිනවා නම් බනින්න ඕන ගලක් මුලක් බාරගන්න බලාපොරොත්තුවෙන් තමා මේ පොස්ට් එක දාන්නේ....

ලංකාව අපි ස්කොලේ ගිය කාලේ හැදින්නුවේ සංවර්දනය වෙමින් පවතින රටක් කියලා... ඒත් දැන් සංවර්දිත රටක් තත්වයට ඇවිත් කියලා මට හිතෙනවා ඕනම සින්ඩියකට ගිහින් තියෙන බ්ලොග් ටිකේ පොස්ට් වල මාතෘකා ටික බලනකොට

ඇයි අම්මේ තියන බ්ලොග් වලින් බහුතරයක තමයි අන්තර්ජාල මුදල් මාත් ගාත්තා, මෙන්න මුදල් හොයන්න ලේසිම ක්‍රමය, මෙන්න මට ආව චෙක් එක... ඔයාලටත් ඕනේ නම් මෙන්න මෙහෙම කරන අන්තර්ජාල මුදල් හොයන කට්ටියගේ පොස්ට් වලින් පිරිලා...

මුදල් කියන්නේ මිනිස්සු වන අපිට නැතුවම බැරි දෙයක්.. මම ඒක නැ කියන්නේ නැ... එත් ලංකාවේ ජිවත් වෙන අපි ඔය අන්තර්ජාලේ බාවිතෙන් මුදල් හොයන්නේ හරිම ක්‍රම වලටද ?? ( ඕවා ගැන නම් මම මුකුත්ම දන්නේ නැ.... එහෙම ටොපික් වලට මම යන්නේ අඩුවෙන් අනේ මන්දා ඒ ඇයි කියලා නම් මම දන්නේත් නැ)

එත් ලංකාවේ අපි ඕක හරියට කලා නම් ගුගල් ඇඩ්සෙන්ස් අපිට දෙන එක නවත්වයිද?? මෙච්චර ප්ලස් එක්ක ඉන්න ලොකෙන්ම 3 වෙනියා වෙලා උන්නු රටක් තරහ කරගන්න කැමති වෙයිද??

ඇත්තටම ඔය ඇඩ් දාන්නේ මොකටද??? කාට හරි කියලා කිලික් කරගෙන එහෙම නැත්නම් ඉතින් ඔය ක්ලික් වලට ගෙවන්න එයාලා ගාව ගොඩාක් සල්ලි තියන හින්දාද???

නැනේ....

එයාලට ඕනේ එයාලගේ ඇඩ් දාන ප්‍රඩක්ට් එක සෙල් කරගන්නනේ.. එහෙම නැතුව නිකන් ඔහේ මොකක්ද තියෙන්නේවත් බලන්නේ නැතුව කිලික් කරන ඇඩ් වලට ගෙවන්න්න තරම් ඒ අයට ලෙඩක් ඇති කියලා මම හිතන්නේ නැ

දැන් සමහර අපේ අයට ඔය චෙක් එහෙම හම්බවෙලානේ.. ඔය එක එක පාටින් එක එක ඒවා වහපු චෙක් වල පින්තුර එහෙම දාලා තියෙනවා මම ඔය ගියපු එක බ්ලොග් එකක දැක්කා.. (ඇයි එහෙම පාට කලේ අපි චෙක් එක හොරකම් කරයි කියලාද???? නැත්තන් අපි ගෙදරට හොයාගෙන එයි කියලද??? මම නම් දන්නේ නැ)

ඔය ඇඩ් විතරක් නෙමේ ඊමෙල් කොපි කරන්න, තව එක එක වැඩ ගොඩාක් කරලා අන්තර්ජාල මුදල් හොයන්න බක්ස් සයිට් ඕන තරම්.... ඒත් ඉතින් ඔය සයිට් පටන් ගන්නවා කාලයක් දුවනවා  ආයේ නැති වෙනවා.. ඉතින් ඕවට අහු වෙලා උන්නු අය අතරමං

