ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

23 February, 2012

පුද්ගලික විශ්වවිද්‍යාල ඕනේද එපාද?

මේ ගැන දැන් නම් ටිකක් විතර කථාවෙන එක අඩු වෙලා කියලා මට හිතෙනවා.. ගොඩාක් බ්ලොග් වලින් මේ ගැන කථාකලත් ගොඩාක් දෙනෙක් එතනදි කථා කලේ නම් පුද්ගලික විශ්වවිද්‍යාල ඇති විම හොද නැ කියලා.........

ඒත් මට නම් හිතෙන්නේ එහෙම කියන එක වැරදියි.. ඇත්තටම පුද්ගලික විශ්වවිද්‍යාල ඇති විම හොදයි.

මම ඉතින් ඔන්න එස් බි ඇමති තුමාට කඩේ යනවා වත් ආණ්ඩුවට කඩේ යනවාවත් නෙමේ...

මම යාලුවෙක් මේ දවස් වල ටිකක් අප්සට් එකේ උන්නා මම අහපුවහම ඇයි කියලා තාම කැම්පස් එකේ දෙමාපිය ‍රැස්විම තියලා නැහැලු..

මම පුදුම වෙලා අහපුවහම කොහේ කැම්පස් එකේද එහෙම ‍රැස්විම් තියන්නේ කියලා කියනවා ප්‍රයිවට් එකක්ලු..

අපේ රටේ තියන කැම්පස් එකක ලමයි ගැන එහෙම හොයනවාද? ඔය කැම්පස් වල ඉන්න ලමයි ම කියන්නකෝ..

කොහොමහරි ෆේල් වුනොත් ඊලග අවුරුද්දේ හරි ඒක ගොඩ දාගෙන අවුරුදු කියක් හරි  ඉදලා ගොඩ යන්න නේ අපේ රටේ පහසුකම් තියෙන්නේ..

ඒත් පුද්ගලික එකක නම් අනිවා වැඩියෙන් ඉන්න උනොත් තව බර ගානක් ගෙවන්න වෙන නිසා කොහොමහරි එක පාර ගොඩ යන්න නේද උත්සහ කරන්නේ...

ඒ වගේමයි විවෘත විශ්වවිද්‍යාලය කියන්නේත් එක්තරා විදිහක ප්‍රවිවට් කැම්පස් එකක් වගේනේ... මොකද ඒකේත් අවුරුද්දෙන් අවුරුද්ද සල්ලි ගෙව ගෙවා තමා ඉගන ගන්න වෙන්නේ...

දැන් ඉතින් ගොඩාක් දෙනෙක් කැම්පස් වලට (පුද්ගලික) බනින්නේ උපාධි කඩ විදිහටනේ...

ඒත් නිකන් ඔය උපාධි දෙනවද? උදාහරනයකට විවෘත විශ්වවිද්‍යාලයම ගත්තොත් එකට අවුරුද්දකට ලියාපංදිචි වෙන ගානෙන් භාගයක්වත් ඩෙහෙවෙනි වසරේ වැඩ වලට සහභගි වෙන්නේ නැ අතර මග නවතිනව... මට මතක විදිහට ස්ලිට්.  වගේ ඕවගෙත් එහෙමයි කියලා තිබුනා වගේ මතකයි..

ඇත්තටම සල්ලි තිබුනටම ඔය වගේ කැම්පස් වලින් ඩිග්‍රි එකක් ගන්න බැ මම දන්න විදිහට..

ඒකේ වැඩ වලට අපේ රටේ තියන නොමිලේ දැනුම දෙන විශ්වවිද්‍යාලයකට වඩා වැඩියෙන් මහන්සි වෙන්න ඕනා..

දන්න විදිහට ඔය පුද්ගලික කැම්පස් වල අපේ රටේ තියන කැම්පස් වල වගේ උත්ගොෂන ගුරුවරුන්ට පහරදිම්, නොගැලපෙන විදිහේ වද හිංසා නම් ඇත්තෙම නැ...

ඒක හින්දා ගොඩාක් අය ලංකාවේ හොද රිසාල්ට් එකක් ගත්තහම කොයි තරම් අමාරු උනත් පිට රටකට ඉගන ගන්න යන්නේ ඔය විදිහේ දේවල් නිසා කාලය ජිවිතය වන්දි ගෙවන්න අකමැති නිසා..

ඉතින් ලංකාවේ පුද්. වි තිබුනොත් ඔය යන රටේ බුද්ධිමත් අය ලංකාවේම නතර කරගන්න පුලුවන් වෙයිනේ..

මේ මට හිතුන දේ කැම්පස් ගිය අයියලා අක්කලා.. නංගිලා මල්ලිලා මාත් එක්ක තරහ වෙන්න දෙයක් නෙමේ කිවේ.. කොහොන්මත් මම නිදහසේ ඉගන ගත්තු කෙනෙක් විදිහට ලංකාවේ විශ්ව විද්‍යාලවලට ආදරෙයි..

වෙන්න ඕනේ ඒවගේ පහසුකම් ගොඩාක් වැඩි කරන ගමන් ඔය පු.වි  ගැන හිතන එකයි මට හිතෙන විදිහට හොදම

94 comments:

  1. ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තව පුළුල් කරන්න ඕන. ගන්න ළමයි පිරිස වැඩි කරන්න ඕන...

    ReplyDelete
    Replies
    1. කථාව නම් ඇත්ත.. ඒත් ඉතින් ගොඩාක් ලොකු වැඩක්නේ.........

      Delete
  2. මට මතකයි, මම මේ ගැන ලියපු ලිපියටත් උඹ කමෙන්ට් කරල තිබ්බ මචන්.. මම උඹත් එක්ක එකඟයි කියල මම හිතන්නේ උඹ දන්නවා. ඒ නිසා වාදයක් ගොඩ නගන්නේ නෑ මම. ලිපිය එල...

    ReplyDelete
    Replies
    1. මමත් හිතනවා බන් මේ දේවල් මෙහෙම වෙනවා නම් හොදයි කියලා

      Delete
  3. ඕකේ දෙපැත්තක් තියෙනවා සහෝ, මම දන්න විදියට නම් IT වගේ ෆීල්ඩ් එකක නම් මහන්සියේ දි පුද්ගලික/රාජ්‍ය කියලා වෙනසක් නෑ. ඒ වුනත් මම නම් කියන්නේ රාජ්‍ය වි.වි වලට අවශ්‍ය සම්පත්/පහසුකම් දීලා පුද්ගලික ඒවා ඇරියට කමක්නෑ කියලා. මොකද මේ තියෙන තත්වයෙන් නම් රාජ්‍ය වි.වි වලට පුද්ගලික ඒවත් එක්ක තරඟ කරන්න අමාරුයි, දන්නවා ඇතිනේ වසරෙන් වසර අධ්‍යාපනයට රජය යොදවන ප්‍රතිපාදන කප්පාදු කරනවා කියලා. එහෙම තත්වයක් යටතේ පුද්ගලික වි.වි ආරම්භ කළොත් නම් රජයේ ඒවා අම්බලම් වෙන එක නවත්තන්න කාටවත් බැරිවේවි!!! හොම්බෙන් තමයි ඉතින්!

    ReplyDelete
    Replies
    1. ඔය කථාව නම් ඇත්ත.. අනිවාර්යෙන්ම පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරනවා නම් අනිවාර්යෙන්ම රා. වි වලට උපරිම සම්පත් නම් දෙන්න ඕනා..

      රා.වි ලත් අනිවාර්යෙන්ම මේ තරගයට හුරු කරන්නම වෙනවා එහෙම නැතුව කලොත් ඇදගෙන නැමක්ම තමයි

      Delete
  4. අනේ මන්දා මලයෝ... උඹ කියන කාරණා ඇත්ත. ඒත් ඕකේ අනෙක් පැත්තකුත් තියෙනවා බං. මම නම් ඔය කාරණයේදී වැට උඩ ඉන්නේ !!!

    ReplyDelete
    Replies
    1. අනිත් පැත්තක් කිවේ අයියේ... මම නොදකින පැත්තක් ඔයා දකිනවා වගේ.. මොකක්ද අයියා ඒ....

      Delete
  5. හ්ම්.... නිසි ප්ර මිතියකින් රජයේ ඒවටත් බඩේ පහර නොගහ පු.වි. ඇති වෙනවානම් හොදයි...

    ReplyDelete
    Replies
    1. විශ්ව විද්‍යාල උපාධිධාරිනියක් හැටියට එහෙම හිතන එකත් සතු‍ටුයි අක්කා... අනිවා නිසි ප්‍රමිතියක් නම් ඕනාමයි

      Delete
  6. මාත් එකඟයි ඔයාගෙ අදහසට....

    ReplyDelete
  7. මම නම් පුද්ගලික විවි ඇතිවෙනවට කැමතී... ගොඩ දෙනෙක් ‍විරුද්ධ වෙන්නෙ ප්‍රමිතිය ගැන කියල... ඒත් ඉතිං වතුරට බහින්නෙ නැතුව පීනන්න බෑනෙ...

    *වාදයකට පැටලීමට කිසිම අදහසක් නැත :)

    ReplyDelete
    Replies
    1. අනිවා අය්යේ.. මොනවද වෙන්නේ කියලා කරලම බලන්න ඔනා.. එත් කරන්නන් වාලේ නම් නෙමේ

      Delete
  8. මේක මම රාජ්ගෙ අඩවියේ ලියපු මගෙ අදහස..

    "මම ඉන්නේ පෞද්ගලික වි.වි රටක තිබුනාට කමක් නෑ කියන මතයේ.ඔය කියන තරම් යකා කලු නෑ කියලා මට හිතෙනවා.පු.වි.වි දාලා ලමයින්ට ඒවට ඇතුළු වෙන්න නියමිත අධ්යුපන සුදුසුකම් මුලින්ම තීරණය කරන්න ඕනේ.එතකොට ඔය කියන විදියට සල්ලි තිබුනු පලියටම ඒවට යන්න බැරි වෙනවා.ඒවට යන්නත් කැප කිරීමක් කරන්න වෙනවා.එතකොට ඔය ලකුනින් දෙකෙන් කැම්පස් යන්න බැරි වෙන අයටත් අසාධාරණයක් වෙන් නෑ. අනික ඔය කියන විදියට දොස්තරලා වෙලා ඒවගෙන් එළියට ඇවිත් ඒ මිනිස්සු ලෙඩ්ඩු මරයි කියන තර්කය හරිම බොළද එකක්. එහෙම මරන්න නම් සල්ලිත් දීලා ඉගෙන ගන්න ඕනෙයැ. වැරදීමකින් එහෙම වෙන්න පුළුවන්. මොකෝ ලංකාවෙ නිදහස් අධ්යසපනෙන් බිහිවුන දොස්තරලට වැරදිලා මීට කලින් මිනිස්සු මැරිලා නැද්ද? ඕවානම් අර කොරහෙත් මොක්කුද දකිනවා කියන කතා තමා මට හිතෙන හැටියට.
    අධ්යාාපනේ සල්ලි වලට ලබා ගත්තම එවුනගේ මොළේ විකාර වෙනවා කියන අයගෙන් කී දෙනෙක් නිදහස් අධ්යාාපනේම පිහිටෙන් කැම්පස් ඉන්නවද කියලා හොයලා බලන්න පුළුවන් නම් වටිනවා. මම නම් හිතන්නේ ඔය දැන් කැම්පස් ඉන්න අයත් ඉන්නේ සල්ලි වලින් ගිහින් තමා.මොකද ඔය හැම කෙනෙක්ම වගේ ටියුෂන් ක්ලාස් යන්න ඇතිනේ.ඉතින් එහෙම බැළුවම ඒ මින්ස්සුත් සල්ලි දීලා තමා ඔය පස්සෙ ගන්න ඩිග්රියයේ මුල් පරිච්ඡ්දය කවර් කරලා තියෙන්නේ.ඉතින් අනික් අය ඉතුරු ටිකත් සල්ලි දීලම කවර් කර ගන්නවට ඔය මිනිස්සු අකමැති ඇයි?
    මම මේ කියන්නේ නිකම් ඉදලා ආචාර්යහ පට්ටම් ගහගන්න ඒවා ගැන නෙමේ.ඒවට තියෙන ඉඩ උපරිමෙන්ම අහුරන්න ඕනේ.දක්ෂ උගත් ළමයින්ට නොමිලේ අධ්යාහපනය ලබන්න තේරෙන්න නූලෙන් බැරි වුන අයට, අත් සල්ලි තියෙනවනම් ඒවා වියදම් කරලා හරි ඉහලට ඉගෙන ගන්න දෙන්න ඕනේ.සල්ලි නැති අයට ඉතින් කරන්න දෙයක් නෑ. මොකෝ "ඔයාට සල්ලි නෑනේ.ඔයා දුප්පත්නේ" කියලා ඒක සාධකයක් කරගෙන කැම්පස් වලට කොහොමත් ගන් නෑනේ. ඒ වගේ අය එතකොට වැඩක් කරන ගමන් උපාධිය ගන්න පෙළඹෙනවා. දැනටත් එහෙම ඉගෙන ගන්න අය ඕනෙ තරම් ඉන්නවා රා.වි.වි වලත්."

