ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

29 December, 2012

වසරක නිමාව..... සහ 2013.

අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් උදා වෙනවා.... ගෙවන මේ 2012 අවුරුද්ද මගේ ජීවිතේට ගොඩක් දේවල් ලැබුන ගොඩක් දේවල් වෙනස් උන අවුරුද්ද්දක්, බ්ලොග් ලියන කියවන හැමෝටමත් එහෙම නේද?

අවුරුද්දේ අන්තිම පොස්ට් එක මේක වෙනවා වගේම ලබන අවුරුද්දේ ඉදන්ලොකු වෙනසක් නොවුනත් පුංචි වෙනස්කම් ටිකක් කරගෙන යන්න බලා පොරොත්තු වෙනවා....

පුංචි වැඩක් තියනවා..මගේ මල්ලි ඒ ලෙවල්වලට ක්ලාස් කරනවා.... තාමත් ඉතින් මටත් ඔය ඒ කාලේ කරපුවා වෙනස් වෙන හැටි සිලබස් බලනකොට පුංචි දෙයක් හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න ඒ ලෙවල් වලට.....
එත් මට උද්දව්ව්ක් ඕනා සයන්ස් සබ්ජෙක්ට් ටික නම් අවුලක් වෙන එකක් නැ.. අනිත් සබ්ජෙක්ට් කොමස් වල වගේ දන්නා කියන අය පොඩ්ඩක් මාත් එක්ක එකතු වෙන්න කැමති නම් කියන්න... එහෙම එකතු උනොත් ඒ බ්ලොග් එක පටන් ගනිමු ලබන අවුරුද්දේ.. බ්ලොග් ගැන තියෙන විශේෂ බලාපොරොත්තුව එපමණයි....

තව වෙනස් කම් උනොත් ඒවා බ්ලොග් එකෙනම බලා ගන්න පුළුවන්නේ....

මේ අවුරුද්දේ අන්තිම පොස්ට් එකෙන් මාත් එක්ක උන්නු හැමදෙනේක්ටම ගොඩාක් ස්තුතියි කියලා කියන්න කැමතියි....

නම් වශයෙන් කියන්න ගියොත් කාව හරි මග ඇරුනා කියලා චොදනවා එල්ල වෙන්න පුළුවන් නිසා නම් වශයෙන් කියන්නේ නම් නැ.....


එහෙමනම් ගෙවුණු නත්තල වගේම උදාවෙන නව වසර හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන.... තනිකඩ අය ඩබල් වෙන... ඩබල් අය එක වහලක් යටට යන, එක වහලක් යට ඉන්න අය දෙන්නා තුන්දෙනා වෙන , එහෙම අය ඊට වඩා වෙන... අතමිට කාසි පනම් ගැවැසෙන... හිතත් ගත්ත සතුටින් පිරි නැහවෙන වාසනාවන්ත  සුභම සුභ නව වසරක් වේවා කියලා මුළු හදවතින්ම හැම දෙනෙක්ටම මම පාර්ථනා කරනවා....

ප.ලි : ඉස්සර හොදට බ්ලොග් ලියපු, දැන්නොලියන, ඉස්සර හොදට කතා කරපු දැන් එහෙම නොකරන ඒ හැම දෙනාටම පරණ පුරුදු විදිහටම ඉන්න ලැබේවා කියලා විශේෂයෙන්ම පතනා....

ප.ප.ලි  ඔන්න ජනවාරි මාසේ අන්තිම ඉරිදා (27 ) බ්ලොග් ගේට් එකක් තියනවලු... කට්ටියම දිනේ වෙන් කරලා තියාගන්න හොදේ.....

කලින් පොස්ට් එක මිස් උනා නම් ... රියදුරු බලපත්  .. ලංකාවේ...
 

28 December, 2012

රියදුරු බලපත්...... ලංකාවේ

කොහොමෙන් කොහොමහරි දේවා ත් බයික් වලට විතරක් තිබුණු ලයිසන් එක වෙනුවට සැහැල්ලු වාහන , ත්‍රි විල් කියන වාහන පන්ති වලටත් රියදුරු බලපත් ගත්තනේ... ඔන්න ඒ කාලේ උණු දේවල් එක්ක ලංකාවේ රියදුරු බලපත්‍ර ගැනීමේ ක්‍රමය ගැන මම දකින හැටියට කතා කරන්න හිතුවා......

