ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

10 June, 2014

මේ දවස් වල - ලංකාවේ දුරින් ඉදන්.......

මාස ගානකින් බ්ලොග් පොස්ට් එකක් ලියනවා තියා කියවන්න උනේ නැ.. අභියා ගේ මොකක්ද කෙස් එකක් පත්තරේ ගිහින් තියනවා කියලා දැක්ක නිසා එක බලනකොට පරණ පොස්ට් ටිකක් අබියා ලියලා තිබුන කියවන්න හිතුන නිසා මටත් මතක් උනා බ්ලොග් එකක් තිබුනා නේද කියලා.. තැන්ක්ස් මට මතක් කරල දුන්නට..

ලංකාවෙන් ගොඩක් දුර රටක ඉදන් ලියන පලවෙනි පොස්ට් එක. අනික බ්ලොග් අත අරින්න හිතුනත් කොහෙන් හරි මොකක් හරි අත අරින්න බැරි හේතුවක් හැදෙන එක ගැන එක අතකින් සතුටු වෙන්නත් පුළුවන්.

මේ දවස් වල මම ගැන කියලා බ්ලොග් වලට ආයේ පොඩි ආරම්බයක් ගත්තා කියලා කියවන්න එන දෙන්නාතුන්දෙනා තරහ වෙන එකක් නැනේ.

බ්ලොග්ට්‍රිප් එකක් යන කතාවක් ලංකාවෙන්එන්න කලින් ඇහුනත් එන්න වෙන්නේ නැ කියලා ඒ දවස් වලම කියන්න උනේ ඉතින් රාජකාරි පරිසරයේ වෙනසක් සිද්ද වෙනවා කියන දේ කලින් දන්නා නිසා.

ඉතින් එක දෙයක් නම් කියන්නම වෙනවා. මම ටික කාලයකට ගේට් වලට ආවේ නැතිව ඉන්න වුනාට ඒ අර මට එන්න එපා කියලා කියපු අය නිසා නම් නෙමේ ඉතින්. මොකද එහෙම එන්න එපා කියපුවහම ඉතින් මම ඇවිත් ගියානේ.

මම ගැන කියන්න යනවා කියලා ආයෙත් විකාරයක් කියවන්න ගත්තා නේද?

සාමන්යෙන් අවුරුදු කීපයකට සැරයක් ආයතනයේ සේවයට විදේශ රටවල් වලනියෝජිතයෝ විදිහට කීප දෙනෙකට යන්න වෙන අවස්ථාවක් මටත් ලැබුන නිසා මේ මාසේ පළවෙනිදා මමත් ඉතින් ගුවන් ගත උනා.

විවිද ජාතින් ගොඩක් එක්ක වැඩ කරන එකඅමුතුමඅත්දැකීමක්.තාම දින කීපයක් උනත්  ගොඩක් හොදින් හැමදේම කරගන්න ලැබුන එකගැන දැනට නම් මම සතුටින්.

ටික කාලයක් මේ රටේ මගේ ආයතනේ නියෝජිතයෙක් විදිහට ආයතන වෙනුවෙනුත්  මෙහෙ සේවය කරන ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙනුත් මට පුළුවන් උපරිම දේ කරන්න මම බලාපොරොත්තුවක් ඇතිව ඉතින් නොදන්නා රටක නොදන්නා  අය එක්ක කලේ ගෙවනවා.

වෙනදාට වඩා බ්ලොග් එකත් එක්ක ඉන්න බලාපොරොත්තුවෙන්  අපි සමු ගන්නවා  අදට..  අමාරුවෙන් කියවූ ඔබට තුති....



03 March, 2014

4ක් ඉවරයි, ඉතින් මට යන්න අවසරයි........ 5 ට.

බ්ලොග් කියන වචනේ මම මුලින්ම ඇහුවේ ජිවිතේ මල් ලියන දිල් අක්කා මගේ බුකියේ යාලුවෙක් උනාට පස්සේ. ගොඩාක් දෙනෙක්ගේ ගුරුතුමි වෙන දිල් අක්කා මගේ බ්ලොග් වලත් ගුරුවරියක්ම උනා. බ්ලොග් පොස්ට් පැය 4.5කට එකක් වැටෙන කාලයක් එක. ලාන්කිය සින්ඩිකෙටරය ආරම්භ උනු කාලේ අතර තිබුනු පරතරය දැන් නම් මතකයෙන් ඇත් වෙලාද කොහෙද?

