ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

27 November, 2011

වැඩක් කරන්න කොහෙන්ද වෙලාවක්.... (දියුණුවේ රහස)

වැඩක් කරන්න කොහෙන්ද වෙලාවක්....

අවුරුද්දකට දවස් 365යි.. මේ මම කරන වැඩ ගැනම නම්  නෙමේ.. ඒත් ඉතින් බලන්නකෝ ඔයාලත් මෙහෙමද වැඩ කරන්නේ කියලා...

දවස් 365යි

ඒකෙන් සෙනසුරාදා ඉරිදා දවස් තියනවා සතියට 2ක් ඒ කියන්නේ දවස් (52 * 2) = 104 ක් ඉවරයි

එතකොට ඉතුරු 365 - 104 = 261

ඔය 261 න් තියනවා පොය නිවාඩු නත්තල් අවුරුදු නිවාඩු මැයි දින ඔය ඔක්කොම තව 35ක් විතර..එතකොට ඉතුරු වෙන්නේ වැඩ කරන්න 261 - 35 = 226යි

ඔය 226න් ඉතින් දානේ ගෙවල් මගුල් ගෙවල් අසනිප එකි නොකි දේවල් වලට ගන්න නිවාඩු තැව 43ක් ද කොහේද තියනවානේ ඕකත් අඩු උනාහම

ඒ කියන්නේ 226 -43 = 183

මේ 183 නුත් තව දවස් 23 ක් විතර අතහරින්න වෙනවානේ හදිසි අවස්ථා වලට විදුලිය ඇන හිටිම් ආයතනයේ උත්සව අවස්ථා වගේ දේවල් වලට එතකොට ඉතුරු 183 - 23 = 160

ඔය දවස් 160න් දවසකට පැය 24න් 8යිනේ වැඩ කරන්නේ.. ඒ කියන්නේ මුලු පැය 160 * 24 = 3840 න් අපි 160 * (24-8)ක්ම වැඩ කරන්නේ නැනේ.. ඒ කියන්නේ අපිට වැඩ කරන්න තියෙන්නේ පැය 160 * 8ක් විතරයි ඒ කියන්නේ

160 * 8 = 1280 ක් විතරයි වැඩ කරන්න තියෙන්නේ..

ඔය පැය 1280න්  දවසට පැයක් විතර කැමට ගන්නකොට තව පැය 160ක් විතර අත හරින්න වෙනවා... ඒ වගේම උදේ හවස ටි ටයිම් එකටත් තව පැය 120ක් විතර අඩු කරන්න වෙනවානේ

ඒ කියන්නේ 1280 - (160 + 120 ) = 1000 ක් විතරයි..

දැන් ඉතින් ඔ‍ෆිස් එකට ඇවිත් වල් පල් කථා කරන්නේ නැ කියන්න බැනේ.. ඔන්න එකටත් කොහොමත් පැය 200ක් විතරම  අත හරින්න වෙනවානේ..

එතකොට ඉතුරු තව පැය 800යි..

ඔය පැය 800න් දැන් මේ අලුත් ලෙඩේ බ්ලොග් කියවන කමෙන්ට් කරන මුනු පොතේ ඉන්න එකට තව පැය 200ක් විතර අවුරුද්දකට අපි වැය කරනවා කිවාට කවුරුවත් නැ කියන්නේ නැනේ. ඔන්න එතකොට තව ඉතුරු වෙන්නේ පැය 600යි..

ඔය පැය 600නුත් අපි වැඩම කරනවද පු‍ටුව උඩ නින්ද යන එකට ලොක්කාගෙන් බැනුම් අහන එකට ඔය එක එක දේවල් වලට තව පැය 100ක් විතර ඉවරටම ඉවරයි..

ඔන්න පැය 500ක් ඉතුරුයි...

අපි ඕක වැඩ කරනවා කියලා කියමුද නැත්නම් අපි කරන තව වැඩ ඇඩ් කරමුද???