රියදුරු බලපත්‍ර මුකුත්ම අරගෙන නැති කෙනෙක්ට නම් ඉතින් මුලින්ම රියදුරු පුහුණු පාසලක ලියාපදිංචි වෙලාම ලයිසන් එක ගන්න යනවා නම් හොදයි කියලා මට නම් හිතෙනවා... (එක හිතෙන්නේ මටනේ )

මොනවා කලත් මුලින්ම මෙඩිකල් එකක් එහෙම අරගෙන මොනවා හරි අසනීප එහෙම තියනවද බලාගෙන බ්ලඩ් ගෘප් එක එහෙම හොයාගෙන වැඩේට රෙඩි වෙන්න වෙනවනේ..... එහෙම රෙඩි වෙලා ඉතින් තමන්ගේ ප්‍රදේශයේ රියදුරු බලපත් නිකුත් කරන තැනට ගිහින් එක්සැම් ලියන්න එහෙම වෙනවනේ ඒවාටත් ලෑස්ති පිට ඉන්න ඕනා.....

දැන් නම් ඉතින් ෆොටෝ එහෙම එතනින් ගන්න නිසා (එත් මෙහෙ අය නම් ෆොටෝ ගන්නේ නිකන් මහා ලොකු වැඩක් කරනවා වගේ.... ඔහේ ගන්නවා... මොනවා කරන්නද ජීවිතේටම ගන්න ලයිසන් එකේ ෆොටෝ එක නම් ගොඩක් අප්සට් ඒ ගන්න ගනිල්ලටනම්....)

ෆින්ගර්පින්ට් එහෙම තියලා එක්සැම් එක ලියන්න වෙනවා ඊට පස්සේ..... ප්‍රශ්න 40ක බහුවරණ පේපර් එකක් (එකේ හිනා මුණු නම් දාලා නැ ... එත් සමහර ඒවාගේ උත්තර ලකුණු කරලා වගේ තමා තියෙන්නේ.... එහෙම නැතත් ඉතින් තියෙන්නේ පේපර් දෙක තුනක් විතරයිලු ඒවා එක එක අයට මාරු කර කර දෙනවාලු....

ඕක ඉතින් කලින්ම ලැබෙනවලු...... එහෙම ලැබුනත් නොලැබුනත් ඉතින් එකට ලියන එක නම් ඉසි ගේමක්.... මට නම් එක ලියන්න පැයක් තිබුනත් ගියේ විනාඩි 5ක් විතරයි.....

ගාස්තු..

මේක නම් අනිවාර්යෙන්ම ශාන්ශෝධනය වෙන්න ඕනා මම හිතන්නේ නියමිත ගාස්තු ක්‍රමයක් එක්ක.....

දැනට මේක රියදුරු පාසල් වල අබිමතය පරිදි වෙන නිසා එකට නියමිත මිල ගණනක් නම් නැ...... රියදුරු පාසල් වල පැවිමට ගාස්තු වෙරියබල් වෙන්න ඕනා උනත් ඕනාවට වඩා ඒවා අතර ගැප් එකක් තිබුනොත් නම් එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්....

මේ මම දැකපු එක තැනක මිල ගණන් කීපයක්.....                              තවත්තැනක

සැහැල්ලු වාහන , යතුරු පැදී ,ත්‍රි විල්  = 19000.00                                           15500.00
සැහැල්ලු වාහන , ත්‍රි විල්                   =  15500.00                                           14500.00
සැහැල්ලු වාහන ,යතුරු පැදී              =  14500.00                                           12500.00
යතුරු පැදී                                         = 10500.00                                             9000.00


එත් ඇත්තටම ගන්න ගාස්තු මෙහෙමයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සයිට් එකේ නම් තියෙන්නේ....


