ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

31 May, 2011

මෙන්න වැඩ මට නම් හිතාගන්නම බෑ

දවස් 2 , 3කින් හරියට පොස්ට් එකක් දාන්නවත් බැරි උනානේ... ඔන්න ඉතින් ආයෙමත් වැඩ පටන් ගන්නයි හදන්නේ.. හැබැයි ඉතින් වෙනදා වගේ හැමදාම පොස්ට් දාන්න නම් පුලුවන් වෙයිද කියලා කියන්න  නම් බැ.. ඒත් පුලුවන් හැම වෙලාවකම ඔයාලට වටින කියන දෙයක් එක්ක පොස්ට් එකකින් හම්බ වෙන්න තමයි  මගේ බලාපොරොත්තුව..
ගොඩාක් බිසි වෙයි කියලා හිතන නිසයි එහෙම කිවේ... (ඇයි බැංකුවේ වැඩ ගෙදර ගේනවද කියලා ඔයාලා අහයි, අනේ නැ එහෙම කරන්න බැනේ... ඒවා ඉවර කරලානේ ගෙදර එන්නේ..., එහෙමනම් මොනවද මේ කියන්නේ නේද?????)
ඇත්තටම ඉතින් මේක මගේ පොඩි ස්ටඩි වැඩ වගයක්.. මම කලේ මැත්ස් නේ එත් මම මාස 6 කින් චාර්ටඩ් වල ඊකොන් . මෑත්ස් , ඉන්ග්ලිස් ඕවා ටික නම් ගොඩ.. ඒත් එකවුන්ට් එක ටිකක් විතර අවුල් වෙලා.. සැප් වල කොහොමහරි එක්සැම් එක ගොඩ දාගන්න ඕනා..ඒකට ටිකක් මහන්සි වෙන්න හිතුවා..
ඒත් අද මම මේ පොස්ට් එක දාන්න හිතුවේ එකට නම් නේමේ... ඔන්න ඉතින් ඊයේට මගේ බ්ලොග් දෙවෙනි සිසන් එකට බ්ලොග් කරනයට ඇවිල්ලා මාසයක් සම්පුර්ණ වෙනවා... පොස්ට් 40 ක් විතර ඒ මාසේ ඇතුලත මම දාලා තියනවා.. ඔයාලා 2500 සැරයකට වඩා මාව බලන්න ඇවිත් තියනවා.. මාව ෆලෝ කරන අය අද වෙනකොට 33 ක් ඉන්නවා... ඔයාලා හැමදාම මගෙත් එක්ක ඉන්නවා කියලා මම විශ්වාස කරනවා.. ඒ වගේම මම දැන් සින්ඩි 5කම ඉන්නවා.
ඒ හැම එකකම ඇඩ්මින් කෙනෙකුටම මම ගොඩාක් ස්තුති කරනවා.
ඔන්න මම මේ මාසේ සම්පුර්ණ වෙනකොට පුන්චි තැග්ගක් ඔයාලට දෙනවා....කැමතිනම් බාර ගන්නකෝ... මගෙන් ඉංග්‍රිසි බ්ලොග් එකක්
ඇවිත්ම බලන්නකෝ... ENTER
ඔයාලා හැමොටම ගොඩාක් තැන්ක්ස් හැමදාම මගෙත් එක්ක ඉන්නවට

29 May, 2011

සදරු නංගියෝ ඔයාට උපහාරයක්ම වේවා

මේ මම ගැනවත් තවත් මේ වගේ බ්ලොග් ලියන සදරු ගැනවත් නම් නෙමේ මේ ලියන්න යන්නේ....
මම මගේ බ්ලොග් එකේ මගේ ජොබ් එකේ වෙන ගොඩාක් දේවල් ලියන්නේ නැ.. මොකද එක ජොබ් එක ගැන මම හිතන විදිහට ලිමිට් පැනලා කතා කරන්න හොද නැ.. මොකද ලංකා බැංකුව කියන්නේ ගනුදෙනු කාර භවතුන්ගේ පුද්ගලිකත්වය ,රහස්යභාවය ගොඩාක් ආරක්ෂා කරන ජාතියේ පහන් ටැබ බදු බැංකුවක්..

අද මම මේ කියන දෙයින් බැංකුවේ එහෙම දෙයක් ගැන නම් නෙමේ කියන්න යන්නේ
අද තිබුනු එක වැඩ සටහනකින් මගේ හිතට දුකක් දැනුනු ඒ දුක එක්කම සතුටක් හිතට දැනුනු සිදුවිමක් නිසාමයි මේ පොස්ට් එක ලියන්නේ

සදරු ප්‍රියංවදා....


දැසෙන් ලොව දකින්න වාසනාව අහිමි උනත් දැස් දෙකම ඇති ගොඩාක් දෙනෙක්ට හරියට කරගන්න බැරි දෙයක් ගැන අහන්න ලැබුන නිසා මගේ හිතට දුක හිතුනා.. එත් නංගියෝ ඔයා ඒ දැස් නොපෙනෙන එක බාදාවක් කරගන්නේ නැතුව අද උසස් අද්යාපනයට වරම් ලබා ගෙන තියෙන එක ගැන ගොඩාක් සතු‍ටුයි මට නම්

මිට පෙර කවදාවත් අසා නැති , දැක නැති ඔයා අද ගොඩාක් ලස්සනට ඔයාගේ හැකියාවන් පෙන්නනකොට එකට ලංකා බැංකුව ශක්තියක් වෙලා තියනවා කියලා දැන ගන්නකොට හිතට අමුතුම විදිහේ හැගිමක් දැනුනා...

