ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

09 January, 2012

ගාල්ලේ ආතල්...රස කථා සමගින් 01

ඇත්තටම මම මුලින්ම දාන්න උන්නු පොස්ට් එක නම් නෙමෙයි මේක... ඒත් ඇත්තටම විඩියෝ අප්ලෝඩ් කරන්න තරම් නෙට් කනෙක්ශන් මදි වගේ ඔන්න ඒක හෙට... (පොඩි මැන් ඇත්තටම කොහොමද මන්තර කාරි ලග හැසුරුනේ) ඒක බලාපොරොත්තුවන්න හෙට

අද මේ පොස්ට් එක ඇත්තටම දැන් දාන එකේ තේරුමක් තියෙවිද මන්දා.. දැන් එතන නොහිටිය කෙනෙක්ට පවා අකුරක් නැර මොකද උනේ කියන්න දන්නවනේ..

දේව් ගිය පලවෙනි ගේට්‍ටුවත් මේක නිසා ලියන්න ඕනමයි..

2012 - 01 -06

සති දෙකකට විතර කලින් පොඩි මැන්ගේ බ්ලොග් පොස්ට් එකක ගාලු ගේට් එක ගැන කියවපු ගමන්ම අනිවා මේකට යනවා කියලා හිතින් හිතලා අනිවා අපිත් එනවා කියලා කමෙන්ට් කරලා දවස උදාවෙනකන් බලාගෙන උන්නා..

ඔය අතරේ තමයි ගෙදර බණක් සමග සාංගික දානයක් ලැස්ති කරලා තියනවා කියලා අම්මා කිවේ...

මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව මාත් කල්පනා කරලා කොහොමහරි ශේප් එකක් දාගෙන බනට විතරක් ඉදලා ගාලු එන්න.

ඔන්න යන්න කලින් දා ‍රැ 8ට විතර එනවා කොල් එකක්..

හේලෝ කොහොමද දේවා අයියා..

ඔව් කියන්න වර්ණා නංගි... ඔයා හෙට එනවා නේද නංගි

ඒක තමා අයියේ කොල් කලේ.. පුලුවන්ද  අයියේ හෙට මට 3.30ට විතර ඇහැරවන්න...

(මම එහේ නම් නෙමේ උන්නේ හොදේ)

මම නංගිට කෝල් කරන්නම් උදේට..

ඒත් නංගි කිරිබත්ගොඩ නම් ඉන්නේ ඉතින් 3.30ට නැගිටින්න ඕනේ නැනේ නේද?

නැ අය්යේ දවස් ගානකින් නාලා නැ හෙට උදේවත් නාගන්න ඕනා... ඒකයි ඒ ටයිම් එකට කිවේ

හා හරි නංගෝ... ඒත් ඉතින් ඇහැරුනේ නැ කියලා නෑවිත් ඉන්න එපා මොකද අපි කොහොම හරි නහය වහගෙන ඉන්නම්කෝ...

හරි අය්යේ එහෙමනම් ගුට් නයිට්..

ඔන්න ඔහොම කියපු වර්ණා ට ඇහැරිලා තියෙන්නේ 6 ටලු. කිරි ටොපි හදපු ටිකත් බුල්ටෝ වෙලාලු..

දේවා කොහොමහරි ගෙදරින් 3ට පිටත් වෙලා 6 වෙනකොට කො‍ටුවේ... නාකියාවයි පොඩ්ඩෝ ටිකකුයි සෙට් කරගෙන 7.10 විතර වෙනකොට කොහොමහරි කට්ටිය කොට්ටේට ආවා..

කියමුකෝ කැවා කට්ටක් ගොඩාක් වෙලා... ඊට පස්සේ ලොකු ජොලියක් එහෙම දාලා ගෙදර ආවා අද උදේ 10.30 වෙනකොට..

මගේ මුලු ගමනට ගතවු පැය ගාන 31.30ක්..

ඔය අතරේ උනු රසවත් දේවල් නොලියා පින්තුර වලින්ම දාන්නම්කෝ...

2012 - 01 - 07



ඔන්න දේව් බස් එකට නගිනකොටම ගැහුවා ෆොටෝ එකක්...  තාම ඔක්කෝම ඇවිත් නැ වගේ...


පවනි , මැක් සමගින් යැංකි (යැංකිට හෙනම ප්‍රශ්නේ කොහොමද මම එක පාර අදුන ගත්තේ කියලා) 

මේ කතාව ඉතින් සද කිදුරා රාජ් එක්ක ගිහින් වර්ණා මැඩම් එක්කගෙන එනකන් තමා...


