ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

28 October, 2011

එතකොට මිස් බැදලද???

සමහර විට මේක වෙන්න ඇති මගේ බ්ලොග් එකේ ලියවෙන පුන්චිම කථාව... යාලුවෝ දෙන්නෙක් ඉන්නවා (මේ ඔයයි මමයි එහෙම නෙමේ) එක යාලුවෙකුට ගොඩාක් යාලුවෝ ඉන්නවා.. යන යන තැනක කථා කරන හැමෝ එක්කම ගොඩාක් හොද හිතවතුන් වෙනවා ඒ කියන්නේ හොද ‍ෆිට් එකේ සෙට් වෙනවා... ඒ යාලුවා විතරක් යාලුවෙක් විදිහට ඉදපු එක යාලුවෙක්ට මේක ගොඩාක් ලොකු ප්‍රශ්නයක්... මොකද යන යන තැන කවුරුවත් මිනිහා ගැන ගනන් ගන්නේවත් නැ.. ඔහේ කියවනවා විතරයි කවුරුවත් කැමති නැ මිනිහාව යාලුවෙක් කරගන්න....

දවසක් මේ යාලුවා අර ගොඩාක් යාලුවෝ ඉන්න යාලුවා ලගට ඇවිත් අහනවා කොහොමද ඔය දකින දකින කෙනාව ඔයාගේ යාලුවෙක් කරගන්නේ.. මට කොයි තරම් උත්සහ කලත් එක කරන්න බැනේ...

මෙහෙමයි මම ඉතින් ඔය හැම කෙනෙක් එක්කම හොදට කථා කරනවා... ඉතින් ඒ හින්දා ගොඩාක් අය මාත් එක්ක යාලු වෙනවා...

ඉතින් මොනවද ඔයා අහන්නේ....

මුකුත් අමුතුවෙන් විස්තරයක් නැ ඉතින් මේ දවස්වල මොකද කරන්නේ. කසාද එහෙම බැදලද. මොනවද කරන ජොබ් එක , ලමයි ඉන්නවද ඔවා තමා ඉතින්...

එකත් එහෙමද කියලා මිනිහා පහුවෙනිදම කට්ටිය එකතු වෙන තැනකට ගියා.. එක තැනක තනියම ඉන්න ලස්සන නොනා කෙනෙක් ලගට ගිහින් මෙහෙම අහනවලු

කොහොමද මිස්... මිස් බැදලද??

අකමැත්තෙන් වගේ කෙල්ල නැ කිවලු..

ඊට පස්සේ ආයේ මිනිහා අහනවලු මිස්ට එතකොට ලමයි ඉන්නවද කියලා..

(තේරෙනවානේ බැදලා නැ කිව කෙල්ලෙකුගෙන් ලමයි ඉන්නවාද කියලා අහපුවහම කොහොමද ප්‍රතිචාරේ කියලා)

ආයෙත් ඉතින් එක වැරදි කියලා අර යාලුවාගෙන් තේරුම් අරගෙන පස්සේ දවසකත් ඔහොම යනවලු.

පලවෙනි දවසේ බැදලාද කියලා අහලානේ ගුටි නොකා ගුටි කැවේ කියලා හිතලා මෙහෙම අහනවලු

මිස්ට ලමයි ඉන්නවද?? ඔව් කියපු නිසා පස්සේ මිනිහා අහනවලු එතකොට මිස් බැදලද කියලා....

තේරෙනවානේ ඉතින් බැදපු කෙනෙක්ගෙන් අහපුවහම ලමයි ඉන්නවද කියලා අහලා පස්සේ බැදලද කියලා අහපුවමත් ඉතින් ගුටි නොහම්බ වෙයිද??

ඉතින් යාලුවනේ කතා කරනකොට පරිස්සමින්.....

කථාව පුන්චි නිසා මම පොඩි ගානකුත් දිලාම මාරු වෙන්නම්කෝ... මේක පොඩි ඉරි කැල්ලකින් විසදලා දෙන්නකෝ.. (පාවිච්චි කරන්න පුලුවන් පොඩි ඉරි කැල්ලක් විතරමයි)

5 + 5 + 5 = 550

ප.ලි : තව පොඩි ගානකුත්  දාන්නම්කෝ.. මේකට උනන්දුව තියන නිසාම... 8 ඉලක්කම් 8කින් එකතු කරපුවාහම 1000 හැදෙන්න කොහොම ලිවොත් හැදෙයිද??

බලාපොරොත්තුවෙන් තවත් සුන්දර කථාවක්... ඉක්මනින්ම

37 comments:

  1. පළවෙනි + එකට / ඇන්දාම 4 වගේ වෙනවා.එතකොට 545+5=500 වෙනවා.කතාව නම් පංකාදුයි

    ReplyDelete
  2. ඇයි බන් මිස්ලාගෙන් ළමයි ඉන්නවද කියලා අහන්නෙ.? ඇයි ළමයි හදාගන්න උදව් කරන්නද?

