අද මේ පොස්ට් එක ඇත්තටම දැන් දාන එකේ තේරුමක් තියෙවිද මන්දා.. දැන් එතන නොහිටිය කෙනෙක්ට පවා අකුරක් නැර මොකද උනේ කියන්න දන්නවනේ..
දේව් ගිය පලවෙනි ගේට්‍ටුවත් මේක නිසා ලියන්න ඕනමයි..
2012 - 01 -06
සති දෙකකට විතර කලින් පොඩි මැන්ගේ බ්ලොග් පොස්ට් එකක ගාලු ගේට් එක ගැන කියවපු ගමන්ම අනිවා මේකට යනවා කියලා හිතින් හිතලා අනිවා අපිත් එනවා කියලා කමෙන්ට් කරලා දවස උදාවෙනකන් බලාගෙන උන්නා..
ඔය අතරේ තමයි ගෙදර බණක් සමග සාංගික දානයක් ලැස්ති කරලා තියනවා කියලා අම්මා කිවේ...
මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව මාත් කල්පනා කරලා කොහොමහරි ශේප් එකක් දාගෙන බනට විතරක් ඉදලා ගාලු එන්න.
ඔන්න යන්න කලින් දා රැ 8ට විතර එනවා කොල් එකක්..
හේලෝ කොහොමද දේවා අයියා..
ඔව් කියන්න වර්ණා නංගි... ඔයා හෙට එනවා නේද නංගි
ඒක තමා අයියේ කොල් කලේ.. පුලුවන්ද අයියේ හෙට මට 3.30ට විතර ඇහැරවන්න...
(මම එහේ නම් නෙමේ උන්නේ හොදේ)
මම නංගිට කෝල් කරන්නම් උදේට..
ඒත් නංගි කිරිබත්ගොඩ නම් ඉන්නේ ඉතින් 3.30ට නැගිටින්න ඕනේ නැනේ නේද?
නැ අය්යේ දවස් ගානකින් නාලා නැ හෙට උදේවත් නාගන්න ඕනා... ඒකයි ඒ ටයිම් එකට කිවේ
හා හරි නංගෝ... ඒත් ඉතින් ඇහැරුනේ නැ කියලා නෑවිත් ඉන්න එපා මොකද අපි කොහොම හරි නහය වහගෙන ඉන්නම්කෝ...
හරි අය්යේ එහෙමනම් ගුට් නයිට්..
ඔන්න ඔහොම කියපු වර්ණා ට ඇහැරිලා තියෙන්නේ 6 ටලු. කිරි ටොපි හදපු ටිකත් බුල්ටෝ වෙලාලු..
දේවා කොහොමහරි ගෙදරින් 3ට පිටත් වෙලා 6 වෙනකොට කොටුවේ... නාකියාවයි පොඩ්ඩෝ ටිකකුයි සෙට් කරගෙන 7.10 විතර වෙනකොට කොහොමහරි කට්ටිය කොට්ටේට ආවා..
කියමුකෝ කැවා කට්ටක් ගොඩාක් වෙලා... ඊට පස්සේ ලොකු ජොලියක් එහෙම දාලා ගෙදර ආවා අද උදේ 10.30 වෙනකොට..
මගේ මුලු ගමනට ගතවු පැය ගාන 31.30ක්..
ඔය අතරේ උනු රසවත් දේවල් නොලියා පින්තුර වලින්ම දාන්නම්කෝ...
2012 - 01 - 07
ඔන්න දේව් බස් එකට නගිනකොටම ගැහුවා ෆොටෝ එකක්... තාම ඔක්කෝම ඇවිත් නැ වගේ...
පවනි , මැක් සමගින් යැංකි (යැංකිට හෙනම ප්‍රශ්නේ කොහොමද මම එක පාර අදුන ගත්තේ කියලා)
මේ කතාව ඉතින් සද කිදුරා රාජ් එක්ක ගිහින් වර්ණා මැඩම් එක්කගෙන එනකන් තමා...
