ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

19 June, 2011

සල්ලි ගෙවලා අපායේ යාම

වෙසක් දවස් , පොසොන් දවස් පහුවෙලා ගිහින් ආයේ ඉතින් එන්න තියෙන්නේ ඇසල දවසනේ.. ඒකත් ඇවිත් යයි මේ වගේ එත් ඇත්තටම වෙනදා නැති උනන්දුවක් මේ පාර වෙසක් පොසොන් එකට හැමොම ලග තිබුනා.. ගොඩාක් දෙනා එක එක විදිහේ පින්කම් කරගත්තනේ.. මේ එහෙම දෙයක්මම නම් නේමේ.. ගොඩාක් පොඩි කාලේ දේවා බලාන් ඉන්නේ වෙසක් පොසොන් එනකන්.. මොකද හැමතැනම දන්සල් නේ කොහේ හරි ඇවිදින්න යන එක දේවා ගේ පවුලේ වෙන දෙයක්.. කට්ටියම එකතු වෙලා එහෙම ගමනක් යන එකත් එක විදිහක සතුටක්

මේ පාර වෙසක් එකට එහෙම මුකුත් නොකල හින්දා, පොසොන් එකේ කට්ටිය සෙට් වෙලා පොඩි ගමනක් සෙට් කොලා.. මේ තියෙන්නේ ඉතින් ඒ ගමනේ මතක හිටපු තැන් වලින් පොඩ්ඩක් තමා.. හැබැයි ඉතින් මෙතන කාපු බිපු තැන් ගැන නම් 4ටෝ මුකුත්ම නැ.. කනකොට බොනකොට ඕවා කරන්න මතක් වෙන්නේ කාටද අනේ

ඉස්සරවෙලාම ගියේ නාමල් අංගේ කියන තියෙන්නේ මැල්සිරිපුර කියන හරියේ තමයි ඔන්න
එහේ තමයි අර අපායට යන්න සල්ලි දෙන්න ඕනේ.. තව තැන් කිපයක මම දැකලා තියනවා එහෙම සල්ලි දිලා අපායේ යනවා.. ඒකටදර් ඉතින් මුකුත් කියන්නත් බැනේ... විහාර සංවර්ධනයටනේ සල්ලි එකතු කරගන්නේ.. ඒවට නිසි ප්‍රතිපාධන ලැබෙනවා නම් ඕවා නවතිවි..
එතන බලන්නකෝ



මෙච්චරක් තියනවානම් අපායේ යන්න පුලුවන්   
මේ තියෙන්නේ තව නාමල් අංගේ 4ටො ටිකක්






ඊට පස්සේ නාමල් උයනේ තමා ගියේ.. ඒත් ගියපාර යනකොට නම් කන්ද රෝසම රෝස පාටයි.. වැඩ ඉන්නා බුදු හාමුදුරුවොත් රෝස පාටයි.. එත් දැන් රෝස ගල් කැල්ලක් හොයාගන්නත් නම් ගොඩාක් අමාරුයි..
ඒකට යන්නත් රුපියල් 20ක් ගෙවලා ටිකට් එකක් ගන්න ඕනා..
එතන හොද දෙයක් නම් කරනවා.. පොලිතින් කිසිම දෙයක් ගෙනියන්න දෙන්නේ නැ.. බැග් හිටන් බලලා අයින් කරනවා..., ඔන්න දේවා කන්දේ නගින්න පුලුවන් උපරිම උසටම නැග්ගා.. ගොඩාක් අය පිලිමේ ලගින් නවතිනවනේ.. එත් තව ඒ වගේ 2 , 3 ඉහලට නගින්න පුලුවන් කදු තියනවා.. ඇත් ගොඩාක් ලස්සනට පේන.. ගත්තු පොටෝ ටිකක් මම මෙතන දාන්නන්ම්කෝ

ඔය ඉන්නේ දේවා  තමයි







තව තැන් කිපයකටම ගිහින් පාන්දර 4 වෙනකොට දේවා ගෙදර ආවා.. ඉතිරි තැන් පස්සේ දාන්නම්කෝ.. කියලා යන්නකෝ කොහොමද මේවා කියලා
පුලුවන්නම් ෆලෝ කරන්න්නකෝ මට ඒවා ගොඩාක් වටිනවා


18 June, 2011

වතුරවත් බොන්න එපා... (මට ඕනේ මහත් වෙන්න)

