ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

02 February, 2012

ඇත්තටම අපි හැමෝම සෙල්ස් රෙෆ්ලාද?...

මම මේ ටිකේ උන්නේ අසනිපෙන්නේ.... තාමත් මට ඒ තරම් හොද නම් නැ... මේ ඉන්නෙත් ලියන්නේත් ඒ අමාරුව තියාගෙන... ඒත් හිතුන පුන්චි දෙයක් ඇත්තද කියලා අහන්න හිතුනා ඔයාලා එක්ක බෙදාගෙන..

ඊට කලින් ෆේස් බුක් ස්ටැට්ස් එකට ගුගල් චැට් එකෙන් මම ගැන හොයලා බලපු බ්ලොග් කියවන නොකියවන හැමෝටම ගොඩාක් පින්..

ඇත්තටම අපි හැමෝම සෙල්ස් රෙෆ්ලාද?

කවදාහරි ඔයාලට එහෙම හිතිලා තියනවද?

ඔයාලාට හිසරදයක් හැදුනොත් ඔයලා මොනවද බොන්නේ....

කවුරු හරි දන්නවද හොදම මොනවද මොන බෙත්ද ගන්න ඕනේ කියලා

ඕන කෙනෙක් කියන්නේ පැනඩෝල් 2ක් බොන්න කියලා නේද?

ඇත්තටම පැනඩෝල් කියන්නේ බ්‍රැන්ඩ් නේම් එකක් නේද? පැරසිටමොල්ට් වර්ගයක් උනාට අපි කවදාවත් එහෙම ඉල්ලනවද?

ඇයි ඒ විතරක්ද?

සෙරප්පු ගන්න යනවානම් අපි අනිවා කියන්නේ බාටා කියලා විතරයි නේද?

සබන් ගන්නවානම් ඔන්න සන්ලයිට් හැර වෙන මොනවා හරි ඉල්ලනවද?

බටයක් ගන්නවානම් එස්ලෝන් විතරනේ කියන්නේ..

බිම එකක් බොන්න ගියොත් ගොඩාක් අය ඉල්ලන්නේ ෆැන්ටා එකක් කියලා නේද?

ඇත්තටම අපි සෙල්ස් රෙෆ්ලා ද?

මේවා නම් මේ පැත්තේ භාවිතා වෙන දේවල්... තව ගොඩාක් ඇති මතක් වෙන්නේත් නැනේ...

පුලුවන්නම් මතක් කරලා යන්නකෝ...

54 comments:

  1. පැනඩෝල් සන්ලයිට් වලට නම් ඕක හරි..
    අපේ පැත්තෙ බාටා කියලා කියන්නෙ Bathroom slippers වලට සමහරවිට එව්වා බාටා කොම්පැනියෙ හදපුවා නෙමෙ වෙන්නත් පුලුවන්..
    බට ගනිද්දි නම් එස්ලෝන් කියනවා අහලා නෑ..අපේ පැත්තෙ වැඩිපුරම යන්නෙ කෝක්..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  2. ඔය ගොඩාක් ඒවා බාටා කම්පැනියේ හදපු ඒවා නෙමේ තමයි.. ඒකනේ.. ඒත් කියන්නේ බාටා කියලා... කොක් වෙන්නත් පුලුවන් තරුණ පරපුරේ අය අතර... ඒත් ටිකක් වයසක අය අරගෙන බලන්න්කෝ...

    ReplyDelete
  3. ඕක ඉස්සර ඉඳලම තියෙන පුරුද්දක් මගෙ හිතේ. දවසක් මට ඇහුන කුරුණෑගල - මීගමු බස් එකේ ගෑණියෙක් ජැක් ගහන්න ආපු මෑන් කෙනෙකුට බනිනව 'ගහනව බාටාවෙන් ' කියල. අහල තියෙනවද ගම් පළාත් වල ටෝර්ච් එකට කියනව ' බැස්ටිය ' කියල. තව මිකැනික්ල කියනව ඩිස්ට්‍රිබියුටර් එකට ' ඩෙල්කො ' එක කියල, ඒකත් බ්‍රෑන්ඩ් නේම් එකක්.

    ReplyDelete
    Replies
    1. අම්මෝ මාමේ ජැක් නම් අරහං..... හිකිස් අනිවා ඔය බැස්ටිය නම් කියනවා මටත් ඇහිලා තියනවා

      Delete
  4. හික් හික්...උණ විකාරෙන්ද මන්දා අයියට......

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර එහෙමද මන්දා??????????? :D :D

      Delete
  5. ඔයදේ සිද්ධවුනේ අදාල භාණ්ඩ ඒකාධිකාරියක් තරමට තිබුන කාලෙ. ඒ කාලෙ රෙදිසෝදන සබන් වලට තිබුනෙ සන්ලයිට් විතරක් නිසා තමයි සන්ලයිට් අපිට මතක් වෙන්නෙ.
    කීල්ස්, සෙල්ටෙල් ඒවගේ දෙකක්.

