ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

26 July, 2013

බැදලා ටික කාලෙකින් කොල්ල නැති උනොත් වැරැද්ද කෙල්ල ගේද ????

ජිවිතේ අපිට කවදා අපේ ජීවිතෙන් යන්න වෙයිද කියන එක හරියටම කියන්න පුළුවන් කෙනෙක් කියන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හරි මොනයම්ම දෙයක් මේ වෙනකොට නම් නැ කියලා මම නම් හිතන්නේ... ජිවිතේ ගොඩාක් දේවල් වෙන්න යන්නේ ඉතාම පොඩි කාලයක්.. සමහර දේවල් වෙන්න නම් කාලයක් ගන්නවා...

ජිවිතේ කෙනෙක්ගේ වැදගත්ම තීරණ අතරේ උඩින්ම තියෙන කිහිපය අතරේ කසාදයට හිමි වෙන්නේ ඉතින් වැදගත් තැනක්නේ.... තාම මට නම් එක වැදගත් වෙලා නැ මොකද ඉතින් තව ටික කාලයක් එකට ඉන්න ඕනනේ... (තාම මම පොඩි එකානේ)

කසාද බදින එක ඉස්සර නම් ගොඩාක් වෙලාවට උනේ යෝජිත විවාහ විදිහට ලුනේ... එතකොට ඉතින් ඔය පොරොන්දම් බලිලි කේන්දර බලිලි වගේ ඒවා නම් ගොඩාක් කෙරිලා තියනවනේ...
දැන් කාලේ යෝජිත විවාහ උනත් වැඩිපුර ආදර සම්බන්ධතා මුල් කරගෙන වෙන විවාහ වැඩි නිසා ඒ වගේ දේවල් හරියටම සිද්ද වෙනවා කියන්න අමාරුයිනේ

http://fc04.deviantart.net/fs71/f/2012/096/7/d/just_married_by_meago-d4v6nvr.png
ඇයි ඉතින් කොහොමද එහෙම කරන්නේ අවුරුදු 3,4ක් ලව් කරලා කසාද බදින වයස පහු වෙනකොට වගේ කසාදෙ කරන්න හිතනකොට ඔය පොරොන්දම් කේන්දර බලලා ඒවා ගැලපෙන්නේ නැ කිවොත් ඉතින් අත්හැරලා දාන්න පුළුවන් ද බැනේ.. බදාගත්තා නම් බෙරේ ගහන එකයි තියෙන්නේ කියලා.... අනික ඉතින් එහෙම දැනගත්තත් අවුරුදු ගානක් ලව් කරලා එහෙම දෙයක් නිසා කෙල්ලව හරි කොල්ලව හරි ඇත හැරලා යන්න හිතෙන්නේ කාටද?

ගොඩාක් වෙලාවට ඔය කේන්දර එහෙම දෙන්නගේ ගැලපෙනවද කියලා බලනකොට කියනවලුනෙ මේ කසාදෙ නම් කරන්න එපා කලොත් කාට හරි කරදරයක් ඉක්මනට වෙනවා කියලා... එක ඇත්තක්ද කියන්න මම දන්නේ නැ ඉතින්..

ඔහොම කිවත් නොකීවත් බැදලා ටික කාලයක් අතර තුර කොල්ලා ට මොනවා හරි උනොත් කවුරු කොහොම නැ කිවත් එකේ වැරැද්ද යන්නේ කෙල්ලගේ පිටින්.....
ගහක් ගලක් වගේ උන්නු කොල්ලා මේ කෙල්ලක් බදාගෙන ජිවිතෙනුත් යන්න ගියා.. මාර කාලකන්නි කෙල්ලක් තමා ඔහොම කතා ටවුන් වල කියා නොවුනත් ගම් වල නම් අනිවාර්යෙන්ම කිය වෙනවා

ඈත්තටම එක කෙල්ලගේ වැරද්දක්ද? කොල්ල නැති වෙන්නේ කොල්ලගේ පරිස්සමක් නැති වැඩක් හින්දා නම් එකට අර කෙල්ල පලිද? අනික ඉතින් මේ කොල්ලා නැති උනොත් එකේ වැඩිම පාළුව අර කෙල්ලට නේද? වැඩියෙන්ම වැටෙන්නේ තනි වෙන්නේ ඒ කෙල්ල නේද? දෙන්නා හරි ආදරෙන් උන්න නම් ඉතින් ඔය වගේ කතා ඇහුනොත් අර කෙල්ලට මොනවා හිතෙයිද?