    ReplyDelete
    Replies
    1. මගේ පොස්ට් එකේ කරුනු වලටත් වඩා හොදට මේ ගැන උබ පැහැදිලි කරලා තියනවා යලුවා.. ඇත්තටම 100%ක්ම එකගයි

      Delete
  9. නාකියාගේ කරුණු සමග එකඟයි.

    ReplyDelete
  10. මගේ නම් අදහස පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිවෙන එක හොදයි කියලා. මොකද සල්ලි තියෙන කෙනා කෙහොම හරි පිට රටකට ගිහින් උපාධි ගන්නවා. ඉතිං ඔය විදියට යන්නේ අපේ රටේ සල්ලි.ඒවා මෙහේ ස්ථාපිත කලොත් අපේ ර‍ටින් වෙනත් රටවලට ගලා යන මුදල් ප්‍රමාණය අඩු කරනන් පුළුවන්. තව දෙයක් විදේශ විශ්ව විද්‍යාල මෙරට ඇති කිරීමෙන් අලුත් දේවල් අපිටත් ලැබෙනවා. ඒ කියන්නේ තාක්ෂණය වගේ දේවල්.ඒ ඔස්සේ දියුණු වීමේ ප්‍රතිශතයත් වැඩි වෙනවා කියලයි මම නම් හිතන්නේ. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට 30% නේ ගන්නේ. ඉතිං ඉතුරු 70% මෝඩයොද? දක්ෂතා තියෙන හුගක් දෙනෙක්ට ඔය විශ්ව විද්‍යාල වරම අහිමි වෙනවා. අවාසනාවට හෝ විභාගය අවස්ථාවේ තිබුණ මානසිකත්වය මත. ඉතිං ඒ අයට මේක හොද අවස්ථාවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බට්ටියේ... බට්ටි හරි... ඔය 70% අතරෙත් ගොඩාක් හොද රටට වැඩ දායි අය ඉන්න පුලුවන්.. රටේ සම්පත් රටේම ඉතිරි කරගන්න පුලුවන් මේ දෙයින්

      Delete
  11. උඩ කියල තිබ්බ විදියට ම නියමිත ප්‍රමිතියට පුද්ගලික වී වී දානවනම් ඒවගේම රජයේ වී වී වල පහසුකම් සහ ආචාර්ය වරුන්ගේ වැටුප් වැඩි කරනවානම් ඒකෙ කිසි ප්‍රශ්නයක් නැහැ.

    හැබැයි ඔයාගේ මේකට නම් මට එකඟ වෙන්න බෑ
    >>'ඒකේ වැඩ වලට අපේ රටේ තියන නොමිලේ දැනුම දෙන විශ්වවිද්‍යාලයකට වඩා වැඩියෙන් මහන්සි වෙන්න ඕනා..'

    එහෙම වැඩියෙන් මහන්සි වෙන්න ඕනේ කියල ඔයා අදහස් කරේ ඔවුන්ට වැඩියෙන් දැනුම තියෙනවා කියන එක නම්, පුද්ගලික තැන්වලින් අවුට් වෙන ළමයින්ට industry එකේ රජයේ වී වී වලින් අවුට් වෙන අයට වඩා ඉහල තැනක් තියෙන්න ඕනේ. නමුත් සත්‍ය තත්වේ ඒක නෙවෙයි (IT industry එකේ).
    අනිත් එක
    >>'ඒක හින්දා ගොඩාක් අය ලංකාවේ හොද රිසාල්ට් එකක් ගත්තහම කොයි තරම් අමාරු උනත් පිට රටකට ඉගන ගන්න යන්නේ ඔය විදිහේ දේවල් නිසා කාලය ජිවිතය වන්දි ගෙවන්න අකමැති නිසා..'

    මේක 'ගොඩක්' අය නෙවෙයි සහෝ 'සමහර' අය. හොඳ රිසල්ට් ගත්ත බහුතරේ යන්නේ රජයේ වී වී වලට තමයි. ඒක එහෙම නෙවෙයි නම් රජයේ වී වී වලට යන්න මෙච්චර තරඟකාරීත්වයක් ඇති වෙන්නේ නැහැනේ. :)

    ReplyDelete
    Replies
    1. අයි ටී කෙසේ වෙතත් දැන් ඉංජිනේරු සහ කළමණාකරන උපාධි වල කොහොමත් රජයේ උපාධි ධාරීන්ට වඩා පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි ධාරීන්ට විශේෂ තැනක් හිමිවේ.එය අවිවාදයෙන් පිලිගත යුත්තකි.පෙර කී ලෙසම මුදල් තිබූ පමනින් උපාධිය ලබාගත නොහැක.ඇත්තෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනික තත්වයන් රජයේ විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව යාවත්කාලීන වීම හා තත්වය රැක ගැනීම නිතැතින්ම සිදුවේ.කොච්චර බයිල ගැහුවත් යන වියදම නිසා බොහෝ දෙනා පිස්සු නොකර ඉගෙන ගැනීමට පෙළඹේ.රජයේ විශ්වවිද්‍යාල වලට තවමත් තරඟය වැඩි එය නොමිලේ ලබා දෙන අධ්‍යාපනය නිසයි.ලෝක රෑන්ක් ලයිස්තු වලට අනුව සියළු විශ්ව විධ්‍යාල පෙලගැස්වූ කල රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට හිමිවන තැන් සියල්ලන්ට දැකගත හැක.මෙම පෙලගැස්වීම් ප්‍රමිතියකට අනුව සිදුවන සමීක්ෂනයන්ගේ අවසන් ප්‍රතිපලයි.ලයිස්තුවේ ඉහලට යනවිට ගෙවිය යුතු ගානද වැඩිවේ.රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් සපයනුයේ රජයෙනි.පෞද්ගලික විශ්ව විද්‍යාල වල පහසුකම් සපයනුයේ ඒ ඒ පෞද්ගලික අංශ වලින් මිසක් රජයෙන් නොවේ.දැනුම ඇතිවුන් කොතනත් රැකෙන අතර දැනුම නැති එකා කොතනත් හැලේ.පෞද්ගලික රජයේ කියා වෙනසක් නැත.මුදල් තියේ නම් පෞද්ගලිකව හැමදේම කරගන්නවා මෙන් අධ්‍යාපනයද ලෝකයේ හොඳම තැන් වලින් ලබාගත හැක.මුදල් නැතිනම් ඇති පමනින් රජයෙන්ම ගොඩ යාහැක.ඇතුලත් වීමේ සිට පිටවෙන මොහොත දක්වා එසේය.කෙසේ වුවත් දැනට දැකගත හැකි අරුමය නම් රජයේ ප්‍රතිඵලයට වඩා පෞද්ගලික ප්‍රතිඵලයෙන් බිහිවෙන්නවුන් ප්‍රායෝගිකවත් සෛද්ධාන්තිකවත් දිනෙන් දිනම ඉහලට ඒමයි.තරමක් අසාධාරන වන්නේ ඇත්තාට තව තවත් දී නැත්තාව නැත්තටම නැති කිරීමයි.මෙන්න මෙයයි වෙනස් විය යුත්තේ.නැතුව රජයේ විශ්ව විද්‍යාල වලින් බිහිවන වුන් දුක් මහන්සියෙන් ඉගෙන ගෙන තමන්ට ලැබීමට ඇති රස්සාව පෞද්ගලික අංශයේ සිසුවෙක්ගෙන් උදුර ගැනීමේ චේතනාවෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල වැසිය යුතුයි කියා බෙරිහන් දීම නොවේ.පුලුවන් නම් හැකියාව පෙන්වල තමන්ගෙ රස්සාව බේරගන්න.තමුන් දෙපැත්තෙන් කොයි පැත්තෙ උනත් සුදුස්සටයි සුදුසු කම.ඔලු ගෙඩිය ඇතුලෙ මොල ගෙඩියකුත් ඇතිනෙ.විචාරශීලී බුද්ධියෙන් තම තමන්ම විමසා බලන්න.වලි වලට අකමැතී :)

      Delete
    2. අනිවා ආචාර්ය වරුන්ට නම් පඩි වැඩි වෙන්න ඕනා තමයි... මම කිවේ නැ කොහොමවත් දැනුම වැඩියෙන් තියන්න ඕනා කියලා කිවේ නැ.. ඒත් ඉතින් ඉගන ගන්න විදිහට තමා ඒක තිරනය වෙන්නේ.... සද කිදුරා දෙයක් කියලා තියනවා මම ඊට වඩා කියන්න යන්නේ නැ...

      Delete
    3. ගොඩාක් ගොඩාක් ස්තුතියි... පුද්ගලික විද්‍යාලයක ඉගන ගන්න කෙනෙක් විදිහට මේ වගේ අදහස් බෙදා ගන්න එක ගැන ගොඩාක් වටිනවා..

      Delete
    4. සද කිදුරා ඔයා මම කිව්ව දේ තේරුම් අරගෙන නැහැ.
      ඉගෙන ගන්නේ රජයෙන්ද පුද්ගලිකවද කියන එක වැදගත් නැහැ වැඩ කරන්න පුළුවන් නම් එච්චරයි තමයි. අනිවාර්යෙන්ම. ඕක මම කලින් මේ ගැන ලියපු වෙන ලිපි වලත් සඳහන් කළා. මම කිව්වේ රජයේ වී වී වලට වඩා පුද්ගලික වී වී වල ගොඩක් මහන්සි වෙන්න ඕනේ කියන එකට එකඟ වෙන්න බැහැ කියල.

      //නැතුව රජයේ විශ්ව විද්‍යාල වලින් බිහිවන වුන් දුක් මහන්සියෙන් ඉගෙන ගෙන තමන්ට ලැබීමට ඇති රස්සාව පෞද්ගලික අංශයේ සිසුවෙක්ගෙන් උදුර ගැනීමේ චේතනාවෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල වැසිය යුතුයි කියා බෙරිහන් දීම නොවේ//
      මම මුලින්ම කියල තියෙනවනේ පුද්ගලික වී වී වලට විරුද්ධ නැහැ කියල. මම කිව්ව දේ නොතෙරුනේ මගේ ලිවීමේ දුර්වලතාවක් නිසා වෙන්න පුළුවන්.

      //අයි ටී කෙසේ වෙතත් දැන් ඉංජිනේරු සහ කළමණාකරන උපාධි වල කොහොමත් රජයේ උපාධි ධාරීන්ට වඩා පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි ධාරීන්ට විශේෂ තැනක් හිමිවේ.//
      වෙන්න ඇති. මම දන්නේ IT ගැන විතරයි. :) නමුත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඉංජිනේරු අංශයේ පෞද්ගලික විශ්වවිද්‍යාල මොනවාද කියල ලංකාවේ අය ඉගෙන ගන්න? මම නොදන්න නිසයි අහන්නේ.

