ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

05 August, 2011

.සිබොල්......තවරන් තවරන්......

ඔන්න ආයෙමත් දේවා බ්ලොග් ලියන කියන යාලුවෝ එක්ක ඇකතු වෙන්න කියලා  හදන්නේ... ගොඩාක් දවසක් එන්න බැරිවෙයි කියලා හිතුවට ගොඩාක් ඉක්මනට එන්න පුලුවන් උනා.... මම හිතනවා තාම මගේ යාලුවන්ට මාව අමතකම  වෙලා නැතුව ඇති.... මොකද අපේ ලංකාවේ ගොඩාක් අයට ගොඩාක් දේවල් මතක සතියක් විතරලුනේ... අනේ මන්දා ඒත් මම දන්නවා මගේත් එක්ක ගොඩාක් හොද යාලුවෝ ඉන්නවා කියලා..... සමහර මගේ යාලුවෝ කමෙන්ට් වලින් මාව තනෛ නොකර බලා ගත්තා... කමෙන්ට් බැලුවේ මම මොබයිල් එකෙන් නිසා කමෙන්ට් වලට රිප්ල්යි නම් දැම්මේ නැ.. ඒ හැම එකටම රිප්ල්යි දාන්න අද හිතාන ඉන්නවා වගේම ඒ හැමෝටම ස්තුති කරන්නත්  මේක අවස්තාවක් කරගන්නවා..

අද කියන්න යන්නේ මට අහන්න දකින්න ලැබුනු පුන්චි කතාවක්.... ඇත්තටම ගොඩාක් මේක කාලයක් දේවාට වෙන්න ඇති.. කතා කරන්නේ කඩ්ඩ නොහොත් ඉංග්‍රිසි ගැන... දැන් නම් ඉතින් දේවාට පොඩ්ඩ පොඩ්ඩ කඩ්ඩ එහෙට මෙහෙට වනන්න පුලුවන්... ඒත් ඇත්තටම මේක දේවා වගේ ම තවත් මේ පන්තියේ ගොඩාක් මුහුන දෙන පොදු ප්‍රශ්නයක්... දේවා ගියේ ටිකක් පිලිගත් පාසලකට තමා... ඒ ලෙවල් වලට.. එතනින් ඇත්තටම කඩ්ඩ පොඩ්ඩක් හදා ගන්න ලොකු උපකාරයක් ඒ සර් ලාගෙන් ලැබුනා..
එත් ඕ ලෙවල් කරන කන් දේවා ගියේ තරමක් පොඩි පාසලකටනේ.... ඒහෙම ඉස්කෝල වල ඉංග්‍රිසි ගුරුවරු හොයාගන්න ටිකක් අමරුයි.... ඒ දවස් වල ඉගන්නුවේ පුස්තකාල භාර සර් තමා... දේවා තමයි එතනත් පොඩ්ඩක් හරි ඒ දවස් වලත් ඒක අල්ලන් තිබුනේ,.... ඒත් ඒ ලෙවල් වලට ඇවිත් ඒ පාසලේ ලමයි එක්ක බලන කොට අපි අලියෙක් මැද්දේ ඉන්න පොඩි කුබියෙක් වගේ...

දැනටත් ගමේ ඉස්කෝලේ ලමයින්ට ඒ සරනම තමා/

ඇයි මට මේක කියන්න හිතුනේ කියලා හිතන්න මට මේ අහන්න ලැබුන දේ ඔයාලට එක පාර තේරුම් ගන්න පුලුවන්ද බලන්නකෝ

ලොට් හයියෙන්...... ෆෝමරන්................ ෆාස්ට් ............සිබොල්......තවරන් තවරන්............................
මොකක්ද කියලා ඔයාලට කියන්න්න එකපාර හිතාගන්න පුලුවන්ද???

මමත් කල්පනා කලා..... මොනවද මේ ක්‍රිකට් ගහන කොල්ලො ටික තවරගන්න හදන්නේ කියලා...

තේරුම බලන්න්කෝ

ගොඩාක් වේගෙන් බොලේ ගිය දිහා බලලා තව හය්යෙන් දුවලා ලකුනු 4ම ගමු කියලා තමයි කියන්නේ....