ඉතින් අද ඉතින් නිවාඩු දවසනේ දේවා කාලයක ඉදන් ඉතින් පොඩි වැඩක් කරන්න කියලා හිත හිතා උන්නා.. එත් ඉතින් ඒකට වෙලාවක් තිබුනේම නැනේ... එත් මේක ඒ තරම් කල් දදා ඉන්න පුලුවන් දෙයකුත් නෙමේ.. දේවාට තියෙන්නේ ඒ තරම් ලොකු සරිර කුඩුවක් නෙමේනේ.. මතකද ඒ දවස් වල ක්‍රිකට් ටිම් එකේ උන්නු උපුල් චන්දන. අහ්. කුමාර ධර්මසේන ( දැන් නම් වින්ස්චර් නිසා ටිකක් විතර ‍ෆිට් බොඩියක් ඇවිත්ද කොහෙද) ම්ම මේ කිවේ ඒ දවස් වල ටිම් එකේ සෙල්ලම් කරන කාලේ එයලගේ බොඩි එක ගැන.. අන්න ඒ වගේ තමා මාත්.. උස නම් තියනවා 5.5 ක් විතර.. එත් ඉතින් අදින්න වෙන ඇදුම් 28 , 29 වගේ තමා.. ඔය අස්සේ දේවා ගිය අවුරුද්දේ දෙසැම්බරේ 14 දිහා වුනු මාරාන්තික ඇක්සිඩන්ට් එකක්ටත් මුන දිලා දවස් 3,4ක් හොස්පිටල් ඉදලා හදා ගත්තු ඔක්කොම අසනිප ටික කාලයත් එක්ක හොදවුනා...  (කාලේත් එක්ක කිවට මම නිකන් බලාන උනේ නම් නැ.. මුනේ තිබුනු පොඩි කැලල මකා ගන්නම පඩියෙන් 6න් කොටසක් විතරම වියදම් කලා මාස 2,3ක්.. ඒකට පාඩු නැ, දැන් ඉතින් එහෙම අවුලක් පැල්ලමක් මුනේ නැ.. කැඩුනු දත් 2ත් ශේප් එකේ හදා ගත්තානේ) එත් ඔය ඔහොම යනකොට තමයි මම මේ කාලයක් තිස්සේ බලාන උන්නු වෙලාවක් නොතිබුනු නිසා හොද කරගන්න බැරි උනු ලෙඩෙත් හැදිලා තියෙන්නේ...

තවත් බලාගෙන හිටියොත් නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.. මොකද මසෙකට 2ක 3ක් ඇතුලත මගේ බර කිලෝ 6,7 කින් අඩු වෙලා..



අනේ තිබුනෙත් කිලෝ 50ක් විතර... ඕකත් අඩු වෙලා ගියහම මොන දෙය්යන්ට කියන්නද?????
ඒ මදිවට අදින්න ගත්තු ගොඩාක් ඇදුම් දැන අදින්න්ත් බැ .... මාර ලොකුයි

ඉතින් ඕකට බේත් ගන්න යන්න කියලා හිතාගෙන උන්නත් වෙලාවක් හම්බ උනේම නෑනේ...
බැන්ක් එකට එන ගොඩාක් හිතවත් කෙනෙක් නිසා අදුන ගත්තු ඩොක්ටර් කෙනෙක් ලගට යන්න කියලා ඉතින් උදේම මම පිටත් උනා.. මේකට හොස්පිටල් එකක් නම් කියන්න බැ.. පුදගලික රොහලක් කියන වචනෙත් ගැලපෙන්නේ නම් නැ ඉතින්..
කොහොමහරි ඩොක්ටර් සර්ලා මිස්ලා ඉන්න ලෙඩ්ඩු ඉන්න සාත්තු කරන්න කට්ටිය ඉන්න තැනක්..
තාම රොද 4ක යන්න තරම් දේවා ලොක්කෙක් නෙමෙනේ... සුපුරුදු රෝද 2න් තමා අදත් ගමන...
යනකොට අදුන්වලා දුන්නු කෙනා (එයා වැඩ කරන්නෙත් එතන තමා) අහ්  එන්න මල්ලි කියලා ඩොක් ලගට ගියා ඔන්න

මට ඉතින් කියන්න දෙයක් නැ මේ දේ ගැන ඔක්කොම කියලා..
මම කිවා මට ගොඩාක් නෙමේ සාමන්න්යෙන් ටිකක් මහත් වෙන්න තමා ඕනේ කියලා..
ගොඩාක් දේවල් අහලා ඒ හැම දේකිනම මම නොර්මල් හින්දා ඕංංංං කරගෙන එන්න කියලා පරික්ශන ගොඩාක් ලියලා දුන්නා
ඒවා දැන් කරන්න බැ අනේ.. මොකද ඉතින් ඒක කරන්න පැය 10-12  අතර කාලයක් නොකා ඉන්න ඕනලු.. ඉතින් මම ඒ වැඩේ අනිද්දාට කල් දාගත්තා..  මොකද ඉතින් මම ඒ වෙනකොටත් කාලානේ..

ඔය අතරේ ඩොක් ලෙඩ්ඩු ටික බලන්න යන්න ඕන වෙලාවත් ලං වෙලා.. මගෙත් වැඩේ කරගත්තානේ.. ටෙස්ට් ටික කරගෙන රිපොට් ගෙනකන් බොන්න සිරප් එකකුත් දුන්නා...  මාත් එන්න එනකොටම ඩොක් එක ලෙඩෙක් ලග නතර වෙලා අහනවා ඇයි ඔයා ඔය ටොපියක් කන්නේ කියලා..

මමත් ඉතින් බැලුවා මොකද මේ ටොපි කන්න තහනම්ද කියලා දැන ගන්නත් එක්ක..

ඩොක් අහනවා දැන් මම ඔයාට මොකක්ද ඉස්සරවෙලා කියලා ගියේ  අයේ මම කියනකන් වතුරවත් බොන්න එපා කියලා නේද?
ඔව් ඩොක්ටර් මම තාම එහෙම කලේ නැනේ.
එහෙමනම් ඇයි මේ ටොපියක් කන්නේ ඉතින්

ඩොක්ටර් වතුර බොන්න එපා කියලා කිව නිසා මම වතුර බිවේ නැ ඩොක්ටර් දැන් මේ බත් එක කාලා ටොපියක් විතරයි කැවේ කිවලු
ඩොක් ඉතින් එහෙමනම් අයේ පැය 10ක් මුකුත්ම නොකා ඉන්නවා වතුර විතරක් නෙමේ කන බොන කිසිම දෙයක් කන්න බැ හොදද?

