ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

21 December, 2011

කාලේකට පස්සේ........... මොකද මේ වෙලා තියෙන්නේ

අම්මේ................... බ්ලොග් එක ලියන්න පටන් ගත්තට පස්සේ... මෙච්චර දවස් ගානක් ලිපියක් නොදා උන්නමද කොහෙද??  (මේක නම් මඩක්.. එත් පොඩ්ඩක්)  මගේ හිතේ මට දැනෙන දේවල් ලියන්නනේ මගේ බ්ලොග් එක පාවිච්චි කරන්නේ...

දවස් ගානකට පස්සේ බ්ලොග් කියවන්න කියලා පටන් ගත්තහම මුලින්ම අභිත අය්යාගේ පොස්ට් එකයි මලියාගේ පොස්ට් එකයි දෙකම සෙට් උනා... දෙන්නම එකම දෙයක් ගැන වගේ ලියලා තිබුන නිසා මමත් ගොඩ උනා ඒ දාලා තිබුනු පොස්ට් එකට...

ඇත්තටම මට දුක හිතුනා එහෙම ලියලා තිබුන එක ගැන නම්...

මම දන්නේ නැ එස් බි යු එකටවත් ලාංකිය එකටවත් ඒකෙන් ආර්ථික වාසියක් තියනවද කියලා... ඇත්තටම එහෙම නැතුව ඇති.. එහෙම තිබුනත් ඒක එයාලාගේ කැමත්ත..

ඒ කියපු කෙනත් කරන්නේ එකම නම් මොකටද ඔය වගේ කථාවක් පොස්ට් එකක් විදිහට ගන්නේ...

මම මහ ලොකු බ්ලොග් කාරයෙක් නම් නෙමේ..

ඔය දාපු එක පොස්ට් එකකටවත් වැප් අය්යාවත් කාලිංග අය්යාවත් රිප්ලයි පොස්ට් දාන්නේ නැති බව මම දන්නවා.. ඔය වගේ කථා අනන්තවත් ඒ අය අහලා ඇති.. ඇත්තටම ඔය වගේ දේවල් වලට මොනවා කරන්නද? කාලෙන් කාලෙට එක එක ආතල් දෙන්න කට්ටිය සෙට් වෙනවා.. අපි පැත්තක ඉදන් බලලා ආතල් ගන්නවා...

මම බ්ලොග් කියවන්නේ ඇත්තටම ඔය සින්ඩි 2නුයි බ්ලොග් රොල් එකෙනුයි.. සින්ඩිය සබැදියක් දාන්න කියලා ඒ අය බල කරන්නේ නැ.. මම දන්න ගොඩාක් බ්ලොග් තියනවා සබැදි නැති ඒත් ඔය සින්ඩි වල තියන..

සබැදියෙන් වෙන්නේ අලුතෙන්ම බ්ලොග් කියවන්න ආපු අයට තවත් බ්ලොග් ගොඩකට යන්න පාර කියන එක... ඇත්තටම මේක ඉතින් ෆ්ලෝ අඩු හිට්ස් අඩු දුකට ලියපු ලියමනක් කියලා හිතුන නිසා නොදැකපු අයට යන්න පාරත් එක්කම ඔන්න මම දානවා..

මෙන්න පාර

ඇත්තටම බ්ලොග් ලියන කට්ටියම සෙට් වෙලා කරන්න පුලුවන් වැඩ කරන එක හොදයි කියලා මම හිතනවා.. බ්ලොග් ලියන කාටවත් ඇඩ් දාලාවත් මොනවා නිසාවත් ආර්ථික වාසි නම් ලැබෙන්නේ නැ.. හිතේ සතුට විතරයි... ඒත් ඇයි මෙහෙම..

කාටවත් මොනවත් කියනවට වඩා හොද නැද්ද මොනවා හරි කියවන්න දෙයක් ලියන එක...

අභිත අය්යාගේ අනාවැකිය ඉක්මනටම බොරුවක් වෙන ලස්සන දවසක් උදාවේවා කියලා හදවතින්ම මම පතනවා...

බ්ලොග් කලාවට ජයවේවා... වාද බේද නැති සිංහල බ්ලොග් ලෝකයක් ඇතිවේවා

මේ ටිකේ ලියන්න බැරි උනේ ලැප් මල්ලි මාත් එක්ක තරහ වුනානේ ..  ඉතින් මොනවා කරන්නද ලැප් පැත්තකින් තියලා නොට් බුක් එකකට සෙට් උනා... හොදයිනේ නේද?