සමහර අය මට නම් දැනෙන්නේ ඔය අන්තර්ජාලෝ මුදල් හොයන්න පුලුවන් කියලා දාන එකත් තමන් ඒකෙන මුදල් ගත්තා කියලා කියන එකත් පොඩි ටිරික්ස් එකක් විතරයි කට්ටිය ඇද ගන්න

බ්ලොග් ‍ෆිල්ඩ් එකේ , සමහර අය නම් ඔය අන්තර්ජාල මුදල් හොයන එක අනුමත කරනවා, තවත් සමහර අය ලන්කාවේ අය කරන ක්‍රම වැරදි නිසා ගුගල් නැවත්තුවා වගේම ඉක්මනට අනිත් අයත් ලන්කාව ලිස්ට් එකෙන් කපලා දාවි කියලා තමයි හිතාන ඉන්නේ

දැන් ඉතින් ඔයාලා බලයි ඇයි මේ කොහෙවත් නැති ටොපික් එකක් අරන් මේ තරම් තරහක් පිරි මහන්නේ කියලා...

කාටවත් ශුවර් නැති , හරියට කවුරුවත් කරලා අවුරුදු ගානක් මෙකෙන් විතරක් ජිවත් වෙන කෙනෙක් දන්නේ නැති.. එහෙම මෙකෙන හොයලා ජිවත් වෙන්න පුලුවන්නම් ලංකාවෙ  ගොඩාක් දෙනෙක් මේ වෙනකොට ඔය ජොබ් එක කරනවානේ... ඉතින් ඔය වගේ දෙයකට කාලේ නාස්ති කරන්නේ මොකටද කියලා හිතුන නිසා තමයි පොස්ට් එකක් දැම්මේ


ලංකාවේ මිනිස්සු (අපි හැමෝම වගේ ) ගොඩාක් කැමති ගොඩාක් දෙනා කරන්නේ නිකන් ඉදන් හම්බ කරන්න පුලුවන් අතක් පයක් හොලවන්නේ නැතිව හොයාගෙන කන්න පුලුවන් විදිහේ ජොබ් .......... ඉතින් ඒකේ පොඩි අසාර්ථක පාට් එකක් විතරයි මේක මම දකින්නේ නම් ඔහොමයි

කමෙන්ට් , ෆලෝ මේකට හොප් වෙන එක වැරදිද මන්දා.......

ප.ලි : කාට හරි සල්ලි හොයන්න එක ‍රැයින් ලක්ශපතියෙක් කොටිපතියෙක් වෙන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඔය ඉන්ටනෙට් මනි පස්සේ නෙමේ ලංකවේ ජිවත් වෙනවා නම් කරන්න ඕනේ.. කොහොමහරි කරලා සුපර් ස්ටාර් කෙනෙක් වෙන එක තමා

ප.ප.ලි : ඇත්තටම පලවෙනි වතාවට සුපර් ස්ටාර් සිසන් 4න්ම, මම සුපර් ස්ටාර් වෙන්න ඕනා කියලා හිතපු, එස් එම් එස් එකක් ගහපු කෙනෙක් සුපර් ස්ටාර් උනේ මේ පාර ...
තිසර චානක , උදිත සන්ජය දෙන්නම දක්ශයි බට් ටිකක් ෆෙර්න්ඩ්ලි කැරක්ටර් එකක් උදිතට වඩා තිසරගෙන් මම දැකපු එකයි එස් එම් එස් යවන්න මම හිතුවේ

37 comments:

  1. සුපර් ස්ටාර් වීම කෙසේ වෙතත් .. ඉතුරු කථාවලට මම ත් එකඟයි

    ReplyDelete
  2. මමත් හිතන්නේ මේවා බොරු කියලා තමා

    ReplyDelete
  3. මම නම් මචන් ඔය ඇඩ්සෙන්ස් වැඩේ ටිකකාලයක් කරා ,පස්සේ පස්සේ මට තේරුනා වැඩේ හරියන්නේ නැහැ කියලා..ඊට පස්සේ මම වැඩේ අතඇරලා දැම්මා..ඒත් මෙහෙම දෙයක් තියෙනවා අන්තර්ජාල භාව්තයෙන් මුදල් හොයන්න පුළුවන්.මම දන්නා යාලුවෙක් ඒ දේ හරියටම කරනවා..