ඔයාට මේ ලෝකේ දිනන්න පුලුවන් නංගියෝ, මේ බ්ලොග් පොස්ට් එකේ ඔයාගේ පොටො එකක් දාන්න බැරි උනේ.. ඔයාගේ පොටො එකක් ගන්න තරම් සමිප දුරකින් මම උන්නේ නැති නිසයි.. කැමති අයට අහන්න අද ඔයා කියපු සින්දුව මම මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න මම දානවා (මතක් කරලා ඇවිත් කමෙන්ට් දාලා යන්නකෝ)
මම දන්නවා කවදාවත් ඔයාට මේක බලන්න ලැබෙන එකක් නැ.. එත් මම ප්‍රාර්ථනා කරනවා ඔයාට එහෙම දවසක් ඉක්මනටම උදා වෙන්න කියලා

මේක ඔයා වගෙම ව්ර්යෙන් ජිවිතය දිනන්න උත්සහ කරන හැම දෙනෙකුටම උපහාරයක්ම වේවා

26 May, 2011

බ්ලොග් එක කියවන්නේ නැතුව අහගෙන ඉන්න ආසද? මෙන්න එකට විසදුම...

bඔන්න අදත් වටිනා කියන ගොඩාක් හොද පොස්ට් එකක් එක්ක තමයි මගේ යාලුවෝ හොයාගෙන ආවේ.. ඔයාලා හැමෝම බ්ලොග් ලියනවනේ ඉති දවසක හිතුනේ නැද්ද ඔයාලට ඔයාලා ලියන බ්ලොග් කියවන්න එන ඔයාලගේ යාලුවන්ට එක කියවන්නේ නැතුව අහන්න දුන්නොත් හොදයි කියලා ඔයාලට හිතුනේ නැද්ද? දේවා ට නම් හිතුනා.. ඔන්න බ්ලොග් එකටත් දැම්මා... එත් මේක මගේ එකට වඩා ගොඩාක් හොද ඔයාලගේ එකට දාන එක තමා.. මොකද දේවා කියවන්නේ ඔයාලාගේ බ්ලොග්නේ.. අනිත් එක දේවා ගේ  අඩවියේ තියෙන්නේ ඔය ගොඩාක් ගැජමටික්ස් හින්දා ඒවා අහලා වැඩක් නැනේ... කියවනන්නේ එතකොට ඩබ්ලිව් ඩබලිව් ඩොට් සැලැෂ් කොම් ඔය වගේ කතානේ.. වැඩි කතා නම් ඔනේ නැ ඔන්න.. වැඩේට බහිමුකෝ.....
ඔන්න මේක අරගෙන නිකන් නම්ක් යන්න එපා තව තව හොද දේවල් දෙන්න ඔයාලාගේ ෆලෝ , කමෙන්ට් ගොඩාක් වටිනවා




DashBoard ----> Design ----> Edit Html යන්නකෝ


ඔන්න මතක් කරලා Expand widget tem ටික් මාක් දාගන ඉන්නකෝ




ඔන්න ඉතින් ඊට පස්සේ මෙන්න මේ දෙකෙන් එකක් තියනවද කියලා බලලා ඒ තැන හොයා ගන්නකෝ




<div class='post-header-line-1'/>      ,        <data:post.body/>

ඔන්න ඊට පස්සේ මම දෙන මේ කොඩ් එක ඔයාලා <div class='post-header-line-1'/> මේකට  පස්සේ හරි නැත්නම් <data:post.body/> මේකට කලින් කොපි කරගෙන පේස්ට් කරගන්නකෝ

<div style='float:right; margin-right:10px;'>

<div id='voice'>

<script src='http://vozme.com/get_text.js' type='text/javascript'/>
<a expr:onclick='"get_blogger(\"" + data:post.id + "\",\"en\",\"ml\");"' 
href='javascript:void(0);'><img src='http://vozme.com/img/paper_sound32x32.gif
align='left' alt='' border='0' style='margin-right:0.4em;'/></a>

<a expr:onclick='"get_blogger(\"" + data:post.id + "\",\"en\",\"ml\");"' 
href='javascript:void(0);' style='font-size:10px;'>Hear<br/>this post</a>

</div>

</div>


පස්සේ ඉතින් සේව් කරගන්නකෝ,...
ඔන්න ඉතින් දැන් වැඩේ හරි... දැන් ඔය මාක් එකක් ඇවිත් තියෙන්නේ එකෙන් පුලුවන් ඔයාලාගේ පොස්ට් අහන්න.. ගොඩාක් හොද ඉන්ග්ලිශ් ඒවට තමා... දාගෙනම බලන්නකෝ
මොනවහරි කියලා යනවනම් ෆලෝ කරලා යන්වනම් වටිනවා ගොඩාක්