ම්ම්ම් මටත් ඉතින් ඔය දේම හෙට රාත්‍රියේ කරන්න වෙනවනේ..   මම නම් ඉතින් නිදා ගන්න ටයිම් එක තමා එකට පාවිච්චි කරන්නේ...
ඔයාලටත් මෙහෙම දේවල් වෙලා තියනවද?????
මහත් වෙන්න කරන්න හොදම දේ මොනවද? කමෙන්ට් කරලා ෆලෝ කරලා යන්නකෝ

17 June, 2011

ATM දෙය්යෝ... නාලා ද ඉන්නේ

 පොස්ට් 50 ක් දාලා ඉවර උනානේ.... දැන් ටිකක් සොමියට බර එක එක අයව අන්දපු  අපි ඇදපු නාපු... ගොඩාක් මගේ ජිවිතේ උනු අහපු දැකපු දේවල් ටිකකුත් 50 ඉදන් 100 වෙනකන් පොස්ට් වල ලියවෙයි.. ඔන්න මේ කතාව එහෙම කතා වලින් පලවෙනි කතාව.. හැබැයි ඔන්න මේක මට උනු දෙයක් වත් මම කරපු දෙයක්වත් එහෙම නෙමේ හොදද???
මම මේ තරම් කැත වැඩ කරන්නේ නැ අනේ...

දන්නවනේ දේවා වැඩ කරන්නේ බැංකුවේ කියලා.. බැංකුවකට සම්බන්ද කතාවක් තමා මේක....
ගොඩාක් අය බැංකුවක් ඇතුලට ඇවිත් සල්ලි ගන්න ,පොලිමේ ඉන්න එහෙම පොඩ්ඩක් කැමති නැනේ... තියන වැඩත් එක්ක බලන කොට ඒවගේ දේවල් වලට වැඩි කාලයක් ගන්න එකත් අපරාදේනේ...

ඔන්න ඒකට විසදුමක් විදිහට ඔය ATM මැශින් ආවේ.. මම වැඩ කරන බ්‍රාන්ච් එකෙත් ඒව තියනවා.. කොච්චර ඒවා මට වටිනවද කිවොත් දවසේ පැය 9ක් විතර බැංකුව ඇතුලෙම ඉදලත් එලියට ඇවිත් ATM 1නේ කියක් හරි අතට ගන්නේ .. ගොඩාක් ඕක කරන්නේ ඒකෙන් ගානක් තව බැංකුවටම ලැබෙන නිසා තමයි

ඕන් ඉතින් කතාව නොකියා වටේ ගියා.. ලොකු කතාවක් නෙමේ හින්දා තමයි ටිකක් වටේ ගියේ දැන් කතාව කියන්නම්කෝ....
කමක් නැනේ







ඔය එහෙම මැශින් එකක් ආපු අලුත කොල්ලෙක්ට දාපු ඇත්තම ඇත්ත බයිට් එකක් තමා මේක


මේ බ්‍රාන්ච් එකට ATM ආපු අලුතම නැති උනත් ටිකක් ලොකු කස්ටම් බේස් එකක් තියන නිසාත් ගොඩාක් අය නිතර ගැවසෙන තැනක් හින්දා කොහොමහරි ATM එකක්  සෙට් කරලා.. ටිකක් ඉතින් ඕක මැජික් වගේනේ දේවාටත් පොඩි කාලේ තිබුනා ලොකු ප්‍රශ්නයක්.. ඔය ඒටිම් එකේ වැඩ කරන කෙනා නිදා ගන්නේ එහෙම නැද්ද අපි මහ ‍රැ 12ට 2 කට ගියත් මෙකා ඉල්ලපු ගමන් සල්ලි දෙනවානේ කියලා.. කාලයක් හිතුවා ඉල්ලපුවහම ගානක් ඇත්ලේ ඉන්න අය එකට ඕන කරන 2000 , 1000 , 500 , 100 කොල වලින් ඒවා තොරලා ගානට එවනවා කියලා.. 
දැන් නම් එකේ වෙන්නේ මොනවද කියලා දේවා අකුරක් නැර දන්නේ ගොඩාක් ඒකේ වැඩ බ්‍රාන්ච් එකේ කරන්නේ දේවා නිසා.. ම්හ්.... හෝව්.. හෝව්...සමහර දේවල් ඕනාවට වඩා කියන්න හොද නැනේ...

මේ එට්ම් එක ආව දවස් වල බ්‍රාන්ච් එකේ හැමෝම ඉතින් මේ ඒටිම් කාඩ් එහෙම අරගෙන.... ඒට්ම් කාඩ් එකක් යුස් කරනවා කියන්නෙත් ඉතින් මාරම ගති තියන පොශ් වැඩක්නේ සමහර අයට...


ඔන්න ඒ දවස් වල මේ බ්‍රාන්ච් එකේ වැඩට උදව් කරපු (ඒ කිවේ ඉතින් ඔය චමරියේ උයන්න එහෙම උදව් කරන) කොල්ලෙක් ඉදලා තියනවා සුමතිපාල කියලා
ඔය මම කියපු මැනුත් ඉතින් ලොකු ගානක බැලන්ස් එකක් එකවුන්ට් එකේ නැතත් කාඩ් එකක් එහෙම අරගෙන..