කතා කරනකොට ගැමර් ඕනේ නැ තමයි..... එත් ලමයි ඒදා අපි වගේම ආසයි තමන් ඉංග්‍රිසි කතා කරන්න පුලුවන් කියලා පෙන්නන්න...

නොදන්න දේ දන්න විදිහට කතා කරලා පොරක් වෙන්න.. ඒත් එයාලට ඉගන ගන්න ආසාව විතරයි... තැනක් තාම හොයනවා...

27 comments:

  1. අපිත් ගමේ ඉංග්‍රීසි ඉගන ගත්තෙ නැහැ.. උගන්නන අය නැතුව.. උ.පෙ.පාස් උනාට පස්සෙ තමයි කඩ්ඩ ගොඩ දමා ගත්තෙ... ඒ දවස්වල "ලොකු ජොග්ගුවක් ඇතුලෙ රජ කුරුමිණියෙක්" වගෙ එව්ව ඉංග්‍රීසි වලට පෙරලල හිනා උනා..

    ReplyDelete
  2. එල එල පලවෙනි සැරේට කියවනකොට තේරුනේ නෑ ඒත් දෙවෙනි සැරේ කියවන්කොට තේරුනා.
    ලොට් හයියෙන්...... ෆෝ ම රන්................ ෆාස්ට් ............සි බොල්......තව රන් තව රන්

    දැන් තමයි වඩාත් පැහැදිලි

    ReplyDelete
  3. පුංචි කාළේ ගෙදර වත්තේ යාළුවෝ එක්ක රබර් බොලෙන් , ලෑලි බැට් එකෙන් ක්‍රිකට් ගහල ගස් catch වලට out වුනු , last man ටත් chance දීපු , කාළේ මතක් කළා වගේ දැනෙනවා .

    ReplyDelete
  4. හිකිස්‌ දෙවැනි පාරනේ සීන් එක තේරුනේ...

    ReplyDelete
  5. ඇති අයට ඔනිවටත් වඩා තියෙනවා. නැති ළමයින්ට නොකුත්ම නෑ... ඇත්තටම දුක හිතෙනවා ඒ අහිංසක ළමයි ගැන. මේ සමාජෙත් එක්ක ගැටෙනකොට ඒ ළමයින්ට අයිති වෙන තැන මොකද්ද?

    ReplyDelete
  6. අයි කැන් ස්පික් කඩ්ඩෙන් සොරි ෆෝ ඩ්ලේ ෆෝ රිඩ්න් යුවර් බොලොග් ප්ලිස් ෆොගෙට් ම් ..........

    ReplyDelete
  7. ලොට් හයියෙන්...... ෆෝමරන්................ ෆාස්ට් ............සිබොල්......තවරන් තවරන්............................


    ලොල්ම තමා

    ReplyDelete
  8. ඉංගිරි කියන එක ඔහොම හරි ගටගහගෙන ඉගෙන ගන්න එක හොදයි. ඔය පරණ පත්තර කෑල්ලක් දෙකක් කියවලා ඩික්ෂනරි එකකින් වචනයක් දෙකක් හොයලා මහන්සි වෙලා ගොඩ දාගන්න පුලුවන් නම් එල. මාත් කාලයක් මාරම කට්ටක් කෑවා ඉංග්‍රිසි ඉගෙන ගන්න. තාමත් හරියට බෑ.

    ඒ උනාට ඒත් ගේම අතාරින්නේ නෑ. අහුවෙන අහුවෙන පත්තර කෑලි කියවනවා තාමත්.

    ඔන්න අපිට නම් අමතක උනේ නෑ දේවාව. එහෙම අමතක කරන්නේ කොහොමද යාලුවන්ව.

    ReplyDelete
  9. බොහෝ වෙලාවට ගම් වලදී ලමයි සෙල්ලම් කරනකොට මේ වගේ
    එයාලටම ආවේනික වචන මටත් ඇහිලා තියනවා. සමහරුන්නම් මේ වගේ කතාකරලා කොහොමහරි ඉගෙනගන්නවා....

