ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

26 July, 2013

බැදලා ටික කාලෙකින් කොල්ල නැති උනොත් වැරැද්ද කෙල්ල ගේද ????

ජිවිතේ අපිට කවදා අපේ ජීවිතෙන් යන්න වෙයිද කියන එක හරියටම කියන්න පුළුවන් කෙනෙක් කියන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හරි මොනයම්ම දෙයක් මේ වෙනකොට නම් නැ කියලා මම නම් හිතන්නේ... ජිවිතේ ගොඩාක් දේවල් වෙන්න යන්නේ ඉතාම පොඩි කාලයක්.. සමහර දේවල් වෙන්න නම් කාලයක් ගන්නවා...

ජිවිතේ කෙනෙක්ගේ වැදගත්ම තීරණ අතරේ උඩින්ම තියෙන කිහිපය අතරේ කසාදයට හිමි වෙන්නේ ඉතින් වැදගත් තැනක්නේ.... තාම මට නම් එක වැදගත් වෙලා නැ මොකද ඉතින් තව ටික කාලයක් එකට ඉන්න ඕනනේ... (තාම මම පොඩි එකානේ)

කසාද බදින එක ඉස්සර නම් ගොඩාක් වෙලාවට උනේ යෝජිත විවාහ විදිහට ලුනේ... එතකොට ඉතින් ඔය පොරොන්දම් බලිලි කේන්දර බලිලි වගේ ඒවා නම් ගොඩාක් කෙරිලා තියනවනේ...
දැන් කාලේ යෝජිත විවාහ උනත් වැඩිපුර ආදර සම්බන්ධතා මුල් කරගෙන වෙන විවාහ වැඩි නිසා ඒ වගේ දේවල් හරියටම සිද්ද වෙනවා කියන්න අමාරුයිනේ

http://fc04.deviantart.net/fs71/f/2012/096/7/d/just_married_by_meago-d4v6nvr.png
ඇයි ඉතින් කොහොමද එහෙම කරන්නේ අවුරුදු 3,4ක් ලව් කරලා කසාද බදින වයස පහු වෙනකොට වගේ කසාදෙ කරන්න හිතනකොට ඔය පොරොන්දම් කේන්දර බලලා ඒවා ගැලපෙන්නේ නැ කිවොත් ඉතින් අත්හැරලා දාන්න පුළුවන් ද බැනේ.. බදාගත්තා නම් බෙරේ ගහන එකයි තියෙන්නේ කියලා.... අනික ඉතින් එහෙම දැනගත්තත් අවුරුදු ගානක් ලව් කරලා එහෙම දෙයක් නිසා කෙල්ලව හරි කොල්ලව හරි ඇත හැරලා යන්න හිතෙන්නේ කාටද?

ගොඩාක් වෙලාවට ඔය කේන්දර එහෙම දෙන්නගේ ගැලපෙනවද කියලා බලනකොට කියනවලුනෙ මේ කසාදෙ නම් කරන්න එපා කලොත් කාට හරි කරදරයක් ඉක්මනට වෙනවා කියලා... එක ඇත්තක්ද කියන්න මම දන්නේ නැ ඉතින්..

ඔහොම කිවත් නොකීවත් බැදලා ටික කාලයක් අතර තුර කොල්ලා ට මොනවා හරි උනොත් කවුරු කොහොම නැ කිවත් එකේ වැරැද්ද යන්නේ කෙල්ලගේ පිටින්.....
ගහක් ගලක් වගේ උන්නු කොල්ලා මේ කෙල්ලක් බදාගෙන ජිවිතෙනුත් යන්න ගියා.. මාර කාලකන්නි කෙල්ලක් තමා ඔහොම කතා ටවුන් වල කියා නොවුනත් ගම් වල නම් අනිවාර්යෙන්ම කිය වෙනවා

ඈත්තටම එක කෙල්ලගේ වැරද්දක්ද? කොල්ල නැති වෙන්නේ කොල්ලගේ පරිස්සමක් නැති වැඩක් හින්දා නම් එකට අර කෙල්ල පලිද? අනික ඉතින් මේ කොල්ලා නැති උනොත් එකේ වැඩිම පාළුව අර කෙල්ලට නේද? වැඩියෙන්ම වැටෙන්නේ තනි වෙන්නේ ඒ කෙල්ල නේද? දෙන්නා හරි ආදරෙන් උන්න නම් ඉතින් ඔය වගේ කතා ඇහුනොත් අර කෙල්ලට මොනවා හිතෙයිද?

ජිවිතේ අපි හැමෝටම ගෙන ආයුෂ ප්‍රමාණයක් තියනවා බැන්දත් නැතත් ඒ කාලේ ඉවර උනහම අපිට යන්න වෙනවනේ...

මට ඉතින් ප්‍රශ්න දෙකක් එනවා දන්නවනම් උත්තර දීලා යන්නකෝ

එත් කේන්දර බලන කොට එහෙම කියවෙනවා නම් මොකක්ද කරන්න ඕනේ ඕන දෙයක් උනාවේ කියලා ජිවිතේ ගැන රිසක් එකක් අරගෙන ඒ කසාදෙ කරන්න ඔනාද නැත්නම් ඉතින් ඒ කසාදේ ඕනේ නැ කියාලා ඇත හැරලා දන්න ඕනද?

එහෙම කසාද බැදලා අවුරුද්දක් වත් යන්න කලින් කොල්ලට මොනවාහරි උනොත් වැරැද්ද කෙල්ලගේද? ඔහොම දෙයක් කෙල්ලට උනොත් එකේ වැරැද්ද කොල්ලට කියනවද?

20 July, 2013

අරක්කු බොන්නේ ඇයි ....

කලින් පොස්ට්එකේ කිවනේ මේ දවස් වල ඉතින් කටුනායක පැත්තේ රවුම් ගහනවා කියලා... ඉතින් දන්නා කියන බ්ලොග් කරුවන් කාරියන් කීප පොළක්ම රට යන්න බලාගෙන  ඉන්නවත් කිවනේ...ඔන්න ඒ අය මෙන්න මේ  ලින්ක්  එකෙන්  ඇවිත් බුකියට  මෙසේජ්  එකක්  දාන්නකෝ..

මේ දවස් වල ඉතින්  ඔය යන අතරතුර උන දෙයක් නිසා මේ ගැනලියන්න හිතුනා.... මම ඉතින් ඔය  මත් වෙන  දේවල්  බිලා නැති නිසා මේ බ්ලොග් කියවන අපේ බ්ලොග් හිතවතුන් මේ කට එයාලාගේ  අත්දැකීම එහෙම කියනවා නම් මම  ගොඩාක්  කැමති...

සාමානයෙන්  දුකට  ගෙනත්  බොනබෝතලේම  කොහොම  හරි  ඉවර  කරගන්න  බැරි  උනොත්  සතුටටත්  බොන  නිසා  මත් වෙන අරක්කු  වගේ  ඒවා   බොන්නේ  මොන හෙතුවටද  කියලා  හිතා  ගන්න  නම්  බැ ... සෝ  එක  මම  හිතන්න  ඕනෙත්  නැනේ..


පහුගිය  දවසක මම  කටුනායක  බස් එකේ  යනකොට  බස්  එකට  වයස  අවුරුදු  40  ක විතර  පුද්ගලයෙක්  බස් රථයට  නැගිලා  ගමන්  කරන කොට  බස් රථයේ රියදුරා  ඒ  පුද්ගලයාට  බහින්න කියල දෙතුන්  පාරක්  කිවා... එක  පාරම හේතුවක්  හිතා ගන්න බැරි උනත් ටික දුරක්  යනකොට  ඒ පුද්ගලයා හොදටම  වෙරි මතින්  කියලා තේරුම් ගන්න  පුළුවන්  උනා...