සයිබර් අවකාශයේ නවක තරු ගමන ඇරබුමටත් පෙර ඇග උනුසුම් කිරිමේ ව්‍යායාම කරමින්....

කෙල්ලෝ ටික ඇතුලේ හොදේ


































පැය තුනකට වැඩි මෙහෙයුමකින් පසුව වර්ණා සමගින් ශානි ගේ සහභාගිත්වය...

බස් එකට ආව ගමන් ඉද ගත්තා විතරයි... අනේ සමාවෙන්න වත් කිවේ නැනේ...






එන ගමන් බස් එකේ ආතල්..... සින්දු ටිකනම් සිරාවටම කිවා හොදේ...

හොද ෆන් එකක් ගත්තා... එනකන්ම...නැ නැ කැඩෙනකන්ම





ඔන්න දැක නැත්තෝ බලා ගන්න මේකට තමා හයි වේ කියන්නේ....

ඕක අතරමග තමා අර අපි තල්ලු කරපු බස් එක දුම් දාලා මග හිටියේ...





ඔතන තමා අපි අතරමග නැවතුනේ...

කොහොමෙන් කොහොමහරි අපි අදාල තැනට එනකොට ගොඩාක් දේවල් වෙලා තිබුනා කියලා හිතුනත් ඇත්තටම ගොඩාක් ආදරය කරන ගොඩාක් බ්ලොග් සහෝදර සහෝදරියෝ මුන ගැහැන්න කථා කරන්න විනෝද වෙන්න ගොඩාක් ලොකු අවස්ථාවක් ලැබුනා..

නම් වශයෙන් කියන්න ගියොත් ආව ඔක්කොම කියන්න බැරි උනොත් ඒක වැරද්දක් නිසා මම ඒහෙම කියන්න යන්නේ නම් නැ ඔන්න...

මුන නොපෙනෙන්න කෙනෙක් වැල්ල සැපයි කියලා නිදාගෙන උන්නු නිසා කතා කරන්න ආසාව තිබුනත් කතා කරන්න උනේ නම් නැ... ආයේ දවසක් එනකන් මම ඒකට බලාගෙන ඉන්නවා..



ලස්සන ලස්සන දේවල් ගොඩාක් එක්ක ජිවිතේට ගොඩාක් ලොකු අත්දැකිම් ගොඩාක් එක්ක ගොඩාක් වටින අවස්ථාවක් උදා කරලා දුන්නට බ්ලොග් ලෝකයේ අභිත අයියා , මගේ මරනය ,රංග අයියා , මාතලන් අයියා වගේම ප්‍රවින බ්ලොග් කරුවන් සියලු දෙනා වෙතත් මේ වගේ අවස්ථාවක් සංවිධානය කරපු පොඩි මැන් , කිඩෝ , බනියා (කැමරාව එහෙට මෙහෙට වන වනා උන්න හින්දා කතා කරන්න බැරි උනානේ..) ඇතුලු ගාලු සංවිධායක මණ්ඩලයටත් රාජ් සහෝ ටත් ගොඩාක් ස්තුතියි මේ අවස්ථාව උදා කරලා දුන්නට...


තවත් ගොඩාක් 4ටෝ නම් තියනවා දාන්න... ඒත් අද ජාල සබදතා ගොඩාක් දුර්වල වෙලා...මේ ටික දාන්නත් මාර ගේමක් දුන්නේ..  ඉක්මනින්ම බලාපොරොත්තු වෙන්න පොඩි මැන් & මන්තර කාරි ගැ‍ටුම විඩියෝ සමගින්...

ප.ලි: කිප දෙනෙක්ම කිවා මම යන්න නැතුව ඇති කියලා අප්ලෝඩ් කරපු ෆොටෝ වල මම ඉන්නවා දැක්කේ නැ කියලා.. වෙලාවට මගේ ලගත් නැනේ ගොඩාක් මගේ 4ටෝ...

50 comments:

  1. පොටෝ ටික නං හොඳයි...බ්ලොග් එකේ කස්ටිය නං වලිං විතරයිනේ දන්නේ..ඒක නිසා පොටෝ එකත් එක්ක නං ටිකත් දැම්මනං මේ කව්ද කව්ද කියලා වැඩේ වටිනවා තවත්....

