ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

25 December, 2011

සංවේගයෙන් දැනුම් දෙමින් දේවා ගේ අඩවිය අවසන් ගමනේ

නත්තල උදාවෙන්න තව හොරාවකටත් අඩු කාලයක් විතරමයි තියෙන්නේ, ඒත් මේක ලියලා ඉවර වෙනකොට නත්තල උදා වෙලා තියන්නත් පුලුවන්... නත්තල් සියා තැගි අරන් එනකන් මම ඇහැරිලා ඉන්නවනේ...

දේවා කියන්නේ නම් බොදු පුතෙක්.. ඒත් මට නම් ආගම මේක කියලා අනිත් ආගම් පහත් කරන්නවත් ඒවට විරුද්ද වෙන්නවත් හිතක් නැ...

ආසයි හැම ආගමක් ගැනම දැන ගන්න...

නත්තල් සියා අද තැගි දුන්නත් නැතත් මම හිතුවා පුන්චි තැග්ගක් ඔයාලට දෙන්න...

ඔයාලා ගොඩාක් අමාරුවෙන්නේ මේ මාස ගාන මේ දේවා කියවන විකාර අහගෙන කියවගෙන උන්නේ.. ඔන්න ඒක නතර කරන්න ඔයාලට හිතටත් සහනයක් වෙනව කියන පණිවිඩේ තමයි දේවා ගේ නත්තල් තැග්ග...

පොඩ්ඩක් හරි මම කියන ඒවාට කැමති අයත් ඇතිනේ...... දැන් ඒ අය බය වෙලා ඇති ( එක්කෙනෙක් වත් ඉන්නවනේ නේද? )

ඔන්න බය වෙන්න එපා දේවා බ්ලොග් ලියන එක නවත්වන්න හදනවා එහෙම නෙමේ..

ඒත් එක වැරදියි කියන්නත් බැ මොකද දේවා ගේ අඩවිය ලියන එක නවත්වන්නයි හදන්නේ....  කමක් නැනේ

ඒත් ඒ ආරංචියත් එක්කම තව පොඩි කථාවක් තියනවා.... ගොඩාක් ඉක්මනට මේ බ්ලොග් අවකාශේ ඉන්න ඔයාලට ඒක දැන ගන්න ලැබේවි...

දේවා ගේ අඩවිය කියන නම ගොඩාක් තැන් වල ගොඩාක් දෙනෙක් දන්නවා..  බැන්ක් එකේ උනත් දැන් දේවා කියලාමයි මට කථා කරන්නේ.. ඒ මේ බ්ලොගය නිසා තමයි..

ෆේස් බුක් ගියත් ජි මේල් චැට් ගියත් මේ කොතනත් දේවා ව අදුනන තුන් හතර දෙනෙක්වත් ඉන්නවා...

ඉතින් ඔය එහෙම දන්න කියන අය සමා වෙන්න ඕනා මෙහෙම දේවා ගේ අඩවිය නතර කරන්න හදන එක ගැන නම්...

දේවා සමහර පොස්ට් වලදි එක එක මඩ ගැහුවා.. වැල් වටාරම් ලිව්වා.. මේ ලියන පොස්ට් එකත් එක්ක පොස්ට් 140 ක් ලියලා තියන නිසා ඔය අතරේ වැඩකට ගන්න පුලුවන් පොස්ට් 10ක් 15 වත් ඇතිනේ....

ඉතින් මගේ යාලුවනේ අපි සමු දෙමු දේවා ගේ අඩවියට....

උදා වු නත්තල සැමට වාසනාවන්ත සුභම සුභ නත්තලක් වේවා

මේ ගෙවුනු අතිතේ දේවා ගැන කියවුනු පුන්චි අදහස් ටිකක් පහලින් මම දාන්නම්කෝ..

ප.ලි : බලාගෙන ඉන්න............................. ඉක්මනින් ඒ දවස උදාවෙන තුරු..














