ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

30 October, 2011

සර් මම යන්නද.. ( පිරිසක් පාලනය කරනවානම් ඔයාලත් මේ වගේද?)

කලින් පොස්ට් එකේ මම මිස් කෙනෙක්ගෙන් බැදලද කියලා අහලා යාලුවෙක්ට උන චාටරයක් කිවනේ... කියෙව්වේ නැත්නම් මෙන්න පාර...
අදත් ඉතින් ඒ වගේ එකක් කියලා ඔයාලා හිතයි මොකද මේකත් සර් මම යන්නද කියාලානේ උඩ ලේබලේ ගහලා තියෙන්නේ..

ටික දවසකට කලින් අහපු කථාවක් නිසා මට මතක් උන කථාවක් තමා මේ මගේ ජිවිතේ කලින් ගෙවපු...

මේක වෙන්නේ මිට අවුරුදු 2 හමාරකට විතර ඉස්සරවෙලා.. ජොබ් එකක් කරලා ඒක එක මාසෙන් දෙකෙන් ඉවර වෙලා අලුත් ජොබ් එකක් ලැබිලා ගිහින් මාසයක් විතර ඇති.. (ශා කියන්න අමතක උනානේ මේ ජොබ් එකේ අලුතත් මට හොද හොද දේවල් උනා.. ඒවා කවදාහරි මේ බ්ලොග් එකක ලියවේවි)

මගේ මේ ජොබ් එක ගාමන්ට් එකක්.සුපවයිස් කරන්න තමා මට තිබුනේ.. මේක ගොඩාක් ලොකු ගාමන්ට් එකක් නොවුනා උනත් ශිෆ්ට් 2කට වැඩ කරන සේවකයෝ 250ක් 350ක් විතර ඉන්න තැනක්.. මට කොහොමත් තිබුනේ 75ක් විතර හැන්ඩ්ල් කරන්න.. මම පොඩි එකා වගේ තමා..

ඒත් මම ඉතින් පොඩ්ඩක් විතර මේ ජොබ් එකට ඇහැ ගහගෙන උන්න නිසාත් මෙතන වැඩ කරපු ලොකු ලොකු පොස්ට් දරන 2,3ක් අදුනන නිසා අවුලක් නැතුව සෙට් වෙන්න පුලුවන් උනා...

......................................................................................................................

මම නයිට් ශිෆ්ට් එකක වැඩ කරපු දවසක තමා මේක උනේ.. මම ඉතින් පොඩ්ඩක් ඔය හැම කෙනා ලගටම ගිහින් පොඩ්ඩක් ඇවිදලා කරලා බලනවා පැයකට හමාරකට සැරයක්...

එදා මම කැන්ටින් එකට ගියා පොඩ්ඩක් කලා එන්න.. එතකොට මම දැක්කා මගේ ශිෆ්ට් එකේ වැඩ කරන කොල්ලෙක් (මට ඒ වෙලාවේ හරියටම ශුවර් එකකුත් තිබුනේ නැ මොකද ඉතින් තාම අලුත්නේ) කැන්ටිමේ පැත්තක කෙල්ලෙක්ගේ අතත් අල්ලගෙන ප්‍රේම ජවනිකාවක්.. (බලන්න බැරි තත්වෙකින් නෙමේ හොදේ)

මම කොහොම හරි ඕක නොට් කරගෙන ඇවිත් බැලුවා හැමෝම ඉන්නවද කියලා.. මගේ සැකේ ගොඩාක් දුරට හරි ගිහින් වැඩ කර කර ඉදපු මැශින් එකක් වැඩ නවත්වලා..

මේ වෙලාවේ කාටවත් එහෙම වැඩ  නොකර ඉන්න පුලුවන් වෙලාවකුත් නෙමේ....

ටික වෙලාවකින් බලනකොට මිනිහා ආයේ ඇවිත් වැඩ...

මට මේක ප්‍රශ්නයක් උන නිසා මම කතාකලා මිනිහට..

දැන් ටිකකට කලින් කොහෙද උන්නේ

කොහෙවත් නෙමේ සර් වැඩ කර කර උන්නේ...

මම බලනකොට උන්නේ නැනේ කොහෙද ගියේ

ආනේ සර් මම පොඩ්ඩක් වොශ් රුම් ගියා.

