ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

26 October, 2011

අති විශිෂ්ඨයි.. නායකත්ව පුහුණුව

දවස් 2ක තුනක් ගෙවුනත් තරුණ නායකත්ව පුහුනුවට සහභාගි වෙලා ඇවිත් ඒ ගැන පොස්ට් එකක් දාන්නවත් නිදහසක් තිබුනේ නැ නොවැ.. ඔන්න අදනම් මම ලැස්ති වෙන්නේ ඒ ගැන කියන්නයි...

ඔන්න හැමදේකටම කලින් බලල ඉන්නකෝ අපේ පුහුනුවට සහභාගි උනු සෙට් එක ඔන්න පුලුවන් නේද කොහේද මම ඉන්නේ කියලා කියන්න




දිනය 2011 - 10 -22 ,23

ස්ථානය : බතලගොඩ පර්යේෂණ හා පුහුණු මධය්ස්ථානය.. ඉබ්බාගමුව

සංවිධානය : ලංකා බැංකු සේවක සංගමය

තරුණ නායකත්ව පුහුනු වැඩ සටහනක් ලෙස සංවිධානය කරලා තිබුනු මේ වැඩ සටහන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොඩාක් හොද වැඩ සටහනක් කියලා නිරායාසයෙන්ම නම් කරන්න පුලුවන්..

වැඩ සටහනේ අන්තර්ගතයේ මට හිත ගිය මම දැනගත්තා කියලා හිතෙන හැම දේම මේ පොස්ට් එකට කැටි කරන්න නම් බැරි වෙයි ඒ තරමට ගොඩාක් දේවල් මම මේ වැඩසටහන හරහා ඉගන ගත්තා කිව්වොත් මම නිවැ‍රැදියි..

මුල ඉදන්ම යමුකෝ : (ආහ්.. කිව යුතු කතා ටිකක් මඩ ටිකක් පොස්ට් එකේ අන්තිමට)

නායකත්වය එහෙමත් නැත්නම් LEASERSHIP කියන්නේ



L - Long Term Vision
E - Expertise
A - Attractive
D - Determination
E - Effective Communication
R - Risk Takers
S - Self Confidence
H - Helicopter View
I - Inspiring
P - Pursuit of Excellence

ඒක කියවනකොටම තේරෙනවානේ කොයි තරම් බැ‍රැරුම් දෙයක් ගැනද අද මම මේ කියන්න යන්නේ කියලා

ඇත්තටම නායකයා කියන්නේ කවුද... ඕනැම මොහොතක ඕනැම අවස්ථාවකදි කන්ඩායමක් හසුරුවා ගැනිමේ හැකියාව පවතින නිව‍රැදි දේ කරන පුද්ගලයෙක් නායකයෙක් කියලා හදුන්වන්න පුලුවන්

මෙතන ඉදන් මම කියන්නේ මේ වැඩ සටහනෙන් මම ඉගන ගත්තු.. මට වටිනා කියන පාඩම් ටිකක් ගැන..

හිතකර මානව සම්බන්ධතා ගොඩ නගා ගැනිමට උපදෙස්...


1 . මිනිසුන් සමග කථා කරන්න - ඔවුනට වචනයෙන් ආචාර කරන්න

2. මිනිසුන් සමග සිනාසෙන්න - ‍රැවිම් ගෙරවිම් සදහා මාංශ පේශි 72ක් වැය වන අතර සිනා සිමට වැය වන්නේ 14ක් පමනි

3. මිනිසුන්ට ඔවුන්ගේ නමින්ම අමතන්න - ඕනම කෙනෙකුට තමන්ගේ නම ඉමිහිරි සංගිතයක් බදුය.