දවස් 365කටම අපි වැඩ කරන්නේ පැය 500ක් විතර ඒ කියන්නේ දවසකට විනාඩි 80ක් විතර..

මෙහෙම වැඩ කරන රටක් දියුනු වෙයිද???

ප.ලි : ඔන්න දේවා ඔහොම වැඩා කලා කියලා අපි නම් ඔහොම නැ කියන්න එපා මම ඉතින් ගොඩාක් මගේ ‍රැකියාවට ආදර්යි.. ගොඩාක් සෙනසුරාදා ඉරිදාත් මම වැඩ කරනවානේ

43 comments:

  1. ඉතින් කොහෙද මෙහෙව් රටක දියණු වෙන්නේ :/

    ReplyDelete
  2. කොහොමත් බැංකුවල ඉන්න අයට වැඩ බෑනේ. ඒකයි ඔය සෙනසුරාදා ඉරිදා දෙකේ වැඩ කරන්නේ. නැතුව අතිකාල බලාගෙන නම් නෙමෙයි ඕන්...

    ReplyDelete
  3. ChammA : කියලා වැඩක් නැ යාලු... ඒකනේ අපි තාමත් මෙහෙම

    ReplyDelete
  4. මාතලන් : ඔන්න අය්යාටත් වැරදුනු තැනක්... සෙනසුරාදා ඉරිදා මම නම් ඔය ගොඩාක් වැඩ වලට ඔය කියන අතිකාල ගන්නේ නැ අය්යේ... සතියේ දවස් 5ත් හොදට වැඩ කරනවා

    ReplyDelete
  5. 'ගොඩාක් සෙනසුරාදා ඉරිදාත් මම වැඩ කරනවානේ '

    sure & shot O.T.

    ReplyDelete
  6. හපොයි,... ඇත්තම තමයි,. ඒත් අපිට ඒක තේරෙන්නේ නෑනේ,.

    ReplyDelete
  7. හ්ම්ම්.. හ්ම්ම්... හිතලා බලන්න වටින කතාවක්

    ReplyDelete
  8. මාත් ඔය ජොබ් 1 ම තමා කරන්නේ ,මගේ දැනට වාර්තාව තියෙන්නේ දින 93 ක් මම එකදිගට වැඩකරලා තියෙනවා ,සෙනසුරාදා ඉරිදා ඇතුළුව ,ඒ කියන්නේ මං මාස 3 ක් එකදිගට සතියේ දින 7 ම වැඩකරලා තිබේ

    ReplyDelete
  9. අනිත් 1 මං ඒ වැඩකලේ මගේ ප්රෝබේෂන් පීරියඩ් 1 ,ඒ කාලේ අපිට ඕ ටී ගෙව්වේ නැහැ ,මං ජොබ් 1 ට ගිහින් අවරුදු 7 ක් වෙනවා ,අද වෙනකල් කෑම පැයක් නම් අරගෙන නැහැ ,උපරිම මිනිත්තු 30 යි .

    ReplyDelete
  10. හැබෑ නේන්නම්...ඔන්න මම නම් වැඩ කරද්දී මූණු පොතට යන්නේ නෑ ලු. හැබැයි බ්ලොග් නම් කියෝනවලු.

    ReplyDelete
  11. වැඩ කරන්න කාලයක් නෑ නේ බලාගෙන ගියාම. ඒත් මලේ අපේ නම් සොෆ්ට්වෙයාර් එකක රිලීස් එකක් සර්වර් එකක ඩවුන් එකක් බලන්න ගියාම ඔය කාලේ තව තවත් වැඩි වෙනවා. අම්මෝ මම නම් එහෙම එවුවා මතක් කරන්නවත් ආස නෑ.

    හසරැල් කියනවා වගේ මාත් කෑම පයක් අරගෙන නෑ. කෑම පැය බාගයයි.

    ReplyDelete
  12. Observer : අනේ ඔබා මාමේ... ඔන්න ඉතින් බලන්නකෝ.. මෙච්චර වැදගත් දෙයක් කියලා තියනකොටත් අල්ලගත්තු වචනේ..