      //ඔලු ගෙඩිය ඇතුලෙ මොල ගෙඩියකුත් ඇතිනෙ.//
      මම මගේ අදහස් ප්‍රකාශ කරේ සංවරව. ඔයාත් මේ වගේ දේවල් නොකියා මාතෘකාවට අදාලව විනීතව කතා කරා නම් වඩා හොඳයි.


      @දේවා
      හොඳයි මල්ලි. එහෙනම් ඔයා අදහස් කලේ මොකද්ද වැඩියෙන් මහන්සි වෙන්න ඕනේ කියන එකෙන්? රණ්ඩු වෙන්න නෙවෙයි ඔයා කියන දේ තේරුම් ගන්නයි අහන්නේ?

      Delete
    5. අක්කෝ.... මම මෙතන වැඩියෙන් මහන්සි වෙන්න ඕනා කියලා කිවේ ඇත්තටම කොහොම උනත් ලංකාවේ රජයේ වි වි යක ක්ලාස් එකක් නැතිවෙන එක ඇරෙන්න වාර හතරක්,5ක් රිපිට් වෙලා කොහොමහරි ඩිග්‍රි එක කම්පිලිට් කරගන්න පුලුවන්...
      ඒකට අමතර ගානක් ගෙවන්න ඕනේ නැ..

      ඒත් මම දන්න විදිහට පු.වි එහෙම බැ.. ෆේල් උනොත් ලියන්න පුලුවන්.. ඒත් නිකන් ලියන්න දෙන්නේ නැ ඒකට සැහෙන මුදලක් වියදම් කරන්න වෙනවා.. ඉතින් එහෙම උනහම ඒකට වැඩියෙන් මහන්සි වෙන්නම වෙනවා...

      ර.වි එහෙම මහන්සි වෙන අය නැතුව නෙමේ... එත් රිපිට් උන එකට ආයේ එක්සැම් එක කරන්න ගෙවිමක් නොකරන නිසා එතන වෙනසක් තියනවා කියලායි මම අදහස් කලේ..

      අනේ අක්කෝ රණ්ඩු වෙන්න නම් ඕනේම නැ..

      Delete
    6. ඔව් ඇත්ත අමතර ගෙවීමක් කරන්නේ නැහැ. ඒත් රිපීට් වෙනවා කියන්නේ තව අවුරුද්දක් උපාධිය ගන්න පරක්කු වෙනවා කියන එක නේ. ඉතින් ඒක නිසා ර වී ළමයි උනත් රිපීට් නොවී ගොඩ දා ගන්න තමයි මහන්සි වෙන්නේ නේද?. සාමන්යෙන් ර වී වලට එන්නේ ගොඩක් සල්ලි තියෙන ළමයි නෙවෙයිනේ. ඉතින් එහෙව් එකේ අවුරුදු ගණන් රිපීට් කර කර ගෙදරට බරක් වෙන්න අකමැතියි... මම හිතන්නේ 4-5 පාරක් ෆේල් වේවි ඉන්න ළමයි ඉන්නේ ගොඩක්ම සුළු පිරිසක් විතරයි කියල. ඔන්න ඔහොම ඉන්න අයට නම් රජයේ මුදල් නාස්ති කර කර ඉන්න දෙන්න වටින්නේ නැහැ...

      ඉතින් ඔයා අදහස් කරේ පුදලික වී වී ළමයි නුත් නිකම් සල්ලි දීල උපාධි ගන්නවා නෙවෙයි - රිපීට් කරන්න ආයි සල්ලි දෙන්න ඕනි නිසා එයාලත් මහන්සි වෙන්න ඕනේ කියන එක නම්, ඔව් මම එකඟයි. මෙතැනදී කවුරුත් ළමයි - කවුරු උනත් උපාධිය ගන්න මහන්සි වෙන්න ඕනේ කියලයි මගේ හැගීම.

      ඇත්තටම රටේ නැති අසභ්‍ය දේවල් කියා කියා බැණ ගෙන රණ්ඩු කරන වට වඩා මේ විදියට අදහස් හුවමාරු කරන්න පුළුවන් එක තමයි මල්ලි වටින්නේ.

      Delete
    7. ඇත්ත අක්කෝ.. හැම කෙනෙක්ම කැමති ඉක්මනට උපාධිය අරගන්න... මම දකින විදිහට ඔය පු.වි වල උත්ගොට්ශන පිකටින් නැත්තේ ඒ අයගේ අතින් මුදලක් වැය කරලා ඉගන ගන්න නිසා.. කොහොමහරි ඉක්මනට මේ දේවල් කරගන්නයි උත්සහ කරන්නේ.. ඒත් ර.වි යක එක්කෙනෙක් දෙන්නෙක් කරන මේ වගේ වැඩකින් තව කි දාහකගේ අනාගතේ කොයි තරම් පස්සට යනවද?

      ගොඩාක් දුප්පත් අය තමා ර.වි ඉන්නේ කියන එක වගේම අක්කා කිවා වගේ හැමෝම කැමති ඉක්මනට උපධිය ගන්න කියලා මමත් පිලි ගන්නවා..

      ඒත් පැහැදිලිවම පු.වි අය සල්ලි වල අගය හිතට අරන් වැඩ කරනවා.. මොකද මේ අයගේම සාක්කුවෙන් යන නිසා

      ඇත්තටම රිපිට් වෙන අයට මුදලක් ගෙවලා කරන්න තිබුනා නම් මිට වඩා ටිකක් හොද වෙයි (දරන්න පුලුවන්)

      Delete
    8. අක්කණ්ඩිත් එක්ක එකඟයි.අනේ වැරදි කියන්න හැදුව නෙමේ.අක්කගෙ කමෙන්ටුවට ප්‍රතිචාර දක්වන ගමන් පොදුවෙ ලියුවෙ.ඒකයි එහෙම ලියුවෙ.මමත් ඕස්ට්‍රේලියානු පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉංජිනේරු සිසුවෙක්.මහන්සිය සහ කැපවීම් ගැන නම් කියන්න වචන නැතිතරමින් වෙහෙසෙනව අති ගෞරව සාමාර්ථයක් ලබාගැනීම අරමුණු කරගෙන.දෙගොල්ලොම මහන්සි වෙනව.නැත්නම් ඩිග්‍රි ගන්න බෑනෙ.ඒත් කවමදාවත් පෞද්ගලික සිසුවෙක්ගෙ මහන්සියට අගෞරව කරන්න එපා.ඒ මහන්සිය මං අත්දැකීමෙන්ම දන්නව.ලෝකය පුරා විසිරී සිටින පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුනුත් දන්නව.බුදුසරණයි

      Delete
    9. අක්කණ්ඩිත් එක්ක එකඟයි.අනේ වැරදි කියන්න හැදුව නෙමේ.අක්කගෙ කමෙන්ටුවට ප්‍රතිචාර දක්වන ගමන් පොදුවෙ ලියුවෙ.ඒකයි එහෙම ලියුවෙ.මමත් ඕස්ට්‍රේලියානු පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉංජිනේරු සිසුවෙක්.මහන්සිය සහ කැපවීම් ගැන නම් කියන්න වචන නැතිතරමින් වෙහෙසෙනව අති ගෞරව සාමාර්ථයක් ලබාගැනීම අරමුණු කරගෙන.දෙගොල්ලොම මහන්සි වෙනව.නැත්නම් ඩිග්‍රි ගන්න බෑනෙ.ඒත් කවමදාවත් පෞද්ගලික සිසුවෙක්ගෙ මහන්සියට අගෞරව කරන්න එපා.ඒ මහන්සිය මං අත්දැකීමෙන්ම දන්නව.ලෝකය පුරා විසිරී සිටින පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුනුත් දන්නව.බුදුසරණයි

      Delete
  12. උඹත් ඉඳල ඉඳල . . . . අනේ මං දන්නෑ

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා අයියා... ටිකක් විතර ඔය ගැන හිතුනා... ඉතින් ලිවා

      Delete
  13. Mulinma sorry wenna ooni singlish walin liyanawata...

    Machan mamath SLIIT degree 1k complete kalee me awurudde... SLIIT kiyanne Private Campus ekak nemei Semi-Government ekak, Anika machan oya kiyana widyata salli gewwa gaman degree eka athe naaa.... api dannawa api kochchara mahansi wenawada kiyala Exam goda yanna.Final Year project eka kiyanne maha wadayak.. mokada eeka nikam joliye indala pass wenna ba.Ekasiya gaanata weda karanna ooni, api sathi ganan , maasa ganan nidi marala thamai goda daagatte,SLIIT gena weradi adahasak thiyena aya innawa nam niwaradi karannai mee kiwwe.

    ReplyDelete
    Replies
    1. ekane yaluwa.... godak amaruwen thama mona campus ekaka unath degree eka complete karaganna one... ithin kattiya hithawanam nikan degree ganna puluwan kiyala eka waradyi kiyala thamayi matath kiyanna oana unee.. thanks

      Delete
  14. එකඟයි අදහසට... පෞදග්ලික වි.වි නියමිත ප්‍රමිතියකට ඇතුව ඇතිකලාට ඒකෙ වරදක් නෑ..කියන එකයි මගේ අදහසත්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිතු.... එහෙම වෙනව නම් ගොඩාක් දෙනෙක්ට පිට රට වලට යන්න වෙන එකක් නැ..

      Delete
  15. අනේ මන්දා මං නම් ඔව්වායේ යන්නේ නැහැ

    ReplyDelete
  16. පෞද්ගලික විශ්වවිද්‍යාල වලට මමනම් කැමතියි. කොහොමෙන් කොහොම හරි කවුරුහරිවත් ගොඩ යනවනම් එකත් අපේ රටටමනේ

    ReplyDelete
  17. මාත් දැනට පු.වි තමා ඉන්නේ..ඒක නිසා හොදයි කියනවා නෙවේ ඇත්තෙන්ම එහෙම තියන එක හොදයි. මොකද නැත්නම් වි.වි වලට ලකුනෙන් දෙකෙන් නොතේරුන ළමයින්ට වෙන්නෙත් පොල් කඩන්න.. ඒත් වි.වි වල දකින හොදේ ඒවගේ උගන්නනවා නෙවේ ලමයි ඉගන ගන්නවා නමුත් පු.වි.වි වල බොහෝ විට වෙන්නේ ලමයට ඉගැන්වීමක්.. මේක මට හිතෙන හිතෙන විදිය උදාහරනයක් විදියට මොරටුව වි.වි එන ලමයෙකුයි පු.වි.වි එන ලමයෙකුගෙයි මීටරේ බැලුවොත් අනිවා මීටරේ වැඩි කැම්පස් එකේ ලමයගේ මට හිතෙන විදියට..

    ReplyDelete
    Replies
    1. පු. වි ශිෂයෙක් විදිහට ඔහොම කථාවක් කියනකොට ර.වි වල උත්ගොෂන පිකටින් කරලා මේවා නවත්වන්නේ ඇයි කියලා හිතෙනවා මට.. කොහොම උනත් ටැලන්ට් එක තියනවා නම් බය වෙන්න දෙයක් නැනේ....

      Delete
  18. මම මේ මාතෘකාව ගැන කතා කරන්න කැමති නෑ. ඒත් එක දෙයක් කියන්න ඕනේ, කැම්පස් කියන්නේ ගහලා, කනෙන් ඇදලා උගන්වන තැනක් නෙමේ. ඉතින් දෙමාපිය රැස්වීම් ගැලපෙන්නේ ඉස්කෝලෙට මිසක් වි.වි. වලට නෙමේ. ඒක නිසා ඒ කතාවනම් හරිම මෝඩ කතාවක්. බූඩි කාලෙකින් ආයෙත් දේවා බලන්න ආවා.

