ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

03 May, 2020

නුඹ රැජිනකි මට සැමදා



නැගිටිනවා ළමයෝ......

මොකද අක්කා...

වෙලාව බලනවා කියාද කියලා....

කියද වෙලාව...

7.45යි...

මොකක්....
අක්කා මම කිවා නේද අද මට ඉන්ටවිව් එකක් තියනවා කලින් ඇහැරවන්න කියලා
දැන් හොදටම පරක්කුයි...

නැගිටිනවා ඉතින් තවත් පරක්කු වෙන්නේ නැතිව...

තේ එකක් ඉක්මනට හදන්නකෝ.. අක්කා...
මම ඊයේ මදින්න කියලා තියපු ඇදුම මැද්දා නේද?

මේ බලහන්කො.... මම නිකන් වැඩ කාරයා වගේ වෙලානේ මුට...

අනේ ඉතින් ඔයා මගේ සුදු අක්කානේ...
මම ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නම්...

අක්කා....
මොකද ඒ ගමන..
මේ ඔරලෝසුවේ වෙලාව යන්නේ නැතිව නතර උනාද?
බැහැනේ එක වෙන්නත් බෑ මේ තත්පර කටුව හෙලවෙන්නේ...
මේකේ වෙලාව 6.30 නේ..

ඔව් ඉතින් වෙලාව 6.30 යි තමා..
ඒ වෙලාව කිවා නම් තව වෙලා තියනවා කියලා නිදා ගන්නවනේ...
දැන් වෙලාව තියනවනේ.. කලබල නැතිව ලැස්ති වෙලා යන්න ඉතින්
ඉන්ටවිව් එකට....

අම්මායි තාත්තයි නැති වෙනකොට මට වයස 12ක් විතර ඇති....
අක්කාට අවුරුදු 22 ක් එතකොට...
මම හින්දා අක්කාගේ ජිවිතේ අවුරුදු 8ක් නැතිවෙලා...
අවුරුදු 20 ක කොල්ලෙක් වෙනකොට අක්කාට අවුරුදු 30ක් වෙලා.
යාළුවෙලා හිටපු කොල්ලා...
මාව කොහෙට හරි දීලා එයා එක්ක එන්න කියනකොට මට අවුරුදු 14ක් විතර
මාව කොහේටවත් දෙන්න බැ කියලා අක්කා ඒ සම්බන්දෙට තිත තිබ්බා...
අවුරුදු 8ක් මගේ හැමදේකට ශක්තියක් වෙලා මාව අද ඉන්න තැනට
අරගෙන එන්න අක්කා තරම් මමවත් කැප වෙන්න නැතිව ඇති..
එහෙම අක්කා කෙනෙක් ලබන්න මම පින් කරලා තිබ්බ එක ගැන වගේම
මම වගේ කෙනෙක් ලැබිලා අක්කගේ ජීවිතේම විනාශ උන එක ගැන
මම ගැනම තරහක් නොතිබුනාම නෙමේ...

අක්කා.... ඉන්ටව් එකෙන් මාව සිලෙක්ට් කරගෙන...
මම දන්නවා මල්ලි...
උබට කවදාවත් වරදින්නේ නෑ...

ජිවිතේ හැමවෙලේම මම ගැන හිතපු අක්කට
දැන් කසාදයක් ගැන හිතන්න කිව හැම වෙලාවකම කිවේ..
මට මොන කසාදද..... මල්ලි...
දැන් මල්ලි ඉන්නේ කසාද බදින වයසේ. කියන එක විතරයි...

කාලයත් එක්ක මමත් ඔෆිස් එකේ එකට වැඩ කරපු ගෑනු ළමයෙක් එක්ක සම්බන්දයක්
පටන් අරගෙන තිබුනා..ගෙවල් වලට කියලා කසාද බදින්න ඕනා කම තිබ්බත්. අක්කට මේක කියන්නේ කොහොමද කියනඑක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ මට..
මම වෙනුවෙන් ජිවිතේ. කසාදෙ හැමදේම අත ඇරලා දාපු අක්කට කසාදයක් මට දැන් කරගන්න ඕනා
කියන දේ කියන එක හිතට මහා අවුලක් විදිහට දැනුනා..

මල්ලි..... කවුද රශ්මි කියන්නේ

ඇයි අක්කා..

මොකද එහෙම අහන්නේ...

කවුද කියන්නෝ ඉතින්..
දැන් ඔයාට මට කියන්න බැරි දේවලුත් තියනවද?

අනේ නෑ අක්කා.
මට එක අක්කාට කියන්න බැරිව හිටියේ
මගේ හිතට අවුල් හින්දා...

නොකිය හිටපු එක තමා මට දුක..
කමක් නෑ අද රශ්මි ගේ ගෙදරින් මෙහෙ ආවා...

මොනවා... ඒ මොකටද අක්කා..
වෙන මොනවාටද ඉතින් ළමයෝ...
ඔයාගේ කසාදෙ ගැන කතා කරන්න තමා...

ඉතින් මොනවද අක්කා කිවේ කට්ටිය ඇවිත්..
හ්ම්ම්ම් කියපු දේවල් වැඩක් නෑ..

හෙට මාත් එක්ක ගමනක් යන්න ලැස්ති වෙන්නකෝ..
ඒ කොහෙද අක්කා..

හෙට මම මේ හැමදේම ඔයාගේ නමට ලියනවා..

ඒ කිවේ අක්කා..
නෑ ඉතින් මේ දේවල් වල පිළිවලක් තියන්න ඔනානෙ...

අක්කා... විකාර කියන්නේ නැතිව මට ඇත්ත කියනවද?
මොකක්ද අද රශ්මිගේ ගෙදර අය ඇවිත් කිවේ...

මොනවත් නෑ මල්ලි.. ඒ අය කසාදෙ ඉක්මනට ගමු කියලා කිවේ.
ඊට පස්සේ ඔයාලාට මෙහෙ ඉන්න පුළුවන්නේ...
මම කොහෙන් හරි පොඩි කාමරයක් අරන් ඉන්නම්කො...
අක්කා කියන්නකෝ අනේ.. මොනවද කිවේ කියලා..

මුකුත් කිවේ නෑ මල්ලි...
මම අහලා බලන්නම්කෝ... ඉන්න

රශ්මි...
අද ඔයාලගේ ගෙදරින් අපෙ ගෙදර එනවා කියලා මට කිවේ නැත්තේ ඇයි..

ඇයි දැන් ඔයාට ඕක ගෙදරට කියන්න බෑ කියා කියානේ හිටියේ...
ඔය අක්කා තමා ඔයාගේ හෙනේට හිටින්නේ හැම දෙයකටම
ඉතින් මම අම්මලාට කිවා ගිහින් කතා කරන්න කියලා
මොනවද කතා කරන්න කිවේ..

කතා කරන්න කිවේ..
ඔයාගේ ජිවිතේ ඔයාට ඕන විදිහට ගෙවන්න දීලා
පැත්තකට වෙලා ඉන්න කියන එක

මේ රශ්මි... මම තාම තමුන්ව බැදලා නෑ කියන එක මතක තියාගන්න
අනිත් එක කොහොමද ඔහොම දෙයක් කියන්නේ..
මගේ ජිවිතේ අවුරුදු 12 ඉදන් ලොකු මහත් කලේ අක්කා..
ඒ අක්කා කොහොමද මට හෙනයක් වෙන්නේ...

මේ එහෙමනම් ඉතින් ඔයා අක්කව හරි මාව හරි දෙන්නගෙන් එක්කෙනක් තොර ගන්න වෙනවා.
මාත් එක්ක ඉන්නවනම් ඔය ඉන්න ගෙදර ඔයාගේ නමට ලියාගන්න ඕනා..
අක්කා ගෙදරින් යන්න ඕනා.
එහෙම කරන්න බැරි නම්... මාව අත ඇරලා දාන්න...

හරි රශ්මි.. මම තේරුම් ගත්තා...
මගේ ජිවිතේට ඇත්තටම හෙනේ කවුද කියලා...
ඉපදුන දා ඉදන් එකට හිටපු මගේ හැම දෙකටම
ජිවිතේ හැමදේම කැප කරපු
අක්කාව අත ඇරලා ඔයාව මගේ කරගන්න තරම්
මගේ අක්කාව බාල්දු කරන්න මට ඕනා නෑ..
ජීවතේ හැමදාම තනියෙන් උන්නත්..
සහෝදර බැදීම කියන එක කවදාවත් නැති වෙන්නේ නෑ.