දැන් ඉතින් ගත්තට මේක පාවිච්චි කරන්න මිනිහා දන්නේ නැනේ ඕක ඉතින් අහගන්න කියලා පොඩ්ඩක් බැංකුවේ පියන් ට ලං වෙලා


සුමති පාල : අනේ අබේ අය්යේ මම කාඩ් එකක් නම් ගත්තා එත් වැඩ කරගන්න දන්නේ නැනේ .. පුලුවන්නම් කියලා දියන්කෝ


පියන් : කාඩ් එකක් කිවේ පෝ කාඩ් එකක්ද???


සුමති පාල : නැ අය්යේ අර ඉස්සරහ හිටොලා තියන පෙට්ටියට දාන කාඩ් එකක්
පියන් : ආහ්.... මේ දෙය්යන්ගෙන් සල්ලි ඉල්ලන කාඩ් එකක්ද??


සුමති පාල : ඔව් අය්යේ.. මම මොකද කරන්නේ ඒකෙන්


පියන් : ම් ම් ම් දැන් උබ නාලා එහෙමද ඉන්නේ.. අද මුකුත් පිලිහිඩි එහෙම කාලා නෙමේ නේද ඉන්නේ...


සුමතිපාල : ඒ මොකටද අය්යේ,... උදේ නාලා අවේ.. තාම දවල්ට කැවේ නැනේ...


පියන් : එහෙමනම් එක ඇතුලට ගිහින් මේක මම කියන විදිහට කරපන් හොදද???  /#@^&%*+_!%&***&^%$(*@^%$@^

පස්සේ ආරංචි උනු විදිහට පියන් කියපු විදිහට මැන් වැඩේ කරලා
කරලා තියෙනේ මෙහෙමලු
ඉස්සරවෙලාම ATM එක වටේ වට තුනක් ඇවිදලා ඇතුලට ගිහින් දන ගහලා වැදලා..
ඊට පස්සේ ඉතින් කිවලු උඩහ ගෙදර කංකානම්ලාගේ නීල් සුමති පාල පෙරේරා නොහොත් සුමති වන මේ ගැත්තාට අනුකම්පා කරන සේක්වා.. වැඩ රාජකාරි ගොඩාක් පුරවන් ඉන්න ඔබ තුමා ලගට ඇවිත් මෙහෙම කියන්නේ හෙට නැන්දම්මලාගේ ගෙදර අරන් යන්න කිරි හට්ටි මුට්ටියකුකි කෙහෙල් ඇවරියකුයි ගන්න අතේ පිච්චියක් වත් නැති හින්දා කියක් හරි ඉල්ල්ලා ගන්න කියලායි..


 (ඕක කියන ගමන් ඔබන්න ඕන බට්න් ටික හරියට ඔබන හැටිත් පියන් කියලා දිලා.. ඒ හින්දා සල්ලි ගන්න ඕන ස්ටෙප් ටික එහෙමම යනවලු) 


ඊට පස්සේ ඕං ආයේ කියන්වාලු මට මේ ටිකට සල්ලි ටිකක් දෙන්න මම ඉක්මනට ආයේ ගෙනත් දෙනවා සත්තයි...  ඕ ඉතින් සල්ලි ටික ආවා කියමුකෝ.. ඊට පස්සේ ඉතින් අයේ පාරක් පෙරලිලා වැදලා ATM දෙයියන්ට පින් දිලා එහෙම ආවලු..


පලවෙනි මෙහෙම කතාව හින්දා හිනා නොගියොත් කිති කවාගෙනවත් හිනාවෙන්නකෝ

වි.කි : ( විශේෂ කියමන ) : මේ සිදුවිම ඇත්තටම සිදු වු කතාවක් ලෙස අසා ඇති අතරම මගෙන් වත් මා වැඩ කරන තැනවත් සිදු වුවක් නොවන අතර එසේ වරදවා වටහා නොගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමි....

16 June, 2011

50යි , එත් දවස් 48 යි. දෙනවද ඉතින් ශක්තිය හැමදාටම

මේක ලියන්න උන්නේ නම් මම තව දවසකට දෙකකට පස්සේයි... එත් අදම මම මේක ලියන්න හිතුවා.. මොකද මේක නොලිවොත් තව ලියන්න උන්නු පොස්ට් දෙක තුනක් ගොඩාක් පස්සට දාන්න වෙනවා එහෙම කරන එක හොද නැනේ..

මේ මම මගේ බ්ලොග් එකේ ලියන 50 වෙනි ලියවිල්ල... මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2011 - 04 - 30 ඒ කියන්නේ අදට දවස් 48 කට ඉස්සරවෙලා.. එදා පටන් ගත්තු මේ අඩවිය එදා කිවේ මේ නමින් නෙමේ කියලා එදා ඉදන් මාත් එක්ක උන්නු ඔයාලා දන්නවනේ.. සදරුගේ  ලෝකය වෙලා තිබුනු මේ අඩවිය දේවා ගේ අඩවිය උනේ මේ බ්ලොග් අවකාශයේ ඉන්න තවත් ගරු කටයුත් කෙනෙක් ඒ නමින් පෙනි ඉන්න නිසයි... සදරු මලයන්ඩි ඔන්න අදත් ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා

ගොඩාක් දෙනෙක් මාත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා මගේ යාලුවනේ... මේ වෙනකොට මාව ෆලෝ කරන අය ඉන්නවා 49ක් මම හිතනවා මේ 50 වෙනි පොස්ට් එකෙන් ඒක 50 වෙයි කියලා..