ප.ප.ලි : දේවා ගේ අඩවියට බනින්න අඩුපාඩු තිබුනානම් ඔන්න අද දවස ඒවට..

37 comments:

  1. මොකද්ද මල්ලි මේ කරන්න යන වැඩේ ? ඇයි බ්ලොග් එක නවත්වන්න යන්නේ අපි කවදාවත් කියලා නෑ මල්ලිගේ ලිපි වැඩක් නෑ කියලා. මල්ලි ලියන ලිපි නියමයි. මම් ඒවා හරිම ආසාවෙන් කියවනවා. මල්ලි ලියපු හැම අකුරක් ගානෙම මම් කියවලා තියෙනවා. බොරු නම් පරණ පෝස්ට් ටික බලන්න.

    ReplyDelete
  2. මං අයියේ නිතරම කමෙන්ට් නොදැම්මත් ඔයාගෙ ලිපි කියවපු කෙනෙක්.ඔයා මේක අතාරින් එක ගැන ගොඩක් දුකයි.ඔයා වෙන බ්ලොග් එකක් පටන් ගන්නවද?

    ReplyDelete
  3. මල්ලී , මේ තරම් ජනප්‍රිය “දේවාගේ අඩවිය“ නවත්වන එකනම් කරන්න එපා , අළුත් අවුරුද්දේ පොඩි වෙනසක් එක්ක තවත් හෘදයාංගම සටහන් වැලක් එකතු වෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ ..දිගටම ලියන්න මල්ලී , උත්තර නොබැන්දත් අපි හැමදාමත් කියවනවා ...

    ReplyDelete
  4. එළකිරි මචෝ.... මම කියන්න හිටියේ ඕක නවත්තන කියල ... අපිට බෑන්ක් ගැන දැනගන්න බ්ලොග් කියවන්න ඕනි නෑ නේ

    ReplyDelete
  5. නම වෙනස් කොරන්න වගේ...හොඳා...හොඳා..

    ReplyDelete
  6. මේ මොකක්ද කරන්න යන්නේ..පිස්සු නැතුව ආයිත් ලියන්න ගන්න මල්ලී....

    ReplyDelete
  7. පිස්සු නැතිව ලියපන් බන් බ්ලොග්..

    ReplyDelete
  8. "දේවාගේ අඩවිය" නවත්තලා වෙනත් බ්ලොග් අඩවියක් වෙනස් තේමාවකින් කරන්න යනවා නම් ඔන්න මම සුබ පතනවා!

    නමුත් බ්ලොග් ලියන එක නවත්තන්න යනවා නම් මමත් කියන්නෙ එපා කියලා!

    සුබ නත්තලක් වේවා!

    ReplyDelete
  9. "බලාගෙන ඉන්න............................. ඉක්මනින් ඒ දවස උදාවෙන තුරු"

    අනිවාර්යයෙන්!

    ReplyDelete
  10. මට පේන විදිහට මලය නම වෙනස් කරන්න යනව... නැත්තන් තමන් කවුද කියන එක හංගල ලියන්න පටන්ගන්න යනව... උඹට හොඳයි කියල හිතෙන එකක් කරපන්කො..

    ReplyDelete
  11. හද්දෙයියනේ මේ මොකද මේ...?? කවුරු හරි ඔයාට තර්ජනය කරාවත් ද මේක නවත්තන්න කියලා?? :O