අලුත් සගයාගේ ෆොටෝ ටිකක් ඉක්මනටම දාන්නම්කෝ

අද පොස්ට් එකක් ලියන්න කලින් මේ නොලියපු දවස් ටිකේ මග හැරුනු දවසක් ගැන ලියන්නම්කෝ.. ලියනවා නෙමේ පොඩි ෆොටෝ කැලි ටිකක් දාලා යන්නම්..

මතකයිනේ මට උනු ඇක්සිඩන්ට් එක..

ඒක වෙලා මේ මාසේ 14 වෙනිදාට අවුරුද්දක්... බලන්නකෝ එදා මම ..



29 comments:

  1. මෝටර් සයිකල් අනතුරක් වගේ.

    ReplyDelete
  2. ඒකනෙ මමත් අහන්නෙ

    ReplyDelete
  3. මේ කියන සීන් කෝන් එක හරියට දන්නෙ නැහැ , දීල තියෙන පාරෙන් ගිහින් බලඥ්ඥනං

    ReplyDelete
  4. ගිහින් බැලුව, මං කියෙව්ව ඒක ඊයෙද කොහෙද, ආතක් භූතක් හිතා ගන්න බැර් නිසා හිතට ගත්තෙ නෑ.

    ReplyDelete
  5. හ්ම්ම් දැන් සම්පුර්ණයෙන් සුවයි කියලා හිතනවා.

    ReplyDelete
  6. අම්මේ...... මොකද මේ............අයෙත් ලියමු එහෙනම්........

    ReplyDelete
  7. මොකක්ද කේස් එක...

    ReplyDelete
  8. අහ්හ් අඩ අඩ වගේ තමා ඒ ලිපිය ලියලා තියෙන්නේ..සින්ඩි ගැන ඔච්චර මළ නම් සින්ඩි වලට ඉල්ලන්නේ නැතුව ඉන්න තිබ්බනේ.මං නම් ඒ ලිපියෙන් දැක්කේ එයාගේ බුකියේ ගෘප් ඒක ප්‍රචාරය කරගන්න ලියපු ලිපියක් හැටියටයි :D.කොහොම වුනත් මට හිතෙනවා හෙට අනිද්දා වෙද්දී දේවාටත් හොදට අහගන්න වෙයි lkgossipnews කාරයාගෙන්.මොකද සමහරු මෙතන කෙට වීමක්‌ ඇති කරන්න ගන්නා උත්සාහයකුත් එම ලිපියේ කමන්ට් වලින් දැක ගන්න පුළුවන්

    ReplyDelete
  9. දැන් ෆොටෝ එකකුත් දාන්න පුලුවන් නම් වටිනවා.
    මාත් කාලෙකට පස්සේ ලියන්න ගත්තේ.

    ReplyDelete
  10. මෙ මොකක්ද අප්පා වෙලා තියෙන්නෙ............... මොනදේ කළත් පරිස්සමින් සහෝදරයා

    ReplyDelete
  11. ඇනෝ : අනිවා ඇත්තටම..........

    ලොකු ජෝන් : කියලා වැඩක් නැ ඒ ගැන නම්....

    ඔබ්සවර් : ඇත්තටම ගන්න දෙයක් නම් නැ තමා... ඔබා මාමේ...
    ඒත් ඉතින් අපිත් අවුරුදු 2, 2.5ක් මේ බ්ලොග් ‍ෆිල්ඩ් උන්නානේ.... මොනවද කියලා අපිත් බලන්න ඕනනේ... ඔය ආතල්

    ReplyDelete
  12. වර්ණා : ඇත්තටම දැන් නම් 100%ක්ම හොදා යාලු..

    රතු මුහුද : බය වෙන්න එපා යාලු ... මේ අවුරුද්දකට කලින් එකක්..

    ReplyDelete
  13. මාතලන් : පොඩි ආතල් එකක් අයියේ...