4.මිත්‍රශිලි සහ උපකාරි වන්න - ඔබට මිතුරන් අවශයනම් අනෙකුන්ට ඔබ මිතුරකු වන්න

5.ප්‍රශංසා කලයුතු හැමවිටම ප්‍රශංසා කරන්න - විවේචන කිරිමේදි ප්‍රවේශම් වන්න

6. අනුන්ගේ හැගිම් ගැන සිතන්න - සැම අවුලකටම පැති 3කි
        1. ඔබේ මතය
        2. අන් අයගේ මතය
        3. හරි මතය

7. අනුන්ට සේවය කිරිමට උත්සුක වන්න - ජිවිතයේ වඩා වැදගත් වන්නේ අප අපටම කරගන්නා දෙය නොව අප අනුන් වෙනුවෙන් කරනා සේවයන්ය


කියවනකොට ගොඩාක් මහන්සි දැනෙනවානම් බලන්න්කෝ මේ පින්තුර දිහා අපිට නවාතැන් ලැබුනු බතලගොඩ පුහුනු කිරිමේ ආයතනයේ අසිරිය
























වෙලාව ඉතිරි කරගැනිමේ හොදම විධි

1. දිනපතා වැඩ කාල සටහනකට කරන්න - යොදා ගන්නා වැඩ නිතරම වෙනස්කම් වලට ලක්වුවාට කම් නැත දළ සටහනකින් වුවද කාර්යක්ශම දවසක් ගත කල හැක..

2. ඔරලෝසුවේ එලාමය වෙලාවට කලින් තබන්න - යමක් ගැන අවදිකිරිමක් කල් ඇතිව සිදු කිරිම වඩා වාසිදායකය

3. රුපවාහිනි / විඩියෝ කාලය කපා දමන්න - නොදැනුවත්වම කාලය කා දමන දේ වලින් ඉවත් විම වඩා හොදය

4. නිකරුනේ කථාබහට නොයන්න - කථාබහක් සිදුකල යුත්තේ නිසි තැන නිසි පිලිවලටය

5. ආහාර වෙලාවත් ප්‍රයෝජනයට ගන්න - ඉතිරිවන හැම මොහොතකම වැඩක යෙදෙන්න

6. දුරකථන ඇමතුම් කළමනාකරනය කරන්න - අනවශය ලෙස කාලය කා දමන අවස්ථා මග හරින්න

7. අමාරුම දේ මුලිනුත් ලේසිම දේ පසුවත් කරන්න - එවිට අමාරුම දේ වෙනුවෙන් වැඩි කාලයක් යෙදවිය හැකිය

8. දවල් සිහින වලින් මිදෙන්න - මනස එක අරමුනක පැවතිම වඩා වැදගත්වේ...

9. නින්ද , ආහාර ප්‍රමාණාවත්ව ලබා ගන්න - තම ශරිරය හිතකරව පවත්වාගෙන යාම වඩා වැදගත් වේ..

10. කරන වැඩ බෙදාගන්න - තනිව කල නොහැකි වැඩ බෙදාගෙන සිදු කිරිමෙන් වැයවන කාලය අඩුවේ..

11. අරමුණ නිශ්චිතව හදුනාගෙන එයට යොමු වන්න - වැඩේ අවුල් විම පමනක් නොව කාල නාස්තියද අවම කරගත් හැක

තව ගොඩාක් දේවල් කියන්න තිබුනත් පොස්ට් එක ගොඩාක් දිග වැඩි වෙන නිසා නිසා ඒ කතා අතරේ අහපු තවත් කථා කිපයකින් කථාව නතර කරන්නම්.. (තව කථා ගොඩකට එතනින් කරුනු එකතු උන නිසා ඒවා ඉස්සරහට)

මේවා නම් ඔයාලා අහලත් ඇති...

හරියට අවශථාවයන් තේරුම් ගැනිම ගැන මේ කථාව දවසක ඔයාටත් වැදගත් වේවි..
එක පවුලක අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා..
දවසක් මේ දෙන්නම දොඩම් ගෙඩියක් දෙන්නටම ඕනා කියලා කියනවා හෙට පාසලේ වැඩකට.. මේ අක්කාගෙයි නංගිගෙයි දෙමාපියන්ට ඒ වෙලාවේ දෙන්න තියෙන්නේ එකම එක දොඩම් ගෙඩියක් විතරයි.. දරුවෝ දෙන්නටම ඕන නිසා දෙන්නටම මේක කැලි දෙකකට කපලා දෙනවා...