25 May, 2011

කමෙන්ට් කරන්නේ කවුද කියලා බලාගන්න නම් මේක ගොඩාක් වටිනවා

ඔන්න අදත් පොඩි බ්ලොග් එකට වැදගත් ගැජමැටික්ස් කැල්ලක් අරගෙන ආවා.. ඔන්න.
කට්ටියම ඔන්න පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ....
ඔයාලා දන්නවනේ ඉතින් ඔයාලාගේ බ්ලොග් එකට ගොඩාක් අය එනවා කමෙන්ට් දානවානේ.. ඔයාලට මෙහෙම හිතිලා ඇතිනේ.. මගේ බ්ලොග් එකට එක එක අය කොයි තරම් කමෙන්ට් දානවද? කවුද ගොඩාක් මගෙත් එක්ක ඉන්නේ... මම ලියන ඒවාට කවුද වැඩියෙන් කැමති... ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩාක් ඔලුවට එනවනේ..
ඉතින් එක බලන්න මුල ඉදන් කොලයක් පැනක් අරගෙන එක එක බ්ලොග් පොස්ට් එක බල බලා එකට එක එක අය දාපු කමෙන්ට් ගාන ලියන්න බැනේ
ඔන්න එකට විසදුමක් දෙන්න තමයි අද දේවා හදන්නේ..
මේක ඔයාලත් ඔයාලගේ බ්ලොග් එකට දාගන්නකෝ.. එතකොට අනිත් අයටත් අනිත් අය ගැන දැන ගන්න... එහෙම පුලුවන්නේ....


ඔන්න ඔයාලා මේක දාගන්න ඉතින් ඉස්සරවෙලාම යන්නකෝ හැම ගැජට් එකක්ම දාන පිලිවලටම........


Dashboard ---> design or layout ---> page element ---> add a gadget ---> html/jawa


ඔන්න ඉතින් එතනට ගිහින් මේ මම දෙන කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කර ගන්නකෝ..

තව දෙයක් කියන්න පොඩ්ඩෙන් අමතක වෙනවනේ... මේක මම මගේ බ්ලොග් එකට දාලානේ තියෙන්නේ ඉතින් වැඩි වැඩියෙන් කමෙන්ට් කරලා මේකේ ඉහලම තැනට ඔයාලා එන්නකෝ.. ඉතින් අමතක කරන්නේ නැතුව ෆලෝ කරලා දාන්නකෝ කමෙන්ට් එහෙම... මට එක ගොඩාක් වටිනවා ඕං


<script type="text/javascript">
function pipeCallback(obj) {
document.write('<ol>');
var i;
for (i = 0; i < obj.count ; i++)
{
var href = "'" + obj.value.items[i].link + "'";
if(obj.value.items[i].link == "")
var item ="<li>" + obj.value.items[i].title + "</li>";
else
var item = "<li>" + "<a href=" + href + ">" + obj.value.items[i].title + "</a> </li>";
document.write(item);
}
document.write('</ol>');
}
</script>
<script src="http://pipes.yahoo.com/pipes/pipe.run?_render=json&_callback=pipeCallback&_id=2f414149ab66e0892a6a179016f93019&url=http%3A%2F%2F
yourblog.blogspot.com&num=10&filter=" type="text/javascript"></script>


ඕක ඔයාලගේ බ්ලොග් එකට දාගන්නකොට ඔය රතු පාටින් තියන කියලා තියන එකට ඔයාලගේ බ්ලොග් එකේ නම  තමයි දෙන්නකෝ.. හැබයි ඉතින් කියන කැල්ල නැතුව දාන්න ඕනේ...හොදද???
ඕ ඉතින් ෆලෝ දාලා කමෙන්ට් එහෙම කරලා ඉන්නකෝ අනේ

ඉන්න තැන බලාගන්න හොදම විදිහක්

 ටික දවසකින් මුකුත්ම ටෙක් කතා කැල්ලක් වත් දාන්න බැරි උනානේ..නම වෙනස් උනාට පස්සේ දාපු පලවෙනි පොස්ට් එකට ඉති කමෙන්ට් මේ බ්ලොග් එකේ වැඩිම කමෙන්ට් ආපු පොස්ට් එක වෙන්න ඕනා... එකට කමෙන්ට් කරපු නොකරපු බලපු නොබලපු හැමෝටම ගොඩාක් තැන්ක්ස්
අද කියන්න යන්නේ පොඩි කතාවක් කොහොමද බ්ලොග් එකට මැප් එකක් එක්කම ඉන්න තැන විස්තර හොයාගන්න පුලුවන් විදිහේ පොඩි ගැජට් එකක්
ඔයාලත් දාගන්නකෝ

දන්නවනේ

Dash board ----> Design ----> Add a Gaget ----> HTML/Jawa Script

ඉතින් එකට යන්න එතනට ගිහින් මෙන්න මේ කොඩ් එක දිලා සේව් කරගන්නකෝ
වැඩේ ඉවරයි. මොනවා හරි ඉතීන් කියලා යන්නකෝ


<iframe width="260" scrolling="no" marginheight="0" marginwidth="0" frameborder="0" src="http://www.infosniper.net/locate-ip-on-map.php?lang=1" height="450"></iframe>


ඔන්න ඔහොම කොඩ් දිලා සේව් කර ගත්තට පස්සේ ඔයාලාම බ්ලොග් එකට ගිහින් බලන්නකෝ.... වැරදි අඩු පාඩු ඇතත් නැතත් . මොනවා හරිම කියලා යන්නකෝ
අහ්.... තවම ෆලෝ කලේ නැත්තං කරලම යන්නකෝ

