ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

09 August, 2011

ඇනෝ වැඩ නවත්වන්න මෙන්න නියම භාණ්ඩේ.... (කමෙන්ට් වලට)

ගොඩාක් දෙනෙක් මේ ගැන නම් දන්නවා... ඒත් මගෙන් කෙනෙක් අහපු නිසා මම හිතුවා මේක පොස්ට් එකක් විදිහටම දාන්න.... ගොඩාක් අය මේක දැන ගෙන උන්නත් මේකේ තියන සමහර වාසි ගැන නම් දන්නේ නැ....

ගොඩාක් දෙනෙක් ෆේස් බුක් පාවිච්චි කරනවානේ...... බ්ලොග් ලියන කෙනෙකුට එහෙම ෆේස් බුක් එකවුන්ට් එකක් නැතුව යනවා කියන්නේ ඇත්තටම සාමානයෙන් වෙන්න බැරි දෙයක් නේ...

ඔන්න මම මේක වැදගත් වෙයි කියලා හිතෙන හැමොටමත් එක්ක දා ගන්න කියලා තමයි මේ පොස්ට් එක දාන්නේ.... හැබැයි ඔන්න මම මේක අත් හදා බැලුවේ නැ.... ඕන අය දා ගන්නකෝ බලන්න....

මුලින්ම මේකේ වාසි ටිකක් කියන්නම්කෝ....

මේක පාවිච්චි කරන බ්ලොගර් එකකට 



ඔය රුපේ තියන ඕන විදිහකට කමෙන්ට් කරන්න පුලුවන්නේ...

අනිත් එක මේකේ ඇනෝලට තැනක් නැ... මොනවා හරි කියනවා නම් ඉතින් එන්න වෙන්නේ ප්‍රෝෆයිල් එකකින් තමයි....

තව පොඩි වැදගත් දෙයක් කරන්න පුලුවන්... ඔයාලා ෆේස් බුක් එකේ නොටි‍ෆිකේශන් ඔයාලගේ පොන් එකට ඇක්ටිව් කරගෙන තියනවා නම් ඔන්න ගොඩාක් ලෙසියෙන් කවුරු හරි කමෙන්ට් කරපු ගමන් ඔයාලට දැන ගන්න පුලුවන්

තව ගොඩාක් දේවල් මේකෙන් කරගන්න පුලුවන් .... ඔන්න මම කියන්නම්කෝ මේක කොහොම දා ගන්නවද කියලා කැමති අය ඉතින් දාගෙනම බලන්නකෝ.....

ඔයාලා මේක දාගන්නවනම් ඉතින් ෆේස් බුක් ලොග් වෙන්නම වෙනවානේ ලොග් වෙලා මේ දේවල් ටික කරගන්නකෝ



ඉස්සර වෙලාමේ යන්නකෝ මෙන්න මේ මාක් අය්යාගේ සංවර්ධන පි‍ටුවට
මෙන්න මෙහෙම එකක් ආවානේ නේද???

ඕක ඉතින් පුරවන්න ඔයාලා දන්නවානේ..... එහෙමනම් පුරවගෙන ඉන්නකෝ....
ඊට පස්සේ ඕක සබ්මිට් කලාට පස්සේ ඉතින් ඔයාලට සිකියුරිටි චෙක් බොක්ස් එකක් එයි... ඕවා ඉතින් පුරුදු දෙවල් නේ... ඒක පුරවලා එන්නකෝ මෙතනට
ඔය රවුම් කරලා තියන එකක් ඔයාලටත් එයි ඒක කොපි කරලා තියා ගන්නකෝ පස්සේ ඕන වෙනවා
ඔන්න ඔය ආපු එකේම තියනවා නේද Developer Dashbord එකක් ඔන්න ඒ ලින්ක් එකේ Edit Setting යන්නකෝ එකේ ගියහම තියනවා කියලා එකක්... එකත් කිලික් කරන්නකෝ

ආවානේ මෙහේම එකක් ඒකට දාන්නකෝ ඔය රවුම් කරලා තියන එකට එහෙම දාලා සේව් කරගන්නකෝ
දැන් ඔන්න එක කොටසක් ඉවරයි,... දැන් තියෙන්නේ බ්ලොග් එකේ වැඩේ තමා.. මුලින්ම ඔයාලගේ  ඩැෂ් බොඩ් එකට එන්නකෝ එතනින් ඩිසයින් වලින් EDIT HTML වලට අවිත් මුලින්ම ඔයාලගේ TEMPLEATE එකට බැකප් එකක් දා ගන්නකෝ....

