ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

11 December, 2011

පාට් දාපු කෙනා මාත් එක්ක ‍FIT උන හැටි - ගාමන්ට් LIFE එකේ තවත් කථාවක්

මේක සමහර විට මගේ ගාමන්ට් සුපවයිස් ජිවිතේ අන්තිම කථාව වෙයිද දන්නේත් නැ... (කියන්න බැ ලෝකේ ඉතින් එක එක ටයිප් නේ මටත් මොනවා හිතෙයිද දන්නේ නම් නැ)

මම කලින් ඉන්ටර්විව් ගිය (ලොකු එකක්මත් නම් නෙමේ) තැනදි මාව ගන්න බැ කිවා එතනදි.... මම එතන වැඩි කල් ඉන්නේ නැ කියලා... ඒ මොකද මන්දා.. 

කොහොමහරි මම මේ ගාමන්ට් එකට සෙට් උනානේ..  ආදරේ කරන්න වෙලාවක් හොයාගන්න බැරි උන කොල්ලාට උදව් කරපු හැටිත්. ආදරේ කරලා බැදලා ඉන්නකොට වයිෆ් වෙන තැනක වැඩ කරන කොට ඒ හින්දා වැඩ කරගන්න බැරි වුන කෙනාට මම උදව් කරපු හැටිත් ඔයාලට මතක ඇතිනේ....

මේක උනේ මම ගියපු අලුතමයි..

යන්න කලින් මගේ පොස්ට් එකේ ඉදපු අනිත් අය කිවේ.. ඔන්න දේවා කන්න තමයි හදන්නේ.. ඕකේ ඉන්න එවුන් එක්ක වැඩ කරනවාට වඩා හොදයි ජොබ් එකක් නැතුව ඉන්නව කියලා..

මම ඉතින් ඕක ගැන හොයලා බලපුවහම මට දැන ගන්න ලැබුනා කලින් මගේ පොස්ට් එකේ ඉදපු කෙනත් ඔය වැඩ කරන කෙනෙකුගෙන් හොදට කාලා තමයි ගිහින් තිබුනේ කියලා.. මම ඉතින් කොහොමත් පොඩි එකානේ.. කොහොමත් එවාගෙන් ශේප් වෙලා වැඩේ කරගෙන ඉන්නයි මට ඕනා උනේ...

කාවවත් මරාගෙන වැඩ කරගෙන  කම්පැනිය පොසත් කරන්නවත්, කට්ටියට අයිස් ගහන්න දිලා මම සේවකයෝ අතර හිරෝ වෙන්නවත් නෙමේ මට ඕන උනේ....

කොහොමත් මේ සේරම හැන්ඩ්ල් කරපු කෙනෙක් ඉදලා තියනවා... කවුරුවත් මේ ගිහාන් කියන සේවකයාට මුකුත් කියන්න එන්නේ නැ.. මැරකම් කලත් වැරද්දක් ආයතනයට නොකරන නිසා අස් කරලාත් නැ/.. ඒත් ඉතින් හරියට වැඩක් කරන්නෙත් නැ..

ආපු ගමන් මගේ ලගටත් ඇවිත් හෙලෝ සර් මම ගිහාන් මොකක් හරි දෙයක් අවුලක් වෙනවානම් සර් මට කියන්න...... කියලා අමුතුම පාට් එකක් දැම්මා.. මාත් ගිය ගමන්මනේ... අහගෙන උන්නා..

කොහොමහරි දවසක් දෙකක් යනකොට ඔය වැඩ අතරේ මේ ගිහාන් ගෙන් ආයතනයට ලොකු පාඩුවක් වෙලා... ඉහලටම ගිහින් ගිහාන්ව අයින් කරන්න තමයි ආයතනය තිරනය කරන්න උන්නේ..

කලින් මට මැර පාට් දාපු කෙනා ඇවිත් දුක කියන්න ගත්තා...

ලමයි දෙන්නෙක් ඉන්නවා සර්.. දෙන්නම ස්කොලේ යන්න පටන් ගත්තා විතරයි, නෝනා රස්සාවක් කරන්නේ නැ... 
ගෙවල් වලින් කැමත්තක් නැතුව කසාද බැදපු නිසා උදව් කරන්නවත් කවුරුවත් නැ සර්.. මේ රස්සාව නැතින් උනොත් හිගා කන්න තමයි වෙන්නේ කියලා කියනකොට මටත් මොනවා හරි උදව්වක් කරන්න හිතුනා..