කැන්ටින් එකේ බිත්තියක් ලගද මෙහේ ඒවා තියෙන්නේ
අනේ සර් දැක්කද මාව.... ඇත්තමට සර් ඒ මම යාලු වෙලා ඉන්න කෙනා අපි ලබන අවුරුද්දේ බදින්න කියලා හිතාන ඉන්නේ... එයා එක ශිෆ්ට් එකක මම එකක.. අපි දෙන්නට හම්බවෙන්න කියලා අමුතුවෙන් වෙලාවල් නැ මට නිවාඩු වෙලාවක එයාට වැඩ.. එයාට නිවාඩු වෙලාවට මට වැඩ...

කථා කරන්නවත් ලැබෙන්නේ වැඩ ඉවරවෙලා එයා යන වෙලවාට ඔය විනාඩි 15,20 විතරයි.. ඒකත් හැමෝම බස් වලට එනකන් විතරයි... ඒකයි සර් මම ගියේ...

ම්හ්...ආදරේ කරන්නත් ඕනා තමයි ඒත් මේ වැඩ කරන වෙලාව ඒ වෙලාවේ ඕවා ගාගෙන බැ..

මට හැබැයි පුලුවන් මෙහෙම දෙයක් කරන්න... මම හැමදාම ඔය විනාඩි 15 ගිහින් එන්න දෙන්න පුලුවන් හැබැයි වෙනදට ගහන කැලි 100 වෙනුවට මට 125ක් ඕනා...
පුලුවන්ද??

පුලුවන් සර්.. අනිවාර්යෙන්ම

ඔය දවසෙන් පස්සේ හැමදාමත් ඔය කියන වෙලාවට මිනිහා මගේ දිහා බලල යන්නද අහනවා... මමත් ඔලුව වනලා හා කියනවා.. හැබැයි ඉතින් ගිහින් ආවට පස්සේ මිනිහා කඩියා වගේ වැඩ..

ඇත්තටම මම එදා සැරෙන් යන්න එපා කිවානම්  මිනිහා හරියට වැඩක් කරන්නෙත් නැ.. ඒකෙන් මට ඇති ලාභෙකුත් නැ මිනිහට ඇති වැඩකුත් නැ.. ඒ හින්දා ඔයාලත් හිතලා බලන්න වැඩක් කරගන්න ඕන උනහම අපි හැමවෙලේම දරුනු වෙලා වැඩේ හරි යන්නෙත් නැ..එහෙමයි කියලා ඔයාලා කාවවත් පාලනය කරන ජොබ් එකක් කරනවානම් ඕනාවට වඩා හැමෝටම බුරුලක් දෙන එකත් හොද නැ.. හිතලා බලන්න තැනට ගැලපෙන හොදම දේ කරන්න

තවත් මේ වගේ එතන උනු කථා නම් තියනවා ඔයාලා කැමති වෙවිද අහන්න...

42 comments:

  1. මේ කොල්ලා ගන දුක හිතුනා මලේ. තමන් බඳින්න ඉන්න කෙල්ල එක්ක කතා කරන්නත් මුට වෙලාවක් නැති හැටි. පවු අප්පා. ඒ අතින් අපි වැඩ කරන වෙලාව හොදයි.විවේකයත් තියෙනවා වැඩ කරන පෑ ගානත් හොදයි.

    මරු බොස් හබැයි. කවුරු කවුරු එක්කත් හොදින් ඉන්න පුලුවන් එකෙක්. :)

    ReplyDelete
  2. ලියන්න ලියන්න මල්ලි. මේවා අපි කාටත් දැන ගන්න හොද දේවල්....:)))

    ReplyDelete
  3. මධුරංග : ආදරේයි ජොබ් එකයි පටලගත්තොත් නම් සොරිම තමා.. අනේ අය්යේ මේ බොස් එහෙම තමා... මොකද මම නේ ඉතින්

    ReplyDelete
  4. නිසුපා : එහෙමනම් අක්කෝ තවත් මේ වගේ කථා ගොඩකට ඔයා පලවෙනි අවසරේ දුන්න එහෙමනම්

    ReplyDelete
  5. ඇත්ත දේවා අයියා....ඕක සහතික ඇත්ත..මටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා..මමත් ඔය උසස් පෙල ලියලා එහෙම ක‍ටුනායක බ්‍රැන්ඩික්ස් එකේ ඉන් ලයින් කරන්න ගිය නිසා....ඔයා හරි අනිවාරයෙන්ම නායකයෙකු නම්‍යශීලී වෙන්න ඕන...
    ඔයාගේ අර තියෙනවයි කියපු කතා අහන්න මම නම් ආසයි..ඒවා දාන්ඩ,,අපි කියෝනවා......