    නිකමා : මාත් ආසයිනේ බන් ඒවාට මාර විදිහට... ලියනකන් තමා මාත් බලාගෙන ඉන්නේ... මම මේක ලිවේ අවුරුදු ගානක් මේකේ මොනවද උනේ කියලා ටිකක් හරි දන්න නිසා පැත්තක ඉදගෙන උනත්... ඔය තරම් මල ............ අනේ අපිට මොකෝ නේද බන්..

    ReplyDelete
  14. මධුරංග : මම ඒ පැත්තේ නම් ගියා අය්යේ... ඊලග එකකදි දාන්නම්කෝ....

    මගේ දිනපොත : ඇත්තටම දැන් නම් ගොඩාක් පරිස්සමින් තමා යාලුවා.. ස්තුතියි...

    ReplyDelete
  15. හප්පා මම හිතුවේ කවුරුහරි අල්ලගෙන නෙලලා කියලා.....

    ReplyDelete
  16. බ්ලොග් ලිපියක් ලිවුවාම ඒක බලන ගාන, කමෙන්ටු දාන ගාන ගැන වෙලාවකට දුකත් හිතෙනවා තමයි.. ඒත් එක්කෙනෙක් හරි බලන්න ඇති නේ කියලා හිතාගෙන හිත හදාගන්න එක තමයි හොඳ..

    ඒත් පහුගිය කාලේ මගේ සයිට් එකට ආපු ට්‍රැෆික් වලින් වැඩිම ප්‍රතිශතයක් ඇවිත් තියෙන්නේ
    blogs.sinhalabloggers.com වලින්.. 28% ක් විතර..
    kottu.org ඉන්නේ 4 වෙනි තැන 10% ක් විතර
    syndi.lankeeya.lk ඉන්නේ 7 වෙනි තැන. 7% ක් විතර

    5 වැනි ස්ථානයේ ඉන්න www.facebook.com 9% විතර ට්‍රැෆික් මගේ බ්ලොගයට දීලා තියෙනවා..

    වැදගත් ම දේ

    dukaa.blogspot.com 2 විදිහට 16% ක් විතරත්
    galaayanajeevithaya.blogspot.com 3 විදිහට 12% ක් විතරත්
    sansaare.blogspot.com 6 විදිහට 9% ක් විතරත් ට්‍රැෆික් ගෙනත් තියෙනවා..

    ඒත් මේ මං කිවුවේ අවුරුදු දෙකක් විතර කාලයක් තිස්සේ සමස්ථය.
    පහුගිය මාසේ විතර සැලකුවාම..

    blogs.sinhalabloggers.com 1 විදිහට 28%ක් විතරත්
    kottu.org 3 විදිහට 12%ක් විතරත්
    syndi.lankeeya.lk 10 විදිහට 4%ක් විතරත් ට්‍රැෆික් ගෙනත් තියෙනවා..

    2 වැනි ස්ථානයේ ඉන්න www.facebook.com 20% විතර ට්‍රැෆික් දීලා තියෙනවා..

    හැබැයි දැං අර සහෝදර බ්ලොග් වලිං ආව ට්‍රැෆික් එකනම් සෑහෙන්න අඩු වෙලා..
    ඒ වගේම මාත් ඔය සින්ඩි ගණනාවකට සම්බන්ධ වෙලා හිටියට ඒවැයිනුත් ඒ හැටි සහයෝගයක් නෑ වගේ..

    අපි ලියන කරුණු වලට වඩා අපේ ප්‍රතිරූපය, මාතෘකාව, පිංතූරය වගේ දේවල් වලට කියවන්නන්ගේ හිත ඇදිලා යනවා ඇති..

    සමහරු මට වාතයක් ගියා කියලා දැම්මත් කමෙන්ටු සීයක් විතර තියෙනවා.. සමහරු හරිම මහන්සියෙන් හරවත් ලිපියක් ලිවුවාම එක කමෙන්ටුවක් වත් නෑ.. එහෙම වුණාට එයාලට දුක හිතෙන්න එපා කියලා මං පතනවා.. ඒක නොවැ යථාර්තය..

    ඔය කියන බ්ලොග් එක ගැන වැඩිය හිතන්නේ නැතිව ඉමු.. වැප් මලයාට ලාංකීය සින්ඩිය ආයෙත් ගොඩගන්න පුළුවන් වේවා කියලා පතමු..

