ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

10 August, 2011

දේවා ක්ලාස් එකේ චාටර් වෙයි.... (ඒ ලෙවල් කාලේ)

හායි... මටත් මතක් උන ගමන් කතාවක් ලියන්න උනා.... මේක ලියන්න මතක් උනේ මධු ලියලා තිබුන ක්ලාස් එකේ සර් ගේ පොන් කේස් එක දැක්කට පස්සේ....

ඔන්න අනිත් කතා වගේ මම කියන්නේ නැ මේක මට නම් නෙමේ උනේ කියලා..
මොකද මේක උනේ ඇත්තටම උනේ මට... කුරුනැගල මැත්ස් ක්ලාස් ආපු කෙනෙක් නම් අපේ බැච් එකේ ඔන්න ඔයාලට මතක් වෙයි මම කවුද කියලා..

හැබැයි එදා මට පාඩමක් උගන්නන ගිහින් ආයේ එහෙම නොවෙන්න වැඩකුත් උනා....

මමත් මැත්ස් ගොඩ දාගත්තේ මෙයාගෙන් හින්දා නම කියන්න යන්නේ නම් නැ.....

දන්නෝ දනිති..... (සක්විති වගේ කියන බඩ මහත ලංකාවේ පෙරලි කාර ගුරු)

සර් ගොඩාක් හොදට උගන්නවන්න ඕන හැම කරුනක්ම මුල ඉදන්ම හොදටම තෙරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා....  ඕන කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න නිදහස තියනවා....
චිට් එකකින් හරි ලගට ආවහම හරි ඕන විදිහකට... ක්ලාස් එක එතනින් නවත්වන්න උනත් ඒ ලමයට ඒක කියලා දිලා තමයි ඊට පස්සේ කොටස කරන්නේ...
හැබැයි ඉතින් පන්තියේ ප්‍රශ්නත් අහනවා. ඒවගේ දේවල් වලින් ගොඩාක් අය නොන්ඩි උන දවස් ඕන තරම්...
එත් ඔය ඒ ලෙවල් කාලේ වෙන දේවල් එහෙම සිරියස් ගන්නේ කවුද???

ම් දැන් කතාවට එමුකෝ.....

ඔන්න සර් ක්ලාස් එකේ මොකක්හරි ගානක් කරගෙන යනවා,... කාගෙන් හරි ප්‍රශ්නයක් ආවේ නැත්නම් සර් බොඩ් එකේ ගානේ ස්ටෙප් ඔක්කෝම ලියාගෙන ලියාගෙන යනවා (ඉතින් ප්‍රශ්න නැති වෙන්නේ කොහොමද? )


මෙහෙම ලිය ලියා ඉන්නකොට ඔය ඔයාලට මතකද ඉස්සර මොනවහරි එකකට දුන්නා උඩ යන රොකට් වගේ එකක්. (ටිපිටිප් වලටද මන්දා ) පාට පාට ඒවා......

කොහොමහරි පංතියේ ඔහොම එකක් එහෙට මෙහෙට යනවා..... ඉස්සරහට යනවා ආයේ ඒක අහුල ගන්න එකෙක් පිටිපස්සට දානවා අයේ ඉස්සරහට දදා හෙන සෙල්ලම...
දැන් ඉතින් ඕක සර්ට ගානක් නැ ඒතරමට... මගේ කරුමෙට ඕක මම ලගින් යනකොයම සර් දැක්කා
හ ඔය කහ ටිෂට් ඇදගෙන ඉන්න රොකට් යවන පොඩි එකා නැගිටිනවා.... පංතිය දෙදරන්න සර් ගේ විදානේ....
මොනවා කරන්නද බයේ ගැහි ගැහි නැගිට්ටා කොල්ලා......

මොකද කලේ ඒ..... අමතක උනාද ඉන්නේ මේ ඒ ලෙවෙල් පංතියේ 5 වසරේ නෙමේ කියලා...
ඉද ගන්න ඕනේ නම් මේ ගාන හදලා ඉද ගන්නවා.....

ගානත් දෙන්නම්කෝ ඔයාලාත් හදන්නකෝ...
කොල්ලා නම් මොන පිස්සුව කලත් සර් කියපු සැනින් ගේමට එන්ටර් වෙලා ගාන හදලා ඉද ගත්තා....
එදා ඉදන් සර් එහෙම නැගිට්ටවලා පංතියේ ගනන් නම් හැදෙව්වේ නැ....

ඇත්තටම ඒක පුන්චු ගානක්.. (මේක උනේ ඒ ලෙවල් ක්ලාස් යන්න පටන් අරන් මසයක් 2ක් යනකොටනේ)

ඔය රොකට් එකේ ආරම්භක ප්‍රවේගය පැයට කිලෝ මිටර් 144 යි...
තත්පර වර්ගයට මිටර් 10ක ත්වරනය යටතේ ඕක ගමන් කරපු මුලු දුර මිටර් කියද කියලා තමයි එදා ඇහුවෙ...
මේක හරියටම මෙහෙමයි කියලා මට 100%ක්ම ශුවර් නැ...

