ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

05 October, 2011

ගුරු දිනය අපි සැමරුවේ මෙහෙමයි...

මේ පොස්ට් එක ඇත්තටම ගැලපෙන්නේ හෙටට. (හෙට නේද ලෝක ගුරු දිනය) ඒත් අදම ඔන්න ඔහේ කියලා දානවා.. සමහර අය ගොඩාක් ගුරුවරුන්ට වැරදි වලට විතරක් බනිනවා මම ගොඩාක් දැකලා තියනවා.. හොද කියවෙනවා ගොඩාක් අඩුයි... එත් මගේ වාසනාවකට මට හම්බ උනු ගුරුවරු ගොඩාක් ඒ අතින් හොදයි කියලා මට නම් හිතෙනවා... ඇත්තටම ආර්ථික තත්වයෙන් ලොකු තැනක නොතිබුනු මට ගුරුවරු හැමදාමත් උදව් කලා...

මොන්ටිසරි ගිය දවස් වල උගන්වපු ගුරුවරුන්ගේ නම් මතක නැතිවෙන්න ප්‍රධානම හේතුව අපි කථා කලේ ලොකු ටිචර් පොඩි ටිචර් කියලා කථා කරපු එකයි මම නම් හිතන්නේ..

මුලින්ම 1 වසරේදි මට අකුරු කියවපු ජයකොඩි මිස් මගේ මතකේ හැමදාමත් තියනවා අවුරුදු 2කට සැරයක්වත් අපි ඇත්තටම ඒ මිස්ව බලන්න යන්න තරම් පින් වන්ත වෙලා... ඒ යන හැමදාම මිස් කියනවා අපි පන්තිය ඉස්සරහ කවි කියපු හැටි...

කාලේ ඔහොම ගෙවිලා යනකොට අපිට පාසලේ යමක් කරගන්න පුලුවන් තත්වයක් ආපු දා පටන් අපි හැමදාම ගුරු දිනයට හද බැති ගුරු උපහාර කියලා උත්සවයක් පටන් ගත්තා...

මේන් හෝල් එකේ තරු කපලා ගොඩාක් ලොකුවට එහෙම ගහලා.. මුලු මේන් හෝල් එකම සරසලා පාසලේ හැම පන්තියක්ම එකතු කරගෙන හැම ගුරුවරයෙක්ම එකතු කරගෙන ඒ දවස සමරපු අවස්ථා ගොඩක මුලික වෙලා කටයුතු කරන්න තරම් මම වාසනාවන්ත වුනා. මේ හැම උත්සවයකම කථා කරන හෑම ගුරුවරයෙක්ම වගේ කියන එක කථාවක් කියනවා මේ දේවල් කලාට කමක් නැ..එත් ඇත්තටම ගුරුවරුන්ට සලකනවා කියන්නේ හොදට ඉගන ගෙන ගුරුවරු වෙන අපිට ආඩම්බරයෙන් කථාකරන්න පුලුවන් වෙන්න මේ අපෙන් ඉගන ගත්ත ලමයෙක් කියලා කියන්න පුලුවන් වෙන්න වැඩ කරන එකයි කියලා

ඒ හැමදාකම අපි ගුරුවරුන්ට කැම වේලකින් සංග්‍රහ කරන්න අමතක කලේත් නැ..
ඒ තරමට අපිට ගොඩාක් සමිප උනු ගුරුවරු ඒ කාලේ උන්නා... ඇත්තම ඒ තරම් කාලයක් නොවුනත් අද එහෙම වෙනවද ඊට වඩා හොදට වෙනවද කියලා මම නම් දන්නේ නැ.. මගේ ගුරුවරුන්ට මම ගොඩාක් ආදරෙයි.. මේ පොස්ට් එකෙන් මට ඒක කියලා ඉවර කරන්න බැරි උනත් මට උගන්වපු , නොඋගන්න්වපු ජාතියේ ගුරු මව් පිය වරුන්ට උපහාරයක්ම වේවා..