24 May, 2011

සමා වෙන්න සදරු

සදරු ගේ ලෝකය මොකක්ද මේ එක පාරම නම් ඔයාලා කාටවත් හිතා ගන්න නම් බැරි වෙයි මම හිතන්නේනම්.... මම සදරු එත් කාලෙකට කලින් කිවේ ඒ නම නම් නේමේනේ... ඔයාලා දන්නවනේ ඒ මොකක්ද කියලා... ගොඩාක් දෙනෙක් දැන ගන්න තරම් මේ ඩයල් එක ප්‍රසිද්ද නම් නැතුව ඇති... එත් දන්න කියන අය ගොඩාක් දෙනා දන්නවා මම දේවා කියලා
එත් සදරු ගේ ලෝකය කියලා අප්‍රියල් 30 මම මේ බ්ලොග් එක පටන් ගත්තා.. එත් බ්ලොග් කියවන කොට මම තේරුම් ගත්තා මට මේ නම අයිති නැ කියලා.. හිස් අහස ලියන අය්යාටයි සදරු කියන නම අයිති... ඉතින් සමාවෙන්න සදරු කියලා මම සමාව ඉල්ලන ගමන් මගේ මට මේ බ්ලොග් අවකාශේ තවම තනියම අයිතිවාසිකම් කියන්න පුලුවන් දේවා කියන නමට අද ඉදන් මේ අවකාශය මාරු වෙනවා..
ඒ කියන්නේ ඉතින් අද ඉදන් සදරු ගේ ලෝකය දේවා ගේ ලෝකය වෙනවා..
නම වෙනස් වෙනවා එක්කම බ්ලොග් එකේ පොඩි පොඩි වෙනස් කම් නම් ටිකක් වෙයි...
ඒ මොනවද කියලා ඉස්සරහට මගෙත් එක්ක ඉන්න යාලුවෝ හැමෝටම දැන ගන්න පුලුවන් වෙයි
ඉතින් මම ඔයාලා හැමොගෙන්ම මාව ෆලෝ කරලා මාත් එක්ක දිගටම ඉන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා
හිස් අහස ලියන  සදරු අය්යේ.. මේ බ්ලොග් අවකාශයේ දවස් 25වත් මම ඔයාගේ නම පාවිච්චි කලාට සමා වෙන්න මම අද ඉදන් සදරුගේ ලෝකය
දේවාගේ ලෝකය විදිහට හැමොම එක්ක සහයොගයෙන් වැඩ කරන්නම්...
කමෙන්ට් දාලා ෆලෝ කරලා මාත් එක්ක ඉන්නකෝ මගේ යාලුවනේ

22 May, 2011

එකම අවුරුද්දේ කිරි අම්මාව 4පාරක් ම මරලා දාලලු

එක එක අයගේ එක එක වැඩ නිසා ඉතින් ඔන්න මට පොස්ට් එකක් වත් දාන්න බැරි උනානේ..
ඊයේ පෙරේදා දාපු පොස්ට් ටිකත් ඉතින් එක්කෙනෙක් නටපු පිස්සුවක් ගැනනේ ලිවේ
ඔන්න අද ඉදාන් ආයෙමත් ඔයාලට සදරුගේ ලෝකය ඔයාලත් එක්ක සුපුරුදු පරිදි ඉන්නවා.. (අනේ ඉතින් එහේම කියපුවහම ෆලෝ එකක් එහෙම දාලාල ඉතුරු ටික බලමුකෝ)
මම කලින් පොස්ට් එකක අපේ සමන් අය්යා ගැන කිවානේ... එදා මම කිවානේ සමහරවිට සිරිස් එකක්ම ලියන්න වෙයි කියලා...
අද දෙවෙනි කතාව
සමන් අය්යා ඉතින් මට වඩා අවුරුදු 12-15 ක් විතර වැඩිමල්නේ
ලංකාවේ ගොඩාක් පැතිවල වැඩ කරලා එහෙම ගොඩාක් එක්ස්පිරියන්ස් එහෙම තියන ඩයල් එකක්

මේකට කතාව්ට හේතුව උනේ වැඩ කරන නංගි කෙනෙක් තොරන් බලලා වැඩට එන්න පරක්කු උන එක තමා
මම නම් ඕවට හොද හොද හේතු කියලා තියනවා කියලා තමයි මෙන්න මේ කතාව කිවේ
සමන් අය්යා කාලෙකට කලින් ඉතින් ඔය අනූරාධපුර පැත්තේ වැඩ කරන කාලෙක තමයි මේක වෙලා තියෙන්නේ
කුරුනැගලට එහෙම එන්න ටිකක් හැමදාම අමාරුනේ...මාසෙකට විතර සැරයක්ලු එන්නේ
එහෙම ආපු දවසට (සෙනසුරාදා ඉරිදා) විතරක් ඉදලා යන එකට වඩා කොහොම හරි තව දවසක් දෙකක් ඉදලා යන්නමලු හිතන්නේ...
ඕකට කරන්නේ හැමදාම කාව හරි මරණ එක තමාලු කරන්නේ... (ඇත්තටම නෙමේ ඉතින් කියනවලු.. අත්තා , කිරිඅමාමා, මාමා. බාප්පාගේ ලොකු පුතා, ඔය වගේ කවුරු හරි ජිවත් වෙන කාව හරි මරන එක තමා ෆැක්ස් එකකින්)

