ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

31 December, 2011

ඔන්න ආවා......... අලුත් ඒවාත් එක්කම....... DEW

දේවා ගේ අඩවිය පුන්චිම පුන්චි නාමික (දේව්ගේ අඩවිය) වෙනසක් සමගින් අන්තර් ගතයේ ලොකු වෙනසක් සමගින් ගෙවෙන 2011 වර්ෂයත් උදාවෙන නව වසර 2012 වෙනුවෙන් සයිබර් අවකාෂය තුල දිග හැරෙනා වගයි...

මොනවද මේ උදාවෙන අලුත් අවුරුද්දේ දේව්ගේ අඩවියෙන් ඔයාලට ලැබෙන්නේ...

ඔන්න ඉතින් ජිවිතේ පලවෙනි වතාවට දේව් කථාවක් ලියන්න හදන්නේ....

ඔය තියෙන්නේ ඒ ගැන පුන්චි සටහනක්..






පලමු කොටස හෙට ඉදන් කියවන්න පුලුවන් වෙයි ඔයාලාට..

ගෙවුනු වසරේ මුහුන දුන්නු හැම බාධාවක්ම ජිවිතේට පාඩමක් කරගෙන හැම දෙයක්ම ජිවිතේට ශක්තියක් කරගෙන තරහ මරහ අමතක කරලා හොදින් ජිවිතේට මුහුන දෙන්න.... කවදාවත් වරදින්නේ නැ,..

ගෙවෙන වසරේ අන්තිම මොහොතේ ඉදන් උදාවෙන නව වසරට ඇස් යොමන් පතනවා හැමටම සුභම සුභ නව වසරක් වේවා කියලා...

ආදරේ නාමයෙන් එපා රවටන්න.. ජිවිතේට පාඩමක් වේවි සමහර අයට...

ප.ලි : ජනවාරි 7 ඔන්න කට්ටියක් ගාල්ලෙදි සෙට් වෙනවාලු.... මේ වෙනකොටත් දේව් දත කට මැදගෙන ලැස්ති වෙලා ඉන්නවා ඔන්න ඒ පැත්තේ එන්න,.

දේව් කියන්නේ කුරුනැගලත් එහා ඉන්න කොලු ගැටයෙක් නිසා එන්න ගෙදරින් 3.30 ට 4.00 වත් පිටත් වෙන්න ඕනා... ,එත් සයිබරේ නොදු‍ටු මිතුරන් මුන ගැහෙන්න දේව් ගොඩාක් ආසයි..

ඔන්න ඉතින් ලංකාවේ කොහේ උන්නත් යන්න එදාට සෙට් වෙන්න පුලුවන්නේ... හදවතින්ම හැමෝටම ආරාධනා කරනවා....

සංවිධායක මඩුල්ලට මගේ ප්‍රණාමය..

ඉතින් එකතු වෙමු..

ප.ලි : සල්ලාල ප්‍රේමවන්තයකුගේ සැබැ ආදරේ කියන්නේ අමුතුම කථාවක් නම් නෙමේ... පාසල් කාලේ අපේ වයසෙම කොලු ගැටයකුගේ ජිවිත කථාව මගේ කොනයෙන් මම දැකපු විදිහට..
පුන්චි පුන්චි වෙනස් කම් ඇතී... කියවලා බලන්නකෝ...

පලමු උත්සහය නිසා ගොඩාක් වැරදි ඇති සමාව දෙන්න ඒවට

19 comments:

  1. අලුත් වෙන එක දියුනුවට හොඳ දෙයක් සුබපැතුම් සහෝ........දිගටම ලියපං මචො....ජය. ජනවාරි 7 ත මුනගැහේමු

    ReplyDelete
  2. හ්ම්ම් සුභ නව වසරක් වේවා..
    එහෙනම් හම්බෙමුකෝ 7 වෙනිදා :DDD

    ReplyDelete
  3. මම පලවෙනියා හික්ස්

    ReplyDelete
  4. එල එල අයියේ ලියන්න අපි බලාගෙන ඉන්නවා

    ReplyDelete
  5. Raj : අනිවාර්යෙන්ම සහෝ.. ස්තුතියි... අනිවා එලම තමා

    ReplyDelete
  6. වර්ණා : ඔන්න මමත් බලාගෙන ඉන්නවා....

    ReplyDelete
  7. දේදුනු : අය්යෝ මල්ලියො අද නම් ඔන්න ඔයා ඒක වෙලා නැ ඔන්න.. ඒත් මල්ලිත් මට ශක්තියක් උනා ආයේ ලියන්න ස්තුතියි

    ReplyDelete
  8. මුලින්ම, දේවා මලයාටත්... වෙන්න නෝනිටත්, ගෙදර අයටත් සුභ නව වසරක් වේවා !!!

