ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

28 August, 2011

සමාවෙන්න සදරු 2.සමගින් තවත් හොල්මන් කථාවක් I

මුලින්ම මේ කතාව කියන්න කලින් සදරුගෙන් සමාව ඉල්ලනවා,,, හේතුව පොස්ට් එකේ අන්තිමට කියන්නම්කෝ..... ඒත් එක්කම සදරුට ගොඩාක් ස්තුතිත් කරනවා..... සදරුගේ හොල්මන් කතාව තමා මේක ලියන්න මට පාර කිවේ

මම මේ කතාව බ්ලොග් එකට ගැලපෙනවද කියලා කාලයක් තිස්සේ හිතා හිතා උන්නේ.... මගේ ගමේ මම ඇරෙන්න බ්ලොග් එකක් කියවන එකෙක් තියා ෆේස් බුක් ඉන්න අයත් ඉන්නේ අතේ ඇගිලි ගානට අඩු නිසා මේක පිටට යන්නේ නැ...

තාම මේ කතාව දන්නේ මේක උනු අපි තුන් දෙනයි අපිට මේ වැඩේ කරපු කෙනයි විතරයි...

අපි කිවේ මායි (ඔව් ඔව් ඔයාලා දන්න දේවා තමයි) මගේ ‍ෆිට් එක වගේ ඕන දේකට මාත් එක්ක උන්නු චමි බොයි (චමින්ද) ප්‍රසා යි (ප්‍රසාද්) තමයි

මේක වෙලා දැනට අවුරුදු 5ක් විතර වෙනවා..... ඒ කියන්නේ 2006 අග හරියේ...

ගමේ ඒ කාලේ පොඩි කතාවක් ගියා නිදානයක් ගැන.... ඒක කතාවකට ගිය නිකන් කවුරු හරි ගොතපු කතාවක් මම හිතන්නේ.. මොකද තාම ඕක ගත්තු කෙනෙක්වත් ගන්න උත්සහ කරපු කෙනෙක්වත් නැ....

මේක තියෙන්නේ අපේ ගෙවල් ලග ඉදන් ටික දුරක් ගියහම වෙල් යායක් හම්බවෙනවා ඔන්න ඔය වෙල් යායේ එක කෙලවරක තියනවා ගල් තලාවක්... ඔන්න ඕකේ තමා

ඔය කලු ගල කඩන්න (නිදාන ගන්න නෙමේ... ජිවත් වෙන්න ගල් කඩන අය ගැන දන්න්වනේ)

අපි තුන්දෙනාම එකම පන්තියේ එකට ඉගන ගත්තු නටපු ගොඩාක් පිස්සු වලට එකා වගේ උන්නු හොදම ‍ෆිට් එකක්... සතියක් එක්කෙනෙකුගේ ගෙදර පාඩම් කරපු අපි ඊලග සතියේ අනිත් කෙනාගේ ගෙදර.. ඔහොම මාරුවෙන් මාරුවට තමා උන්නේ

මම මේ කිව කාලේ කට්ටියම උන්නේ අපේ ගෙදර.. අපිට වෙනම කාමරයක් ගෙදර ඉස්සරහා තිබුන නිසා මොනවා කලත් කාටවත් පෙන්නේ නැ.... අපි හැබැයි ගොඩාක් පාඩම් කලා... පිස්සු කෙලින වෙලාවට ඒවත් උපරිමයෙන් කලා.. හැබැයි තාමත් අපි කවුරුවත් අරක්කු සිග‍රැට් කටේ තියලාවත්නැ

දවසක් උදේ වරුවේ තේ බිබි ඉන්නකොට කියපු කතාවක් අපේ මේ ගමනට ඉනිමගක් උනා,....

ආහ් අර ගල් කඩපු දෙන්නටම එකටම ගල් පතුරු දෙකක් වැදිලලු,, ඇස් වලටම.. දෙන්නම දැන් හොස්පිටල් එකේලු. මම හිතන්නේ දැන් නිදානේ ලගටම ඇවිත් ඇති... ඔන්න ඔහොමයි එදා ගෙදරට ආපු අන්කල් කෙනෙක් කිවේ...