    එයා එයාට පුලුවන්/දක්ෂ පැත්තකින් Freelance ජොබ් කරනවා..( මිනිහා වෙබ් සයිට් ඩ්සයින් / logo ඩ්සයින් කරනවා..) , අතට හොද ගානකුත් හොයනවා..හැබැයි මේ දේයි ඇඩ් ක්ලික් කරන එකෙයි ලොකු වෙනසක් තියෙනවා..කොටින්ම කියනවා නම් ඉතින් නෝමල් ජොබක් කරනවා වගේමයි..Client ට හොදයි කියලා හිතෙනකන් කරන වැඩේ කරන්න ඕන..

    ඔය ඇඩ් ක්ලික් කරන අය බලන්නේ දවසෙන් දෙකෙන් පෝසත් වෙන්නනේ..ඒ අයට ඉතින් කියන්න තියෙන්නේ එහෙම නම් වෙන්න අමාරුයි..

    ප.ලි - කියන්න බැරි උනා ඔය ඇඩ් සෙන්ස් කරන කට්ටිය ලින්ක්ස් එහෙම දෙනවනේ මෙන්න මේක ක්ලික් කරන්න කියලා..මතක තියාගන්න එතකොට මුදල් දෙන කම්පැණියෙන් ඒ ලින්ක් එක දෙන කෙනාටත් ඩොලර් සත ගානක් පාස් වෙලා එන්නේ...
    ( මම හිතන්නේ ඒකත් ඔය පිරමිඩ වගේ සීන් එකක් යන්නේ, ඒ පැත්ත මට වඩා දේවා දන්නවනේ :) )

    මේ කමෙන්ට් එක දිග වැඩි උනාද මන්දා...හිකිස්‌ , මේක නිකන් පොස්ට් එකක් වගේ උනා..

    ReplyDelete
  4. හ්ම්///හ්ම්..ඉන්ටර්නෙට් මනී නම් ඉතින් අනේ මන්ද කියල තමා කියන්න වෙන්නෙ!

    ReplyDelete
  5. Hm...math hitane Internet money kathawa boruwak kiyala.

    ReplyDelete
  6. ඉන්ටර්නෙට් මනි ඇත්තේ නිකමුන්ටය ......

    ReplyDelete
  7. ලංකාවෙ හුඟක් අය හිතන්නෙ නැහැ ඊ මනි වලින් ඔය තරම් ගොඩක් සල්ලි හොයන්න පුලුවන් නම් ඕක උගන්නනන අය ඇයි ඒ ගැන උගන්නන්න ගත කරන වෙලාවත් ඒකට යොදවන්නෙ නැත්තෙ කියන එක ......

    ReplyDelete
  8. internet money gana oya interesting num aka aduma gana minimum 3 years wath aka dikata karanna barinum ma feeld akata join wana.nattum ma felid akata join wana akan wadak naha.mokada apialuth job akakata giyoth minimun 6 munth wath training hari probation hari.godak aya masayak dakak karala 20000 wath hoyaganna bari una gaman makan ain wanawa.aka waradi.nikan interesting akata waga tika dawasak karala balanna.atakota tika dawasak karanakota apita aka atta tatwaya tarum yanawa.mama num masakata aduma 10000 wath gannawa ptc site walin witharak.itin apa team akata join wanna kkiyala mama aradana karanawa.oyalata onama gataluwakadi help akak danna mama kamati.
    visit
    www.ptcguide.t15.org for informations and contact informations

    ReplyDelete
  9. ඇඩ් ක්ලික් කරන අනම් මනං ඒව නම් වැඩක් නෑ තමා මලය... මට නම් තාම ෂුවර් කරන්න පුළුවන් එකක් ලැබුනෙ නෑ....

