ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

29 November, 2011

හිට්ස් ලක්ෂ 2ක සමගින් අපේ මල් කැඩිල්ල

කලකට පෙර බ්ලොග් අවකාසේ
නොතිබු බ්ලොගක් ඇතිවිය මෙලෙසේ
දේවා ගේ අඩවිය ලෙස නම පස්සේ
වෙනසක් වි දැන් ඇත අස්සේ

පැතුවේ මා හැම තිස්සේ...
ඔබලගේ ඇසුරයි සිත් සේ
එක එක අය ආ ගිය රිස්සේ
මට දැනුනා සතුටක් හදවත අස්සේ

බ්ලොග් අවකාශයේ ඇත්තටම මට පුන්චි කුහුබුවෙක්ගේ තරම්වත් ඉඩක් ඇති කියලා මම හිතන්නේ නැ.

ඒත් මාත් එක්ක ඉන්න යාලුවෝ ටික මට ගොඩාක් ලොකු ශක්තියක්..

මාසෙකට පොස්ට් 10ක්15 ක් අතරේ දාන ගමන් පුලුවන් හැමවෙලාවකම අනිත් යාලුවෝ එක්ක ගොඩාක් මම උත්සහ කරනවා.. මගේ මේ බ්ලොග් එක පටන් අරගෙන අදට දවස් 215ක් විතර වෙනවා...

බ්ලොග් අවකාශයේ ගොඩාක් දෙනෙක් ලං වුන දෙයකට මටත් ලංවෙන්න ලැබිලා..

ගුගල් අයියාට හොර බොරු කරන්න බැනේ.. ඔන්න ඒ හින්දා දේවා ගේ අඩවිය හිට්ස් එහෙමත් නැත්නම් පෙරලපු පි‍ටු ගාන ලක්ශ 2ත් පහු කරගෙන ගිහින්.. (200000) ඇත්තම මම දන්නේ නැ මගේ බ්ලොග් එකට ඒ තරම් පි‍ටු පෙරලන්නේ කවුද කියලා කොහොම උනත් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි...

බ්ලොග් අවකාශේ ඉන්න අයත් එක්ක කතා කරලා තිබුනට හැබැහින් දකින්න මට ලොකු ආසාවක් තියනවා

ඔන්න ඉතින් ඒ කථාව ඇති....

පොඩි පින්තුරයක් ෆේස් බුක් එකෙන් හමබ් උනා ඔයාලාගෙනුත් ඒ කථාව ඇත්තක්ද කියලා අහන්න හිතුනා...

ඔයාලා ගොඩාක් දෙනෙක් ලව් කරනවානේ ... ඔය ලව් කරනකොට ඉතින් ගොඩාක් උදව් වෙන්නේ මොබයිල් එකනේ...

මොබයිල් එක හින්දා ඔයලා ගොඩක් හොදට ආදරේ කරනවාත් ඇති.. ඒත් ඕක දකින ගොඩාක් අය කැමතිත් නැනේ.. ඒ අය ඉතින් එක එක කථානේ කියන්නේ..

ඔය කියනකොට මොන මල් කැඩිල්ලක්ද ඕක ඉවරයක් නැත්ද කියලා අහන අයත් ඇතිනේ... ඉතින් ඒත් ඒ අයට එහෙම අහන්න අයිතියක් තියනවද කියලා මේ ෆොටෝ එක බලලා කියන්නකෝ..

 


ඇත්තටම ඉගන ගන්න අත තිබ්බ දවස් වලම අපිට මල් කඩන්න පුරුදු කරලා දැන් ඒකට එහෙම එක එක කථා කියන එක කොයිතරම් සාධාරනද?

තිරණය ඔබට භාරයි

29 comments:

  1. එල එල ජය වෙවා සහෝ. මේ පැත්තෙ නිතර ආවත් comment කලෙ නෑ. එත් අදනම් නොකරම බෑනෙ. එහෙනම් ජය වේවා.
    හි.. හි.. අර පින්තුරේ කතාව ඇත්තෙයි.. මටත් දැන්නම් එහෙම හිතෙනවා.. :D :D

    ReplyDelete
  2. සුභ ගමන්.....!!!

    [ඔය පොතේම නේද තියෙන්න, මල පිපී දැයි බලන්න එන්න කියල]

    ReplyDelete
  3. මුලින්ම මගේ සුබ පැතුම් ..හිට් ලක්ෂ 2 ක් කියන්නේ සුපිරි ගමනක් මචං. ..දිගටම ලියපන්...අනිවා අපිට මල් කඩන්ට ඉගැන්නුවේ..හොඩියේ ඉඳන්ම තමා..හික්

    ReplyDelete
  4. සිරාවට , පින්තුරේ කථාව ඩයල් වුනේ දැන් , සුභ පැතුම්

    ReplyDelete
  5. ජය වේවා...!