මල්ලි මොනවද මේ කරගන්නේ..
අක්කා රශ්මි කියන්නේ මට මාස දෙක තුනකට කලින් හම්බුන කෙනෙක්.
එහෙම කෙනෙක් අවුරුදු ගානක් ජිවිතේ මාව බලාගත්තු අක්කට ඔහොම
කියනවනම්... තව මාස ගානකට පස්සේ මොනවා කියන්න බැරිද?
අනිත් එක අක්කා..
මම අක්කට සලකන කෙල්ලෙක් ඇරෙන්න වෙන කෙල්ලෙක් බදින්නෙත් නෑ..
ජිවිත කාලෙම තනිකඩව උන්නත්..

අනේ ඔහොම කියන්න එපා මල්ලි.
මට කොහේ උනත් ඉන්න පුළුවන්.
එත් ඔයා ආදරේ කරන කෙනා නැති කරගන්න ඕනා නෑ මම හින්දා..
මම හෙටම දේපල ඔක්කොම ලියලා දෙන්නම්..

පිස්සුද අක්කා. මට ඔය දේපල මොනවත් ඕනා නෑ.
ඔහොම කෙනෙක් මට ආදරේ කරයි කියලා හිතන්න බෑ..
එහෙම කෙනෙක්ගෙන් ඈත් වෙන දුක ටික කාලයයි..
එත් එහෙම කෙනෙක් එක්ක ජිවිත කාලෙම දුක් විදින්න මට බෑ............

අනේ මල්ලි...........

අනේ මල්ලි නෙමේ..

මට තිබහයි... තේ එකක් හදලා දෙනවද?
දැන් ඕක අමතක කරලා..

ඔයා ඔයාගේ ජීවිතේට ගැලපෙන කෙනෙක් හොයාගන්න..
ඔය විදිහට මට ඔයා එක්ක ඉන්න බෑ.. රශ්මිට අවසාන මැසේජ් එකත් එහෙම ටයිප් කරලා සෙන්ඩ් කළා

අවුරුදු දෙකකින් වගේ පොස්ට් එකක් දාලා තියෙන්නේ....


24 April, 2018

අලුත්ම සමාජ ජාලා වෙබ් අඩවියක් - bukiya.lk

කොහොමද ඉතින්, දැන් ඉතින් මේ පැත්ත ඇත්තටම අමතකම වෙලා ගිහින්.. එත් මොනවහරි දෙයක් ගැන කියන්න හිතුනම මතක් වෙන තවත් එක තැනක් තමයි බ්ලොග් කියන්නේ.. කලින් පොස්ට් එකේ මම ලංකාවේ පලවෙනි දිනපතා යාවත්කාලින වෙන නවකතා කෙටිකතා අලුත් කතා ගැන කිවා වගේම අද කියන්න හදන්නේ ඊටත් වඩා දෙයක් ගැන..

මේක ලංකාවේ අලුත්ම සමාජ ජාලා වෙබ් අඩවිය. ලංකාවේ ප්‍රසිද්දම සමාජජලා වෙබ් අඩවිය ෆේස්බුක් කියන එක අමුතුවෙන් කියන්න ඕනා නැහැනේ. මතක විදිහට 92%ක් විතර අගයක් සමාජ ජලා භාවිතා කරන අයගෙන් රැදිලා ඉන්නේ ෆේස්බුක් එකත් එක්ක ලංකාවේ.

BUKIYA.LK ලංකාවේ අලුත්ම මේ සමාජ ජාලා වෙබ් අඩවිය පටන් අරන් ගත්තේ 07-04-2018 වෙනිදා අද වෙනකොට 3500 කට අදික පිරිසක් එකතු වෙලා ඉන්න මේකේ ෆේස්බුක් වල තියන ගොඩක් දේවල් වගේම ෆේස්බුක් වල නැති ගොඩක් දේවලුත් එකතු කරලා තියනවා.

ඇත්තම කියනවනම් බ්ලොග් ලියන්න අමුතුවෙන් මෙතනට එන්න ඕනා නැ. එතනම අපිට අපේ බ්ලොග් එක කරගෙන යන්න පුළුවන්. එකට වෙනම පහසුකම් සලසලා දීලා තියනවා.

මේකේ ඇන්ඩොයිඩ් ඇප් එකේ තාවකාලික වර්ෂන් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

තවත් ගොඩක් දේවල් එක්ක මේකේ අලුත් දේවල් තියන නිසා වගේම කාලෙක ඉදන් ඇත්තම කිවොත් 2009 ඉදන් වගේ මගේ හිතේ තිබුන හීනයක් හැබෑ කරගැනීමක් නිසා කැමති අයට ආරාධනා කරනවා බ්ලොග් ලියන ගමන් එතන එකවුන්ට් එකක් හදාගෙන එතනත් ලියන්න කියලා

ස්තුතියි




05 February, 2018

කාලෙකින් ආවේ.... එක්ක යන්න වෙන තැනකට ...

කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා..
මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර වගේම ගොඩක් බ්ලොග් වල ගිම්හානි අක්කා කමෙන්ට් දාලා තියනවත් දැක්කා.

චතුගේ කතා කාලෙකින් දාලා තිබුන අනිවසරි පොස්ට් එක නිසා බ්ලොග් එකේ මකුළු දැල් අස්සෙන් ඔලුව දාන්න ඔනා කියලා හිතුනා.

ඇත්තටම 2010 පෙබරවාරි මාසේ වගේ තමා මුලින්ම මම බ්ලොග් කියන දේ ගැන දැන ගත්තේ ජිවිතේ මල් ගුරුතුමී ගෙන්. එහෙම නැතිනම් සංසාරේ අපි  ටීචර් ගෙන්

අවුරුදු ගානක් ලංකාවෙන් ඈත ඉදලා මේ අවුරුද්දේ ලංකාවට එන්න කියලා හිතාන ඉන්න නිසා මේ අවුරුද්ද ටිකක් විශේෂ අවුරුද්දක්.
ඒ වගේම ඊයේ  2018 පෙබරවාරි 04 වෙනිදා 70 වෙනි නිදහස සමරනකොට පහුගිය අවුරුද්ද පුරා ෆේස්බුක් පිටුවල ලියපු දේවල් වලින් හා එකතු කරගත්ත අය එක්ක එකතු වෙලා හැමෝටම කියවන්න පුළුවන් විදියේ නවකතා, කෙටිකතා නිසදැස් එක්ක තව ගොඩක් දේවල් ලියවෙන වෙබ් අඩවියක් පටන් ගන්න පුළුවන් උනා..

එක තමා ඇත්තටම තියෙන විශේෂම කතාව..
බ්ලොග් වලින් ගොඩක් ඈත් වෙන්න හේතුව උනෙත් මම හිතන්නේ එකම තමා..
ලියන කතා ගොඩක් බලන්න ඒ පැත්තේ එන්න කියලා ආරාධනා කරන ගමන්
අවුරුදු 8 ක බ්ලොග් ජිවිතේ ලැබුන දේවල් අපමණයි.
ඒ හැමදේකටම හැමෝටම ස්තුතියි කියන ගමන් මකුළු දැල් ටික කඩලා යන්න ආව ගමන කොටපු පොඩි සටහනත් අවසන් කරනවා..

හැමෝටම ජය

අහ්හ් තව ටිකෙන් අමතක වෙනවා එන්න කීවාට එන්න පාර කිවේ නැහැනේ..

www.ruwa4u.com   ඔය තියෙන්නේ පාර..
ඇවිත් යන්න එන්න එහෙමනම්


16 May, 2017

සසර පුරා අපි අපේ

හායි
හායි....
කොහොමද?
මම නම් හොදින් කොහොමද ඔයාට
මමත් හොදින්

ඉතින් කවුද මේ ලස්සන කෙල්ල

චැට් කරන්න පටන් ගන්නකොටම බොරැ වලින් පටන් ගන්න එපා අය්යා.
මම ලස්සන නැ කියලා මම දන්නවා....

ලස්සන දෙයක් ඇතුලෙන් බලනකොට වඩා පිට ඉදන් බලනකොට ලස්සනට පේනවා

හරි හරි අම්මො ඔයා ලොයර් කෙනෙක් වෙන්න කතා කරලා බේරෙන්නම බැ වගේ

හංසි අතුරුගිරිය එක්ක චේතිය අනුරාධ ගේ පලවෙනි ෆේස් බුක් කතා බහ ඒ විදිහට සිද්ද වෙනවා

චේතිය කියන්නේ සිරාම ඩයල් එකක්. ජිවිතේ සැහැල්ලුවෙන් ගෙවන හිනාවෙලා ඉන්න ආස කරන කොල්ලෙක්. සල්ලි වලින් අඩුවක් ඇත්තෙම නැ

හංසි අවුරැදු 24ක තවත් දගකාර එක පාරක් බැලුවොත් තව සිය පාරක් උනත් හැරිලා බලන්න හිතෙන කෙල්ලක්. දගකාර හින්දමද කොහෙද තොරගෙන තියෙන්නෙත් මාධ්‍යවේදි කියන රස්සාව

ගුඩ් මොර්නින් සුදු නංගි...