    ReplyDelete
    Replies
    1. ධරියට හරි මචං... මේක කියවගෙන යනකොට මගේ හිතට ආව නම් දෙක... :)

      Delete
    2. දැන් එහෙම එකක් නැනේ නේද? රාජ්... ඒත් තාම ඉල්ලන්නේ සන්ලයිට් කියලා නේද?

      Delete
  6. aththa kathawa! IT paththen unath writer 1k illuwoth dennema SAMSUNG! LG or wena 1k nama kiyala illuwe naththan iwarai essamble karanna kalin! :D :D DVD writers nam SAMSUng thamai oya karuna sambanden!

    ReplyDelete
    Replies
    1. ekanee kiyanne yaluwaa.. haebayi mama meka danagena unne na kawada hari dawasaka matath ona wunoth godak wadagath dana gaththu eka

      Delete
  7. මේ පැත්තෙ නම් බට ඉල්ලන්නෙ ගොල්ඩ්ලීෆ් කියල

    ReplyDelete
    Replies
    1. ඇත්තට................ ශික් මම දැන ගෙන උන්නේ නැනේ...

      Delete
  8. කතාවනම් ඇත්ත..

    ReplyDelete
    Replies
    1. දිනේශ් අය්යා ඔය පැත්තෙත් එහෙමද?

      Delete
  9. හ්ම් ඒ කතාවෙත් ඇත්තක් තියනවා...
    ඉක්මනට සනීප වෙන්න...

    ReplyDelete
    Replies
    1. තරු ඔයාගේ කතාව කියෙව්වා මම , කමෙන්ට් කරන්න දෙයක් හිතාගන්න බැරි උනා.. ගොඩාක් ස්තුතියි වගේම ජය වේවා මල්ලිටත්

      Delete
  10. Replies
    1. මටත් මේක විතරනේ මතක් වුනේ..:((

      Delete
    2. බැන්ක් එකේ මම මේවා අහනකොට අපේ මිස් කෙනෙකුත් කිවා මට.... හිකිස්

      Delete
    3. @නිසුපා : සුදු අක්කි රෙදි හොදන්නෙත් මේවා දාලා නේද?

      Delete
  11. රෙෆ් කියලා වචනයක් නැහැ.
    රෙප්- REPresentative

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි යාලුවා.. වැරද්ද පෙන්නලා දුන්නට.. ඔහොම ඇනෝ හරි ඉන්න එකට මම නම් කැමති ඔය විකාර කියවන ඇනෝලාට වඩා.. ඉස්සරහට මම හරියට ඒක පාවිච්චි කරන්නම්කෝ....

      ස්තුතියි..

      Delete
  12. බලගන යනකොට බ්‍රෑන්ඩ් නේම් භාවිතා කරන්නේ නැත්තේ මම විතරයිද කොහෙද හෙහ් හෙහ් හෙහ්....

    ReplyDelete
    Replies
    1. ඔය නමෙන්ම කියන්නේ... එහෙම මහත්තෙයෙක් කියලා...

      ඔන්න ඉතින් අපිට වඩා ඔයා නම් මේ ගැන දන්නවාම ඇති...

      ඒත් බිස්නස් රහස් නිසා කියන්නේ නැ නේද?

      Delete
  13. කතාව ඇත්ත නේන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියා...

      මේ දවස් වල බිසි වගේ නේද?

      Delete
  14. All laminated sheets are 'Formica'.
    Photocopies are 'Xerox' copies even done on Canon or Toshiba machines.
    All Tissues are 'Kleenex'.
    Vacuum Cleaners are 'Hoovers',whatever the brand.
    (Felt lazy to write copy and paste from Singreesi)
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මෙහේ සමහර මිනිස්සු vaccum කරනවට කියන්නෙත් Hoovering the floor කියල....

      Delete
    2. කම්මැලි වෙලා නම් බැ යාලු.. අපි විතරනේ සිංහල දන්නේ... ප්‍රචලිත කරන්න වෙනවා ගොඩාක්

      ඇත්තටම මේවාත් එහෙමද වැඩි තේරුමක් නම් නැ මට එවා ගැන

      Delete
  15. ඇයි සෙල්ටෙල් ඒත් දැන්නම් පාවිච්චිය ටිකක් අඩුයි . ඔය කොහොම කියුවත් මමනම් මාසෙකට සැරයක් ෆාමසියට ගිහිල්ලා පැරසිටමෝල් ලූස් රුපියල් 50ක ගන්නවා ඒක මට මාසෙකට ඇති මම ඒකට ඇඩික්ට් මොකද හුග වෙලාවට මට හිසරදය ඇතිවෙනවා .

    ReplyDelete
    Replies
    1. ඒක පැනඩෝල් කියල බ්‍රෑන්ඩ් නේම් එකෙන් ගන්නවට වැඩිය ලාබයිත් එක්ක... ගොඩක් බෙහෙත් ජාති ඒ වගේ.......