බලන්නකෝ පුලුවන්ද කියලා....

මේකෙන් කොල්ලා පොඩ්ඩක් මුල අවුල් උනත් ඒ ලෙවල් ඉවර වෙනකන් ඒ ක්ලාස් එකේ මාර පිලි ගැනිමක් තිබුනා.....

අන්තිමේ ක්ලාස් ඉවර වෙලා එන දවසේ සර් කිවා..
මට මේ ටියුශන් ලයිෆ් එකේ වැරදි වැඩක් කරලා හරියට වැඩත් කරපු කොල්ලෙක් හම්බ උනේ උබ හින්දා තමයි.. ඒ වෙන කවුරුවත් නේමේ  උබම තමයි කියලා

මම එදා ඒ සර්ගේ හිතේ තිබුනු හැගිම අයින් කරන්න ගියේ නැ.... සර් හිතාන ඉන්නේ එදා රොකට් එක අරියේ මම කියලා.... එත් ඇත්තටම උනේ ලියලා ලියලා අත රිදිලා අත ගසනකොට මට පිටි පස්සේ උන්නු කෙනා රොකට් එක ඇරපු එක විතරයි... මට ඒක කියාගන්න විදිහක් තිබුනේ නැ... මගේ යාලුවෙක් නිසා

මේක මගේ කලින් පොස්ට් එකේ කමෙන්ට් කරපු හැමොටම, මම ඇනෝලට අකමැති නැ... කවදාවත් මම ඇනොලගේ කමෙන්ට් නවත්වලත් නැ... නවත්වන්නෙත් නැ..... කෙනෙක් මගෙන් අහපු නිසයි මම එහෙම පොස්ට් එකක් දැම්මේ... ඇනෝ කියන හැම හොද දේම මම පබ්ලිශ් කරනවා....
හැබැයි කුනු හරප නම් මකනවා.. පොස්ට් එකේ කමෙන්ට් වලට මම ඉක්මනටම රිප්ලයි දෙනවා)

අද කතාව ඒ තරම් රසවත් නැතිද මන්දා???
මම කවදද එහෙම දෙයක් දුන්නේ නේද?????????

31 comments:

  1. ඇත්තටම A/L කාලේ කරපු වැඩ මතක් වෙද්දි හිතෙනවා අයේ ඒ කාලෙට යන්න පුලුවන්නම් කියලා..Post එක දැක්කම ඇත්තටම මට ඒ කාලේ මතක් උනා..

    ReplyDelete
  2. මගෙන් ඔහොම ප්‍රශ්නයක් ඇහුවානම් මට කවදාවත් ඉඳගන්න වෙන්නෑ ..

    ReplyDelete
  3. ඕකනේ කියන්නේ දෙනදෙවියෝ දෙනකොට ඇන ඇන දෙනවා කියලා.කොම උනත් සර් ඔයගැන හැම පන්තියකම පුරසාරම් දොඩවනවා ඇති,දන්නවනේ සාර් ලාගේ හැටි.

    ReplyDelete
  4. සොඳුරු මතකයන්.. කියවනකොට ... ආයිමත් අපිත් අතීතයට යනවා

    ReplyDelete
  5. මගෙනුත් ඔහොම ප්‍රශ්නයක් ක්ලාස් එකේදි ඇහුවනම් මම් ආයේ පංති ඇවිල්ලත් හමාරයි. මම් ආයේ පංති එක එහෙකුත් නෑ. උත්තරේ දැනගෙන හිටියත් ඒක කියන්න ගිහින් නාගන්නවා. ඒ තරමට මට ඕවා ඇලජික්.

    ReplyDelete
  6. හී හී තව ඇතිනේ චාටර් වෙච්ච සීන්. ඔක්කොම ලියමු බලන්න..

    ReplyDelete
  7. මාර වැඩ තමා දේවා අයියාටත් වෙන්නෙ

    ReplyDelete
  8. මාරු මාරු අන්තිමේදී කූහ්ම හරි හොඳ ළමයා උනානේ.

    ReplyDelete
  9. මේවගේ ටියුෂන් සර්ලා ගැන පෝස්ට් කීපයක්ම බැලුවා.හැබැයි අපේ පැත්තෙ නං මේවගේ සර්ලා ඉදලම නෑ.අනෙක මේ විදියට ගෝලයන්ට බනින සර්ලගෙ ක්ලාස් වලට මෙහේ කවුරුවත් යයි කියලා හිතන්න බෑ.කොච්චර බැන්නත් තමන්ගෙ විෂයට ෆීල්ඩ් එකේ ඒකාධිපතිත්වය තියන සර්ලට මේවැඩේ කරන්න පුළුවන් ඇති (සමහර විට).මම ක්ලාස් ගියේ තංගල්ලෙ.ඒ දවස්වල ව්‍යවහාරික ගණිතයට(සබ්ජෙට් හතරෙ අන්තිම පොරවල් තමයි අපි) ජනක සර්ට අභියෝගයක් වෙන කෙනෙක් මෙහේ හිටියේ නැතත් ඒ සර් කවමදාවත් මේවගේ වැඩ කරනවා මම දැකලා නෑ.

