ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

09 October, 2011

ආදරේ කරන්න වයස බලපානවද?? ඇත්තටම මොනවද බලාපොරොත්තු වෙන්නේ...

සිතක සංකල්පනා ලියන මධුරංග අය්යා ලියපු අලුත්ම පොස්ට් එකේ තිබුනා (අය්යාට කෙල්ලෙක් හොයාගන්න නම් නෙමේ) ලෝක පුජිත ආදර කථා ගැන පොස්ට් එකක් එකේ සමහර කමෙන්ට් දැක්කහම කාලෙක ඉදන් ලියන්න උන්නු දෙයක් ආයේ ලියන්න ඕනා කියලා හිතුනේ...

ආදරේ ට වයසක් තියනවාද??

ඇත්තටම නැනේ...

කෙල්ල වැඩිමල් වෙලා කොල්ලා බාල වෙන්න පුලුවන්ද??

ඔන්න ඒකෙදි නම් මම හිතන්නේ එහෙම වෙන එක ඒ තරම් හොද නැ.. (මම හිතන්නේ එහෙමයි ඔයාලා කමක් නැ කියලා හිතයි ඉතින්)

ජිවත් වෙනකොට ආදරේ කරනකොට ඒක ලොකු ප්‍රශ්නයක් කියලා දැනෙන එකක් නැති උනත් දවසක ලමයි තෙරෙන වයසකට ආවහම ඇයි අම්මා , අම්මට වඩා බාල කෙනෙක් හොයාගත්තේ, ඒ කාලේ වෙන අය හිටියේ නැද්ද කියලා ඇහුවොත්...

ඊටත් වඩා.. ඔය අවුරුදු 5,6ක් බාල කොල්ලෙක් බැද ගත්තහම කාලයක් ගිහින් කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක ගියොත් කෙල්ලට මොකද වෙන්නේ...

ඒත් දෙයක් කියන්නමත් ඕනා.. මම දන්න අක්කා කෙනෙක් ඉන්නවා.. එයා මල්ලි කෙනෙක් වෙන කෙනෙක්ට ආදරේ කරනවා (ගෙවල් වලින් තාමත් ප්‍රශ්න තාම බැදලා නම් නැ) ඒ අයගේ ආදර කථාව ප්‍රශ්න මැදින් හොදට ගලාගෙන යනවා...

දෙන්නා මෙච්චර දියුනු ලොකෙක කතා කරන්නේ ටෙක්ස්ට් කරන්නේ වැඩ කරන වෙලාවකදි නිදහසක් ලැබුනහම විතරයි... මිට් වෙලා කොහෙවත් ගිහින් නැ කියලා තමයි කියන්නේ

අපි එවා නම් ඉතින් හරියට කියන්න දන්නේ නැ තමයි.. එත් ඒවා බොරු කියන්නත් බැ.. ආදරේ කියන දේට ගොඩාක් වැදගත් වෙන්නේ විශ්වාසේ කියන දේ, මම දකින සමහර කපල් ඉන්නවා හැම වෙලේම කථා කරනවා , පුලුවන් හැම වෙලාවකම මිට් වෙනවා.. ඒත් විශ්වාසේ නැ... අපි ආදරේ කරනවා නම් අනිවාර්යෙන්ම ආදරේ කරන කෙනාව විශ්වාස කරන්න ඕනා කියන එක මම හදවතින්ම පිලිගන්න දෙයක්.... ආදරේ ජිවත් කරවන්න ....

ආදරේට විශ්වාසේ විතරක්ම තිබිලා ඇතිද????

කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක විතරද???

කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද??


හිත පිරෙන තරම් ආදරේ. තාත්තා කෙනෙක් වගේ ආරක්ෂාවක්, හිත සතු‍ටු කරවන වචන, සතුට. සැනසිම. අගය කිරිම් මේව ඕවා ට අයිති උනත් තව ගොඩාක් එවා  නේද???

50 comments:

  1. ආදරය හරියට ඔක්සිජන් වගෙයි.. ඔක්සිජන් අපිට හරියට තියෙනව පෙනෙන්නෙත් නැහැ. අපිටත් නොදැනීම අපිව ජීවත් කරවනවා. වැඩි උනොත් හරි අඩු උනොත් හරි අපිට තේරෙනවා මොකක් හරි අවුලක් කියලා..ගොඩාක් අයට තේරෙන්නෙ නැහැ ඒ මොකක් නිසාද වුනෙ කියල.