    ReplyDelete
    Replies
    1. මෙහිදී සිදුවනුයේ කනෙන් ඇද ගසා ඉගැන්වීමක් නෙමේ.වියදම් කරනා මුදලට ප්‍රතිඵල නොවුනහොත් හෝ එසේ සිදුවන්නට යන බව හැඟුනහොත් ඒ බව දෙමවුපියන්ට හේතු සහිතව සැල කර සිටීම පමනකි.කිමද යත් රජයේ විශ්වවිද්‍යාල තත්වය නම් මා නොදනී.ඔවුන් නිදහසේ ගැම්මෙන් ඉගෙන ගන්නව ඇති.පාස් වනතුරු අනන්ත වාර නැවත නැවතත් විභාග කරනව ඇති.ඇත්තටම ඒ ගැනනම් දන්නෙ නෑ.ඒත් පෞද්ගලික විශ්ව විද්‍යාල වල ඒ සෙල්ලම් බෑ.දෙපාරකට වාර ගණනක් විභාගය නැවත කිරීමට පෙළඹේ නම් එක්කො නැවතත් මුලු ගාණම ගෙවන්න ඕනෙ.නැත්නම් අඩුමකුඩුම අකුලන් එලියට බහින්න ඕනෙ.විකල්ප නෑ.ඒකයි නිතර නිතරම ගෙවන මුදලෙහි ප්‍රතිඵලය ගැන වියදම් කරන පාර්ෂවයට දැනුම් දෙන්නෙ.නැතුව කනෙන් ඇද බලෙන් ඉගැන්වීමට නෙමේ

      Delete
    2. ඇත්තටම අදහසට මම එකග නැ.. යාලුවා කියන්න්නේ කනට ගහලා උගන්නන ඔනේ පාසල් වලද?
      මම නම් හිතන්නේ ඔය කොයි තැනකවත් එහෙම කරන එක හොද නැ..යාලුවා කියන විදිහට කැම්පස් ගිය කෙනෙක් තනියම හැමදේටම මුදල් හොයාගෙනද කරන්නේ දෙමාපියන්ට දරුවන් ගැන හොයන්න තියන අයිතිය නැති වෙනවාද?

      Delete
    3. සද කිදුරා බොහොම ස්තුතියි තත්වය පැහැදිලි කරලා දුන්නට

      Delete
  19. මේ මාතෘකාව ගැන අනන්තවත් වාද විවාද බ්ලොග් අවලාශේ ගිහින් තියෙනවා. මේක තේරුමක් නැති මාතෘකාවක්. දැන් කැම්පස් යන උන් ඇවිත් කෑ ගහනවා ප.වි ඕනේ නෑ කියලා. බ්ලොග් ප්‍රසිද්ධ කරගන්න ඔනෙනෙම් මෙන්න මාතෘකා!

    ReplyDelete
    Replies
    1. ඇනෝලට මම අකමැති නැ කියලා කලින් කියලා තියනවානේ.. හැබැයි මේ වගේ දෙයක් කියනවානම් අනිවා මුනට කියන්න තරම් ශක්තියක් ඕනා.. නමුත් ඔයාට නැ... මම බ්ලොග් එක ලියන්නේ ආසාවට,. නැතුව රස්සාවට නෙමේ.. කමෙන්ට් වලට මම ආසයි තමා.. ඒත් ඒ මත්තේ මැරිලා නැ.. සමහර විට බ්ලොග් එකක් ලියනවා නම් එහෙම මුකුත් නොලැබෙන කෙනෙක් වෙන්න ඇති එහෙමත් නැත්නම් බ්ලොග් ලිවාට මොලේ නැති කෙනෙක් වෙන්න ඇති... මට මොකද කොහොම උනත්... බ්ලොග් එක මගේ.. මට හිතෙන දේවල් තමයි මේකේ ලියන්නේ.. කමෙන්ට් ටික බැලුවානම් ගොඩක් කියන්නේ ඕනේ කියලයි.,...

      Delete
    2. රිදුනද? මූණට කියලා මොකටද යාලුවෙක්ව තරහ කාරයෙක් කරගන්නේ

      Delete
    3. ඔය වගේ ටිංකිරි වෑඩකින් රිදෙන්න මට ඔය වගේ පහත් මානසික තත්වයක් නම් නැ... අනිත් එක රිදෙන්න මම වැරද්දක් කරලා නැනේ... යාලුවෙක් කියලා කියන එකේ තේරුමක්වත් නොදන්න කෙනෙක් කොහොමද මගේ යාලුවෙක් වෙන්නේ.. කෙලින් මුනට කියන පිහියෙන් ඇන්නත් ඒ දේ වටිනවා මට ඔය හැංගිලා ඇල්පෙනෙති දික් කරන අයට වඩා

      Delete
  20. මේ ගැන අපි ගොඩක් කතාකරලා තියෙනවනේ දේවා , හරි විදියට / හරි ප්‍රමිතියෙන් කරනවනම් එච්චරයි...මොකද මම දන්නවනේ මාත් එක්ක ස්ලිට්‌ එකේ ඩ්ග්‍රීය කරන්න කියක් ආවද කියලා..ඒකෙනුත් ඩිග්රිය ගත්තේ කි දෙනාද කියලත් , සල්ලි ගෙන්වන හැම එකාටම ( උපාධ් කඩ කියන කට්ටිය කියනවා වගේ ) ඩ්ග්‍රී නම දෙන්නේ නැහැ කියන එකට ඔන්න උදාහරණේ..

    අනිත් එක ජොබ් පැත්තෙන් , තමන් වැඩ දන්නවනම් , යමක් කරගන්න පුලුවන්නම්..ස්ලිට් , පේරා ද , මෝරා ද , ඇපිට් ද කියන එක වැදගත් නෑ..මොකද වැඩකරන තැනට අපි හැමෝම එකයි..වැඩ කරන්න ගියාම ඔය ලොකු සින් නම මුකුත් නැහැ..ඒක අත්දැකීමෙන්ම දන්නවා..

    ReplyDelete
    Replies
    1. අත්දැක්මෙන්ම ඔහොම කියන නිසා ඒ ගැන කිසි තර්කයක් නැ.... පු,වි හෝ ර.වි කියලා වෙනසක් නොවෙන්න දෙකේම එකම ප්‍රමිතියකට එකම විභාග එක ආයතනයකින් තිබ්බා නම් මම හිතන්නේ මේ ප්‍රශ්න ගොඩාක් අඩුයි..

      Delete
  21. මගේ මතයත් ශානිගේ මතයට ටිකක් සමානයි. පුද්ගලික විශ්වවිද්‍යාල වල තත්වය උසස් මට්ටමක තියෙන තාක් කල් පුද්ගලික විශ්වවිද්‍යාල හොදයි. මොකද අපේ රටේ උසස්පෙළ සමත් වෙන අයගෙන් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් (90% විතර) විශ්වවිද්‍යාලේ යන්න බැරිව වෙනත් අංශ වලට යොමුවෙනවා. ඒ අයට යන්න මුදල් අයකරන විශ්වවිද්‍යාල හා රාජ්‍ය විශ්වවිද්‍යාල වල මුදල් ගෙවා කරන පාඨමාලා (මට නම් ඔය දෙකම සමානයි) තිබීම වැදගත් වෙනවා. හැබැයි ඒවා අධීක්ෂණය කරන්න වැඩපිලිවෙලකුත් තියෙන එක වැදගත් කියලයි මටනම් හිතෙන්නේ.
    ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු මට්ටමකට ගෙන ඒමත් අත්‍යාවශ්‍යයි. මොකද මේ රටේ බහුතරයකට මුදල් ගෙවා පාඨමාලා හදාරන්න ශක්තියක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අයියේ.. ඔය හැම කැම්පස්ම ඇතිවෙන්න දිලා ඔය කැම්පස් වල ඩිග්‍රි එකම කොලිටියට ගෙනාවොත්.. ඒ කියන්නේ ර.වි, පු.වි දෙකේම විභාග එකම ආයතනයකින් පවත්වලා ඒ අයගේ උපාධිය ගැන තිරනය කොලොත් හොද නැද්ද?

      Delete
  22. පු.වි ඕනද කියලා නේ ඇහුවේ ?? මම කියන්නේ පු.වි ඕන නෑ කියලා !!!

    මොන වි.වි එකේ උනත් දෙමවුපිය රැස්වීම් කියලා ජාතියක් ඕන නෑ !!! ඒවා ඕන ඉස්කෝල වලට !
    මොකද වි.වි එකක ඉගෙන ගන්නේ 18ට වැඩි කට්ටිය නේ ! උන්ට උන් ගැන තීරණයක් ගන්න පුලුවන් වයසක නේ ඉන්නේ !

    ReplyDelete
    Replies
    1. මම නම් අයියාගේ අදහසට එකග නැ.. අවු 18 උනා කියලා කරන කියන හැම දේම හරිද?
      ඔය කැම්පස්වල (අයියා ගිය එකේම) මේ දවස් වල උන දේවල් හරිද?

      ඔය කොහොම කිවත් අවුරුදු 18 වැඩි කිවත් කැම්පස් ඉන්න අයගෙන් 90%කත් එහා යැපෙන්නේ ගෙදරින්, දෙමාපියන්ගේ සල්ලි වලින්..

      ඇත්තටම මම නම් හිතන්නේ එහෙම තියන එක වැරද්දක් නැ....

      Delete
    2. මධුරංග අයියේ.මා ඔබව දන්නේ නෑ.ඔබ වැනි මෝඩයෙකුත් මේ මිහිපිට දැක නෑ.ජය

      Delete
  23. මම දකින විදිහට පෞද්ගලික් විශව විද්‍යාල ලංකාවට තිබුනු ලොකු අඩුවක්..

    මටත් මේ ගැන හරි අයිඩියා එකක් තිබුනෙ නෑ. ඒත වසරකට පෙර මට පෞද්ගලික් වි.වි ක උගන්වන්න ලැබුන. මගෙ පන්තියෙ A 3 ක් ගත්ත ළමයිනුත් ඉන්නව් දැකල මම පුදුම උනා. නිකං හම්බෙන එක දාල මේවට මොනවට එනවද කියල හිතුන..

    මගෙ මල්ලි ඉන්න ජ පුර. ඒකෙ තත්වය දැක්කට පස්සෙ මට තේරුනා ඇයි ඒ කියල. රජයෙ විවි චාටර් කරගනෙ තියෙන්නෙ එවගෙ ඉන්න ළමයින් මයි..

    කොහොම උනත් පෞද්ගලික් වි වි වල මුදලට උපාධි දෙන්නෙ නම් නෑ. මම ඒ ගැන හොඳට දන්නව. මහන්සි වෙලා පාඩම් කරල විභාග ගොඩ දාන්න ඕන. ගොඩක් වෙලාවට විභාග රජයෙ ඒවටත් වඩා අමාරුයි..

    ReplyDelete
    Replies
    1. අයියා දැන් ටිච් කරන්නේ නැද්ද?
      ඇත්තටම කොහෝ උනත් නිකන් උපාධි නම් දෙන්නේ නැ තමා.,.. අනිවාර්යෙන්ම ආයතනයක් පවතින්න නම් නිසි වැඩ පිලිවලක්, නිති මාලාවක් තියන්න ඕනා... කොහොම උනත් ස්තිතියි මේ කරුනු පැහැදිලි කලාට

      Delete
  24. හරියට කරනවනං වැඩේ හොඳයි..ඒත් පිටි ගනං ගියාම පාං ගෙඩියේ බර අඩුවෙනවා වගේ උනොත් නං චා.....