හවස ආපු ඒ අන්කල්ම කියනවා (ගල් පොත්ත තියන හරියේ ගෙවල් අඩුයි) ඊයේ ‍රැ කවුරු හරි ඔය ගල් පොත්තේ මොනවා හරි කරන්න ලැස්ති වෙලා තියනවා.... පොඩි එලියක් එහෙම තිබුනා කියලා අමරේ ත් කිවා..

කවුරු හරි නිදානෙට වැඩේ දෙන්න වගේ... ඒත් අපිට මොකද ? ඔය පැති වල ගිහින් අපි මොකටද ඕවට බිල්ලක් වෙන්නේ...

අපි තුන්දෙන මුනෙන් මුන බලා ගත්තා.... හැමදේම එකට කරන අපිට අපේ හැගිම් තෙරෙන්නේ නැද්ද???

එහෙමනම් අනිවා අපි අද හැන්දැවේ ඔය පැත්තේ යනවා මයි ඔය මුනු තුනේම ලියවිලා තිබුනා,,,

මොනවද මාමේ ඔවගේ බිල්ලට දෙනවා කියන්නේ මගෙන් ප්‍රශ්නයක්....

මෙකේ මොනවා දෙනවද කියලා නම් මම දන්නේ නැ ලමයෝ...
එත් එක ඒවට එක එක ඒවා දෙන්න ඕනලු,, සමහර ඒවා ගැන තියන්වලුනේ නිදන් වදුල කියලා එකක්... මේකේත් එහෙම එකක් ඇති කොහේ හරි

ඒ කියන්නේ දැන් ඔකේ ඇත්තටම නිදානයක් තියනවලුද චමි බොයිගෙන් යොකර් එකක්...

කවුද බන් ලමයෝ ඕවා දන්නේ.. මමත් මේ අහුන දේවල් නොවැ කිවේ...

එත් ඔන්න මේ දවස් වල ඔය පැත්තේ මේ ලමයි එහෙම යනවා එහෙම නොවැ....

ඒ මොකද මාමේ ඒ ප්‍රසා ගෙන් කඩයිම් ප්‍රශ්නයක්..

ඇයි ලමයිනේ තේරෙන්නේ නැද්ද ඔය මොකුන් හරි ඔය නිදානේ ගන්න මාන බලනවා නම් මේ ටිකේ ඔවුන් දැන් ඔය අහල පහලම කැරෙකෙනවා ඇති.. අනිත් එක වුන් ලෙසි පුතයලා වෙන්න බැ,, දෙන්නේක් ගේම ඇස් දෙකටත් ටිකට් එක ඇදිලා තියනකොටත් බය නැතුව අතගහලා තියෙන්නේ නිකන් අත ලෙව කන්නද???

අනිත් එක බිල්ලකට උනත් ගන්න බැරි නැ නොවැ....

ඉතින් එහෙම වෙනවා නම් අපි පොලිසියට කියන එකනේ හොදම වැඩේ තුන් දෙනාම ඒක පාරම කිව්වා....
හරියටම තොරතුරක් නැතුව කියලා අපි කුඩු වෙන්නේ මොකටද??? අමරෙත් 2ක් දාල ඉන්නකොට දැකපු කතාවක්ද දන්නේත් නැනේ,, ඒ කතාව මොහොතකට විරාමයෛ දිලා අපි කාමරේ.....

මොකද මචන්ලා කියන්නේ ඕක අපි බලමුද සෙට් වෙලා... හැබැයි මේක කියලා කරන්න ගියොත් අද එලියට බහින්නවත් ලැබෙන්නේ නැ අපිට...

අනිවා කරන දෙයක් ‍රැටම කරමු අනිත් අය නිදා ගත්තට පස්සේ... ඒකමතික තිරනයක්..


කථාව ටිකක් දිග වැඩි වේගන එනවා වගේ පොඩ්ඩක් මම මේක කොටස් 2කකට කඩනවා හොදේ

ප.ලි : කතාවේ ඉතුරු ටිකෙන් අපි හොරු ඇල්ලුවා කියලා නම් බලා පොරොත්තු වෙන්න එපා.. මේ දැනුත් හාට් එක ගැහෙනවා... ඒක ඊලග පොස්ට් එකෙන්..

