ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

13 August, 2011

කොහොම වෙයිද ව්‍යාජ 5000 නොට්‍ටුවක් අපේ අතට ආවොත්

ගිය පොය දවසක රත්ගමයා ට මොකද උනේ කියලා පොස්ට් එකක් දැම්මනේ.... ඉතින් අදත් පොය දවසක්..... සෙනසුරාදා නිවාඩු දවසකම පෝයක් ආවහම ඒක හරියට දැනෙන්නේ නැද්ද කියලා මට හිතෙනවා....
ඇත්තටම දේවා තවම ඉතින් එක තැනක නෙමේනේ... ආදරේ කලාට තවම  ඉතින් එක තැනක ජිවත් කෙනෙක් වත් එහෙම දරු සුරතල් බලන කෙනෙක්වත් නෙමේනේ...

මම දන්න ගොඩාක් දෙනෙක් ඒ අයගේ පවුලේ අය ඔක්කෝම එකතු වෙන්නේ මාසෙටම එක දවසයි දෙකයි... හැමෝම ජිවිතේ දිනන්න ජිවිතේ එක්ක සටන් කරන්න තමන්ගේ කියලා ජිවිතයක් තත්වයක් හදා ගන්න ලොකු යුද්දයක් කරනවා..

ගොඩාක් ජිවිතේ සැප කියන්නේ සල්ලිම නොවුනත් සල්ලි කියන්නේ ගොඩාක් දේවල් වලට අනිවාර්ය අවශය තාවයක් කියන එක පිලිගන්නම වෙනවා...

අද මම කියන්න යන්නේ සල්ලි ගැන...

ලංකාවේ මිනිස්සු හොර වැඩ වලට ගොඩාක් දක්ෂයි නේ... ඒකනේ ඉක්මනින් සල්ලි හොයන්න කියලා ඇඩ්සෙන්ස් වලටත් දැන් තොප්පි දාගෙනලුනේ...

එත් මම කියන්න හැදුවේ ඒ ගැන නම් නෙමේ....

ගොඩාක් හොර සල්ලි ලංකාවේ සැරිසරන නිසා අලුතෙන් මුදල් නොට්‍ටු මේ අවුරුද්දේ හදුන්වා දුන්නා කියලා ඔයාලා හැමෝම දන්නවානේ...
ඔන්න ඒවාගේ හැඩ බලන්න ඕනේ නම් ඔයාලට මගේ මේ කලින් පොස්ට් එකට ගිහින් පුලුවන්

මේ අලුත් සල්ලි වලත් වැරදි නොට්‍ටු අපේ රටේ මුදල් ප්‍රවාහයට එකතු වෙලා කියලා ඔයාලා නිව්ස් වලින් දකින්න ඇතිනේ...
එහෙම අයව ඉක්මනින් අල්ල ගන්න වැඩේත් ලංකාවේ ගොඩාක් ඉක්මනට සිද්ද වෙන නිසා තමයි අපිට එහෙම නිව්ස් අහන්න ලැබෙන්නේ.. නැත්නම් ඕවා අපේ අතට එනකන් අපි දන්නේත් නැනේ...

ප්‍රශ්නයකට තියෙන්නේ අපේ අතට කාගෙන්හරි ඔය වැරදි මුදල් නොට්‍ටුවක් අතට ආවොත් ඒක අපි කොහෙට හරි දෙන්න ගිහින් එක වැරදි නොට්‍ටුවක් කියලා තහවුරු උනොත් ඒකේ පාඩුව අපිට දරන්න වෙනවා.. ඒ වගේම පොලිස් කේස් එකක් වෙනකන් යන්නත් වෙනවා...

හිතලා බලන්න්කෝ මාසෙට 20000ක් විතර පඩි ගන්න කෙනෙක්ට 5000 නොට්‍ටු 4යි ඔකෙන් එකක් අර කියපු වැරදි නොට්‍ටුවක් එහෙම උනොත්....
සතියක් ජිවත් වෙන්න තිබුන දෙයක් තමා නැති වෙන්නේ...