    ReplyDelete
  25. අයියගේ අදහසට මම 100% ක් එකඟයි.ඒත් අයියේ යහපත් සහ හොඳම වැඩේ වි.වි පද්දතිය ඔය කියන පෞද්ගලික ක්‍රමයට වෙනස් කලොත් මොකද.දන්නවද අද වෙනකොට බි.අයි.ටි වගේ උපාදියක් කරද්දි වි.වි එකෙන් කරනවට වඩා දැන් පිටින් කරන එක පොදුපිලිගත් කාරනයක් වෙලා.මොකද දැන් ගොඩක් අහන්නෙ මොකක්ද උපාදිය කියල නෙමෙයි කොහෙන්ද කලේ කියල.ඔන්න ඔය විදියට පෞද්ගලික වි.වි සමාජ ගත උනොත් පිටිසර ගමේ ඉඳන් මහපොල මහමෙරක් කරන් වි.වි එන අපේ දුප්පත් අයියල අක්කලා ගේ දැනුම මුදලට හිලව් වෙයිද

    ReplyDelete
    Replies
    1. වි.වි පද්ධතිය පුද්ගලික අංශය වෙත බාර දුන්නොත් නම් ගොඩාක් ලොකු ප්‍රශ්න ටිකක් ඇති වෙන්න පුලුවන්,, මම නම් හිතන්නේ හැම දේම ගානටයි තියන්න ඕනේ.. එතකොට ප්‍රශ්නයක් නැ.. කොහොම උනත් ‍රැකියාවක ඩිග්‍රි එකට ගොඩාක් ලොකු තැනක් මම දකින්නේ නම් නැ එත් හැකියාව නම් ඕනා

      Delete
    2. @වාචාලයා
      රජයේ වී වී වල BIT උගන්නනවද? මන් දන්නා තරමට කොහොමත් උගන්නන්නේ පුද්ගලික තැන්වල තමයි. ප්‍රශ්න පත්‍ර බැලීම සහ උපාධිය ප්‍රදානය වෙන්නේ කොළඹ වී වී යෙන්.

      Delete
  26. පුද්ගලික විශ්ව විද්‍යාල ඕනේ කියන මතේ තමා මම ඉන්නේ. ඒත් ඒක හරියට කරනවා නම්. :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ඉගන ගත්තෙත් එහෙමද?............

      Delete
    2. ඔව් මාත් හිතන්නෙ එහෙම...

      Delete
  27. උපාදි කඩ හකුලාගනිවු කියල කෑගහන් උන් ඉන්නව නේද... උන්ට තියෙන්නෙ තනි ජෙල... එච්චරයි කියන්න තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. සිරාවටම.......................... තනි ජෙල

      Delete
    2. සහතික ඇත්ත පොඩිමෑන්...මාත් එකඟයි ඔයාගෙ කතාවට...
      මම දන්න තරමින් සමාන්‍යයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නෙ ටිකක් සල්ලි තියන අය වෙන්න ඕනෙ..අනිත් අයට ජෙල.....

      Delete
  28. මේක ගැන නම් කියන්න දේ බොහොමයි. අපි හුඟ දෙනෙක් මේක ගැන බලන්නෙ ලිං මැඩි ආකල්පයකින්. අපිත් එක්ක වැඩ කරන වෙනත් ජාතීන් හැමෝටම උපාධි, පශ්චාත් උපාධි තියෙනවා. අපේ රටේ උපාධියක් ගන්න තියෙන අමාරුව කිව්වම උන් හිනාවෙනවා. උපාධියට තියෙන මග අහුරලා තියෙන හැටි කිව්වොත් උන් විශ්වාස කරන්නෙත් නෑ. මේ ඔක්කොම වෙන්නෙ නොමිලේ අධ්‍යාපනය දෙන රජයේ සරසවි වල සීමාසහිත ඉඩක් පමනක් නිසා. ඒ නිසා හුඟ දෙනෙක්ගෙ උපාධි සිහිනය බිඳ වැටිලා තියෙන්නෙ. දැන් බාහිර උපාධියටත් කෙල වෙලා නේද තියෙන්නෙ?

    ඇත්තටම අපේ රටෙත් තව උපාධිධාරීන් ගොඩක් ඉඳීවි උසස් මට්ටමේ පෞද්ගලික අංශයක් තිබ්බ නම්. මේ කඩේ යාමක් නෙවෙයි. මම දේශපාලනයට අදාල නෑ.

    පොඩ්ඩක් හොයලා බලන්න අනිත් රටවල්වල තත්වය කොහොමහ කියලා. පුදුම හිතෙයි. අපි කොහෙද ඉන්නෙ කියලා.විදේශ ‍රැකියා කරන, බාහිර ලෝකේ අනිත් උන් එක්ක වැඩ කරන අපිට මේක ඉතාම තදින් දැනෙනවා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ දේවල් ගැන හරියට හොයලා බලලා නිසි ප්‍රමිතියකින් ඇති කරනවා නම් මේ පු.වි අපේ රටේ අනාගතේ වෙනුවෙන් ගොඩාක් වටිනවා.. ප‍ටු දේශපාලන අරමුණු වෙනුවෙන් පු.වි කියපු ගමන් බොඩ් උස්සන් යන්නේ නැතුව අවබෝධයෙන් මේගැන බලන්න පුලුවන්නම් අපේ රටත් ගොඩාක් ඉක්මනට දියුණුව කරා යන එක ඒ තරම් දෙයක් නෙමේ...

      Delete
  29. මං විශ්ව විද්යාලෙකට යන්න හිතා ඉන්නෙ ලබන ආත්මෙ, ඒ නිසා මේ කථිකාවතට හොට නොදා ඉන්නං...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ආහ්,.... ඔබා මාමේ ලංකාවේ ඉපදිලා ඒ දේ කරන්න හිතාන ඉන්නවානම් මැදිහත් වෙන්න්නම වෙයි වගේ.... නැත්නම් ආයේ මේකම කියන්න වෙයි ඒ අත්මේදිත්...

      Delete
  30. මාත් ආසයි ප්‍රයිවට් කැම්පස් ඇති වෙනවනම් ඒත් ඉතින් මොනා වෙයිද දන්නේ නෑ අඩු මුදලකට කාටත් ඉගෙන ගන්න පුළුවන් වෙනවනම් හොඳ නැත්තේ නෑ නේද

    ReplyDelete
    Replies
    1. අනිවා මල්ලි... අඩු මුදලකට කෙසේ වෙතත් සාධාරණ මුදලකට එහෙම වෙනවා නම් ගොඩාක් වටිනවා...

      Delete
  31. විශ්වවිද්‍යාලෙට ගියේ නැති නිසා ඒ ගැන කතා නොකරමි

    ReplyDelete
    Replies
    1. ගිහින් නැති නිසා පුද්ගලික වි ඇති වෙනවා නම් හොදයිනේ.... නේද?

      Delete
  32. මට එකඟ වෙනවා සහ නොවෙනවා කියන පිළිතුරු දෙක ම දෙන්න වෙනවා. පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට මම විරුද්ධ නෑ. ඒත් අර අඩු මිලට උපාධියක්‌ ගන්න කතාවට, විශ්ව විද්‍යාල අත‍ර තරඟය පිලිබඳ කතාවට සහ දෙමාපිය රැස්වීම් ගැන කතාවට මම විරුද්ධයි.. මීට වඩා දෙයක් කියන්න බෑ.. ඔය මාතෘකාව ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ගිහින් කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාරයකට ලක් වීමේ අත්දැකීම් මට තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මල්ලි කථා කරන්න ගිහින් තියෙන්නේ පු.වි එපාකියන පැත්තටනේ.. ඉතින් ඔය දේවල් කරන්න කලින් ඒ අයත් එක්ක කථා කරලා හොද විදිහට රටට ගැලපෙන තාලෙට මේවා ඇතිවෙන්න වැඩ කලා නම් හොද නැද්ද?

      Delete
  33. 1. මෙය වැඩිහිටි අද්යාපනයයි, දෙමව්පිය සොයා බැලීම අවශ්‍ය වුනත්, මාසික දෙමව්පිය රැස්වීම් පවත්වා, "දරුවාගේ" ගැන කරුණු දැක්වීම අවශ්‍ය නැත. එය විශ්ව විද්යාල ක්‍රමයකට නොගැලපේ.
    2. ..අනික ඔය කියන විදියට දොස්තරලා වෙලා ඒවගෙන් එළියට ඇවිත් ඒ මිනිස්සු ලෙඩ්ඩු මරයි කියන තර්කය හරිම බොළද එකක්.... සියලුම ලෙඩ රෝග ගැන ඉගන ගැනීම කල නොහැක්කකි, රටක සුලබ ලෙඩ රෝග ගැන ඉගැන්වීම එම රටේ වෛදය අදයාපනයේදී සිදුවෙයි, උදාහරණයක් කියන්නම්, ඩෙංගු සුලබ නොවන රටක ඉගනීම කර ලංකාවේ කිසිම පුහුණුවක් නොලබා(ACT 16 සමත්ව) රෝහලක වැඩකරන වෛදයවරයෙකු ලගට මම නොයමි.
    3. පුද්ගලික විවි තුලින් රාජ්‍ය අංශය බිද වටේ, වැඩි වැටුප් වලට ආචාර්යවරු ඒවාට ඇදෙති. දේශපාලනය ඔවුනට සහයෝගය පල කරයි, නව මතවාදයක් අත්වීමට ඇති ඉඩ කඩ සීමාවේ.
    4. එම විශ්ව විද්‍යාලවලට යාමේ මූලික සුදුසු කම මුදලයි, අද්යාපන සුදුසුකම එන්නේ මීලගටයි.
    5. පුවී වල ළමයින වැඩියෙන් වැඩ කරයි, ඔවුන්ගේ විබාග අමාරුයි - බොලද තර්කයක්, මෙහෙම කියන්නම්, පුවී වල විබාගයක් රිපීට් උනාම නැවත මුදල් ගෙවා එම විබාගය කල හැක, රවී වල ජීවිතයේ තව අවුරුද්දක් බලා සිටිය යුතුයි නැවත එම විබාගයක් ගැනීමට.
    6. ....දන්න විදිහට ඔය පුද්ගලික කැම්පස් වල අපේ රටේ තියන කැම්පස් වල වගේ උත්ගොෂන ගුරුවරුන්ට පහරදිම්, නොගැලපෙන විදිහේ වද හිංසා නම් ඇත්තෙම නැ... ජනමාද්යට ඕව ඕනේ ඕනේ විදියට වාර්තා කරන්න පුළුවනි. නමුත් යතාර්ථය කටුකයි. ජපුර සරසවිය සහ එහි උප කුලපතිතුමාගේ ක්‍රියාකාරිත්වය විමසා බලන්න. මම කියන්නේ violence සාදාරනයි කියල නෙවෙයි.
    7. ර.වි, ...පු.වි දෙකේම විභාග එකම ආයතනයකින් පවත්වලා ඒ අයගේ උපාධිය ගැන තිරනය කොලොත් හොද නැද්ද?... හොද කතාවක් නමුත් ප්‍රයෝගිකත්වය හිතුවද? දේශපාලනය ඔවුනට සහයෝගය පල කරයි කියන තැන තමයි මම තවම ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. 1. මාසික ‍රැස්විම් නොවේ.. වසරකට එක් වරක්....වත්... (වි.වි සිටිනා අය තමන් මහ ලොකු මිනිසුන් කියා සිතනවා නම් ඔවුනට එය ගැලපෙන්නේ නැතියයි සිතේවි)

      2. ර.වි වල සිටිනා ඩොක්ටර් මහතුන් ප්‍රතිකාර කරනා සියලුම රෝගින් සුවපත් වේද?

      3 . ර.වි වල ඒ පු.වි මෙන් පහසුකම් වැ‍ටුප් සපයනවානම් එසේ නොවේ..

      4. නිසි ප්‍රමිතියක් අවශය වන්නේ ඒ නිසායි..

      5. මුදල් ගෙවිය යුතුයි.. ඉතින් එයයි තර්කය.. ර,වි වල එය අවශය නොවේ..

      6. සිදු නොවු සිදුවිමක් වි.වි තුල ඇති කිරිමක් මේ වනතුරු මා දැක නොමැත..

      7. උත්සහ කලොත් කල නොහැකි දෙයක් නැ.. රටක යුද්දයක් ඉවර කලානම් මේ දේ මහලොකු දෙයක්ද?

