ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

27 May, 2012

මොනවා උනත්.. මිතුදම් පවති ලොව සැමදා

ඇත්තටම මොනවද වෙන්නේ කියලා කියන එක සාධාරණයි කියලා හිතුනා....
දවස් ගානකින් බ්ලොග් පොස්ට් එකක් ලියලාත් නැ.. බ්ලොග් එකක් කියවලාත් නැ..

සෝ ඇත්තටම ජිවිතේ මේ දවස් වල ගෙවෙන්නේ හරිම අමුතු විදිහට...

හිතාගෙන උන්නු (පාස් කියලා) විභාගයක එක සබ් එකක් නොහිතුව විදිහට ෆේල් වෙලා..  පාස් උනු සබ්ජෙක්ට් වලට වඩා මට හිතට දුක ඒක ෆේල් උන එක ගැන... කමක් නැ මම පාස් උන ඒවා වැඩියිනේ

මොනවා කරන්නද? කොහොමහරි ඊලග පාර පාස් වෙන්න හිතාගෙන දැන් ගොඩාක් වැඩ කරන්න වෙලා.. ෆේස් බුක් බ්ලොග් වලට දිලා තිබුන තැන් ඇත්තටම දැන් නැතිවෙලා.. මේ දෙයින් මගේ ජිවිතේ පුන්චි  කාලයක් පස්සට ගිහින්..

ඒත් දැන් කරන්න දෙයක් නැ.. පුලුවන් වෙලාවට ඇවිත් හිතට දැනුන දෙයක් ලියලා යන්නම්... ඒත් වෙනදා වගේ හැම වෙලේම නම් බැරි වෙයි....

මොකද අපි මොනවා කලත් ජිව්තේ පරාද වෙලා බැනේ.... ගොඩාක් යාලුවෝ ගාව මගේ මොබයිල් නම් තියන නිසා හදිසියකදි වැදගත් වැඩකදි මට කතා කරයි කියලා හිතනවා...

බ්ලොග් කියවන්න නම් එන එක ගොඩාක් අඩුවෙයි... ඒත් යාලුවනේ ඔයාලා හැමදාම මට ගොඩාක් වටිනවා....

මාසෙකට එක සැරයක දෙසරයක් ඇවිත් යන්න එන්නම්කො....

පරිස්සමින් ඉන්න මගේ යාලුවනේ...

****මිතුදම් පවති ලොව සැමදා ****

(වෙනද මගේ ලග උන්නු බ්ලොග් යලුවෙක් ඇත් උන එක ගන නම් දුකක් හිතේ හිතනවා ගොඩාක්.. )

18 May, 2012

ටයි කියන්නේ ලොකු බලයක් තියන දෙයක්ද?

සාමානයෙන් හොද රස්සාවක් කරන කෙනෙක් ටයි එකක් බදිනවානේ.. රස්සාවල් හොද කියලා වර්ග කරන්නේ කොහොමද ඉතින් ඒත් දැන්....

ඔව් ඉතින් අර ගෙයින් ගෙට ගිහින් බඩු විකුනන මල්ලිලා අයියලාත් ඔය ටයි දාගෙන යනවානේ... දේව් ත් මීට අවුරුදු ගානකට කලින් පත්තරේ තිබුන ‍රැකියා ඇබැර්තු තිරුවේ මසකට 40000කට වඩා උපයන්න පුලුවන් කියලා තිබුන තැනක ඉන්ටවිව් එහෙම ගියා..
එතන මවනවානේ ලස්සන ලෝකයක්.. තමන්ගේම ඔ‍ෆිසියක් ගැන එහෙම වාහන එහෙම ගැන....  හැබැයි ගිය ගමන් ඔරිජිනල් සහතික ටික ඔය එහෙම කරන අය තියාගන්නවා.. මගෙත් එහෙම තියගෙන හෙට ඉදන් වැඩට එන්න කියලා කිවා ටයි එහෙම දාගෙන..

මමත් ඉතින් සතුටින් එන්න එනකොටම බැග් එකක් උස්සගෙන දාඩිය පෙරාගෙන ටයි දාගත්තු මල්ලිලා අය්යලා කිප දෙනෙක් එනවා දැක්කහම මට හිතුනා මේක හරියන්නේ නැ කියලා.... ආපහු ගොඩාක් බොරු ගොඩාක් කියලා සහතික ටික (උප්පැන්න සහතිකෙයි වෙන සහතිකයකුයි විතරයි කියලා කියන්න නම් එන්න එපා)
ආයෙමත් අරගෙන එන්න ආවා....