පසුදා දෙන්නම දොස් පවරන්න පටන් ගන්නවා.. ලොකු දුව කියනවා මට දොඩම් ගෙඩියකම පොතු ඕන කරලා තිබුනේ ඒත් ඉතින් මගේ ලග තිබුනේ භාගයක විතරනේ ඉතින් මම අද බැනුම් ඇහුවා කියලා.. ඒ අතරේ පොඩි දුව කියනවා මමත් අද බැනුම් ඇහුවා  මටත් අද දොඩාම් ගෙඩියකම යුශ ඕනා වෙලා තිබුනත් මම ලග භාගයක් විතරක් තිබුන නිසා මටත් හරියට කරගන්න බැරි උනා කියලා./.

හිතලා බලන්න්කෝ මොකක්ද හරියටම උවමනාව කියලා අහලා තිබුනනාම් ලොකු දුවට පොතු ටික දිලා පොඩි දුවට යුශ ටික දෙන්න තිබුනා... නේද???


ගොඩාක් දිග වෙන නිසා ඉතිරි කතා පොස්ට් වලින්.....

මේ වැඩසටහන කරා මාව සම්බන්ද කරගත්තු මේ වැඩ සටහන මෙහෙයවපු හැමෝටම ගොඩාක් තුති...

ගොඩාක් වැදගත් වගේම මනසට සුවයක් ගෙනෙන එලිමහන් අවස්ථාවන් කිහිපයකිනුත් සැරසිලා තිබුන මේ අවස්ථාව සදා මතකයේ ‍රැදේවි...

ප.ලි : ආතල් කතා ගැන කියන්න බැරි උනානේ...

අපි මේකට යනකොටම ඉතින් ගියේ අපේ මෙහේ යුනියන් ලිඩර් රසික අය්යා එක්කනේ.. අපිත් එක්ක ගිය කෙල්ලෝ ටික දැකලා රසික අය්යාලාගේ ගෙදරින් අහනවා.. ඇයි ලමයිනේ ඔයාලට මොලයක් නැද්ද මේ වගේඅයත් එක්ක මේ වගේ ගමනක් යන්න කියලා රසික අය්යාව පෙන්නලා...

වැඩේ ගොඩාක් හොදටම කෙරුනලු.. එත් ඉතින් ලෙක්චර්ස්ලාට වතුර එක පලවෙනි ලෙක් එකේම තියන්න බැරි වෙලා ඒ ගැන ඔන්න කවුරුවත් ලෙක්චර්ස්ලා ආයේ ශානක අය්යාගෙන් ඇහුවෙ නැලු..

අහ්හ්... තව ගොඩාක් දේවල් නම් උනා ඒවා ඕනේ නැනේ නේද

24 comments:

  1. හරිම වැදගත් ලිපියක් , ඒ වගේම උගත් දේ අපි අතරෙත් බෙදාගන්නට සිතු , සිතුවල්ලම කොයිතරම් සුන්දරද ?

    ReplyDelete
  2. ගොඩක් වටින අදහස් ටිකක් .....අතක් පයක් කඩාගන්නේ නැතුව ආපු එකම ලොකු දෙයක් !!!!

    ReplyDelete
  3. //රුපවාහිනි / විඩියෝ කාලය කපා දමන්න - නොදැනුවත්වම කාලය කා දමන දේ වලින් ඉවත් විම වඩා හොදය //

    ඔය මීට කලින් පරම්පරාවල කාලේ කාපු මෙතඩ් දැන් කාලෙ කන්නේ මූණූපොතේ , ගොවිතැන් කරනව කැම හදනව වැඩ කෝටියයි . ඇයි දේව ලා සහ අපි මේ බ්ලොග්ග කෙරුව්වාවෙන් කාලෙ කන්නේ

    ප.ලි - මේ දවස් වල දේවල ගොඩයි න්ලොග් අවකාශෙ , කව්ද ඔය දේවත් එක්ක මල පැනල ඉන්න එකා ??