    ReplyDelete
  10. මේ දේවා මලයෝ.... හොරෙන් අහන්නේ.. අර ගාණට උත්තරේ හිමිහිට කියහන්කෝ බං !!! :P

    ReplyDelete
  11. මගෙන් ඇහුවනම් බඩුම තමා... හිටගෙනම තමයි ඉන්න වෙන්නේ........

    ReplyDelete
  12. සුන්දර අතීත ස්මරණයක රස විඳගත්තෙමි .

    ReplyDelete
  13. ඉස්කෝලේ යන කලේ, ක්ලාස් යන කාලේ කොඉතරම් සුන්දරද කියල හිතෙන්නේ මේ වගේ ඉස්සර සිදුවීම් ගැන කියනකොට තමයි. හොඳ කතාවක් සහෝදරයා. තවත් ඔය වගේ කතා ලියන්න. ආසයි මේ වගේ දේවල් බලන්න. ජයවේවා...........................!

    ReplyDelete
  14. විශ්ව : ඇත්තටම ඒ කාලේදි අපිට ඕනේ ඉක්මනට ලොකු මිනිහෙක් වෙන්න.. ඒත් ඒ කාලේ ගෙවුනහම අපි කොයි තරම් ආසද ආයේ ඒ කාලේට යන්න

    ReplyDelete
  15. සදරු : ඔන්න කිවා ලොකු බොරුවක්

    ReplyDelete
  16. රතු මුහුද : ඊලග පොස්ට් එකත් කියවලාම උන්නා නම් ඔහොම කියන්න හිතෙයිද දන්නේ නැ..

    ReplyDelete
  17. වෙනි : ඇත්තටම යාලුවා

    ReplyDelete
  18. මධුරංග : ඒ කොහොම උනත් දැන් යාලුවා ඉන්නේ ලොකු තැනකනේ

    ReplyDelete
  19. පැනි දොඩම් : ලියනවා ලියනවා... චාටර් ඒවා නම් ඉතින් අඩුයි ටිකක්

    ReplyDelete
  20. rmpmcreation : එහෙම නැති ජිවිතත් අර පරිප්පු නැති හොටල වගේ වෙනවලුනේ මලයෝ

    ReplyDelete
  21. දුෂාන් : ටිකක් විතර... හැබැයි සර් නොන්ඩි උනා...

    ReplyDelete
  22. රාජ් : යාලුවා , ජනක සර් කිවේ අර කෙට්‍ටු සර් ද ? නිගම්බු ජයනි එකේ ක්ලාස් එකට මමත් හැබැයි දවස් දෙකක් ගියා

    ReplyDelete
  23. චතුරංග : අනිවා අය්යේ ඊලග පොස්ට් එකෙන් එලිපිටම කියනවා

    ReplyDelete
  24. මැරා : ඕන් ඉතින් කෙප්ප හලනවා

    ReplyDelete
  25. මහේෂ් : මේ පැත්තේ එනවට ස්තුත්යි අය්යේ

    ReplyDelete
  26. ඇනෝ : මම දන්නේ නැ හැමදාම එන්නේ එකම ඇනෝද කියලා.... එත් යාලුවා මට ඔයාලා කියන ඒවත් ගොඩක් ලොකු ශක්තියක්...අනිවා තව කතා ටිකක් ලියන්නම්කෝ

    ReplyDelete
  27. හික් හික්... ඒ කාලේ වුන දේවල් නම් මතක් උනාම මැරෙන්න හිනා යනවා. තව කාලයක් යද්දි දැන් අපි කරන ඒවා මතක් වෙලාත් හිනාවෙයි නේද ?

    ReplyDelete
  28. හිකිz.එල එල.අඩෝ උත්තරේ එන්නෙ
    (144*1000)/10 නේ?

    ReplyDelete
  29. ළහිරු : මටත් ඕක ඔහොමම වෙලාවකට හිතෙනවා.. දැන් නම් හිතෙනවා එහෙම වෙන එකක් නැ කියලා... ඒත් අනිවා ඒක එහෙමම වෙනවා

    ReplyDelete
  30. Dilanka Madhawa : උත්තරේ බලන්නකෝ ඊලග පොස්ට් එකෙන්ම

    ReplyDelete
  31. හික් හික් මාර වැඩේ තමා ඒකත්.. අපේ පංතියෙත් හිටිය ඉස්සර ඔයවගේ ළමයි.. 5 පංතියෙ බබාල.(ඔයාට නෙවේ කිව්වෙ ඕං) කියනදේ කනකට ගන් නෑ. එයාල ඉතිං හැමදාම පංතියෙන් එළියෙ තමයි..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....