    ReplyDelete
  13. ප්‍රාර්ථනා : නංගා කාලෙකින්.... ඒකනේ නංගෝ ඔවා තේරුනා නම් අපේ රට අද සංවර්ධිතයි....

    ReplyDelete
  14. විසිතුරු : අනිවාර්යෙන්ම යාලුවා..

    ReplyDelete
  15. හස‍රැල් : සංන්තොශයි අදුන ගන්න ලැබිම... අපේ ‍ෆිල්ඩ් එකේ කාට යුනත් මෙහෙම බැ කියලා සහෝ අත්දැකිමෙන්ම දන්නවානේ....

    ReplyDelete
  16. හස‍රැල් : තාමත් මමත් පැය භාගයක් තියා විනාඩි 20ක් ගන්නෙත් බොහොම කලාතුරකින්...

    ReplyDelete
  17. සයුරි : මට නම් ඔය මොනවවත් කරන්න තරම් වෙලවක් නැ අක්කා.. මම මුනු පොත බ්ලොග් ඔක්ක්කොම ‍රැට තමා

    ReplyDelete
  18. අපෝ මම මීට පස්සෙනම් බ්ලොග්ස් බලන්නෙවත් කොමෙන්ට් කරන්නෙවත් නැ.
    ඔන්න දේව මල්ලි කැ ගහන්නෙ එහෙම නැ කොමෙන්ට් කලේ නැති උනාම .

    ReplyDelete
  19. මධුරංග : අයියා විශ්වාස කරනවද සමහර දවස් වල කැම එක කනකොට හවස 5 වෙනව... එතකොට කන්න අමරුනම් නොකා ඉන්න උන දවස් ගොඩකුත් මට තියනවා...

    ReplyDelete
  20. ගිම්හානි : මේ මේ අක්කාට විකාරද?? මම එහෙම කරන්න කිවාද අනේ... එහෙම හොද නැනේ...

    ඔය පල් හැලි කියවන වෙලව අඩු කරලා එක බ්ලොග් කියවමුකෝ... හිකිස්

    ReplyDelete
  21. අනේ මංදා... දේවාගේ කවේ වරදක් නෑ.. ඒත් නෝටිට නම් ඔයිට වඩා වෙනස් කතන්දරේ... නෝටියා ඉන්නේ වෙබ් හා මෘදුකාංග මැවිසුරුවෙක් විදියටනේ. ඇත්තම කිවොත් නෝටි නං මේ අවුරුද්දේ වැඩි හරියක් කරලා තියෙන්නේ ජොබ් එක.කැම්පස් අවුට් උන ගමන් වගේ ටේ‍්‍රනිං සෙට් උනානේ. නෝටිට නම් හිතෙන්නේ අපිව ප්‍රෝග‍්‍රෑම් වෙලා තියෙන්නේ... දවසේ පැය 24න් පැය 15ක් විතර කම්පුටර්. ජංජාලේ එක්ක.. නින්ද පැය 5කට වගේ අඩු වෙලා.කෑම වේල් 3ම ගන්න යන සම්පූර්ණ කාලය පැය භාගයටත් අඩු ඇති... ඉරිදා තමයි සම්පූර්ණම නිදහස් දවස..
    අනේ මංදා...
    වෙලාවකට නිකං මඤ්ඤං වගේ බං....

    ReplyDelete
  22. නෝටියා | Naughty's Impression : මම මේ කියන්නේ හැමෝම ගැන නෙමේ නොටියෝ... මොකද මමත් මෙහෙම නැ... මෙහෙම වැඩ කරලා අපේ ජොබ් එක කරන්න බැ.. බැංකු වැටෙන්නේත් අතවශය සේවා ගනයටනේ.. ගොඩාක් වෙලාවට කැමටවත් වෙලාවක් නැතුව අපි වැඩ කරනවා.. හැබැයි ගොඩාක් ආසාවෙන් කරන දෙයක් නිසා ඒක වෙහෙසක් එපා විමක් නම් දැන්නේ නැ මට නම්.... ජංජාලේ එක්ක වගේම මමත් දවසට පැය 16ක් 18 විතර ඉන්නේත් පරිගනකයක් ලග..