    ReplyDelete
  6. දේවා හරි දේවෝ..සමහර වෙලාවල් එනවා තදින් ඉන්න ඕනේ..ඒත් අපි හැම වෙලාවෙම වැඩ කරන කෙනාගේ පැත්තෙනුත් බලල තීරන ගන්න ඕනේ..

    ReplyDelete
  7. ගලයා : මම හිතන්නේ මේ මල්ලිගේ පලවෙනි පැමිනිම... කථා නම් ගොඩයි ඔහොම යමුකෝ.. ඉල්ලුමට සැපයුම කරන්නත් ඕනනේ.. අනිවා නායකයෙක් නම්‍යශිලි නම් වෙන්නම ඕනා.. අමාරු ඕන වැඩක් එතකොට ලේසියෙන් කරගන්න පුලුවන්

    ReplyDelete
  8. niyama IDEA 1! aththatama sarata talk 1k dunnanam uuta witarak nemei seratama oyawa epa wenna thibba! oya ehema katha kala eka gud! :)

    anik eewath danna :)

    ReplyDelete
  9. හහ්හා,,, හොද අදහසක්, දෙපැත්තම බේරිලා.

    ReplyDelete
  10. ලව් කරන ඒවුන්ට ෆුල් සප් එක දෙන්න ඕන.. නියම මැනේජ්මන්ට්. අනිත් ඒවත් ලියන්න..

    ReplyDelete
  11. මොන මඟුලද වැඩේ කෙරෙනවා නං එච්චරනෙ, බතල හොඳ නං ගෙනාව කොටුව වැඩක් නැහැනෙ ......

    හොඳ ඇඩ්වයිස් එකක් ........

    ReplyDelete
  12. එල.. මචං එල... හොද වැඩක් කරලා තින්නේ.දෙපැත්තටම වාසි

    ReplyDelete
  13. ඒ ප්‍රශ්නේ විසඳපු විදිය නම් හරිම අගෙයි...තවත් මේ වගේ කතා අහන්න මමත් කැමතියි...

    ReplyDelete
  14. අදහස පැහැදිලි .......තව අදහස් තියෙනවනම් වටී......

    ReplyDelete
  15. ඔය පිනම ඇති හොද තැනක උපදින්න .......

    ReplyDelete
  16. මල්ලි ලොකු පිංකමක් කරගෙන තියෙන්නෙ... ඔය කියපු අනිත් කතා ටිකත් ලියමුකො බලන්න...අපිත් එන්නම් කියවන්න...

    ReplyDelete
  17. විශ්ව (මගේ පි‍ටුව) : ඇත්තටම අපිට එහෙම වැඩ කරන්න පුලුවන් උනොත් හැම වෙලාවකම ගොඩාක් හොද ප්‍රතිපල ලැබෙනවාමයි....

    ReplyDelete
  18. මාධව : ඇත්තටම ඒහෙම වැඩ කල නිසා වෙන්න ඇති මම එතනින් අයින් වෙනදා ගොඩාක් කොල්ලො ඇඩුවේ.. ඒ කථා ඉස්සරහට

    ReplyDelete
  19. දුපත් වැසියා: අපි එහෙමයි වැඩ කරන්නේ.....

    ReplyDelete
  20. මාතලන් : ඔය විනාඩි 15 ගියාට මට ගොඩාක් හොද ප්‍රතිපල ලැබුනා අය්යේ.. ඉතින් අවුලක් නැනේ...

    ReplyDelete
  21. පන්සල් හංදිය : තේරෙන සින්හලෙන්ම ඔය කියලා තියෙන්නේ අය්යා...

    ReplyDelete
  22. KC : අනිවා අනිවා.. උත් සතුටින් මගේ වැඩේත් කෙරිලා

    ReplyDelete
  23. සයුරි : දිගටම දේවාගේ අඩවියත් එක්ක ඉන්නකෝ අනිවා කියවන්න පුලුවන් තවත් කථා..

    ReplyDelete
  24. රතු මුහුද : තව ගොඩාක් තියනවා සහෝ..