ප.ප.ලි : ඇයි මේකට සදරු ව ගාව ගත්තේ කියලා ඔයාලා හිතයි.... පොඩ්ඩක් සදරුගේ ස්ටයිල් එක කොපි කලා.. එත් මට ඒකට ලං වෙන්නවත් බැරි වෙලා කියලා මට නම් දැනෙනවා... එත් මේ ස්ටයිල් එකෙන්ම මට උනු කතා ටිකක් තියනවා කියන්න ... ඔන්න එපා නම් කියලාම යන්න

සමාවෙන්න සදරු.... දෙවෙනි වතාවට.. පලවෙනි වතාවට මම ඒක ඔයාට කිවේ ඔයා දැන් ඉන්න තත්වෙට ගොඩාක් ආසන්න වෙලා ඉන්න කාලේ මගේ මේ බ්ලොග් එකේ නම සදරුගේ ලෝකය කියලා දාලා ඒක නමින් දෙන්නෙක් ඉන්න හොද නැ කියලා මගේ බ්ලොග් එක දේවා ගේ අඩවිය උනු දවසේ

50 comments:

  1. අඩේ ඩේවා මොකද බන් උඹ සදරුවාගේන් ඔච්චර සමා ඉල්ලන්නේ....:P..කතාව යන විදියටන යාලුවො 3න් දෙනාට හොද මරාලයක් සෙට් වෙලා වගේ....ඉතිරි කොටසත් ඉක්මට දාපන්....අපි බලන් ඉන්නෝ...

    ReplyDelete
  2. ඔය ලස්සනට ලියල තියෙන්නෙ..2වන කොටස එන්න ගොඩාක් කල් යන්නෙ නැහැ නේද?

    ReplyDelete
  3. මට හිතෙන්නේ ඊළඟ කොටසින් පොරවල් තුන අම්බානෙ කයි වගේ...

    ReplyDelete
  4. මාලුව කිව්වත් වගේ පැණිබේරෙන කෑමක් සමගින් ඉක්මනින් හමුවෙමු... ;)

    ReplyDelete
  5. ඒ කාලේ ඉඳලා අරක්කු සිගරැට් නොබි ඉන්න එක නම් සෑහෙන්න අගය කල යුතු ගති ගුණයක් මලයා .......
    දාමුකෝ බලන්න ඊගාව කොටසත් .......

    ReplyDelete
  6. ela! ikmanata daapan anik kotasa! uba liyanna ubema widiyak hada ganin! eeka tamai hodama widiya! kohoma unath elata liyapan! :)

    ReplyDelete
  7. ඉක්මනටම ඉතුරු කොටස් ටිකත් ලියන්න. ලියනකොට දෙබස් වෙනම ලියන එක හොදයි. එතකොට කියවන කෙනාට තේරුම් ගන්න ලේසියි. අනිත් එක තමයි හැමතිස්සෙම සමාව ගන්න එපා. මොකද ඔයා පොස්ට් එකක් කොපි කරගත්තේ නැහැනේ. පොඩි අත්හදා බලිමක්නේ කලේ. ඒ නිසා සමාව ගන්න ඕනේ නෑ. මොකද අපි කවුරුවත් පරිපුර්ණ මිනිස්සු නෙමෙයි නේ. අපි කවුරුත් කාගෙන්හරි ඉගෙන ගන්නවා. ඒ නිසා ආයෙම සමාව ගන්න පෝස්ට් නම් දාන්න එපා. පුළුවන් නම් පෝස්ට් එකේ නම වෙනස් කරන්න !!!!!

    අක්ෂර වින්‍යාසය ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න !!!!

    ReplyDelete
  8. හොදම හරියෙදි නවත්තලා ඉක්මනට අනිත් කොටස දාන්න.

    ReplyDelete
  9. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා :D නා ගනීද කට්ටිය? නැත්තම් නිධානේ හම්බෙයිද? :P

    ReplyDelete
  10. ඉක්මනටම කතාවේ ඉතුරු ටිකත් ලියන්න.
    මට විභාගේ ඉවර වෙලාම කියවන්න පුළුවන්. කමෙන්ට් කරන්න බැරි උනාට අඩුමගානේ විභාගේ අතරතුරේ කියවන්න හරි පුළුවන් නේ.