    දෙවනුව, අකුරක් කපලා, අනෙකට ඉස්පිල්ලක් දානවට වඩා දෙයක් මම වෙනසෙන් බලාපොරොත්තු වුනා මලේ... මට තේරුන විදිය වැරදි ඇති. කොහොම වෙතත්, නමේ වෙනසට වඩා වෙනසක් ඔයා මේ අවුරුද්දේ මේ බ්ලොග් එක ඇතුලේ කරනවා කියලා මට විශ්වාසයි. මොකද ? මේක ඔයාගේ හොඳම අවුරුද්ද !!!

    මං හරි නේද ???

    ආයේමත්, දේව්ටත් දේව්ගේ අඩවිය කියවන හැමෝටමත් සුභ නව වසරක් වේවා !!! ජය !!!

    ReplyDelete
  9. අළුත් අවුරුද්දේ අළුත් කතාව බලන්න මමත් එනවා.. ඒ වගේම එලබෙන නව වසර සුභම සුභ අවුරුද්දක් වේවා ඔබටත්...

    ReplyDelete
  10. මමත් ඇත්තටම ඊට වඩා ලොකු වෙනසක් කරන්න තමා හිතාන උන්නේ....ගාලු ගමන... ගුගල් චැට් එකේ යාලුවෝ පොඩි දෙනෙක් කිවානේ ඉතින් ඔහොම හොදයි කියලා....

    විශ් එකේ පොඩි වෙනසක් කරපු කෙනෙක්ගේ නම් පොඩි අඩුවක් තියනවා අය්යේ... සමහර දේවල් අපි හිතන විදිහටම වෙන්නේත් නැනේ... දේව් කියන්නේ මොනවාගෙන් වත් සැලෙන වැටෙන කෙනෙක් නොවන හින්දා ඒකට මුහුන දෙනවා..

    ඇත්තටම ලොකුම ලොකු වෙනසක් මේ අවුරුද්දේ වෙනවා බ්ලොග් එකේ නම්..
    ලයිෆ් එක ගැන නම් කියන්න තරම් ලොකු වෙනසක් වේවිද මන්දා....
    ඔන්න මමත් අයියාටත් අය්යාගේ නෝනිටත් සුබ නව වසරක් වේවා කියලා හදවතින්ම සුභ පතනවා අයියේ..

    ReplyDelete
  11. දේව් අයියට සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරය එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  12. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. අපේ ජීවිත වලටත් ඒක අදාලයි. ඒ නිසා ඒක බ්ලොග් එකට අදාල නොවෙන්න හේතුවක් මම නම් දකින්නේ නෑ. ඒ නිසා මල්ලිත් පොඩි වෙනසකුත් එක්ක ආයෙමත් බ්ලොග් කළාවට ආපු එක ලොකු දෙයක්.

    දිගටම ලියන්න. අනිවාර්යෙන්ම කියවන්න එනවා. මම හිතන විදිහට මල්ලි ලියන පලවෙනිම කතාව මේක. ඒ නිසා මගේ සුබ පැතුම් !!!

    ජය වේවා !!!

    ලබන්නාවූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  13. සුභ පැතුම් අළුත් කථාවට....මේක අත්දැකීමක්ද?.....හික් හික් හික් .....

    ReplyDelete
  14. සුභ නව වසරක් වේවා මලයා !!!

    ReplyDelete
  15. පහන් සිලක් සේ නෙතු දැල්වේවා!
    නෙළුම් විලක් සේ සුවද සැදේවා!
    වසන්තයක් සේ දිවි සරු වේවා!
    මේ නව වසරේ කිරි ඉතිරේවා!

    ReplyDelete
  16. ආ... ඔය තියෙන්නෙ... මාත් හිතුවෙ නමේ මීට වඩා ලිකු වෙනසක් වේවි කියලයි....

    ලැබුවා වූ අළුත් අවුරුද්ද සතුට සාමයෙන් පිරි වාසනාවන්ත එකක් වේවා...!!

    ReplyDelete
  17. මාත් දේව් අයියට සුභ පතනවා අලුත් ගමනට.. මම නම් මේ පැත්තේ ආවාමයි මේ.. ඒත් ඉස්සරහට හැමදාම එනවා.. කතාව ඉක්මනට දාන්න.

    ReplyDelete
  18. සුභ නව වසරක් වේවා දේව්!

    ReplyDelete
  19. නියමයි අයියේ මගේ සුභ පැතුම්....

    ඔයාටයි පවුලේ හැමෝටමයි සුභම සුභ නව වසරක් වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජය වේවා ඔහොම යං

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....