    ReplyDelete
  4. buwa & all readers : අනිත් අයගේ කමෙන්ට් වලට රිප්ලයි මම එකටම දාන්නම් (තාම එහෙම කමෙන්ට් ඇත්තෙත් නැනෙ හිකිස්) බුවා අන්තිමට අහපු දේ ගැන න් කියලා ඉන්නම්... මම මේ ගැන බ්ලොග් පොස්ට් එකකින් වත් කථා කරන්න තරම් අවශය තාවයක් දැනුනේ නැ මමත් දැක්කා ඔහොම මගේ අඩවියේ නමින්ම බ්ලොග් එකකුත් හදලා මට පහර ගහන්න හදනවා/// ඇත්තටම මම ඕවා ගනන් ගන්නේ නැ මම නොකිවාට බ්ලොග් ලියන කියවන ගොඩාක් දෙනෙක් ඔය කවුද කියලා දන්නවා.. නමින් කියන්න ඕනෙම නැ මොකද ඒක නිකන්ම රෙජිස්ටර් උන පොස්ට් එකක් මිනිහට..

    මට පහර ගැහුවට කමක් නැ.. මිනිහා ගැන මම කියනවා වගේ කියලා අනිත් අයට හිතෙන්න මිනිහාම මිනිහගේ වැරදි කියවගන්න බ්ලොග් එකකුත් හදලා... මට මේ දවස් වල මගේ බ්ලොග් එකටවත් හරියට එන්න වෙලාවක් නැති වෙන්න බිසි වෙලා තියනකොට මට ඔය අහක ඉන්න අය ගැන කියන්න වෙලාවක් කොහෙද??

    මම හිතන විදිහට මේක කලින් වැප් අය්යාට . මාරයා අය්යාට , කාලිංග අය්යට තව ගොඩාක් දෙනෙකුට කරා... ඒත් අද නොන්ඩි වෙලා තියෙන්නේ කවුද කියලා හැමෝම දන්නවා...

    අවුරුදු ගානක් බ්ලොග් ලියලා හැමදාමත් වැඩකට නැති වැඩක්ම කරන කෙනෙක්.. (ඒ උනාට මිනිහාට හොද ටෙක්නිකල් ඔලුවක් තියනවා කවදාඅවත් වැඩක් ගන්නේ නැ එක බ්ලොග් ‍ෆිල්ඩ් එකට විතරක් නෙමේ ලංකාවටම හෙනම පාඩුවක්)
    මේවා කරන්නේ ඇයි මම දන්නේ නැ... ඒත් මම ඔවා ගැන හිතන්නෙවත් කියන්නෙවත් නැ...

    ගොඩාක් දෙනෙක් මට පුද්ගලිකවම කතා කරලා. කමෙන්ට් කරලා ෆේස්බුක් මැසෙජ් වලින් මේ ගැන කිවා.. එත් ඒ හැමෝටම මාව විස්වසයි... මට ඒක ලොකු ශක්තියක්.. මම කවදාවත් ඒ විශ්වාසේ බිදින්නේ නැ.. කොහොමත් ගොඩාක් දෙනෙක් බ්ලොග් එක කියවන්නේ බ්ලොග් රොල් එකෙන් එහෙමත් නැත්නම් ඩැස්බොඩ් එකෙන් නිසා සමහර අය නම් මේ ගැන දන්නෙවත් නැ..

    මම මේ ගැන මේ තරම් දිග උනත් කමෙන්ට් එකකින් විතරක් කියන්නේ නොදන්න අයට දැනගන්න විතරයි...

    කෙනෙක්ට බ්ලොග් එකක් හදලා මට පුද්ගලිකව පහර ගන්න පොස්ට් ලියන්න තරම් මගේ මොනවා තියනවද කියලා නම් මට තෙරෙන්නේම නැ

    ReplyDelete
  5. අති විශිඨයි පෝස්ට් එක.. වෙච්ච අනිත් කරුණුත් ලියන්න.. රසවත් ඇති කියලා හිතනවා..