    හැබැයි ඔන් ලයින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම තියෙනව... හැබැයි ඒව ගොඩක් තැන් වල දකින්න තියෙන දේවල් නම් නෙමෙයි... ඒ වගේම බොහොම ලේසි වැඩක් කරල සල්ලි හොයන ක්‍රමත් නෙමෙයි...

    ReplyDelete
  10. කාට හරි සල්ලි හොයන්න එක ‍රැයින් ලක්ශපතියෙක් කොටිපතියෙක් වෙන්න ඕනේ නම්:-
    මචන් ඕකට තියරි කීපයක් තියන්වා
    1.සුපර් ස්ටාර්(ඔබ කියු පරිදි)
    2.සක්විති තියරි(මිනිහගේ තියරිය වුනාට මිනිහා විහින් නෑති වුනා)
    3.රුවන් වෑල්ලේ සෝබිත තියරිය.
    දෑනට මතක් වෙන්නේ ඔච්ච්චරයි.ඇත්තටම නිකන් ඉදන් සල්ලි හොයන්න පුලුව්න්ද???
    මම නම් හිතන්නේ බෑ,එහෙම හොයන අය ඇති,ගොඩක් වෙලාවට ඒ සල්ලි වන්චාවෙන් හොයන සල්ලි.....

    ReplyDelete
  11. මම හිතන්නේත් මේවා බොරු කියලා . තමාඉන්ටර්නෙට් මනී නම් ඉතින් අනේ මන්ද කියල තමා කියන්න වෙන්නෙ!

    ReplyDelete
  12. buwa : සුපර්ස්ටාර් කතාව එහෙමනම් අතහැරලා දාමුකෝ ඒ කියන්නේ බුවා ත් ඊ මනි විශ්වාස කරන්නේ නැනේ නේද???

    ReplyDelete
  13. bckurera : මම හිතන්නේත් එහෙමම තමා යාලු

    ReplyDelete
  14. ChammA: මම නොදන්න කරුනුත් එක්ක වටිනා කියන කමෙන්ට් එකක් යාලුවා ගොඩාක් තැන්කු කිවා
    අම්මෝ පිරමිඩ ක්‍රම ගැන මම ඒහෙම දන්නේ නැ බන්. එව්වා කරන්න මාව යාලුවෙක් සෙට් කරගන්න නම් ආවා... අපි අදියි ඕවට නම්

    ReplyDelete
  15. ඉන්දික : මට හිතෙන්නේ මේ කිවේ අත් දැකිමෙන්මයි

    ReplyDelete
  16. ඇනෝ : එහෙමම තමයි මම හිතුවෙත්

    ReplyDelete
  17. වෙලාව ලගයි : එහෙම නම් ඉතින් ඔය එහෙම පොස්ට් දාපු ගොඩාක් දෙනෙක් එහෙම අය තමා

    ReplyDelete
  18. පන්සල් හන්දිය : කවුරුවත් නොහිතපු පැත්තක් අය්යා මතක් කලා..
    ප .ලි : ඔහොම පොස්ට් නොදා ඉන්න එපා.. ඔයාගේ පොස්ට් වල ගොඩාක් දේවල් ඉගන ගන්න තියනවා මට නම්

    ReplyDelete
  19. ඇනෝ : අනිවා එහේම උදව්වක් උන දවසකට කියන්නම්කෝ...
    මේකත් කරන්නේ ඉන්දික කියලා කෙනෙක් ලු.. ඒ උඩ ඉන්න ඉන්දික මහතාම නම් මේ ගැනත් හිතලාම තිරනයක් ගන්නකෝ අනිත් අය

    ReplyDelete
  20. සාතන් : අර ලාභ බඩුවේ හිලක් කියනවා වගේ ලේසි හැම ක්‍රමයෙම මොකක්හරි අඩු පාඩුවක් තියෙනවා ඇති මගේ හිතේ

    ReplyDelete
  21. අසංග : මේ ඔක්කොම ඉතින් දැන් කරන්න ගියොත් අපි අමාරුවේ...
    සුපර් ස්ටාර් සිසන් 5 එනකන් ඉන්න වෙයි, සක්විති ආයේ ඇතුලෙලු, නෙත් එෆ් එම් සිරුවෙන්... ඕවා කරන එක ගොඩාක් අමාරුයි මයේ හිතේ

    ReplyDelete
  22. ඕනනේ දේව කියන්නේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් එතින්...........