    මොනව උනත් අයියේ.. ඔයා තමයි මම බ්ලොග් ජීවිතේ ලගින්ම ආශුය කරපු නොදුටු මිත්‍රයා.. ඔයා කියල දීපු ගැජට් මමත් ගොඩක් ඒව දා ගත්ත.. :) ඔයාට මතකනම් අර ඔයාගෙ Comment counter එක, ඒ දවස් වල ඔයාගෙ බ්ලොග් එකේ 3 වෙනියට වරඩිම කමෙන්ට් තිබුනෙ මගේ..:D කොහොම උනත් පස්සෙ වැඩ වැඩි නිසාම මම බ්ලොග් වැඩේ නැවැත්තුවා.. ලගදි ආයෙත් පටන් ගත්තත් සින්ඩිකේටර් වලින් මගේ බ්ලොග් එක අස් කරල.. ඒ නිසා ඒකත් එහෙම්මම නැවතුනා... ඒ නිසයි මේ පැත්තට ලගදි ආවෙ නැත්තේ.. ඒ ගැන නම් සොරි වෙන්න ඕන... ඒ දවස් වලත් ඔයා නිතරම ඇහුව //ඇයි දැන් මේ පැත්තෙ එන්නෙ නැත්තෙ කියල// නේ...!!!

    ඔයා මේ පෝස්ට් එකෙන් කියපු එක නම් මට තාම හරියටම තේරෙන්නනෙ නෑ.. 3 වෙනි පාරටත් නම වෙනස් කරන්නද යන්නේ?? මොනව උනත් ඔයාගෙ ඉදිරි වැඩ වලට සුබ පතනව අයියෙ බොක්කෙන්ම :D :D :D

    ප.ලි - දේවා ගේ අඩවිය ගැන සුපර් මාරියෝ විමසිල්ලෙන්...!! :D :P ;)

    ReplyDelete
  12. දේවා මල්ලියා රහසක් කිව්ව නිසා මාත් රහසක් කියන්නම්... මගේ බ්ලොගෙත් නම වෙනස් කරන්න මම හිතුවා... ඒකත් මාසයක් ඇතුලත සිද්ධ වේවි.... මලයත් මේ කරන්න හදන්නේ එහෙම දෙයක් කියලා මම හිතනවා...

    නම වෙනස් කලාට කමක් නෑ... ඔයාගේ ස්ටයිල් එක වෙනස් කරන්න එපා... හැම බ්ලොග් රචකයෙක්ටම තමාගේ ආවේනික ශෛලියක් තියෙනවානේ... ඔයා ලියන දේවල් වලින්, ඔයා කියන විදියට වල් පල් ටිකක් අඩු කරනවා මිසක් ඒවා නැති කරන්න එපා. මොකද වල් පල් වුනත් ඒවාගෙන් ගන්න දෙයකුත් තියෙන නිසා...

    ළඟකදී ඉඳලා දේවගේ හොඳ වෙනසක් මම දැක්කා... ඒක දිගටම වර්ධනය කරගන්න. ඒ ස්ටයිල් එක ඔයාට ගැලපෙනවා කියලා මට හිතෙනවා... කොහොමත් අපි අත්දැකීම් වලින් පරිපූර්ණ වෙන කොට තමයි අපේ අඩුපාඩු තේරෙන්නේ...

    උඹ බ්ලොග් එක නතර කරන්න නම් හිතන්න එපා මලයෝ... එහෙම කලොත් බනින්න ඉන්න ලිස්ට් එකේ උඩින්ම මමත් ඉන්නවා කියලා හිතේ තියා ගනින්...

    සුභ නත්තලක් සමග, සුභ අළුත් අවුරුද්දක්... ! සුභ බ්ලොග් කරණයක් !!! අළුත් වෙනසක් එක්ක මුණ ගැහෙමු... ජය වේවා !!!

    ReplyDelete
  13. දේවාගේ අඩවිය කියන එක මම මුලින්ම දැක්කේ මට කොමෙන්ට් එකක් වැටිලා තිබ්බාම මම බ්ලොග් එකක් හෙව්වත් හම්බුනේ google+ එක විතරයි.මම ගැමියාගේ පත් ඉරුවෙ නමෙන් google එකේ ඔයාව add කරගත්තා.අදයි දැක්කේ මේ කථාව

    මගේ බ්ලොග් එකට ඇවිත් ආපු මුල්ම දවසෙම ඕනේ උදව්වක් කරන්නම් කියලා කියපු මනුස්සකම සෑහෙන්න හිතට වැදුනා.මේ අඩවිය නවත්තන්න එපා කියලා ඉල්ලන්නේ වෙන නමකින් එනවනම් කමක් නෑ මොකද 100ක් ගහලා අවුට් වුනොත් අපරාදේ ට්‍රයි කරලා 200ටම යන්න බලන්න

    සුභ ආරංචියක් කියයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.සයිබර් අවකාශයට මනුස්සකම් දන්න මනුස්සයෝ අවශ්‍යයි.ජය වේවා....!!!!