ආහ් වැරදිලාද මම සුදු නම් නැ

ඔව් නේද එකත් ඇත්ත. දැන් කෙල්ලො මේකප් කරගෙන සෙල්ෆි ඇප් වලින් පොටෝ අරගෙන තමා බුකියට පොටො දාන්නේ..

බුකිය කිවේ අනු..

එක නෙමේ
ඔයා කොහොමද දන්නේ මම නමේ ආසම මට එහෙම කතා කරනවාට කියලා..

මම එහෙම හිතලා කිවේ නැ අනු අය්යා. එත් ඉතින් මම ඒ නමට ආස හිතුනා..

මම ආස ඒවාටම ආස වෙන්න එපා හරිද??

රන්ඩු වෙවි යාලු වෙවි බුකිය ඇතුලේ ⁣අනු - හංසි ටික ටික ලං වෙනවා දෙන්නටම හොරෙන්.

හංසි දෙයක් අහන්නද සුදු නංගි

මොකක්ද අනු අය්යා

කැමති නැද්ද ඔයා සදහටම මගේ විතරක් වෙන්න හංසි
⁣අය්යාට පුලුවන්ද ජිවිත කාලේටම මගේ විතරක් වෙන්න.
පොරොන්දු වෙනවා සුදු නංගියෝ හැමදාටම ඔයාගේ විතරක්ම වෙන්න
ආදර කතාව දෙමාපිය ආශිර්වාද මැද විවාහයක් දක්වා දුර දිග යනවා..
බබා අපි දෙන්නම තනියෙන් හිටියා ඇති වගේ නේද හංසි
මට හංස පැටියෙක් ඕනා වගේ අපි දෙන්නා මැදට
චේතිය වචනයකින් විතරක් නෙමේ හංසිට සිතුවිල්ලකින් වත් වැරද්දක් කරන්නේ නැ..
හංසිත් ඒ වගේම චේතියට පන ඇරලා. දෙන්නාට දෙන්නාගෙන් තොර ජිවිතයක් නැ
චේති ටික දවසකට යන්න වෙනවා බබො රටින් පිට මම ගොඩාක් කාලයක් තිස්සේ බලාගෙන හිටපු එකක් ඒක බබෝ.
 ඒක මගේ රැකියාව වෙනස්ම පැත්තකට අරගෙන යනවා රත්තරං

හරි පැටියෝ දවස් කියකටද ?
වැඩිම උනොත් මාසයක් වෙයි..
අම්මෝ මාසයක්. කොහොමද කෙල්ලේ මමයි පුතුයි මාසයක් ඔයා නැතිව ඉන්නේ.. මගේ වැඩ නිසා එක පාර මට මාසයක් නිවාඩු ගන්නත් බෑ ඔයා එක්ක නිවාඩු ගන්න.
මටත් ඉන්න බෑ  මහත්තයෝ.. එත් ඉතින් මේක අත හැරලා බැනේ. කොහේ ගියත් මම ඔයාගෙම විතරයිනේ...

හංසි ගිහින් දවස් දෙක තුනකට පස්සේ ආරංචියක් එනවා එයාලා එකට ගිය වාහනේ ඇක්සිඩන්ට් වෙලා ගිනි අරගෙන එතන ගිය අය මැරිලා කියලා. අනු ගේ මුළු ලෝකයම කඩා වැටිලා කුඩු වෙලා යනවා. ජිවිතේ දශමයකින් වත් වැරද්දක් නොකර ආදරේ කරපු කෙල්ල , තමන්ගේ දරුවාගේ අම්මා.  නොදන්නා  රටක මැරිලා කියලා හිතන්න ඔහුගේ හිත සුදානම් නෑ.

ඔය සිදුවීම වෙලා දැනට අවුරුදු 4 ක් වෙනවා. තවම අනුගේ හිතේ ඉන්නේ හංසි විතරයි. දෙන්නගේ එකම පුතා තේමිය හැමදාම අම්මා ගැන අහන දේවල් වලට දෙන්න උත්තර නැති උනත් හංසිගේ ෆොටෝ එකක් පෙන්නලා හැමදාම පුතාව නිදි කරවන එක පුරුද්දකට ගියත් පුතාට අම්මා කෙනෙක්ගේ ආදරේ තමන්ට දෙන්න බෑ කියලා හිතෙන අඩා වැටෙන වාර ගණන අනන්තයි..

ජීවිතේට කවදාවත් වෙන කෙල්ලක් ලං කරගන්න උවමනාවක් නැති අනු හැමදාම හංසිගේ මතකය එක්ක ජිවත් වෙන එක චේතිය අනුරාධගේ දෙමාපියන්ටලොකු ප්‍රශ්නයක්. තවම තරුණ වයසේ ඉන්න මේ කොල්ලා පොඩි තේමිය එක්ක ඉන්නවා දකිනකොට දුක නොහිතෙනවා නෙමේ. ගෙදරින් බලන එක ප්රෝපසල් එකකටවත් කැමති වෙන්නේ නැතිව ඉන්න අතරේ දවසක්

හෙලෝ..... අනු....

අවරුදු 4කට පස්සේ උනත් හංසි ගේ කටහඩ ඇහුන ගමන් චේතියට අදුනගන්න පුළුවන් වෙන්නේ හංසිගේ මතකයෙන් දශමයක්වත් ඈත් වෙලා නොහිටිය නිසාමද කොහෙද? ඒ ආදරේ ඒ තරම් පාරිශුද්දයි... හිතින් වත් කෙල්ලෙක් ගැන නොහිතපු අනු හංසිගේ ඇමතුමෙන් දැනෙන සතුට කියලා නිම කරන්න තේරෙන්නේ නෑ
කොහෙද රත්තරන් මේ තරම් කාලයක් උන්නේ. කොහෙද දැන් ඔයා ඉන්නේ...

තාම මම මේ රටේම තමා මහත්තයෝ... අවුරුදු 4ක් ම මම ඉදලා තියෙන්නේ කොමා එකක. සිහිය ආපු වෙලේ ඉදන් මම ඔයාවම තමා හෙව්වේ මගේ දෙවියෝ...

ඔයා නැති උනා කියලා තමා අපිට කිවේ මැණික,
මාත් එක්ක ගිය අනිත් ඔක්කොම මැරිලා තමා මහත්තයෝ....

මම ඉක්මනටට එනවා රත්තරන්.... සමාවෙන්න අවුරුදු 4ක් තනියම ඉන්න උනාට....

පුතා තේමිය... මෙන්න අම්මා කතා කරනවා..

09 May, 2017

වර්ජන වර්ජන

මචන් සදෙව්

ලබන සතියේ අන්තයේ  අපි නුවර එලි පැත්තේ එන්න හිතාන ඉන්නවා..

නවතින්න හොද තැනක් බුක් කරලා දෙන්න බැරිද?

නුවන් උබට පිස්සුද බන්. මේ සාගරයක් තරමට නැති උනාට අපේ  ගෙදර උබලගේ පවුලට දවස් 3 ,4 කට නවතින්න බැරි කිසි අමාරුවක් නෑ
හැබැයි ඉතින් අපි වගේ පොඩි මිනිසුන් එක්ක උබලා නවතී ද කියලා දන්නේ නම් නෑ..

උබට පිස්සුද බන්. ඒ දවස් වල මට උබ කොයි තරම් උදව් කලාද? කෙමෙස්ට්‍රි ෆිසික්ස් එහෙම ගණන් උබෙන් කියක් අහගත්තාද?
අද මම මේ ඉන්න තැනට හේතුව ඉතින් උබත් ලොකු උදව්වක් උනා තමා.

මම මොන උදව්වක්ද බන්. ඒ කාලේ පුළුවන් විදිහට වැඩ කළා. කැම්පස් යන්න ලකුණු කීපයක් මදි උන නිසා මම
අද විද්‍යාපීඨ ගිහින් ගුරු පත්වීමක් අරන් ඉන්නවා.
උබට සල්ලි තිබුන නිසා රට එහෙ ඉගන ගෙන ඇවිත් අද ලොකු දොස්තර මහත්තයෙක් වෙලා අපිට අඩි ගානක් උඩින් ඉන්නවා..