    ReplyDelete
  25. ඔබ නොදු‍ටු ලොවක් : ඇත්තටම එතන මට ඕනා උනේ මගේ ටාගට් ටිකත් කවර් කරන් වැඩේ ශේප් කරගන්න...

    ReplyDelete
  26. මියුරි : අනිවා ලියන්නම් අක්කෝ ඔයාලා තමා මගේ ශක්තිය..

    ReplyDelete
  27. මචෝ උබත් ඉතින් සප් එකක් නේ දීලා තියෙන්නේ ඒ වැඩේ එළ මොනවා උනත් :)

    ReplyDelete
  28. ලොක්කා...උඹට ලීඩෂිප් ට්‍රෙනින් ඔනනෑ...උඹ හොඳ ලීඩ කෙනේක් එකට උඹම උදාහරන දීලා තියෙන්නේ..එළ මචො....ඔයවගේ වැඩ සිද්ද වෙනවනං ආයතනයේ ඉහල සිට පහලට හැම සෙවකයම..දිනුම්...

    ReplyDelete
  29. උඹ කරපු වැඩේ හරි. නිකමට හිතපන් උගේ හිතේ උඹ ගැන කොච්චර ගෞරවයක් ඉපදිලා ඇත්ද කියලා....! මිනිස්සුන්ව තමා බං හම්බු කරන්න ඕනේ

    ReplyDelete
  30. ලොවෙත් නෑ අයියේ ඔයාගෙ මොලේ නම් මරු... ඒ කොල්ලටත් හොදයි කම්පැනියටත් හොදයි... ලොවෙත් නැ...

    ReplyDelete
  31. පව් අයියේ....ඔයා කරපු දේ නම් ගොඩක් හොඳයි එයාට වගේම ඔයාටත්.....

    ReplyDelete
  32. ම්ලය හොඳ මොල කාරයෙක් වගේ පේන්නේ ... මානුශිකව හිතලත් තියනව නේද ?

    ReplyDelete
  33. නියම තියරියක්නෙ දීලා තියෙන්නෙ දෙපැත්තටම වාසියි.. මලය හොඳට හිතල මතල වැඩ කරන කෙනෙක් වෙන්නැති..

    ReplyDelete
  34. හොඳ උප්පරවැට්ටියක් නොවැ....හැබැයි ඔය කියපු කථාව ඇතුලේ ඉතා බරබපල මානුෂික ගැටළුවක් තියනවා... ආර්ථිකය... සමාජය....පවුල.... මේ හැම දෙයක් ගැනම මේ කථාවෙන් විග්‍රහ කරන්න පුලුවන් කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
  35. දේවා ඒ වෙලේ ගත්ත තීරණේ ගැන මං ඇත්තටම සතුටුයි.. හිත නොරිදෙව විදිහට ඒ කොල්ලටයි ආවතනයටයි දෙන්නටම ලොකු සාධාරණයක් වෙලා තියෙනවා දේවා නිසා..

    ReplyDelete
  36. චම්මා : අපි එහෙමයි බන්...

    ReplyDelete
  37. රාජ් : ඒ වුනත් ගොඩාක් දේවල් මම එතනින් ඉගන ගත්තා යාලුවා.. ජය වේවා..

    ReplyDelete
  38. ප්‍රසන්න: අනිවා අන්න දවසේ කථාව...

    ReplyDelete
  39. සුපර් මාරියෝ : ඒකනේ අපිව ආශ්‍රය කරන එක ගැන සතු‍ටු වෙන්න පුලුවන් නේද?? හිකිස්

    ReplyDelete
  40. සිතිවිලි නිහඩයි : ඒක නම් ඇත්ත කොල්ලාත් ගොඩ මාත් ගොඩේ ගොඩ

    ReplyDelete
  41. ගිම්හානි : අක්ක්කා දන්නවනේ ඉතින් මම ගැන... නේද අක්කෝ....

    ReplyDelete
  42. පරක්කු වෙලා ආවේ... හ්ම් කොල්ලා පව් කියලත් හිතෙනවා... ඒත් ඉතින් එහෙමත් නෑ. කොලුවා වාසනාවන්තයි මලයා වගේ බොස් කෙනෙක් ලබන්න. ඉතින් දැන් උන් දෙන්නා බැඳලද ?

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....