ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

16 August, 2011

මේ දවස් වල & බ්ලොග් තරු කෙටියෙන්

ඇත්තටම මම මේ ටිකේම දවසක් ඇර දවසක් වත් මොනවාම හරි දෙයක් ලිව්වා.. ඔයාලත් එක්ක බෙදා ගන්න..... බ්ලොග් කියන්නේ මගේ ජිවිතේ කොටසක් වෙලා.... ගොඩාක් වෙලාවල් වලට මම නෙට් ලොග් වෙනවා වගේම ඔයාලාගේ බ්ලොග් වල මගේ බ්ලොග් එකේ ඔයාලා කියලා තියන කමෙන්ට් අතරේ... ඒවට රිප්ලයි දෙන ගමන් ෆලෝ කරලා තියන ගාන දිහා බල බලා සතු‍ටු වෙන දවස් ගොඩකින් මගේ ජිවිතේ ගෙවිලා ගියා... එත් දැන් දවස් දෙක තුනකින් මම බ්ලොග් එකේ පොස්ට් එකක් දැම්මේත් නැ.. ආපු ගමන් කමෙන්ට් මොඩරේට් වෙලා තිබුන කමෙන්ට් ටික කියවලා ඒවා පබ්ලිශ් කලා විතරයි... ඇත්තටම මට බ්ලොග් එපා වෙලා නෙමේ. ගොඩාක් වැඩ වලට හිර වෙලා... එක්සැම් දෙකක් අත ලගට ඇවිත් (බැන්කින් & චාර්ටඩ්) ඕවා කරගන්නත් ඕනනේ...
දැන් වෙලාව ‍රැ 11යි... වැඩ ඉවර වෙලා එතනින්ම ගියා ක්ලාස් එකකට දැනුයි ගෙදර ඇවිත් වොශ් එකක් දාගෙන ‍රැට කැවේ....
මේ යුද්දේ තව මාසයක් විතර තියනවා... මෙහෙම ක්ලාස් ගිහින් ඇවිත් පාඩම් කරන්න පුලුවන්ද??

අම්මෝ අද නම් මට බැ....  මගේ කලින් 5000 සල්ලි පොස්ට් එකේ කමෙන්ට් එකට රිප්ලයි දෙන්නත් තියනවානේ... ඒක කරන්නත් ඕනා... ටිකක් මම ලියන ලිපි මේ දවස් වල මගේ යාලුවෝ බලනවා අඩුද මන්දා... ටිකක් කමෙන්ට් අඩු ඒ හින්දා වෙන්න ඇති... ඒහෙමත් නැත්නම් මගේ යාලුවන්ට වැඩකට නැති දේවල් වෙන්න ඇති මම ලියලා තියෙන්නේ.... අනේ ඔන්න අද ඒකවත් මට කියලා යන්න හොදේ...

මැත්ස් කරපු මට සමහර කොමස් නම් තේරුම් කරවන්න ටිකක් අමාරුයි... එත් කොහොමහරි කරගන්නම ඕනනේ... යාලුවනේ ඉතින් සතියට පොස්ට් 4ක් 5ක් විතර දාපු මම මේ සතියේ ඉදන් උපරිම පොස්ට් 2ක් විතර සමහර විට 1ක් විතරක් සතියකට දාවි... ඒත් මම දන්නවා ඔයාලා මාව අමතක කරන්නේ නැ කියලා....

ඔයාලට තව පොඩි උදව්වකුත් ඉතින් මම වෙනුවෙන් කරන්න පුලුවන් ඔයාලා කොමස් දන්න දේව්ල් මට කියල දෙන්න පුලුවන්නම් (ඔය මතක තිය ගන්න ක්‍රම එහෙම)

මම පොඩි දේයක් හිතාන ඉන්නවා ඒකටත් මේ වැඩ අස්සේ මම අත ගහනවා... මම දන්නවා මට වඩා ප්‍රවින බ්ලොග් ලියන අය්යලා අක්කලා ඉන්න්වා කියලා.. එහෙම අය මට මේකට බනිවිද දන්නේ නැ... මදුරංග අය්යාගේ පොස්ට් එක දැක්කහම ගොඩාක් බ්ලොග් ලියන අය අපේ ලග පාතම ඉන්නවා වගේ කියලා තේරුනා... අපි ලග උන්නත් අපි අපි ගැන දන්නේ නැ.. ඉතින් වයබ බ්ලොග් ලියන (වයබ කිවට ලග පාත සෙට් වෙන්න පුලුවන් ඔක්කොටම) කොල්ලෝ කෙල්ලෝ සෙට් කරගෙන එකමුතුවක් හදා ගන්න...  බ්ලොග් තරු කියලා සෙට් එකක් හදා ගන්න

මේක ඕන කෙනෙක්ට එකතු වෙන්න පුලුවන් එකක්.... (බ්ලොග් ලියන කියවන ලංකාවේ ඕන තැනක ඉන්න ) මොකද කියන්නේ අපි එහෙම එකක් හදමුද??