අද කතාව ඉතින් ඕක නෙමේනේ....

කොහොම හරි මමත් ඉතින් ඔය ටයි දාගෙන ඉන්න ‍රැකියාවක් කරනවානේ.... ඒ ‍රැකියාවටත් මේ මාසේ 3 වෙනිදාට අවුරුදු 2ක් සම්පුර්ණ උනා.... සෝ ඉතින්  මම ඔය හැමදාම වගේ අදත් එහෙම ‍රැකියාවට ගියා... මේ දවස් වල දේශගුනය කියන්න තරම් කුල් නොවන හින්දා ඒසි තිබුනත් (අද පවර් කට් නිසා  ෆැන් විතරයි) දරාගන්න අමාරු රස්නයක් තිබුනා..

වෙනදා වගේ ඔය ටයි නොදා වැඩ කරලා සුපුරුදු විදිහට මගේ රෝද දෙකේ ගෙදර එන්න පිටත් උනා කියමුකෝ...

වෙනදාට කවදාවත් කොයි තරම් ට්‍රැ‍ෆික්ලා උනත් කවදාවත් මගේ රෝද දෙකේ වාහනේ නතර කරවලා නැ.. මම මගේ පාඩුවේ.... නතර කරපු දවස් නොතිබුනාම නෙමේ.. හැබයි කවදාවත් මගේ ලයිසන් ඉන්ශුවරන්ස් බලලා නැ...  හැමදාම වගේ අහන්නේ එක ප්‍රශ්නයයි... කොහෙද
මහත්තයා වැඩ කරන්නේ....... *************** මෙහේ තමයි වැඩ කියපුවහම හරි මහත්තයා කියලා යන කියනවා..

අද ඉතින් මහන්සියට මම ටයිත් නැ... ශර්ට් එකත් උඩින් ඇවිත් නිකන් කවුද වගේ වෙලා.... ඒ නිසාම මටත් ඔය අනිත් අයට වගේම ඒ පොලිස් මාමලාගේ ප්‍රශ්න කිරිම් වලට පරික්ශා කිරිම් වලට මුහුන දෙන්න උනා..

ඇත්තටම මට හිතුනේ ටයි එකට මොන තරම් බලයක් තියනවද කියලා..

නෝමලි නතර කරලා තිබුන හැම වාහනයක් වගේම සාමානය ජිවිතයක් ගෙනියන අයගේ... ලොකු ලොකු වාහන නතර කරලා තිබුනේම නැ....  මගේ ඉතින් ඔක්කෝම දේවල් තිබුන නිසා ප්‍රශ්නයක් උනේ නම් නැ... ඒත් ආයේ ටයි නැතුව නම් යන්නේ නැ කියලා හිතා ගත්තා...

ඔන්න ඔයාලත් හිතට ගන්න ටයි එක කියන්නේ ඉතින් බලගතු ආයුදයක්....

හැබැයි ඉතින් වැරදි කරන්න නම් නෙමේ.. වැරදි කරපු ලොකු ලොකු අයටත් දඩුවම් ලැබෙනවා.. හිකිස්

බලන්නකෝ මේ ඉන්නේ මමනේ.. අද ටයි නැතිව පොඩි ගමනක් ගිය වෙලාවේ වෙන වැඩකට ගත්තු එකක්





16 May, 2012

නිල් අහසට ගොඩාක් ආදරේ කරන නිසා..

නිල් අහස ගොඩාක් ලස්සනයි.... - සුදු වලාකුළු වලට තවත් ලස්සනයි
වහින්න එනකොට අහසම අදුරුයි - ගොරවන්නේ තරහෙන් වගෙයි

ඒත්.... වහින්නේ නැති වෙලාවට පුදුම නිස්කලංකයි...
‍රැට තරු පිරිච්ච අහස දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැ...

ඒත්.. ඒ අහස දකින්නේ අමාවක දවසට අහසේ කොනකවත් නැති සද මිසක්.
හැමදාමත් අහසේ ඉන්න පුංචි තරුව අහස ලස්සන කරන හැටි නම් නෙවෙයි

රෑට සද තරම් නැති උනත් අහස ලස්සන කරන්න පුංචි තරුව වෙහෙසන තරම්...
ඒක අහසට නොතේරෙනවත් නෙවෙයි...

ඒත් අහසට සද තියනකොට අහිසක පුංචි තරුව මතක් වෙන්නේවත් නැ..