දවසක් ඔහොම නිවාඩු ඉදලා එනකොට ඉහල තනතුරක් දරන කෙනෙක් ඇවිත්ලු බැංකුවට...
මොකද සමන් නිවාඩු ද? කියලා ඇහුවම කිවාලු ඔව් සර් කිරි අම්මා නැති උනනේ කිවාලු
අර ඉහල තනතුරක් දරන කෙනා ටිකක් සමන් එක්ක හිතවත් නිසා ඇහුවලු ඇයි ඉතින් අපිට කිවේ නැත්තේ කියලා.. ගත් කටටම කිවලු සර් මම ෆැක්ස් එකක් එව්වනේ කියලා

ඔන්න ඉතින් ඊට පස්සේ මේ නිළධාරියා එතන වැඩ කර සි.සි ට කතා කරලා ටිකක් බැන්නලු
මොකක්ද ඔයා කරන්නේ කවුරු හරි නැතිවුනා වැඩට එන්න විදිහක් නැ කියපුවහම නිවාඩු විතරක් ලකුනු කරලා අත පිහදා ගන්න එපා... පොඩ්ඩක් අනිත් අයවත් දැනුවත් කරලා මොනවා හරි ඒ වෙනුවෙන් කරන්න කිවලු.. ආයේ කාගේ හරි කවුරු හරි නැති වුනොත් කියන්න කිවලු
ඔන්න ටික වෙලාවකින් සි.සි දින ටිකක් කියවගෙන යනවලු
ජන 12 , මාර්තු 22 ජුනි 19 සැප් 5 කියලා ඉවර වෙලා කියනවලු
සර් මේ දවස් 4ම සමන්ගේ කිරි අම්මා නැති වෙලා තියනවා ආයේ මේ අවුරුද්දේ නැති උනොත් කියන්නම්කෝ කියලා

මේකනේ වෙලා තියෙන්නේ ඔය නිවාඩු ගිහින් එන්නේ නැතුව ඉන්න ඕනා උනාම ෆැක්ස් කරනකොට එකම අවුරුද්දේ කිරි අම්මාව 4ක් ම මරලා දාලලු
වැඩේ නම් නොන්ඩි කෝටියයි
ඔයාලත් හිතෙන දෙයක් කියලා ෆලෝ එකක් එහෙම දාලා යන්නකෝ

21 May, 2011

Twitter ඉන්නවනේ පොඩ්ඩක් මේකත් බලන්නකෝ

මම ඒකට ආවේ අදයි... මොනවද ඒකේ වෙන්නේ කොහොමද ඒක කරන්නේ කියලා මම මුකුත්ම දන්නේ නැ.. කියලා දෙනවද?
ඇත්තටම මම නෙට් පාවිච්චි කරන්න පටන් අරගෙන අවුරුද්දක්  2ක් උනාට අද තමයි මම මුලින්ම ‍ටුවිටරේ එක්ක සම්බන්ද උනේ.. ඇත්තම මම දන්නේ නැති නිසයි ඒකට මෙච්චර දවසක් සම්බන්ද නොවි උන්නේ....
එත් හැමොම වගේ එකට සම්බන්ද වෙලා නිසා ඕන දෙයක් වෙන්න කියලා හැදුවා එකවුන්ට් එකක් දන්න කියන අයගේ නම් වලින් සර්ච් පාරක් දැම්මම ඉස්සරවෙලාම ෆ්ලෝ කරන්න ලැබුනේ දැවන්තයෙක්ව
ලාංකිය එකේ වැප් අය්යාව ඔන්න මම ඔයාව මුලින්ම ෆලෝ කලා
ඒවගේම මාව ඉස්සර වෙලාම ෆලෝ කරපු  බුදාජිව අය්යාටත් ගොඩාක් තැන්ක්ස්
මම තාම දන්නේ නැ මේකෙන් කරන්න පුලුවන් දේවල් ගැන නම් මුකුත්
දන්න කියන කෙනෙක් ‍ටුවිටරේ ගැන මාව කමෙන්ට් එකකින් හරි ඉගන ගන්න පුලුවන් තැනක් ගැන ලින්ක් එකකින් හරි දැනුවත් කරන්නකෝ
 අනේ මේ පැත්තේ ආව එකේ ෆලෝ පාරක් එහෙම දාලා යමුකෝ


sadaru_world


කියන්නේ මගේ ‍ටුවිටරේ යුස්ර් නේම් එක පුලුවන්නම් එකත් ෆලෝ කරන්නකෝ

20 May, 2011

මට මුකුත්ම කරන්න බැරිද?


අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක් 
ඔයා ගොඩාක් වෙලාවට හිතනවා නේද? මට මුකුත් කරන්න බෑ... මම දන්න දෙයක් නෑ... අනිත් අයට වගේ උත්පතියෙන් මට ලෑබුන දෙයක් නෑ කියලා... ඔයා එහෙම හිත හිතා ඔහේ හිටියොත් හෑමදාම ඔයාට පරාජයම තමයි.. ඔයාට ජන්මෙන් මුකුත් ලෑබුනේ නෑ කිය කියා දුක් වෙනවට වඩා ඔයා මොකක් හරි දෙයක් පුරුදු වෙන්න පුලුවන්නම් එක ඔබේ ජාන වලට ඈතුල් කරගන්න තරම් ඔබ දක්ශයෙක්නම් ඔබ දුක් උනා වගේ ඔබේ පරම්පරාවෙ කාටවත් දුක් විදින්න වෙන ඒකක් නෑ.. කොහොම උනත් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි...
හින්දා අපි උත්සහ කරන්න ඔනේ අලුත් පුරුදු වලින් ජිවිතේ ජයගන්න
ජිවිතයක් දිනන්න නම් අනිවාර්යෙන්ම ජිවිතයට ඉලක්කයක් ඕනා.... ඉලක්කයක් නෑති ජිවිතය හරියට හබලක් නෑති පාරුවක් වගේ... ඔහේ ගමන් කරනවා මිසක් උවමනා කරන තෑනට ගමන් කරන්න බෑ..
ඉලක්කයක් නෑතිව ජිවත් වෙන ඕනෑම පුද්ගලයෙක් මනුස්සයෙක් කියලා හදුන්වන්න බෑරි තත්වයක් තමා තියෙන්නේ.....
අද සමාජයේ කාලය තත්පර, විනාඩි,පෑය,දවස්,සති,මාස,අවුරුදු, කියලා බෙදලා වෙන් කරගෙන තියෙන්නෙත් අපිට යම් යම් ඉලක්ක සදහා යාමට ලේසි වෙන්න තමයි....
ඉලක්කයක් නෑති කටවත් මේ වෙනකන් හොද තෑනකට ඈවිත් තියනවා කියලා මම නම් අහලා නෑ... වගෙම කිසිම කෙනෙක්ට ඉලක්ක නොකල කිසිම දෙයක් මේ වනතුරු සාර්තකව කරගන්න ලෑබිලා නෑ කියලායි මගෙ නම් හෑගිම.... ඉලක්කය අපිට විවිධ නම් වලින් හදුන්වන්න පුලුවන්... ( පෑතුම , ආශාව , ප්‍රාර්ථනාව ........... )
කොහොම උනත් ජිවිතයක් සාර්තක කරගන්න නම් අපිට අනිවාර්යෙන්ම ඉලක්කයක් ඔනා වෙනවා....
....................
ජය...............................

ටයි දාලා අපේ පුතත් රට ගිහින්...

.
මේ කතාව නම් ගොඩාක් හොද ටයිප් කතාවක් නම් නෙමේ කියන එක මම පිලි ගන්නවා... එත් එක එක කතා ඇහෙන දකින නිසා මේ කතාව මට අහන්න ලැබුන එකක්... කියවලම බලන්නකෝ
ඇත්තටම මම වැඩ කරන කොට පිලිවලකට ඇන්දත් කවදාවත් ටයි එකක් නම් දාන්නේ නෑ...
ඒ.සි වල වැඩ කරන නිසා ටයි දැම්මා කියලා මුකුත් ඇගට අමාරුවක් නම් දැන්නෙන්නේ නැ.. එත් මම එක එහෙම කලේ නැ.. එත් මේ ඊයේ පෙරේදා ටිකේ උනු සමහර දේවල් නිසා මට ටයි දාගෙනම වැඩ කරන්න වෙලා..
අපේ බ්‍රාන්ච් එකට මල්ලි කෙනෙක් ඇවිත්.. මැන් ටයි දාගෙනම වැඩ... අපි මේ අවුරුදු ගනන් වැඩ කරලත් එහෙම නොදා මේ මැන් දානකොට අපිට අප්සෙට් වගේ නිසා කට්ටිය හිතුවා එහෙම වැඩ කරන්නා... ඔන්න දැන් සදරුත් එහෙම තමා වැඩ.... එත් මේ පොස්ට් එක එහෙම ඒ කතාව ගැන කියන්න නෙමේනේ පොස්ට් එකක් දාන්න හැදුවේ..
හැබයි ඉති මේක ඔය ටයි කතාවට ටිකක් සම්බන්දයි....
මට ඉතින් බැන්ක් එකේ ගොඩාක් ඉති එක එක කතා කියන්නේ සමන් අය්යානේ මේක සමන් අය්යා ගැන කියන කතා මාලාවක පලවෙනි කතාව වෙන්නත් පුලුවන්