    ReplyDelete
  2. මොකක්ද බං අර සමාව ගැනීමේ සීන් එක ... හැම තැනම තියෙනවා මම දැක්කා...

    ReplyDelete
  3. අපිත් හිටියනම් මල්ලිලා හමු වෙන්න එනවාමයි..මොකද අපි හිටියේ ඔතනට කිලෝ මීටර් තුනක් විතර එපිටින් ...ඒත් මොනව කරන්නද ...දැන් ඉතින් හුඟක් ඈතනේ ඉන්නේ ...අපි මේ ලිපි ඡායාරූප බලල සතුටු වෙනවා ..ඒ වගේම සුබ පතනවා ආයෙත් මේ වගේ සුන්දර එකතුවීම් වෙන්න කියල

    ReplyDelete
  4. ඔබ නොදු‍ටු ලොවක් : උත්සහ කරන්නම් යාලුවා.. එක එක ෆොටෝ නැති නිසා ටිකක් අමරුවෙයි.. බලමු..

    ReplyDelete
  5. හරි : ඔන්න ඒක බලාගෙන ඉන්නකෝ විඩියෝ වලින්ම ඊලගට

    ReplyDelete
  6. මහේෂ් නිශාන්ත : ඒක නම් ඇත්ත තමා අයියේ.. පුලුවන්නම් අවුරුද්දට ලංකාවට එනවනම් 20 ගනන් වල ඉන්න බලාගෙන ඉන්නකෝ...

    ReplyDelete
  7. තොපි වයිකින් බස් එකෙකද හයිවේ එකේ යන්න ගියේ , නොදකින් . ! ..දුම් නොදා තියේයැ

    ReplyDelete
  8. මේක හොඳයි.... මඩ චුට්ටක් අඩුයි....
    අඩුයි කිවුවෙ අනිත් ගොඩක් පෝස්ට් ලියල තියෙන්නෙ ඔය බස් එකේ ආපු අය නෙමෙයි නෙ..... ඕකෙ ආපු සෙට් එකටනෙ ෆට්ටම ෆන් එක සෙට් වුනේ.....
    :ඩී

    ReplyDelete
  9. නියම වැඩක් දේවා...

    ReplyDelete
  10. හොඳට රස විඳලා බව පේනවා. නම්වලින් අඳුන්නලා දුන්නා නම් හොඳයි කට්ටිය. අපි දන්නේ ඉතින් ඔය 'දේවක' කියන එක්කෙනා විතරනේ.

    අපිටත් බැරිද දන්නේ නෑ ඔය 'wake up call ' එකක් එහෙම ගන්ට...:D:D:D

    ReplyDelete
  11. බොහොම ලස්සනයි දේවා..ඒත් මම පොඩි ඉල්ලීමක් කරනවා අර වීඩියෝ එක අප්ලෝඩ් නොකරන විදියට..මොකද මන්තරකාරී ඒකට එච්චර හිත හොඳින් නෙවෙයි ඉන්නේ කියලයි ආරංචි. ෆේස්බුක් ගිණුමත් අත්හිටවලා..ඒක නිසා ඒ ඇත්තිව ඇතුලු කාගෙත් හිත සුව පිණිස(පොඩි මෑන්ගේ බෝතල් වික්‍රමයත් එහි අන්තර්ගත නිසා) එය පලනොකරන ලෙස ඉල්ලීමක් කරණවා.මෙය ඉල්ලීමක් පමණයි.තීරණය ඔබ අතේ

    ReplyDelete
  12. කෝ බන් මෙකෙ මඩ නෑ නේ. ඉක්මනට ඔය විඩියො එක දාපන් අර නරක සමනලයගෙ කට වෑහෙන්න. බස් එකේ ආව අයට නම් වර්නා නියම බුල්ටො වගයක් බෙදුවලුනේ.

    ReplyDelete
  13. වීඩියෝ.... හුටා... යකෝ උඹ මගෙන්ම නේද ඇහුවෙ ඒක දාන්න ලේසි විදියක්... ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියා කැපීම....

    ReplyDelete
  14. හරි සෝක් මරු කතාව...

    ReplyDelete
  15. දේව මල්ලිත් , මාතලන් අය්යත් ගිය බව කලින් අය දාපු ෆොටෝස් වල දැක්කෙ නෑ .
    …කොහොම උනත් කට්ටිය විනෝද උනානම් හරි සතුටුයි අපිටත් .