ඒත් කවදාවත් ඒ පුංචි තරුව අහස එක්ක තරහ වෙන්නේ නැ- අහස තනි කරන්නෙවත් නැ

අමාවක දවසටත් එයාගේ පුන්චි එලියෙන් අහස ගොඩාක් ලස්සන කරනවා..

ඒ පුංචි තරුව නිල් අහසට ගොඩාක් ආදරේ කරන නිසා..

ප.ලි : ජිවිතේ අපි සමහර වෙලාවට අපිට වැදගත් කියලා නොහිතෙන පුංචි දෙවල් අපි ගනන් නොගෙන අමතක කරලා දානවා.. ගනන් නොගෙන ඉන්නවා.. ඒත් ඒකේ වටිනාකම අමාවක වගේ ජිවිතේ හිස් උනහම අපිට ගොඩාක් තදින් දැනෙනවා.. ඒත් අපි ඒ දේවල් තේරුම් ගන්න කොට සමහර දේවල් වලට අපි ලොකු අසාධාරනයක් කරලා... ජිවිතේ සමහර පුංචි දේවලුත් ලොකු වැදගත් කමක් තියනවා කියලා හිතලා ජිවත් වෙනකොට ඇත්තටම ජිවිතේ ලස්සන වේවි..


ප.ප.ලි :  කලින් මංගල දැන්විම් පොස්ට් එක සිරියස් කියලා හිතපු ඒකත් අයට ආයෙමත් කියනවා ඒක නිකමට දාපු එකක් විතරමයි.. පබ්ලිශ් නොකරපු ඇනෝ එය තාමත් එහෙමයි

ප.ප.ලි : අපෙන් සමු අරන් ගිය ඔබා මාමේ ඔයාට නිවන් සුව.. කොහොම විශ්වාස කරන්නද එදා පාන්දරත් බ්ලොග් එකට කමෙන්ට් කරලා තියනකොට මෙහෙම දෙයක් වෙලා කියලා

12 May, 2012

තවත් එක මංගල දැන්විමක් පමනක්ම නොවේ

ටික දවසක් නම් ගෙවුනා.. බ්ලොග් එකේ මුකුත් ලියන්නත් බැරි උනා... ඔන්න ආයේ හිරු බ්ලොග් ලියන්න එන කතාවක් කියලා තිබුනා...

පුන්චි පොස්ට් එකක් දාලා ආයේ මේ නිහඩ බව බිදින්න හිතුනා..

බ්ලොග් ලොකේ කෙල්ලෝ ගොඩාක් ,කොල්ලෝ හොයා ගන්න කියලා හිතලා මංගල දැන්විම් දාලා තිබුනනේ...

මට මතක විදිහට රංග අයියාත් දාලා තිබුනා.. රංග අයියා ගොඩ ගියේ ඒ පොස්ට් එක හින්දද දන්නෙත් නැනේ.. ලියන්න තරම් දෙයක් මේ බිසි දවස් වල ඔලුවට ආවෙත් නැ... ඉතින් මේක ලියන්න හිතුවා...

ඔන්න ඉතින් මට එක එක කතා එහෙම කියනවා නෙමේ ....

මෙන්න මේ දේවල් තියනවද බලන්න ඔයාලටත්

මාගේ කලවයස හරි යැයි මටම සිතීම නිසා මමද තීරණයක් ගත්තෙමි.එනම් මනාලියක පිළිබදය.මා මේ සොයන සුදුසුකම් ඇති තරුණියක් සොයා ගැනීම ඉතා අසීරු කරුණක් හෙයින් මම මේ දැන්වීම මාගේ බොලොක්කයේ පළ කරන ලද්දෙමි.

අවුරුදු 23ට අඩු
ගොඩක්ම සුදු  ලස්සන
උස අඩි 5 යි අඟල් 5කට නොවැඩි
කොණ්ඩෙ කොටටම කපපු නැති ( වැඩිය දිග කොණ්ඩයක් නොවුනට කමක් නෑ )
කොටට ඇඳුම් නො අඳින
උසස් පෙළ සමත් ( ඩිග්‍රියක් තිබ්බත් ඉතින් කමක් නෑ )
මමත් මගේ පවුලේ අයවත් තේරුම් ගැනීමට හැකි කරුණාබර හදවතක් ඇති
හුඟක්ම අහින්සක නැති ඒත් නපුරුමත් නැති
දඟ එහෙත් අවශ්‍ය වෙලාවට සීරියස් හිතන
මාවත් තේරුම් ගත්ත
බිරිදකගේ මවකගේ වගකීම් තේරුම් ගන්න පුලුවන් ඒවා ඉටු කරන්න පුලුවන්
වැඩි කෝලම් ෆැෂන් නැති
පුන්චි පවුල රත්තරන් කියලා නොහිතන
රැකියාවක්  කරන / කරන්නට කැමති
ආදරේට බොරු වංචා නොකරන
ගුණ යහපත් අවන්ක ගෑණු ලමයෙකු සොයමි.

