ඔන්න ආවා......... අලුත් ඒවාත් එක්කම......
කලින් පොස්ට් එකට ඔතනින්
***************************************************
මචං රංග අර බලපන්කෝ අර අලුතෙන් ආපු කෙල්ල උබ දිහා බලනවා නම් වැඩි වගේ..මොකද මොනවා හරි ලයින් එකක් වත් වැඩ කරනවද කියගෙන මගේ පිටට තට්‍ටුවකුත් දාගෙන ඒ ලෙවල් මැත්ස් පන්තියේ උන්නු අපේ සෙට් එකට සනාත් එකතු උනා
උබ දන්නවානේ සනා... කෙල්ලෙක් කියන්නේ මට මොනවද කියලා... උබලගේ පවකටද කොහෙද බන් මම මේ උබලට සෙට් වෙලා ඉන්නේ...
එහෙම කියන්න එපා මචං උබ ඔය පිස්සු කෙලියට හොද මිටරයක් ඒකෙන් වැඩක් අරන් ගනින් ටිකක් හිතට අරන්..
කොහොමද බන් මම එහෙම මිටරයක් කියලා උබ කියන්නේ ප්‍රවින් මට මොනවද පුලුවන්.. තාත්තා අල්ලගෙන පොවන නිසා කෙමෙස්ට්‍රි ටික නම් ඔහේ ඇදගෙන යනවා..
බලපන් රංග අපි හැමදාම ටියුශන් යනවා.. මැරිගෙන පාඩම් කරනවා.. පේපර් වලට උත්තර ලියනවා
ඒත් උබ එහෙමද කරන්න පුලුවන් ඔක්කොම පිස්සු ඔක්කොම කරනවා...
අඩුම තරමේ වැස්සකටවත් ක්ලාස් එකකට යනවද ? නැනේ වහිනකොට කොහේ හරි කෙල්ලෙක් එක්ක කුඩයක් යටට වෙලා උබ උබේ ලෝකේ..
ඒත් හැම වාරෙකම උබ ඉන්නේ පලවෙනි 5 දෙනා අතර...
අර හැමදාම අපේ කෙමා කියනවා වගේ උබට ගොඩ යන්න පුලුවන් පොඩ්ඩක් ඔය පිස්සු අඩු කලොත්...
හරි හරි උබලගේ ඔය මගුල් කතා ඔක්කොම නවත්වපල්ලකෝ...
වෙන දෙයක් වෙයි...
ඇත්තටම අර කෙල්ල ගොඩාක් ලස්සනයි නේද සනා... කොහොම හරි ඒකි මගේ කරගන්න ඕනා බන්..
පව් රංග... ඒකි ගොඩාක් දුප්පත් කෙල්ලක්ලු... ඉගන ගන්න මාර විදිහට පුලුවන් කියලා මට සචිනි කිවා
ඇත්තටම විශ්ව උබේ කෙල්ල සචි ඉන්නේ ඒ පන්තියේ නේද ??????
ඒයි ඒයි කොහොමද හෙලෝ මගේ කෙල්ල උබට සචි උනේ....
ඒවා නම් තියා ගන්න එපා හොදද? ඔන්න උබ මගෙන් තමා නැති වෙන්න හදන්නේ...
මේ බලපන්කෝ ප්‍රවිනයෝ මුට අමු කැවිලද??
හොදට අහගෙනින්... මට බැ කියන්න ප්‍රවිනයෝ එක්කෝ සනෝ මුට කියලා දිපන්කෝ මම මිත්‍ර ද්‍රෝහියෙක් නෙමේ කියලා...
මම මේ සචිනි ඔන්න මම හරියටම නම කිවා දැන් උබට හරිනේ නේද??
සචිනි ගැන කියන්න ගියේ මට පොඩ්ඩක් හෙල්ප් කරන්න කියන්න කියලා අර කෙල්ලව දාගන්න.....
අම්මෝ... රංග අයියේ හවස යනකොට උබම ඇවිත් කියපන්..
මට බැ මගේ පවුලත් කඩා ගන්න..
මතකනේ අර නිර්මලා ගේ කේස් එක.. එකි සචිනිලගේ ගෙදරත් ගිහින් පාට් එකක් දාලා තිබුනනේ..
අනේ අනේ නරක් වුනා එහෙම කරපු එකෙන්... දැන් ඒ හින්දා නෙමේද උබලාගේ ලව් එක ගෙවල් වලින් දන්නේ...
දන්නවා තමයි.. දැන් ඉතින් අර කලින් තිබුන නිදහස තියනවද?? වෙනදට පැය දෙක තුනක් කථා කරන එක දැන් විනඩි 3,4න් ඉවර කරන්න වෙලා...
ඔන්න උබලාගෙන් අපිට ලැබෙන තැගි...
හරි හරි විශ්ව උබ කියන්න ඕනේ නැ මමම කියන්නම්කෝ..
රංග අයියේ මුගේ විනාඩි 3 කියන්නේ රබර් ද කොහෙද අපි යන බස් 2ක් ඇරලා ටවුන් එකේ පැයක් විතර ඉදලා මුං යන්නේ..
එහෙම තමා බන් සනෝ සැබැ ප්‍රේම වන්තයෝ ආදරේ වෙනුවෙන් මුන් මැරෙනවා...
අපි වගේ පව් කාරයෝ අපි ආදරේ වෙනුවෙන් මැරෙනවා නෙමේ අපි වෙනුවෙන් ආදරේ මැරෙනවා...
මේ විශ්ව එක නෙමේ සචි කිවේ නැද්ද මොකක්ද ඔය ගර්ල් ගේ ඇත්ත නම එහෙම............
කිවා කිවා.... ඒ කෙල්ලගේ නම නිසංසලා බන්..
නිසංසලා... රුපේ වගේම නමත් ලස්සනයිනේ...
මේ ගේමට මම බහිනවා බන්...
******************************************************************
දේව් බ්ලොග් ලොකේ ලියපු පලවෙනි කතාවේ පලවෙනි කොටස..... චාටර් නම් කියල යන්න....
නිසංසලා එක්ක රංග යාලු වෙයිද?? නැත්නම් මොනවා වෙයිද?
ඉක්මනින්ම ඉතුරු කොටසින්
කථාව පොඩ්ඩක් විතර අද නම් කෙටියි... බනින්න ඔට්‍ටු නැ අලුත් අවුරුද්දේ...
අද ඉතින් මම වැඩනේ...
ඔයාලත් එන්න.....