මොකක්ද මේකට අපිට කරන්න පුලුවන්

ඔය කවුරුවත් ඔය වැරදි නොට්‍ටු මුද්‍රණය කරන්නේ නැනේ.. අපිට කරන්න තියෙන්නේ හොද නෝට්‍ටු මොනවද? ඒවගේ ලක්ශන මොනවද කියන එක පිලිබදව විමසිල්ලෙන් ඉදලා අපිට ලැබෙන මුදල් නොට්‍ටු හරි මුදල් නොට්‍ටු ද කියලා බලලා ඒවා ගන්න එක තමයි.. කා ගාව හරි එහෙම වැරදි නොට්‍ටු තියනවා කියලා දැනගත්තොත් ඒක රටේ ආරක්ශාවට දැනුවත් කරන එක තමා

කොහොමද අපි මේ නොට්‍ටු හොද ඒවද කියලා බලන්නේ

ඒක ගැන අද පොඩ්ඩක් කියන්න කියලා තමයි අද මම මේ පොස්ට් එකෙන් කියන්න හදන්නේ

තොරතුරු සදහා මුලාශ්‍රය  : -  cbsl.gov.lk
............................................................................................................................................................

කඩදාසිය


සියලුම නෝට්ටු නිෂ්පාදනය කර ඇත්තේ 100% කපු මිශ්රිත පල්පයක් උපයෝගී කොට ගෙනය. මේ නිසා නෝට්ටුවලට සාමාන් කඩදාසිවලට වඩා තද ගතියක්ද එමෙන්ම රළු ගතියක්ද ලැබෙන අතර දිගුකල් පැවැත්මක්ද ඇතිවේ. මේ විශේෂ ලක්ෂණ නිසා වැරදි නෝට්ටුවක් ඇඟිලි තුඩුවලට දැනෙන ස්පර්ශය මගින් හඳුනාගැනීමට හැකියාව තිබේ. මෙම විශේෂිත කඩදාසි ඉතාමත් ආරක්ෂිත ආකාරයෙන් නිෂ්පාදනය කරනු ලබන බැවින් හා එවැනි කඩදාසි සාමාන් වෙළඳපොලේ ලබාගත නොහැකිය.

 ...............................................................................................................................................................

දිය සලකුණ

එක් එක් නෝට්ටුවේ මුහුණත එකිනෙකට වෙනස්වූ පක්ෂීන්ගේ රූප දැක්වෙන අතර, එම පක්ෂි රූපයම අදාළ නෝට්ටුවේ දිය සලකුණ ලෙස දක්වා ඇත. තවද නෝට්ටුවේ වටිනාකම විශේෂිත දිය සලකුණක් ලෙසින් සිරස් අතට ඉලක්කම් වලින් දක්වා ඇත….


................................................................................................................................................................

ආරක්ෂණ නුල

රුපියල් 5000, රුපියල් 1000 සහ රුපියල් 500 නෝට්ටුවල පිළිවෙලින් මි.මී. 3, මි.මී. 2.5 හා මි.මී. 2 යන පළලින් යුතුවු, රතු සහ කොළ ලෙස වර්ණය වෙනස්වන්නාවූ තැනින් තැන මතුවී පෙනෙනස්ටාර්ක්රෝම්ආරක්ෂණ නූල යොදා ඇත.රුපියල් 20, රුපියල් 50 සහ රුපියල් 100 නෝට්ටුවල ආරක්ෂණ නුල සම්පූර්ණයෙන්ම නෝට්ටුව තුළටම ඇතුල් කර ඇති අතර, නෝට්ටුවේ වටිනාකම හා CBSL යන අක්ෂර සමග එය අඛණ්ඩ ඉරක් ලෙස දිස්වේ…..

...............................................................................................................................................................