මොනා කරත් ඉතින් හම්බ වුන ගමන් බඳින්න බෑ නේ.තව අවුරුදු 2ක් විතර ඉතින් බලන්න ඕන.එයාටත් ඉතින් එතකම් ඉවසන්න වෙනවා.


ඔන්න ඉතින් කමති අය මෙතන ප්‍රසිද්දියේ කියලා යන්න පුලුවන් වගේම  ප්‍රසිද්දියේ කියන්න අකැමති අය ඉතින් මෙන්න මේ මගේ ෆේස් බුක් එකට මැසේජ් එකක් එවන්න්කෝ

(බ්ලොග් එකේ කමෙන්ට් නැතිම පොස්ට් එක වේවිද මන්දා)

*** - විනෝදයට පමනයි - ***

ප.ලි / (වි.කෝ.ලි) : කවුරු උනත් මේක සිරියස් ගන්නවට ඔන්න මම නම් කැමති නැ... අය්යෝ බ්ලොග් පොස්ට් වලින් කෙල්ලෙක් හොයා ගන්නේ මොකටද මම... මගේ හිතේ ඉන්න  මගේ ආදරේ ගැන කියනකොට කොහේවත් ඉන්න අය කලබල නොවි ඉන්න එක තමයි වැදගත්....

05 May, 2012

බ්ලොග් ලියන්නේ මොකටද? (හිරු-පවර් වෙතට & බ්ලොග් ලියන කියවන ඔක්කොටම)

මැයි මාසෙටම මම මුකුත් ලියලත් නැ තවම අවුරුද්දේ පොස්ට් එකට විශ් කරපුවට තැන්ක්ස් කරගන්නත් බැරි උනා.. ඒත් මට මේ ටිකේම ලොකු ප්‍රශ්නයක් හිතේ තිබුනා.. මේක ඇනෝ ලියන්න ඕන විදිහේ පොස්ට් එකක් උනත් මට මේකට කමෙන්ට් ඔනේ නැති නිසාත් මගේ හිතේ මට දැනෙන දේවල් ලියන්න මට හොදම තැන මේක කියලා හිතෙන නිසාත් මේක ලියනවා...

ඇයි අපි බ්ලොග් ලියන්නේ.....

බ්ලොග් ලිවා කියලා කට හරි පුන්චි එක සත පනහක් වත් බ්ලොගර් එකේ අය දිලා තියනවද?

පොස්ට් එකකින් ලියන්න කරුණු දෙකක් හිතට වද දෙනවා

1. පවර් දගයා කියනා කෙනෙක් හිරුගේ කතාව කියා බ්ලොග් ලියන කෙනෙක්ට ප්‍රසිද්දියේ මඩ ගැසිම



ඇත්තටම හිරු කියලා බ්ලොග් එකක් මම දැක්කේ නම් ඔය හිරු කියන (මම හිතන්නේ මගේ වයසේ) බ්ලොග් එකෙන් තමයි.. මොනවා උනත් ඔය පවර් දගය නමින් කෙනෙක්ගේ ලියන්නේ නැතුව අතහර දමා නැවත ලියන්න පටන් ගත්තා කියන හිරු බ්ලොග් එකේ නමට ඔබට පේටන්ට් බලපත්‍රයක් ඇතිවා සේ කතා කරනා බවක් මට හැගේ.

බ්ලොග් කියන්නේ සහෝදරත්වයේ බැදිම සනි‍ටුවහන් කරන පුද්ගලික පලි ගැනිම් නැති සමාජයේ තවත් පැති කඩක්...  මා දු‍ටු ආකාරයට නම් බ්ලොග් යනු තනිකරම ඔබේ බුදලයක් කරගෙන හමාරයි... මේ පිලිබදව සටහන් උනු තෙඩ් එකකත් සදහන් උනා රාජ් සහෝ ලා දෙන්නා ගැන...  කවදාවත් ඒ දෙදෙනා මේ ගැන කත කරනවා වත් අපි නොදනි.. මන්ද ඔවුන් බ්ලොග් යනු කුමක්දැයි කියා හදුනා ගෙන සිටිනා බැවිනි.  බ්ලොග් යනු ජිවිතයම නම් නොවේ.. ඒ වගේම එය කාගෙවත් පුද්ගලික බුදලයකුත් නම් නොවේ..