    ReplyDelete
  3. මට නම් ගාන හරියටම මීටර් නෑ මල්ලි. මල්ලිම උත්තරේ දානකන් බලාගෙන ඉන්නවා.ඔය ප්‍රශ්නෙම අපේ කම්පැනි එකේ ඉන්ටර්විවු එකක ඇහුවා. මගෙන් ඇහුවා බැඳලද කියලා. මම් නෑ කිව්වා. ඊට පස්සේ ආයෙම අහනවා ළමයි ඉන්නවද කියලා. පිස්සු නේ.

    ReplyDelete
  4. ම්ම්...තවත්කෙනේක් එක්ක කතාකොරන කොට ඒ පුද්ගලයට ගෞරව කොරල කතාකොරනවනං ප්‍රොබ්ලම් අඩුයි..නැද්ද මං අහන්නේ....

    ReplyDelete
  5. මරු කතාව...ආ ගානට උත්තරේ මම දන්නවා...ඔය මුලින්ම තියන + ලකුණ 4 කරන්න...

    ReplyDelete
  6. රොෂාන් හේරත් : සමහර විට ඒකටම වෙන්න ඇති බන්... මගේ යාලුවෙක් නම් නෙමේ මේ කෙනා...

    ReplyDelete
  7. මධුරංග : කමෙන්ට් කරපු 2,3ක්ම මම පබ්ලිශ් කලෙත් නැ ඔන්න තවම, උත්තරේ කියන්න තව ඉඩ දෙන්න ඕනනේ... ඇත්තටම අහන්න දෙයක් නැති නිසා (අය්යා කොලිෆයිඩ්නේ ඉතින්) අහන්න ඇති නේද අය්යා...

    ReplyDelete
  8. රාජ් : අනිවාර්යෙන්ම යාලුවා.. කෙනෙක්ට අපි ගරු කරනවානම් තමයි එයාලත් අපිට ගරු කරන්නේ.. එකගයි 100%ක්ම

    ReplyDelete
  9. ගරු කරන එක කෙසේ වෙතත් කතාකරන්නේ කවුරු එක්කද..මොනවා ගැනද කියලා දැනගෙන කතා කරනවනම් ගොඩ ඉතින්

    ReplyDelete
  10. හික්ස්....නියම මිනිහෙක් නෙ...
    මෙන්න ප්‍රශ්න දෙකට උත්තර.

    5+545 = 550

    888+88+8+8+8 = 1000

    ReplyDelete
  11. මොනවද අනේ පුදපු ගමන් කාපි යකා කියල ලත් තැනම ඔය වගේ ප්‍රශ්න අහන්නෙ... ඕක මේ හිතවත් වෙලත් සෑහෙන කාලෙකට පස්සෙ අහන ප්‍රශ්නයක් නෙ.... හුඟ වෙලාවට වටින් ගොඩින් හොයාගන්න තොරතුරක් නොවැ... කියල දීපු එකායි, අහපු එකායි දෙන්නම එකයි වගේ....

    අර ගානට උත්තරේ අනිත් අය දීල තියෙන හින්ද අපි කියන්න යන්නෙ නෑ ඕං...

    ReplyDelete
  12. අරා, දුපත් වැසියා,Ocee ,Naughty's Impression , නිසු අක්කා. උත්තර වලට තැන්ක්ස් හොදේ... එක එක විදිහට හිතලා තිබුනානේ අරා කිවා විදිහ තමා හොදම විදිහ.. හැමෝම කියන්න හැදුවෙත් ඒකම තමා. දුපත් වැසියාත් අමුතුම පැත්තකින් හිතලා තියනවා,, ඒකත් හරිනේ බලනකොට

    8 ඒවා ගේ ප්‍රශ්නේට නම් නිසු අක්කා කිවා වගේ වෙන්න ඕනේ

    ReplyDelete
  13. චම්මා : අනිවා අනිවා.. එතකොට ගොඩාක් ප්‍රශ්න අඩුම වෙනවා යාලු

    ReplyDelete
  14. මියුරු : යාලුවා එක පාරම ඕක අහන්න කියලා නැ.. එත් ඉතින් මේ යාලුවා එකපාරම ගොඩ යන්න හිතාගෙන තමා මම හිතන්නේ අහලා තියෙන්නේ....
    මෙයා දන්න දේවල් අෆ්ෆා... අත්දැකිම් ද මන්දා..

    ReplyDelete
  15. දේවා අයියෙ දැන්වත් මිනිස්සු එක්ක කතා කරනකොට පරිස්සමෙන් කතා කරන්න :P

    ReplyDelete
  16. අනේ අර යාලුවනම් මරු. කියපු විදියටම වැඩේ කරල..
    අනේ මටනම් බෑ ඔය ගනන් එක්ක පැටලෙන්ට උදේ පාන්දර ...