    ReplyDelete
  11. හොල්මන සම්බන්ධ සිද්ධීන් සත්‍ය සිද්ධීන්. සමහර අය මේවා අතින් පයින් වැඩි කර මිනිස්සු කුපිත කරවන එකත් ඇත්ත. නමුත් හොල්මන් කියන්නෙ, අමනුශ්‍ය භවවල ඉප්දුන අපේම පසුගිය ඥාති මිත්‍රාදීන්. ඔවුන් සසර දික් කර ගැනීමට් උදව් දෙනවා මිසක් කොට කර ගැනීමට ඉඩක් හ්තියන්නෙ නැහැ. බලන්ගොඩ ආනන්ඳ මෛත්‍රිය හාමුදුරුවන්ට මේ අම්නුශ්‍යයො පෙනෙනවා. උන්වහන්සේට උන් බයකුත් දක්වනවා. දැන් ඉන්න අමහුශ්‍යයො මිනිස්සුන්ට භය නැහැ. සමහරුන්ව එකහෙලාම පිලිකුල් කරනව, ඔව්න්ගේ නොමනා හැසිරීම නිසා. ලංකාවෙ වෙබ් අඩවි තියෙනවා මේ සම්බන්ධව සත්‍ය තොරතුරු පලවෙන. හොල්මන් කියන්නෙ මේ අමනුශ්‍ය කොට්ඨාස මිසක් වෙන අය නොවෙයි. කෙනෙක් හොඳට පන් සිල් රැක ගෙන හිටියොත් ඔවුන්ගෙන් කිසිම අනතුරක් නැහැ. තායිලන්ත ජාතික අධිචිත්ත සහිත ස්වාමීන් වහන්සේලා පවසන අන්දමට ඔවුන් ස්මහර වෙලාවට ආරක්ෂාව පවා සස්ලසනවා. එහෙම කියපු එක් ස්වාමීන් වහන්සේ නම්ක් තමයි මේ ජනවාරි මාසයේ අපවත් වූ මහා බූව ස්වාමීන් වහන්සේ. බෞද්ධ අපි බුදු හාමුදුරුවො දේශනා කරපු අන්දමට පුනර්භවය පිලිගන්න ඕන.

    ReplyDelete
  12. ආ නියමයි නෙව! අනිකත් ඉක්කන්ට දාන්න.

    ReplyDelete
  13. මොකක්ද බන් ෂෝ එක පටන් ගන්න කොටම ඉන්ටවල් දීලනේ..

    ReplyDelete
  14. මොකටද බං සමාවක්..? ආයේ උඹ සමාවක් ඉල්ලලා තිබ්බොත් මම උඹව සමාදානයේ සතපවනවා .. හරිය !!

    උඹ මගෙන් මොකුත් ගත්තේ නෑ නෙව ..මම ලියන ස්ටයිල් එකක් නෑ බං ඔහේ හිතට එන එක ලියන එක තමා කරන්නේ ..ලියන ස්ටයිල් උගේ මුගේ කියලා වෙන් කරගන්න බෑ බං උඹ ලියපන් උඹට හිතෙන ඕනම විදිහකට ..උඹට බලපෑම් කරන්න කාටවත් බෑ මචං

    මමත් කතාව බලන්න ඉඳගත්තේ දැන් අද දවසෙම වැඩ නේ ..ඉතින් දෙවනි කොටසත් මම අනිවා බලනවා මම මේ හොල්මං කතා වලට කැමතියි නොවැ ..

    .. ජය වෙවා මචං .. හැබැයි ආයේ නෝ සමාව ඉල්ලිම් හරිය ..අනෙක් කොටසත් ඉක්මනට ලියපන් ..

    ReplyDelete
  15. සඳරූ ට දාපු කමෙන්ටුවම මෙතනටත් දාන්නං!

    හොල්+මං

    ReplyDelete
  16. 'හැබැයි තාමත් අපි කවුරුවත් අරක්කු සිග‍රැට් කටේ තියලාවත්' කෝ කටේ තියලාවත් නෑ කියන කෑල්ල?.බඩු මාට්ටු උබ ඒකේ නෑ කියලා දාලා නෑනේ? D.