සමහර වෙලාවට මගේ බ්ලොග් එකේ ගොඩාක් එක එක ගැජට් කැලි දාගන්න විදිහ ගැන ලියවුනු පොස්ට් තමයි වැඩි පුරම මගේ අතින් ලියවුනේ... දැන් මගේ බ්ලොග් එකේ දැන් ටිකක් එක එක ටොපික් ගැන එක එක ලිපි ලියවෙනවා..  තව ඉස්සරහට ගොඩාක් ලොකු වෙනසක් එක්ක බ්ලොග් ‍ෆිල්ඩ් එකේ ගොඩාක් ලොකු කාලයක් ඉන්න බලපොරොත්තුවේන් ඉන්නවා.. ඒකට මට මගේ යාලුවෝ මාත් එක්ක ඉන්නවනේ..

මම ඒ තරම් ඔය හිට් එක ගැන නම් දන්නේ නැ ඕන්න
බ්ලොගර්ස්ලා අලුතෙන් දිලා තිබුන බ්ලොග් ස්ටැට්ස් එක අනුව නම් මගේ බ්ලොග් එකේ ඔයාලා පෙරලපු පි‍ටු (මම පෙරලන ඒවා එයා ගනන් කරන්නේ නැහැලු) ගාන අද වෙනකොට 12730 වෙලා.. ඒ කියන්නේ ඉතින් අඩුම තරමේ දවසකට 265 විතරක් වෙනවනේ.. ෆලෝස් ලා 49 ක් වෙනකොට ඉතින් කමෙන්ට් 250 ක් විතර ලැබුන එක ගැන මට ගොඩාක් සතු‍ටුයි..
සිංහල බ්ලොග් කියවනය , ලාංකිය සිතුවිලි , හත්මාලු . දෙරන , සිගිරි වගේ මේ සිංහල බ්ලොග් ක්ෂේත්‍රයට විශාල සේවාවක් කරන සින්ඩි වලින් මගේ බ්ලොග් පොස්ට් බලන්න ඔයාලට පුලුවන්..


ගොඩාක් දෙනා මට කමෙන්ට් වලින් ප්‍රසිද්දියේ. සමහර මම ගොඩාක් ගරු කරන අය අප්‍රසිද්දියේ මට මේ ‍ෆිල්ඩ් එකේ ඉන්න ගොඩාක් උදව් කරනවා.. ඒ අයට වගේම මගේ ගුරුතුමි වෙච්ච සංසාරේ අපි ලියන පුන්චි ප්‍රාණියාටත් ඒ වෙනුවෙන් හදවතින්ම ස්තුති කරන්න මේක අවස්තාවක් කරගන්නවා..

ගොඩාක් හොද දේවල් එක්ක ගොඩාක් ලොකු කාලයක් ඔයාලත් එක්ක ඉන්නවා කියලා 50 වෙනි මේ ලියවිල්ලත් එක්ක පොරොන්දු වෙනවා (ගොඩාක් අය කියයි උන්නත් එකයි අපිට නැතත් එකයි.. අපිට ඒකෙන් සත පහක සෙතක්වත් පාඩුවක් වත් වෙන්නේ නැ කියලා) ඔව් ඒක ඇත්ත මම ඒ තරම් වටින කියන චරිතයක් නෙමේ ඔයාලට.. එත් මම මේ සිංහල බ්ලොග් වලට ගොඩාක් ආදරෙයි.. ගොඩාක් මේක මට වටිනවා..

කැමති අය ෆලෝ කරලා කමෙන්ට් එහෙම දාලා මට ශක්තියක් වෙන්නකෝ...
ඔයාලගේ ශක්තිය මට කියා ගන්න බැරි තරම් වටිනවා

14 June, 2011

ඕනාවට වඩා පෙන්නනේ නැති වැඩ කැල්ල බ්ලොග් එකට දාගමුද?

කාලෙකින් මුකුත්ම ගැජමැටික්ස් ටෙක් මුකුත්ම නම් දෙන්න බැරි උනානේ... ඉතින් ඒක යාලුවොත් කියලා තිබුනනේ.. ඔන්න අද අරගෙන ආවා පොඩි වැඩ කැල්ලක්.. කැමති අය බලාලා දාගන්නකෝ

පොඩි දෙයක් තමයි ඉතින් මේක නම්, ඔයාලා බ්ලොග් එකේ ලියන පොස්ට් ගොඩාක් දිග වැඩි උනහම එහෙම අනිත් පොස්ට් එක බලාගන්න ටිකක් අමාරුයිනේ...