උදහරනයකට එක් අයකුගේ නමක් තවත් කෙනෙක්ට දාන්න බැ කියලා නිතියක් තියනවාද?

එක වගේ නම් දෙකක් තියෙන්න බැරිද? නමකින් තවත් කෙනෙක් එක්ක සංසදනවාට වඩා තමන් කරන වැඩ වලින් තවත් කෙනෙක් එක්ක සසදලා බලන....

මෙතන වෙල තියන දේ පොඩ්ඩක් කත කලොත්...

පවර් දගයා නමින් හදුන්වන තැනත්තා... (සයිබර් සිහින උලෙල වැඩ කලා මම හිතන්නේ) හිරු කියාලා බ්ලොග් එකක් කාලයක් තිස්සේ පවත්වාගෙන යනවාලු ( සෝ මමත් අවුරුදු 2.5ක් විතර බ්ලොග් කියවනවා තාම නම් අහුවෙලා නැ මට)

මිට මාස කිහිපයකට උඩදි හිරුගේ කතාව නමින් බ්ලොග් එකක් පටන් ගත්තු ගර්ල් කෙනෙක් උන්නා... (මට ඒ බ්ලොග් එක නම් අහු උනා කියවන්න) හිරු කියන්නේ එයාට ආදරේ දුක කියලා දුන්නු තාමත් එයා ආදරේ කරන එයාව දාලා ගිය පෙම්වතා කියලා තමයි එයාව දන්න කියන අය නම් කියන්නේ..

බ්ලොග් ලොකෙට එයා එනකොට හිරු කියලා තවත් බ්ලොග් එකක් තියනවා කියලා දැන ගෙන ඉන්න නැතුව ඇති..

බ්ලොග් එකේ නම මොනවා උනත් අපි එවා කියවනවා අපි කැමති නම්..

කොහොම උනත් පවර් දගයා එයාගේ බ්ලොග් එකේ නම (පේටනට් හම්බුන එකක්ද කොහෙද?) හිරුගේ කතාව කියන බ්ලොග් එකට හොදා ගත්තා කියලා දරුනු විදිහට කෙල්ලෙක්ට කතා නොකරන විදිහට බැනුම් එල්ල කරන්න පටන් අරගෙන තියනවා බ්ලොග් ලොකෙන් එලවලා දානවා කියලා...

බ්ලොග් ලියන හැමෝම සහෝදරත්වයෙන් අත්වැල් බැදගෙන ඉන්න මොහොතක ඒකට මේ වගේ එක එක අයගේ දේවල් නිසා එල්ල වෙන්නේ ලොකු අඩුපාඩුවක්.... යාලුවා අපි බ්ලොග් කියවන්නේ නමට නම් නෙමේ ලියන දේවල් වලට..

මට ඔයත් එක්ක පුද්ගලික තරහක් නම් නැ.. කරන වැඩේ කැතයි නිසා කියන්නේ...

රාජ් ලා දෙන්නේක් උන්නා වගේම මම බ්ලොග් එක පටන් ගන්න කොට තිබුන සදරුගේ ලෝකය කියන නමටවත් හිස් අහස ලියන සදරු මල්ලි කවදාවත් මුකුත් කියන්න ආවේ නැ.. මම ඒක වෙනස් කරනකොටත් එහෙම කරන්න ඕනේ නැ කියලා කිවේ ඒ වෙනකොටත් ගොඩාක් ජනප්‍රිය කෙනෙක් උනු සදරු මල්ලි එවා තේරුම් අරගෙන තිබුන නිසා වෙන්න ඇති....

සෝ මට මෙහෙම පොස්ට් එකක් ලියන්න හිතුනේ බ්ලොග් ලොකේ හැමෝම එකට ඉන්නවා දකින්න ආස නිසා... හිරුගේ කතාව ආයේ මුනු පොතටවත් බ්ලොග් ලියන්නවත් නො එනවා කියලා තිබුනු නිසා.. ඒක වෙන්න ඕනා දෙයක් නෙමේ... සහොදරි කතවක් තියනවානේ බල්ලේක් බිරුවාට කන්දක් කඩා පාත් වෙන්නේ නැ කියලා...


ප.ලි  : දැනුවත් කිරිමට පමනි ගැ‍ටුම් ඇති කර ගැනිමට නම් නොවේ.. කමෙන්ට් බලාපොරොත්තු නොවෙමි...