      Delete
    2. පිළිතුරු

      1. මෙය වැඩිහිටි අධ්‍යාපනය බව සැබෑය.වැඩිහිටි සබඳකම් ඕනෙම නැති තරම්ය.නමුත් ගෙවන මුදල සෙල්ලම් නැතිය.ඒ නිසා මෙම රැස්වීම් වලින් සිදුවනුයේ දරුවා ගැන හුවා දැක්වීම නොවේ.මුදල් ගෙවනා පාර්ශවය වෙත එහි ප්‍රතිඵලය ගැන කලින්ම දැනුම් දීම පමනකි.මුදල් ගෙවන්නේ දෙමවුපියන් නම් එම විස්තර ඔවුනට සැපයේ.මුදල් ගෙවාගන්නේ තමාම නම් ඒ විස්තර තමාට සැපයේ.එපමනකි

      2. මේ මතයෙහි සත්‍ය බවක් ඇත.රටක අධ්‍යාපනය හැඩ ගැසෙනුයේ රටට අදාල විදිහටයි.ලෝකයේ සම්මත මට්ටමක් තිබූවද සියලුම විශ්ව විද්‍යාල තම රටට උචිත ලෙස සුලු සුලු වෙනස්කම් සිදුකරයි

      3. රජයක් ලෙස සැලකුවහොත් බිඳවැටීමකදී එය රාජ්‍ය විශ්ව විද්‍යාල වලටද සෘජුව බලපායි.පෞද්ගලික අංශ එහි ව්‍යවසායකයා මත රැඳේ.පෘතක්ජනයන් වාසි පැත්තට හෝයියා.එය නැවැත්විය නොහැක.අසාධාරන සත්‍ය මෙයයි.

      4. ඇත්ත.මුදල් නැත්නම් අධ්‍යාපන සුදුසුකම් තිබිල වැඩක් නෑ.නමුත් මුදල් තිබිල අධ්‍යාපන සුදුසුකම් නැති උනත් බෑ නීති විරෝදී ක්‍රමයක් හෝ වෙනත් අධ්‍යාපනික විකල්පයක් නැත්නම්

      5. මෙම තර්කයේදී බොළඳ ඔබයි.ඇත්තටම දෙගොල්ලොම වැඩ කරනව එක වගේම.වැඩිනම් පුද්ගලික සිසුවා මිසක් රාජ්‍ය සිසුවා නෙමේ.මොකද අවසානයේ උපාධියක මට්ටම දෙපැත්තෙන් කොයි පැත්තෙන් ගත්තත් සමානයි ලෝක රෑන්ක් පිලිගැනීමට අනුව පෞද්ගලික සිසුවාට තමන් තෝරාගන්නා විශ්ව විද්‍යාලය අනුව පිලිගැනීමේ වැඩි අඩු බව තීරනය වුනත්.අපේ රටේ හොඳම විශ්ව විද්‍යාලය වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් ඇත්තේ ලෝක ශ්‍රේණිගතකිරීම් වලට අනුව 1000ටත් වඩා පිටුපසින්.නමුත් මොනෑෂ් වගේ සරසවි පළවෙනි 50 ඇතුලත පිහිටනව.පැහැදිලි තත්ව දෙකක්.තත්වය රැකගෙන තියෙන්නෙ සංයුතියෙහි ප්‍රමිතිය මගින් සහ අවසන් ප්‍රතිඵලයෙහි ප්‍රමිතිය තුලින්.ඔබේ අදහසට පිළිතුර නම් විභාගයක් ෆේල් වුනාම පෞද්ගලික සිසුවට ඕනෙ ඕනෙ වෙලාවට මුදල් තිබ්බ පලියට ආපහු විභාගෙ ලියන්න බෑ.ඔහුට මුදලත් කාලයත් දෙකම වැයවෙනව.නමුත් රජයේ සිසුවාට වැයවෙන්නේ කාලය පමනයි.පෞද්ගලික වුනත් ඒක සම්මත විශ්ව විද්‍යාල පද්ධතියක් මිසක් සෙල්ලම් පිට්ටනියක් නෙමේ.

      6. මෙහි රාජ්‍ය විශ්ව විද්‍යාල තත්වය ගැනනම් ඇත්තටම මාත් දන්නෙ මාධ්‍යයෙහි මතයන් පමනයි.පෞද්ගලික විශ්ව විද්‍යාල වල ඕව නෑ බොහෝ දුරට.ඒ මොකද කියනව නම් රජයේ විශ්ව විද්‍යාල වල මෙන් නලවන්නෙ නෑ ලමයින්ව පෞද්ගලික අංශයෙදි.කැමතිනම් මුදල් දීල ඉගෙනගන්න පුලුවන්.නැත්නම් එලියට බැහැල හිස් අතින් යන්න පුලුවන්.ඒකයි පෞද්ගලික ලෝක ධර්මය.නීති රීති වල්ට අනුගත වෙන්න බැරිනම් ගෙවපු මුදලුත් නෑ ඇතුලෙ ඉන්නත් බෑ

      7. එකම ආයතනයකින් විභාග පැවැත්වුවහොත් හොඳයි නම් තමයි.මෙහි දේශපාලන බලපෑම් නෑ.එහෙම මවනව නම් ඔබට දේශපාලනයේ අමිහිරි අත්දැකීමක් නිසා එයින් පලිගන්න වුවමනා ඇති.රටකට පෞද්ගලික හා රජයේ විශ්ව විද්‍යාල පද්ධති දෙකම ඕනෙ.ඒකට විරුද්ධව බොරු මවන අයට තමා මෙම පෞද්ගලික හා රජය සම්බන්ද කාරණාවෙදි නැති දේශපාලන දේවල් පේන්නෙ.මෙහිදී කවුරුවත් කාටවත් සහය පලකරලවත් පැත්තක් අරගෙනවත් නෑ.රාජ්‍ය විශ්ව විද්‍යාල ඒ අයගෙ වැඩකටයුතු කරගෙන යනව.පෞද්ගලික අංශයත් එහෙමමයි.මෙහි වෙලා තියෙන්නෙ පෞද්ගලික අංශය ඉදිරියට එද්දි රාජ්‍ය අංශයට කිචිය පහලවෙලා මවාපෑමක් ඉදිරිපත් කිරීම පමනයි මේකට දේශපාලනය මැදිහත් කියල.ලංකාවෙ පමනක් ඉන්න කැරට් කන බූරුවො අහුවෙලා හොඳට.දෙපැත්ත ගැනම ගවේශනය කරල බලන්න සහෝදරයා.හිතනව ඔබ විචාරශීලී බුද්ධියක් ඇති දැනුමත් බුද්ධියත් ඇති අයෙක් කියල.

      ඉහත දේවල් ගැන ප්‍රශ්න ගැටලු තියේනම් සංඛ්‍යානීය තොරතුරු සමග මැදිහත් වන්න.පැවසූ හැම දේටම මාසතුව සංඛ්‍යානීය තොරතුරු ඇත

      Delete
    3. සංඛ්‍යානීය තොරතුරු වැරදි කිහිපයක් මුලින්ම පෙන්නන්නම්,
      ලංකාවේ හොදව යුනිවෙර්සිටි එක කොළඹ-රෑන්ක් එක 1447, පේරාදෙණිය 1909 (Jan 2012 - http://www.webometrics.inf/rank_by_country.asp?country=lk)
      1. ...මුදල් ගෙවනා පාර්ශවය වෙත එහි ප්‍රතිඵලය ගැන කලින්ම දැනුම් දීම පමනකි.. මෙහි අදහස මට නොතේරේ. මා අදහස් කලේ උසස් අද්යාපන ආයතන කෙලින්ම සම්බන්දවිය යුත්තේ අදාළ ශිෂ්‍යයා සමග බවයි. මා කීවේ නැහැ අදාළ පාඨමාලාව පිළිබද විස්තර දෙමව්පියන්ට නොදන්විය යුතුයි කියා.
      3. අසාදාරන සහ භයානකම සත්‍ය එයයි. එක තමයි කියන්නේ නිදහස් අද්‍යාපනය රැක ගත යුතුයි කියා. අදයාපනයට 2007 දී Rs 8 billion, 2008 දී 5.2 billion, 2009 දී 4.6 billion අපේ GDB ඒකෙන්, අනික එවල කොහොම වෙතත් මෙඩිසින් - ඩෙෆා රාජ්‍ය විවි බිද වැටෙනවා මේ විදියට ගියොත්. නිසහස් අදයපනය අපේ දරුවන්ට කොහොම වේවිද?
      4. මෙතනදී මම කියන්නේ එක නෙවෙයි, පු වී වලට ගන්නේ ර වී වලට යන්න බැරි මීලග ලකුනු තියන ළමයි නෙවෙයි, මෙඩිසින් නම් ලක්ෂ 65 ක් ගෙවන්න පුළුවන් අයගෙන් ලකුණු වැඩිම අයයි. මෙහි ලොකු වෙනසක් ඇත.
      5. ඔබ බොලදවයි එකිනෙක සමපාත කරන්නේ!, ලංකාවේ පු වී සහ විදේශයන්ගේ පු වී අතර විශාල වෙනසකි, විදේශයන්ගේ ඒවා නිසි පරිදි ප්‍රමිතිකරණය කරයි, හාර්වඩ් වැනි විශ්වවිද්‍යාල private නමුත් nonprofit organizations, එමගින් ඔවුන් ප්‍රමිතිකාරය නියමාකාරයෙන් ආරක්ෂා කරයි, එංගලන්තය වැනි එසේ ප්‍රමිතිකරණ අසාර්ථක වූ රටවල රාජ්‍ය අංශයෙන් අද්‍යාපනය ලබාදේ(එංගලන්තයහිද ඇත්තේ පු වී දෙකක් පමණක් වන අතර, ඒවාටද කෙලින්ම උපාදි පිරිනැමීමේ අවස්තාව ලබාදී නැත). පු වී වල ශිෂ්‍යයන් වැඩියෙන් වැඩ කරනවා යන්න කෙසෙත්ම පිළිගත නොහැකියි. මම දේවට දුන්න උත්තරේ වගේම ඔවුන්ගේ නැතිවෙන්නේ කාලයයි, කාලය යනු මිලකල නොහැකි මුදලකුයි, සේවා අත්දෙකීමෙන් අව්රුද්දකුයි!
      Barrier exam වලට වාදී වී සිටීමේ අවස්ථා ගැන හතරකි, බැරි උනොත් ගෙදරය, අය නතරකරපු තැනින් පටන්ගත නොහැක, අවුරුදු 5.5 කම අපතේ යයි.
      6. රාජ්‍ය අංශයේ ළමයින් නලවන විශ්ව විද්‍යාල මම දැක නැත. ඉතාමත් මානුෂික අවස්තාවන්ගේදී හැරෙන්න ඔවුන්ට තුන්වෙනි අවස්තාවන් නොලැබෙයි. උදා ලංකාවේ වැඩිම ලකුණු ලබා මෙඩිසින් වලට කොළඹ පැමිණෙන ළමයින හතරකට (AL 2005 batch)උපාදිය හිමිනොවී ගෙදර යන්නට සිදුවිය, විබාගය අසමත්වීම නිසා, සෙල්ලමක් නොවෙයි.
      7. මම අයෙත් මේ කතාව කියනවා, රජය PMC එකට 600 මිලියන මුදලක් ලබා දුන්නා ලංකා බැංකුව හරහා, නමුත් රජරට වෙද විදුහලට අද මහාචාර්ය ඒකකයක් හදන්න ළමයින කිහිප දෙනෙකුට පන්ති තහනම් කරගන්න උනා.
      foreign graduate ලට පවත්වන ACT 16 විබාගය අවලංගු කිරීමට දෙවරක් කැබිනට් පත්රිකා ගෙනාවා.
      ඔබලාගේ ඔය ලිං මැඩි ආකල්පය නිසා ඔබලා දකින්නේ ඔබලාට පෙන්වන දේ පමණයි, තරමක් හෝ විචාරශීලිවෙලා ලංකාවේ ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්දැයි බලන්න. මෙහි තිබෙන කටුකම තත්වය තමා ලංකාවේ නීතිය සාදන්නන් එකී ආයතනවල ආයෝජනය කරතිබීමයි,පිළිකාව ඔඩු දුවා හමාරය, ඔබලා දකින්නේ එහි හිස පමණයි.
      ............ඉහත දේවල් ගැන ප්‍රශ්න ගැටලු තියේනම් සංඛ්‍යානීය තොරතුරු සමග මැදිහත් වන්න.පැවසූ හැම දේටම මාසතුව සංඛ්‍යානීය තොරතුරු ඇත............ ඔබේ ප්‍රකාශයේ පරිදි මම සංඛයා ඉදිරිපත් කලෙමි, ඔබේ සංඛ්‍යා වල ගැටළු ඇති බව මට පෙනේ. ඔබද ලිඛිත යමක දැමීමේදී වගකීමකින් යුතුව ඉදිරිපත් කරන්න, ස්තූතියි.

