ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

17 October, 2011

බ්ලොග් එක නිසා තවත් සතුටක්.... දුකක් කියලා එකක් නැතුවමත් නෙමේ..

බ්ලොග් කියන දේ මගේ ජීවිතේ 100%ක්ම නොවුනත් 50%ක්වත් ඇති හරියටම ගනන් මැනලා කියන්න නම් මම දන්නේ නැ.. ඊයේ පෙරේදා ගුගල් මාමලා බස් එකට මොනවද කරන්න යනවා කියලා එක එක අයගෙන් අහන්න ලැබුනා... ඒ වෙලේ ඉදන් මම බයෙන් ඉන්නේ බ්ලොගර් එකටත් ඔහොම මොකක් හරි කේස් එකක් එවිද කියලා.....

අනේ මන්දා ඒක නම් කවදා හරි එහෙම දෙයක් උනොත් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියනවානම් ඔයාලත් කියන්නකෝ මට...

බ්ලොග් නිසා මට ගොඩාක් හොද යාලුවෝ ටිකක් හම්බ වෙලා තියනවා.. පුද්ගලික ජිවිතේ පවා මගේ ලග ඉන්න... ඔන්න ඉතින් අද කියන්න යන්නේත් මට බ්ලොග් නිසා සතුට දැනුන දෙයක් ගැන...

මගේ මේ බ්ලොග් එක පටන් අරන් මේ ගෙවන්නේ 7 වෙනි මාසේ ඒ කියන්නේ මේ අවුරුද්දේ අප්‍රියල් 30 වෙනිදා කාලෙකට පස්සේ බ්ලොග් ලියන්න ආයෙමත් පටන් ගත්තා...  පොස්ට් එකසිය දහ අටක් මේ වෙනකොට දාල තියනවා වගේම කලින් මගේ පොස්ට් එකේදි මේ බ්ලොග් ‍ෆිල්ඩ් එකේ ගොඩාක් අයට ලොකු දෙයක් නොවුනත් සමහර අයගේ දේවල් එක්ක බලනකොට බොහොම පොඩි ඒත් මට ගොඩාක් සතුට දැනෙන දෙයක් උනා.. ඒ කියන්නේ මගේ බ්ලොග් එකේ ෆලෝ කරන අය 200 සිමාව පහු කලා... ඇත්තටම ඒක පොස්ට් එකක් දාලා සමරන්න තරම් දෙයක් නෙමේ කියලා ඔයාලට හිතෙයි.. එත් ඇත්තටම මට එක මාරම වටිනවා... තව දෙයක් ගොඩාක් ඉක්මනට මගේ හිට්ස් 150000ක කඩයිම පහුවෙයි කියලා හිතෙනවා අද තව සතියකින් විතර ඔන්න ඒකත් මම මේකෙන්ම සමරනවා...

මේ ටික කැමති නම් නොකියවා ඉන්න මට මේක වදයක් නිසා විතරයි කියලා හිත නිදහස් කරගන්න විතරයි දාන්නේ ..
බ්ලොග් එක මගේ ජිවිතේ උනත් එක කෙනෙක් නිසා (නම කියන්න ඕනේ නැ බ්ලොග් කරන ගොඩාක් දෙනෙක් දන්නවා මැන් ගැන) මම හිතුවා දැන් වත් හොද වෙලා ඇති කියලා... ඒත් මැන් එයගේම ගුගල් එකවුන්ට් එකෙන් මම හිතන්නේ වැරදිලා කුනුහරප කමෙන්ට් කරලා තිබුනා.. මට කියන ඕන දෙයක් ඉවසනවා මම මැන්ට තියන ලෙඩේ ගැන හොදටම දන්න නිසා.. ඒත් ඇත්තමම මට දරා ගන්න බැරි මිනිහාට ජාතක කරපු අම්මෙක් තාත්තෙක් නැතුව වගේ  ඒ අයට කියන කථා ගැනයි... ඒත් මම හිතනවා මිනිහා කියන්නේ මිනිහාගේ අම්මා තාත්තා ගැන කියලා..විදීන උනු අත්දැකිම් වෙන්න ඇතිනේ..

මේ කියපු දේ ගැන මුකුත් නොකිවට කමක් නැ ඔයලා.. එහෙම මුකුත් නොකිවා කියලා හිතාගන්නකෝ... ඔන්න ඉතින් කට්ටියම එන්නකෝ මගේ අද මේ ෆලෝ 200  ඉක්මවලා හිට්ස් එක්ලක්ශ පනස්දාහ ලංකරපු සන්තොසේට ගන්න පාටි එකට....