    අමතක වෙන කතාව එක්ක එකග නෑ හොදේ...මම ඒකෙ අනිත් පැත්ත..

    ReplyDelete
  10. වැරදි වැරදි හරි ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හොඳයි. ත්‍රී වීල් වල ලියා තිබෙන ඒවා දැක්කම හිනා යනවා "ඕල්ටේක් කරන්න එපා" කියලා සිංහලෙන් ලියා තිබුනා ඕවර් ටේක් වෙනුවට

    ReplyDelete
  11. යාලුවෝ කමෙන්ට් වලින් මොකක් නොකරා කිව්වා‍?

    ReplyDelete
  12. වෙනි : ඇත්තටම එහෙම වුනේ අපේ අවාසනාවට යාලුවා..... ඒ දවස් වලම අපිට දැන් වගේ තත්වයක් තිබුනා නම්

    ReplyDelete
  13. rmpmcreation : සමහර වෙලාවට අපි ටියුබ් ලයිට් වගේ වෙනවා ඔය වගේ දේවල් ලගදි

    ReplyDelete
  14. මහේෂ් : ඇත්තටම ඒ කාලේ කොයි තරම් සුන්දරයිද??? ආයෙත් යන්න ඇත්නම්

    ReplyDelete
  15. ChammA : මටත් එක පාරම තේරුනේ නැනේ අය්යේ

    ReplyDelete
  16. StArry aNgeL : ඇත්ත අක්කේ... එත් අපිට පුලුවන්ද තනියම මේ සමජේ වෙනස් කරන්න... එකතු වෙලා හැමොම මේ වෙනුවෙන් කැප වෙනවා නම් දිනන්න පුලුවන් ලේසියෙන්ම

    ReplyDelete
  17. වෙලාව ලගයි : ඕකේ ඔකේ.... අයි ඇඩ්මයර් යුවර් කමෙන්ට්.... බ්ලොග් ‍ෆිල්ඩ් ඩිපෙන්ඩ් ඔන් බ්ලොග් රිඩර්ස්

    ReplyDelete
  18. පිස්සු පුසා : හිකිස් හිකිස්

    ReplyDelete
  19. මධුරංග : ඔය ක්‍රමේ ගොඩාක් සාර්ථකයි කියලා අත්දැකිමෙන්ම දන්නවා. දන්නවා යලුවා ඔයාලා ගොඩාක් හොදයි කියලා..

    ReplyDelete
  20. ගිම්හානි : ඔය සමහරු කියන ගොඩේම තමා ඔන්න මමත්.... .. ඔයා අපිව අමතක කරන්නේ නැ කියලා... ඒක ලොකු ශක්තියක් මට නම්

    ReplyDelete
  21. අනිත් කොන : ඒකනම් ඇත්ත යාලුවා...... ගොඩාක් තැන් වල ඕහොම දෙවල් දකින්න ලැබෙනවා.. ගොඩාක්ම නොදැනුවත් කම තමා...එත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය ස්ටිකර් ගහන්නේ එයාලම නෙමේනේ............

    ReplyDelete
  22. රාජ් : මෙච්චර දෙයක් කියනකොට දැකලා තියන දේ..... ප්‍රින්ටින් මිස්ටේක් එකක් යාලුවා.... ඔන්න මම ඒක හැදුවේ නැ.. කමෙන්ට් එකේ වටිනා කම නැති වෙන නිසා

    ReplyDelete
  23. ත‍ටු සිදුන සමනලි : ඇයි නංගෝ අරහන්ද????? එක්සැම් එකත් ලග ලගම එනවනේ නේද???

    ReplyDelete
  24. මාත් තාම අර පොඩි උන්ගෙ ගොඩේ තමා දුකේ බෑ අප්පා

    ReplyDelete
  25. ඔය ඉන්ගිරිස් වලින්ම හරි කිව්වනම් කොහෙද පතබෑවුනේ කියලත්...

    ReplyDelete
  26. හා, අයියා ඇවිත්නේ.. ආපු ගමන් දාපු කථාව නම් මරු, මටත් පළවෙනි පාර තේරුනේ නෑ. දෙවෙනි පාර තමයි තේරුනේ.. හී හී

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....