ඔන්න ඉතින් ඒකට පොඩි විසදුමක් අරගෙන ආවා... ඔයාලා ලියන බ්ලොග් පොස්ට් වල ටොපික් විතරක් බ්ලොග් එකේ පෙන්න දා ගමුද මේ වගේ




ඉතින් ඔන්න ඔහොම කරන්න මුලින්ම Dash Board යන්නකෝ ගිහින්  Design වලින් Eidt HTML තොරගන්නකෝ

මෙන්න මේක
</head>

ctrl + F ගහලා හොයාගෙන ඉට පස්සේ මම දෙන මේ කෝඩ් එක
</head>එකට පස්සේ දාගන්නකෝ

<style type='text/css'>

<b:if cond='data:blog.pageType != "item"'>
.post {
margin:.5em 0 1.5em;
border-bottom:0px dotted $bordercolor;
padding-bottom:1.0em;
height:50px;
}
.post h3 {
margin:.25em 0 0;
padding:0 0 4px;
font-size:20px;
font-family:Tahoma,Georgia,Century gothic,Arial,sans-serif;
font-weight:normal;
line-height:1.4em;
color:#cc6600;
}

.post h3 a, .post h3 a:visited, .post h3 strong {
display:block;
text-decoration:none;
color:#cc6600;
font-weight:normal;
}

.post h3 strong, .post h3 a:hover {color:#333333;}

.post-body {display:none;}
.post-footer {display:none;}
.comment-link {display:none;}
.post img {display:none;}
.post blockquote {display:none;}
.post blockquote p {display:none;}
h2.date-header {display:none;}
.post-labels {display:none;}
.post-rating {display:none;}

</b:if>

</style>

දැන් ඉතින් ඒක සේව් කර ගන්නකෝ

ඊට පස්සේ යන්නකෝ කියන එකට එතකොට ඔයාලගේ බ්ලොග් පොස්ට් වැටෙන පොස්ට් කියලා කො‍ටුවක් තියනවනේ එකේ එඩිට් කියලා තියන එක කිලික් කරලා එන වින්ඩෝ එකේ එක පි‍ටුවක තියන්න ඕන පොස්ට් ගාන දාලා සේව් කරන්නකෝ
එතකොට වැඩේ ගොඩ
කරලම බලන්නකෝ
 පුලුවන්නම් ෆලෝ කරලා කමෙන්ට් දාලා ම0  එක්ක ඉන්නකෝ




මේයාව එලවලා දාමු.. නැත්නම් හැමදාම දුකෙන්

කොහොමද ඉතින්... මේ දවස් ටිකේ නම් මම ගොඩාක් වැඩත් එක්ක හිර වෙලා උන්නු නිසා බ්ලොග් ආවට කමෙන්ට් කලාට කමෙන්ට් වලට රිප්ලයි දැම්මට පොස්ට් එකක් දාන්න නිදහසක් තිබුනේ නැනේ
මම මිට කලින් දාපු විභාග සහතිකේ පොර වෙන්න නෙමේ පොස්ට් එකට ඔයාලගෙන් ගෝඩාක් හොද ප්‍රතිචාර තිබුන නිසා ඒ වගේම දෙයක් කියන්න හිතුනා අදත්.. මම මේ කියන දේ මමත් ගොඩාක් හිතන්න දෙයක්... සමහර මම කියවපු පොත් වල අදහස් මගේ හිතේ තියන දේවල් ඔයාලත් කැමතිනම් හොද දෙවල් විතරක් අරගන්නකෝ




ඔයාලා අකමැතිද සතුටින් ඉන්න???? ජිවිතේ විදවන්න????
මම දන්නවා ඔයාලගේ උත්තරේ
ඔයාලා ඒකට පොඩ්ඩක්වත් කැමති නැ.... කැමති හැමවේලේම සතුටින් හිනාවෙලා ජිවිතේ විදින්නයි...

ඔන්න ඒකට පුන්චිම පුන්චි උදව්වක් වෙන දෙයක් තමා අද මම කියන්නේ

ඔයාලා වැඩ කරන්නේ කොහොම හිතලද? ධනාත්මකව හිතලද? එහෙමත් නැත්නම් 

නාත්මකවද? ඔයාලා ධනාත්මකව හිතනවානම් මේක නොකියවා උන්නට කමක් නැ..
ධනාත්මකව සිතා කරනු ලබන කාර්යකදි නිරතුරුවම සතුට ගෙන ලැබෙනවා කියලා මම වගේම ඔයාලත් දන්නවනේ
එත් අපිට හැම වෙලාවකම ධනාත්මක වෙන්නත් බැනේ ප්‍රැක්ටිකලි..

ඒත්  


නාත්මක භාවය කියන්නේ හරියට පිලිකාවක් වගේ කියලායි මනෝ විද්යා උපදේශකවරු නම් කියන්නේ.. හටගත් වහාම අයින් කරලා දැම්මේ නැත්නම් අනිවා හැමතැනම පැතිරෙනවා.. අනෙක් ඉන්ද්‍රයින් ටිකත් අකර්ම්නය කරලා දානවා


නාත්මක වෙන්නේ කොහොමද කියලා හිතලා බැලුවොත් ගොඩාක් ඒකට හේතුව වෙන්නේ වටපිටාවේ වෙන දේවල්.. අහන්න දකින්න ලැබෙන දේවල්... ඔයාට හැමවෙලේම ඔහෝම එපා.. බැ , නැ වගේ කතා නම් අහන්න හම්බ වෙන්නේ ඔයා ඉබේම ඒ පැත්තට නැබුරු වෙනවා

ඒ වගේම අපරාධ , මකෝංල්ල කැම, මිනිමැරුම් ,හොරකම් ආදි දේවල් ගැන නිරතුරුව අහන්න දකින්න ලැබෙනවානම් ඒ දේවල් සාමනය දේවල් වෙලා හිතේ ඒ දේවල් ගැන අමුතුම බයක් එක්ක හිත දුබල කරවන හැගිමක් හිතට දැනෙනවා.. ඒ කියන්නේනාත්මක වෙන්න පටන් අරන් ඒකෙන් වැලකෙන්න නම් ඉතින් අපිට කරන්න වෙන්නේ ඒවගේ දේවල් අහන දකින බලන එකේන් ගොඩාක ඇත් වෙන එකතමයි