සමහර තැන වල මිල ගණන් මීටත් වඩා වැඩි ඉහල මට්ටම් වල පැවතීම නිසා මේවා හැම එකකටම මිල පරාසයක්වත් තිබුණ නම් ගොඩක් හොදයි කියලා මම නම් හිතනවා... කොහොමද එක්කෙනෙක්ගෙන් ගන්න ගැන පුහුණු පාසල...

මේ ගාස්තු හැම එකටම (ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවද දන්නේ නම් නැ) මෙඩිකල් රිපෝට් චාර්ජස් (අදාළ ඩොක්ටර් ට . ඒවාත් එක එක ලර්නස් එකෙන් කියන ඩොක්ටර් ම තාමා ) රු 700.00

විභාගේ ලියලා මාස තුනක් ඉන්න වෙනවනේ ට්‍රයල් වලට ඒ වෙනකන් එල් ප්‍රමිට් එකකින් එල් බෝඩ් ගහගෙන යන්න පුළුවන්... එකට එල් බෝඩ් එකට රු 500.00 (ලනrස්  එකට )

මිට අමතරව ට්‍රයල් දවසේදී ඒ කියන්නේ වාහන පදවන්න පුළුවන් කියලා පරීක්ෂක ඉදිරියේපදවන දවසෙත් විශේෂ ගාස්තුවක් රියදුරු පාසල මගින් ලබා ගන්නවා.. එය කලින් පරීක්ෂක ගාස්තු උවත් දැන් වාහන ගාස්තු විදිහට වෙනස් වෙලාලු... දවසකට එක පරික්ස්කයෙකු හට 60 දෙනෙකුගේ උපරිමයට යටත්ව පරික්ෂා කර බැලිය හැකි වන අතර වාහන පන්ති තුනටම (බයික් , සැහැල්ලු , ත්‍රිවිල් ) ඉදිරිපත් වන්නේ නම් බයික් සදහා - 1000.00 , ත්‍රිවිල් - 1300.00 සැහැල්ලු - 1500.00  මේ තුනටම ඉදිරිපත් වන නම් එක පරික්ෂකයකුට 60ක් දිනකට පරික්ෂා කල හැකි බැවින් = 60 * (1000 + 1300 + 1500 ) , = 60 * 3800 , = 228000.00

මේ හැමදාම මේ තුනටම එක පාර ගන්න 60ක්නැති වෙන්න පුළුවන් එහෙම උන්නොත් දවසකට 228000ක මුදලක් වාහන ගාස්තු විදිහට එකතු වෙනවා.. මම දන්නා විදිහට (වැරදි වෙන්න පුළුවන් ) ඒවා රජයට යන මුදල් නෙමේ... ඒ රියදුරු පාසල පරීක්ෂක අතරේ බෙදී යන මුදලක්.... ඇත්ත කොහොමද කියලා හරියටම දන්නේ ඉතින් ඒ අය තමා සමහර විට ඒවා රජයට යනවා ඈති...එත් මේ මම කිවේ දවසකගාස්තුව....මාසෙකට එහෙම නෙමේ.

මොනවා උනත් මම නම් කැමති ඔය ලයිසන් ගන්න ගන්න ගැන 50000ක් විතර වෙනවට.... එතකොට රටේ වෙන තරමක්  වෙන අනතුරු වලින්  80%කම නැත්තටම නැති කරගන්න පුළුවන් එහෙම උනොත්... මොකද ඔය හදිසි කාරයෝ ගොඩාක් එතකොට ලයිසන් ගන්න එක අඩු වෙයිනෙ.... ( ඊලග අය වැයෙන් මේකත් වේවා )


ලබන  අවුරුදෙදේ ඉදන් ලයිසන් ගන්න සාමාන්‍ය පෙළ ප්‍රතිපලත් බලනවලු  (එක වැඩක් වෙන්නෙත් නැ ඉතින් සම්පත් සර්ලා ඉතින් පිනට ලකුණු 19-20 දීලා හැමෝම පාස් කරවන්නේ.....

මම හිතන විදිහට නම් සාමාන්‍ය පෙළ ප්‍රතිපල බලල එක්සැම් එකෙන් පාස් අයට රියදුරු බලපත්‍ර ලබා දෙන එකේ හොද වගේම නරකත් තියනවා....