    ReplyDelete
  17. සරු මල්ලිගේ කමෙන්ටුවත් එක්ක මාත් එකයි.
    ආයේ සමාව ඉල්ලලා තිබ්බොත් නේ !!!!! බලාගමු ඒ හරිය !!!!! :)

    ReplyDelete
  18. අසංක : මේකනේ බන් සදරුවා මගේ මල්ලි වගේ.. ඌට ඉතින් මම බොක්කෙන්ම කැමතියිනේ..... එකයි යාලුවා

    ReplyDelete
  19. weni : දෙවෙනි කොටස ලගදිම (අද නම් බැ... පුලුවන්තරම් ඉක්මනටම)

    ReplyDelete
  20. prasanna : එහෙමද හිතන් ඉන්නේ.... බලපන්කෝ කැමේ තරම

    ReplyDelete
  21. සාතන් : බලාපොරොත්තුවේන් ඉන්නවා කියලා මම දන්නවා එහෙම අහන්න

    ReplyDelete
  22. පන්සල් හන්දිය : අපි එහෙමයි, තාමත්... කොයි තරම් ඒවට අවස්තාවල් යොජනාවල් දවසකට එනවද කියලා බැලුවොත්.. බොන එකෙක්නම් කනා පල්ලම් ගහනවා ඉක්මනටම

    ReplyDelete
  23. බුදු අම්මෝ...හොල්මන්.... :O :O
    :D :D ඊළඟ කොටසෙදි අය්ය මදි නොකියන්න කනව නේ?????

    ReplyDelete
  24. මධව : අනිවා යාලුවා.... වෙනස්ම ටයිප් එකක් තමා හොදම

    ReplyDelete
  25. ඇනෝ : උපදෙස් හා අවවාද තරයේ සිතට ගතිමු.... ගොඩාක් ස්තුතියි යාලුවා

    ReplyDelete
  26. JHOTHISHALANKA : කතාව දිග වැඩි වගේ හිතුනා අය්යේ ඉක්මනටම දානවා

    ReplyDelete
  27. deeps : ගොඩාක් ඉක්මනට මොකද උනේ කියලා කියනවා බලාන ඉන්නකෝ

    ReplyDelete
  28. මධුරංග : අය්යා හැමදේටම කලින් එක්සැම් එක හොදට කරගන්නකෝ... ඔයා කමෙන්ට් නොකර ඉන්න එක නම් බ්ලොග් ලියන අයට ලොකු පාඩුවක්, ඉක්මනට ඉතුරු කොටසත් දෙනවා හොදේ

    ReplyDelete
  29. සරත් ගුණරත්න : වැදගත් මිලකරන්න බැරි අදහස් ටිකක්.. බොහොම ස්තුතියි යාලුවා

    ReplyDelete
  30. සසින්ද්‍ර : තැන්කු තැන්කු... ඉක්මනටම ඉතුරු ටිකත් නම් දානවා

    ReplyDelete
  31. මාතලන් : ඉන්ටවල් එකෙන් පස්සේ බඩුම තමා

    ReplyDelete
  32. සදරු : අම්මෝ මෙන්න මු මාව මරනවලු..... ඔන්න මම බය උනා.. ආයේ එහෙම කතා කියන්නේ නැ‍තෝ... ඉක්මනටම ඉතුරු ටිකත් දානවා..

    ප.ලි : ඉරිදා විතරයි නේද නිවාඩු කිවේ... වැඩ කිවේ කෙල්ල එක්කද උන්නේ

    ReplyDelete
  33. කතන්දර : හොල්+මං , අය්යේ මං කිවේ

    ReplyDelete
  34. නිකමා : ඔන්න කිවා කතාවක්.... මම හිතන්නේ දැනුත් උබ ඉන්නේ වැනි වැනි වගේ.. අයේ පොඩ්ඩ්ඩක් බලපන් හොදට...

    ReplyDelete
  35. මධුරංග : ආහ්..... පිලිගත්තෙමු හිස් මුදුනින්... ආයේ එහෙම නොකියා ඉන්නම්කෝ....

    ReplyDelete
  36. අද තමයි කියවන්න වෙලාවක් ලැබුණේ , මගේ හිත මා නැවතත් පාසල් කාළයට රැගෙන ගියා ඔබේ මේ ලිපියෙන් .