    ReplyDelete
  16. මචන් ආරුඩ නම් වලි ලියන උන් ප්‍රසිද්ද නොකර හිටියානම් තමයි හොද,අනික් එක කෝ බන් බස් එකේ සීට් බෙල්ට්...උඹලට ලෙඩේ දෑම්මේ නෑද්ද...මම හිතුවේ ඔතනින් ඇතුල් වෙද්දි ඔක්කොම චෙක් කොරන්වා කියලා...

    ReplyDelete
  17. හලේ දුකේ බෑ මල්ලියෝ...:((((
    මොනවා කරන්නද.ඊළඟ එකටවත් එන්න ඕනෙ.

    ReplyDelete
  18. බ්ලොග්කරුවන්ගේ හමුව මඩ කරත්තය සමගින් පෙරටම! ජයවේවා ඔහොම යං ඔහොම යං. දැනටමත් පෝස්ට් තුන හතරක් දැක්ක.

    ReplyDelete
  19. හම් හම්.....එන්න වුණේ නැනේ .....

    ReplyDelete
  20. මඩ නම් මදි බං... ගෙට්ටුව කෙසේ වුනත් උඹලා සෙට් එක නම් හොඳ ෆන් එකකට සෙට් වෙලා කියලා පේනවා...

    වීඩියෝ එක අවුලක් වගේද ? අනේ මන්දා... වර්ණා නංගීට හැමෝම මඩ ගහන්නේ ඇයිද මන්දා ? :P

    එළ, එළ... අපිත් අප්‍රේල් එන්නම්කෝ...!!!

    ReplyDelete
  21. මමත් ඔය බස් එකේනේ ගියේ .. ඔය දේව් කියන එකාව මම දැක්කේ නෑනේ බොලං ...

    ReplyDelete
  22. අපෝ ඔව් ඔය නංගිලා නාපු නැති නිසා තමයි උදේ 7 ඉදන් අපිට නාන්න උනේ. 3.30 ට නැගිටලා ඔය දේන්නාට නාන් ඔය තරම් වෙලාවක් ගියා නිසා වෙන්න ඇති කොට්ටාවට 7ට ​එන්න කිව්වාම කිරිබත්ගොඩින් 7ට ආවේ . අනේ මගේ කට ඉතින්. අනික ඉතින් කවුරැත් බලා ගෙන හිටියේ අර උඹට දිපු පොර ටොක් එක වුන කිරිටොයියා අරගෙන එනකම් නේ. අන්තිමට ඉතින් ගෙනාපු එකත් දැක්කා නේ. අන්තිමට පැය 4ට කිට්ටු කාලයක් බලාගෙන ඉන්න වුන එවුන්ට බුල්ටොවත් නැනේ.

    ReplyDelete
  23. ඊලග අවුරුද්දෙවත් බලමුකෝ මේවා කියවද්දි දුකේ බෑ

    ReplyDelete
  24. හම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්................
    අර වැල්ල සැපයි කිව්ව එකාගෙ පොටෝ කෑල්ලක් ඇල්ලුවෙ නැද්ද අපිටත් ඒ ෆන් එක බලාගන්ට

    X-Porter

    ReplyDelete
  25. ලංකාවේ හිටියා නම් අනිවාර්‍යයෙන් එනවා!

    ReplyDelete
  26. වැඩියම නෙමේ, චුට්ටක් විතර ඊරිසියා හිතුන.

    ReplyDelete
  27. මොකද්ද මේ විඩියෝ සීන් එක??

    ලංකාවේ හිටියනම් මමත් එදා ඔතනනේ...

    ReplyDelete
  28. මට නිකන් ජේ වගේ....:D ඊලඟ සැරේවත් බලමුකෝ..... හි හි...
    අහ්හ්හ් දේවා අයියත් ට්‍රිප් එක ගිහින් නෙ...??? ;)
    නියමයි අයියා!!! තව විස්තර එනකම් මග බලා සිටිමි

    ReplyDelete
  29. හෆෝයි................මිස් ඉට්.............!!!!!!!!!!!!!!!

    ReplyDelete
  30. :D අයියා ඇවිත් කන්න ගියා ගියාමයි ඊට පස්සේ ආයේ දැක්කේ යන වෙලාවේ,.. :p කොහොම වුනත් ගෙට්ටුව නම් නියමයි,. එදා දවස මට නම් කවදාවත් අමතක වෙන එකක් නෑ,.