මොකද නාත්මක සිතුවිල්ලක් මනසට ඇතුලු උනොත් ඒකෙන් මිදෙන්න ගොඩාක් අමාරුයි.. අපේ ජිවිත මානසිකව ශාරිරිකව වට්ටලා අපිට ලබා ගන්න ඕන සාර්ථකත්වයෙන් ඇත් කරන්න මේ සිතුවිලි වලට පුලුවන්... තව මේ සිතුවිලි නිසා අනිවාර්යෙන්ම හිතේ සැකය, තරහව.ඊර්ෂාව , කෝපය වගේ දේවල් නිරන්තරයෙන් හට ගන්න නිසා ජිවිතෙන් ඉක්මනටම අයින් කරන්න ඕන දෙයක් විදිහට මේක හදුන්වන්න පුලුවන්



ජිවිතේ සතුටින් ගෙවන්න ඔයාලත් ආසයි නම් ඉස්සරවෙලාම හිතෙන්    
ඍනාත්මක කියන දෙයින් සදහටම ඇත් වෙන්න... මොනම දෙයක් වත් නිසා ඒ හැගිමට හිතට එන්න දෙන්න එපා.. එතකොට ඔයාලට ගොඩාක් සතුටින් ජිවිතේ ගෙනියන්න පුලුවන්. මට ඒක ගොඩාක් විශ්වාශයි..
දැනටමත් මෙයා හිතේ ඉන්නවානම් දැන් ඉදන්ම උත්සහ කරලා මේයාව එලවලා දාන්න

ඔන්න ඉති හිතෙන දෙයක් කියලා ෆලෝ කරලා යන්නකෝ

11 June, 2011

මතකය TEST කරමුද?? , නැත්නම් මේකත් හැක් කරමු



මෙක නම් ගොඩාක් වටින දෙයක් වෙයි ඔයාලට ඔයාලගේ මතක ශක්තිය කොහොමද කියලා ඔයාලටම හිතාගන්න තෙරුම් ගන්න පුලුවන් විදිහේ වැඩක් ගැන තමයි අද මම මේ පොස්ට් එකෙන් දාන්නේ..
කරන්න තියෙන්නේ බොහොම සුලු දෙයක් මගේ මතක ශක්තිය 98% වගේම නිවරදිම කාලින මතකය 85% ක් විතරලු.. බලන්නකෝ  ඉතින් ඔයාලත් මෙතනට ගිහින්...අදුනා ගන්න පුලුවන්ද කියලා බලන්නකෝ

තව දෙයක් මම ඔයාලගේ මතකේ ගැන බලාන්නම්කෝ මේතනට ගිහින් ඔයාලා ඔයාලගේ මතක ශක්තිය පරික්ෂා කරලා මෙක කියපු මගෙ මේ පොස්ට් එකට කමෙන්ට් එකක් දාන්න ඔයලට මතකද කියලා මම බලන් ඉන්නවා..
ඔන්න ඉතින් මේ වෙනුවෙන් විනාඩි 6,7ක් කැප කරන්නකෝ...
මෙන්න යන්න පාර
                                           MEMORY TEST 


 එත් මේක හැක් කරන එක ඒ තරම් ලේසි වෙන එකක් නැ,... බි.බි.සි එකේ අය්යලාගේ වැඩක්නේ...

විභාග සහතිකේ... පොරක් වෙලා නෙමේ

අද මම කියන්න යන්නේ නම් මෙච්චර කාලෙකට මගේ මේ බ්ලොග් එකේ පොස්ට් එකකින් කියවුනේ නැති දෙයක් ගැනයි.. ගොඩාක් අය කැමති ගොඩාක් මාතෘකා යටතේ ගොඩාක් ලිපි මේ බ්ලොග් වල ලියවෙනවනේ


එහෙම කැමති දේවල් අතරින් ටිකක් දෙනෙක් කියවන මාතෘකාවක් වෙයිද දන්නේත් නැ මේක.. මට මතකයි මම කලින් කියවපු පොතකත් මේ දේ ගැන තිබුනා


ඔයාලා ඕ ලෙවල් පාස්ද? ඔව් නම් ඒ ලෙවල් පාස් ද? එකටත් ඔව් නම් ඔයාලා කැම්පස් එකක ඉගෙන ගෙන තියනවද? ගොඩාක් අය ඕකටනම් නැ කියනවා.. ඔව් කියන අයගෙන් ආයෙමත් මම අහනවා ඔයාලා A ක්ලාස් එකක් එක්ක ඩිග්‍රිය සම්පුර්ණ කරලාද, එහෙම නැත්නම් කරන්න පුලුවන්ද කියලා අහුවොත් ඔතනින් ගොඩාක් දෙනෙක් නැ , බැ කියලා මග නවතිනවනේ.. එහෙම නැති අය තව ප්‍රශ්ණයකින් දෙකකින් නවතිවි..
මේ හැම එකකටම ඔයාලට දෙන්නේ විභාග සහතිකය කියලා එකක් කියලා ඔයාලා දන්නවනේ


මෙහෙම හිතන්නකෝ ඔයාලා යනවා ගොඩාක් වැදගත් කියලා හිතන මොකක් හරි ආයතනයකට.
ඔයාලා යන මේ ආයතනේ කරන ප්‍රදාන නිශ්පාදනය ගැන ඔයාලා හොදටම දන්නවා.. ඒ දේ කිසි අඩුපාඩුවක් නැතුව ඔයාට පාලනය කරලා ආයතනයට ගොඩාක් ලාභ ගෙනත් දෙන්නත් පුලුවන්..