    ReplyDelete
  37. මට දෙවැනි කොටස හිතාගත්ත ඇහැකි...හිකිස්‌
    + මම මේ පොස්ට් එකට කමෙන්ට් කරානේ දේවා :O :O

    ReplyDelete
  38. මේ සදරුගෙන් පස්සෙ සමාවගමු, දැන් ලියමු. මිනිහට මම හරි මැසේජ් එකක් කොහෙන් හරි යවන්නන්. මුන් ටික කටේ තියලා නෑ කිව්වාම නිකන් නිකන් මෙව්වා එකක් ආවා, මෙහෙම එවුනුත් ඉන්නවනෙ කියලා. සිරාට ඒක කොච්චර ලොකු දෙයක්ද, දැන් කාලෙ ඔහොම බෝසත් කොල්ලො හොයාගන්න බෑ :D එල එල

    ReplyDelete
  39. මහේෂ් : අය්යා මේ දවස් වල ගොඩාක් බිසි වගේ නේද??? වැඩ ඔක්කොම අතරේ පොස්ට් එකක් දාලා අනිත් බ්ලොග් කියවන්නත් කොහොමහරි වෙලාවක් හොයා ගන්න අය්යේ

    ReplyDelete
  40. ChammA : බලමුකෝ හිතන දේ ඇත්තක් වෙයිද කියලා....
    මොකක්ද බන් පස්සේ කිවේ....

    ReplyDelete
  41. මලියා : ඔන්න එහෙමනම් උබ පණිවිඩේ ඇරපන් කොලුවෝ.... එත් දැන් උබට ඒවට කොහෙද බන් වෙලාවක්.... අර කෙල්ලව බලා ගන්නත් වෙනවානේ නේද (හොරෙන් ඇහුවේ))

    ReplyDelete
  42. ඔන්න මාත් මේ පැත්තේ ආවා....නාවට තරහ වෙලාද මන්දා?...ඔන්න අයියේ මාත් කැමති නෑ ඕනවට වඩා සමාව ඉල්ලනවට ඕනෑම කෙනෙක්ගෙන්....සඳරුත් කිවනේ දැන්...ආයේ එහෙම ඉල්ලලා තිබුනොත්......
    මෙයාල ඇදගෙන නල වගේ කතාවේ හැටියට..ඉක්මනට ඉතිරියත් දාන්න

    ReplyDelete
  43. අනිත් කොටසින් බලාගන්න බැරියෑ...කරපු හපන්කම....

    ReplyDelete
  44. හ්ම්ම බලමු ඉතිං ඉතිරි කොටසත්...

    ReplyDelete
  45. ත‍ටු සිදුන සමනලි : අම්මෝ ........... ඊලග එක අද දාන්න ඉන්නේ කියවලම බලන්නකෝ

    ReplyDelete
  46. සිතිවිලි නිහඩයි : අම්මේ මෙයාගේ තියන සැර... අනේ අනේ ඔන්න හැමෝම කියන නිසා අයේ ඉල්ලන්නේ නැ හොදේ...
    නාපු නැම ඊලග එකෙන්

    ReplyDelete
  47. නිල් අහස : කරපු නෙමේ අය්යේ වුන චාටරේ

    ReplyDelete
  48. ගිම්හානි : බලමුකෝ නේද??? එත් දැන් මේ පැත්තේ එනවා අඩුයි වගේ නේද??

    ReplyDelete
  49. මල්ලි ඔයා මේ ලඟදි සිතුවිලි පවුරෙ දාලා තිබුන පෝස්ට් එක මම ඔයාගේ සර්ච් බොක්ස් එකේ හෙව්වා හම්බ උනේ නැහැනෙ, අනික සිතුවිලි පවුරෙ ඔයාගේ පරණ පෝස්ට් එකක් දානවා නං ඒකට යන්න පුලුවන් ලින්ක් එකකුත් එක්ක දාන්න ......

    ReplyDelete
  50. පන්සල් හන්දිය : හරි අය්යේ ආයේ එහෙම එකක් දානකොට මම එහෙම දාන්නම් අය්යේ එකේ
    ලින්ක් එක මේකයි.
    . පොඩ්ඩක් මම නම වෙනස් කරලා දාපු නිසා වෙන්න ඇති හොයාගන්න බැරුව යන්න ඇත්තේ

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....