    ReplyDelete
  14. ආයේ ලියන්න එපා මචන් .... සිරාවටම

    ReplyDelete
  15. මම කිසිම බ්ලොග් එකක් කව්රුත් නවත්තනවට කැමති නැ.

    ඒත් මේ දේට නම් මම කොහොමත් කැමති නැ. යාලුවා සුභ පැතුම් ඔයාගේ බ්ලොග් එක සාර්ථකයි. මම ආපහු කමෙන්ට් චෙක් කරන්න එන්නේ නැ. සමහර විට මේ ඔක්කොම ඇනෝලා එක්කෙනෙක් විතරද දන්නේ නැ.
    මට බැන්නත් කමක් නැ යාලුවා සුභ පැතුම්.!!! මට දුකයි ඇත්තටම දුකයි.

    ReplyDelete
  16. නම වෙනස් කොරන්න යනවා වත්ද ??

    ReplyDelete
  17. දේවා මොකක්ද මේ නටන්න හදන නාඩගම.. පික්සු නැතුව දිගටම දේවා ගේ අඩවිය ලියාගෙන යමු.පෝස්ට් එක දාන පමාවට කියවන්න වෙලාවක් නැතුවට අනිවා හැම පොස්ට් එකම පහුවෙලා හරි කියවනවා.

    හ හා විකාර ඕන නැ. ලියාගෙන යමු ඉස්සරහටත් දේවාගේ අඩවිය.ජයවේවා!!

    ReplyDelete
  18. පික්ෂු හැදෙයි, මොකෑ මේ වෙලා තියෙන්නේ? ඇනෝට බයේ වත්ද? නැත්තම් අලුත් වැඩක් පටන් ගන්න වත්ද හදන්නේ නම ගම වෙනස් කරලා හරි දිගටම ලියමු.

    ReplyDelete
  19. mokak doo wenna wage yanne! oba mama kiyanna wage nama nam wenas kalata nam kamak na! meekama digatama liyanawanam v kamathie!

    ReplyDelete
  20. දේවා, මචං. මම කැමතිම බ්ලොග් කීපයෙන් එකක් තමයි දේවාගේ අඩවිය. ගොඩක් ආසාවෙන් කියවන්නේ. මේ නමින් නැතත් ලියන එක නවත්තන්න එපා.

    ReplyDelete
  21. දේවා, දුක්ගැනවිලි, අතහැරයාම් ගැන කියලා ආයෙත් පෝස්ට් එකක් දානවද මම ඔබ සැමගේ ඉල්ලීම පරිදි නැවත ආවා කියලා?

    මචන් උඹට අකමැති පිරිසක්/කෙනෙක් ඉන්නවා වගේ මේ බ්ලොග් අවකාශේ! ඕවට සැලෙන්න එපා බන්! උඹට ඕන එකක් උඹ ලියපන්! මේ බ්ලොග් එක උඹෙ මිසක් උන්ගේ නෙවෙයිනේ?

    බ්ලොග් ලියන එවුන් අතරින් බ්ලොග් එකට සෑහෙන කැපවීමක් කාලයක් වැය කරන කෙනෙක් උඹ. දිගටම ලියපන් නම වෙනස් කරලා හරි.

    ReplyDelete
  22. දේවා මල්ලි නම වෙනස් කරන්න වගේ යන්නෙ.... හොඳයි... හොඳයි.. අළුත් අවුරුද්දෙ අළුත් නමකින්.... ජය වේවා...!!