EXPAND WIDGET TEMPLEATE කියන එකට ටික් මාක් එකක් දාගෙන <html මේක හොයා ගන්නකෝ CTRL + F ගහලා හොයා ගත්තා නම්
 ස්පේස් එකක් තියලා මෙන්න මේක එතනට දා ගන්නකෝ

xmlns:fb='http://www.facebook.com/2008/fbml'

දැන් ආයෙමත් හොයා ගන්නකෝ මේකත් 
 
<body>
 
අර විදිහටම ඒකත් හොයා ගත්තානම් මෙන්න මේක දා ගනකෝ එක පිටිපස්සට

<div id='fb-root'/>
<script>
    window.fbAsyncInit = function() {
    FB.init({
      appId  : &#39;APP ID&#39;,
      status : true, // check login status
        cookie : true, // enable cookies to allow the server to access the   session
      xfbml  : true  // parse XFBML
    });
  };
    (function() {
    var e = document.createElement(&#39;script&#39;);
      e.src = document.location.protocol +   &#39;//connect.facebook.net/en_US/all.js&#39;;
    e.async = true;
      document.getElementById(&#39;fb-root&#39;).appendChild(e);
    }());
</script>

ඕකේ APP ID කියන එකට අර මම කලින් සේව් කරලා තියා ගන්න කිව නම්බර් එක දා ගන්නකෝ

තවම ඉවර නම් නැ ඔන්න ආයෙත් හොයා ගන්නකෝ මෙන්න මේකත්

</head>


එකට ඉස්සරහින් මේකත් දාගන්නකෝ... ආහ් මේකේ ඔය පට අකුරු වලින් තියන ඒවා වෙනස් කරලා දාගන්න ඔයාලගේ බ්ලොග් එකේ නම. අර කලින් සේව් කරගත්තු නම් එක, ඔයාලගේ ප්‍රොෆයිල්ලින්ක් එක එහෙම දාගෙනම ඕක දා ගන්නකෝ
<meta expr:content='data:blog.pageTitle' property='og:title'/>
<meta expr:content='data:blog.url' property='og:url'/>
<meta content='MY Blog' property='og:site_name'/>
<meta content='BLOG-LOGO-IMAGE-LINK' property='og:image'/>
<meta content='YOUR_APP_ID ' property='fb:app_id'/>
<meta content='http://www.facebook.com/myblog' property='fb:admins'/>
<meta content='article' property='og:type'/>


ඕවා ඔක්කෝම කරපු එකේ මෙන්න මේ අන්තිම එකත් කරලාම ඉමුකෝ,,, මේකත් හොයා ගන්නකෝ



<b:includable id='comment-form' var='post'>
ඒක හොයා ගත්තා නම් ඒකට පිටිපස්සේන් මෙන්න මේ කොඩ් එකත් දා ගන්නකෝ... වෙනස් කරගන්න කැමති ඒවා ඔය පාට කරලා ඇති.. ඩාක් කලර් වලට කැමතිනම් ලයිට් වෙනුවට එහෙම දා ගන්නකෝ... සයිස් එහෙම කැමති විදිහකට වෙනස් කරගන්න්කෝ



<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div style='padding:0px 0px 0px 0px; margin:0px 0px 0px 0px;'><script src='http://connect.facebook.net/en_US/all.js#xfbml=1'/>
<div> <fb:comments  colorscheme='light' expr:href='data:post.url' expr:title='data:post.title' expr:xid='data:post.id' width='520'/></div>
<div style='color:#fff; background-color:#3B5998;border: solid 1px #ddd; font-size:10px; padding:3px; width:510px;'>Facebook Blogger Plugin: Bloggerized by <b><a alt='blogger templates' href='http://www.allblogtools.com/' style='text-decoration:underline; color:#fff;' target='_blank' title='blogger templates'>AllBlogTools.com</a></b> Enhanced by <b><a alt='blogger widgets' href='http://www.mybloggertricks.com/' style='text-decoration:underline; color:#fff;' target='_blank' title='Blogger Widgets'>MyBloggerTricks.com</a></b></div></div>
</b:if>

ඔන්න දැන් වැඩේ ඉවරයි කැමති අය දා ගෙනම මටත් කියන්නකෝ....


හොදයි නම් මාත් එක්ක දිගටම ඉන්න පොඩි ෆලෝ එකක් දා නමවනම් මට සතු‍ටුයි අනේ

34 comments:

  1. නියමයි ඇනෝ කමෙන්ට් අප්සැට් අයට හොදම තේරිමක් .......