ඉගන ගන්න විදිහක් නැතුව ඉන්න කෙනෙක්ට කවදාවත් එතකොට රියදුරු රැකියාවක්වත් කරන්න වෙන්නේ නැ..... සාමාන්‍ය පෙළ සමත් අය රියදුරු අංශයේ රැකියා වලට ගන්න වෙනවා...

නීති ගරුක රියදුරු පිරිසක් බිහිවෙන්නත් ඉඩ තියනවා.. මොකද හැමෝම ඉතින් අද්යපනේ ලබපු අයනේ....

ලංකාවේ රියදුරු බලපත් ලබා ගැනීමේ ක්‍රමයගැනමොකද හිතන්නේ.... 

18 December, 2012

face book ඉන්නේ වැරදි කරන අය විතරමද?

ලංකාවේ වගේම ගොඩාක් තැන් වල අන්තර්ජාලය කිවොත් මුලින්ම වැඩිපුර භාවිතයක් තියෙන්නේ සමාජ ජාලා එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් එකට එකතු කරවන වෙබ් අඩවි වැඩිපුරම පරිශීලනය කරන වෙබ් අඩවි අතරේ තියනවා.....

මොන ක්‍රමය දාලා උනත් නවත්වගන්න බැරි xxx අඩවි වලටත් ඔය ගොඩක් දෙනෙක් යනවා කියන එකත් නොරහසක්නේ.....

එත් ලංකාවේ වැඩි පුරම  ඉන්ටනෙට් භාවිතා කරන අය ගෙන් 99.99% ක් විතරම මුණු පොත එහෙමත් නැත්නම් ෆේස් බුක් සාමාජිකයන්...

මුණු පොත එහෙමත් නැත්නම් මේ ෆේස් බුක්ගොඩ නගනකොට මාක් අය්යාටත් හිතෙන්න  නැතුව ඇති මේ තරම් මුණු පොත ජනප්‍රිය  වේවි කියලා......

මුණු පොත අද ලංකාවෙ බාවිතා කරන ගොඩාක් දෙනා එක පාවිච්චි කරන්නේ වැරදි දේවල් වලට විතරමද?
පහුගිය සතියක ලක්බිම පුවත් පතෙත් එක අතිරේකයක පිටුවක්ම වෙන් කරලා තිබුනනේ ෆෙක් ප්‍රොෆයිල් ගැන කියන්න.... ඒ අය කියන විදිහට ෆේස් බුක් එකෙන් කරන්නේ නරක වැඩ විතරමයි......

කවදාවත් කොහෙදිවත් හොද වැඩක් වෙන්නෙම නැ...

ඉන්ටනෙට් පාවිච්චි කරන අයගෙන් 30%ක් 40ක් විතර පුවත් පත් බලනවා ඇති.....

එත් ඉතින් තාමත් ලංකාවේ වැඩියෙන් ඉන්ටනෙට් පාවිච්චි කරන යට වඩා පුවත් පත් කියවන පිරිස වැඩි නිසා එහෙම පුවතක් පල වුන ගමන්ම ෆේස් බුක් ගැන නොදන්නා කෙනෙක් උනත් එක පාරම චිත්‍රයක් ඇදගන්නවා ෆේස් බුක් කියන්නේ වැරදි කරන වැරදි වලට අනුබල දෙන වැරදි කරන අය විතරක් ඉන්න තැනක් කිඅලා..

ඊට පස්සේ ඉතින් දන්නා කියන කෙනෙක්ටවත් ෆේස් බුක් තහනම් කලාපයක් වෙනවා..... එත් ඇත්ත ඔකමද?

ලංකාවේ හොද දෙයක් මාකට් කරනවට වඩා වැරදි දෙයක් මාකට් කරන්න  පුළුවන් නිසාමද මන්දා හොද දේවල් ගැන කිය'වෙනවා අඩු....