ජොබ් කතා නම් මොනවද බන්. තාම අපි හිතන්නේ වැඩ කරන්නේ උබලා අපේ ළමයින්ගේ හෙට දවස ගැන.
මේ සතියේ මට ආයේ කතා කරලා කන්ෆර්ම් කරන්න බැරි වෙයි. අපි ලොකු වැඩ වර්ජනයකට යන්න හිතාන ඉන්නවා
කෙලින්ම ඊලග සති අන්තේ අපි උබලගේ ගෙදරටම එනවා එහෙමනම්..

හරි බන් සදෙව් එහෙමනම් ආවහම සෙට් වෙමු.
කොහොමත් පොඩි එවුන් ටික කැමති කවුරු හරි සෙල්ලම් කරන්න යාළුවො එනවට. මම නිලුකා  ට කියන්නම් ,
උබ ඉස්සර වගේම තාම කොස් මාළුවට එහෙම කැමති ඇතිනේ. හදන්න කියලා.
උබට තාම ඒවා මතකයි නේද? කාපු කාලයක් මතක නෑ බන්. දැන් නම් මේ සතිය ගෙවෙනකන් ඉවසිල්ලක් නෑ

....................................................................................

මචන් තුසිත . මේ යන විදිහට ගියොත් ඉස්සරහට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ද වෙනවා..
 මෙහෙම අධ්‍යාපනයේ සල්ලි වලට විකිනෙන්න ගියොත් මොනවද බන් අපේ ළමයින්ගේ ළමයින්ට සිද්ද වෙන්නේ...
 ඇයි බන් නුවන්  උබට පුළුවන්නේ ළමයාව රුසියා හරි කොහේ හරි රටකට යවලා ඕනෙම නම් දොස්තර කෙනෙක් කරන්න..
කරන්න පුළුවන් තමා තුසිත  එත්.. මෙහෙ ලංකාවේ සල්ලි වලට එහෙම දොස්තර කම් දෙන්න ගත්තොත් ඒ සල්ලි රටේ දුප්පත් මිනිහා කොහොමද දරා ගන්නේ.. රටේ හැම මිනිහාටම එක කරන්න බැනේ..

මම බිස්නස් කාරයා, නුවන් මම උබෙන් එක දෙයක් අහන්නම්, දැන් ඔය සල්ලි වලට අධ්‍යාපනය විකුනන එකටමද උබලා ඔය ෆයිට් කරන්නේ.. එහෙම බැලුවොත් ලංකාවේ හැම මිනිහටම බෑ තමයි. ඉතින් පුළුවන් මිනිහා ඕක ලංකාවේ බැරි උනා උබලා ඕක නැවැත්තුවා කියලා ළමයාව ඕනේ නම් දොස්තර කෙනෙක් කරන එක නවත්වයි ද? ඇයි ඒ ගානට වඩා අඩුවට ඕනේ නම් තව වෙන රටකට ගිහින් උපාධිය අරගෙන එන එකක් නැද්ද?
පුළුවන් අපි වගේ උන් කොහෙන් හරි ඕක කරගන්නවා බන්. ඉතින් හොද නැද්ද ඒ සල්ලි වෙන රටකට යනවට වඩා මේකේ ඇතුලෙම තියන එක.

පිස්සුද තුසිත. ලංකාවේ නිදහස් අධ්‍යාපනේ.. එක සල්ලි වලට විකුනන්න දෙන්න බෑ. අනික ඒවා කොහෙද ප්‍රමිතියකට.
ඉතින් බන් එක එකතු වෙලා විසදගනිල්ලකෝ.. එක ප්‍රමිතියක් ඇතිව කරන්න නොමිලේම කරන්න ඕනේ නැහැනේ. ප්‍රමිතියක් ඇතිව හදන්න වැඩ පිළිවලක් ගැන කතා කරපල්ලකෝ මිනිස්සු ඇපේට තියාගෙන සෙල්ලම් කරන්නේ නැතිව.

තුසිත මොනවා කිවාත් ලංකාවේ අධ්‍යයාපනය සල්ලි වලට විකුනන්න දෙන්න බෑ බන්.

උබට මොනවා කිවත් වැඩක් නෑ. කොහෙන් ගියත් නතර වෙන්නේ ඔතනින් නේ..... ලංකාවේ ඉංජිනේරු වරු එහෙම සල්ලි වලට උපාධි ගන්නේ නැද්ද බන්. ඒවගේ අවුලක් නැද්ද? එක පාර බිල්ඩින් එකක් එහෙම කඩා වැටුනොත් ජිවිත කියක් ද බන්

ඕවා වැඩක් නෑ බන්. සල්ලි වලට අධ්‍යාපනය විකුනන්න දෙන්න බෑ

....................................................................................

වර්ජනයට ජය වේවා.. මුදලට අධ්‍යාපනය විකිණීම  නතර කරව්..
සටනට අපේ ජය වේවා..

මචන් ඇහෙන්නේ නෑ සදෙව්. හෙලෝ... හෙලෝ....
මොනවත් ඇහෙන්නේ නෑ බන්. අපි මේ පිකට් එකක්. මොනවත් ඇහෙන්නේ නෑ බන්..
මම උබට පස්සේ ගන්නම්..... ඇහෙන්නේ නෑ තිබබා

....................................................................................

නුවන් අපි මේ කොහෙද යන්නේ..
ඔයාට ෂුවර් ද මේක හරි ගෙදර කියලා..

ඔව් රිද්මි.. මට සදෙව්ගේ ගෙදර මතකයි. පොඩි කාලේ මම නිතර මෙහෙට ආවා ගියා.. ඒ මතකේ වරදින්න විදිහක් නෑ කොහොමත්

එත් නුවන්, මල ගෙදරක් නේ.. හැමතැනම සුදු කොඩි දාලා තියන්නේ..

එක නම් එහෙම තමා රිද්මි.

මචන් සදෙව් මොකක්ද උනේ බන්..

නිලුකා අපිව දාලා ගියා නුවන්..

මම එදා උබට කතා කළා බන්..

මොකද සදෙව් උනේ ඇත්තට.......

නිලුකාට උණ ගැනිලා හිටියේ බේත් ගත්තට අඩු උනේ නෑ..
එදා ගොඩාක් අමාරු වෙලා හොස්පිටල් එකට යනකොට මොකක්ද එකකට ස්ට්‍රයික් එකක්ලු..  බේත් දෙන්න  බෑ කියලා කිවා...
මම වැදලා කිවා. එත් OPD වහලා බේත් දෙන්න විදිහක් නෑ කිවා...
කරගන්නම දෙයක් නැති තැන මම උබට කෝල් කළා එදා එත් උබ මොනවද කියවගෙන කියවගෙන ගිහින්  පස්සේ ගන්නම් කියලා තිබ්බානේ...

අන්තිමේ මගේ ළමයිනේ අම්මා මේ ලෝකෙන් යන්න ගියා බන්.මාවයි ළමයි ටිකයි මේ ලෝකෙන් තනි කරලා
අර බලපන්. උබලට කන්න හදලා දෙන්න ගෙනාපුවා තවම අතන. උබලට ඒ ටික හදලා දෙන්න හිටපු කෙනා ගේ ඇතුලේ පෙට්ටියක නිදි..

ස්ට්‍රයික් එකක් තිබුනා බන් සල්ලි වලට අධ්‍යාපනය විකුණන  එක නතර කරන්න. උබලා අපේ ළමයින්ගේ අනාගතේ ප්‍රශ්නයක් නැතිව ඉන්න...

උබලගේ ලමයින්ට නම් හොද ස්කොල යාන වාහන හැමදේම අඩුවක් නැතිව ලැබිලා අනාගතේ හොදවෙයි තමයි බන්.
 එත් මේ පොඩි එවුන් දෙන්නට ලග හිටපු උන්ගේ අම්මාවත් නැති උනා ඔය දේ නිසා බන්..
උන්ගේ අනාගතේ මොනවා හොද වෙන්නද දැන් ඉතින්..