උස්වු සලකුණු

නෝට්ටුව ඇඟිලිතුඩු මගින් ස්පර්ශ කිරීමේදී උස්වු මුද්රිත  ප්‍රදේශ  හඳුනා ගත හැකිය. උදාහරණ -නෝට්ටුවේ මුහුණත - මහ බැංකුව නමැති පාඨය සහිත කොටස සහ නෝට්ටුව මැද පිහිටි මෝස්තර නෝට්ටුවේ පහළ කෙළවරේ නෝට්ටුවේ වටිනාකම දක්වා ඇති කොටස නෝට්ටුවේ පිටුපස - නෝට්ටුවේ පහළ, වටිනාකම දැක්වෙන ඉලක්කම්.


................................................................................................................................................................
 විනිවිද පේන සලකුණු

 
නෝට්ටුව ආලෝකයට යොමු කොට බැලීමේදී, නෝට්ටුවේ මුහුණත වර්ණ දෙකකින් කඩින් කඩ දක්වා ඇති වටිනාකම සඳහන් ඉලක්කම් කොටස් (සමනල රූපය අසල) නෝට්ටුවේ පිටුපස ඇති හා සමාන ඉලක්කම් කොටස් සමග එකිනෙකට සමපාත වී සම්පූර්ණ ඉලක්කම් සේ දිස්වේ

 
.................................................................................................................................................................

දෘශ්යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් යොදා ඇති සලකුණ

දෘශ්යාබාධිත පුද්ගලයන්ට නෝට්ටුවල වටිනාකම හඳුනාගැනීමට හැකි වන පරිදි නෝට්ටුවේ වම්පස සිරස් අතට රළු මුද්රිත තිත් (රු. 20 නෝට්ටුවේ එක් තිතක්) නෝට්ටුවේ වටිනාකම අනුව වැඩිවෙමින් යන ආකාරයට මුද්‍රණය කර ඇත.

 .................................................................................................................................................................

වර්ණ ගන්වන ලද සිහින් කෙඳි

කඩදාසි නිෂ්පාදනය කරනු ලබන අවස්ථාවේදීම කඩදාසිය ඇතුල් කරනු ලබන රතු, කොළ සහ නිල් පැහැයෙන් යුත් මි.මී. 4 පමණ දිගින් යුත් ඉතා සිහින් කෙඳි කොටස් තවත් විශේෂිත ආරක්ෂණ සලකුණකි. මෙම කෙඳි පියවි ඇසට දැකිය හැකි වන අතර පාරජම්බූල කිරණ ආලෝකය හමුවේ ප්රතිදීපනය වේ. මෙම ආරක්ෂණ සලකුණ මහ බැංකුව විසින් නෝට්ටුවලට හදුන්වා දෙන ලද නව ආරක්ෂණ සලකුණක් වන අතර නව නෝට්ටු කාණ්ඩයේ සියලුම නෝට්ටුවල දක්නට ලැබේ. ඉහළ අගයක් සහිත නෝට්ටුවල මේවා වැඩි ප්රමාණවලින් දක්නට ලැබේ.

 ..............................................................................................................................................................

ඔන්න ඔය ටිකෙන් ඔයාලට හොයා ගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා... තව ඔයාලට යු වි ආලෝකයට මුදල් නෝට්‍ටුවක් තියලා තවත් බලා ගන්න පුලුවන්. එත් ඉතින් ඒක හැම වෙලාවටම කරන්න අමාරු නිසා කලින් කියපු දේවල් බලලා එහෙම සැක හිතෙන මුදල් නොට්‍ටුවක් හම්බ උනොත් මොකද කරන්න ඕනේ කියලම අද පොස්ට් එක ඉවර කරන්නම්කෝ
 ව්යාජ මුදල් නෝට්ටුවක් යැයි සැක සිතන නෝට්ටුවක් සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක් ?   
01
ව්යාජ මුදල් නෝට්ටුවක් යැයි සැක සිතන නෝට්ටුව සැබෑ මුදල්  නෝට්ටුවක්යැයි ඔබ දන්නා නෝට්ටුවක් සමඟ සසඳා බලන්න.
-
ආරක්ෂණ සලකුණු වැඩි ප්රමාණයක් හොඳින් විමසා බලන්න.
-
ව්යාජ මුදල් නෝට්ටුවක් යැයි සැක සිතන නෝට්ටුව රඳවා තබාගන්න.