    ReplyDelete
  6. එහේමද ? මම බ්ලොග් එකෙන් පිට තැනකදි (බස් , මූණු පොත ) බ්ලොග කරණයෙ ඉන්න අයත් එක්ක සම්බන්ධයක් නැති නිසා මේ තමයි දේවා ගෙන් ඒ ගැන අහන්න තියන එකම අවස්ථාව .
    තමන් හරි නම් කවුරු මොනව කිව්වත් මොකෝ නේ ?

    ReplyDelete
  7. බොහොම ස්තූතියි දේවා මල්ලි ඔයාගේ දැනුම අපත් එක්ක බෙදා ගත්තට ...
    …අර ලිස්ට් එකට තව දෙයක් එකතු කරන්න කාලය ඉතුරු කරගන්න . බ්ලොග් බලන එකත් අඩු කරගන්න වෙයි ...

    …මමනම් ඔයගේ බ්ලොග් එකට බුක් මාර්ක් එකක් දාගත්තා ඒ නිසා මටනම් අව්ලක් නෑ ..
    …ඇත්ත සඟවන්න අමාරුයි ..

    ReplyDelete
  8. Buwa : ඇත්තම බ්ලොග් ලියන කාටවත් කවුරුවත් ගෙවිමක් නොකරන තමන්ගේ අතින් සල්ලි වියඩම් කරගෙන කරන ඩෙයක් නිසා කැමති දෙයක් කිරිමේ නිදහස තියනවා.. ඒයගේ මානසිකත්වය ඒ ආකාර නම් අපි මොනවා කරන්නද ඉතින්.. දැනුත් මම ඒ ගැන කතා කලා වැඩිද මන්දා.. ටික දවසකින් ආයෙමත් වෙනදා වගේම ඔය මැන් නොන්ඩි වෙලාම යයි...

    මම මොකටද ඔය වගේ පොඩි දෙවල් ගනන් ගන්නේ මගේ වැඩේ මගේ හිතේ තියන විදිහට ආසාවෙන් කරනවා.. මගෙත් එක්ක ඉන්න ගොඩාක් යාලුවෝ මම ගැන දන්න නිසා ඔහොම දේවල් කලා කියලා ප්‍රශ්නයක් නැ.. කොහොමත් පරන අය නම් ඔහොම වැඩ ගැන හොදටම දන්නවානේ... මට දුක තමන් වැරදි කරලා ආයේ තමන්ම බ්ලොග් එකක් හදාගෙන තමන්ටම අපහාස කරගන්න එකයි මට තියන ප්‍රශ්නේ.. මොලේ කලදක්වත් නැද්ද කියලා

    ReplyDelete
  9. දේවා මල්ලි හොඳ නායකයෙක් වෙලා ලොකු දැනුම් සම්භාරයකුත් එක්ක ආව එක ගැන මගේ හර්දයාංගම සුභ පැතුම්....! ඒවගේම ලබාගත්තු දැනුම අපිත් එක්ක බෙදා හදා ගත්තාටත් ස්තුතියි....

    ReplyDelete
  10. එල එල.... දේවත් නායකයෙක් දැන්...

    ජය..

    ReplyDelete
  11. නියමයි දේවා..උඹ BOC එකේද වැඩ....මොකැ සි බි යු එකේ බොහො වැඩ ගුනවත් ...හොඳ පුහුනු වැඩමුලුවක්...උඹ මේ දවස්වල නව ප්‍රොබොදයකින් ගනුදෙනු කරුවන් සමග කටයුතු කරනව කියල මට හිතේනව ...ජය

    ReplyDelete
  12. ආ.. එනම් ඇවිල්ලා නේද ? පුහුණුව හොඳයි වගේ... සතුටුයි සතුටුයි !!!

