ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

22 December, 2011

ළමයි ගාන හරි නම් ඔයාලා මැචින් .- යාලු වෙලා උන්නු කපල් හරිද බලපු හැටි

මියුරු අක්කාගේ මෙන්න මේ පොස්ට් එක නිසා තමයි මටත් මේක මතක් උනේ...

මේ සිද්ධිය උනේ අපි 5 වසරේ ඉන්න කාලේ..

ගොඩාක් ලොකු පාසලක් නොවුනත් 5 වසර කියන්නේ තරගකාරි විභාහගයක් අම්මලාට තියන පන්තියක්නේ...

ඔය අම්මලාගේ විභාගේ නිසා අපිට අභාගේ තමා... පන්ති 2ක් එකට දාලා හැමදාම අමතර පන්ති..

පන්ති 2ක එකට දැම්මේ අපිට තියන ආදරේට කියලා ඒ දවස් වල හිතුනට හැමදාම පන්ති කරන්න අපේ ටිචර්ට බැරි හින්දාම තමයි පන්ති 2ක් එකට දාලා සරුයි මිසුයි මාරුවෙන් මාරුවට පන්ති කලේ..

5 වසර කියන්නේ මහ ලොකු පන්තියක් නෙමේනේ.. ඒත් ඉතින් හවසට මුලු ඉස්කෝලේම අපේ අණසක තමයි.. අනිත් හැමෝම ගෙවල් වලනේ..

අබ ගස් වලට වරකා ගස් වලට කෙසෙල් ගස් වලට අපි නම් හිරි හැර කලේම නැ.. හැමදාම ඒ ගස් ඒ උනාට අපිට කන්න බොන්න මොනවාම හරි දුන්නා..

මේ හිරිමල් වයසේ හිටපු අපේ පන්තියේත් ආදර වන්තයෝ වන්තියෝ 5,6ක්ම උන්නා..

අනේ ඔන්න මම නම් ඔය ගොඩේ උන්නේම නැ.. මම පැත්තකට වෙලා පාඩුවේ උන්න කොල්ලානේ..

ඔය හිටපු ආදරවන්තයෝ වන්තියෝ ටික විතරයි හවස පන්තියට කැමත්තෙන් ආවේ..

ඇයි ඉතින් තව ටිකක් වෙලා මුනෙන් මුන බලාගෙන ඉන්න පුලුවන්නේ..

දවසක් අපේ පන්තියේ හිටපු හොදම පිස්සු කෙල්ලක් අම්මාගේ මාලේ උස්සගෙන ඇවිත්.. රත්තරන් කියලා තමයි කිවේ නම් ඉතින්.... අපි දන්න රත්තරන්

උස්සගෙන ඇවිත් අර කපල් ටිකට හෙනම ගේම

දැන් ඉතින් කට්ටිය ලව් කෙරුවට ගැලපෙනවාද කියලා බැලුවද කියලා අහලා..

මොකක්ද දන්නවද කරන්න හදන්නේ...

රත්තරන් මාලේ කෙලවරකින් අල්ලගෙන උඩට උස්සගෙන උන්නහම ඒක රවුමට කැරකෙනවානම් පිරිමි ලමයෙක්ලු... කෙලින් එහෙට මෙහෙට යනවානම් ගැහැණු ළමයෙක්ලු..

එහෙම ගිහින් කැරකෙන්නේ වත් කෙලින් යන්නේවත් නැත්නම් ළමයි එච්චරයි කියලා තමයි වාසනා කට්ටියට කිවේ..

දැන් කට්ටිය එක පොරේ.... ළමයි ගාන බලාගන්න... ගැහැනු පිරිමි අනුපිළිවල බලාගන්න

මුලින්ම පන්තියේ පරණම කපල් එක වැඩේ ටෙස්ට් කරලා බැලුවා..

මට මතක විදිහට උන් දෙන්නටම ආවේ පිරිමි , පිරිමි , ගැහැණු කියලා... ඒ කියන්නේ දෙන්නාම ගැලපෙනවා කියලානේ....

එතකොට අනිත් අයගේ උනන්දුව තවත් වැඩි වෙලා... හැබැයි ඉතින් වෙන කාගෙවත් ඒක ගැලපුනේ නම් නැ..

ගැලපුන එකම කපල් එක 11 වසරේ ඕලෙවල් ලියලා ප්‍රතිඵල එන්නත් කලින් හද පානේ ගියා.. දැන් පුතෙක් නම් ඉන්නවා.. තව කෙනෙක් ලැබෙන්න මම දන්න විදිහට...