හ්ම්... ගෙන්න දෙයක් හිත් හිතා ඉන්න එපා.. මුකුත් ඕනේ නැ ඇවිත් බලලා යන්නකෝ....

ආහ්.... හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ යාලුවනේ දිගටම මාත් එක්ක උන්නට... ඒ වගේම හැමදාමත් මගෙත් එක්ක ඉන්න යාලුවනේ..

29 comments:

  1. මේ එහෙම ලේසියෙන් බේරිලා යන්න බැහැ පාටි එකක් ඕනමයි...

    ReplyDelete
  2. නියමයි... ඔන්න අයියේ මම සුබ පතනවා අයියාටයි බ්ලොග් එකටයි. මේ දවස් වල වැඩ වැඩි නිසා පෝස්ට් ඉක්මනට බලලා යනවා මිසක් කමෙන්ට් කරන්න උනේ නෑ.. අද නම් ටිකක් ඉඩ ලැබුණා.. අද වෙත්දි මගේ බලු පැටියාට ටිකක් සනීපයි. ඩොක්ටර් ලගට එක්කන් ගිහින් අද පෙන්නන්න ඕන. ඒත් දැන් නම් එයා ජීවත් කරන්න පුලුවන් කියලා ලොකු විශ්වාසයක් තියනවා. සමාවෙන්න කමෙන්ට් කරලා යන්න බැරි උනාට. ඔන්න අපිට කේක් ඕන අයියේ..... මම එත්දි නම් 146760.

    දුක් වෙන්න එපා අයියේ නින්දා අපහාස වලදි වටෙන්නෙ නැතුව ඉන්න පුලුවන් නම් ඒක තමයි ලොකුම ජයග්‍රහණය.

    ReplyDelete
  3. 150000 ගහමු.පාටිය නං අනිව ඕන.

    ReplyDelete
  4. උණුසුම් සුභ පැතුම් කොලුවො...

    ReplyDelete
  5. බෝල කුණුහර්ප නම් අපිත් දන්නවා... ඒත් අපි ඔව්ව කියන්න යන්න ඕනේ නෑ නොවැ.. ඔව්ව ගනං ගන්න එපා දේවෝ. ඔව්ව මොනාද.. මොලේ කොයිල් කාරයෝ.. එලස් ඔන්න සුභ පැතුම්.... තව ඉස්සරහට යන්..

    ජය...

    ReplyDelete
  6. ඔන්න එහෙනම් අපට පාටියක් ඕනා. හරිද මල්ලි. මල්ලි මාර ඉක්මනටම හිට් වෙලා නේ. ලක්ශ එකහමාර ඉක්මනටම පාස් කරලා. එල එල !!!

    ඕක තව තවත් ඩබල් වෙන්න කියල පතනවා. ඒ වගේම වැඩි වැඩියෙන් කමෙන්ට්, ෆලෝවර්ස්ලා ලැබෙන්න කියලත් පතනවා.

    එක එකා මොන මොනවා කිව්වත් සලෙන්න එපා මල්ලි !!! දිගටම ලියන්න.

    ReplyDelete
  7. ශුභ පැතුම් ! පාටි වලට අපි නම් බැහැයි කියනෙ නැහැ...

    ReplyDelete
  8. ඔන්න මාත් ආවා පාටියට සුභ පැතුම් සමගින් ....
    …ජයෙන් ජය !!!

    ReplyDelete
  9. පාර්ටි නැතුව සතුට සමරන්න බෑනේ මළේ . . දාමු පාට්යක්ම . . .ජය වේවා

    ReplyDelete
  10. පාටියට අපිත් එකෙන්ම...!!! අපෙනුත් සුභ පැතුම්...! ඉදිරියෙන් ඉදිරියටම යන්න ජයෙන් ජයම වේවා දේවා මලේ...!!!

    ReplyDelete
  11. ජයවේවා...!!!

    සුබ අනාගතයක්...!!!

    ReplyDelete
  12. ඔන්න අපට පාටි ඔ්න අයියා.....
    දිගටම ලියන්න....

    ReplyDelete
  13. සුභ පැතුම් මල්ලි...දාමු ලොකු පාටියක්..

    ReplyDelete
  14. සුභ පැතුම් ඔන්න මගෙනුත්... දිගටම ලියන්න දිරිය ලැබෙන්න ඕනෙ..!!