ජිවිතේ අපි හැමෝටම ගෙන ආයුෂ ප්‍රමාණයක් තියනවා බැන්දත් නැතත් ඒ කාලේ ඉවර උනහම අපිට යන්න වෙනවනේ...

මට ඉතින් ප්‍රශ්න දෙකක් එනවා දන්නවනම් උත්තර දීලා යන්නකෝ

එත් කේන්දර බලන කොට එහෙම කියවෙනවා නම් මොකක්ද කරන්න ඕනේ ඕන දෙයක් උනාවේ කියලා ජිවිතේ ගැන රිසක් එකක් අරගෙන ඒ කසාදෙ කරන්න ඔනාද නැත්නම් ඉතින් ඒ කසාදේ ඕනේ නැ කියාලා ඇත හැරලා දන්න ඕනද?

එහෙම කසාද බැදලා අවුරුද්දක් වත් යන්න කලින් කොල්ලට මොනවාහරි උනොත් වැරැද්ද කෙල්ලගේද? ඔහොම දෙයක් කෙල්ලට උනොත් එකේ වැරැද්ද කොල්ලට කියනවද?

20 July, 2013

අරක්කු බොන්නේ ඇයි ....

කලින් පොස්ට්එකේ කිවනේ මේ දවස් වල ඉතින් කටුනායක පැත්තේ රවුම් ගහනවා කියලා... ඉතින් දන්නා කියන බ්ලොග් කරුවන් කාරියන් කීප පොළක්ම රට යන්න බලාගෙන  ඉන්නවත් කිවනේ...ඔන්න ඒ අය මෙන්න මේ  ලින්ක්  එකෙන්  ඇවිත් බුකියට  මෙසේජ්  එකක්  දාන්නකෝ..

මේ දවස් වල ඉතින්  ඔය යන අතරතුර උන දෙයක් නිසා මේ ගැනලියන්න හිතුනා.... මම ඉතින් ඔය  මත් වෙන  දේවල්  බිලා නැති නිසා මේ බ්ලොග් කියවන අපේ බ්ලොග් හිතවතුන් මේ කට එයාලාගේ  අත්දැකීම එහෙම කියනවා නම් මම  ගොඩාක්  කැමති...

සාමානයෙන්  දුකට  ගෙනත්  බොනබෝතලේම  කොහොම  හරි  ඉවර  කරගන්න  බැරි  උනොත්  සතුටටත්  බොන  නිසා  මත් වෙන අරක්කු  වගේ  ඒවා   බොන්නේ  මොන හෙතුවටද  කියලා  හිතා  ගන්න  නම්  බැ ... සෝ  එක  මම  හිතන්න  ඕනෙත්  නැනේ..


පහුගිය  දවසක මම  කටුනායක  බස් එකේ  යනකොට  බස්  එකට  වයස  අවුරුදු  40  ක විතර  පුද්ගලයෙක්  බස් රථයට  නැගිලා  ගමන්  කරන කොට  බස් රථයේ රියදුරා  ඒ  පුද්ගලයාට  බහින්න කියල දෙතුන්  පාරක්  කිවා... එක  පාරම හේතුවක්  හිතා ගන්න බැරි උනත් ටික දුරක්  යනකොට  ඒ පුද්ගලයා හොදටම  වෙරි මතින්  කියලා තේරුම් ගන්න  පුළුවන්  උනා...


සාමානයෙන් සල්ලි  මත්තෙම  නාහෙන පුද්ගලික බස් රියදුරන්  කොන්දොස්තර  වරුන්  අතරේ සමහර  හොද මිනිස්සුත්  ඉන්නවා ( 80%ක් විතර ) මේ පුද්ගයලා නිසා  බස් රථයේ ගමන් ගන්නා අනිත්  පුද්ගලයන්ට වෙන  අපහසු තාවය  තේරුම්  අරගෙන තව කිහිප පාරක්ම  බස් එකෙන්  බහින්න කියලා අර පුද්ගලයට  කියන්න රියදුරු මහතාට  සිදු උනා.. එත් ඒ රියදුරු  මහතාටත් එක එක වචන වලින් ආමන්ත්‍රණය කරමින් තව ටික දුරක් ගිහින් අසැබි වදන්  වලින් කතා කරන්න පටන් ගත්තු නිසා බස් රථයේ රියදුරා බස් රථය නතර කරලා කොන්දොස්තර මහතාගේත්  සහය ඇතිව ඔහුව බසයෙන් ඉවත් කරලා ධාවනය කරන්න පටන් ගත්තත් මීටර් කිහිපයක් යනවිට  මගේ අසුනට පිටි පස අසුනේ වීදුරුව අසලට ඉතා විශාල කළු ගල් පහරක් අර බිමත් පුද්ගලයා එල්ල කළා... හැමෝගෙම වාසනාවට එක කාටවත් කරදරයක් නොවුනත් ඒ ගල් පහර වැදුනානම් දවස් ගානකට රෝහල් ගත වෙන්න හරි මේ ලෝකෙන් යන්න හරි වෙන්න තිබුනා....