සටහන : රටේ සිදුවීමක් වෙන්න පුලුවන්ක් කියලා හිතලා ලීවා මිසක් කිසිම දෙයකට පක්ෂ විපක්ෂ අදහසක් ඉදිරිපත් කලා නෙමේ.
එත් ඇතුලේ තියන දේ ඒ කියන්නේ මගේ කැමැත්තම තමා ඉතින් ,
ඇත්තටම මම නම් පුද්ගලික අධ්‍යාපනය ඇති වෙනවාට අකමැති කෙනෙක් නෙමේ. ඒවා ප්‍රමිතියකින් යුතුව සිද්ද වෙනවානම්.
ඒවා ඇති වෙන තරමට රටෙන් එලියට යන සල්ලි රට ඇතුලෙම තියාගන්න පුළුවන් වෙන එකත් රටට හොද දෙයක්. තවත් විදිහකින් කියනවනම් ප්‍රමිතියකින් යුතුව අධ්‍යාපනය ලබා ගන්න තැන් ඇති කරනවනම් එකත් රටේ දියුනුවටම හේතු වෙනවා කියලා විශ්වාස කරනවා..
දොස්තර වරයෙක් කරන්නෙත් රැකියාවක්, ජිවිත බෙර ගන්න එක ඔහුගේ රැකියාව., ගුරුවරුරයෙක් ළමයි යහමගට ගන්නවා කියන එක ඔහුගේ රැකියාව. ඉංජිනේරුවෙක් හොද නිර්මාණ බිහි කිරීම අනතුරු වලක්වා ගැනීම ඔහුගේ රැකියාව, රියදුරෙක් උනත් එහෙමයි. ඒ වගේම ඉතින් කම්කරු ජනතාව කරන්නෙත් රැකියාවක්.,ඔවුන්ගේ රැකියාව හරියට සිද්ද කලේ නැතිනම් එතන ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. එක දෙයක් විතරක් හොදම දේ කියලා හිතන ඉන්න එක ගැලපෙනවා අනිත් දේවල් හරි විදිහට ක්‍රියාත්මක වෙනකන්. ඒ දේවල් නතර උනොත් තේරෙනවා කොයි තරම් ඒ දේවලුත් වැදගත් ද කියලා.

25 April, 2017

යලි විමසන්න එපා............

මොකක්ද මන්දා තරගයක් තියනවලු. ඔය තරග වලට නම් මම ලියලාම නෑ. මොකද ඉතින් ලීවා කියලා වැඩක් නැහැනේ..
එත් සයිබර් යායේ වල්ගාතරු ගැන ලියලා තිබුන නිසා මටත් බ්ලොග් එකක් තියනවා කියලා මතක් උනා..

කතාවක් ලියන්න වෙලාවක් නෑ මොකද දැන් බුකියේ කතා පිටුවක් කරගෙන යනවනේ. එකේ ලියපු කතාවක් මේකේ දාලා මේ අවුරුද්දෙත් බ්ලොග් සාමාජිකත්වය තියාගන්න ඕනා කියලා හිතුනා.. බ්ලොග් එකේ ලිය නොවුනත් බුකියෙන් එන්නේ මේ පැත්තේ.  එක එක විදිහේ කතා කියවන්න ලැබේවි

https://www.facebook.com/SrilankanRuwa/

යලි විමසන්න එපා............

සුදු නංගි....

ඔයාට ඔය නමින් කතා කරන්න පුලුවන්ද තිමිර

අවුරුදු 4කට පස්සේ. ඇයි අද මාව මතක් වෙලා

පහුගිය අවුරුදු 4 ටම උන්නද මලාද කියලා බැලුවද?

මම ගැන බැලුවේ නැතත් ඔයා නිසා බඩට ආපු ඒ අසරණයා ගැන බලන්න ඕනා කියලා හිතුනේ නැද්ද?

දෙවිවරු වගේ වෙච්ච මගේ අයියයි අප්පච්චි නොහිටින්න මමයි මගේ පොඩි එකයි අද පොලවේ පස් යට

සුදු නංගි මට සමාවෙන්න..

දැන් මොනවටද තිමිර සමාව ඉල්ලන්නේ...
කරන්න පුළුවන් හැම විදිහටම මාව අසරණ කරලා
දැන් සමාවත් ඉල්ලනවද? ඇයි අර රුප සුන්දරී නැද්ද ලග

මට වඩා සිය දහස් ගුණයකින් ලස්සනයි කියලා නේද ගියේ.. බඩට ළමයෙකුත් ආවට පස්සේ...

මට ජිවිතේ වැරදුනා තමයි සුදු නංගි
අද මම ඒවාට විදවනවා...

මම විදවන තරම් ඔයාට මොනවද තිමිර විදවන්න තියෙන්නේ...
මොනවා උනත් කමක් නැ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.
වදින්නම්

සුදු නංගි කෝ අපේ පුතා.

මොකක්..
මොන හිතකින්ද ඔයා ඔහොම දෙයක් අහන්නේ..
ඔයාගේ පුතෙක් මෙහෙ නැ.
උප්පැන්නේ පුතාගේ නමට තියෙන්නේ ඉරක් මිසක් තිමිර කියලා නෙමේ...

ඇයි අර ඉන්නේ රුප සුන්දරියක්දෙන්න එක්ක හදා ගත්තා නම් හරිනේ

එයා ඒවාට කැමති නැ. කැත වෙනවලු

මට මගේ පුතාව බලන්න පුලුවන්ද?

බැ ප්ලීස් තිමිර කරදර කරන්න එපා.. ඔයාට බලන්න ඔයාගේ ළමයි මෙහෙ නැ.

අවුරුදු 4ක් කතා කරලා දුක සැප අහපු නැති ඔයා..

කොහොමද ඔහොම මොනවත් වෙලා නැ වගේ කතා කරන්නේ...

මම තියනවා... අයෙ කතා කරන්න එපා.
පිං සිද්දවෙයි.
මටයි මගේ පුතාටයි සැනසිල්ලේ ඉන්න දිලා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්නනකෝ

කතා නම් ගොඩක් තියනවා... පුළුවන් අය ඇවිත් යන්න එන්න එහෙමනම්. 

ගිහින් එන්නම්. ලබන අවුරුද්දට කලින් මුණ ගැහෙන්න බලමු. 

මේ බ්ලොග් එකටම 04 / 30 ට අවුරුදු 6ක් පිරෙනවා.  කලින් බ්ලොග් එකත් එක්ක බලපුවහම ඉතින් අවුරුදු 7 කට වැඩි කාලයක් මම බ්ලොග් වල ඉදලා තියනවා..

ජය වේවා




16 February, 2016

බලාගෙනයි පරිස්සමින්. අන්තර්ජාල හොරු හැමතැනම - Internet thieves


තාමත් කීප දෙනෙක්ට හරි අපිව  මතක තියන එක සතුටු වෙන ගමන් ලියන්න උන්නු ලිපිය නම් නෙමේ.. එත් බුකියේ දැකපු පොස්ට් එකක් නිසා ටිකක් ලියන්න හිතුන දෙයක්..

කියන්නේ නැතිව පොටෝඑක ඉස්සුව නිසා නම අයින් කළා   
සමහර  විට  මේක කලින් බුකියේ ගොඩක් දෙනෙක් දකින්න  ඇති මොකද  මේක තිබුනේ  කලින් බ්ලොග් පොස්ට් එකේ  කිවා වගේම  තවත්  බ්ලොග් ලියන ලොකු මහතැන් කෙනෙක්ගේ බුකි ගිණුමේ නිසා...

පොස්ට් එකට මාතෘකාව වෙන්නේ අන්තර් ජාල රැවටීම්.... මේ කලින් දාපු පොටෝ  එකට සම්බන්ද විදිහේ අන්තර්ජාල රැවටීම් දෙකක් ප්‍රධාන වශයෙන් මම දැකලා තියනවා,.

1) ඔයාගේ සර් නේම් එක තියන කෙනෙක් ලොකු සල්ලියක් තිබිලා මැරිලා ගිහින් තියනවා එයාටසම්බන්ද වෙන කවුරුවත් නෑ... අපි ඔයාව හොයා ගත්තා මේවාට ඔයාට අයිතියක් තියනවා කියලා දැනගෙන විස්තර කියන්න ඔයාගේ විස්තර කියන්න

2 ) මම ජිවත් වෙන්නේ මේ...........රටේ...මගේඅම්මයි ,තාත්තයි දෙන්නම යුද්දයක්  හරි මොනවාහරි හේතුවකින්නැති උනා. මට මේ රටේ කවුරුවත් නෑ.. එත් මගේ අම්මයි තාත්තයි ලොකු සල්ලියක් ඉතුරු කරලා තියනවා... හැබැයි ඒවා මට මේ රටේදී පාවිච්චි කරන්න බැ. වෙන රටකට එවලා තමා පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මට එක ගන්න උදව් කරනවා නම් අපි දෙන්නට හොදට ඉන්න පුළුවන්.. මට ඔයාගේ විස්තර එවන්න

ඔය කියන දෙකෙන් ඇත්තටම මට මතක විදිහට මම 10-11 ඒ කියන්නේ මිට අවුරුදු 14-15 කට කලින්  2 එක ගැන කියවුන මේල් එකක් තමා මට නම් අවේ... ඔය විස්තර වලට අමතරව කෙල්ලගේ කියන ෆොටෝ වගයක් , බෑන්ක් ස්ටේට්මන්ට් වගයක් , අන්තිම කැමති පත්‍රය වගේ ගොඩාක් ඒවාත් එක්ක තමා මේල් කරලා තිබුනේ. බොරු මොකටද මමත් ඉතින් මොනවා මොනවා හරි ඕවාට රිප්ලයි දෙක තුනක් යැව්වා වගේම අන්තිමේ පොයින්ට් එකට ආවහම එක නතර කළා...