    ReplyDelete
  15. ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් මලයා ........

    ReplyDelete
  16. එහෙම කියලා හරි යන්නේ නෑ.. අපිට පාටි එකක් ඕන...
    ෆලොවර්ස්ලා 200 සුභ පැතුම් යාළුවා...

    ReplyDelete
  17. ජීවිතේ මිනිස්සු වැටෙනවා නැගිටිනවා..ඒ වැටීම් නැගීටීම් කියන්නෙ ශක්තියේ පදනම්..
    සුබ සහ තුටු මොහොතක එක් කරමි මගේද පැතුම්
    ජයවේවා සහෝදරයා

    ReplyDelete
  18. සුභපැතුම්! මල්ලි දිගටම ලියන්න

    ReplyDelete
  19. ඔන්න එහෙනම් මගෙනුත් උඹට සුබ පැතුමක් ..ටිකක් පමා වුණාට සොරි ඈ

    ReplyDelete
  20. වෙන්නත් බැ
    නොවෙන්නත් බැ
    කියලත් බැ
    මොකුත් නොලියත් බැ.........

    ReplyDelete
  21. මෙන්න මගේ සුබ හා පැතුම්

    (වඩේ පාර්ටියක් වත් දාමු ඔන්න ඔහෙ.....හික්z)

    ReplyDelete
  22. සුභ පැතුම් මචෝ....

    මොන ගෝතයාද බැන්නේ???.ඕවා ගණන් ගන්න එපා.රා..යිට්.උබ මුලින්ම කුණු හරුප කොමන්ට් ආපු නැති බ්ලොග් එහෙකින් අබ ටිකක් ඉල්ලන් වරෙන්....

    ReplyDelete
  23. සුභ පැතුම් මචෝ....

    මොන ගෝතයාද බැන්නේ???.ඕවා ගණන් ගන්න එපා.රා..යිට්.උබ මුලින්ම කුණු හරුප කොමන්ට් ආපු නැති බ්ලොග් එහෙකින් අබ ටිකක් ඉල්ලන් වරෙන්....

    ReplyDelete
  24. සුභපැතුම්! 149245 තව ටිකයි! ජය!

    ReplyDelete
  25. දේවාගෙ යාලුවො ගොඩට එකතු වෙලා දවසක් දෙකක් උනාට පලමුවෙනි comment එක දාන්න පුලුවන් උනේ අද......

    ජයෙන් ජයම වේවා...!!

    පුලුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න...

    ReplyDelete
  26. ශා... වැඩ ගොඩක හිර උනානේ ඉතින් බ්ලොග් එකට දවස් 2ක තුනකින් එන්න බැරි උනානේ...

    චම්මා : අනිවා අනිවා දාමුකෝ..

    හංසි : සතු‍ටුයි මගේ නංගෝ.. ඉක්මනටම හැමදේම හොද අතට හැරෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා...

    රාජ් : අනිවා.................. දාමුකෝ... කොහෙන්ද සෙට් වෙන්නේ....

    සාතන් : අනිවා අය්යේ..

    ගයාන් රුපසිංහ : මේකනේ අය්යේ...සමහර අයට අම්මේක් නැ වගේනේ හැසිරෙන්නේ... සමහරවිට නැතුවම ඇති අය්යෙ...

    මධුරංග : අය්යා ඉතින් මගේ හොදම සහයකයානේ... බ්ලොග් වලදි ඔයා මට ගොඩාක් ලොකු ශක්තියක්..

    බුවාගේ සිතුවිලි : කාලෙකින් නේද?/ තැන්කු තැන්කු....

    වෙනි : අනිවා දන්න නම් අපිත් කැමතියි අප්පා.. ප්‍රශ්නේ අපි ඔන්න අමදයපයි...

    ගිම්හානි : අක්කා නැති පාටි කොහේ දාන්නද අක්කෝ..

    දුකා : අනිවා අදනම් පාටියක් දන්නම ඕනා අය්යාත් ඇවිත්නේ මට නම් මාර හැපි ඈත්තමයි..

    චතුරංග පෙරේරා : අනිවා අය්යේ සෙට් වෙනකන් ඉවසමුකෝ....

    මාතලන් : එහෙම එකක් නම් තියෙයිද අය්යේ...

    සිතුවිලි නිහඩයි : අනිවා මගේ නංගෝ...

    නිසුපා : අක්කෝ කොහෙන්ද සෙට් වෙන්නේ ඉතින්...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....