ඔයාලට මෙතන කමෙන්ට් කරලා ඒකට අදහස් කියන්න පුලුවන් වගේම මෙන්න මේ මේලයට  මේල් කරලා කියන්නත් පුලුවන්... (sadaru.world@gmail.com)

අදහස් එක්ක ඊලගට එක කරන එක ගැන මම කියන්නම්කෝ....

සමහර විට මේක ඔයාලට පිස්සු වැඩක් වගේ දැන්නේනත් පුලුවන්, එහෙමනම්  ඒකත් කියලා යන්නකෝ මම තරහ නැ ඉතින් කොහොමවත්




ජ්

34 comments:

  1. හදමු හදමු මමනම් එකෙන්ම කැමතියි ඒත් අවුල තමා මම වයබෙ නෙමෙ

    ReplyDelete
  2. ක‍ටු කොළ ටිකක් අරන් ඔය ගිරවා දාන්න තියෙන ටික 2,3පාරක් පොතේ/නෝට් එකේ තියෙන විදියටම ලියන්න.. ගණන් නම් ඉතින් හදලා හදලා පුරුදු වෙන්න ඕනා..

    ReplyDelete
  3. හරි හරි අපි එකතු වෙලා වැඩක් කරමු .. නියම අදහස ....

    ReplyDelete
  4. හදමු හදමු. ඒත් ප්‍රශ්නෙකට තියෙන්නේ මම් වයඹ පලාතේ නෙමෙයි. ඔන්න ගම්පහ හරි නුවර හරි නම් මම් අයිති වෙනවා. එතකොට මොකද කරන්න වෙන්නේ....

    අනිවාර්යෙන්ම අපිත් ඉන්නවා දේවා මල්ලිලෑ අහල පහලම.

    ප.ලි. - ඔන්න මම් මේ වෙනකොට දේවාගේ අඩවියේ ඔක්කොම ලිපි ටික කියවලා ඉවරයි.

    ReplyDelete
  5. ආයේ මොකටද තරු. ඔය දැනටත් තියනවනේ සිංහල බ්ලොග් සංසදය කියල එකක්. නිකම් කැපී පෙනෙන වැඩ කරලා තමුන්ගේ බ්ලොග් ඒක ප්‍රමෝට් කරන වැඩක් කියල කෙලින්ම කිව්වනං වැඩේ අහවරයි. තමුන් කොහොමත් ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන්න බොහොම දක්ෂයානේ

    ReplyDelete
  6. හොඳට විභාගේ කරන්න දේවා..ඒ දේවල් නේ ඉතින් මුලික දේවල් :)
    මාත් ඔන්‍න‍ වයඹ නම් නෙවෙයි..එත් දෙන්න පුළුවන් සප් එකක් දෙන්නම් :)

    ReplyDelete
  7. දේවො උබ MP3 player akak ගෙනිහින් එකේ class eke දෙවල් රෙකෝඩ් කරගෙන අහපන් මේ මගේ ඉතා සාර්ථක ක්‍රමයක් ඔනම පාඩමක් එකවුන්ට්ස් පවා... Wadak nAti bas ake yanakota ahema ahapan etaa saartakai atdutuwai.

    ගුනේ අය්යා...

    ReplyDelete
  8. ගුනේ අය්යා...

    ReplyDelete
  9. අපි වයබ කොල්ලෝ වෙමු :) බොක්කෙන්ම සප් එක ඕන දේකට :)

    ReplyDelete
  10. මොකටද එහෙම ඒව හදල..
    කරනවනම් වැඩක් සෙට්වෙමු..
    නිකම් හම්බෙලා කියල එතනෝල් ගහන්න වෙන සංගම් නම් වැඩකුත් නෑ..

    ReplyDelete
  11. අදහස නම් හොදයි..හැබැයි මමත් වයඹ නම් නෙවෙයි.
    අලුත් වැඩේට ජය වේවා ....

    ReplyDelete
  12. කරනවානම් හොඳ වැඩක්

    ReplyDelete
  13. හොඳ අදහසක් , අපිනම් ඉතිං ගාල්ලේ , ඒත් අපි හරි සතුටුයි මේ වගේ එකතුවක් හැදෙනව නම් , හොඳ උත්සාහයක් ..
    මේ වගේ එකතුවකින් අපි හැමෝටමත් , සිංහල බ්ලොග් කළාවටත් ලොකු දෙයක් කරන්න පුළුවන් ස්ථිරවම ,
    ජය , සතුට පතමි

    ReplyDelete
  14. අවුලක් නෑ සහෝ..ඒ වැඩත් කරගන්න ඔනෙනේ ඉතින්..
    Exam ඉවර උනාම දැන් බැරි වෙන ඒවටත් එක්ක අල්ලමු..
    අන්න හොද අදහසක්..අපිනම් කැමති..ඒත් අපිනම් මැද රට නොවැ.:-(

    ReplyDelete
  15. හොඳ අදහසක් .......
    විභාගේ හොඳට කරන්න මලයා ........
    ඔබට ජය ......