සාමානයෙන් සල්ලි  මත්තෙම  නාහෙන පුද්ගලික බස් රියදුරන්  කොන්දොස්තර  වරුන්  අතරේ සමහර  හොද මිනිස්සුත්  ඉන්නවා ( 80%ක් විතර ) මේ පුද්ගයලා නිසා  බස් රථයේ ගමන් ගන්නා අනිත්  පුද්ගලයන්ට වෙන  අපහසු තාවය  තේරුම්  අරගෙන තව කිහිප පාරක්ම  බස් එකෙන්  බහින්න කියලා අර පුද්ගලයට  කියන්න රියදුරු මහතාට  සිදු උනා.. එත් ඒ රියදුරු  මහතාටත් එක එක වචන වලින් ආමන්ත්‍රණය කරමින් තව ටික දුරක් ගිහින් අසැබි වදන්  වලින් කතා කරන්න පටන් ගත්තු නිසා බස් රථයේ රියදුරා බස් රථය නතර කරලා කොන්දොස්තර මහතාගේත්  සහය ඇතිව ඔහුව බසයෙන් ඉවත් කරලා ධාවනය කරන්න පටන් ගත්තත් මීටර් කිහිපයක් යනවිට  මගේ අසුනට පිටි පස අසුනේ වීදුරුව අසලට ඉතා විශාල කළු ගල් පහරක් අර බිමත් පුද්ගලයා එල්ල කළා... හැමෝගෙම වාසනාවට එක කාටවත් කරදරයක් නොවුනත් ඒ ගල් පහර වැදුනානම් දවස් ගානකට රෝහල් ගත වෙන්න හරි මේ ලෝකෙන් යන්න හරි වෙන්න තිබුනා....

ඒ පුද්ගලයා ඒ  පළාතේම කෙනෙක් වෙන්න තිබුනා.. සමහර විට ඒ පුග්දලයන්ගේ දරුවන් ඒ බස් එකේම යනවා වෙන්නත් පුළුවන්.. බි ගත්තහම ලෝකෙම අමතක වෙනවද? තමන් කරන කියන දේවල් ගැන මුකුත් අවබෝදයක් නැති වෙනවද? තමන් කරන දේවල් ගැන වගකීම් රහිත වෙනවද? ජීවිතයක වටිනාකම අමතක වෙනවද? අරක්කු ටිකක් කටේ ගා ගත්තහම ඔහුට වඩා ලොකු පුද්ගලයන් නැද්ද? අරක්කු බි ගත්තම වෙන්නේ වැඩකට නැති වැඩ විතරක්ම නම් ඇයි ඉතින්  ඕවා බොන්නේ.....

14 July, 2013

මේ දවස් වල ජිවිතේ,.....

කාලෙක ඉදන් බ්ලොග් එකේ මොනවම හරි ලියනවා කියලා හිතාන උන්නත් ලියන්න උනේ නැනේ... එහෙම හිතුනා කියලා ලියන්න දෙයක් තියෙන්නත් ඕනනේ ඉතින්..
මේ දවස් වල ජිවිතේ ගෙවෙන්නේ ටිකක් විතර අමුතු විදිහට... වෙනදට වඩා නිදහසක් වගේම වෙනදට වඩා වැඩ වැඩි කමක් රැකියාවේ ස්ථාන මාරුවත් එක්කම සිද්ද වෙලා...

ඉතින් මොනවද අලුතෙන් බ්ලොග් වල උනේ කියලා හොයල බලන්න පටන් ගන්න ඕනා... දන්නා අය කියන්නකෝ ඉතින්.... වෙනදා තරම් දැන් බ්ලොග් ලියවෙන්නේ නම නැ වගේ කියලා නිකන් හොයල බලනකොට තේරුනා...

අයි එහෙම වෙන්නේ... ඉස්සරම ඉස්සර ට වඩා මැද කාලේදී බ්ලොග් ලියවුනානේ හොදට.. අනේ මන්දා ඉතින්

දැන් ඉතින් දෙවා පොඩ්ඩක් රැට නිදි මරනවා වැඩියි.. මොකද ඉතින් පැය 24ම අවදියෙන්න ඉන්න ලංකාවට දෙකක් තියන තැනක වෙනත් ආයතනයක බ්‍රාන්ච් එකක්නේ වැඩ කරන්නේ

සමහර ය නම් දන්නවා ඉතින් ලංකාවට දෙකක් තියන ගුවන් තොටුපල වල පලවෙනි එක කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ departure එකේ ලංකා බැංකු ආයතනයේ දැන් දෙවා මේ මාසේ ඉදන් ටික කාලයක ඉන්න තමා කල්පනාව...

වෙනදට වඩා නිදි මරනවා කිවේ ඉතින් එතන වැඩ එක දිගට පැය 24ක් කරන්න පුළුවන් තැනක් නේ එකයි..

වෙනද වගේ බ්ලොග් ලියන්න බලන්න ආයෙම එනවා ඉතින් අපිව අමතක යට මතක් වේවා,..

රට යන අය එහෙම ඉන්නවනම් ඉතින් ඔන්න රට යනකොට දේවා වත් බලල යන්න එන්න....

මුණු පොතටවත් මැසේජ් එකක් දාලා යනවනම් එදා ඉතින් මම වැඩ කරන දවසක්ද කියල බල ගන්නවත් තිබුනා...

ජය වේවා...





09 May, 2013

හිනා වෙන්න හොදම තැනක් ( දන්නා අයට නෙමේ නොදන්නා අයට )

මාසෙකින් විතර මමත් පොස්ට් ලියලා නැ මම අද දාන පොස්ට් එකත් ඔන්න මගේ ඒවා නම් නෙමේ... අද කියන්නේ මම ෆේස් බුක් එකේ ඉන්න ගෘප් වලින් ටික දවසකින්ම ගොඩාක් කියවන්න කැමති පොස්ට් යන ගෘප් එකක් ගැන... බ්ලොග් ලියන කියවන අය ගොඩාක් මේ ගෘප් එකේ ඉන්නවා කියලා මම දන්නවා නොදන්නා අයට දන ගන්නයි... මගේ බ්ලොග් ලියන්න නොහිතෙන කම්මැලි කම කඩා ගන්න කියලා එකේ පොස්ට් දෙක තුනක් එක්ක ඒ ගෘප් එකට ඇවිත් තව කතා කියවන්න කියලා කියනවා කැමති නම්...

මේක කරන ඇඩ්මින්ලා ට මගේ ප්‍රණාමය....

ඒ වගේම එකේ කතා ලියන හැමෝටමත් මගේ ස්තුතිය

ඒ වගේම ඔයාලා ලියන කතා මම කොපි පේස්ට් කලාට සමා වෙන්නඅනිත් අයට එන්න කියන්න මම හිතුන පොස්ට් ටිකක් තමා දන්නේ

********************************************************


බලමු ඔබ කොයි තරම් දක්ෂයෙකුදැයි කියා
---------------------------------------------
මෙහි පහතින් ප්‍රශ්න හතරක් සමගින් එක් බොනස් ප්‍රශ්නයක් වේ.මේ සියල්ලටම ඔබ එසැනින් පිළිතුරු සැපයිය යුතුය.
වැඩි වෙලා ගැනීම තරඟ කොන්දේසි උල්ලංගනය කිරීමක් ලෙස සැලකේ.
සියල්ලටම එසැනින් පිළිතුරු දිය හැකි නම් පමණක් අභියෝගය භාර ගෙන පිළිතුරු සපයන්න.

පළමුවන ප්‍රශ්නය
-----------------
ඔබ ධාවන තරඟයක් නියෝජනය කරනවායැයි සිතන්න.
ඔබ දැන් සිටින්නේ දෙවනියා පසු කරමින්ය.
දැන් ඔබ කීවෙනි ස්ථානයේ තරඟ වදිමින් සිටින්නේද?

පිළිතුර
ඔබ පිළිතුරු දුන්නේ පළමු ස්ථනය කියාද ?එසේ නම් ඔබ සම්පුර්ණයෙන් වැරදිය
ඔබ පසු කර සිටින්නේ දෙවනියා නම් දැන් ඔබ ලබාගෙන සිටින්නේ ඔහුගේ ස්ථානයයි.
ඔබයි දැන් මේ තරඟයේ දෙවනියා

ඊළඟ අවස්ථාවේ මීට වඩා දිරිය ගන්න .දැන් දෙවන ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න.
පළමුවන ප්‍රශ්නයට ගත කාලයටත් වඩා අඩු කාලයකින් පිළිතුරු සපයන්න.

දෙවන ප්‍රශ්නය
---------------
ඔබ දැන් අන්තිමයා පසු කරමින් සිටිනවා යයි සිතන්න.
එසේ නම් දැන් ඔබේ ස්ථානය කුමක් ද?

පිළිතුර
ඔබ පිළිතුරු දුන්නේ අන්තිමයාට කලින් දුවන්න ලෙසද ?
එසේ නම් මෙවරත් ඔබ වැරදිය.
පවසන්න ඔබ කෙසේද අන්තිමයා පසුකරන්නේ කියා ?
ඔබ මේ සඳහා ඉතාමත් හොඳ කෙනෙකු නොවේ මිත්‍රයා

තෙවන ප්‍රශ්නය
---------------
මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටලුවකි
මෙය මනොමයෙන් කල යුතුය.මේ සඳහා කොලයක් පන්සලක් ඝනකයන්ත්‍රයක් භාවිතා නොකිරීමට අවංක වන්න.