විනාඩි , පැය  ගෙවිලා දවස් සති වෙනකොට ගොඩක් බ්ලොග් ලියන කියවන අය වැඩි වෙනකොට සින්ඩිකෙටර එක එක හැදෙනකොට, වතුර ගගහා මැරතන් දුවනකොට. තරගෙට කවි මඩු තියනකොට, සහාභාගිත්වය වැඩි වෙලා දාරා ගන්න බෑරි වෙලා කවි මඩු කරනකොට , ටෙක්නිකල් පොස්ට් , රස කතා, ජිවන අත්දැකිම්, කතන්දර , කවි , නිසදැස් , එකි නොකි මෙකි හැම දෙවල්ම ලියවෙනකොට දවසින් දවස බ්ලොග් ලියන අයගේ ගණන එකින් එක වැඩි වුනා.
කියවන අය ගාන වැඩි උනා. තර්ක විතර්ක එක්ක සුන්දර වලි උනත් නොතිබුනා නෙමේ. හැබයි ඉතින් ඒ දෙවල් මොනවා තිබුනත් එකතු වෙලා කරන්න පුලුවන් හැමදෙයකදිම එකට කට්ටිය උන්නු ෆිට් එකක් තිබුනා. කලින් මගේ පොස්ට් එකක ඇනො කෙනෙක්ද කොහෙද දාලා තිබුන කමෙන්ට් එකක මොනවද බ්ලොග් ලියන අය කලෙ එක කට්ටියක් කරලා තියන දෙවල් එක්ක බලනකොට කියලා.
ඒ දෙවල් කියවන්න ගත්තොත් කියවන්න ගොඩක් දෙවල් තියෙවි. එත් හැමදෙකම අවසානයක් තියන්නත් ඔනා. සමහර දෙවල් වල අවසානය සදාකාලික අවසනයක් වෙන්න ඔනෙමත් නැනේ.
මම මහ ලොකු බ්ලොග් කරුවෙක් නම් නෙමේ. ලියන පොස්ට් වල ගන්න දෙයකුත් නැතිව ඇති.  එත් කාලයක් තිස්සේ මමත් ලියාගෙන ආවා. ගොඩාක් පොස්ට් ලියවෙන්නේ ලියන්න ගන්න දෙ ගැනමත් නෙමේ,වෙනම මාතෘකාවකින්.

ඒ දවස්වල බ්ලොග් ලියපු ගොඩාක් අය දැන් ලියන්නෙ නැත්තේ ඇයි කියන එකට හෙතු එක එක අයට තියෙන්නේ එක එක දෙවල්නේ.

තාමත් ලියන අය ගොඩකුත් ඉන්නවනේ එ අය බ්ලොග් අවකාශයේ මගේ සිනියර්ලා ( බ්ලොග් අවකාශෙ එහෙම අය නැ කියලා කිවත් ඒ කාලේ ඉදන් ලියපු අය මට නම් සිනියර්ස්ලාම තමා )
 මාරයා , කතාන්දර , වැප් , දුමි , ඔනයා ,බිගුනද , ජිවිතෙ මල් , නෙරන්ජි , දුකා , නදි , දිනෙශ් , වගෙම තවත් ඒ කාලේ උන්නු ගොඩාක් අය මෙ වෙනුවෙන් ගොඩාක් දෙවල් කරලා තියනවා.

අලුත් පරම්පරාවෙ ගොඩක් දක්ශ අය ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.


එහෙමනම් ඉතින් මේ හැමදෙනාටම සුභ පතලා මම සමුගෙන යනවා..









අවුරුදු හතරක් බ්ලොග් අවකශයෙ ඉදලා එ හතරවෙනි උපන්දිනයත් පහු කරලා බ්ලොග් අවකාශයෙ රැදෙන පස්වෙනි අවුරුද්ද ට
ජය වෙවා... එදා මෙදා තුර ගොඩාක් යාලුවො මුන ගැහුනා. සමහර අය තරහ උනා. සමහර අය නොකියම බ්ලොග් අවකාශය අතඇරලා ගිහින්.
මොනවා උනත් එදා ඉදන් උන්නු හැම දෙනෙක්ටම ගොඩාක් තැන්ක්ස්.