    අනේ බොල දේවෝ..... මේව්වා හොයාගන්න හැටි....
    අර ඔබා මාමත් මේ වගේ ඒවට නම් මළ පාන්දරින් නැගිටලා උත්තර බඳින්නෙ.... ;P

    ReplyDelete
  6. අපෙනුත් සුබ පැතුම් !!

    ReplyDelete
  7. සුභ පැතුම් මල්ලි.කෝටියක් හිට්ස් ලගදීම ලැබේවා.

    මොනවා වුනත් අහලාම තමා මල් කඩලා තියෙන්නේ.

    ReplyDelete
  8. 200,000------>20,000,000 වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ෆොටෝඑක ගැන මං බ්ලොග් පෝස්ට් එකකුත් දැම්ම මේං බොරුනං.

    ReplyDelete
  9. මට මේ දවස්වල බ්ලොග් පැත්ත පලාතේ යන්න බැරි උනා ........
    ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් ........

    ReplyDelete
  10. hikx මල් ගැන අපිට ඉතින් රජයෙන්මයි කියාදිලා තියෙන්නේ

    ReplyDelete
  11. හිට්ස් වලට සුභ පැතුම්.. දිගටම ලියන්න,,

    හැබෑවටම කතාව ඇත්ත..

    ReplyDelete
  12. සුභ පැතුම් දේවා ...........

    ReplyDelete
  13. ඔන්න දේවා ඕවට නම් අහුවෙන්න එපා. කලින්ම පිපිලද බලන්න ගිහින් ඇත්තටම පිපිලා නම් මලා තමයි. පරෙස්සමෙන් පුතෝ. අත්දැකීමෙන් අනූන කෙනෙක් මේ අවවාද කොරන්නේ. සෙල්ලං නෑ. මල් කඩන්නේ බලාගෙනයි.

    ReplyDelete
  14. ඔන්න මගෙනුත් සුභපැතුම් අයියා....!!!

    හික්ස්...ඔය මල් කැඩිල්ල අනිත් අයට ලොකු ප්‍රශ්නයක් තමා.....එයාලා මල් කඩනකොට අපි කටවහගෙන ඉන්න ඕන....අපි මලක් කඩන කොට රටේම නැති විකාර කරලා ඒකට බාධා කරනවා.....

    ReplyDelete
  15. ඔන්න එහෙනම් මාත් සුභ පතනව!!!
    මම නං මල් කැඩුවෙ නෑ. මාව ඕවට අල්ල ගන්න හදන්න එපා.

    ReplyDelete
  16. සුභ පැතුම් මචන්...තව තවත් හිට්ස් ලැබෙන්න හොද දේවල් ලියන්න පුළුවන් වේවා !!

    ReplyDelete
  17. උනුසුම් සුභ පැතුම් මලේ . . .

    මල් කැඩිල්ලේ කතාව නම් මරු ඈ

    ReplyDelete
  18. එළනේ....... ඉරිසියි... :පී

    ReplyDelete
  19. සුභ පැතුම් මචන්

    ReplyDelete
  20. මගේත් සුභ පැතුම් ...
    -මහේෂ් නිශාන්ත

    ReplyDelete
  21. හිට්ස් වලට සුභ පෑතුම් මලේ . මමනම් මල් කඩන්නෙම නෑති කෙනෙක්නේ .. ඒ නිසා මට අදාල නෑ . හික්ස්

    ReplyDelete
  22. මල්ලිගේ ලක්ෂ දෙකක හිට්ස් වලට මගෙන් සුබ පැතුම් !!!
    මම නම් ලක්ෂ දෙකකට යනකොට තව අවුරුදු තුනක්වත් යයි. හික්ස් :)
    මල්ලි කියන කතාව හරි. පොඩි කාලේ අපට මල් කඩන්න පුරුදු කරලා දැන් බයිනවා.

    ReplyDelete
  23. මේ බ්ලොගේට ගොඩ වැදෙන පළවෙනි වතාව....
    ජය වේවා!
    අමරයි නයනයි මල් කඩද්දි..චුටි කාලෙ අපිත් මල් කැඩුවෙ නැද්ද හා...
    අයියන්ඩිම කියන්ටකෝ බලන්න..

    ReplyDelete
  24. මගේ සුබ පැතුම්

    ReplyDelete
  25. හි හී හී..
    මල් කැඩිල්ලේ අතීතය සුන්දරයි :ඩී

    ඔන්න මමත් හදවතින්ම සුභ පතනවා තව තවත් හිට්ස් අරගෙන බ්ලොග් අවකාශේ දිගුගමනක් යන්න ශක්තිය ලැබෙන්න කියලා.. :DD

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....