1000ක් ගෙන එයට 40ක් එකත්හු කරන්න.දැන් එයට තව 1000ක් එකතු කරන්න.දැන් 30ක් එකතු කරන්න.
අනතුරුව තවත් 1000ක් එකතු කරන්න.එයට 20ක් එකතු කරන්න.දැන් තවත් 1000ක් එකතු කරන්න.
අවස්සනයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න.

ඔබට ලැබුන පිළිතුර 5000ක් ද ?
ඇත්තෙන්ම පිළිතුර වනුයේ 4100 යි
ඔබ විශ්වාස නොකරයි නම් දැන් ඝනකයන්ත්‍රයක් භාවිතා කර බලන්න.

අද අනිවාර්යෙන්ම ඔබේ දවසක් නොවේ .එහෙමද ? :o
ඇතැම් විට ඔබට අවසාන ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට හැකි වේ .

සිව් වන ප්‍රශ්නය
----------------
මෙරීගේ පියාට දියණියන් පස්දෙනෙකු සිටී
පලුමු වැනිය නනාය
දෙවනියා නානෑය
තෙවැනියා නිනීය
සිව් වෙනියා නෙනේය
ඔබ අදහස් කරන පරිදි පස් වෙනියගේ නම කුමක් විය හැකිද ?

ඔව් ඔබේ පිළිතුර වනුයේ නුනූ ද ?
එය එසේ නම් ඔබ මෙවරත් වැරදිය.
අයගේ නම වනුයේ මෙරීය.නැවතත් ප්‍රශ්නය හොඳින් කියවන්නන.

සමාප්තිය
******
ඔව් මෙයි පරමාර්ථය ඔබ පරාජයට පත් කර ,අසාර්තකයකු යයි ඔප්පු කිරීම නොවේ.
සැම විටම සැම අයෙක් ම සැම දෙයකටම දක්ෂයෙකු නොවේ.අප නොදන්නා බොහෝ දෙ ඇත.
කල යුත්තේ දන්නා අයකුගෙන් අසා දැන ගැනීමය.එය නිහතමානී ගුණයකි.නිහතමානිත්වය
දියුණු වන්නෙකුගේ ගුණයකි.උඩඟු කම පිරිහීමට හේතු වේ.
****************************************************************
ශ්රිලන්කිකයෙක් වීම ආඩම්බරයකි... දවසක් ඇමරිකන් කාරයකුය්, ඉන්දියන් කාරයකුය්,
අපේ ලාන්කික්යකුය් සෙට් වෙලා මුහුදේ පොඩි රව්මක්
දාන්න කතා උනාලු... කොහමහරි තුන්දෙනාම
එකතුවෙලා ගමන යන්න පටන් ගත්තලු....
මුහුදේ යනකොට මුහුදේ යක්ෂයෙක් එකපාරටම මුන්
තුන්දෙනාම ඉස්සරහ කඩා පාත් උනාලු... ( දැන් අහන්නෙපා මගෙන් මුහුදේ යක්ෂයෝ ඉන්නවද කියලා..
හරිද?? ) යක්ෂය කිව්වලු මම දැන්
තමුසෙලා තුන්දෙනවා මරන්න හදන්නේ... එහම
මැරෙන්න කැමති නැති අය මට හොයාගන්න බැරි වෙන
විදිහට මොනවහරි හංගන්න... මට හොයාගන්න බැරි
උනොත් මම හංගපු කෙනාව මරන්නේ නැ කිව්වලු... ඉස්සෙල්ලම ඇමරිකන් කාරය කලපනා කරලු මොනවද
කරන්නේ කියල... උ ට මතක් උනාලු උ ගේ අතේ තියන
මුද්ද.. උ ඒ මුද්ද අරගෙන මුහුදට විසිකරලා කිව්වලු
පුලුවන්නම් මුද්ද හොයන්න කිව්වලු.. යක්ෂය කිව්වලු ''
ඕවත් වැඩද '' කියල මිනිත්තුවක් යන්න කලින් මුද්ද
හොයාගෙන ඇවිල්ල ඇමරිකන් කාරයට පෙන්නුවලු... මේක දැකපු ඉන්දියන් කාරයා ටග්ගාලා කුස්සියට
දුවල අඹ ඇටයක් අරහෙන ඇවිල්ලා මුහුදට ගොඩාක්
ඇතෙන් විසි කරලා හොයන්න කිව්වලු... යක්ෂයා ඕකත්
විනාඩි දෙකක් යන්න කලින් හොයාගෙන
ඇවිල්ලා පෙන්නුවලු...
දැන් අපේ එකාගේ වාරේ.... අපේ එකා කිව්වලු... මමත් හංගන්නම්.. හැබෙය් තමුසෙට හොයාගන්න බැරි
උනොත් මගේ යාළුවො දෙන්නට කිසිම හිරිහැරයක්
කරන්න බැ.. ඔට්ටුය්ද කියල ඇහුවලු... යක්ශයත්
හා කිව්වලු... අපේ එකා මොනවා කරන්න ඇද්ද ?? අදහසක් එහම
තියනවද ?? පොඩි කෝප්පයකට වතුර ටිකක් අරගෙන මුහුදට
හලලා කිව්වලු පුලුවන්නම් හලපු වතුර ටික හොයල දෙන්න
කියලා....
******************************************************************
මේ  කතාව ට නම් මම ගොඩාක් කැමතියි....

ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා.. ඌ දවසක් බාර් එකට යනවලු යාලුවෙක් එක්ක... දැන් චාමර යාළුවට කියනවලු මචං උඹ දන්නවද මං මේ බාර් එකේ ඕනේ එකෙක් අඳුරනවා බාර් එකේ විතරක් නෙමේ මේ පැත්තේ ඕනේ බුවෙක් මාව දන්නවා...
යාළුවා: අනේ පල යන්න හා ඔට්ටුවක් දාමු ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උබව දන්නවනම් පළවෙනි ග්ලාස් එක මගේ ගානේ...

චාමර: ම්ම්... හරි ඔට්ටුයි...
එතකොටම ගමේ මිනිහෙක් වැඩ ඇරිලා එන ගමන් මුන් දෙන්නගේ ඉස්සරහට හම්බුනාලු....
ආ චාමර.. කොහෙද මේ යාලුවෙකුත් එක්ක...
චාමර: ආ අයියේ... අපි මේ බාර් එක පැත්තේ යනවා... ගිහිං එන්නම්...
යාළුවා : අම්මට උඩු.. උඹ ඌව දන්නවනේ... හරි අව්ලක් නෑ හැබැයි බාර් එකේදී ඉස්සෙල්ලම හම්බෙන එකා උබව දන්නවනම් මං උඹට ග්ලාස් දෙකක් අරං දෙනවා නැත්තං උඹ මට ග්ලාස් 4ක් අරං දෙන්න ඕනි...

චාමර : හතරක්???? ම්ම් හා එහෙනං යන්කො...
බාර් එක ඇතුලට යද්දිම වේටර් කොලුවා : ආ චාමර මහත්තයා... කාලෙකින්...
යාළුවා: අඩෝ උඹ හැමදාම එන නිසා මේකේ එවුං උඹව දන්නවා... අසාධාරණයි... මං උඹට ග්ලාස් දෙකක් අරං දෙන්නම් හැබැයි හෙට මාත් එක්ක පාර්ක් එකට යන්න ඕනි එහෙදි ආයි ඔට්ටුවක් දාමු.... :/
චාමර: අනේ මංදා උඹේ කැමැත්තනේ.... :3

ඊ ළඟ දවසේ මේ දෙන්න යනවා පාර්ක් එකට..
යාළුවා: මචං දැන් ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උඹව අඳුරන්න ඕනි 1000ක් ඔට්ටුයි...
චාමර : මං අතේ තියෙන්නෙත් 1500යි බං හාකෝ එහෙනං....
ඔන්න පොඩි කොල්ලෙක් එනවා බෝලයක් අහුලන්න චාමරලා ඉස්සරහට...
පොඩි එකා: ආ චාමර මාමේ... එන්නකෝ බෝල ගහන්න...
චාමර: බෑ පුතේ වෙනදවසක ගහමු...

යාළුවා: අම්ම ගහයි උඹ මාර පොරක්නේ... මෙන්න දාහ... උඹේ 2500ම ඔට්ටුයි මේකේ ඇතුලේ මං පෙන්නන එකාව උඹ අඳුරන්නේ නැත්තං මට ඔය 2500 නැත්තං මං 2500ක් දෙනවා...
චාමර : අඩෝ ඒක අසාදාරණයි... මං කොහොමද උඹ පෙන්නන එකා දන්නේ...
යාළුවා : එහෙනං 1000 දියන්...
චාමර : හරි ඔට්ටුයි...