    වැඩ නොකරන මිනිස්සුත් ඉන්නවා ඔය වගේ

    ReplyDelete
  23. ඇත්තම කිව්වොත් මං ඉන්නෙ සයිට් එකක නිසා වැඩක් ඇත්තෙම නැති තරමමොෆිස් එකට ගියාම වැඩ හොදටම වැඩි වේවි.එතකොට බ්ලොග් බලන්න,කමෙන්ට් කරන්න,ලියන්න වෙලාව නැති වේවි කියලා හිතනකොටත් දුකයි..:((

    ReplyDelete
  24. නිසුපා : ඇයි අක්කේ ‍රැටත් වැඩ ද?? මම නම් වැඩ වෙලාවට බ්ලොග් එකක්වත් කියවන්නේවත් කමෙන්ට් කරන්නේවත් පොස්ට් දාන්නේවත් නැ... ඒත් මමත් මොනවාම හරි බ්ලොග් එකක් ලියනවානේ...
    බය වෙන්න එපා අක්කෝ.. ටයිම් මැනේජ්මන්ට් ඔයලා හොදට දන්නවානේ

    ReplyDelete
  25. හප්පේ මම නං සතියට පැය 56 වැඩ කරන්න ඕනේ.......දවස් 2 හමාරක් ඕෆ්

    ReplyDelete
  26. මෙහෙම ගියොත් ආශ්චර්යම වෙයි වගේ,
    ගුරු වෘත්තියෙදි ඔය දෙසැම්බර් අගෝස්තු අප්‍රේල් වලට මාසයක්ම නිවාඩු දෙන්වනේ. එතකොට ඒක තමා නිවාඩු වැඩිම රස්සාව මයෙ හිතේ

    ReplyDelete
  27. දේව හරි දේව....!!!!!!

    :DDDD

    ReplyDelete
  28. අපට නම් වැඩ කරන වෙලාවට වැඩ මිසක් වෙන මොකුත් බෑනෙ.... කොම්පියුටර් එකට වාඩි උනත් ඉතින් වැඩම තමා....

    ReplyDelete
  29. රෑටනම් වැඩ නෑ තමයි.ඒත් ගෙදර ගිහින් මේවා කරන්න ගත්තාම අම්මා කෑ ගහනවා නෙ. ගෙදර වැඩක් බලන්නෙ නැතුව තේරුමක් නැති වැඩ කරනවා කියලා. :((

    ReplyDelete
  30. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... හිතන්න ඕනෙ කතාවක්...

    ReplyDelete
  31. එහෙමයි කියන්නත් බෑ අයියේ.......දැන් මන් ගත්තොත් පැය 9 න් 6 ක් වැඩම තමා.....ඉතිරි පැය තුන තමා ඔය අන්තර්ජාලේ පැත්තේ රවුමක් ගහන්නේ

    ReplyDelete
  32. කතාවනම් ඇත්ත දේවා....

    ReplyDelete
  33. අම්මප, කියපුවා හරි මලේ... මමත් දවසට පැයක් දෙකක් බ්ලොග් කියවිල්ල හරි ජංජාලේ කරක් ගහන එක හරි කොරනවාමයි. අඩුම ගානේ ජීමේල් වත් ලොග් නොවුනොත් උදේ තේ එක නොබිව්වා ගානයි ! අපි ඉතින් තාක්ෂණයේ දරුවෝ නොවැ. මොනවා වුනත් තමන්ගේ වැඩ ටික කවර් කරලා මොන උලව්වක් කොර ගත්තත් කමක් නෑ. බුකියේ, ටුවිටරේ කාලේ කනවට වඩා බ්ලොග් කියවන එකත් හොඳයි !