සයිබර් අවකාශයේ නවක තරු ගමන ඇරබුමටත් පෙර ඇග උනුසුම් කිරිමේ ව්‍යායාම කරමින්....
කෙල්ලෝ ටික ඇතුලේ හොදේ
පැය තුනකට වැඩි මෙහෙයුමකින් පසුව වර්ණා සමගින් ශානි ගේ සහභාගිත්වය...
බස් එකට ආව ගමන් ඉද ගත්තා විතරයි... අනේ සමාවෙන්න වත් කිවේ නැනේ...
එන ගමන් බස් එකේ ආතල්..... සින්දු ටිකනම් සිරාවටම කිවා හොදේ...
හොද ෆන් එකක් ගත්තා... එනකන්ම...නැ නැ කැඩෙනකන්ම
ඔන්න දැක නැත්තෝ බලා ගන්න මේකට තමා හයි වේ කියන්නේ....
ඕක අතරමග තමා අර අපි තල්ලු කරපු බස් එක දුම් දාලා මග හිටියේ...
ඔතන තමා අපි අතරමග නැවතුනේ...
කොහොමෙන් කොහොමහරි අපි අදාල තැනට එනකොට ගොඩාක් දේවල් වෙලා තිබුනා කියලා හිතුනත් ඇත්තටම ගොඩාක් ආදරය කරන ගොඩාක් බ්ලොග් සහෝදර සහෝදරියෝ මුන ගැහැන්න කථා කරන්න විනෝද වෙන්න ගොඩාක් ලොකු අවස්ථාවක් ලැබුනා..
නම් වශයෙන් කියන්න ගියොත් ආව ඔක්කොම කියන්න බැරි උනොත් ඒක වැරද්දක් නිසා මම ඒහෙම කියන්න යන්නේ නම් නැ ඔන්න...
මුන නොපෙනෙන්න කෙනෙක් වැල්ල සැපයි කියලා නිදාගෙන උන්නු නිසා කතා කරන්න ආසාව තිබුනත් කතා කරන්න උනේ නම් නැ... ආයේ දවසක් එනකන් මම ඒකට බලාගෙන ඉන්නවා..
ලස්සන ලස්සන දේවල් ගොඩාක් එක්ක ජිවිතේට ගොඩාක් ලොකු අත්දැකිම් ගොඩාක් එක්ක ගොඩාක් වටින අවස්ථාවක් උදා කරලා දුන්නට බ්ලොග් ලෝකයේ අභිත අයියා , මගේ මරනය ,රංග අයියා , මාතලන් අයියා වගේම ප්‍රවින බ්ලොග් කරුවන් සියලු දෙනා වෙතත් මේ වගේ අවස්ථාවක් සංවිධානය කරපු පොඩි මැන් , කිඩෝ , බනියා (කැමරාව එහෙට මෙහෙට වන වනා උන්න හින්දා කතා කරන්න බැරි උනානේ..) ඇතුලු ගාලු සංවිධායක මණ්ඩලයටත් රාජ් සහෝ ටත් ගොඩාක් ස්තුතියි මේ අවස්ථාව උදා කරලා දුන්නට...
තවත් ගොඩාක් 4ටෝ නම් තියනවා දාන්න... ඒත් අද ජාල සබදතා ගොඩාක් දුර්වල වෙලා...මේ ටික දාන්නත් මාර ගේමක් දුන්නේ.. ඉක්මනින්ම බලාපොරොත්තු වෙන්න පොඩි මැන් & මන්තර කාරි ගැටුම විඩියෝ සමගින්...
ප.ලි: කිප දෙනෙක්ම කිවා මම යන්න නැතුව ඇති කියලා අප්ලෝඩ් කරපු ෆොටෝ වල මම ඉන්නවා දැක්කේ නැ කියලා.. වෙලාවට මගේ ලගත් නැනේ ගොඩාක් මගේ 4ටෝ...