පාර්ක් එක ඇතුලේ පට්ට ලස්සන කෑල්ලක් දැකල යාළුවා කියනවා... මචං උඹ අර කෙල්ලට ගිහිං කතා කරපං උඹව එකී දන්නවනම් මං 2500 දෙනවා...
චාමර : අනේ බෑ මචං මං 2500 දෙන්නම් මට බෑ...
යාළුවා(පුල් ආතල් එකෙන්) : අඩෝ එහෙම ඔට්ටු නෑ... හරි 10,000 ක් ඔට්ටුයි එකී උඹව දන්නේ නෑ...උඹ පැරදුනොත් 2500 දියන්...
චාමර : හා එහෙනං 10,000ක් දෙන්න ඕනි හරිද :/
මෙන්න මුන් ඉස්සරහට යද්දිම අර කෙල්ල අඬන්න පටන් ගත්තා... "ඇයි චාමර ඔයා මාව දාල ගියේ... ආයි කවදාවත් මගේ ඇස් දෙක ඉස්සරහට එන්නේ නෑ කියපු ඔයා ඇයි මේ.. මං ඉස්සරහට ආවේ ඊ....... :'(

යාළුවා : o.O ඉඳා තොගේ 10,000 තෝ මේ රටේ එවුං විතරයි දන්නේ.... අර සුද්දා (පාර්ක් එකේ සුද්දෙක් පෙන්නමින්) උඹව දන්නවනම් උඹට මං මගේ අයි ෆෝන් එක දෙනවා... මං සල්ලි ගෙනාවේ නෑ ඔට්ටු දාන්න... :/
චාමර : උඹ අත අරින්නෙම නෑනේ බං :/ කියමින් සුද්දා ලඟට යයි...
සුද්දා : helloooo Chamara... after long time dick head...
යාළුවා : අඩෝ තෝ මාර පොරක්නේ... ඉඳා ෆෝන් එක ආයි ඔට්ටු ඕනි නෑ... :/

චාමර : යකෝ මං දන්නවා පාප් වහන්සේවත් :/
යාළුවා : :o පල යන්න හා ඔට්ටුවක් දාමු... මං උඹට ටිකට් දීලා කන්න බොන්න දීලා තව ලක්ෂ දහයකුත් දෙනවා උඹව පාප් වහන්සේ දන්නවනම්... යමං වතිකානු... :/

ඔන්න දෙන්නා වතිකානු යන්න ප්ලේන් එකට නගිනවාලු... නගින ගමන් යාළුවා කියනවලු...
හරි මෙතන තියනවා රු.50,000ක් උඹ මේකේ පයිලට්ව දන්නේ නෑ මොකක්ද ඔට්ටුව...
චාමර: අම්මට උඩු මං දන්න පයිලට් කෙනෙක් ඉන්නවා ඌ හිටියොත් මගේ වෙලාව....
එක පාරටම ස්පිකර් එකෙන් පයිලට්ගේ ඉංගිරිසි අනවුන්ස්මන්ට් එකට පස්සේ ඌ කියනවලු "මගේ හිත මිත්‍ර චාමරද මේ ගමනට එක් වී සිටීම මට ඉතා සතුටක්" කියලා...
යාළුවා පයිලට්ගේ අම්මට බැන බැන රු 50,000 දුන්නලු ආය පාප් වහන්සේ හම්බෙනකල් සද්ද වහල ඉන්න ඕනි කියල හිතාගෙන... :D

ඔන්න වතිකානුවට ගියා කියමුකෝ.. ඊ ළඟ දවස පාප් තුමා ආගමික දේශනයක් තියන දවසක්ලු... චාමර යාළුවට කිව්වලු මචං මං ටිකක් අවට සිරි නරබලා එන්නම් කියල...

චාමර කෙලින්ම ගියේ පාප් තුමා හම්බෙන්නලු ගිහිං කිව්වලු අනේ පාප් තුමෝ මං යාලුවෙක් එක්ක ඔට්ටුවක් දැම්මා ඔබ තුමා මාව අඳුරනවා කියල අනේ හොද පාප් තුමා වගේ හෙට දේව මෙහෙයේදී මට කතා කරන්න නැත්තං මං හිඟන්නෙක් වෙනවා කියල... පාප් තුමා අමාරුවෙන් කැමති කරවාගෙන චාමර ඇවිත් ඔන්න දෙන්නම ඊ ළඟ දවසේ වතිකානු දේව මෙහෙයට ගියාලු...

යාළුවා පුල් ආතල් එකේ ඉන්නවලු ලක්ෂ 10ක් අදනම් මුගෙන් ගන්නවා කියලා....

ඔන්න පාප් වහන්සේ ඉස්ටෙජ් එකට එනවලු චාමරගේ කරට අතකුත් දා ගෙන... යාළුවා තාම දැක්කේ නෑලු චාමරව... චාමර යාළුවට පොඩ්ඩක් පේන්නත් ඉස්සිලා බලද්දී යාළුවා වෙන එකෙක් එක්ක කතා කර කර ඉඳලා පාප් වහන්සේ ඉන්න පැත්ත බලලා දඩොස් ගාල කලන්තේ දාල වැටුනලු...

චාමරට තමන් කරපු හොර වැඩේ ගැන දුක හිතිලා යාළුවා ලඟට ගිහිං වතුර ටිකක් එහෙම ගහල කිව්වලු... මචං උඹට කලන්තෙත් දැම්ම නේද... මට සල්ලි එපා බං... පිට් එකනේ කියලා...

යාළුවා කිව්වලු " උඹ මගුලක් කතා කරනවා.. සල්ලි නිසා නෙමේ බොල කලන්තේ දැම්මේ... එතන හිටපු එකෙක් මගෙන් ඇහුව "කව්ද බං අර චාමර ළඟ ඉන්න ආප්පයක් ඔලුවේ දා ගත්තු නාකි ඩයල් එක" කියලා... "
 *****************************************************
දවසකට කතා බර ගානක් ඇඩ් වෙන මේ ගෘප් එකේ නැති අය ඉන්නවද කියලා මම දන්නේ නැ.... ඔන්න ඉතින් නැති අය මේ පාරේ ගිහින් එකට එකතු වෙලා ඇති වෙනකන් හිනා වෙන්න කතා කියවන්නකෝ..
 මෙන්න පාර
ප.ලි  : කතරගම පැත්තට සම්බන්දයක් තියන අය ඉන්නවනම් පොඩි උදව්වක් ගන්න මට මැසේජ් එකක් දානවද?  මේකට
 
 

14 April, 2013

සුභ අලුත් අවුරුද්දක් වේවා....

සුභ අලුත් අවුරුද්දක් වේවා....

 
 



Dinen dina gewila gihin..       දිනෙන් දින ගෙවිලා ගිහින්.....
Pipuna mal para wela..          පිපුන මල් පරවෙලා.....
Aluth mal kakulu athu..         අලුත් මල් කැකුළු අතු.....
Dasa athin pibidila..               දස අතින් පිබිදිලා....
Hama ena mada pawane..      හමා එන මද පවන...
Suwada goda dawatila..          සුවද ගොඩ දැවටිලා.....
Hitha pura dalu lanna..          හිත පුරා දළු ලන්න...
Nawa hagum ekwela..             නව හැගුම් එක්වෙලා....
Me wasare bidunu sith..        මේ වසරේ බිදුණු සිත්.....
Sinahawen sarasawa..            සිනහවෙන් සරසවා....
As asse nagi kadulu..             ඇස් අස්සේ නැගී කදුළු...
Sathutakata harawala..         සතුටකට හරවලා...
Elabena nawa wasare..         එළබෙන නව වසරේ....
Aluth minisun wela..             අලුත් මිනිසුන් වෙලා....
Piliganimu nawa wasara..    පිළිගනිමු නව වසර...
Mada hasin pewila..              මද හසින් පෙවිලා...

උදාවෙන නව වසර බ්ලොග් ලියන කියවන හැමටම හැම බලාපොරොත්තුවක්ම ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා.......

09 April, 2013

දරුවන් වෙනුවෙන් දායාද නම් කරන්න ඕනෙමද?

මාසෙකටත් වඩා කාලයක් බ්ලොග් එක පාලුවට ගිහින්.... කොහොමත් මේ සයිබර් සිහින මාසේ නේද? තව දවස් 12කින් විතර සයිබර් සිහින බක් මහ උළෙලත් තියනවා කියලා තමයි නේද ඉතින් කසු කුසුව....