මේක අලුත බැදපු ජොඩුවක් ගැනයි එත් කියන්න හේතුව මගේ මේ ටයි කතාව තමා....
විවාහ යොජනාවකින් කොල්ලෙකුයි කෙල්ලෙකුයි කසාද බැදලා... (නැතුව කොල්ලෝ කොල්ලෝ ම බදිනවද නේද? )
මේ ජෝඩුව බැදලා දවස් 5,6ක් යනකොටම ඉතින් මේ කොල්ලට කෙල්ලගේ පිනටද පවටද කොහෙද පිට රටකට යන්න ස්කොලශිප් එකක් ලැබුනලු
දැන් ඉතින් කරන්න දෙයක් නැනේ කොල්ලා ගියා රට
කෙල්ල ඉතින් ගෙදර
වැඩිය කොල්ලා ලියුම් එහෙම කොල් එහෙම ගන්නේ නැහැලු... ඕවට ඒ දවස් වල බර ගනන් යන්න ඇතිනේ....
දැන් ඉති බැදලා සතියකින් විතරනේ ගියේ... කෙල්ල කතා කලාලු
මට ඔයාව ගොඩාක් මතක් වෙනවා.. ඔයා කවදද එන්නේ කියල කිය කියා ඉති ලව් ටොක් තමා
ඒ ගමන්ම කිවලු අනේ ඔයා ඉක්නනින්ම එන්නේ නැත්නම් බල බලා ඉන්න මට පොටො එකක්වත් එවන්නකෝ... අම්මාත් කිවා අම්මට එකකුත් එවන්න කියලා කිවලු
කොල්ලට ඉතින් දැන් මේකට ෆොටො දෙකක් ගහන්න ගියොත් වියදම වැඩි කියලා හිතලා
උපන් ඇදුමෙන් සම්පුර්ණ ෆොටො එකක් ගැහුවලු
ගහලා එක ඉනෙන් උඩ එක කොටසක් වෙන විදිහටායි අනිත් කොටස තවත් එක පිංතුරයක් වෙන්න කියලා හිතලා වෙන කරලා උඩ කොටස අම්මට යට කොටස බිරිදටයි යවනවා කියලා හිතලා යැව්වලු
මාරම අවුල ඉතින් ඔන්න ඒ දෙක පැටලිලා..
වයිෆ් ට යන්න ඕන එක අම්මට ගිහින්
අම්මාට යවපු එක නම්  කාට ගියත් අවුලක් නැනේ
අම්මා ඉතින්  ඔය වැඩිය පෙන්නෙත් නෑනේ ඔය ආපු ෆොටො එක (උපන් ඇදුමේ යට කොටස)
බලලා කිවලු.... අම්මේ අපේ පුතාට එහේ හරි සැලකිලි වගේ ඒකනේ මගේ පුතා මට ටයි එකකුත් දාලාම මට මේ ෆොටො එකක් එවලනේ කිව්වලු
හිනා යන්නේ නම් නැ තමා නිකමට මට හිනා ගියා ඉතින් මේකෙ ලිවා බලලා බැනලා හරි කමෙන්ට් එකක් දාලාම යන්නකෝ

19 May, 2011

මා ප්‍රිය මිතුර ඔබට නිවන් සුව

පොස්ට් එකක් දාන්න හිතාගෙන ආව ගමනක් නෙමේ දැන් නම්...වැඩට  ගිහින් ඇවිත් නෙට් ලොග් උනේ මෙහෙම කතාවක් අහන්න නම් නෙමේ.. කවදාවත් හැබහින් දැක නැති වචනයක් කතා කර නැති අපේ සහෝදර ඉලංදාරියා අවසන් ගමන් ගිහිල්ලාලු... ලාංකිය සිතුවිලි වලින් මම මේක දැන ගන්නකොට මට දරා ගන්න බැරි උනා.. මොකද අසනිපෙන් උන්නත් මෙහෙම කරදරයක් වෙන්න තරම් අපේ සහෝ ට අසනිප ඇති කියලා මම හිනෙකින් වත් නැ... එත් මා ප්‍රිය මිතුර, ලෙංගතු සොයුර ලෝක ස්වභාව ධර්මයට අවනත වන්න ඔබට මෙවන් කාලයක සිදුවිම අපට නම් දරා ගත නොහැක...

මතු ඉපදෙනා හැම ආත්ම භවයකම ඔබ අපේම සොහොයුරෙක් වේවා.....සදා අමරණිය සොයුර ඔබට නිවන් සුව...


3 * 3 = 3 යි කියන ඇඩ් එක ගැන මොකද හිතන්නේ

මේකත් බ්ලොග්ර් මල්ලි විසින් මගෙන් ගත්තු පස්සේ දුන්නු පොස්ට් එකක්නේ ඔන්න මම ආයෙමත් මේක පබ්ලිශ් කලා... බලලා කමෙන්ට් එහෙම දාලා යන්නකෝ.......

ඇත්තටම මම ගොඩාක් ටෙලිවිශන් ඩ්‍රාමා නම් බලනවා අඩුයි තමයි.. ඉතින් මම මෙන්න මේක දැක්කේ අහම්බෙන් තමයි.... ඔයාලත් දැක්කද මේ ඇඩ් එක.... ලය්ෆ්බොයි ෂැම්පු ඇඩ් එක... 3 * 3 = 3 යිලු.. පොඩි එකෙක්ගෙන් අහනවා ඒ ඇඩ් එකේම 3*3 කියද කියලා පොඩි ලමයා කියනවා 9යි කියලා.. (ඕක ගොඩාක් පොඩි අයත් දන්න නිසා  ඔයාලා දන්නේ නැ කියලා හිතන්න තරම් මම ප‍ටු වෙන්නේ නැ ඔන්න..) එත් ඔන්න ඒ ලේඩි කියපි 3*3 =3යි කියලා.......