    ReplyDelete
  23. ane manda attatama email walin salli soyanna barida.mama danna aya innawa.

    ReplyDelete
  24. අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න ඕනනම් ෆ්‍රීලාන්ස් වැඩ කරන එකයි හරි දේ.නැතිව ඩොලර් සතේකට දෙකකට ඇඩ් ක්ලික් කරන එක නෙවෙයි. මගේ පෞද්ගලික මතය පමණි...

    ReplyDelete
  25. බක්ස් ගැන තියෙන සමහර බ්ලොග් දැක්කාම ##නුත් හිනා යනවා..ඉන්ටනෙට් මනී හොයනවනම් ඉතින් හොද සයිට් එකක ඇඩ්සෙන්ස් දාල හරි ෆ්‍රීලාන්සර්/ඔඩෙස්ක් වගේ එකක තමන්ගේ දැනුමෙන් වැඩක් කරල හෙව්වොත් තමා..
    කොහොමත් ලගදිම ලන්කාවට ඊබේ/ඔඩෙස්ක්/ඇලට්පේ වගේ සේවා ත් නැතුව යනව..අම්බානට සුවර්..

    ReplyDelete
  26. මමත් ඔය ඊ මනී වලට හෙනම ඉන්ටරස්ට්(ෆ්‍රිලාන්සර් නෙමෙයි). ලංකාවේ උන් කරපු ගොන් වැඩ නිසා අපි දැන් කොහොමත් අවදානම් කලාපයේ ඉන්නෙ. ඒක නිසා ඇඩ් සෙන්ස් වගේ ඒව එක්ක අපිට යන්න බෑ. ඒවට හොද වෙබ් මාස්ටර් නොලේජ් එකක් ඕනලු. උදාහරණයක් හැටියට මගේ ඇඩ් සෙන්ස් දාපු සයිට් එකේ ලින්ක් එක යූ.එස් වල සුද්දෙක්ට දුන්න. මිනිහා පලවෙනි දවසෙ 2 පාරක් ඇඩ් ක්ලික් කරල. මම මුකුත් කිව්වෙත් නෑ ඉන්කම් එකත් හොද නිසා(යූ.එස් ඇඩ් ක්ලික් වලට පබ්ලිසර්ට රු.70 විතර ගෙවනව). මෙන්න බොලෙ මේ මෝඩය ඊට පස්සේ හැමදාම ඔහොම ක්ලික් කරල(යාලුවා මාලුව වුනා). මට ඕක නෝට් වුනෙත් නෑ එතින් මගේ ඇඩ් සෙන්ස් එකටත් සොට් එක හම්බ වුනා,වැරුද්ද මගේද!! කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නෑ. ගූගල් එක වුනත් අපේ රට ගැන ඉන්න ස්ථාවරය ඕක තමයි.

    බක්ස් වලින් මුදල් හොයන්න බෑ කියනව නම් ඒක අමූලික බොරු කතාවක්. ඇත්ත තමයි අපි ඒකට උත්සහ කරන්නේ නෑ කියන එක. බක්ස් සයිට් එක්ක වැඩ කරන එවුවො දන්නවා ඒ සයිට් එකට කෙළවෙන කාලෙ මොකක්ද කියල. ඒක නිසා පැහැදිලි අවදානමක් ඇතුව උනත් ඒ වගේ සයිට් වලට මුදල් යොදවල තමන්ගේ ලාභ පංගුව අරන් වෙලාවට අයින් වෙනව. ඒත් ඉතින් බක්ස් සයිට් හොද ඇඩ් දාන්න තමයි. ඇඩ් ක්ලික් කරල මුදල් හොයන්න නෙමෙයි.