    ReplyDelete
  31. මම අර වීඩියෝ එක දැම්මා.දාලා ඇවිත් මේක බලද්දි කේස් එකක්.ඒ පාර කැපුවා.. හැබැයි ඒක ඒ තරමට හිතට ගන්න දෙයක් නෙමේනෙ. අනේ මන්දා.

    පෝස්ටුව මදිය.එක්කෝ තව පොටෝ දාපිය. නැත්තන් කාටහරි මඩක් ගහපිය .( මට ඇර.)දේවාට මඩක් මම නම් හෙට 8 වෙනකොට දෙමි.

    අර තල්ලු කරන පොටෝ එකට ලයික්ය.

    ReplyDelete
  32. මම නම් ඉතින් වැඩි දෙනෙක් අඳුරන්නේ නෑ...වර්ණා කවුද ශානි කවුද කියලා වෙන වෙනම කිව්වනම් තමා හොඳ :)...ස්තුතියි මේ ගැන ෆොටෝස් එක්ක විස්තරයක් දැම්මට...ඇවිල්ලා බලන්න බැරි එකේ :)

    ReplyDelete
  33. බුවාගේ සිතිවිලි : එහෙම තමා බන් හොද....... අපිට ගැලපෙන පුරුදු වාහනෙකින්නේ යන්න ඕනේ බන්..

    පවනි: බලාගෙන ඉදපන්කෝ ඊලග එක දානකන්... උබලටත් මඩ වදිවි ඊලග එකෙන් එහෙම....

    රාජ් : උබලගේ පිහිට තමා..

    පොඩි කුමාරිහාමි : ආවනම් අනිවා ඒක කරනවා...

    ජනරංග : කියපු දේ හා එකග වෙමි... බලමුකෝ....

    රේප් මහත්තයා : බලාගෙන ඉන්න්නකෝ.... මොකෝ සමනලයා කියන්නේ..

    පොඩි මැන් : නැ බන් උබ හොද එකා.,... කිසිත් නොකියමි..

    අමිල : හොද හොද ඒවා ඉස්සරහට...

    ගිම්හානි : කෝ ඉතින් එන්න කිවාට ආවද නැනේ...

    අසංක : අවුලක් නැති අය ගැන තමා ඉතින් දැම්මේ.. ඉස්සරහ සිට් වල අය විතරක් දාන්න ඕනා කියලා තමා කිවේ නම්...

    නිසුපා : ඊලග එක මිස් කලොත් තරහයි...

    ReplyDelete
  34. මගෙත් මේ 1 වෙනි ගෙට්ටුව.තරමක් ලොකුවට පින්තූර දැකපු එකම පොස්ටුව මේකද කොහෙද :) අනිත් අය බල්ටි ගසද්දී මා මීයෙකු සේ හිටියට මොකෝ මං ගැනත් මේකෙ ලියවිලානෙ :O

    ReplyDelete
  35. අසාදාරණයක මහත.,, අහෝ දුකකි...
    මාව නැගිට්ටෙව්වේ නැහැ ඔන්..
    මඩ මදි මට ගහලා තියෙනවා :ඩි

    ReplyDelete
  36. ගෑනුලමයි 3 දෙනා ද ඔය ගමනට ගියෙ සික්...ඇයි අප්පා කෝ මේ අනිත් ගැහැනු ලමයි?

    ReplyDelete
  37. රාජ් : මඩ තාම පටන් ගත්තා විතරද මන්දා...

    සිතිවිලි නිහඩයි : කොයි තරම් කිවද ඉතින් එන්න කියලා...

    චතුරංග පෙරේරා : මඩ මදි කියලා හැමෝම කියනවානේ... බලමු අයියේ එහෙමනම්... වර්ණා තමයි දවසේ චරිතය ඒකයි..

    කුමාරයා : ආහ්හ් උබ දැක්කේ නැ එතකොට මාව... අර බස් එකේ පිටි පස්සට වෙලා නාකි ඩයල් එකක් ඉන්නවා කියලා නම් මම දැක්කෙත් නැ‍තෝ

    ReplyDelete
  38. අසංක : බුල්ටෝ තියා වතුරවත් නැ බන්... මොනවා කරන්නද හැබැයි ඉතින් ඇත්තටම මරේ මරු...

    ගැමියාගේ පත් ඉරිව : ඊලග අවුරුද්ද වෙනකන් ඉන්න ඕනේ නැ මේ අවුරුද්දේම පුලුවන් යාලුවා...