එහෙම දවසක් යොදාගෙන ගුරුවරුන්ට සලකන එක කරන එකට වඩා හැමදාම අපි ගුරු මව්වරු පියවරුන්ට සලකන්න ඔනා කියලා මම විශ්වාස කරනවා...

එහෙම දවසක  මගේ අතින් ලියවුනු මේ නිසදැස ගුරු මව් පිය උපහාරය වෙනුවෙන්මයි.. (ඇත්තටම මට එහෙම නිසදැස් එහෙම ලියන්න පුරුද්දක් නම් නැ.. ඒත් එදා නම් ගොඩාක් අය හොදයි කිවා.. ඔයාලට කොහොමද දන්නේ නැ)

 
නිලුපුල් පුල් සේද මාවතේ
වෑටි ඈති මහනෙල් පෙති සමුහයක් සේද
සදු තරු හිනෑහෙන්නවු
ධවල මිදුම් ගෑබ් රාත්‍රියක
වලුක් මල් මත පතිත වු
පිණි කෑට සේද
රශ්මිය විහිදුවන්නාවු හසරදයන් සේද
අප විදු පියසට වෑඩියා නොවේද?
කඩුපුල් මල් වෑසි වසිනා බව
ඔබ අපට කියා දුන්නා නොවේද?
දිය බිදු සොයා යන මුව පෑටවුන්ට
මිරිගුවක් නොපෙන්වා
විදුරු ගිරු බිතක
ඔබ්බට ඈති සෑම
මිනිකෑටයක්ම ඉගෑන්වු
අපගේ ගුරු මව්පියවරුන්ට
අප හද පතුලින්ම
මේ උපහර දිනයේදි
තුති මල් පුදමු...


28 comments:

  1. සිරාවට ලස්සනයි මචං...!

    ReplyDelete
  2. සාහිත්‍ය සංගමයේ සභාපති වෙන්ටෑ...

    ReplyDelete
  3. මගේ පාසල් කාලෙදි ගැරුවරු සහ ගුරුහොරු දෙගොල්ලම මුණගැහිල තියනව.

    ReplyDelete
  4. හම් හම්.....අපිත් ගුරු උපහාර උත්සවේ ඉස්කෝලෙ යන කාලේ හැමදාම ලස්සනට කළා.....අදටත් උත්සවයක් නොතිබ්බත්, ගුරුවරියක් වුණ මාත් මගේ පන්තියේ ළමයි එක්ක ගිහින් මට උගන්වපු නැති හැම ගුරුවරයෙක්ටම වැඳල එනවා......

    අයියගේ පද පෙළ නම් අපූරුයි...........

    (බ්ලොග් එක පැත්තෙ අනිව‍ා එනවා.....කියවලා යනවා කමන්ට් නොකලත්. හොඳද අයියේ)

    ReplyDelete
  5. එලස්... ජය.... නියමයි..

    ReplyDelete
  6. නියම නිසදැසක්.....ලස්සනයි..

    ReplyDelete
  7. ලස්සන කවි සිතුවිල්ලක්. හෙට ගුරු දිනේද ? මතක් කරපු එකත් හොදයි. ගුරු දිනේ දවසක අපේ සෙට් එකක් කරපු ජඩ වැඩක් ලියලා තියාගෙන ඉන්නවා. ඒක ගුරු දිනේ ඉවර වෙලාවත් පෝස්ට් කරන්න ඕනා.

    ReplyDelete
  8. ඔව් දේවා... අකුරු කියලාදීපු ඒ ගුඩුවරු නම් කවදාවත්ම අමතක වෙන්නේ නෑ...

    ReplyDelete
  9. ඔබ හොඳ නිසදැස් ලියන්නෙක් නොවැ ..ඒ හැකියාවත් දියූණු කර ගන්න ‘දේවාගේ අඩවිය‘ ප්‍රයෝජනයට ගන්න අපි එන්නම් රස විඳින්න

    ReplyDelete
  10. ප්‍රසන්න 86k : තැන්ක්ස් මචංන්

    ReplyDelete
  11. මාතලන් : නැ අය්යේ සභාපති උනේ නම් ඉංගිරිසි සමිතියේ...