මම මිනිහාව පොඩ්ඩක් ශේප් කරලා ඉහල කලමනාකාරිත්වයත් එක්ක කථා කරලා මිට කලින් වැරදිත් නොතිබුන නිසා ආයෙත් රස්සාව ලබලා දෙන්න මට පුලුවන් උනා..

පස්සේ ආයතනේ හොදම සේවකයෙක් විදිහට හොද පිලිගැනිමකුත් එක්ක වැඩ කරන්න ගිහාන් ට පුලුවන් උනා...

ඇත්තටම සාමානයෙන් කොල්ලෝ අඩනවා අඩුයිලු.. ( නැ නැ පෙන්න අඩනවා අඩුයිලු) කොහොම උනත් මම ඒකෙන් අයින් වෙලා ආපු දවසේ කොල්ලෝ ගොඩාක් අඩනවා මම දැක්කා

ජිවිතේ කෙනෙක් අතින් වැරද්දක් වෙන්න පුලුවන්... ඒත් ඒක හදාගන්න අවස්ථාවක් දෙන්න පුලුවන්නම් ඇත්තටම ඔබේ හිතටත් සතුටක් දැනේවි

36 comments:

  1. කොල්ලෝ අඬනවා අඩු නෑ. කොල්ලෝ කවදාවත් පේන්න අඬන්නේ නෑ. ඒකයි මල්ලි ඔහොම කියන්නේ. මල්ලි වගේ බොස් කෙනෙක් ලැබුන එකත් ලොකු දෙයක්.

    ReplyDelete
  2. ඔය වගේම කතාවක් තව කවුරු හරි කියලා තිබුනා. කෙල්ලෝ ඇඬුවේ නැතෙයි....

    ReplyDelete
  3. කළමණාකරුවෙක් හැටියට ඉදිරි අනාගතය හොඳ බව පෙනෙන්න තියෙනවා දේවාගෙ.. බොහොම සතුටුයි..

    ReplyDelete
  4. .
    දේවා මල්ලි මේකෙ ඉන්න කොල්ලෝ කීදෙනක් අඬනවද මල්ලි.
    උඩින් හිනා වෙලා හිටියට..
    ඔයා නිතරම කාටත් උදව් කරන හොඳ කෙනෙක්. ඒක අපි දන්නව හොඳින්ම . නොපෙනෙන දේට වඩා පෙනෙන දේ අගේ නේද ? විශ්වාසයක් තැබිය හැකියි.

    ReplyDelete
  5. ම්ම්ම්ම්... ඕනම මනුස්සයෙක්ට වරදක් වුනොත් පළවෙනිම වතාවටනම් සමාව දෙන්න ඕනෙ. අවස්ථාවක් දීලා බලන්න ඕනෙ.එහෙම නොකලොත් පස්සෙ අපිට නිකන් කනස්සලක් ඇතිවෙන්න පුළුවන්...

    ReplyDelete
  6. බොහොම සතුටුයි :))))

    ReplyDelete
  7. හ්ම්ම්ම්.. මොනා කියන්නද කියලා හිතාගන්නවත් බැහැ. ඔයානම් ඇත්තටම විශිෂ්ටයි. සමහර අයනම් ඕකට හොද වැඩේ කියන්න ඉඩ තිබුනා,

    ReplyDelete
  8. ඔයාට හොද නායකත්ව ලක්ෂණ තියෙනවා මල්ලි.ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. :)))

    ReplyDelete
  9. මිනිහෙකුට සමාව දෙන්න පුළුවන් අය ගොඩක් අඩුය්.එකට හෙන ගටක් තියෙන්න ඕන,එත් මිනිහෙක් වෙනුවෙන් තමන්ගේ ලොක්ක එක්ක කතා කරන්න නම් ඉතින් හොඳ කොන්දක් තියෙන්න ඕන.ඔයා නියම නායකයෙක්.සුභ පතනවා..

    ReplyDelete
  10. මධුරංග : ඇත්තටම කෙල්ලෝ හිතන්නේ කොල්ලෝ අඩන්නේ නැ කියලානේ.. කොල්ලෙක් ඇඩුවොත් පිරිමි කමක් නැහැලු.... ඇයි කොල්ලන්ට දුක හිතෙන්නේ නැද්ද නේද අය්යේ...

    ReplyDelete
  11. මාතලන් : ඔන්න මම නම් කොපි පොස්ට් නැහැනේ අය්යේ.... කොහෙද තිබුනේ මතක නැතිද අය්යේ...