    ReplyDelete
  2. ඔය වචනේ තවම නිර්වචනය කරල නෑ කිසිම කෙනෙක්. මගේ නම් හැඟීම මහා ආත්මාර්ථකාමී දෙයක්. දෙපැත්තෙන්ම බැලුවත්. අන් අයගේ අයිතිවාසිකම් තමන් සතු කර ගැනීමක්. පොඩි උදාහරණයක් කියන්නම්. කිසිම පුද්ගලයෙක් කැමති නෑ. තමන් ආදරය කරන කෙනා විරුද්ධ ලිංගික පාර්ෂවය වෙත නෙතක් හෙලීමටවත්. එතනම තියෙන්නේ මානුෂික අයිතිවාසිකම් උල්ලංගනයක් නොවේද...?

    ReplyDelete
  3. ආදරේ කියන්නේ ඔය හැම දේකම එකතුවක්.. මට නම් ඔහොම වයස අඩු වුනොත් ඒක ප්‍රශ්නයක් වේවි. මම බලාපොරොත්තු වෙන්නේ මට වඩා ටිකක් ලෝකේ ගැන දන්න, මට අයියා කෙනෙක් වගේ හැමදේම කියලා දෙන්න පුළුවන් විදියේ කෙනෙක්. වයස ප්‍රශ්නයක් නොවෙනව කියලා හිතන කෙනෙක් එහෙම ආදරේ කරන එකේ කිසිම වරදක් මම දකින්නේ නෑ අයියේ.

    ReplyDelete
  4. ආදරේට නම් වයස බලපාන්නෙ නෑ.. ඒත් වයස නොගැලපෙත්දි බාහිරින් එන බලපෑම් වැඩියි මම හිතන්නෙ. මම නම් ආදරේ කරන්න කැමති එයා ලඟදි මට ගොඩක් ලොකු ආරක්ශාවක් දැනෙන, එයා එත්දි පවා වාඩිවෙලා ඉන්න තැනින් නැගිටින්න තරම් ගෞරවයක් දැනෙන, මට ලස්සනයි කියලා හිතෙන, හොඳ ගතිගුණ තියන කෙනෙක්ට. ඒ විදිහෙ ගෞරවයක් ඇති වෙන එක්කෙනයි මේ ලෝකෙ දැනට මම දන්නෙ. ඒක ලස්සන හීනයක්.
    අයියා කියාපු අක්කාව හරි මල්ලිව හරි මම අඳුරන්නෙ නෑනේ???

    ReplyDelete
  5. මම ඉතාලියේ නම් ඔය වයසින් අඩු කොල්ලො බැදපු කෙල්ලෝ ඔන තරම් දැකලා තියෙනවා.. මාත් එක්ක වැඩ කරන කීප දෙනෙකුත් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. එ අය සතුටින් ඉන්නවද

      Delete
  6. ane manda adare gana liyanna nam mata therenne ne oya kiyana widiyata.eeth mama nam kisima kondesiyak nathi adarayak windinawa harima sundara widiyata.api marry karalath dan aurudu thunak.eeth adare nam aluth wenawa dawasaganema

    ReplyDelete
  7. aadarayata wayasa balapanne ne kiyalai mama hitanne

    ReplyDelete
  8. තමන්ට ගැලපෙන කෙනාට ආදරය කරලා, සමාජයට නොගැලපෙන නිසා අතඇරපු අය කොයි තරම් ඉන්නව ද?

    ඒත් එයාල ඉන්නේ සතුටින් ද?

    සමාජයට බංබුගහගන්න කියලා තමන්ට ඕනි දේ කර ගන්නෙ කී දෙනා ද?

    හෆොයි හිස රිදෙනවෝ.........

    ReplyDelete
  9. වෙනි : ඔයා එහෙම කියනකොට මටත් එහෙම හිතෙනවා යාලුවා. ඒවා නැතුව අපිට ජිවත් වෙන්න බැ වගේම.. ආදරේ කියන්නෙත් අපිට ගොඩාක් වටින දෙයක්...

    ReplyDelete
  10. මාතලන්: ඒක නම් එහෙම තමා අය්යේ.. ඒක ඇත්තටම සුන්දර ඉරිසියාවක් වගේ කිවොත් මම වැරදිද???

    ReplyDelete
  11. ප්‍රර්ථනා : වයස කියන දේ ඇත්තටම බලපාන්නේ සමාජයේ ජිවත් වෙනකොටනේ.. අපිට පුලුවන්ද ඉතින් එහෙම කියලා සමාජයෙන් ඈත් වෙලා ජිවත් වෙන්න... ආදරේ සුන්දරයි...