    අනෙක් අතට අපේ රටේ රජයෙන්(පැවතුනු සහ දැනට පවතින) ඕවා ගැන කිසිම අවදානයක් නෑ. අඩුම තරමේ පේපෑල් ගිනුම් සම්බන්දව පවතින ගැටලු නිරාකරණය කර දීමට කිසිම උනන්දුවක් නෑ. අපේ එව්වො ඊ මනී කිව්වම වපර ඇහින් බලන්නෙ. ඒත් පැය ගනන් ෆේස් බුකේ පෙම් සුව විදිමින් පිස්සු කෙලිමින් කාලය ගත කරනව. ඊට පස්සෙ විනෝදෙට හරි බක්ස් සයිට් එකක ඉන්න එකෙක් දැක්කම උට හිනා වෙනව. රටේ මුදල් වියදම් කරල මාර්ක් කොලුවට හම්බ කරල දෙනව.

    කොමෙන්ට් එක දිග වැඩි නම් සොරි හොදේ. කවදාවත් ඊ මනී විහිලුවක් කියල හිතන්න එපා. අන්තර්ජාලයේ මෙතරම් වෙබ් අඩවි අපට නොමිලේ සේවය සපයනවා නෙමෙයි. ෆේස් බුක් වගේ වෙබ් අඩවි අධික ලාහ ලබන තත්ත්වයට පත් වුනේ අපේ මේ වගේ අදහස් නිසාම තමයි. ඒත් ඔවුන් කවදා හෝ අපට වැය වන අන්තර්ජාල ගාස්තුව හෝ ගෙවීමට ඉදිරි පත් වී තිබේද! ඔබලාගේ අදහස් දශමයකින් හෝ වෙනස් වුනා යැයි සිතමි.

    ReplyDelete
  27. මම නම් ඔය ඉන්ටර්නෙට් මනි හොයන්න යන්නේ නෑ.
    කොටින්ම බ්ලොග් වල ඇඩ් දදා සල්ලි හොයන්න යන්නෙත් නෑ. සල්ලි ඕනම නම් ජොබ් එකක් කරනවා. :)

    ReplyDelete
  28. රතු මුහුද : නොදැන ගියත් කාගෙන් හරි අහගෙන හරි යමු බන් කතරගම නම්

    ReplyDelete
  29. taraki :
    මම නම් ඒ ගැන නොදනිමි.... අත්හදා බලාද නොමැත

    ReplyDelete
  30. තිර්ථ යාත්‍රිකයා : ඔවාගෙන් හොයන අය ඇතැයි අසා තිබුනද මුන ගැසි නොමැත

    ReplyDelete
  31. සාටර් : එතකොටනේ සංවර්දනේ ඉක්මන් වෙන්නේ

    ReplyDelete
  32. බුවාරික්ස් : හිතන්න්න දෙයක් කියලා තියෙන්න්නේ... එත් එහෙම ගත්තු අය ඉන්නවද????

    ReplyDelete
  33. මධුරංග : මම කලේත් නැ අය්යේ.. එත් බ්ලොග් ගොඩක ඕවා ගැනම තිබුන නිසා හිතෙන දෙවල් කිවේ..

    ReplyDelete
  34. මන් නම් ඔය ගැන මුකුත් දන්නේ නෑ....එත් ඔයාගේ පොස්ට් එක බැලුවමනම් මහා බොරු වැඩක් කියල හිතෙනවා

    ReplyDelete
  35. දේව,මට හිතෙනව ඔයා කිව්ව ගොඩක් දේවල් හරි කියල.ඒත් ඔයා කිව්ව සමහර දේවල් නම් වැරදියි.ලංකාවෙ අපටත් අන්තර්ජායෙන් මුදල් හොයන්න පුලුවන්.ඒ ඔය ඈඩ් ක්ලික් කරල නම් නෙමෙයි.

    www.esihinaya.blogspot.com

    ReplyDelete
  36. මමත් හිතනවා ඕක බොරු වැඩක් කියලා

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....