ෆේස් බුක් සමාජ අඩවිය නිසා ඒ මගින් ගොඩ නැගුනු විවිද ගෘප් නිසා කොයි තරම් සමාජයට වැඩ දායක දේවල් කරනවද? එත් ඒ දේවල් ඔය තරමට ප්‍රසිද්ද නොවෙන්නේ ඒ කටයුතු වල නිරත වෙන අයට වටින්නේ ප්‍රසිද්දිය නොවේ කරන කටයුත්ත විතරක් වටිනා නිසා වෙන්නත් පුළුවන්... ඒ වගේම හොද දෙයකට මාකට් අඩු නිසා ඒවාගේ ප්‍රවුතිමය වටිනා කම අඩු නිසා වෙන්නත් පුළුවන්.......

මොනවා උනත් මගේ ජිවිතෙටනම් ෆේස් බුක් කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්....

ෆේස් බුක් වල නරක නැත්තේම නැ ගොඩාක් හොදම හොද තැනක් කියලා කියන්නෙත් නෑ මම......

අපි භාවිතා කරන කොට අවබෝධෙන් කරනවානම් ඕනෑම නරක දෙයක් හොද දෙයක් කරගන්න පුළුවන් අපිටමයි...

ප.ලි  : ඔන්න මම මැරුනේ නම්  නැ......

12 December, 2012

සියලුම බ්ලොග් කරුවන්,කාරියන් වෙත....

මිහිපිට ජිවත් වෙන හැමෝටම අද දිනය දාලා මොනවා හරි වැඩක් කරනවා නම් ඉතින් වැදගත් දවසක් තමයි... මොකද ඉතින් මේ මිහිපිටජිවත් වෙන කාටවත් තමන්ගේ මේ ආත්මෙදි ආයේ මෙහෙම දිනයක් දාලාමුකුත් කරගන්න ලැබෙන එකක් නැ..

මොකද අද 12 / 12 / 12 . ඊලග අවුරුද්දේ ඉදන් ඉතින් 13 , 14, 15 වගේ මාස අපේ දැන් භාවිතා වෙන දින දර්ශන වල මාස නැනේ... ඒ හින්දා අද අමුතු දවසක්...

ඇත්තටම බැලුවොත් ඉතින් මේකත් එක්තරා දවසක් විතරයි තමයි... එත් ආයේ 2101 - 01 - 01 වෙනිදාට තමයි  ලියන්න පුළුවන් වෙන්නේ 01 - 01 - 01 කියලා.... එත් ඉතින් තව අවුරුදු 88ක් 89ක් ජිවත් වෙන්න අපිට පුළුවන් වෙන එකක් නැනේ.....

මේ 12 -12 - 12 ගැන මොන තරම් කතා කීවද... මායාවරුන්ගේ දින දර්ශනය අනුව අදින් ඒ අයගේ කැලැන්ඩර් එක ඉවර වෙනවා.. ඒ කියන්නේ අද අපේ ජිවිත වල අවසන් දවසද?


 මේක ඉතින් 2009 ඉදන් කියන දෙයක්නේ බලලත් ඇති ඔන්න අද මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්ලු එහෙම උනොත් පරිස්සම් වෙන එක තමා හොදම දේ... පුලුවන්නම් කට්ටිය උදේම නැගිටලා තියන කළමනා ටික එකතු කරගෙන (අර දවසක් මාරයා දාලා තිබුණු කළමනා ටික ඇතිවෙයි මම හිතන්නේ ජිවත් වෙන්න )  වෙන ග්‍රහලෝකයක් බලා හරි ගමන් අරබන එක නුවනට හුරුයි කියලා තමා කියන්න තියෙන්නේ....

මරණේ වෙන හැටි සජීවීව බලාගන්න පින නැති උනොත් එහෙමඒ නිසා ඔය වීඩියෝ එක බැලුවත් කමක් නැ.. ඔහොමලුනේ වෙන්නේ......