    ReplyDelete
  12. හංසි : ඔයා කියන ඒ මේ ලොකේ ඉන්න එකම කෙනා ඔයාගේ ආදරවන්තයා වෙලා පස්සේ ඔයාගේ ජිවන සහකරු වෙන්න කියලා සුභ පතන්නම් මමත්

    ReplyDelete
  13. දිනේෂ් :ඉතාලියේ යි ලංකාවෙයි ඇත්තටම ටිකක් තත්වේ වෙනස් නේද අය්යා.. යාලුවෝ උන්නට අය්යා එහෙම නැනේ

    ReplyDelete
  14. සුද්දි : ඔයා වාසනාවන්තයි ඉතින් ගොඩාක් ජිවිතේ හැමදාකම එහෙම ගෙවන්න ලැබේවා කියලා පතන්නම්

    ReplyDelete
  15. උදය කුමාර : බලපාන්නේ නැ මයි කියලාත් කියන්න අමාරුයු නේද යාලු...

    ReplyDelete
  16. සොදුරු සිත : කථාව ඇත්ත,, ඒත් කරන්නේ කියෙන් කියද?? කරපු අයත් සතුටෙන් විතරමයි කියලාත් කියන්න පුලුවන්ද??

    ReplyDelete
  17. ආදරේ කරද්දි වයස, ජාති කුල මල, උස මිටි වර්ණ වැඩක් නෑලූ නෙ. හිත ගිය තැන මාළිගාව. ආදරේ ඇති ව්එන්න ඕනෙ හදවතේ ගැඹූරුම තැනින් කිසිම දවසක වෙනස් නොවෙන්න , සදාකාලික ශක්තිමත් බැඳීමක් විදියටයි.හැබැඅයි මේ ලෝකෙ ඇමදේම අනිත්‍යයි කියලනෙ බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙත්.

    කොහොම වුනත්, ආදරේ කියන්න බොහොම පිවිතුරු නිර්මල බැඳිමක්. අන්යෝන්‍ය විශ්වාසය, ගරු කිරීම, අවබෝධය සඩ ඉවසීම කියන මේ හැමදෙයක්ම ආදරේට පදනම වෙනවා කියලා මං හිතන්නෙ

    ReplyDelete
  18. පළමුව මාතලන්ට ...
    මේ ලෝකෙ හුඟ දෙනෙක් ඔබේ අදහසට එකඟ වුනාට මම එකඟ නෑ. සමහරු පෙම්වතිය හෝ බිරිඳ වෙන අය දිහා බලනවටත් කැමති නැති වුනාට එයා එහෙම බලනවනේ.
    මම නම් මෙතෙන්දි සාධාරණ වෙන අවස්ථා තියෙනවා.
    දෙවනි එක දේවාට....
    මෙතන වැඩිමල් හෝ බාල යන එක වැදගත් නෑ. ආදරයයි වැදගත්.[එහෙම එකක් මේ ලෝකෙ තියෙනවානම්]
    මමත් ඉස්සර ලොකු කෙල්ලොන්ට ආදරය කරලා තියෙනවා. එයාල ඔය මුකුත් නොදන්න පොඩි එවුන්ට වඩා අවබොධය අතින් ඉස්තරම්.
    මමත් පෞද්ගලිකවම දන්නවා වයස් පරතරය වැඩි සමහර යුවලවල් හුඟක් සතුටින් සිටින.
    සොඳුරු සිතට මමත් එකඟයි ... සමාජයට ඕන විදිහට හැම දේම කරන්න බෑ. අපව හපා කන්න බලාසිටින..... අපට හැම වෙලේම ගරහන්න බලා සිටින සමාජයට මමත් තැකීමක් නෑ කොහෙත්ම.

    ReplyDelete
  19. මට නම් වයස බලපාන්නේ නෑ. මගේ කෙල්ල මට වඩා අවුරුදු ක් බාලයි බොල...

    ජය..

    ReplyDelete
  20. ආදරේදි දෙන්නා අතරෙ විස්වාසෙ තියෙන්නෙ ඕනෙ ලොකුවටම. එක්කෙනෙක් විස්වාස කරන්න කැමති වුනත් අනිත් කෙනා ඒක කඩන්න සූදානම් නම් එතන ආදරේ තියෙන්නෙ නෑ.

    ReplyDelete
  21. මමනම් කැමති මම විවාහ වෙන කෙනා මට වඩා වයසින් වැඩි වෙනවට. ආදරයක් සම්පූර්ණ වෙන්නනම් හැම අතින්ම සම්පූර්ණ වෙන්න ඕන.. සියල්ලටම වඩා විශ්වාසය වටිනවා. විශ්වාසය කැඩුනොත් ආදරය දිගට ගෙනියන්න බැරිවෙයි...