තාම නම් එන නොඑන එක ගැන හරියටම තීරණයක් අරගෙන නැති උනත් පුළුවන් උපරිම උත්සහ ගන්නේ නම් එන්න තමයි...

වටෙන් පිටෙන් ඇහෙන කතා අස්සේ ඇහුන එක කතාවක් ගැන ඇහුන විදිහ ඔය බැදලා ළමයි එහෙම ඉන්න අය වෙනුවෙන් ලියන්න හිතුනා...

අපි ගොඩාක් ලොකු සල්ලි කාරයෝ නොවුනට (එහෙම ලොකු සල්ලි කාරයොත් ඉන්නවා බ්ලොග් ලියන ) යන්තම් හරි මොනවා මොනවා හරි අනාගතේ වෙනුවෙන් ඉතිරි කරනවානේ.... ඔය ඉතිරි කරන දේවල් ඉතින් යනකොට අපි ගෙනියන්න බලාපොරොත්තුවෙන් නෙමේ යනකොට දරුවන්ට දීලා යන බලාපොරොත්තුවෙන් ඉතිරි කරන දේවල් නේ....

ඇත්තටම අපි ඉඩ කඩම්, යාන වාහන ඉතිරි කරනවානම් දරුවන්ට පොඩි කාලේ ඉදලාම මේක පුතාට, මේ කොටස දුවට ,මේක ලොකු පුතා ට , මේ ඉන්න ගෙදර චුටි පුතාට කියලා වෙන් කරන එක හොදද?

මාත් එක්කහිතවත් ඉඩ කඩම් , මිල මුදල් වලින් ගොඩාක් ඉදිරියෙන් ඉන්න මිස්ටර් එන් (මේ පැත්තේ අයත් දැන් බ්ලොග් කියවනවානේ ඒ නිසා නම ඕනේ නැ ) කියන විදිහට නම් කවදාවත් එහෙම වෙන් කරලා දීල ඒ අයගේ මනසට ඒවා ඇතුළු කරන්න හොද නැහැලු....

ඒ අයගේ නිසි වයසට ආවහම ඉතින් ඒ ය වෙනුවෙන් යමක් කරලා දීලා ඒ අයට ඉතුරු කරගත්තු දෙයක් දෙන එක කරන්න ඕන දෙයක් උනත් අර විදිහට පොඩි කලේ ඉදන් අයිතිය පිළිබද දේවල් ඔලුවට දානකොට වෙන්නේ ඒ අය ඒ කාලේ ඉදන්ම ඒවා බුක්ති විදින්න පටන් ගන්න එක....

 ඔය අතරේ පොඩි දරුවා වැඩෙන අතර කාලයේ හදිසි අවශ්‍යතත්වයකට කලින් ඉදන් වෙන් කරලා තිබුණු ලෑන්ඩ් එකක් විකුණන්න උනොත්


 අර දරුවා හිතන්න ගන්නවා කියන්න ගන්නවා  තාත්තා , අම්මා ඔය විකුනන්නේ මගේ කොටස, මගේ ඒවා විකුනන්න එපා.. ඔය වගේ කතා... ඒ වගේම හිතන්න පුළුවන් අම්මා , තාත්තා මාව අයින් කරලා වගේ මට දෙනවා කියපුවත් මගේ ඒවත් විකුනනවා කියලා.... දැන් ඉතින් හිතාවි එහෙම හිතන්නේ මොකටද හදිසි අවශතාවයක් නම් ඉතින් එක දරුවට තේරුම් කරලා දෙන්න පුළුවන්නේ කියලා....

ඉතින් එහෙම කරන්න ඕනේ කමක් වෙන්නේ නැනේ කලින් වෙන් කරලා නොතිබුනානම්... ඒ දේවල් ඉතුරු කලේ අම්මා තාත්තා නම් ඒ අයට ඒ දේවල් නාස්ති නොකර කරන්න ඕනේ දෙයක් කරන්න නිදහස තියන්න ඕනා නේද?

මට හිතෙන විදිහට නම් මිස්ටර් එන් වරදිමත් නැ........


17 March, 2013

කසාදයක් බැදලා නම්, බදින්න ඉන්නේ නම් මේකත් කරන්න හිතා ගන්න....

මාසෙක විතර කාලයක් එක එක හේතු නිසා කාර්ය බහුල උන නිසා ඉතින් මේ පැත්ත පාලත බලන්න බැරි උනා උනත් සමහර එක එක බ්ලොග් ලෝකේ වන දේවල් අහන්න දකින්න නම් ලැබුනා..... ඒවා ඉතින් අනිත් හැමෝම දන්නා කියන කතා නිසා ඒවා වැඩක් නැ ඉතින්...

මේ දවස් වල ඉතින් අපේ හිටපු කලමනාකර තුමා වෙනත් බ්‍රාන්ච් එකකට  මාරු වීමක්  අරගෙන  ගිය නිසා පහු ගිය දවස් ටිකේම  එක එක අයගෙන් එක එක විදිහේ සමු ගැනීමේ සාද.... ඒ අතරේ කතා උණු දෙයක් ගැන කතා කරන්න හිතුනා......

කස්ටමර් : දේවක  මහත්තයා  මොකද හිතන්නේ  කසාද  බැදලා  ඉන්න ඕනේ  අම්මලා එක්කද නැත්නම් වෙනමද?

මම : තව ඉතින් ඒවාට ගොඩක් කල් තියන නිසා  ඒ ගැන නම් හිතල නැනේ..

 ඔය ප්‍රශ්නේ ගැන කතාව  ගොඩක් දුරට ගියා...

කසාද බැදපු අලුත  කපල් එකක් තනිව උන්නත්  දෙන්නා එක්කෙනා වෙලා පස්සේ දෙන්නා තුන්දෙනා වෙන කාලෙට අනිවාර්යෙන්ම  කාගේ හරි අම්මලා තාත්තලා ලග ඉන්න එක තමයි ගොඩක් වැදගත් දෙයක්ලු...

සාමන්යෙන් පවුලකට එක ළමයෙක් ඉන්න කොට ඒ ළමයට හැම වෙලේම දෙමාව්පියන් ආදරේ කරනවා ඒ අයට තනිකමක් දැනෙන්න දෙන්නේ නැතුව බලා ගන්නවා...  ඔය ළමයට අවුරුදු දෙක තුනක් හතරක් උනහම ඉතින් අම්මලා තාත්තලා තවත් ළමයෙක් ගැන හිතන්න පටන් ගන්නවා.. ඊට පස්සේ ඉතින් තවත් ළමයෙක් පවුලට එකතු උනහම අම්මලා තාත්තලා නොදැනුවත්වම අර අලුත උපන් බබාට ආදරේ වැඩියෙන් කරනවා ඒ ය එක්ක ඉන්න අවස්ථව කලින් ඉපදුනු ළමයට වඩා වැඩිවෙන්න ගන්න නිසා  කලින් ඉපදුනු ළමයා ට තනි කමක් දැනෙන එක අනිවාර්යෙන්ම වෙන දෙයක්..

එකේ ප්‍රතිපලයක් විදිහට අර අලුත ඉපදුනු එහෙමත් නැත්නම් ලාබාල තමන්ගේ සහෝදරයා හෝ සහෝදරිය එක්ක හිතේ තරහකින් තමයි වැඩිමහල් ළමයා ජිවත් වෙන්නේ., එයා ඉපදුන නිසා තමා අම්මලා මට ආදරේ නැත්තේ කියන හැගීම අනිවාර්යෙන්ම ඒ ළමයට දැනෙන නිසා

ගොඩක්පවුල් වල කිරි අම්මලා අත්තලා   ගොඩක් ආදරේ  පවුලේ වැඩිමහල්  දරුවන්ට ඒ වගේම වැඩි පුර වැඩිමහල් දරුවෝ ආදරේ කරන්නෙත් කිරි අම්මට අත්තට , මොකද අම්මලා තාත්තලාගේ ආදරේ අඩු වෙන කොට ඒ අය  නිරායාසයෙන්ම ඒ අයට ලංන් වෙන නිසා.....
එහෙම ලං උනහම ඒ අයගේ හිතේ අර කලින් දැනුන  තමන්ගේ සහෝදරයා හෝ සහෝදැරිය ගැන තරහක් වයිරයක් දැනෙන හැගීම්  ඇතිවෙන්නෙම නැති තරම්...