    ReplyDelete
  12. රොශාන් හේරත් :ගොඩාක් ස්තුතියි යාලුවා...

    ReplyDelete
  13. ගිම්හානි : අක්කා නොපෙනෙන දේට වඩා පේන දේ කියලා අක්කා මෙතන කිව දේ ගැන නම් මට තේරුනේ නැනේ අක්කෝ...

    ReplyDelete
  14. හිතුවක්කාරි : බොහොම දුර දිග බලලා ගත්තු තිරණයක්.. හිතු නංගාගේ ජිවිතේටත් සම්බන්ද දෙයකි ගැනම කියලා වගේ

    ReplyDelete
  15. දේවා මල්ලි
    මම එහෙම කිව්වේ ගොඩාක් දෙනා කරන්නෙ කරනව කියල එක්කො කියනව එහෙම නැත්නම් ලියනව විතරයි. කල දෙයක් නැ බලනකොට.
    ඒකයි කිව්වෙ පෙනෙන දේ අගේ කියල .

    ReplyDelete
  16. සද කින්නරාවි : අලුතෙන්ද මේ පැත්තට.... ස්තුතියි

    ReplyDelete
  17. හ්ම් ඒ මනුස්සයා පස්සෙ හොදට හිටිය නිසා හොදයි නැත්තම් ඔයාට තමා අනිත් අයගෙන් බැනුම්,එයාව තියාගත්තට.

    ReplyDelete
  18. වර්ණා : ජිවිතේ ගැන මට හිතන්න ඕනේ අනිත් අය නොහිතන විදිහට... මගෙත් වැරදි නැතුවම නෙමේ...දුප්පත් කොල්ලෝ දුක අදුනනවානේ වර්ණා

    ReplyDelete
  19. නිසුපා : මම කරණ ‍රැකියාවේ ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව අක්කෝ... ඒකට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා....ස්තුතියි

    ReplyDelete
  20. Tharinduhw122 : ගොඩාක් ස්තුතියි.. යාලුවා.... එදා මට මගේ පොස්ට් එකේ අය නම් කිවේ... අපරාදේ බන් ඕකාව එලවගන්න තිබුන හොදම වෙලාව කියලා... ඒත් ගොඩාක් පොසතෙක් නොවුන මම දන්නවා ජිවත් වෙන්න තියන අමාරුව

    ReplyDelete
  21. ගිම්හානි : ඇත්තමයි අක්කෝ... ගොඩාක් දෙනා ජිවිතේ ගැන කියන දේවල් කියනවාට කියනවා විතරයි.. සමහර අය කියවනවා කරන්නේ නැ... තවත් අය කරනවා කියන්නේ නැ.. තවත් අය ඔය මුකුත්ම නැ කියවන්නෙත් නැ කරන්නේත් නැ..
    දේවා නම් ගොඩාක් දැන් උත්සහ කරන්නේ කියවන්නේ නැතුව කරන්නම විතරයි.. දෙයක් කරලා මිසක් කියවන්න යන්නේ නැ..

    ReplyDelete
  22. කොල්ලො අඬනවා..ඒත් පේන්න නෙමෙයි.. කොයි තරම් නරක කෙනෙක් උනත් හදා ගන්න පුළුවන් කමක් තියෙනවා..

    ReplyDelete
  23. නදි : ඇත්තටම ඒක නම් මගේ වෙලාව තමයි අක්කෝ/. මොකද මම එහෙම කලාට පස්සේත් ගොඩාක් අය මට ඒකට දොස් කිවා.. එත් අදත් මට ඒක මතක් කරලා සතු‍ටු වෙන්න පුලුවන් නිසා දුක නැ...

    ReplyDelete
  24. වලියට නොගිහිං ඔය වගේ කෙනෙක් එක්ක සේප් වෙලා ඉන්න ඇහැකි නම් කොච්චර හොඳද . මම නම් ඒතරම් කොල්ලෝ අඬනවා දැකලා නෑ . අපේ පැත්තේ ඉන්න එවුන් නම් කොයි වෙලේත් හිනාවෙච්ච ගමන්මයි .. අඬන එවුන් බෝම අඩුයි ..

    ReplyDelete
  25. කොල්ලො අඩනවා අඩු නෑ මචං. කොල්ලෝ අඩනවා පේන්නේ නෑ. අනික කොල්ලො අඩනකොට වටේ ඉන්න උන් උගේ දුක බෙදාගන්නවා. කෙල්ලො අඩනකොට වටේ ඉන්න උන් තවත් ඒකිව අඩවනවා. කොහොම වුනත් උබ හොද නායකයෙක්....