ඒත්,................. ඔයා හිතනවද ඉතින් ඔයා එහෙම කිවා කියලා ආයතනයේ ඉන්ටව් බෝඩ් එක ඔයාට රස්සාව දෙයි කියලා


අනේ එහෙම හිතාන ඉන්නවානම් ඔයාට සොරිම තමා... මොක්ද තාම ලංකාව ඒ තත්වෙට ඇවිත් නැ.. ඉස්සරලාම ඔයාලගෙන් ඉල්ලන්නේ මම අර කලින් කිව සහතික ටික තමයි..
 ඒවා බලල පාස් උනොත් තමයි ඉතින් ඔයාලට වැඩ කරන්න අවස්තාවක් දෙන්නේ වැඩ පෙන්නන..


ඉතින් අකමැත්තෙන් හරි මම මේ කියන දේවල් ඔයාලට කරන්න පුලුවන්නම් ඔයාලට පුලුවන් ඔය ඕන කරන සහතික ටික අරගෙන හොද තැනකට එන්න


මෙහෙම වෙලා බැනේ



01. ඉලක්කයක් ඔබ ඔබ වෙනුවෙන්ම හදා ගන්න
       ජිවිතේට අරමුනක් ඉලක්කයක් නැතුව ඔහේ ගලාගෙන යන්න ඔයාල ඉඩ දෙනවනම් කියන්න කනගා‍ටුයි ඔබ දැනටමත් පරාදයි
       එහෙම වෙන්න දෙන්න එපා ඔයාලා ඔයාලගේ ජිවිතයට වටිනාකමක් දෙන්න.. මේ අවුරුද්ද ඉවර වෙනකොට මම මේ දේ කරනවා කියලා හිතාගෙන වැඩ  කරන්නකෝ. එතකොට ජිවත් වෙන්නත් ආස හිතෙයි ඔයාලට
02 . වැඩ බෙදා ගන්න
       ඉලක්කය වගේම මේකත් ගොඩාක් වැදගත්.. මොකද ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරන ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ අරමුන ඉලක්කය කාලයත් එක්ක බෙදා ගන්න මම මේ කාලේ ඇතුලත මේ දේ කරනවා කියලා කොටස් වලට බෙදා ගන්නකෝ
පොඩි උදාහරනයකින් කියනවනම් පැය 4කින් ඔයාලට තියනවා 8 කිලෝ මිටර් උස කන්දක් නගින්න.. ඔයාලා පැයක් 2ක් විතර නිකන් ඉදලා ඕක නගින්න පටන් ගත්තට පුලුවන් වෙයිද ඕක නගින්න.. ඔයාලා පැයක කිලෝ මිටර් 2ක් නගින්න ඕනනේ.. ඉතින් ඒ කියන්නේ පැය භාගයකට කිලෝ මිටරයක් නගින්න ඔනා.. එහෙම පොඩි පොඩි කොටස් වලට බෙදා ගෙන වැඩ කලොත් ඉතින් කරන්න ගොඩාක් ලේසියි


03 . ගැලපෙන යාලුවෙක් තොර ගන්න
        ජිවිතේ ගොඩාක් දෙනෙක්ට වරදින්නේ නම් මේක තමා.. මොක්ද නොගැලපෙන යාලුවෙක් ඔයාගේ ජිවිතේ සදහටම අපායක් කරන්න පුලුවන්.. මම නම් කියන්නේ ඉතින් පුලුවන්නම් හොයාගන්න පුලුවන්නම් ඔයාලාට ජිවිතේ හැමදාම ලග ඉන්න යාලුවෙක්ව.. කවදාවත් එයා ඔයාලට වැරද්දක් කරන්නේ නැ ඔයාලට උදව් කරනවා හැම දේම හරියට කරගන්න... ජිවිතේ සාර්තක කරගන්න


04. පසු විපරමක් කරන්න
       ඔයා කරපු කියපු ලියපු හැමදේම ගැන ආයේ පාරක් හිතන්න.. විභාහගය වෙනුවෙන් මහන්සි වෙන්න ඒ වෙනුවෙන් කැප වෙන්න...


05. මේ දේ හැම වෙලාවෙම මතක තියාගෙන වැඩ කරන්න.. වේලාසනින් අරබන්න... සෙමෙන් පදවන්න ... ආරක්ශිතව ලගා වෙන්න


මම මේ කියපු දේවල් සමහර විට ඔයාලට වටින්නේ නැතුව ඇති.. එත් වටින කියන ඔයාලගේ යාලුවන්ටවත් ලමයින්ටවත් පෙන්නන කියන්න මතක තියාගන්නකෝ...


මතක් කරලා කියලා යන්න මම  මේ දේවල් කිවට කමක් නැද්ද ආයේ කියන්න එපාද කියලා කමෙන්ට් එකක් දාලා පුලුවන්නම් ෆලෝ පාරක් එහෙම දාන්නකො...