ඒ හින්දා ඉතින් කසාදයක් බැදලා ළමයි දෙතුන් දෙනෙක් හදනවනම් (නොහදා බැනේ දැන්.... සිංහල ය දැන් ළමයි 12ක් වත් හදන්න ඔනලුනේ )  තමන්ගේ අම්මලා තාත්තලාවත්  ලගට ගන්න 

....................................................................................................................


 පරණ සින්දුවක් සෙට් උනා.... අහලා තියනවද දන්නේ නැ කට්ටිය

චන්ගුමි කියපන් නුබෙ නොම්බරෙ..
ජින්සෙන් කමුද නොදා බර බරේ..
මාලිගාවෙ කවුද ඉන්නෙ ජර මරේ..
මින්ග් ජුන්ග් හූ නෙද ඉන්නෙ කාමරේ..

ජම්බෝලෙ වගෙ ඉන්න යොන්සෙනා..
සම්බෝලෙ කොටල ගමුද රජතුමා..
ඡන්ගුමිගෙ මාමා ඇවිත් මහ කුනා..
නොන එක්ක රන්ඩු වෙන්නෙ රැ පුරා..

ඔරවල බලුවාමයි හැඩ වැඩ යොන් රොගෙ..
චෝයි නේද  මරා ගත්තෙ අන්තිමෙ..
ඕගියුම් හූ නෙද අනෙ කරදරෙ..
ගීමියුන්ට නෙද අනෙ කෙල උනෙ.. //


25 February, 2013

පොඩි පොඩි රස කතා...............

Girl : සුදූ ඔයා මට ගොඩක් ආදරේද?

Boy : ගොඩක් ආදරේයි පැටියො

Girl : මගෙ කොතනටද ඔයා ගොඩාක් කැමති?

Boy : හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

Girl : අනෙ කියන්නකො......

Boy : මම කැමති ඔයාගෙ අර සුදු බොල දෙක මැද්දෙ තියන කලු තිත් දෙකට...

Girl : මොකක්? තමුසෙ මහ ජරා කොල්ලෙක් හලො.....

Boy : අයියො ඒකවත් තෙරෙන්නෙ නැද්ද.... මම කිව්වෙ ඔයාගෙ ඇස් දෙක ගැන නෙ.


.........................................................................................................................................

තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් නිමල්  කමල්ට පහර දුන්නේය.

බරපතල ලෙස තුවාල ලැබූ කමල් නිමල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය.


"තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා නිමල්ගෙන් විමසුවේය.


ස්‌වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා..


තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද?


දැනට අවුරුද්දකට විතර ඉස්‌සර


"ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?


"ස්‌වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්‌කෙ එදා" නිමල් කියාගෙන ගියේය


....................................................................................................................................

බාලාංශ පන්තියේ සිටි කමලා සහ නිමලා පාසල් ගොස් එන අතරේ කතාබහක නියැලිනි.

කමලා: අපේ බාප්පා මැරුණේ ප්ලේන් එකේ ගිහින්.....
 

නිමලා: අනේ පව් මෙයා... මොකද ප්ලේන් එක කඩන් වැටිලද එයා මැරුණේ......
 

කමලා:පිස්සුද අනේ ප්ලේන් එකට මොකවත් වෙලා නැ...
 

නිමලා:එහෙනම් ඒකේ යන ගමන් ලෙඩ වෙලාද..?
 

කමලා නැ නැ...චූ බරක් හැදිලා දොර ඇරගෙන එලියට බැහලා.

................................................................................................................................

මේ එක්තරා දිනයකදි අඹුසැමියන් දෙදෙනෙකුගේ දින පොත් වල ඔවුන් විසින් සටහන් කර තිබු කොටසකි


ඈයගෙ දිනපොත.

මම ඈහුවා එයාගෙන් මොකද වෙලා තියෙන්නෙ?- එයා කිව්වා මුකුත් නෑ කියලා. ඔය ඔය අප්සෙට් එකේ ඉන්නෙ මගෙ අතින් උන වරදකටද? එයා කිව්වා මට කිසිම ප්‍රාශ්නයක් නෑ.
අපි දෑන් ගෙදර යන ගමන් ඉන්නෙ,මන් කිව්වා මන් ඔයට ගොඩක් ආදරෙයි කියලා. එත් එය හිනා වෙල වාහනය එලවගෙන යනවා. මට හිතා ගන්න බෑ එයාගෙ අමුතු හෑසිරිම. මම දන්නෙ නෑ ඈයි එය කිව්වෙ නෑත්තෙ මාත් ඔයට අදරේයි කියල.
අපි ගෙදර ගියාට පස්සෙ, මට හිතුනෙ මට එයාව නෑති උන කියල. එයා ඉදගෙන ටිව් බලනවා විතරයි එයාට මාත් එක්ක කිසිම දෙයක් කතා කරන්නවත් ඔනෙ නෑ.එයා හරියට පිටස්තර පුද්ගලයෙක් වගෙ ඉන්නෙ. මම තිරනය කලා ඈන්දට ගිහින් නිදා ගන්න.විනඩි 10 කට පස්සෙ එයත් අවා ඈන්දට.ඉතින් මන් හිතුවා මෙක තව දුරටත් හිතෙ තදකරගෙන ඉන්නෙ නෑතුව අහන්න.නමුත් එතකොට එයට නින්ද ගිහින්.මට ඉබෙටම ඈඩුනා, මට නින්ද යනකම්ම මට ඈඩුනා. මට හිතා ගන්න බෑ මොනද කරන්නෙ කියලා. මට හොන්දටම විශ්වාසයි එයා දෑන් හිතන්නෙ වෙන කෙනක් ගෑන. මගෙ මුලු ජිවිතයම විනාස උනා



.
.
.
.
.

ඔහුගෙ දිනපොත

අද දවස :- ශ්‍රි ලංකාව අදත් මෑච් එක පරදයි නෙ.අම්මපා මුන්ගෙ @#$% 

.......................................................................................................................................

ඔන් එක චණ්ඩියෙක් වගේ ඩයල් එකක් නැග්ගලු බස් එකකට. නැගලා පොර කියනවලු "සිංහයෙක් බස් එකට නැග්ගෙ ඈ ..........." කියලා. ඉතිං දැන් පොරට ඉස්සරහට යන්න විදියක් නැහැලු සෙනගලු මිනිහා ඒ ගමන කියනවලු. "දැන් සිංහයට ඉස්සරහට යන්න මේ බස් එකේ ඉඩ නෑ එතකොට ......."ඉතින් මිනිහ පච්චයක් එහෙම ගහලා සුදු යකඩ චේන් දෙක තුනක් එහෙම දාලා හෙන මැර ටයිප් එකකට හිටිය නිසා මිනිස්සුත් බය වෙලා ඉඩ දුන්නලු .............

ඊ ලඟට පොර ඉස්සරහට ගියාලු වාඩි වෙන්න සීට් නෑලු. ඉතිං පොර සීට් එකක් ලඟට ගිහිං කියනවලු "එතකොට සිංහයට වාඩි වෙන්න සීට් නෑ එහෙනම් ............" කියලා. අනේ ඉතිං ඒ සීට් එකේ මෙහා පැත්තෙ හිටියෙ වයසක අන්කල් කෙනෙක්ලු. පොර ඉතිං මොකටද ඉතිං නැති ප්‍රශ්න හදා ගන්නෙ කියලා දුන්නලු සීට් එක. වීදුරුව අයිනෙ හිටියෙ හත අට වසරෙ විතර පොඩි දරුවෙක්ලු. දැන් ඉතිං පොඩි එකත් බය වෙලා අයිනට ගුලි වුනාලු ..........

ටික දුරක් යනකොට පොරට ඕන උනාලු වීදුරුව අයින ඒ ගමන පොර කියනවලු "එතකොට සිංහයට වීදුරුව ලඟ යන්න ඉඩ නෑ එහෙනම් ......" කියලා. ඔන්න ඉතිං අර පොඩි කොල්ලා බය වෙලා අයිනත් දුන්නලු. දැන් පොඩි එකාට ඉන්න බැරිලු ප්‍රශ්නයක් එනවලු අහන්නම අර හාදයගෙන්. "අන්කල් මම ප්‍රශ්නයක් අහන්නද" කියලා ඇහුවලු. පොර කියනවලු "සිංහයන්ට මොන ප්‍රශ්නද බොල අහපං බලන්න කියලා ......" කොල්ලා කියනවලු "එක්කො ඕන නැහැ" කියලා. ආයිත් ටික වෙලාවකින් කොල්ලට ඉන්නම බැරුව අහනවලු "අන්කල් ප්‍රශ්නයක් තියනවා අහන්නද කියලා" ආයිත් පොර කියනවලු "අහපං කොල්ලො සිංහයන්ට මොන ප්‍රශ්නද කියලා ....." ආයිත් කොල්ලා කියනවලු "එක්කො ඕන නැහැ" කියලා ............