02
ව්යාජ මුදල් නෝට්ටුව රැගෙන පුද්ගලයා (පුද්ගලයන්) පිළිබඳ විස්තර සටහන්කර ගන්න.
-
බාහිර පෙනුම
-
වාහනය පිළිබඳ තොරතුරු
-
එම පුද්ගලයා අවසන් වරට දුටුවේ කිනම් ස්ථානයක දී යන්න

03
නෝට්ටුව පිළිබඳ විස්තර සටහනක් කර ගන්න.
-
වටිනාකම
-
අනුක්රමික  අංකය

04
ළඟම ඇති පොලිස් ස්ථානය අමතන්න
-
සැක සහිත නෝට්ටුව පොලිසියට බාර දෙන්න.

අවශ් විස්තර පොලිසියට සපයන්න.

-
ව්යාජ මුදල් නෝට්ටුවක් දැන දැනම ළඟ තබාගැනීම, එය ගනුදෙනු සඳහා

යොදා ගැනීම නීතිය ඉදිරියේ වරදකි.

23 comments:

  1. නියමයි අපේ බැංකු මහත්තයාගේන් අපිට ඔනේ මේ වාගේ දැනුවත් කිරිම් නේ .....

    ReplyDelete
  2. අර කිව්වත් වගේ එකම එක පන්දාහේ නෝට්ටුවක් හොර නෝට්ටුවක් උනා නම් ඒ මාසෙම ඉවරයි නේ !!!
    කොච්චර මහන්සි වෙලාද ඒ පන්දාහ හරි හොයන්නේ. කොයි දේ උනත් කලින්ම දැනගෙන ඉන්න එක වටිනවනේ. මේ පෝස්ට් එක ගොඩක්ම වටිනවා.

    කිව්වට මම් තාම පන්දාහක කොළයක් දකලා නෑනේ. ඒ නිසා ගොඩක්ම වටිනවා. මොකද අතට ලැබෙන පලවෙනිම පන්දාහේ කොලේ වැරදි එකක් එහේම උනොත් නේ !!!!!

    ReplyDelete
  3. අහ් එල එල අලුත් කොල පරණ ඒවට වඩා පොඩි එක තමා අවුල පරන කොල කීපයක් අස්සෙ අලුත් එකක් තිබුනොත් අපිටත් නොදැනිම ඒ කොලත් එක්ක යන්න තියන ඉඩ වැඩී නැත්තං ඉතින් මේ කොලවල වැඩි අවුලක් නෑ

    ReplyDelete
  4. මේ දැනුවත් කිරීමට බැංකුවේ මහත්තයාට බොහොම ස්තුතියි. ඇත්තමයි පරණ නෝට්ටුවේ සින්හයයි දිය සලකුණයි බලලා හොයන්න දැනගන හිටියට. අලුත් නෝට්ටු ගැන නම් තවම මෙලෝ දෙයක් දන්නේ නැ. දැන් නොට්ටුවෙන් සිංහයාත් පැන්ෂන් ගිහින් ඉන්න එකේ ඉන්න කුරුල්ලෙක්වත් පියබලා ගිහින් තිබුනොත් කාට කියන්නද?

    ReplyDelete
  5. හෆ්ෆේ මමනම් තාම ෆන්දාහක් දැකලවත් නෑ.. :D
    එල එල හැමෝටම වටින ලිපියක්..
    ඇත්තටම තාමත් ගොඩක් අයට අලුත් නෝට්‍ටු ගැන එච්චර දැනීමක් නෑ..
    මමත් එහෙමම තමයි..

    ReplyDelete
  6. අලුතෙන් අපු මුදල් නෝට්ටු ඔකොම වෙනස් නිසා විමසිල්ලෙන් ඉන්නම වෙනවා නේද දෙවා....