පොයින්ට් එක
(1)  දී වෙන්නේ මට මේවගේ විස්තරවලට ඩොකියුමන්ට් හදා ගන්න ඒවා එවන්න පොඩි මුදලක් වැයවෙනවා. ඒ සල්ලි ටික මට එවන්න පුලුවනිද ?

(2)  දී වෙන්නේ සල්ලි මාරු කරන්න ඔයාගේ බැංකු ගිණුමට මට එකට  ලියකියවිලි ටිකක් හදා ගන්න ඕනා ඒ ටිකට තියා කන්නවත් මට සල්ලි නෑ. දැන් ඉන්නෙත් සරණාගත කදවුරක. මට එකට සල්ලි ටිකක් ඕනි කරලා තියනවා.. මේ සල්ලි ඔක්කොම ඔයාගෙයි මගෙයිනේ ඒ නිසා මට එක එවන්න උදව් කරන්න
(මම ඔතනදි එක නොකළේ ඉතින් ඒ දවස්වල සල්ලි නොතිබුන නිසා.. නැතිනම් ඉතින් ඔය තරම් කෝටි ගානක් හම්බවෙනවා කියනකොට නොකර ඉන්න හිතේවිද?-- ඒ ඉස්ස්සර දැන් නම් ඕවා බලන්නෙත් නෑ ආවත් )

ඔය වගේ ප්‍රශ්න ගොඩාක් ඒවාගෙන් බේරාගත්තු අවස්ථා මේ කටාර් අවුරුදු 1.5 ටත් ගොඩාක් තියනවා..
ලගකදිම උන දේ..

මේ පොර ලංකාවේ ටිකක් ප්‍රසිද්ද ආයතනයක කළමනාකරණ තනතුරක් දරපු හොද ඩයල් එකක්. යාලුවෙක්ගෙ යාලුවෙක් නිසා ආශ්‍රය කරන්න  ලැබුනා. මෙහෙට ජොබ් විසා එකකින් ඇවිත් ජොබ් එකක් හොයන කාලේ ඉතින් ලැබිලා තිබුනා ගොඩාක් හොද ජොබ් ඔෆර් එකක්...

ඒ කියන ජොබ් එක ලැබුනා නම් ඉතින් ඒ දීමනා එක්ක මාස 6යක් ජොබ් එක කලත් ඇති. අවුරුදු 10කට ඇතිවෙන්න සල්ලියක් හොයාගන්න තිබුනා. ජොබ් එක දෙන ආයතනය එකට සම්බන්ද ආයතන ඊට පස්සේ එකේ සර්විස් එක ගන්න තැන් ඔය ඔක්කොම ගැන විස්තර එක්ක ජොබ් ප්රෝෆිල් එක පිටු 10ක් විතර වෙබ් සයිට් එක්ක හැමදේම ගානට හදලා තිබුනා..

කොහොමත් ඉතින් කීවට මට එක ඇත්තටම හිතට ෆිට් උනේ නෑ. අනික ඉතින් මෙහෙට සල්ලි වියදම් කරන් ඇවිත් ඔය ජොබ් එක නිසා ඩුබායි යන්න කියලා තමා දැන් ලෑස්ති වෙලා තිබුනේ. කොහොම හරි ඉතින් එකම කියවන නිසා මමත් දවසක් ඉතින් ඔය කියන ජොබ් විස්තරේ ඉල්ලාගෙන ඕක ගැන පොඩ්ඩක් නෙට් එකේම හොයලා බැලුවා... ඔය අතරේ ඉතින් කතා කරනවා ජොබ් එක දෙනවා කියන කම්පැනි එකෙන් විසා හදන්න ඕනා කියලා. විසා වලට අපි සල්ලි ගෙවන්න ඕනා. පස්සේ ගෙවනවා කියලා තමා තියෙන්නේ.
පොඩ්ඩක් හොයලා බලනකොට ඔක්කොමවෙබ්  අඩවි ටිකත් ඇත්ත ඒවාට ලගින් යන්න අකුරක් දෙකක් වෙනස් කරලා හදපු ඒවා.. තව දවසක් දෙකක් පරක්කු උනා නම් විසා වලට සල්ලි යවලා...
අදහගන්න බැරි විදිහේ ජොබ් ගැන ලියුම් එහෙම (මේල් ) එනවා නම් පරිස්සමින්.. ගොඩාක් ඒවා නයිජීරියන්කාරයන්ගේ වැඩ තමා

අනිත් ලොකුම අන්තර්ජාල හොරකම තමා ලොතරැයි දිනුම්. ඒ වගේම උපාදි පාඨමාලා.ලොතරැයි දිනුම් ගැන නම් කතා කරලා වැඩක් නෑ. එහෙම එකක් ඇවිත් සල්ලි මොනවහරි එවන්න කිවොත් දෙන්න තියන දිනුමෙන් අඩු කරගෙන ඉතිරි ටික එවන්න කියන්න
උපාධි මොනවා හරි කරනවා නම් ඒ උපාදි දෙනවා කියන ආයතන ගැනත් පොඩ්ඩක් හොයලා බලලම ගෙවීම් කරන්න.. මොකද මාසෙකට එක්කෙනෙක් දෙන්නක් වත් අඩුම ඔය වගේ දෙවාල් නිසා මාසයක් දුක් විදලා හම්බ කරගන්න සල්ලි කොහෙවත් ඉන්න හොරුන්ට යවන්න අපි වැඩ කරන තැන් වලට එනවා.. සමහර අය තේරුම් කරලා දුන්නම පිලිගන්නවා.. සමහර අය පිළිගන්නේ නැතිව වෙන තැන්වලට ගිහින් ඒ සල්ලි යවලා පස්සේ පසු තැවෙනවා...

දැන් ඔය ඊමේල් වලින් පස්සේ දුරකථන ඇමතුම් වලිනුත් ඔය වගේ දේවල් ගොඩාක් වෙනවා.. මේ තරම් තෑග්ගක් ඔයාගේ දුරකථන අංකයට ලැබිලා තියනවා. එක ගන්න සිම් එකේ පිටිපස්සේ තියන අංකය (ඔයාට බොරුවක් කරන්නේ නෑ කියලා තේරෙන්න ) කියන්න. මේ තෑගි මුදල ගන්න මේ දේවල් ටික ලෑස්ති කරගන්න ඒ වගේම ඉතින් මේ නම්බර් එකට සල්ලි දාන්න තෑග්ග ඔයාට එවන්න (එවීමේ කුලිය ) වගේ පොඩි පොඩි දේවල් වලිනුත් අඩුවක් නෑ..

මේ හැමදෙයකින්ම කියන්න තියෙන්නේ එක දෙයක් විතරයි. කාටවත් අපිට මොනවත් නිකන් දෙන්න පිස්සුවක් නෑ. එහෙම මොනවම හරිදෙයක් තියනවා කියනවා නම් එතනින් ඔයාගේ මොනවම හරි දෙයක් නැති කරගන්නේ නෑ කියලා කල්පනාවෙන් එකට මුහුණ දෙන්න.




09 February, 2016

කාලෙකට පස්සේ..... Re Launch

බ්ලොග් එකක් කියලා මටත් තිබුනා කියලා මතක් වෙන විදිහට බ්ලොග් ගැන පොඩි පොඩි දේවල් කතා කරන එකෙක් එක්ක ටික දවසක් ඉන්න වුන හින්දා මේ පැත්තට ඔලුව දාන්න පුළුවන් උනා... 
බ්ලොග් ලියන වේගේ කොයි තරම් වැඩි වෙලාද කියනවා නම් පහුගිය අවුරුදු දෙකටම පොස්ට් 5 ක් වගේ ලොකු ගානක් ලියවිලා තියනවා...

ඔය එක එක හේතු වැඩ වලට හිර වෙලා ඉන්න අතරේ මේක අමතකම වෙලා ගියානේ ඇවිත් බලනකොට ඉතින් හිත කවුන්ටරේ ඉතින් 300004ක් වෙලා.... මේවා ඉතින් අර මාතලන් වගේ බ්ලොග් ලෝකේ පතාක යෝධයන්ගේ බ්ලොග් හිට් කවුන්ටර එක්ක බලනකොට සැලකිය යුතු ගානක් නම් නෙමේ තමා ඉතින්.. 