දැන් ඉතිං අර මැර හාදයත් වට පිට බල බල යනවලු කොල්ලත් බයෙන් වගේ ගුලි වෙලා යනවලු. ඉතිං කොල්ල බහින හෝල්ට් එකට කිට්ටු වෙලා නැගිටින්න හදන කොට අර මැර හාදයට මතක් වුනාලු මූ ප්‍රශ්නයක් අහනවා කිව්වට ඇහුවෙ නෑනෙ කියලා. පොර කියනවලු "මොකක්ද කොල්ලො උඹ අර සිංහයගෙන් අහන්න තිබුනයි කිව්වෙ .... දැන් අහපං දැන් අහපං ....." කියලා. ඉතිං කොල්ලත් ආයිත් අහනවලු "කමක් නැද්ද අන්කල් ඇහුවට" කියලා. "අහපං අහපං සිංහයන්ට විසඳන්න බැරි ප්‍රශ්න නැහැ ....." කියලා පොර කිව්වලු.

කොල්ලා ටිකක් ඉස්සරහට එහෙම ගිහිං අහනවලු "අන්කල්ගෙ අම්මා කැලේට ගියාද නැත්නම් සිංහයෙක් ගෙදරට ආවද කියලා ......." පොරට තරු වීසි වුනාලු ........


.........................................................................................................................................

දුප්පත් නමුත් උගත් පවුලක් හිටියා. ඒ අය තමන්ගෙ එදිනෙදා ගෙදරට අවශ්ය බඩු ගත්තෙ ගේ ලඟ කඩෙන්. මාසෙ අන්තිමට රුපියල් පන්දහස් ගනනක බිලක් ගෙවන්න එකතුවෙල තිබුනා. නමුත් ඔවුන්ට එම මුදල එම මාසෙදි ගෙවීමට අපහසු වුනා. කඩෙ මුදලාලි පනිවිඩ පිට පනිවිඩ එවනවා ණය බේරන්න කියල. පසුව ගෙදරට ඇවිත් අදම මෙ මුදල ගෙවන ලෙස තර්ජනය කලා. නමුත් දුප්පත් පවුලට එම මාසයේ මුදල් තිබුනෙ නැහැ. ඔවුන් ලඟ සන්තකෙටම තිබුනෙ රුපියල් දහයක් විතරයි. මෙකත් අතේ තියගෙන ඒ රුපියල් දහයෙ නෝට්ටුව දිහා බලාගෙන කල්පනා කරමින් සිටි ගෙදර ඇට්ටර කොල්ලා යමක් එම නෝට්ටුවෙ සඳහන්ව තියෙනවා දැක්ක. වහාම එම රුපියල් දහයෙ නෝට්ටුව ගෙදර පොඩි එකාට දීල ගිහිල්ල කඩේ ණය ගෙවල එන්න ඔහු පිටත් කලා. දැන් ගෙදර අයටත් හොල්මන්....
මෙන්න ක්ෂනයකින් මුදලාලි එනවා අම්මා, මුත්තා ඇතුව කෑගහගෙන.
ගෙදර
ඇට්ටර කොල්ලා අත හැරියෙ නැහැ. අර රුපියල් දහය අරගෙන මුදලාලිට කිව්ව

" නිකන් මෝඩයෙක් වගේ කෑගහන්නෙ නැතුව බලපන් ඕකෙ මොකක්ද ලියල තියෙන්නෙ කියල "

මුදලාලි ඒක කියවල උඩ ගියා.... ඇත්ත නෙන්නම්..... මේ බලපල්ලකෝ......

"ශ්‍රි ලංකාන්ඩුව වෙනුවෙන් නිකුත්කරන ලද මේ මුදල් නෝට්ටුව ශ්‍රි ලංකාව අතුලත ඕනෑම මුදල් ගනණක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය".

මුදලාලිට කට උත්තර නැති උනා...


........................................................................................................................................

නවීන පන්නයේ කාරයක් දරුණු රිය අනතුරකට ලක් විය.

එම ස්ථානයට පැමිණි ප්‍රථමාධාර කණ්ඩායමට දැක ගැනීමට ලැබුනේ රියදුරු අසුනේ සිටි තැනැත්තා මහා හඬින් බෙරිහන් දෙන ආකාරයයි.
 

ඔහු වෙත ළංවූ කණ්ඩායමේ සාමාජිකයෙක් ඔහු සන්සුන් කිරීමට උත්සාහ දැරීය.
 

"මහත්තයා කලබල වෙන්න එපා, පේන විදිහට මහත්තයටනම් ලොකු කරදරයක් නෑ වගේ. නෝනනම් වීදුරුවත් කඩා ගෙන එලියට විසි වෙච්ච හින්දා ගොඩක් අමාරුයි වගේ!"
 

"මොනවද **** ඔය කියවන්නේ? තමුසෙලා දැක්කේ නැද්ද ඒකිගේ කටේ තිබුනේ මොකක්ද කියලා?" පැවසූ ඔහු පෙරටත් වඩා උස් හඬින් කෑගැසීමට විය

.................................................................................................................................................

එහෙන් මෙහෙන් අහන්න ලැබුන රස කතා ටිකක්.........


19 February, 2013

ජිවිතයක් වෙනුවෙන්.. පුංචි දෙයක් කරමුද?

ජිවිතේ අපි හැමෝටම ලස්සන හින තියනවා....  තාවකාලික ජිවිතේ අපි කරන කියන දේවල් වලින් අන්තිමේ අපිට ඉතිරි වෙන්නේ අපි අනිත් ය වෙනුවෙන් කරන දේවල් විතරමයි...

ලැබිලා තියන ජිවිතේ අපි යහපත් දෙයක් වෙනුවෙන් එක රුපියලක් වත් වෙන් කරනවා නම් මොනවා නැතත් අපිට හිතේ සතුටින් ඒ දවසවත් ගත කරන්න පුළුවන් වෙයි..

මතකනම් බ්ලොග් ලියන කියවන ඔබට  මිට අවුරුද්දකුත් දවස් හතකට කලින් මම දැම්මා පොස්ට් එකක් ජිවිතයක් බෙරගන්න පුංචි උදව්වක්කරන්න පුලුවනිද කියලා...

අදත් ඒ වගේම කතාවක් තමා.... එත්  මේක  අපිට  ගොඩාක් සමීප  කෙනෙක් ගැන.....

අන්තර්ජාලය කියනකොට අපිට  ඉස්සර වෙලාම මතක් වෙන තැනක් වෙන්නේ මුණු පොත.... සයිබරයේ යාළුවො ගොඩක් බ්ලොග් වලින් හදන ගැන තවත් ඒ බැදීම්  තහවුරු කරන්නේ  මුණු පොත හරහා... එහෙම ඇති කරගත් ගොඩාක් මම  නතර වෙන තැනක්  තමා  මුණු  පොතේ  වයි ගෘපිය...  අහන හැම  දෙයකම  අවසානයේ ඇයි කියන  වචනේ තියෙන්න ඕන කියන එක  නීතියක් නොවුණු රීතියක් උණු මේ  ගෘපිය  ගොඩක් ප්‍රශ්න වලට විසදුමක් උනත්

අද මේ ගෘපියේ හැමෝගෙම  ප්‍රශ්නේ හසන්ගි ට මෙහෙම උනේ ඇයි  කියන එක....


කොළඹ කැම්පස් එකේ පරිගණක අංශයේ තෙවන වසරේ අද්‍යාපනය හදාරමින් සිටින විටක පුංචිම පුංචි කෙල්ලක් වගේ දගකාරකම් කරන වයි ගෘපියේ අහිංසකාවිය හසංගි




ඒත් අද එයා අසනීපෙන්. පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ....

ලක්ෂ දහයක් කියන්නේ  තරමක් විශාල ගානක් නම් තමා... සාමාන්‍යන් බ්ලොග් කියවන බලන පිරිස කොහොමත් 4000ක් 5000ක් විතර ඉන්නවා කියන කතාව බ්ලොග් ප්‍රවීණයෝ කියනවා මට ඇහිලා තියනවා දැන් ඊටත් වැඩි ඇති... 