    ReplyDelete
  23. ඔයා නම වෙනස් කරන්න නේද යන්නේ...:)

    ReplyDelete
  24. මොන විදිහෙන් හරි උඩු යටිකුරු කරල හරි නමක් ඇතුව නැතුව හරි ආපහු ලියපං දිගටම ලියපං...ස්වාදිනව ලියපං...අපි කියවනවා සිතුවිලි නතර කරන්ඩ සක්කරයටවත් බෑ මචන්..ජය..

    ReplyDelete
  25. දේවා අයියා බ්ලොග් ලියන එක නවත්වන්නෙ නෑ.. බ්ලොග් එකේ නම වෙනස් කරන්නයි යන්නෙ...:)

    ReplyDelete
  26. නම වෙනස් කරන්න නම් යන්නෙ කමක් නෑ මල්ලි.ඒත් බ්ලොග් ලියන එක අතරින්නෙ නෑ නෙ.ඔන්න අතඇරියොත් තරහයි හොදේ...

    ReplyDelete
  27. බ්ලොග් ලියන එක නතර කරලා නෙමෙයි නේද? එහෙනම් අවුලක් නැහැ, ඉක්මනින් අර හිස්තැනට එන වචනයත් එක්කම හමුවෙමු.,.

    ReplyDelete
  28. මේ මොකෝ මල්ලි මේ...? මොකක්ද කරන්න හදන වෙනස.. නවත්වන්නනම් එපා..

    ReplyDelete
  29. මොකද්ද කොල්ලො වෙන්න යන්නෙ... මට නං හිතාගන්න බෑ.. මොනව වුණත් දිගටම ලියනව කියල තියෙනවනේ.. ඒ ඇති.

    ReplyDelete
  30. මන් බ්ලොග් වලට ආපු දවසේ ඉදන් උබේ බ්ලොග් එක ෆලොව් කරන්,උබ ලියපු හැම ලිපියක් වගේම කියෙව්වා ඒ දේවල් වලින් මන් එකක් හොදටම දන්නවා උබ බ්ලොග් ලියන එක නම් නවත්වන්නේ නෑ වෙන මොන දේ නැවැත්තුවත්.දිගටම ලියපන් කියවන්න අපි ගොඩක් දෙනා ඉන්නවා.

    ReplyDelete
  31. වෙනසක් උනාට නම් කමක් නැහැ මලයා ......
    නොලියා ඉන්න එපා .........

    ReplyDelete
  32. ආ නම වෙනස් කරන්න වගේ යන්නේ .. ඔබේ කැමැත්තක්.

    ReplyDelete
  33. නම උනත් වෙනස් කරන්න ඕන නෑ. ඒත් ඒක උඹේ කැමැත්තනේ. අවුලක් නෑ.

    ReplyDelete
  34. උඹට හොඳ විදියක් ..මචං උඹගේ තීරණවලට බලපෑම් කරන්න අපිට අයිතියක් නෑ නේ ..

    උඹ ආයේ ලීවොත් අපි කියවන්නම් . ගියොත් නම් ඉතින් අමතක වෙලා යාවි . ඔන්න මම ඇත්තම කීවා ..

    ReplyDelete
  35. “ඔන්න බය වෙන්න එපා දේවා බ්ලොග් ලියන එක නවත්වන්න හදනවා එහෙම නෙමේ..

    ඒත් එක වැරදියි කියන්නත් බැ මොකද දේවා ගේ අඩවිය ලියන එක නවත්වන්නයි හදන්නේ.... කමක් නැනේ“


    කමක් නෑ.. මේ දේවාමයි කියල අඳුනගන්න පුළුවන් වෙනසක් කරන්න... :)

    ReplyDelete
  36. මටනම් ඕං කිසි දෙයක් තේරුණේ නැ....

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....