    ReplyDelete
  26. "කොහොම උනත් මම ඒකෙන් අයින් වෙලා ආපු දවසේ කොල්ලෝ ගොඩාක් අඩනවා මම දැක්කා"

    චික් මම හිතුවේ නෑ මෙහෙම කෙනෙක් කියලා ... හික් හික් හික් .....

    ReplyDelete
  27. ඉතින් කෙල්ලෝ ඇඩුවේ නැද්ද මල්ලි :))

    ReplyDelete
  28. කොල්ලො ඇඬුවා? හා හා! :-P

    ReplyDelete
  29. දේවා ඔහුට දෙයියෙක් වී ඇත්තේමය.. ඔබටද එසේම ජය.. !!

    (බ්ලොග බැලුවට අදයි කමෙන්ට් කලේ. සෑමාද ගැමන්ට් මර්චන්ඩයිසින් ජොම වසර දෙකක් කළ බුවෙකි.. :)

    ReplyDelete
  30. හොඳ වැඩක් කරලා තියෙන්නෙ, සේවකයෙක් අස් කරනවා වෙනුවට කරන්න පුලුවන් උපරිම දේ කරලා තියනවා ............

    අඞනවා කියන එක නං හැමෝටම පොදුයි ගෑනු පිරිම කියලා නැහැ, ගෑනු ඇඞුවට පිරිමින්ට වඩා හිත හයියයි ........

    පිරිමි පේන්න හරි නොපෙනෙන්න හරි ඇඞුවෙ නැති උනාට හිත කියන එක හයිය නැහැ, හැමෝගෙම නොවුනත් ගොඩක් අයගේ .....

    ReplyDelete
  31. දේවා හොඳ කොල්ලෙක් කියලා මේ බ්ලොග් එක මාසයක් කියෝපු එකෙක්ට තේරෙනවා. ඒකේ ආයේ කියන්න දෙයක් නෑ... අතර කලිනුත් කියලා තිබුණා වගේ උඹේ ඔය ටැලන්ට්ස් වලින් වැඩක් ගනින් මල්ලී... බැංකු ශාඛාවේ මැනේජර් වෙලා මිසක් ඔතනින් අස් වෙන්න එපා...!!!

    බොරු කියන්න ඕනේ නෑ. මම නම් අඬනවා...! වැඩියෙන්ම ඇඬුවේ අයියගේ මිනිය ගෙයින් ගත්ත වෙලාවේ... දුකක් දැනුනාම කඳුලු බින්දුවක් වත් නොහෙලන පිරිමි අඩුයි. ඉන්නවා නම් ඒ අමු ගල් හිතක්...! සංවේදී ඕනෙම පුද්ගලයෙක් ගෑනු/ පිරිමි භේදයක් නැතුව කඳුලට ලෙන්ගතුයි...!

    දුක මවාගෙන අඬන එකෙත් අමුතුම ගතියක් තියෙනවා !!!

    ReplyDelete
  32. මට මතකයි අපි, අපිම, හෙන ටෆ් සෙට් එකක් කියල හිතාගෙන උන්න, මාත් ඇතුළු සෙට් එකක්ම ඇඬුව, කුරුනෑගල ලංගම වැඩ කරන කාලෙ, මැනේජ්මන්ට් එකට විරුද්ධව ගෙනිච්ච සටනක් පැරදිලා.

    ReplyDelete
  33. අස්වෙලා යන දවසට කොල්ලො හරි කෙල්ලො හරි කවුරු හරි අඬනවා කියන්නෙ, වැඩ කරපු කාලෙ කොයි තරම් හොඳින් රාජකාරිය කලාද කියන එකනේ. අහන්නත් සන්තෝෂයි.
    henryblogwalker theDude

    ReplyDelete
  34. අනිවා කොල්ලෝ අඩනවා.. හැබැයි හොරෙන්...

    එල කොල්ලෙක් නේ..

    ජය,,

    ReplyDelete
  35. එක ඇත්ත පොහොසත් කොල්ලෝ න් ට වඩා දුප්ප්පත් කොල්ලෝ කෙල්ලෝ දුක අදුනනවා..

    ReplyDelete
  36. ම්ම්ම්....හොඳ දරුවෙක් නේ ... :D

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....