    හ්ම් මමනම් ඔනේ ගල්මුල් වලට ඔට්ටු නිසා මටනම් ඇනෝ කමෙන්ටු අවුලක් නැ නමුත් අවුලක් තියෙන අයට මේක නියම තේරිමක් වෙයි ........

    ReplyDelete
  2. එල මචන්.ගොඩක් අය දන්න නෙවේ,නොදන්න වැඩක්

    ReplyDelete
  3. මම නම් ඇනෝලට කැමතියි ... ඒ නිසා මට නම් වැඩක් නැ , ඇනෝලට අකමැති අයට නම් හොඳයි වගේ

    ReplyDelete
  4. වැඩේ නරක නෑ මම මේක හොයමින් හිටියේ .. මගේ බ්ලොග් එකට නම් නෙවේ මගේ යාලුවෙකුගේ වෙබ් සයිට් එකකට දන්න .

    මම නම් ඇනෝ කමෙන්ට් වලට . අකමැත්තක් නෑ .

    ස්තූතියි ඈ

    ReplyDelete
  5. හොඳ හඳුන්වාදිමක් , හැමදාමත් වගේ “අන්තර් ජාලයේ“ ඇවිදල ඇවිදල , අපිට වැදගත් යමක් සොයාගෙන එනවට බොහොම ස්තුතියි....

    ReplyDelete
  6. ආහ්... මේක වෙන්න ඇති ගොඩක් අය තමන්ගේ බ්ලොග් වලට දාගෙන තියෙන්නේ. මම් මේකේ කෝඩ් එක හොය හොයා හිටියා. නියමයි.
    මටත් ඇනෝ කමෙන්ට් ගැන එච්චර අවුලක් නෑ. ඇනෝලටත් අදහස් ප්‍රකාශ කරන්න අයිතිය දෙන්න එපැයි. ඉදලා හිටලා ජරා කමෙන්ට් දාන ඇනෝලා නම් ඉන්නවා. මොනා කරන්නද ඉතින්.

    මේක නම් එලමකිරි වැඩේ !!!!

    ප.ලි.- පෝස්ට් එකේ අකුරු සයිස් එක ලොකු කරන්න පුලුවන් නම් හොදයි.

    ReplyDelete
  7. මේක නම් එලකිරි වගේ දේවා :)
    සිරාවටම මාර ගැජට් නේ ඔයාටත් සෙට් වෙන්නේ

    ReplyDelete
  8. අනේ මංදා,මටනං ඇනෝලා නැත්නම් කිසි ගතියක් නෑනේ. ඕක ඉතිං එක එක්කෙනාගෙ කැමැත්ත.අනෙක ඕන කෙනෙකුට ඇනියෙක් විදිය‍ට රෙජිස්ටර් වෙන්නත් පුලුවන්නෙ.දේවා නාදුනන කෙනෙක් ගත්තොත් දේවා කියන්නෙ එයාට ඇනියෙක්.කම්මැලිම කම්මැලි ඇනෝලාට මේ වැ‍ඩේ හොදයි.

    ReplyDelete
  9. සහෝදරයා,ඔබලා වැනි බොහෝ බ්ලොග් හිමිකරුවන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය,මානව හිමිකම් අහිමිවීම සම්බන්දව තම බ්ලොග් අවකාශයේ කතාකරන අතරේම තම බ්ලොග් අඩවියේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහුරා දමති.තම බ්ලොග් අවකාශය ඇනෝ වරුන්ට තහනම් කිරීමට යොදා ගන්නා ක්‍රම කියාදෙන ඔබ,කරුණාකර කිසිම දිනක රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මාධ්‍ය නිදහස ගැන ඔබේ බ්ලොග් අවකාශයේ නොලියන මෙන් ඉල්ලා සිටිමි.බ්ලොග් අඩවි වල අසැබි වදන් ලියන්නේ ඇනෝ වරු පමනක්දැයි ඔබ සොයා බලන්න.තම නමින්ම දෙපිට කැපෙන වදන්,අසැබි වදන් ලියන්නෝ බොහෝ සිටිති.ඒවා සම්බන්දව ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
  10. මේකේ ප්‍රොෆයිල් ටිකයි නේද තියෙන්නේ.
    මමත් කමෙන්‍ට් මොඩරේට් කරන්නවත් ඇනෝලව වහන්නවත් කැමති නෑ. මෝඩ ආතල් ගන්න එවුන් ඉන්න එක නම් ඇත්ත. ඒත් මේවා හින්ද අනිත් අයට බාධාවක් වෙනව කියලයි මම හිතන්නේ.