මොනවා උනත් ඉතින් ලංකාවට එන්නත් තව වැඩි කාලයක් නෑ කියලා හිතාන ඉන්න එකේ පොඩ්ඩක් මේකටත් ටික ටික ඔලුව දාගෙන ඉන්න කියලා තමා හදන්නේ ඔන්න ඉතින් අද ඉදන්.

මිට අවුරුද්දකට දෙකකට කලින් උන්නු ඔක්කොම ඉන්නවද කියලා නම් හොයා ගන්න බැරි උනා...  සමහර ය මුණු පොතෙන් විතරක් දකිනවා කාලෙකින් වචනයක් දෙකක් කතා කරනවා ඇරෙන්න එකේ ඉන්නවත් නිදහසක් නැති හැටි...

වෙලාවකට හිතෙනවා මේ කරන දේවල් මොනවටද කියලා.  නිදහසක් නැතිව වැඩ කරනවා සල්ලි හොයනවා වියදම් කරනවා ඔය ඔක්කොම කරලා මැරිලා යනවනේ... ඉතින් ඊට පස්සේ පින් කරලා තිබුනොත් ඉපදේවි එහෙම නැති උනොත් කොහේ හරි මොන ආත්මයක් හරි ලබයි.. පහුගිය ආත්මේ ගැන දන්නේ නැ වගේම ඉස්සරට ඉන්න ආත්මේ ගැනවත් පොඩි දැනුමක් ගන්න තරම් නම් ඉතින් අපිට බලයකුත් නැහැනේ...

කොහොම හරි ඔහොම ඉතින් ඉපදිලා මැරිලා , මැරිලා ඉපදිලා කවදාහරි කෙලවරකුත් එනවලුනේ... මම නම් හැබැයි ඕක කෙලවර වෙනවට ආස නෑ.. (මම ආස නැත්තේ හොදද?) 
එහෙම ඉවර උනොත් ඉතින් මොකද ටෙලි ඩ්‍රාමා එකක් ඉවර උනා වගේ නෙමේනේ.. එක නම් ඉවර උනහම ආයේ වෙන එකක් හොයාගෙන හරි බලන්න පුළුවන්නේ. එත් ඉතින්ඒ වගේද මේක.. 

ඔය දේවල් ඔහොම තියාගෙන ඕක දැනගෙන මිනිස්සු ජාතියකට ආගමකට මරා ගන්නවා.. ලැබිලා තියන ජිවිතේ සතුටින් හැමෝම එක්ක හැමෝටම පුලුවන්නම් එක කොයි තරම් හොද වෙයිද? ඒවා නම් ඉතින් මේ ශත වර්ශේ වෙන එකකකුත් නැ. ඒ නිසා ඒවා ගැන කතා කරලා වැඩකුත් නෑ  

ලියන්න පටන් ගන්න්න ඕනා නිසා පොඩ්ඩක් විකාරයක් එක්ක වචන ටිකක් පටල ගත්තා.... ඉස්සරහට තව එක එක ඒවා ටිකක් පටලාගෙන ඉමුකො...

එන පාරත් ටිකක් වෙනස් කළා

sadaru-world.blogspot.com එකෙන් වගේම දැන් ඉතින් www.devaka.info/ එකෙනුත් මේ පැත්තේ එන්න පුළුවන්


ආයේ එනකන් ඉතින්, ජය හා සතුට




20 April, 2015

කටාර් වල අපේ අවුරුදු.

2014 ජුනි මාසෙන් පස්සේ අල්ලන්නවත් නොලැබුණු බ්ලොගේට අත තියන්න ඕනි කියල හිතුනා... බ්ලොග් වලින් කොයි තරම් ඇත් වෙලාද කියනවනම් අද  අවුරුදු උත්සවේ කියලා දැන ගත්තෙත් මාරයාගේ පොස්ට් එක බලනකොට...  හැබැයි ඉතින් එකත් මාරයා අර නොලියා බැරිකමට ලීයලා වගේ දැනුනේ කාලෙකින් පොස්ට් එකක් කියවපු නිසාද මන්දා. මොනවා උනත් මේ කතරක හිර වෙලා උන්නේ නැතිනම් අපිත් ඉතින් උදේ පාන්දර ඔය පැත්තේ තමා...

කොහොම උනත් දැන් නම් ඔතන ආව ගිය ඇත්තෝ කීප දෙනෙක් ඇරෙන්න අනිත් උදවිය ගැන නම් දන්නෙම නැති තරම් වෙන්න ඕනි...

මොනවා උනත් සංවිධානය කරපු සංවිදායක මණ්ඩලයට හදවතින්ම ඒ සදහා සුභ පතනවා..

බ්ලොග් ලියන්න ඕනි කියලා නිකන් ඉන්න ගමන් අයෙම හිතුන නිසා තමා මේ පොස්ට් එක ලියන්න ගත්තේ...   කටාර් වල අපි අවුරුදු සමරපු හැටි

අවුරුදු දා කියල ඉතින් ඇත්තටමමේ රටවල් වල නිවාඩු ලැබෙන්නේ නැහැනේ එත් ඉතින් අපිත් පුළුවන් විදිහට අවුරුදු සමරුවේ මෙහෙමයි....


 



කටාර් කියන්නේ ලංකාවේන් 120000ක් වගේ ඉන්න රටක් නිසා කොහොමවත් හැම අවුරුද්දෙම අවුරුදු උත්සවයක් නම් වරදින්නේ නැ...

ගොඩාක් මැදපෙරදිග රටවල් වල වගේම කටාර් වලත් අවුරුදු උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහක විදිහට ජාතියේ මහා පහන් ටැබ හෙවත් ලංකා බැංකුව අනුග්‍රහය ලබා දුන්නා....

අවුරුදු උත්සවයේ ලංකාවේ අවුරුදු ක්‍රීඩා එක්ක එක එක තැන්වල වැඩ කරන ලංකාවේ ගොඩාක් අය එකතු වෙලා කතා බහ කරලා සතුටින් ගෙවුණු හොරා කිහිපයක් විදිහට නම් කරන එක ඇත්තටම වරදක් වෙන්නේ නැ..ප්‍රධාන අනුග්‍රහකයාගේ නියෝජිතයන් විදිහට මේ රටේ වැඩ කරන නිසා ඒ වෙනුවෙන් සක්‍රියව දායක වෙන්න මටත් අවස්ත්ත්වක් ලැබුන එක ඇත්තම ගොඩාක් ලොකු සතුටක්..















ඔන්න ඔහොම තමා ඉතින් අපි කටාර් වල අවුරුදු දවස් ටික ගෙවුනේ.. අයෙමත් බ්ලොග් ලියන්න පටන් ගන්න දෙයක් හිත හිතා ඉන්නකොට මේ දේවල් උන නිසා පොස්ට් එකක් විදිහට ලියන්න හිතුන නිසා ලියලා දැම්මේ...

උදාවුණු  මේ අවුරුද්ද සියලු දෙනාටම වාසනාවන්ත සුභම සුභ සතුටින් ගෙවන්න ලැබෙන සුභම සුභ වසරක් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....

10 June, 2014

මේ දවස් වල - ලංකාවේ දුරින් ඉදන්.......

මාස ගානකින් බ්ලොග් පොස්ට් එකක් ලියනවා තියා කියවන්න උනේ නැ.. අභියා ගේ මොකක්ද කෙස් එකක් පත්තරේ ගිහින් තියනවා කියලා දැක්ක නිසා එක බලනකොට පරණ පොස්ට් ටිකක් අබියා ලියලා තිබුන කියවන්න හිතුන නිසා මටත් මතක් උනා බ්ලොග් එකක් තිබුනා නේද කියලා.. තැන්ක්ස් මට මතක් කරල දුන්නට..

ලංකාවෙන් ගොඩක් දුර රටක ඉදන් ලියන පලවෙනි පොස්ට් එක. අනික බ්ලොග් අත අරින්න හිතුනත් කොහෙන් හරි මොකක් හරි අත අරින්න බැරි හේතුවක් හැදෙන එක ගැන එක අතකින් සතුටු වෙන්නත් පුළුවන්.

මේ දවස් වල මම ගැන කියලා බ්ලොග් වලට ආයේ පොඩි ආරම්බයක් ගත්තා කියලා කියවන්න එන දෙන්නාතුන්දෙනා තරහ වෙන එකක් නැනේ.