    මම යනව එක්කෙනෙක්ට පොඩි ගනන් පාට් එකක් දාන්ට ...

    ReplyDelete
  17. මම ගනන්වලට හුඟක් දුරුවලයි ....
    “මිස් බැඳලද, ලමයි කීයද“
    ෂෝක් ප්‍රශ්න දෙක .....

    ReplyDelete
  18. මමත් හොදට කතා කරන කෙනෙක්.
    ඒ හන්දද මන්දා මටත් යහලුවන්ගෙන් නම් අඩුවක් නෑ.
    කතාව නම්...එලස්.

    ReplyDelete
  19. @OCee...,Naughty,නිසුපා
    545 + 5 = 550 වෙන්නෙ කොහොමද?????

    ReplyDelete
  20. මට ෙමෙකෙ ( ා/ෙ) ගහන්න බෑනෙ

    ReplyDelete
  21. යකෝ ගුටි කන ප්‍රශ්න ටිකක්නේ යාලුවට දීලා තියෙන්නේ . . අරූ හොඳ යාලුවෙක් වෙන්න නම් බෑ . . හික්ස්

    ReplyDelete
  22. සුපර් මාරියෝ : අනේ කොල්ලෝ මේක මට උන දෙයක් නෙමේ බන්

    ReplyDelete
  23. ගිම්හානි : ඒ කාටද අක්කේ උදේ පන්දරම.... අර ඊයේ ආව කෙනාද අක්කෝ... කොහොමත් මොනවා කලත් පරිස්සමින්

    ReplyDelete
  24. පන්සල් හන්දිය : ඔන්න අය්යා බොරු කියනවා.. මම දන්න විදිහට අය්යා හොද ගණන් කාරයෙක්

    ReplyDelete
  25. හෆ්ෆේ කාලෙකින් ආවේ..මොකක්ද බං මේ ගාන??උත්තරේ කියන්නකෝ..අර කතාවේ යාලුවා එදා යහතින් ගෙදර ගිහින්ද?? ;-)

    ReplyDelete
  26. නිල් අහස : ඇත්තටම අපිට එහෙම පුලුවන්නම් ඒක තමා අපිට තියන ලොකුම ශක්තිය.. අය්යා ගොඩාක් වාසනාවන්තයි ඉතින්....

    ReplyDelete
  27. රිඩර් : ඇයි යාලු 545 ට 5ක් එකතු කලහම 550යි නෙමෙයිද???
    ආහ් ඔය උඩම අරා ගේ කමෙන්ට් එක බැලුවහම තේරේවි නේද කොහොමද එහෙම උනේ කියලා

    ReplyDelete
  28. ප්‍රසන්න : මට නම් කියපු දේ තේරුනේ නැ අෆ්ෆා...

    ReplyDelete
  29. දුකා : නැ නැ අය්යා අරු හොද එකා ( ඔන්න මම නම් නෙමේ..) අරුට නිවාඩු පාඩුව අහන්න කියපුවා.. මුගේ ඉක්මන් කමට කලින්ම අහලා එකයි වෙලා තියෙන්නේ...

    ReplyDelete
  30. විශ්ව (මගේ පි‍ටුව) : කාලෙකින් තමා ඔන්න අපිව බලන්න ඇවිත් තියන්නේ.. ආහ් ගානට උත්තරේ නම් ඔන්න දාලා තියනවා කමෙන්ට් වලම...

    දන්නේ නැ බන් යාලුවෙක් නෙමේනේ මගේ... හිකිස්

    ReplyDelete
  31. ඕකෙ පළවෙනි + එක 4 කරන්නත් පුලුවන්. නැත්නම් ලේසිම විදිය තමයි සමාන ලකුණ කපාගෙන යන විදියට ඉරක් ගහන එක(අසමාන වෙන්න). මේක තිබුනෙ දැන් මාස 2 කට විතර කලින් IESL Engineering news එකේ. මම නම් ඊට පස්සෙ සැරේ එකේ උත්තරේ දැක්කෙ නෑ. හැබැයි මට එක පාරටම මීටර් උනේ ඔය දෙවනි එක.(අර දූපත් වැසියත් ඒක කියල තියනව)
    @නිසූපා: ඔය 8 කතාව නම් සිස්සත්ත ප්‍රශ්න පත්තරේක තිබුනා මම දැක්ක අපේ අක්කගෙ දුව හදනව.

    ReplyDelete
  32. අහල තියෙනවා මේක වෙන විදිහකට....ඕකෙම XX වර්ශන් එක......

    ReplyDelete
  33. මට විසඳන්න දෙයක් නම් නෑ ගානේ..
    කතාව මරු..මේ මිනිහා නිකං මහදැන මුත්තගේ පරම්පරාවෙ වගේනේ...
    කෙනෙක්ට ගරු කරල කතාකරා නම් අපිට යාලුවො හොයාගන්න එක කජ්ජක් නෙවෙයි.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....