හැබැයි ඉතින් ඒ කෙනත් පුතෙක් උනොත්.... ඒ අනාවැකි හරියටම හරි කියලා මට නම් හිතේවි..

මොකද එදා ගැලපුනෙත් උන් දෙන්නාගේ විතරයි,, අනිත් උන් ගැන වැඩිය තොරතුරකුත් නැ...

දැන් ඉතින් ඔය පවුල් වෙලා ඉන්න අය ළමයි ගාන බලලා.. පිරිමි අය එහෙම තමන්ට හිමි ගානට වඩා ඉන්නවානම් අනේ ඔය අසරන නෝනා එක්ක එහෙම මම මේ කිව දේවල් අහලා රණ්ඩු එහෙම කරනවා නෙමේ... ළමයා කාගෙද අහලා..

ඔවා හරි කියලා කාට කියන්න පුලුවන්ද??

ප.ලි : දෙසැම්බරේ සිතල මැද්දෙන් මේ ලොකේ එලිය දැකපු.. මට මිට අවුරුදු 2.5 කට විතර කලින් බ්ලොග් ලොකේ මුල්ම පියවර තියන්න අත් වැලක් උනු මම ගොඩාක් ආදරේ කරන  දිල්ශරා විරසිංහ එහෙමත් නැත්නම් ජිවිතේ මල් සංසාරේ අපි ලියන මගේම අක්කෙක් වගේ මට දැනෙන ඔයගේ උපන් දිනේ 12/23.. ඉතින් අක්කේ ඔයාට සුභම සුභ උපන්දිනයක් කියලා මම හදවතින සුභ පතනවා

15 comments:

  1. ස්තූතියි මල්ලියා.... ජය වේවා !!!!!

    ReplyDelete
  2. ජිවිතේ මල් : අක්කාගේ උපන්දිනේට මම තැගි දෙන්න ඕනා උනත් ඔයා මට ලොකු තැග්ගක් දිලා අක්කෝ.. ගොඩාක් වාසනාවන්ත වසරක්ම වේවා අක්කේ <<<>>>

    ReplyDelete
  3. මේ මාල සීන් එක දන්නේ අද නේ !!!

    ReplyDelete
  4. අපිත් ඔය ටිකක් ලොකු කාලෙ ඔය වගේ ළමයි ගාන බලන්න මොකක්දෝ එකක් කළා.... චේන් එකකින්මද මන්දා...හරියට මතක නෑනෙ....
    බලනකොට සෑස්තරේ කිරි ගහට ඇන්න වගේ නේද මල්ලියේ.... :D

    ReplyDelete
  5. මරු මෙව්වා එක!

    ReplyDelete
  6. අඩේ ලඟ ලඟමනේ උපන්දින යන්නේ...මගේ සුබ පැතුම් එක්කරන්න...අද අපේ අනිත් රාජ් සහොදරයගේත් උපන්දිනේ...

    ReplyDelete
  7. ඔයා දැන් වගේම ඒ කාලෙත් කරලා තියෙන්නෙ දඟ වැඩ. :D

    ReplyDelete
  8. අපිත් ඔය වගේ කලා කෙස්ගහක කරාබුවක් පටලලා ..

    …ඔන්න දිල්ට අපි කලින්ම සුභ පතලා ඉන්නේ ...

    ReplyDelete
  9. හික්ස්... ඔය වැඩේ අපිත් කරලා තියෙනවා.ඒත් එක එක වෙලාවට එක එක ඒවා ආවෙ.

    දිල් සහෝදරීට සුභ උපන්දිනයක්...

    ReplyDelete
  10. යකෝ මුං නැට්ටට ## උනන්නත් කලින්නෙ ලව් කොරන්න පටන් අරං තියෙන්නෙ

    ReplyDelete
  11. සාස්තරේ බොරු කියන්නත් බෑ නෙහ්...
    ඒත් ඉතිං හැමදේට ම බලපානේ අපේ හිත තමයි.... :D

    ReplyDelete
  12. මොකෑ දැන් වැඩිය නැත්තෙ.

    ReplyDelete
  13. ඔබ නොදු‍ටු ලොවක් : කරලා බැලුවානම් ඉතින් හොදයි නේද??

    ReplyDelete
  14. අපේ පන්තියේ ඉටපු කෙල්ලන්ටත් ඔය පිස්සුව තිබ්බා.
    දිල් අක්කගේ උපන්දිනේට මගෙන් සුබ පැතුම් !!!! ජිවිතේ මල් !!

    ReplyDelete
  15. මෙක පොඩිඋන් නරක්වෙන බ්ලොගක්නෙ බොල !

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....