බ්ලොග්ට්‍රිප් එකක් යන කතාවක් ලංකාවෙන්එන්න කලින් ඇහුනත් එන්න වෙන්නේ නැ කියලා ඒ දවස් වලම කියන්න උනේ ඉතින් රාජකාරි පරිසරයේ වෙනසක් සිද්ද වෙනවා කියන දේ කලින් දන්නා නිසා.

ඉතින් එක දෙයක් නම් කියන්නම වෙනවා. මම ටික කාලයකට ගේට් වලට ආවේ නැතිව ඉන්න වුනාට ඒ අර මට එන්න එපා කියලා කියපු අය නිසා නම් නෙමේ ඉතින්. මොකද එහෙම එන්න එපා කියපුවහම ඉතින් මම ඇවිත් ගියානේ.

මම ගැන කියන්න යනවා කියලා ආයෙත් විකාරයක් කියවන්න ගත්තා නේද?

සාමන්යෙන් අවුරුදු කීපයකට සැරයක් ආයතනයේ සේවයට විදේශ රටවල් වලනියෝජිතයෝ විදිහට කීප දෙනෙකට යන්න වෙන අවස්ථාවක් මටත් ලැබුන නිසා මේ මාසේ පළවෙනිදා මමත් ඉතින් ගුවන් ගත උනා.

විවිද ජාතින් ගොඩක් එක්ක වැඩ කරන එකඅමුතුමඅත්දැකීමක්.තාම දින කීපයක් උනත්  ගොඩක් හොදින් හැමදේම කරගන්න ලැබුන එකගැන දැනට නම් මම සතුටින්.

ටික කාලයක් මේ රටේ මගේ ආයතනේ නියෝජිතයෙක් විදිහට ආයතන වෙනුවෙනුත්  මෙහෙ සේවය කරන ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙනුත් මට පුළුවන් උපරිම දේ කරන්න මම බලාපොරොත්තුවක් ඇතිව ඉතින් නොදන්නා රටක නොදන්නා  අය එක්ක කලේ ගෙවනවා.

වෙනදාට වඩා බ්ලොග් එකත් එක්ක ඉන්න බලාපොරොත්තුවෙන්  අපි සමු ගන්නවා  අදට..  අමාරුවෙන් කියවූ ඔබට තුති....



03 March, 2014

4ක් ඉවරයි, ඉතින් මට යන්න අවසරයි........ 5 ට.

බ්ලොග් කියන වචනේ මම මුලින්ම ඇහුවේ ජිවිතේ මල් ලියන දිල් අක්කා මගේ බුකියේ යාලුවෙක් උනාට පස්සේ. ගොඩාක් දෙනෙක්ගේ ගුරුතුමි වෙන දිල් අක්කා මගේ බ්ලොග් වලත් ගුරුවරියක්ම උනා. බ්ලොග් පොස්ට් පැය 4.5කට එකක් වැටෙන කාලයක් එක. ලාන්කිය සින්ඩිකෙටරය ආරම්භ උනු කාලේ අතර තිබුනු පරතරය දැන් නම් මතකයෙන් ඇත් වෙලාද කොහෙද?

විනාඩි , පැය  ගෙවිලා දවස් සති වෙනකොට ගොඩක් බ්ලොග් ලියන කියවන අය වැඩි වෙනකොට සින්ඩිකෙටර එක එක හැදෙනකොට, වතුර ගගහා මැරතන් දුවනකොට. තරගෙට කවි මඩු තියනකොට, සහාභාගිත්වය වැඩි වෙලා දාරා ගන්න බෑරි වෙලා කවි මඩු කරනකොට , ටෙක්නිකල් පොස්ට් , රස කතා, ජිවන අත්දැකිම්, කතන්දර , කවි , නිසදැස් , එකි නොකි මෙකි හැම දෙවල්ම ලියවෙනකොට දවසින් දවස බ්ලොග් ලියන අයගේ ගණන එකින් එක වැඩි වුනා.
කියවන අය ගාන වැඩි උනා. තර්ක විතර්ක එක්ක සුන්දර වලි උනත් නොතිබුනා නෙමේ. හැබයි ඉතින් ඒ දෙවල් මොනවා තිබුනත් එකතු වෙලා කරන්න පුලුවන් හැමදෙයකදිම එකට කට්ටිය උන්නු ෆිට් එකක් තිබුනා. කලින් මගේ පොස්ට් එකක ඇනො කෙනෙක්ද කොහෙද දාලා තිබුන කමෙන්ට් එකක මොනවද බ්ලොග් ලියන අය කලෙ එක කට්ටියක් කරලා තියන දෙවල් එක්ක බලනකොට කියලා.
ඒ දෙවල් කියවන්න ගත්තොත් කියවන්න ගොඩක් දෙවල් තියෙවි. එත් හැමදෙකම අවසානයක් තියන්නත් ඔනා. සමහර දෙවල් වල අවසානය සදාකාලික අවසනයක් වෙන්න ඔනෙමත් නැනේ.
මම මහ ලොකු බ්ලොග් කරුවෙක් නම් නෙමේ. ලියන පොස්ට් වල ගන්න දෙයකුත් නැතිව ඇති.  එත් කාලයක් තිස්සේ මමත් ලියාගෙන ආවා. ගොඩාක් පොස්ට් ලියවෙන්නේ ලියන්න ගන්න දෙ ගැනමත් නෙමේ,වෙනම මාතෘකාවකින්.

ඒ දවස්වල බ්ලොග් ලියපු ගොඩාක් අය දැන් ලියන්නෙ නැත්තේ ඇයි කියන එකට හෙතු එක එක අයට තියෙන්නේ එක එක දෙවල්නේ.

තාමත් ලියන අය ගොඩකුත් ඉන්නවනේ එ අය බ්ලොග් අවකාශයේ මගේ සිනියර්ලා ( බ්ලොග් අවකාශෙ එහෙම අය නැ කියලා කිවත් ඒ කාලේ ඉදන් ලියපු අය මට නම් සිනියර්ස්ලාම තමා )
 මාරයා , කතාන්දර , වැප් , දුමි , ඔනයා ,බිගුනද , ජිවිතෙ මල් , නෙරන්ජි , දුකා , නදි , දිනෙශ් , වගෙම තවත් ඒ කාලේ උන්නු ගොඩාක් අය මෙ වෙනුවෙන් ගොඩාක් දෙවල් කරලා තියනවා.

අලුත් පරම්පරාවෙ ගොඩක් දක්ශ අය ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.


එහෙමනම් ඉතින් මේ හැමදෙනාටම සුභ පතලා මම සමුගෙන යනවා..









අවුරුදු හතරක් බ්ලොග් අවකශයෙ ඉදලා එ හතරවෙනි උපන්දිනයත් පහු කරලා බ්ලොග් අවකාශයෙ රැදෙන පස්වෙනි අවුරුද්ද ට
ජය වෙවා... එදා මෙදා තුර ගොඩාක් යාලුවො මුන ගැහුනා. සමහර අය තරහ උනා. සමහර අය නොකියම බ්ලොග් අවකාශය අතඇරලා ගිහින්.
මොනවා උනත් එදා ඉදන් උන්නු හැම දෙනෙක්ටම ගොඩාක් තැන්ක්ස්.

පසු සටහන : මේ ලිපිය ලියන දෙවාගේ අඩවිය මගේ පලවෙනි බ්ලොග් අඩවියවත් එකම බ්ලොග් අඩවියවත් නොවන හින්දා ආරම්භක දිනය මේ අඩවියෙන් හොයාගන්නත් බැරි වෙයි, 2010 මාර්තු මාසෙ බ්ලොග් ලියන්න පටන් ගත්තත් මෙ බ්ලොග් අඩවිය 2011 අප්‍රියල් 30 වෙනිදා ඉදන් තමයි ලියන්නේ

මේ වෙනකොට පොස්ට් 238ක් ලියලා සාමන්‍ය නම් පොස්ට් එකකට 1000-1200ක් වගේ අගයක තියගෙන පැමිනි පිරිස මේ වෙනකොට 279000ක විතර අගයක් අරගෙන තියනවා, මගේ ප්‍රතිචාරත් එක්ක (මුල් අවදියෙ නම් රිප්ලයි කරලත් නැ ) පොස්ටුවකට 30-35ක විතර කමෙන්ට් අගයකත් තියගෙන අදවෙනකන් එන්න ලැබුන එක මට සතුටක්.

බ්ලොග් , බුකිය කියන්නේ මගෙ ජිවිතේ නොවුනත් බ්ලොග් වලට මම ගොඩාක් ආදරෙයි,