      Delete
    4. @සඳකිඳුරා
      මෙතන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොනෑෂ් එක සම්බන්ද ව කතා කිරීම ගැන. ඔයා කියන්නේ මෙල්බන් වල මොනෑෂ් වී වී ගැනද? එය පුද්ගලික වී වී නොවේ. public uni එකක්.

      ඒ වගේම මල්ලි ඔයා මම කලින් ඇහුව ප්‍රහ්නෙට උත්තරේ දීලත් නැහැ. මම කලින් ඇහුවේ මෙන්නේ මේ ප්‍රශ්නේ: 'නමුත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඉංජිනේරු අංශයේ පෞද්ගලික විශ්වවිද්‍යාල මොනවාද කියල ලංකාවේ අය ඉගෙන ගන්න? මම නොදන්න නිසයි අහන්නේ.'

      //වැඩිනම් පුද්ගලික සිසුවා මිසක් රාජ්‍ය සිසුවා නෙමේ.//
      5. ඔයා ඔය කියන එකේ පදනම සල්ලිද? එහෙනම් මටත් මෙහෙම කියත හැකි. රජයේ වී වී වලට යන සාපේක්ෂව දුප්පත් ළමයින්ට අවුරුද්දක් වැඩිපුර කාලය කා දැමීමට නොහැකිය. තමන් රස්සාවක් කර ගෙදරට සලකන තෙක් අම්මා තාත්ත බලා ඉන්නවා. ගොඩක් රජයේ වී වී ලමයි එදා වේල හොයාගන්නේ මහපොලෙන්. එකෙනුත් කියක් හරි ගෙදරට යවන ළමයි ඉන්නවා. එහෙව් එකේ තව අවුරුද්දක් බලන් ඉන්නවා කියන්නේ කොහොමටවත් සෙල්ලමක් නෙවෙයි. අනික අතට අවුරුද්දකට ලක්ෂ බර ගානක් ගෙවල පු වී වී යන ලමෙක්ට තව එක විබාගේකට සල්ලි කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්. ගෙවන්න ඕනේ අවුරුද්දෙම සල්ලි නෙවෙයි නේ.

      6. රජයේ වී වී ළමයි නලවනවා කියල ඔයා හිතනවා නම් ඒ ඔයාගේ නොදැනුවත්කම. අනිත් එක, උසස් පෙළ මහන්සි වෙලා වැඩියෙන්ම ලකුණු අරන් සමත් වෙලා රජයේ වී වී යන ළමයි ඊට පස්සේ නිකම් ඔහේ උඩ බලාගෙන අවුරුදු ගණන් ෆේල් වේවි ඉන්න තරම් මෝඩ නැහැ. එහෙම ෆේල් වේවි ඉන්න අය ඉන්නේ බැච් එකකටම එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක්. දෙතුන් පාරක් ෆේල් වේවි හිටිය ළමයි මගේ බැච් එකේ නම් හිටියේ නැහැ. මල්ලි තරහ වෙන්න එපා නමුත් ලංකාවේ රජයේ වී වී ගැන ඔයාගේ දැනුම අල්පයි කියලයි ඔයාගේ කතාවෙන් පෙනෙන්නට තියෙන්නේ. ලංකාවේ හොඳම වී වී පේරාදෙණිය වගේ කතා කියන්න කලින් නිවැරදිව දත්ත ලබා ගන්න.

      මාසික දෙමාපිය රැස්වීම් වී වී වල තියන එක අනවශ්‍ය කියලයි මාත් හිතන්නේ. මාසික රැස්වීම් තිබ්බද ඉස්කෝලෙදි වත්?

      අන්තිමට මට කියන්න තියෙන්නේ නිසි ප්‍රමිතියෙන් පුද්ගලික වී වී ආරම්භ කිරීමේ ගැටලුවක් නැහැ. නමුත් රජයේ වී වී වලට යන්නේ නිකම් උඩ බලාගෙන පිනට 4-5 පාරක් ෆේල් වෙවී ඉන්න ළමයි කියල, ඒ නිසා පුද්ගලික වී වී වලට යන ළමයි ඊට වැඩියෙන් මහන්සි වෙන්න ඕනේ, රජයේ වී වී වල ළමයි නලවනවා වගේ බොළඳ තර්ක වලට විරුද්ධයි. ලකුණු කීපෙකින් වී වී ප්‍රවෙශේ මිස් වෙන ළමයින්ට අවස්තාවක් දෙන්න පුළුවන් කම තියෙද්දී පු වී කිසි සේත්ම එපා කීම කුහක කමකි. හැබැයි තමන්ට යන්න බැරි උන නිසා රජයේ වී වී වල ඉන්නේ ඔහේ කාලේ කන අය කියල කියන එකත් කුහක කමකි.

      Delete
    5. මේ කාරනා වලදි දෙදනාගේ තර්ක දෙස බලා සිටිමින් සිටිමි.. මන්ද ඇත්තෙන්ම පුද්ගලික විශ්ව විද්‍යාල ඇති වෙනවාට මාගේ කිසිම විරුද්ධත්වයක් නොමැත.. (ඇතිවෙනවා නම් මා විරුද්ද විමෙනුත් පලක් නැත)

      මා දන්නා පරිදිද ශ්‍රි ලංකාවේ කිසිදු වි වි තාමත් පලමු 1000 අතර නොමැත..

      ඇත්තෙන්ම වි වි පුද්ගලික හෝ රජයේ හෝ වේවා විය යුත්තේ රටට වැඩදායි පුද්ගලයෙක් බිහි කිරිමයි... කොහොම උනත් ඇත්තටම වෙන්න ඕනේ ඒකයි..

      අක්කා කියන දේවල් එක්ක එකගයි.. මම දන්න විදිහට ගෙවන්න ඕනේ එක්සැම් ‍ෆිස්..

      රජයේ වි වි වල නවක වදය ගැන නම් ඇත්තට මම පොඩ්ඩක්වත් අකමැති දෙයක්. සමහර අය ඒක හොදයි කියනවා මම දැකලා තියනවා.. ඒත් ඒ හින්දා මානසික අසහනයෙන් ඉන්න අය මම දැකලා තියනවා.. ඒ වගේම ජිවිතේ නැති කරගන්න අයත් හිටියා නේද ලංකාවේ...

      එත් ඉතින් අපිට පුලුවන් නේද නිසි ප්‍රමිතියකින් මේ දේවල් කරන එක..

      මාසෙකට සැරයක් නම් ඔනේ නැ තමයි.. එත් අවුරුද්දකට සැරයක් එහෙම තිබුනොත් ඔය දේවල් හොදයි කියලා මමත් හිතනවා..

      එතනදි පුන්චි හරි වැරද්දක් කරන කෙනෙක් උනත් හරි පාරට ගන්න පුලුවන් වෙයි...

      මුදල් ගැන නම් ඇත්තටම ර.වි උනත් ඒ ආධාර ගැන නම් මම සැහිමකට පත් වෙන්නේ නැ.. ගෙවල් ලග කැම්පස් එකක් ලැබුනොත් නම් හොදයි... එහෙම නැති උනොත් බොඩින් ‍ෆිස් වලටත් ඒක මදි නේ.. (හැම කැම්පස් එකේම හැම ඉයර් වල අයටම හොස්ටල් නැනේ)

      හැම දෙයක්ම හොදම පහසුකම් වලින් ර.වි වලට දිලා පු. වි ඇති වෙනවා නම් ඇත්තටම හොදයි

      Delete
  34. මගේ අදහසත් DUDE අදහසට සමානයි, අනිවා පුද්ගලික වි. වි. තියෙන එකේ වැරැද්දක් නැහැ, ඒවා ප්‍රමිතියකින් යුතුව තියනවා නං ..

    ReplyDelete
  35. මාත් අකැමැත්තෙන් හිටියේ. හැබැයි දේවෝ ලිපිය සාධාරනව ලියල නිසා මගෙ හිතත් වෙනස් වුනා.

    ජය!

    ReplyDelete
  36. දේව්.....මට ගොඩාක් ලඟින් උන්න ඉතාම බුද්ධිමත් කෙනෙක්(ලංකාවෙ ඉහල පන්තියෙ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්.)ව මම සදහටම මගෙ ඇසුරෙන් අයින් කලේ ඔය ප්‍රශ්නෙ නිසා..ගොඩාක් දුප්පත් පවුලක කෙනෙක්,සල්ලි ටිකක් අතේ තියන අය එක්ක මාර කේන්තියකින් ඉන්නෙ..මගෙ මූණටම කිව්ව දවසක් මෙහෙ අපේ අයියල ''කඩ වලින් ලු උපාධි අරන් තියෙන්නෙ''...අපිට සල්ලි තියනවලු ඒ නිසා අපිට උපාධි ගන්න අමාරුවක් නැහැලු..ලංකාවෙත් සල්ලි තියන උන් කඩ වලින් ගන්නවලු...
    හැබැයි එයා ලංකාවෙ මොරටු යුනි එකේ අන්තිම වසරෙදි විතරලු ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් යමක් ඉගෙන ගත්තෙ...අපි වයස අවු:14 ඉඳන් ඉගෙන ගන්නෙ ප්‍රොෆෙසර්ස් ලගෙන්...ඒවට තමා අපි සල්ලි ගෙවන්නෙ......

    (මම දන් නෑ මේ කතාව මෙතෙන්ට අදාලද කියල..ඒත් ඔහේ ලිව්ව..)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ හිත රිදෙන එක සාධාරණයි. කවුරු ත් එකිනෙකාට ගරු කරන්න ඉගෙන ගත්ත නම් මේ ප්‍රශ්නේ නැහැ. රජයේ වී වී ළමයි ඔයාලට 'උපාධිය කඩෙන් ගන්නවා' කියද්දී ඔයාලගේ හිත රිදෙන තරමටම, ඔයාල රජයේ වී වී ළමයි 'නිකම් පිනට ඉගෙනගන්නවා, අඩුවෙන් වැඩ කරනවා' වගේ කතා කියද්දී අපේ හිතත් රිදෙන බව මතක් කරන්න කැමතියි. ඔය කතා දෙකම නිසි අවබෝධයෙන් තොරව කියන කතා කියලයි මට හිතෙන්නේ. පිටරට ඉගෙන ගත්තා හෝ සල්ලි ගෙවල ඉගෙන ගත්ත කියල හරිම මානයකින් ඉන්න අයත් ඉන්නවා. ඔය දෙපිරිසම අසාධාරණයි.

      පොඩි අතුරු ප්‍රශ්නයක් කිරිල්ලි - අවුරුදු 14 ඉදන් ප්‍රොෆෙසර් ල උගන්වනවා කියන්නේ ඔයා ඉන්න රටේ හයි ස්කූල් වලත් උගන්නන්නේ මහාචාර්යව්රුද? ඒ රට ගැන විස්තර දැන ගන්න ආසයි. පොඩ්ඩක් ඒ ගැන කියන්න පුලුවන්ද?