    එක්ස් පෝටර් : බලධාරින්ගෙන් අවසර ගන්න වෙනවානේ...

    සිබත් : අප්‍රියල් දිහා මේ පැත්තට පියාබන්නකෝ

    ReplyDelete
  39. සුලැගිල්ල : :ඩි ‍ටු ඩි

    ඔබ්සවර් : ඒකනම් කිවේ හිතේ දුකෙන්ද මන්දා.... සැලෙන්න එපා අප්‍රියල් එනවානේ...

    දිනේස් : එදා උන දෙයක් යාලු.. බට් ප්‍රසිද්ද කරන්න බැ වගේ..

    හිතුවක්කාරි : කිසිත් නොකියමි.... මන්ද මා ඒ ගැන කිවු නිසා....

    තරු ගේ ලෝකය : එන්න නේද උන්නේ..

    ප්‍රාර්ථනා.: කොහෙද ඉතින් ඔයාලා ෆොටෝ ජෙනික් උනානේ..... අපරාදේ........

    නාකියා : ගහපන්කෝ මඩ ... පරිස්සමින් මම ලගත් ඇත ලොරි ගනන්...

    සයුරි : අම්මේ ඔය ඉන්නේ අපුරුවට ෆෝටෝ වල/// දවසක මුන ගැහෙමුකෝ...

    ReplyDelete
  40. සද කිදුරා : උබ ගැන නොලියා කොහොමද බන්... ඒ හින්දානේ ඔය වෙලාවටවත් ගියේ...

    වර්ණා : අනේ මගේ කට... ඇහැරවයි කියලා බයට ෆෝන් එකත් ඕෆ්..... මදිද මඩ...තව ඕනේද???

    වින්චැට් කිරිල්ලි : අයියෝ නැ නැ තව ඉන්නවා ගොඩාක්...

    ReplyDelete
  41. බස් එකේ අනපේක්ශිත ප්‍රමාදය නිසා තමයි අපිට දෙවැනි බස් එකේ අයව හඳුනා ගන්න බැරි වෙච්ච එක ! කමක් නෑ ආයි හම්බ වෙමුකො !

    ReplyDelete
  42. අපරාදෙ.. බස් එකේ කේස් එක වුණේ නැත්තම් නියටමෙටම ඔක්කොම සෙට් වෙන්න තිබ්බා.

    ReplyDelete
  43. මට මඩ වදින්න විදියක් නෑ නේ.. මම හොද ළමයා වගේ හිටියා.. :) ඉතුරු ටිකත් දාමු කෝ මලේ එහෙනම්..:)

    ReplyDelete
  44. ඉරිසියාව පොඩ්ඩක් අඩුවුනා අර බස් හුචක්කුව මග කැඩිලා තියනවා දැක්කම. ඇයි බං තල්ලු කරලා නේද ස්ටාට් කර ගත්තෙත්?

    henryblogwalker the Dude

    ReplyDelete
  45. මම යන්න හිතන් හිටියත් එන්න උනේ නෑ නෙව.
    කොහෙද අපේ කම්පැනියේ පාර්ටියක් සෙට් උනා නේ. නොගිහින් බැරි උනා.
    ඊලඟ වතාවෙදිවත් සෙට් වෙමුකෝ !

    @හරි :
    ඔය අර මන්තරකාරි ගැන නේ. මම් එදා උබට කිව්වේ හික්ස් :)

    ReplyDelete
  46. ඔන්ට මමත් ඇවිත් යන්න ආවා. පරක්කු වැඩිද මංදා.. බණ්ඩාරවෙලට ආවේ දැන් තමා.. අයියා එක්ක කතා කොරන්ට ලැබීමම ලොකු සතුටක්... :D

    ReplyDelete
  47. කොරන්න දෙයක් නැ, එන්න විදියක් තිබුනෙ නැහැ .........

    ReplyDelete
  48. ලස්සනම ලස්සන හීනයක්

    ReplyDelete
  49. එලම එල .........
    මරු ගේට්ටුව .........
    මේ අව්රුද්දෙ යන ගේට්ටුවක් මටත් පුළුවන් නම් කියහන්.....
    මමත් ඔය ඕන ගේට්ටුවකට රෙඩි....පුළුවන් කමක් තිබුනොත් අනිවාර්යෙන්ම එනවා...
    නියම පොස්ට් එක ඉතුරු සීන් ටිකත් ඉක්මනට පොස්ට් කරන්න.....

    ජයම වේවා!!!!!!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....