    ලංකාවේ නිවාඩු වැඩියි ! ඊටත් වඩා කම්මැලියෝ වැඩි !!! ලංකාවට නිවාඩු දෙන්නැතුව දිගටම වැඩ තිබ්බනම් හරි. එතකොට යන්තං හරි වැඩක් කෙරෙයි...

    එහෙම බැලුවම ලංකාවේ අයිස්ම ජොබ් එක පූජනීය ගුරු වෘත්තියනේ !!!

    ReplyDelete
  34. ඔබ නොදු‍ටු ලොවක් : දවස් 2.5 ඔෆ් නම් ඉතුරු දවස් 4.5යි... ඒ කියන්නේ පැය 56 ක් වැඩ කරන්න නම් දවසකට පැය 12.5ක් වැඩ කරන්න ඕනානේ යාලු...

    ReplyDelete
  35. සුරි : ගුරු වෘත්තිය නම් එහෙමයි තමා නේද?? එහෙම බැලුවොත් ඒ අයට වැඩක් කරන්න ටයිම් එකක් ඇත්තෙම නැතුව ඇති... හිකිස්

    ReplyDelete
  36. චතු.. : ඒකනේ කියන්නේ මල්ලි..

    ReplyDelete
  37. නිසුපා : ඔන්න ඒකට විසදුම අර හිතු වගේ මංගල දැන්විමක් දාලා බ්ලොග් ලියන කියවන කෙනෙක් හොයාගත්තානම් එහෙම ප්‍රශ්න නැනේ සුදු අක්කියෝ...

    ReplyDelete
  38. හිතුවක්කාරි : එහෙමනම් පැත්තකට වෙලා අපි හිතමුද නංගෝ..

    ReplyDelete
  39. සිතිවිලි නිහඩයි : ඒකනේ නංගෝ කිවේ මේක ඔයාලා වගේ වැඩ කරනම ජනතාවට මේක අදාල නැ‍තෝ...

    ReplyDelete
  40. දිනේෂ් : ඒකනේ කිවේ යාලු.. අපිට පුලුවන් වෙයිද මේ ක්‍රමේ වෙනස් කරන්න

    ReplyDelete
  41. Chathuranga Perera : ඇත්තටම අය්යේ බ්ලොග් කියන දේ අපේ ජිවිතෙන් කොටසක් වෙලානේ... ඇත්තටම එෆ් බි ‍ටුවිටර් ගුගල් + වලට වඩා හොදයි බ්ලොග් එකක් කියවන එකනම්...

    ඇත්තටම ඔව්නේ.. ගුරුවරුන්ට මාස 3ක් අනිවා නිවාඩු.. ඒ මදිවට දවසට පැය 6යි වැඩ ඒකෙනුත් අනිවා එකක් හරි ඕෆ්.. නැතත් පන්තියක ගිහින් මොකක් හරි කියලා ගහනවා අයිස්... නිවාඩුත් තියනවා ඔක්කොම...

    අනේ මන්දා ඉතින් කාට කියන්නද??

    ReplyDelete
  42. ගුරු වෘත්තිය තමා වැදගත්ම වෘත්තිය විදියට මම දකින්නේ.. ඒ වෘත්තියට ඒ නිවාඩුව අවශ්‍යයයි.. අයිස් වෘත්තියක් ලෙස සලකනවාට නම් මම කැමති නැ.. (මම ගුරුවරියක් නොවේ)

    මම මගේ රැකියාව කරන අතරතුරේදියි මේ කමෙන්ට් එක පවා දාන්නේ.. ඉතින් මම 100% රාජකාරිය ඉටු කරල නෑ..

    ReplyDelete
  43. කතාව නියමයි කොල්ලා... මම ඔයාගේ කතාව හොරකම් කරලා මගේ බ්ලොග් පිටුවෙ දැම්මා. හැබැයි දේවාගේ පිටුවට ලින්ක් එකක් එක්ක... මා එක්ක තරහ නෑනේ...???

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....