      Delete
  37. http://thisaraps.blogspot.com/2012/01/blog-post_12.html
    ලොකයේ අනෙකුත් රටවල මෙන්ම සියලු ශ්‍රී ලාංකේය පුරවැසියන්ටද අධ්‍යාපනය ලබා ගැනීමට අයිතියක් ඇත..වසරක උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ගෙන් උසස් අධ්‍යාපනයට වරම් ලැබෙන්නේ අතළොස්සකට පමණි නමුත් ඉන් බොහෝ පිරිසක් උසස් අධ්‍යාපනය ලැබීමට කැමතිය විශ්ව විද්‍යාල වලට තේරී පත්වන එවුන් අත්මාර්ථකාමීව සිතන්නේ තමන් පමණක් උපාධීය ගෙන ලොක්කන් වියයුතු බවත් අනෙක් පිරිස තමන්ගේ යටහත් පහත් සේවකයන් විය යුතු බවත්ය. නමුත් මෙම ක්‍රමය වෙනස් විය යුතු කාලය එළඹ ඇත ලෝකයේ බොහෝරට වල පෞද්ගලික විශ්ව විද්‍යාල ඉතා ජනප්‍රියය ඒවායේ ඕනෑම තරාතිරමක අයට උසස් අධ්‍යාපනය හැදෑරිය හැකිය නමුත් ලංකාවේ මෙතෙක් එවැනි තත්වයක් නැත උසස් අධ්‍යාපනය සීමිත පිරිසකට පමණක් සීමා වී ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල එපා යැයි කියන එවුන් පෞද්ගලික උපකාරක පන්ති එපා යැයි කවදා හෝ කියා තිබේද? පෞද්ගලික රෝහල් එපා යැයි කවදා හෝ කියා තිබේද?

    බොහෝ දෙනාගේ තර්කය වී ඇත්තේ මුදල් නැහැමින් තියෙන පිරිසකට පමණක් මෙය පිටුවහලක් වන බවයි නමුත් "හිත ඇත්නම් පත කුඩාද" අවශ්‍යතාවය ඇත්නම් මුදල් ඒ හැටි කජ්ජක් නොවේ "දුප්පතකු ලෙස ඉපදීම ඔබේ වැරැද්දක් නොවේ නමුත් හැමදාම දුප්පතකු ලෙස කල් ගෙවීම ඔබේ අඩුපාඩුවකි".ඕනම පුද්ගලයෙකුට හැකියාවන් ඇත අවශ්‍යවන්නේ ඒ හැකියාවන් හදුනාගෙන දියුණුකර ගැනීම පමණි එසේ නම් ඒ තර්කය පුස්සකි. මුදල් ගෙවා හෝ උසස් අධ්‍යාපනය අහිමි වූ අපේ සිසුන්ට එම සිහිනය සැබෑකර ගන්නට ඉඩ සැලැස්වීමට තිරණය කිරීම පිළිබඳ රජයට හා එස් බී ඇමති තුමාට ස්තුතිවන්ත වෙමු රටේ අධ්‍යාපන මට්ටම ඉහළ යෑම තුලින් රටේ දියුණුවට ද මඟ සැලසෙනු ඇත.

    මෙම බිහිකරන්නට යන පෞද්ගලික විශ්ව විද්‍යාල රටේ අහිංසක දුවා දරුවන්ගේ,මහජනතාවගේ මුදල් කාබාසිනියා කරන තුට්ටු දෙකේ විශ්ව විද්‍යාල නොවේවා එමෙන්ම පූර්ණ විනිවිද භාවයෙන් යුතුව ජාතික ප්‍රථිපත්තියකට අනුව ක්‍රියාත්මක කරන්නට හේතුවාසනා වේවා කියා මනුස්සකම ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
  38. @දේව්: මම රාජ්‍ය විශ්ව විද්‍යාලයක විද්‍යා පීඨයේ ඉගෙන ගන්න කෙනෙක්.මම පෞද්ගලික විද්‍යාල වලට ඒ තරම් විරුද්ධ නෑ.පෞද්ගලික වෙද විදුහල් ගැන නම් පොඩි අවුලක් තියෙනවා.ඒත් ස්ලිට් එක වගේ තොරතුරු තාක්ශණය ගැන උගන්වන ආයතන ගැන අවුලක් නෑ.මොකද තොරතුරු තාක්ශනයට ඇති හැකියාව උසස් පෙලින් මනින්නට බරි නිසා.

    ඒත් ඒ කියලා ආණ්ඩුව රජයේ විශ්ව විද්‍යාල වලට ප්‍රතිපාදන වෙන් කරන්නේ නැතුව රාජ්‍ය විශ්ව විද්‍යාල පහලට වැටෙන්න දාලා තියෙන එක නම් එච්චර හොද දෙයක් නෙවයි.ඒක අපිට හොදටම පේනවා රසායන විද්‍යාගාරයට යනකොට රසායන ද්‍රව්‍ය වල අඩු පාඩු තියෙනවා.භෞතික විද්‍යාගාරයේ තියෙන සමහර උපකරණ දැන් අවුරුදු 20ක් විතර පරණ ඒවා.(මෑත කාලයේදීනම් අලුත් උපකරණ වගයක් ගෙනාවා.).ඉතින් එහෙම කරන එක හොද මදි නේද? මොකද කවුරු මොනවා කිව්වත් ලන්කාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉන්න වැඩි පිරිස බුද්ධිමත් අය.(හැමෝම නෙවයි ඒත් වැඩි පිරිස.)

    දැන් බලන්න ඇමෙරිකාව,එන්ගලන්තය වගේ පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙන රටවල තියෙන රාජ්‍ය විශ්ව විද්‍යාල දිහා..ඒවා ලෝකයේ තියෙන හොදම විද්‍යාල.ඒවා වලින් පිරිනමන උපාධිය ගැන කවුරුවත් තර්ක කරන්නේ නෑ.එහෙම වෙලා තියෙන්නේ පෞද්ගලික විද්‍යාල ඇති උනාම රාජ්‍ය විද්‍යාල ව්ලට පොඩි තරගයක් ඇති වෙනවා.එතකොට රාජ්‍ය විද්‍යාල තමන්ගේ උපාධියේ ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වෙනවා.

    ඉතින් ඔන්න ඔය වෙලාවට තමා ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්න ඕනි.රාජ්‍ය විශ්ව විද්‍යාලවල වලට උපාධි පාඨමාලාවේ ගුණාත්මය වැඩි කරන්න නිකම් බෑ.ඒකට මුදල් හා නවීන උපකරණ ඕනි.ඉතින් ඒවා ආණ්ඩුව සපයන්න ඕනි.එතකොට ර.වි වල උපාධි පාඨමාලාවේ ගුණාත්මය වැඩි වෙනවා.ගොඩක් රටවල් වල මේක වෙලා තියෙනවා.

    ඒත් මට පේන විදියට අපේ රටේ ආණ්ඩු පෞද්ගලික විද්‍යාල ඇති කලාට ර.වි වලට උවමනා ප්‍රතිපාදන දෙන්නේ නෑ.ඉතින් අන්තිමට පෞද්ගලික විද්‍යාල ඉහලට යනවා..රාජ්‍ය විද්‍යාල වැහෙනවා.බලමුකො ඉස්සරාහට වත් එහෙම කරයිද කියලා.

    අහ්..දේව් ට මට යමක් කියන්න ඕනි.කැම්පස් වලට දෙමාපිය හමු ඕනි නෑ.මොකද විශ්ව විද්‍යාලය කියන්නේ නිදහස් තැනක්.පොලිසියට වත් හමුදාවට වත් විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අවසර නැතිව විශ්ව විද්‍යාල ඇතුලට එන්න බෑ කියලා ඔයා දන්නවාද?? එහෙම කරලා තියෙන්නේ විශ්ව විද්‍යාලයක තියෙන්න ඕනි නිදහස ඒ ආකරයෙන්ම ලබා දෙන්න ඕනි නිසා.ලෝකයේ ඕනිම විශ්ව විද්‍යාලයක ඒක ක්‍රියාත්මක වෙනවා.අනික විශ්ව විද්‍යාලය කියන්නේ පාසලක් නෙමයි.ඇනලා උගන්වන්නේ නෑ...තමන් ඉගෙන ගන්න ඕනි.අනික විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කියන්නේ තනිවම අනාගත ලෝකයට මුහුණ දෙන්න ඕනි කෙනෙක්.

    විශ්ව විද්‍යාල වල රැග්,උද්ගෝෂණ තියෙන නිසා එහෙම කරන්න ඕනි කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්.ඒත් මම වගකීමෙන් කියන්නේ විශ්ව විද්‍යාල වල ඉන්න සුලුතරයක් තමයි ඕවට සහභාගී වෙන්නේ.අපේ බැච් එක ගත්තොත් නවක වදයට පක්ශ ලමයි 62ක් ඉන්නවා..ඒත් නවක වධ විරෝධියෝ 452 ක් ඉන්නවා...!!!
    ඒත් සුලුතරයක් කරනා වැඩ මීඩියා වලින් උලුප්පලා පෙන්වනවා.ලින්ගික හින්සන,ශාරීරික වද බන්ධන තමා මීඩියා වල පෙන්වන්නේ.ඒත් අපි කරපු දන්සැල් රෝහල් වලට කරපු පරිත්‍යාග,දුප්පත් පාසැල් වලට ගිහින් පොත් දුන්න ඒවා,දුශ්කර පාසැල් වල ලමයින් හොයාගෙන ගිහින් පාඩම් කියලා දීපුවා,තාරකා විද්‍යා කදවුරු කරපුවා ගැන මීඩියා කථා කරන්නේ නෑ.මොකද උන්ට ඕනි ප්‍රසිද්ධිය නේ...අනික මම දැන් විශ්ව විද්‍යාලයට ගිහින් අවුරුද්දක් වෙනවා.උඩ බැච් වල අයියා කෙනෙක් නිකමටවත් මට බැනලා නෑ.

    ඒ නිසා කැම්පස් කියන්නේ හිර කල යුතු තැනක් නෙමයි.ඒවා වල ඔය මීඩියා වල පෙන්නන තරම් භයානකත්වයක් නෑ.හැබැයි වැරදි වැඩ නොවෙනවා කියලා මම කියන්නේත් නෑ.උගත් මන්දබුද්ධිකයෝ නැතුවමත් නෙවයි.කීප දෙනෙක් ඉන්නවා.ඒත් ගොඩ දෙනෙක් හොද මිනිස්සු.

    ReplyDelete
  39. hmm.. kalina lipiyak, man igana ganne private university ekaka thama. subject ekak goda daganna api sahena kattak kanawa. mage yaluwo government uni eke 1st year eke innakota man dan inne 3rd year eke. anika thama batch ekata ganna pramanene bageta wada halenawa. ehema wenne subject wala thiyena amaruwa hindama thama.adan yanna puluwan kipa denek anthimata ithiri wenawa.salli thibuna paliyata degree karanna ba, apita self studies hugak wadi. exams , assigmant lesiyen cover karanna ba. exam goda dagaththath assignmnet goda danna amarui. eka nulatama balanawa. internet, poth walin mokak gaththath 4% wada internet use kaloth resubmission denawa. lameyekta thamun hoyala igana ganna eka hugak watinawa kiyala dannene ethakotai. apita uganwanna enne lankawe piligath university wala hodama gururwaru. eyala private uni walata penwana tharam akamaththakuth na. mokada api boruwata lectures cut karanne, udgoshana, panthi warjana, rag anan manam mokuth na. lectures cut karanna ba, assignment denna 80% attendance balanawa. demapiyange salli walata niyama watinakamak denna ona hindaapith gatagahan adagena yanawa. anika thama eliyata bassama watena amuma amu kapilla. ewa gana katha karala wadak na. ehindama private degree karapu bahuthare lankawe radenwa hugak adui. aniwaryen pita ratakata yanwa. mokada mehe pili ganne na , valid na kiyala kagahuwata.. Singapore, middle east, Australia,wage thawa hugak rata wala illuma thiyena hinda. mawa private campus ekakata yawapu eka gana ape demapiyo ada santhosa wenawa. adu wayasin mage jivithe aramb karanna puluwan wena hinda.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....