 

 බ්ලොග් යාලුවනේ ඉතින් මේ ජිවිත කාලේ මගෙන් ලොකු ලොකු වැරදි අඩු පාඩු වෙන්න ඇති... ඉතින් මේ අන්තිම දවස් ටිකේ ඕවා හිත හිතා මැරෙන්න ඕනේ නැනේ.... ඔය ඉතින් හැමෝම කියන විදිහට (සමහරු කියනවා දෙසැම්බර් 21 කියලා සමහර ය කියනවා 12 කියලා ) ඔය කොයි දවස උනත් ඉතින් එහෙම බැරි වෙලාවත් පුරුවේ පිනකට මැරුනොත් (මගේ නෙමේ ඔහෙලගෙ ) ඊලග ආත්මෙත් අපි බ්ලොග් වලින්ම සෙට් වෙමු...

හොද හොද බ්ලොග් ගේට් තියමු.... අවුරුදු උත්සව වෙසක් කුඩු තරග 
(අන්තිම දවස  නිසා මේකත් කියලාම යන්නම්කො..... මේ අවුරුද්දේනොමරුනොත් මම කොහේ උන්නත් හිතාන උන්නේ සයිබරයෙන් හොදම වෙසක් නිර්මාණ තරගයක් තියලා එකෙන් දිනන අයට පොඩි තෑග්ගකුත් දීලා පොඩි වැඩක් කරන්න.......) වගේ ඒවා කරමුකෝ....

එක කරන්නත් බැරි වෙයි වගේ... එහෙම උනොත් ඊලග ආත්මේ වත් කට්ටිය එකතු වුනහම එක කරමුකෝ....

අමතක වෙයි කවදාවත් වැඩක් කරනකොට දිනයක් දැම්මේ නැතුව වැඩ කළා නම් හරි වැඩ කරනකොට හැමදාම දිනය දැම්මා නම් ඔන්න අදත් විශේෂයෙන්ම දාන්න අද 12 - 12 - 12 හොදේ......

ආයෙමත් කියනවා මොනවා හරි මගෙන් වැරද්දක් අඩු පාඩු වක් උනා නම් සමාවෙන්න............... අද නොමරුනොත් මමආයේ බ්ලොග් ලියනවා හොදේ.....  ඒ නිසා ඔය හිතට දැනෙන ඒවා කියලා යන්න....

අද  මැරුනොත්....

 

නොමැරී උන්නොත්




08 December, 2012

ලැබුනත් අත් තටු ඉගිලෙන්නට හැමදාමත් අපි නුබ සෙවනේ උන් පැටවුන්මය....

ජිවිතේ සමහර වැදගත් අවස්ථා උදා වෙන්නේ අපි නොහිතන විදිහට.......

ජිවිතේ මම ගොඩාක්ම සතුටින් හිටිය කාලේ පාසල් කාලේදී කියන එක මගේ විතරක් නෙමේ මේ හැමෝගෙමත් එහෙම තමයි කියන එකට විවාදයක් නැති වෙයි කියලා හිතනවා.....

කොලබ 7 පාසලකට ගියත් අඩු පහසුකම් තියන වෙන කොහේ හරි පාසලකට ගියත් හිතේ සතුටෙන් ඉගනගන්න එක වගේම ඒ ළමා කාලය ගෙවන්න ජිවිතේ හැමෝටම අවුරුදු 13ක්ම වෙන් කරලා තියන එක ගොඩාක් වටිනවා...

හැබැයි ඒ කාල අතරට 5 ශිෂ්‍යත්වය 11 වසර 13 වසර වල එක්සැම් නිසා ටිකක් ඒ සැහැල්ලුව නැති උනත් එකත් සතුටින් කරගන්න පුළුවන් කම් පාසල තුලින් කියලා දෙනවනේ....

වැඩිය කතා කරන්න ඕනේ නැ මිට අවුරුදු 7,8 කට කලින් ඉවත් උණු පාසල් මාතාව තුරුලට  ලැබෙන ඉඩ කඩ අතර තුර ගොඩ වදින්න අමතක නොකරත් ඊයේ දවස ටිකක් වැදගත්....

ඉගනගත්තු පාසලේ උගන්වපු ගුරුවරු සමහරක් විශ්‍රාම අරගෙන තිබුනත්  තවත් සමහර ගුරුවරු පාසල තුල ඉන්න කාලයක පාසලේ වර්ෂ අවසාන දක්ෂතා එලි දැක්වීම හා කුසලතා ඇගයීම වෙනුවෙන් සංවිදානය උණු එළිමහන් ප්‍රසංගය වෙනුවෙන් ආරාධිතයෙක් විදිහට සහභාගී වීමට ලැබුන එක මගේ ජිවිතේ ගොඩාක් වැදගත් අවස්තාවක්....