    ReplyDelete
  22. අපි ඕක මෙහෙම අවසන් කරමු, වයස ප්‍රේමයට බාධාවක් නොවේ, නමුත් වයස විවාහයට බාධාවක් වේ....

    ' දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම ' මේ ප්‍රශ්නයට මුහුන දෙන පෙම්වතුන් හමු උනත් කතා කරනවා ඇත්තේ මේ ගීතයේ තියෙන දේ වෙන්න ඇති..ඔවුන් ඒව කතා කොට මහා බරක් රැගත්තවුන් සේ විසඳුමකට නො එලඹ වෙන් වී යනවා ඇති... ඊලඟ දවසේ හමු උනත් කතා කරන්නට ඇත්තේ ඒ දෙයම වෙන්න ඇති...

    ' ඒ සඳ ඇයිද ඇයිද දිය වක දී මුලු රෑම - දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව.....'

    ReplyDelete
  23. ආදරය කරන්න කෙනෙක් ලං කරගද්දි එයා තමන්ගෙ අම්ම වගේම අවන්කව ආදරය කරනවනම් කොතරම් දෙයක්ද නේද? මම අලුත් කොල්ලෙක් නොවැ ඉතින් අද තමා මුලිනම පය ගැහුවෙ ඕන්. මගෙන් සුබපැතුම් ඔයාගෙ අනාගතයට. හෙටත් එන්න්කො මේ පැත්තෙ!!!

    ReplyDelete
  24. කෙල්ල වැඩිමල් උනාම හෙන වාත....

    ReplyDelete
  25. අනේ මන්දා... හැබැයි දෙන්නා අතර පරතරය අවුරැදු 5 කි ව්කර වෙනවා නම් හොඳයි මං හිතන්නේ... ඒ කියන්නේ කොල්ලා අඩුමගානේ අවුරැදු 5 ක්වත් වැඩිමල් වියයුතුයි...

    ReplyDelete
  26. මමත් දන්න ජෝඩු දෙකක් ඉන්නවා.පලවෙනි ජොඩුවේ අක්කා අයියට වැඩිය අවුරුදු 6ක් ද කොහෙද වැඩිමල්.දෙවෙනි ජොඩුවේ අයියා අක්කට වැඩිය අවුරුදු 15 ක් වැඩිමල් ඒ අක්කගෙ තාත්තගෙ යාලුවෙක් .......:D

    ජොඩු දෙකම යාලුවෙලා බැන්දේ.තාමත් කිසි අවුලක් නැතුව හොඳින් ඉන්නවා ........:D

    ReplyDelete
  27. ආදරේට ඔය කිසි දෙයක් බලපාන්නේ නෑ. ආදරේ අන්ධලුනේ...:D

    ReplyDelete
  28. ආදරේ කරන්න වයස බලපාන්නේ නෑ මල්ලි. කෙල්ල වැඩිමල් උනත් කොල්ලා වැඩිමල් උනත් කමක් නෑ. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ කොල්ලා වැඩිමල් වෙන එක. මොකද ගෑනු කට්ටිය ඉක්මනට වියපත් වෙනවා. ඒ නිසයි එහෙම විවහා වෙන්නේ.

    ReplyDelete
  29. වයස බලපාන්නේ නැහැ..ඔය ඕන තරම් ඉන්නේ ලොකු වයස් පරතර තියාගෙන තාම හොදින් ඉන්න අය..හිතන පතන විදිය තමයි බලපාන්නේ...
    හැබැයි ( කවුරු මොනවා කිව්වත් ) $$$ නම් බලපානවා [ දැනට මගේ මතය :D ]

    ReplyDelete
  30. හිතුවක්කාරි : වෙනස් වෙන මේ ලොකයේ වෙනස්නොවේ යැයි මා පතන්නේ ඔබේ හිතමයි පමනක්යැයි පෙම්වතා හෝ පෙම්වතිය හිතනවානම්...
    ආදරේ කියන්නේ ඒ දේවල් වල එකතුවක්ව තමයි....

    ReplyDelete
  31. කුමාරයා : අනේ ඇයි එහෙම කියන්නේ ආදරේ කියන දෙයක් නැද්ද මේ ලෝකේ

    ReplyDelete
  32. ගයාන් රුපසිංහ : අවුරුදු ක් කියන්නේ අලුත් වයසක්ද අය්යේ...

    ReplyDelete
  33. නිසුපා : අනිවාර්යෙන්ම අක්කේ විශ්වාස කියන දෙය තමයි ගොඩාක් වැදගත් කියලා මමත් හිතනවා

    ReplyDelete
  34. ගිම්හානි : සෝ දැන් ඉතින් එහෙම කෙනෙක් හොයාගෙනද ඉතින් ඉන්නේ අක්කෝ....