    අර සීන් එක ගැන එච්චර හිතන්න එපා. ඒ පුද්ගලයට දෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි ඒක ගණන් නොගෙන ඉන්න එක. වචනයකින්, ක්‍රියාවකින් වඩා නිශ්ශබ්ද තාවයෙන් විතරක් මිනිස්සුන්ට පහර දෙන්න පුළුවන් !!!

    ඉතුරු කථා ටිකත් දාපන් මලේ... ජය !!!

    ReplyDelete
  13. වැදගත් කරුනු ටිකක් මචං.....

    ReplyDelete
  14. මම නං දැං කාලය කාදමන්නෙ බ්ලොග් වලටමයි.
    වැදගත් ලිපියක්.

    ReplyDelete
  15. මහේෂ් නිශාන්ත : ඇත්තටම සුභ පැතුමන් සමගින් ඇත දුර රටක ඉදන් උනත් අපිත් එක්ක ආයෙමත් එකතු විම ගොඩාක් අගය කරනවා අය්යේ,...

    ReplyDelete
  16. ගොඩක් වටින පුහුණුවක් නේ මල්ලිට ලැබිලා තියෙන්නේ. මස ඩීන් වලට කලින් ඉතුරු ටිකත් පෝස්ට් කරලම හිටියොත් නරක් වේද. මොකද මඩ වලට වඩා මල්ලි ලබපු අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න එක වටිනවා.

    ReplyDelete
  17. සික්...අපේ කාලේ තිබුනේ නැහැ නොවැ ඕවා...කවුරු මොනවා කිව්වත් හොඳ වැඩක් වගේ.

    ReplyDelete
  18. ඕකනේ කියනේ,
    හිටියොත් හොදට හැදි...
    දෙවියොත් නමට වාදී......

    ReplyDelete
  19. නියමයි මලයා, මම ඊයේ උඩින් පල්ලෙන් බැලුවෙ, අද තමා හරියටම බැලුවෙ ....
    අනුන් ගැන හිතන්නෙ නැතුව තමන්ගෙ ගමන යන්න මල්ලි ....

    ReplyDelete
  20. මේ ටිකේම කමෙන්ට් වලට රිප්ලයි දාන්න තරම් වත් හිතට නිදහසක් නැ මගේ යාලුවනේ.,. කමෙන්ට් කරපු මගෙත් එක්ක උන්නු ඉන්න හැම යාලුවෙකුටම ගොඩාක් පින්... ඉක්මනටම පොස්ට් එකකින් වගේම ඒ පොස්ට් එකෙන් පරන දේවා වගේම ඔයාලව මුන ගැහෙන්න බලාගෙන ඉන්නවා

    ReplyDelete
  21. නියම උපදෙස් ටික....ගොඩ කාලෙකට පස්සෙ තමය් මම මේ පැත්තේ ආවේ..ඇයි දේවා අය්යට මොකක් හරි ප්‍රශ්නයක් ද???කොහොම හරි කමක් නෑ ඉක්මනට අලුත් පෝස්ට් එකක් දාන්නකෝ....

    ReplyDelete
  22. මෙයාව බෙහෙතකටවත් හොයා ගන්න බැරිවෙයිද මන්දා.....දැන් නායකයෙක්නේ නේද?(විහිළුවට හො‍ෙඳේ)

    පෝස්ට් එකනම් ගොඩක් වැදගත් අයියා.....

    ReplyDelete
  23. ඔයාලගේ නායකත්ව පුහුණුව මරු වගේ..
    අපිට දුන්නු නායකත්ව පුහුනුව(සරසවි සිසුන්ට) ඔහොම පහසුකම් නෑ..අඩුම ගානේ වතුරවත්..ඒත් රස කතා බෝමයි...ෆන් එක උපරිමයි....
    ම්ම්ම් වැදගත් ලිපිය..ඉතුරු රස කතාත් දාන්න...

    ReplyDelete
  24. nice work buddy.i highly appreciate ur effort.i hv no idea bout ds blogs or bout sinhala typing.so sorry bout it n try to use wat u gt frm d training n ur day to day work.dats all v want..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....