ඉස්සර අපි සෙල්ලම් කරපු පිට්ටනිය පන්ති කාමර පිටි පස්ස ටිකක් වෙනස් වෙලා,... ඒ කාලේ නොතිබුණු කම්පියුටර් කාමර , දියුණු උණු පුස්තකාල , වැඩි දියුණු උණු ගොඩනැගිලි පන්ති කාමර, වැඩි හරියක් ගෙවුණු විදුහල්පති කාර්යාලය (වැරදි කරලා එහෙම නෙමේ )එහෙම ගොඩාක් අලුතෙන් අලුත් වෙලා ....

ඒ කාලේ උදේම පාසලට යන පලවෙනි ළමයි 10 දෙනා අතර හැමදාම නොවුනත් ගොඩාක් දවස් වලට මමත් උන්නා...  ඉගන ගන්න වැඩ විතරක්ම  නම් නෙමේ කරන්න පුළුවන් හැම වැඩක්ම කරන්න ඒ කාලේ අපේ සෙට් ගොඩාක් හොදට එකමුතුව උන්නා....

ජිවිතේ මම වැඩියෙන්ම ආදරේ කරන ගුරුවරු කීප දෙනෙක්ම ඊයෙත් මේ පාසල් භුමිය තුලින්ම මුණ ගැහුන එක ගොඩාක් වැදගත් උනා වගේම හැමදාම ආදරේ කරන එක ගුරුවරයෙක් මේ දවස්වල මම කරන දේවල් ගැන අහලා දීපන්කො කොල්ලෝ අත ගොඩාක් සතුටුයි ඒ දවස් වල අපි කෑ ගහපුවගේ ප්‍රතිපල මෙහෙම දකින්න ලැබෙන එක ගැන ගොඩාක් සතුටුයි  හැමදාම මම කියනවා වගේ " හොද දේවල් කරලා අම්මලාගේ තාත්තලගේ ගමේ , පාසලේ නම තියන්න ලෝකේ කොහේ උන්නත් මෙහෙටත් වැඩක් කරපන් පුතේ කියලා කියන කොට නම් මටත් ඇස වලට කදුළු පිරෙන්න ගත්තා....

ඒ කාලේ සර්ලා මිස්ලා කියන දේවල් සමහර වෙලාවට වදයක් උනත් අද අපේ ජිවිත වල පදනම වැටිලා තියෙන්නේ ඒ අය අපි වෙනුවෙන් කරපු දේවල් නිසා තමයි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැ මගේ ජිවිතේ නම්

ඒ කාලේ  ගුඩ් මෝර්නින් අය්යේ  කියපු නංගිලා මල්ලිලා සමහර අය පාසල් ජීවිතේට සමු දීලා තවත් සමහර අය ඉහලම පන්ති වල..... තාමත් ඒ අය ට අපේ නම් වලින්ම අපිව මතකයි කියන එක හදවතට දැනෙනකොට දැනෙන හැගීම විස්තර කරන්න වචන නම් නැ මට ....

ඒ දවස් වල උත්සවයකට ආරාධනා ලබලා එන ආරාධිත අමුත්තන් අපිට මහා මෙරක් තරම් ලොකුවට පෙනුන නිසා එහෙම අවස්ථාවකට සහභාගී වීම් මට නම් ගොඩාක් වැදගත් අවස්ථාවක්...මොනතරම් ඉහලට ගියත් (තාම නම් මම පොඩි මිනිහෙක් ) හැමදාමත් අපේ ඉහලින් ඉන්නේ පාසල් මවුනි නුබයි...


මගේ පාසලට මගේ ගුරුවරුන්ට තාමත් මම ගොඩාක් ආදරෙයි ගොඩාක් ගරු කරනවා....

03 December, 2012

සෙන්සිටිව් වෙන එක හොදද ? නරකද?