පසු සටහන : මේ ලිපිය ලියන දෙවාගේ අඩවිය මගේ පලවෙනි බ්ලොග් අඩවියවත් එකම බ්ලොග් අඩවියවත් නොවන හින්දා ආරම්භක දිනය මේ අඩවියෙන් හොයාගන්නත් බැරි වෙයි, 2010 මාර්තු මාසෙ බ්ලොග් ලියන්න පටන් ගත්තත් මෙ බ්ලොග් අඩවිය 2011 අප්‍රියල් 30 වෙනිදා ඉදන් තමයි ලියන්නේ

මේ වෙනකොට පොස්ට් 238ක් ලියලා සාමන්‍ය නම් පොස්ට් එකකට 1000-1200ක් වගේ අගයක තියගෙන පැමිනි පිරිස මේ වෙනකොට 279000ක විතර අගයක් අරගෙන තියනවා, මගේ ප්‍රතිචාරත් එක්ක (මුල් අවදියෙ නම් රිප්ලයි කරලත් නැ ) පොස්ටුවකට 30-35ක විතර කමෙන්ට් අගයකත් තියගෙන අදවෙනකන් එන්න ලැබුන එක මට සතුටක්.

බ්ලොග් , බුකිය කියන්නේ මගෙ ජිවිතේ නොවුනත් බ්ලොග් වලට මම ගොඩාක් ආදරෙයි,

26 February, 2014

දැයට කිරුල 2014

දැයට කිරුල ප්‍රදර්ශනේ මේ පාර අපේ ගම් පලාතට ආවත් ඉතින් පහුගිය දවස් ටිකෙම එක එක දේවල් එක්ක ගෙවුන නිසා ( ඒ දෙවල් වල ප්‍රථිපල තාම ලැබුනේ නෑ ) ඒ පැත්තේ යන්න උනේ නැති උනත් ඊයේ ඒ පැත්තේ යන්න පුලුවන් උනා. තාම පටන් ගත්තු සමහර සන්වර්ධන වැඩසටහන් ඉවර වෙලා තිබුනේ නැතත් දැයට කිරුල නිසා වයබට ඉක්මන් සන්වර්ධනයක් ලැබිලා නැ කියලා නම් කියන්න බැ.
අක්කර එකසිය හැට ගනනක් පුරා දෑයට කිරුල ප්‍රදර්ශනය පැවත්වෙන බැවින් එක දවසකින් බලලා ඉවර කරන්න බැරි වෙන්නත් පුලුවන්. එත් සමහර කුටි ලොකුවට තිබුනට එවගේ ෆොටො කතා විතරක් තියන තැන් නොතිබුනා නෙමේ. දැනුවත් කිරිමේ පිරිස් අඩු නිසා ඒ වගේ කුටි වල එතරම් ජනතා ගැවසිමක් දකින්න ලැබුනෙත් නැ. නගරයේ හැම තැනම වාගේ රථ ගාල් ඉදිකරලා තියන නිසා වාහනයකින් එනවා නම් ඒ පිලිබද ගැටලුවක් ඇති කරගන්න උවමනා වෙන්නේත් නැ. මොකද සමහර රථගාල් දවසටම වාහනයක් දැකලවත් නැ.

බොහො ජනතා ආකර්ශනයක් හා ගැවසිමක් දක්නට ලැබෙන්නේ හමුදා ප්‍රදර්ශන කුටි වල වගෙම, කෘෂිකාර්මික ප්‍රදර්ශන ප්‍රදේශ වල නිසා වැඩි කාලයක් ඒ තැන් වල ගත කරන්න වෙනවා.

මේ මාසෙ 27 වෙනිදගෙන් අවසන් වෙන්න තිබුනත් මාර්තු 1 දක්වා දිර්ඝ කරලා තියන නිසා ආවෙ නැති අයට මේ පැත්තේ ඇවිත් යන්න එන්න පුලුවන් ඔන්න.









































හැමදාම හවස 4ට පැරිශුට් සන්දර්ශනයකුත් තියන නිසා ඒ වෙලාවෙත් එතන ඉන්න පුලුවන්නම් වටිනවා. ඒ මොහොතේ විඩියො ගත කලත් ඒකත් මේ බ්ලොග් පොස්ට් එකට එල්ලුවොත් බලන්න බැරි වෙන නිසා එක බුකි ගත කරනම්කො..