ඒ පුද්ගලයා ඒ  පළාතේම කෙනෙක් වෙන්න තිබුනා.. සමහර විට ඒ පුග්දලයන්ගේ දරුවන් ඒ බස් එකේම යනවා වෙන්නත් පුළුවන්.. බි ගත්තහම ලෝකෙම අමතක වෙනවද? තමන් කරන කියන දේවල් ගැන මුකුත් අවබෝදයක් නැති වෙනවද? තමන් කරන දේවල් ගැන වගකීම් රහිත වෙනවද? ජීවිතයක වටිනාකම අමතක වෙනවද? අරක්කු ටිකක් කටේ ගා ගත්තහම ඔහුට වඩා ලොකු පුද්ගලයන් නැද්ද? අරක්කු බි ගත්තම වෙන්නේ වැඩකට නැති වැඩ විතරක්ම නම් ඇයි ඉතින්  ඕවා බොන්නේ.....

14 July, 2013

මේ දවස් වල ජිවිතේ,.....

කාලෙක ඉදන් බ්ලොග් එකේ මොනවම හරි ලියනවා කියලා හිතාන උන්නත් ලියන්න උනේ නැනේ... එහෙම හිතුනා කියලා ලියන්න දෙයක් තියෙන්නත් ඕනනේ ඉතින්..
මේ දවස් වල ජිවිතේ ගෙවෙන්නේ ටිකක් විතර අමුතු විදිහට... වෙනදට වඩා නිදහසක් වගේම වෙනදට වඩා වැඩ වැඩි කමක් රැකියාවේ ස්ථාන මාරුවත් එක්කම සිද්ද වෙලා...

ඉතින් මොනවද අලුතෙන් බ්ලොග් වල උනේ කියලා හොයල බලන්න පටන් ගන්න ඕනා... දන්නා අය කියන්නකෝ ඉතින්.... වෙනදා තරම් දැන් බ්ලොග් ලියවෙන්නේ නම නැ වගේ කියලා නිකන් හොයල බලනකොට තේරුනා...

අයි එහෙම වෙන්නේ... ඉස්සරම ඉස්සර ට වඩා මැද කාලේදී බ්ලොග් ලියවුනානේ හොදට.. අනේ මන්දා ඉතින්

දැන් ඉතින් දෙවා පොඩ්ඩක් රැට නිදි මරනවා වැඩියි.. මොකද ඉතින් පැය 24ම අවදියෙන්න ඉන්න ලංකාවට දෙකක් තියන තැනක වෙනත් ආයතනයක බ්‍රාන්ච් එකක්නේ වැඩ කරන්නේ

සමහර ය නම් දන්නවා ඉතින් ලංකාවට දෙකක් තියන ගුවන් තොටුපල වල පලවෙනි එක කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ departure එකේ ලංකා බැංකු ආයතනයේ දැන් දෙවා මේ මාසේ ඉදන් ටික කාලයක ඉන්න තමා කල්පනාව...

වෙනදට වඩා නිදි මරනවා කිවේ ඉතින් එතන වැඩ එක දිගට පැය 24ක් කරන්න පුළුවන් තැනක් නේ එකයි..

වෙනද වගේ බ්ලොග් ලියන්න බලන්න ආයෙම එනවා ඉතින් අපිව අමතක යට මතක් වේවා,..

රට යන අය එහෙම ඉන්නවනම් ඉතින් ඔන්න රට යනකොට දේවා වත් බලල යන්න එන්න....

මුණු පොතටවත් මැසේජ් එකක් දාලා යනවනම් එදා ඉතින් මම වැඩ කරන දවසක්ද කියල බල ගන්නවත් තිබුනා...

ජය වේවා...