    ReplyDelete
  12. රාජ් : නරකයි කියන ගුරුවරුත් මුන ගැහිලාම නැ කියලම කියන්නත් බැ තමා ඉතින්

    ReplyDelete
  13. සිතිවිලි නිහඩයි : අන්න එහෙමයි ඉතින් හොදට හැදුනු ගුනයහපත් ලමයි උනහම..

    ReplyDelete
  14. ගයාන් රුපසිංහ : ස්තුතියි යාලුවා....

    ReplyDelete
  15. නිසුපා : ඔය කියන්නේ නම් බොරුවට නේද??

    ReplyDelete
  16. මධුරංග : අනිවා අය්යේ ඒකත් මේ ලගම පොස්ට් කරන්නකෝ...

    ReplyDelete
  17. දිනේෂ් : ඇත්තමයි යාලුවා.. එයාලගේ උදව්වෙන් තමයි අපි මෙතන ඉන්නේ....

    ReplyDelete
  18. විසිතුරු: ආහ්.. ටැන්කු ටැන්කු...

    ReplyDelete
  19. මහේෂ් නිශාන්ත: අනේ අම්මෝ මට ඒ තරම ලස්සනට ලියන්න බැ අය්යේ...., බලමුකෝ ඒත් උත්සහ කරලා.. නේද??

    ReplyDelete
  20. ලස්සන නිසදැසක් අයියේ.. නියමයි

    ReplyDelete
  21. නිසදැස ලස්සනයි අයියේ.. ඒ වගේම ඔයාලා ගොඩක් කැපවෙලා ගුරුවරුන්ට උපහාර දක්වලා තියන බව නම් පේනවා. ගුරු දිනය දවසට තමයි ගුරුවරුන්ට නොකියා අපිම හැමදේම සංවිධානය කරගෙන කරන එකම දවස. එදාට මුළු ඉස්කෝලෙම ළමයි හරි සතුටෙන් ඉන්නෙ. ඒ වගේමයි අපේ ඉස්කෝලෙ ළමා දිනය දවසට ගුරුවරු අපි වෙනුවෙන් වැඩසටහන් ඉදිරිපත් කරනවා. යුනිෆෝම් ඇඳගත්ත ගුරුවරු ළමයි වගේ රඟපාත්දි, නැටුම් නාට්‍ය ඉදිරිපත් කරත්දි අපි ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා මතකයි.. ඒ දවස් හරි ලස්සනයි..

    ReplyDelete
  22. ගුරු දිනේ පහු වෙලා දැන් නම්. අද තමා නිවාඩු පාඩුවෙ බලන්න හම්බුනෙ. ම්ම්ම්... හරිම ලස්සනයි මේ නිසදෙස. පෝස්ට් එකත් හරිම ලස්සනයි..

    ReplyDelete
  23. ලස්සනයි.කමෙන්ට් දාන්න බැරි වුනත් කියවනවා නිතරම

    ReplyDelete
  24. ප්‍රාර්ථනා : නංගා වැඩ අස්සේ මේ පැත්තේ ආවට තැන්කු කිවා හොදේ....

    ReplyDelete
  25. හංසි : වාව්.. ඇත්තටම එහෙම අහන්න ලැබෙනකොටත් සතු‍ටුයි.. අපිට එහෙම අවස්ථාවක් නම් හම්බ උනේ නැ නංගෝ.. ඔයාලා ගොඩාක් වාසනාවන්තයි නංන්ගෝ

    ReplyDelete
  26. හිතුවක්කාරි : පහු වුනාට කමක් නැ හිතු.,. මේ පැත්තේ ඇවිත් යන්නකෝ.... ස්තුතියි

    ReplyDelete
  27. සුද්දි : ඇත්තටම සතු‍ටුයි ඒ ගැන.. පුලුවන් හැම වෙලාවකම ඇවිත් යන්න යාලු..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....