    ReplyDelete
  11. නියමයි.
    ස්තූතියි :)

    ReplyDelete
  12. ම්ම්ම් දේවා අය්ය ඉතින් කලොත් කරන්නේ හොඳ දෙයක් තමය්..නියමය් අය්යා...

    ReplyDelete
  13. කරල බැලුවා ඒත් අවුලක් එනවා... මම හිතන්නෙ " " දාන්න තියෙන තැන් වල ' ' තියෙන නිසා වෙන්න ඕනි..

    ReplyDelete
  14. වෙලාව ලගයි : අනිවා මටත් ඇනෝ අවුලක්ම නම් නැ යාලුවා

    ReplyDelete
  15. පිස්සු පුසා : ස්තුතියි යාලුවා

    ReplyDelete
  16. බුවා : එහෙම කිප දෙනෙක් වත් ඇතිනේ නේද යාලුවා

    ReplyDelete
  17. හිස් අහස : ගොඩාක් දවසකින් මේ පැත්තේ... ආවට තැන්ක්ස්.. යාලුවට කියන්නකෝ

    ReplyDelete
  18. මහේෂ් : හැමදාමත් මට ශක්තියක් වෙන අය්යේ ඔයාටත් ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  19. මධුරංග : මටත් ඇනෝලා ඒ තරම් අවුලක් නැති නිසා මම යුස් කරන්න වෙයි කියලා හිතන්නේත් නම් නැ

    ReplyDelete
  20. චම්මා : ඔබේ සතුට මගේ උත්සහයේ මා ලබනා උපරිම ඵලයයි

    ReplyDelete
  21. රාජ් : ඔයත් එක්ක 100%ක් එකගයි මමත්.. ඇනෝලත් ඕනා

    ReplyDelete
  22. ඇනෝ : මම මේක කිවේ ඇත්තටම මෙහෙම ඇනෝලගේ වැඩ නවත්වන්න හිතාගෙන නම් නෙමේ මගෙන් කෙනෙක් අහුව නිසා... කවදාවත් මම ඇනොලාගේ කමෙන්ට් පබ්ලිශ් නොකර ඉදලා නැ (කුනුහර නම් මකනවා)
    මමත් ඇනෝ කමෙන්ට් අයින් කරලා නැ... මගේ බ්ලොග් එකේ ලියන දේවල් එහෙම උවමනාවක් ඇති කෙනෙක්ට ප්‍රයොජනයට පමනයි
    මා අදහස් වාරනය කරනාවා නම් මෙය පල නොවිමටද ඉඩ තිබුනනේ

    ReplyDelete
  23. පැණි දොඩම් : ඇත්තටම ඇනෝ නවත්වන එකට නම් මමත් කැමති නැ... එත් කමෙන්ට් මොඩරේට් නම් කරනවා... මොකද ඉතින් සමහර බ්ලොග් පොස්ට් වලට දාන කමෙන්ට් අපිට ඒ පොස්ට් එකටම යන්න ඕනනේ නැත්නම් බලන්න

    ReplyDelete
  24. හිම කුමරි : ඔන්න ස්තුතියි කිවා

    ReplyDelete
  25. ත‍ටු සිදුන සමනලි : ඔයාලගේ අදහස් තමා මට තියන ලොකුම වත්කම

    ReplyDelete
  26. ගිතික : අනේ යාලු කියපු දේ නම් මට තෙරුනේ නැ... ඒත් මේක වැඩ නම් කරනවා

    ReplyDelete
  27. මට කියන්න මචං බ්ලොගර් වල කමෙන්ට් කරන අයට වර්ඩ් වරෆිකේෂන් එක අයිං කරන්නේ කොහාමද කියලා

    indrajitharavinda@gmail.com

    ReplyDelete
  28. කෝඩ් එක වැඩ ඇති ඒත් එන්කෝඩ් කරද්දි ඔය " " වගේ ඒවා වෙනස් වෙලාද කියල බලන්න..

    ReplyDelete
  29. ගිතික : දැන් බලන්නකෝ යාලුවා

    ReplyDelete
  30. ෂා ,,, මරුනේ ,, නියමයි ,, ඇනොලට

    ReplyDelete
  31. ඇනෝ comment දාන එක blogger වලින්ම නවත්තන්න පුලුවන්නෙ.......

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....