    ReplyDelete
  35. විදනාරාල : නම කිවා හරිද මන්දා... එකගයි 100%ක්ම

    ReplyDelete
  36. නාලක ප්‍රසාද් : අලුත් පරන බේදයක් නම් නැ මේ අඩවියේ.. හැමෝටම දොර ඇරිලා... ආයෙත් අනිවා එන්නකෝ...

    ReplyDelete
  37. ඔබ නොදු‍ටු ලොවක් : අත්දැකිමෙන් නම් කියන්නේ ඔන්න අපි පිලිගන්නවා හොදේ..

    ReplyDelete
  38. ද ලයන් : අනේ බන් එතකොට අවුරුදු 20ක විතර කොල්ලෙක් කෙල්ලෙක් හොයාගන්නකොට ඒ කෙල්ලට අවුරුදු 15යිනේ.. එතකොට බාල අපරාදයක් වෙනවනේ..

    ReplyDelete
  39. පොඩි කුමාරිහාමි: ඔන්න මම නම් හිතනවා ඔය කිවේ 100%ක්ම අත්දැකිමෙන්

    ReplyDelete
  40. මධුරංග :අය්යාලා ඉතින් අපිට වඩා පරිනතයිනේ... අපි පිලිගන්න ඕනා අය්යාලා කියන දේවල්..

    ReplyDelete
  41. චම්මා. : 100%ක්ම නම් එකග වෙන්න බැ යාලුවා,... මොකද මම දන්න ගොඩාක් දුප්පත් අය ඉන්නවා ගොඩාක් ආදරෙන් ඉන්න අය...

    ReplyDelete
  42. @ දේවා
    ඕක ගැන ගයාන් සිංහයගෙන් අහපන් පොර කියයි .........:D

    ReplyDelete
  43. අත්දැකීමක් කියන්නේ ඇස් දෙකට දැකපු දෙයක්...මගේ හොද යාළුවෙක් ඌට වැඩිය අවු.8 වැඩිමල් බිරිද..මූ අළුත් අවුරුද්ද දවසේ wife ට බුලත් දීලා වැදලා....පොඩි එකා අහනවලු ඒ මොකද කියලා...බීපු වෙලාවක කිව්වේ මේ සීන් එක...මේක හරි වාතයක් බං කිව්වා...හැබැයි ආදරේ කිසි අඩුවක් නෑ..එළට ඉන්නවා..අපි මූව නෝන්ඩි කරන්නේ මූ රෑට wifeට වැදලා නිදාගන්නේ කියලා...

    ReplyDelete
  44. මාත් ඉතින් අළුතෙන් ආවෙ.මගේ මතයත් හරියටම හංසිගේ මතයම තමයි.ඒත් අර කියන්නා වාගෙම එහෙම අය නම් මම දන්න අය අතරෙත් ඉන්නෙ එක්කෙනයි. :)
    අනිත් එක තමයි මගේ අදහස තමයි.කාන්තා පාර්ශවය වයසින් වැඩි වෙන එක අවුලක් කියන එක.
    අනිත් එක විශ්වාසය වගේම අන්‍යොන්‍ය ගෞරවයත් අනිවාර්යයි බැඳීමකදි.

    ReplyDelete
  45. ඔබ නොදු‍ටු ලොවක්... : එහෙම බලනකොට නම් ඇත්තටම මේක වාතයක් වෙන කේස් එකක් තමයි... හැමදාම නොවුනත් දවසක අනිවා වෙනවා... ආදරේ කරන කෙනාට වදින එක නම් ඇත්තටම පව් නැ මම හිතන්නේ

    ReplyDelete
  46. ලකි වික්‍රමසිංහ : අලුතෙන් ආව ඔබව සාදරයෙන් පිලිගන්නවා.. ඒත් මම හිතනවා ගොඩාක් මට වඩා ඔබට අත් දැකිම් ඇතිය කියා... අනිවා ඒක නම් ඇත්ත

    ReplyDelete
  47. macho koohara kaloth kellonta wiswaya watinne natte ei

    ReplyDelete
  48. මේකයි අයියා මට දැනගන්න ඕනි මාස 7 ක් විතර වැඩිමල් උනත් අවුල්ද?

    ReplyDelete
  49. මං තාමත් අක්කා කෙනෙක්ට ආදරේයි.එයා මටවඩා අවුරැදු 9 වැඩි මං එයාට පන වගේ ආදරේයි එයත් එහේමයි.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....