    ReplyDelete
  16. මමත් චාටඩ් කරන්න ක්ලාස් ගියේ රෙකෝඩරයක් සාක්කුවේ දාගෙන තමයි. ක්‍රමේ සාර්ථකයි. බ්ලොග් තරු වැඩේ නම් නියමයි, මිට කලින් කොලබ කට්ටියත් ඔහොම එකක් හැදුවලුනේ. ලංකාවේ කොහේ හිටියත් සපෝට් එකට අපිත් ඉන්නවා.

    ReplyDelete
  17. පාඩම් කරන්න තියන ඒවා මතක තියාගන්න, එකෙන් රටට සමාජෙට වැඩක් කරන්න, කැමතිනම් හොද වැඩක් තියනවා . ඒ තමයි තමන් ඉගනගත්ත දේ තවත් කෙනෙකුට කියා දෙන එක. කොහොමටත් මොන වැඩ තිබුනත් නෙට් එකේ ඉන්න නිසා ඔයා ඉගන ගත්ත දේවල් බ්ලොග් එකෙක් හරහා හරි තව කෙනෙකුට කියා දෙන්න. ඔය accounts , Econ වගේ දේවල් ඉගන ගන්න කැමති එත් ඒකට වෙලාවක් නැති අය ඕන තරම් මේ බ්ලොග් field එකේ ඉන්නවා . එහෙම කලොත් අනිවා ඔයාගේ පාඩම් වැඩත් වෙනවා. බ්ලොග් එකකුත් ලියවෙනවා. තව කාට හරි උදව්වකුත් වෙනවා. මමත් ඒ වගේ වැඩක් කරනවා කැමතිනම් මෙතනින් ගිහින් බලන්න. මම මේක ලිව්වේ ඒ බ්ලොග් එක නිසා මගේ දැනුමත් වැඩි උනා කියලා මට තේරුණු නිසා.
    ඇසු දේ අමතකයි,
    දුටු දේ ටිකක් මතකයි,
    කල දේ සදාකල්,
    රැදේ මතකේ සුවසේ...............

    ReplyDelete
  18. rprm : ඒ ගැන නම් ටිකක් හිතන්න තමා හිතුවේ.ඔයාලගේ උදව් ඕනමයි

    ReplyDelete
  19. cormese stu :සිරාවටම මැත්ස් කරපු නිසා ගනන් නම් ඒ තරම් හදාගන්න බැරි නැ අමුතු තියරි තමා වාතේ

    ReplyDelete
  20. සන්ජය සිතුවිලි : නියමයි ඔය තියෙන්නේ

    ReplyDelete
  21. මධුරංග : ඔක්කෝටම එකතු වෙන්න පුලුවන් තැනක්

    ප.ලි : ඔයාට ගොඩාක් ස්තුතියි යාලුවා හැමදාමත් ලගින් ඉන්නකෝ

    ReplyDelete
  22. ඇනෝ: ඕකට උත්තරේ ඊලග පොස්ට් එකේ

    ReplyDelete
  23. ChammA : අනිවා යලුවා එක ගොඩ දාගන්නම ඕන බන්.. ශක්තියක් මට ඔයාලා

    ReplyDelete
  24. ගුනේ අය්යා : ඇත්තටම ඔයාගේ උපඩෙස් ටිකනම් මට ගොඩාක් වටිනවා.. මම එහෙම කරලා බලන්නම්කෝ

    ReplyDelete
  25. සාටර් : අනිවා එලම තමා

    ReplyDelete
  26. indi : ඔන්න කිවා අපි නැ ඒවට නම්

    ReplyDelete
  27. නිල් අහස : හැමදාම වගේ ගොඩාක් පින් අය්යේ මේ පැත්තේ ඇවිත් යනවට

    ReplyDelete
  28. ප්‍රදිප් : එකතු වෙලා කරමු යාලුවා

    ReplyDelete
  29. මහේෂ් : අනිවා අය්යේ අපිට පුලුවන් එකතු වෙලා වැඩක් කරන්න

    ReplyDelete
  30. විශ්ව : අනිවාර්යෙන්ම යාලුවේ අපි එකතු වෙලා වැඩ කරමු

    ReplyDelete
  31. පන්සල් හන්දිය : ගොඩාක් ස්තුතියි අය්යේ දිරිගැන්විමට

    ReplyDelete
  32. අම්බලම : කට්ටිය එකතු වෙලා වැඩ කරමු... ඔයාගේ අදහස ගැන ටිකක් හිතන්නම වෙනවා.. මොකද ටිකක් අමාරු වැඩක්. බලමු ඉක්මනටම

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....