    ReplyDelete
  17. මාර බේරිල්ලක් බේරිලා තියෙන්නෙ නේද ? ඔන්න බේරුනාට සුභ පැතුම් !:D

    ReplyDelete
  18. සින්ඩි ගැන මම එක පාරක් කතා කරලා පෝස්ට් එකකුත් දැම්මා, ඒක නිසා ඒක ගැන මම ආයිත් කතා කරන්න යන්නෙ නැහැ .......

    @Chathura Wijekoon|චතුර විජේකෝන්,
    මම චතුරගේ බ්ලොග් දෙකම කියවන කෙනෙක් විදියට දන්නවා ඒ බ්ලොග් දෙකේ සෑහෙන්න වටින ලිපි තියනවා, හුඟක් වෙලාවට තමන්ගෙ බ්ලොග් එක බලන්න කට්ටිය එන්නෙ සින්ඩි,බ්ලොග් රෝල් වලින්ම විතරක් නෙමේ, ඒවයින් එන්නෙ නැහැ කියලා මම කියන්නෙ නැහැ ........

    තමන් අනික් බ්ලොග්වල දාන කමෙන්ට්වල ගුණාත්මකභාවයත් තමන්ගෙ බ්ලොග් එකේ ට්‍රැෆික් එකට අනිවා බලපානවා, තමන්ගේ හිතට දැනෙන කමෙන්ට් එකක් කවුරු හරි බ්ලොග් එකක දැක්කොත් ඒ කමෙන්ට් එක දැම්මෙ කවුද කියලා හොයාගෙන ඒ බ්ලොග් එකට ඇදෙනවා ........

    මම මේකෙන් අදහස් කරන්නෙ අපි බ්ලොග් කියවලා විතරක් ඉන්නෙ නැතුව ඒ ලිපිය ගැන හිතට වදින කමෙන්ට් එකක් දාන්න පුලුවන් නම් අනිවා අපේ බ්ලොග් එකට එන යන පිරිස වැඩි වෙනවා .........

    ReplyDelete
  19. @Chathura Wijekoon|චතුර විජේකෝන්,
    අනිත් එක තමා DISQUS වල කමෙන්ට් කරන්න වැඩිය කවුරුවත් කැමති නැහැ මොකද ඒකෙ අපේ බ්ලොග් එකේ නමින් කමෙන්ට් කරන්න බැහැ, අපේ පර්සනල් මේල් එකවුන්ට් එකේ නම තමා වැටෙන්නෙ, තමන්ගෙ නම හුඟක් අය පබ්ලිෂ් කරන්න කැමති නැහැ ...

    අනික කවුරුවත් අලුතින් මේල් එකක් හදලා කමෙන්ට් එකක් දාලා යන්න තරම් මහන්සි වෙන්නෙ නැහැනෙ ......

    ReplyDelete
  20. මම එවෙලෙම කීවනෙ දේවා ඕක ගනන් ගන්න දෙයක් නෑ කියලා.. බලද්දි මේකා පෝස්ට් එකක්ම ලියලා.. ඔය කොයි සින්ඩියටත් කවුරු කවුරුත් යයි.. මේක අපේ ඕක ඔයාගෙ කියලා බෙදන්න ඕන නැ.. යන එකා යයි.. එන එකා එයි.. සමහරු එක එක විදියෙ ප්‍රචාරණ ක්‍රම පාවිච්චි කරනවනෙ ඉතින්.. නොරැවටී ඉන්නයි වෙන්නේ..

    වැටුන මිනිහෙකුට අත දික් කරන එක වටිනවා පයින් ගහන එකට වඩා.. ඒත් අපට ලෝකයා හදන්න බෑනෙ දේවා..

    අයියෝ මේ පින්තූර දෙක මොකට දැම්මද මන්දා... මාවත් දැනට අවුරුදු 3කින් ආපස්සට අරගෙන ගියා.. සාරි පොට පිටිපස්සෙ රෝදේ ගිහින්... අයියෝ.. කෙල්ලො දෙන්නගෙ පිනකට මේන මම ඉන්නවා.. කොච්චර පරිස්සම් උනත් වෙන්න තියෙන දේ වලක්වන්න බැ කියන එක මම එදා පිළිගත්තා.. දැන්නම් උදාන වාක්‍යය වගේ..

    ReplyDelete
  21. තාම බ්ලොග් ලියවිල්ලට හුඟාක් අලුත් නිසා මම සින්ඩි ගැන, බ්ලොග් ලෝකෙ කල්ලි වාද ගැන වැඩිය දන්නෙ නෑ.