පොස්ට් 200ක් ලියලා ඉවරත් උන එකේ ලියන වේගේ ගොඩාක් අඩුත් වෙලා..... මේ දවස්වල ලියන්න දේවල් මතක් වෙන්නෙත් නැ....

මුලින්ම මගේ දයාබර මෑණියන්ට අද සමරන 47 වන ජන්ම දිනය සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ගොඩාක් ආදරයෙන් සුභ පතනවා.....

......................................................................................................................

මේ දවස් වල ඉතින් රාජ කාරියේ ටිකක් හිර වෙලා ඒ අතරේ අලුතෙන් වැඩට ආපු සහෝදර සහෝදරියෝ නිසා මෙහෙම දෙයක් හිතුනා... (ට්‍රේනින් එන අය මාස 6කට )

සාමානයෙන් නුහුරු පරිසරයක වැඩට එක පාර යන්න උනහම ඉතින් ටෙන්ෂන් එකක් එන එක නෝමල් දෙයක්නේ....

සමහර අය එන්නේ මාස ගානක් වැඩ කරලා පල පුරුද්ද තියනවා වගේ...

තවත් සමහර අය එන්නේ නිකන් පහට ගනින්න බැ වගේ ( හැබැයි යනකොට 5000000000 ටම ගැනලා තමා යන්නේ )

තවත් සමහර අය එන්නේ නෝමල් චරිත විදිහට....

තවත් සමහර අය ඉතින් ගොඩාක් සෙන්සිටිව් අය විදිහට එනවා....

දැන් ඉතින් ඔය එක එක ආකාරයේ චරිත ඉන්න එක මේ සමාජයේ සාමාන්‍ය දෙයක්නේ.....

අද මම කතා කරන්න හිතුවේ ඕනාවට වඩා ඕනෙත් නැති පොඩ්ඩක් වත් නැතුව වැඩකුත් නැති ඔය සෙන්සිටිව් එහෙමත් නැත්නම් සංවේදීතාවය ගැන....

( මේක ලෙඩක් වෙන්නත් පුළුවන් මම දන්නා විදිහට ඒ ගැන ඉතින් ප්‍රදීප් ගේ පිටුවෙන් හෝ සොදුරු සුව අසපුවෙන් කතා කරවිනේ.... )

ඇත්තටම ජිවත් වෙන්න සංවේදී වෙන්නම ඕනද?

රාජකාරී පරිසරයක් තුල වැඩ කරනකොටනම් ඉතින් සෙන්සිටිව් වෙන එක ඕනවට වඩා තිබුනොත් ඒ රැකියාව එපා වෙන එක ගොඩක් සාමාන්‍ය දෙයක් මොකද අලුතෙන් ආව ගමන් හැම වැඩක්ම හරියට කරන්න අපි දන්නේ නැ වගේම එහෙම මොනවා හරි අතපසුවීමක් සිදු උනොත් අහන්න දේවල් නිසා ඕනවට වඩා සෙන්සිටිව් වෙන්න ගියොත් නම් අඩන්න වෙනවා ගොඩක්....

අපේ ජිවිත එක්ක ගෙවෙනකොට සංවේදී නොවෙන අය එක්ක ගොඩාක් වැඩ කරන්න වෙන නිසා අපි ඕනාවට වඩා සංවේදී නොවෙන එක තමා මම හිතන විදිහට හොදම.....

ඔයාලත් ගොඩාක් සංවේදී කෙනෙක්ද? සංවේදී උනහම ඔයාලට ලැබුනේ වාසියක්ද? එහෙමත් නැත්නම් දුකක් විතරක්මද?

.............................................................................................................................

මටත් නොතේරෙන දෙයක් නිසා හිතට දැනෙන නිසා ප්‍රශ්නයක් විදිහට පොඩිම පොඩි පොස්ට් එකක් දැම්මේ....

.............................................................................................................................

ප.ලි  : කතා ලියන්න දන්නේ නැති මම පොඩි කතාවක් ලියන්න ට්‍රයි කරනවා හරි ගියොත් අනිවා දාන්නම්කො.....  එපාද?