මේ දවස්වල විවේකයක් තියනවානම් ඇවිත් යන්න එන්න



07 February, 2014

ඇත්තටම වැරදි කවුද?... Facebook ද?

2014 උදාවෙලා මාසයකුත් ගෙවිලා ගිහින්.කොහොම උනත් උදා වුනු 2014 වසර බ්ලොග් ලියන කියවන හැමොටම සුභම ශුභ නව වසරක්ම වෙවා...
අද උදේම අහන්න ලැබුනේ ෆේස් බුක් එකට බනින පුවතක්. ෆේස් බුක් පලවුනු පින්තුරයක් ගැන ප්‍රශ්න කිරිමක් නිසා 17 හැවරිදි සිසුවියක් සියදිවි නසාගෙන (මෙතන මට ඇහුන විදිහ වැරදි නම් නිවරැදි කරන්න )

මෙ වගෙ දෙයක් උන ගමන් සිදුවන මුලම දේ හැමදෙටම පලි ෆෙස් බුක් එක තිබුනේ නැත්නම් මෙහෙම වෙන්නේ නැනේ කියල එකට බනින්න එක තහනම් කරන්න දගලන එකනෙ.

ඇත්තටම මෙතන වැරද්ද ෆේස් බුකියෙද එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ ආකල්පද? පුන්චි වයසට හිතනකොට ලොකුම වැරද්දක් තමන්ට උනා වගේ හැගිමක් දැනෙන එක සාදාරනයි. එත් මෙතරම් දෙයක් දරාගන්න බැරි තරම් හිත් ශක්තිමත් නැ කියලා හිතනකොටත් අනගතේ ප්‍රශ්න ආවොත් කොහොම මුහුන දෙවිද කියලා හිතන්න වෙනවා. පාසලකින් පොතේ පතේ දැනුම විතරක් දිලා විභහගයක් පාස් කරන එක විතරක් කරන්න ඔනා කියලා හිතන තත්වයකට පත් වෙලා නම් එතන මේ සමාජෙට ලොකු වැරද්දක ආරම්භයක් වෙන්න පුලුවන්. ආදරය කරන එක ලමා මනසට ගැලපෙනවා කියලා සාදාරිනකරනය කරන්න බැරි උනත් උගත් , සමාජ දැනුමක් තියන වැඩිහිටි පිරිසක් කරන්න දෙවල් ගොඩක් තියනවා ළමයෙක් වැරද්දක් කරනවා නම්.

ෆෙස් බුක් කියන්නේ නරක දෙයක් නෙමේ. නරක දෙවල් ඔන තරම් අන්තර්ජාලෙ තියනවනේ. හැබැයි එකට විසදුම අන්තර්ජාලේ භාවිතා කරන එක තහනම් කරලා ආපහු ගල් යුගයට යන එකත් නෙමේනේ....  

ඇත්තටම මට හිතාගන්න බැරි මෙතන වැරදි කවුද කියන එක විතරයි..

මේ වැරද්ද කරපු ලමයාද?
ෆේස් බුක් එකේ ඒවා බලලා ප්‍රින්සිපල්ට කියපු ගුරුවරියද?
ළමයි ගොඩක් ඉස්සරහ අසභ්ය වචනයෙන් ළමයට කතා කරපු ප්‍රින්සිපල්ද
එහෙමත් නැත්නම් ළමයාගේ දෙමව්පියන්ද?
එහෙමත් නැත්නම් ෆේස්බුක් හදපු මාක් ද?

කාලෙකට පස්සෙ ලියන්න පටන් ගත්ත නිසා කතා කරන්න වුවමනා මාතෘකාවක් උනත් දිගට කතා කරන්න ටිකක් අමාරුයි...

වි ඩේ එකත් ලග එනවා ඒ කාලේ ලියපු පොස්ට් එකක් මෙතන ඇති..

එහෙමනම් ජය වෙවා