    මට හිතෙනව නොදන්න එක වඩා හොඳයි කියල, ඒ හිංද හොයන්න යන්නෙ නැතුවම ඉන්න තීරණේ කළා.

    ReplyDelete
  22. හාපෝ... මාර ඇක්සිඩන්ට් එකක්නෙ... ලෙලි ගිහින් තියෙන්නෙ... දතුත් කැඩුනද...?

    ReplyDelete
  23. මමත් ඊයේ ඕක කියෙව්වා . අපි විනොදාන්ශයක් විදියට බ්ලොග් ලිව්වට ඔය ලිපිය තිබුන බ්ලොග් එක කරන්නේ ආර්ථික වාසියක් බලාපොරොත්තුවෙන්නේ. උබේ මේ ලිපිය නිසාත් එයාගේ ට්‍රැපික් වැඩිවෙන එකනේ වෙන්නේ. බලාගන ගියාම කාටහරි මඩක් ගහන ඒකත් නරකම නෑ. ඔය වගේ වෙලාවට කරන්න ඕනේ උගේ ආතල් එක ඌටම තියාගන්න කියලා සද්ද නැතුව ඉන්න එක. (අම්බලම)

    ReplyDelete
  24. ඔබ නොදු‍ටු ලොවක් : මාත් හිතුවා බන් නෙලයි කියලා.. තාම නම් එහෙම පාටක් නැ ඉතින්

    චතුර විජේකෝන් : කල්හාර අයියා උත්තරයක් දිලා තියන නිසා එය අනුමත කරමි.. නමුත් සින්ඩි වලින් සහයක් නැ කියන්නම බැ

    අසරණයා : දැන් නම් හොදයි බන්

    ReplyDelete
  25. ගිම්හානි : තවම අක්කලා එක්ක ඉන්න පින තියනවා මගේ හිතේ

    පන්සල් හන්දිය : එකගයි 100% ක්ම

    තනෝජ : මොනවා කරන්නද අක්කේ... බොරුවක් කියනකොට මටත් නලියනවානේ....

    ReplyDelete
  26. මියුරු : දත් 2ක් කැඩුනානේ අක්කෝ... කියලා වැඩක් නැ ඉතින්

    රේප් මහත්තයා / අම්බලම : පව්නේ බන් මාස ගානක්ලු ලියන්න අරන්... තාම ෆලෝ 5ක්වත් නැහැ කියලා අඩ අඩා උන්නු නිසා ට්‍රැ‍ෆික් එක පොඩ්ඩක් හරවලාවත් බලමු ඔය ලෙඩේ හොදවෙයිද කියලා..

    ඇත්තටම හොදට කමෙන්ට් ෆලෝ තිබුනා නම් ඔය වගේ පොස්ට් එකක් මිනිහා ලියන එකකුත් නැ..

    ReplyDelete
  27. අනේ අම්මේ දේවා අයියේ අනතුරක් උනා නම් හොද චෙකප් එකක් දාගන්න නැත්තම් කල් යද්දි සෑහෙන්න ප්‍රශ්න ඇතිවෙනවා.දැක්ක ගමන් මට හිතුනේ මේ දෙසැම්බරේ කියලා මාව කූල් උනා මගේ බ්ලොග් එකට ඇවිත් උදව්වක් ඕන්නම් කියන්න කියපු දේවා අයියාට කරදරයක් කියලා දැක්කාම.බයික් කියන්නේ අනතුරකට අතවැනීමක් පුළුවන් තරම් වේගේ අඩුවෙන් යන්න නැත්තම් ඉක්මන්ට ඔහොම තුවාල කරගත්තෑකි.අනික මේ කාලේ තවත් පරිස්සමින් බීපු මී හරක් වාහන එලවන්නේ...

    එහෙනම් අයියේ ජය වේවා දිගටම ලියන්න මේ බ්ලොග් එකට එන්න ටිකක් කල් ගියානේ අද ඉදන් දිගටම එනවා...

    ReplyDelete
  28. අෆොයි ඇක්සිඩන්ට් එකක්? හම්මෝ ඔයින් ගියා මදැයි.. අයෙ යනකොට පරිස්සම් වෙන්ට..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....