      Delete
    2. @ලොකු ජෝන්: පැනඩෝල් හරි පැරසිටමෝල් හරි කොහොම හරි ඕක අන්තිම භයානක පුරුද්ද. ඔය ඩ්‍රග් එකෙන් අක්මාවට දරුණු හානි වෙනව ඔය වගෙ හිතුමතේ ගත්තම. ඔය වැඩේ නවත්තපං වහාම දිගටම බ්ලොග් ලියන්න නම්..
      henryblogwalker the Dude (Not a Doctor though)

      Delete
    3. ලොකු ජෝන් ඇත්තටම මම හිතන්නේත් ඒක නම් ඒ තරම් හොද දෙයක් නම් නෙමේ තමා, පුලුවන්නම් ඒකට ඩොක්ටර් කෙනෙක් මුන ගැහිලා බේත් ගන්න ඔය පැනඩෝල් හරි පැරසිටමොල්ට් හරි නිතරම බොන්න යන්න එපා

      Delete
  16. ඔව් බ්‍රෑන්ඩ් නේම් වලින් තමා ගොඩක් ඒව යන්නේ..

    ඒත් කාටවත් ක්ලික් නැති සීන් එකක් කියන්නම්. ඉරිද ලංකාදීප පත්තරේ ගොඩක් අය ගන්නෙ 'ලහිපිට' අතිරේකය නිසා. ඒ වගේම sunday times ගන්නේ 'Hit Ad' අතිරේකය නිසා. එදාට කස්ටිය කඩේට ගිහින් ඉල්ලන්නේ පත්තරේ නමින් නෙවේ. අතිරේකෙ නමින්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්.... දැන්නේ ඒක මිටර් උනේ....

      හිට් ඇඩ් නම් ඒ තරම් නැතුව ඇති.... ඉන්ග්ලිස් එකක් නම් මෙහේ අය සතියේ දවසක උනත් ගිහින් ඉල්ලන්නේ එදා පත්තරේ නමින් නෙමේ සන්ඩේ ඔබ්සවර් කියලා ම තමයි

      Delete
  17. ප්‍රීති එකක් දෙන්න කියලා ඉල්ලුවට දෙන්නේ එක එක බ්‍රෑන්ඩ් අපේ පැත්තේ....

    ReplyDelete
    Replies
    1. මොනවා ගැනද අයියේ මේ කිවේ.................?????

      Delete
  18. එහෙම එකක් නම් ඇහුවමයි...!! අපි ඉතින් පත්තර බලන්නේ නෑනෙ... :)

    ReplyDelete
    Replies
    1. මොනවා ගැනද නංගෝ මේ කිවේ....????????

      Delete
    2. කිව්වෙ අර සෑමා කිව්ව හිට් ඇඩ් ගැන අය්යා... :)

      Delete
  19. ඉක්මනට සනීප වෙන්න මල්ලි....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අක්කෝ මම ගැන මේ තරම් හොයලා බලනවට...

      දැන් නම් ටිකක් විතර හොදයි මට

      Delete
  20. ඒකාලේ බොතල් කිව්වෙත් ඉතින් ගල් තමයි හික්..ටොෆි කිව්වොත් අර 5හේ එව්වා..හික්

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ විතරද?
      ඇයි දැන්...............

      අර මතක නැද්ද එදා මොනවද කට්ටිය කලේ කියලා... දැනුත් එහෙම තමා නේද??

      Delete
  21. ඒක අලුත් පත්තරයක් වෙන්නැති නේද?.ඇයි ලෑන්ඩ් මාස්ටර් කියන්නෙත් ඒ වගේ නමක්

    ReplyDelete
    Replies
    1. මේ පත්තර සින් කොන් එක මොකක්ද අනේ... ලැන්ඩ්මාස්ටර්... මෙහේ කියන්නේ කුබෝටා කියලා.. ඒකත් බ්‍රැන්ඩ් නේම් එකක් නේද?

      Delete
  22. මාත් මේ හෙන වෙලාවක් කල්පනා කලා දෙයක් කියන්න ...ම්හ්ම්...එන්නෙම නෑ හිතට දෙයක්....අවු:11 කලින් මතෙකෙ නිසා අප්පා.....

    ReplyDelete
    Replies
    1. හිකිස්..... අවුරුදු 11කින් මෙසිරිලක දැක නැද්ද අක්කා...

      Delete
  23. මැකරල් වගේ ටින් මාලුවලට සැමන් කියා බාවිතා කිරීම. හරිද මන්දා.
    අලුත් පින්තූරේ හරි ලස්සනයි. :D:D:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ඉතින් කැමතිනේ ඒකට ? පොඩ්ඩි විතරමයි කිවේ ඔන්න ,,:D

      Delete
  24. සෙලෝ ටේප් කියන්නෙත් බ්‍රෑන්ඩ් නේම් එකක්ලු...(බ්‍රිටිෂ් බ්‍රෑන්ඩ් එකක්). ඒත් අපිටනම් මොන ටේප් එකත සෙලෝ ටේප් තමයි..

    ReplyDelete
  25. ඇයි සිද්ධාලේප....... කොච්චර බාම් වර්ග තිබුනත් ඉල්ලන්නේම සිද්ධාලේප කියලනේ........

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....