ලංකාවේ ඇඩ් දැම්මා කියලා ගොඩාක්ම දෙනෙක්ට ඕවා ගන්න තරම් නම් පිස්සුවක් නැ කියලා මම හිතනවා.. එත් ඉතින් ඕවා බලන අපේ බාල පරම්පරාව ස්කොලේ ටිච අහනකොට 3 * 3 කියද කියලා කිව්වොත් එහෙම 3 යි කියලා.. (කිව්වොත් නෙමේ අනිවා කියනවා...) ඔන්න එක ශිෂත්ව එක්සැම් එකටත් හොද ප්‍රශ්නයක් වේ මොකද ගොඩක් දෙන එක වරද්දනවනේ.... ඇත්තටම එහෙම ඇඩ් හදන එක හොදයිද? කොහොම හරි තමන්ගේ ප්‍රඩක්ට් එක විකුන ගන්න එක විතරක්  හිතන්නේ නැතුව වැඩකට ඇති දෙයක් කරමුකෝ....

ඇත්තම මොකද ඔයාලට හිතෙන්නේ ඉතින්.............

18 May, 2011

බ්ලොග්ර් මල්ලි ඒ තරම් අකාරුණික වෙලා නෑනේ මට නම්

ඇත්තටම බ්ලොග් ලියන කියවන අය බ්ලොගර් මල්ලි එක පාරම මේන්ටන්ස් කියලා කියපු වැඩෙන් තමන්ට නැතිඋන තමන්ගේ පොස්ට් ගැන ගොඩාක් දුකෙන්නේ උන්නේ ඔන්න දැන් ඉතින් දුක් වෙන්න ඔනේ නැ.. බ්ලොගෙර් මල්ලි ඒ තරම් අකාරුනික වෙලා නැ.. එය ටිකක් හොයලා බලලා තියෙන්නේ එයගෙන් පොඩි වැරද්දක් උන ගමන් එයාව අමතක කරලා වෙන තැනකට කට්ටිය යනවද කියලා බලන එක වෙන්න ඕනා.. මට හිතෙන්නේ නම් එහෙම තමයි..
ඔන්න දැන් ඒ පොස්ට් ඔයාලාගේ ඩ්‍රෆ්ට් එකට ඇවිත් අති පබ්ලිශ් කලා නම් ඉවරයි.. හැබැයි ඉතින් කමෙන්ට් මොඩරෙශන් තිබිලා පබිලිස් කලේ නැත්නම් ඒවා නැති වෙලා ඇති හැමොම ඉතින් ගිහින් බලලා අයේ කමෙන්ට් කරන්නකෝ
ආහ්.... අමතක වෙයි ෆ්ලෝ පාරක් එහෙම දාලා යන්න

හැමදාම අපිට එකම ගොනාට අදින්න බැනේ....



මම මේ ලියන එවා කොයි තරම් දෙනෙක් කියවයිද? කියලා නම් මම දන්නේ නෑ.එත් සදරු දැනෙන දේ ලියනවා......



ඉතින් අද මම කියන්න යන්නේ සදරු දැනෙන විදිහට අපි ජීවිතේදි මේ දේ අයේ අයේ කරන්න හොද නැ.......

එක පාරක් කරපු වැරද්දක් මෝඩ කමක් ආයෙත් කරනවා නම් සදරු දැනෙන විදිහට එක තමා අපි කරන ලොකුම වැරද්ද අපේ ජීවිතයට...

ඔයාලට මට තේරෙන භාෂාවෙන් කියනවනම්රැ වැටුනු වලේ අපි දවාලෙත් වැටෙනවනම් එතන අපි කරන්නේ ලොකුම ලොකු වැරද්ද

මම හිතන්නේ නැ මේ තුන් ලොකේම (දන්නේ නැ ලෝක තුන මොනවද? කියලා දන්න කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් කරන්නකෝ..) මෝඩ කමක් වත් නොකරපු එකම එක්කෙනෙක් වත් ඉන්නවා කියලා...අපි හැමොම මොනවාහරි ලොකු / පොඩි මෝඩ කමක් කරලා තියනවා..... එහෙම මෝඩ කම් කරන එක සාමාන්්යය දෙයක් විදිහටයි මම නම් හිතන්නේ....
 
එත් අපි එක පාරක් කරපු වැරද්දක් නිසා ජීවිතේට පාඩම් ඉගනගෙනත් ආයේ ආයේ වැරද්දම කරනවා නම් එක තමා මොඩකමේ හොදම එක..

ජීවිතේ එහෙම කරන කෙනෙක්ට කවදාවත් තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න නම් ලැබෙන්නේ නැ මොකද අපි කරන ගොන් කම් මොඩ කම් වලින් අපි පාඩම් ඉගනගෙන ඒවා ජීවිතේට අත්දැකිම් කරගන්න ඕනා.. එතකොට ඕන prob එකකදි අපිට නොසැලි ඉන්න පුලුවන්..

එහෙම නැතුව අපි පාඩමක් ඉගන ගන්නේ නැතුව ඔහේ ආයේ අයේ වැරද්දම කරනවා නම් කියන්න තියෙන්නේ එයා නැත්නම් ඔයා ජීවත් වෙන්න දන්නේ නැ කියලා තමයි.
 
හැමදාම අපිට එකම ගොනාට අදින්නත් බැනේ අපිටත් කියලා අනගතයක් හොද කාලයක් තියෙන්න ඕනා නේද?
comment..........