    ReplyDelete
  7. බොහොම ස්තුතියි දේවෝ මේ දැනුවත් කිරීමට...
    හපොයි එහෙම නෝට්ටු අපි වගේ අසරනයන්ට හමු නොවේවා!!!!

    ReplyDelete
  8. හොර නෝට්ටුවක් ලැබුනොත් නම් දුන්න එකාට ඇහෙන්න හයියෙන් අඬනවා ඇරෙන්න වෙන මොනා කරන්නද දෙයියනේ....!

    ReplyDelete
  9. සැකයක් තිබේ නම් අනිවා පොලෝසියට පලයල්ලා.(හිහ් ලංකාවෙ පොලීසියට තමා) පාඩුව ගැන හිතල මාරුකරන්න යනව හේම නෙමේ.

    ReplyDelete
  10. වැදගත් ලිපියක් සහ කාලීන මාතෘකාවක් !! මේ ගැන මාසෙකට විතර කලින් පත්තර ව දැන්වීමකුත් පල වුණා මතකයි.

    ReplyDelete
  11. අලුත් නෝට්ටු සෙට් එකට මම ‍වෛර කරනවා..:)
    මොකද ඔය 1000 නෝට්ටුවක් මම වැරදිලා දීලා මගේ අතින් 1000 ගියා. මේකට කරන්න තිබුනෙ ඔක්කොටම අලුත් නෝට්ටු ගේන එක. පරණ එකයි අලුත් එකයි කලවං උනාම හෙනම අවුල්.

    ReplyDelete
  12. වෙලාව ලගයි : වටිනවා නම් ඒකයි මගේ සතුට

    ReplyDelete
  13. මධුරංග : මමත් ඉතින් ඕව ඔක්කොම දකින්නේ බැන්ක් එකේ හින්දානේ... ඒත් අපි දැන ගෙන ඉන්න එක ගොඩාක් වටිනවා කියලා මමත් හිතනවා

    ReplyDelete
  14. කිඩෝ : ඒ කතාව නම් සහතික ඇත්ත.. මමත් ගොඩාක් ඕවා වෙන වෙනම තමා තිය ගන්න ට්‍රයි කරන්නේ

    ReplyDelete
  15. අම්බලම : මම හිතනවා ඔයාට මේකෙන් පුන්චි හරි අවබෝදයක් ගන්න පුලුවන් වෙයි කියලා

    ReplyDelete
  16. විශ්ව : ඉක්මනට දකින්න ලැබෙයි ඔයාට. හිතනවා එදාට ඔයාට මාව මතක් වෙයි කියලාත්

    ReplyDelete
  17. රතු මුහුද : අනිවාර්යෙන්ම යාලුවා

    ReplyDelete
  18. ගිම්හානි : අනිවාර්යෙන්ම සහෝදරි...

    ReplyDelete
  19. ලහිරු : මෙච්චර කරන්න දේවල් කියලා තියනකොටත් කියපු කතාව අනේ

    ReplyDelete
  20. පැණි දොඩම් : අම්මො අය්යාගේ උපදෙස් රටක් වටි.. මම බ්ලොග් එකේ ඒවා කියෙව්වානේ

    ReplyDelete
  21. deeps : ඔන්න ඔයාට ගොඩාක් තැන්ක්ස් මේ පැත්තේ ආවට සහෝදරි

    ReplyDelete
  22. රාජ් : එහෙම කියලා බැනේ යාලුවා.. අපි ඉතින් ඕවාට හුරු වෙන්නම වෙනවානේ

    ReplyDelete
  23. මමත් තාම හොර 5,000 කොලයක් දැකල නෑ..ඒ උනාට අපේ ව්‍යාපාරික ස්ථානයට මේ වෙනකොට 40,000 ක විතර හොර සල්ලි ඇවිත් තියෙනව,ඒ කොල සිදුරු කරල අයින් කරල පාඩුව විද ගන්න එක තමයි කරන්නෙ..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....