කෙනෙක් රුපියල් 200ක් දෙන්න පුළුවන් උනොත්

5000 * 100 =  1000000 කියන ගාන හොයා ගන්න එක ඒ තරම් අමාරු දෙයක් වෙන්නේ නැ....
අපිටත් යමක් ඒ ජිවිතේ වෙනුවෙන් කලා කියලා අහිංසක සතුටක් විදගන්න පුලුවන් වේවි.... පොදි බැදගෙන හොයන සල්ලි අපිට නැ තමා... අපේ මහන්සියෙන් අපි හොයන කිය උනත් අපිට වටිනවා...

ඒත් අපි නිකරුනේ වැය කරන රුපියල් 100කින් 200කින් මේ නංගියාගේ ජිවිතේ බේරගන්න පුලුවන්..

මොහොතක් හිතන්න... පුලුවන්න්නම් මේ වෙනුවෙන් පහත ක්‍රමයකට දායක වෙන්න....

 තව දෙයක් ගිය අවුරුද්දේ මෙහෙම දෙයක්  ගැන කියනකොට  මම  තව  පුංචි දෙයක් ඉල්ලුවා.. මේක ගැන  පුලුවනිනම් ඔයාලගේ පොස්ට් එකක් විදිහට දාන්න...

පැ.ලි  : ලංකාවේ  වෙන හැම මේ වගේ දෙයකටම අපිට උදව් කරන්න අමාරුයි තමා... එත් මේ සොහොයුරිය  අපේ  බ්ලොග් හිතවතුන් ටත් සමීප කෙනෙක්...

බ්ලොග් ලියන කියවන අය  ගේට් වලට සහබාගි උන ය මේ හිතවතාව අදුනනවා ඇති,... නමින් නිමේෂ් ගමගේ...  බ්ලොගය සිතුවිල්ලකට ඉඩක්...

මේ තරම් කතාවක්  කියපු ඒ හසංගි ඔහුගේ නැදැ සොහොයුරියක්.... වැඩි විස්තර ඔහුගේ මේ දුරකත අංක මගින් ලබා ගැනීමට හැක...

නිමේෂ් ගමගේ - 0773444819 / 0725226516

ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි..

නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage?ref=ts&fref=ts

අසන්ත මෙන්ඩිස් https://www.facebook.com/asanthachristina
අසංක හෙන්දහේවා  https://www.facebook.com/asankahendahewa 
සම්බන්ධ කරගත හැක.

මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න..

ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
  


ජීවිතයක් වෙනුවෙන් පුංචි ආයාචනාවක්....... වේලක් නොකා උන්නත් බඩේ පනුවෝ අපිත් එක්ක තරහ වෙන්නේ නැ... කරන්න පුලුවන්නම් ඇගේ ජීවිතය වෙනුවෙන් යමක්..

ඔබේ පුංචි රුපියල් 100 හෙට ඇගේ ජීවිතය ආලෝකමත් කරාවි...

ප.ප.ලි : මේක ගැන  පුලුවනිනම් ඔයාලගේ පොස්ට් එකක් විදිහට දාන්න...

අමතකව යන්න මත්තෙන් ගේට්ටුවේ සැමා ගේ හොර නොවන හොර සමගින් අටං පහුර කතාව.

අමතකව යන්න මත්තෙන් ගේට්ටුවේ සැමා ගේ හොර නොවන හොර සමගින් අටං පහුර කතාව.

බ්ලොග් ගේට්ටුව තිබිලා මාසයක් ගත වෙන්නත් ලගයි.... එත්  අද හදිසියේම මොබයිල් එකේ වීඩියෝ බලනකොට එදා ගත්තු වීඩියෝ එකක් නිසා ආයෙමත් කතා කරන්න හිතුනා...

මම පොස්ට් එක ලියන්න කලින්අහලා  බලපු විදිහට එදා ලක්මාල්  අය්යා එහෙමත් නැත්නම්  අටං පහුර බ්ලොග් එක ලියන අයියා කරපු කතාව  කළා කියලා විතරක් තිබුනා මිසක ඒ කතාව  එදා ආවේ නැති අයට බලන්න .

හදවතින්ම කියපු ඒ  කතාව  බ්ලොග් කරණයේ නිරත වෙන අයගේ හැගීම් බ්ලොග් ගැන හිතෙන දැනෙන  දේවල් ඒ විදියටම කියපු හරිම අව්‍යාජ කතාවක් කියලා තමයි මට නම් හිතුනේ...

බ්ලොග් කරණයේදී අපිට ගොඩක් දේවල් සිද්ද වෙන්නේ අපේ දේවල් කපා කරගෙන කරන්න. ඒ දේවල් වලට සමහර වෙලා වල් වලදී හරි වටිනා කමක් ලබනවද කියන එකේ සැකයක් තිබුනත් බ්ලොග් කියන්නේ මගේ ජීවිතේට ගොඩක් දේවල් ලබා දුන්නු දෙයක්....

සමහර විට මම බ්ලොග් ගේට් වලින් හමුවෙන අන්තිම අවස්තාව වෙන්නත් ඉඩ තියන නිසා මේ වීඩියෝ මෙහෙම අප්ලෝඩ් කරනවා.....



මේ වීඩියෝ එක ගැන කියන්න යනකොට තවත් වීඩියෝවක් සෙට් උනා... එදා සැමා වින් කලේ  හොර කරලද ? වීඩියෝ එකේ 1.10  - 1.30  අතර කොටස බලලා තීරණයක් ගන්න පුලුවන්ද මන්දා.... එත් නැ නැ එදා සැමා එක නම් දිනුවේ සහජ හැකියවෙන්මයි.... පේනවනේ සින්දුවක් කියන්න බොක්කෙන්ම එන ෆිලින්ග්ස්..






12 February, 2013

ලියන කියවන බ්ලොග් යාලුවනේ ලොකු උදව්වක් ඕනේ....

ඉතින් අද නම් බ්ලොග් ලියන , කියවන යාළුවො... මාළුවෝ යාළුවො නෙමේ උනත් ඔය හැමෝගෙන්ම පුංචි උදව්වක් ඕනා....

හැමොටම වගේ ඉතින් ඒ ලෙවල් කරලා නම් ඉන්නේ ඉතින් ඔය කාලෙට කරන ව්‍යාපෘති එහෙම මතක ඇතිනේ.... දැන් ඉතින් හිතන්න එපා මේ මමත් ආයේ උසස් පෙළ කරනවා කියලා එහෙමනම්...

මේක මගේ නඟා ගේ ප්‍රොජෙක්ට් එකට, අයිඩියා එකක් දෙන්න කීවහම ඉතින් මට මතක් උනේ මේ බ්ලොග් ගැන...

ඉතින් මේ ගැන මම කරන්න කිවාහම කරුණු වගේම මේ බ්ලොග් කරුවන් කාරිනියන් ගැන දැන ගන්න ඕනනේ...

එකට ෆිල් ඉන් ද  බ්ලෑන්ක් ෆෝම් එකක් දානවට වඩා ඔපන්ලි ප්‍රශ්න ටික අහලා කමෙන්ට් වලින් උත්තර ගන්නඑක හොදයි කියලාහිතුනා.. එතකොට ඕන කෙනෙක්ට බ්ලොග් කරන අය ගැන නොදන්නා දෙයක් උනත් දැන ගන්න පුලුවනේ....

ඕපන් දානවට අකමැති අය එහෙම දන්න එපා කිවොත් කමෙන්ට් එක පබ්ලිෂ් නොකර ඉන්නම්කො.....

මෙන්න ප්‍රශ්න ( හික්ස් කරුණාකර ප්‍රශ්නය නැවත නොලියා ප්‍රශ්න අංකය යොදා පිළිතුරු සපයන්න )

1. බ්ලොගයේ නම  (තිබේනම් පමණක් )
2. ඔබේ නම (බ්ලොග් අවකාශය තුල භාවිතා කරන )
3. ඔබේ නම ( උප්පැන්නේ තියන විදිහටම ඕනේ නැ )
4 බ්ලොගය පටන් ගත්තේ කොයි කාලේද ? (හරියටම ඕනේ නැ මාසේ අවුරුද්ද විතරක් ඇති)
5 රැකියාවක් කරනවද (එහෙමනම් මොනවගේ එකක්ද ?) 
6 බ්ලොග් ගැන දැනගත්තේ කොහොමද?
7 බ්ලොග් ලිපිනය
8. බ්ලොග් වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද ? (ලියන්නේ ඇයි )

ඔය ටිකට ඉතින් උත්තර දෙනවා නේද යාලුවනේ... අලුත් යාළුවො ගොඩාක් මේ දවස් වල බ්ලොග් ලියන නිසා මේකට උත්තර දෙනවනම් ගොඩක් කැමති අලුත් පරණ හැමෝම...