ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

15 November, 2013

දන්න කියන නොදන්නවනම් දැන ගන්න ඕන කරන වයිබර්.. - about viber

ගොඩක් දවසකින් මුකුත්ම ලියන්න උනේ නම් නෑ.... කලෙකට කලින් නම් ඉතින් සතියකට පොස්ට් දෙක තුනක් වත් ලිවනේ දෑන් මාසෙකට එකක් වත් ලියවෙන්නේ නෑ.. බිසි කියලා කියන්න තරම් වැඩක් කරන්නෙත් නෑනේ...

මගේ බ්ලොග් එකේ කාලෙකට කලින් ලියපු පොස්ට් වල තාක්ශනික පැත්ත්ට බර උනු පොස්ට් එහෙමත් තිබුනනේ.. මෙක එහෙම එකක් නම් නෙමේ ගොඩාක් දෙනක් පාවිච්වි කරන එකෙනෙක් හරි නොදන්නවා නම් දැන ගන්න කියලා ලියන්න හිතුන දෙයක්...



ගොඩාක් අය මොබයිල් බිල් එකට බර ගානක් යට කරනවනේ.. මමත් එහෙමයි... එත් ගොඩක් අය ගොඩක් කල් ඉදන් වයිබර් පාවිච්චි කරනවා නේද එකට ඉතින් හැබයි සිම්බියන් ෆොන් වල නම් මම හිතන්නේ බැ.. ඈන්ඩ්‍රොයිඩ් වත් ෆොන් එකක් ඔනනේ.... ස්කයිප් පාවිච්චි කරනවනම් අපිට ස්කයිප් අයි ඩි එකකටම ගන්න වෙනවනේ ෆොන් එකට උනත් ඉතින් එක අර ඔප්ශන් ම තියෙන්න ඔනනේ... එත් වයිබර් එහෙම නෑනේ... කෙලින්ම මොබයිල් නම්බර් එකට ගන්න පුලුවන් නිසා එකත් ගොඩාක් වටිනවනේ.. මෙ මොන කතා කිවත් බ්ලොගර්ස්ලා ගොඩාක් දෙනෙක් දෑනටමත් වයිබර් පාවිච්චි කරනවා කියලා මම දන්නවා... එහෙම අය මුට පිස්සු ඔවා අපි දන්නේ කොයි තරම් කාලෙක ඉදන්ඩ කියලා නොකියා තවත් එක්තරා බ්ලොග් පොස්ට් එකක් කියලා නොසලකා ඉන්නකො...

සාමන්යෙන් වයිබර් තහනමක් මම දන්න විදිහට සයිප්‍රස් වල නම් තියනවා මොකද ලොකල් කොල් වලටත් ගොඩාක් දෙනා වයිබර් පාවිච්චි කරලා දුරකතන සමාගම් වලට පාඩු වෙන නිසා.. ලන්කාවෙත් දවසක එහෙම වෙවිද නම් දන්නේ නෑ.. එත් එතකන් මෙක පාවිච්චි කරන්න පුලුවන්නේ... තාම ඉතින් අයි ඩි ඩි කොල් වලට අවුල් කියලා ස්කයිප් වලට තහනමක් දාලා නෑනේ..




වයිබර් විඩියො කොල් පහසුකමක් තියනවා උනාට තාම නම් මට එක කරගන්න විදිහ හොයා ගන්න බැරි උනා.. එත් වොයිස් කොල් වලට නම් මම ගොඩාක් වෙලාවට වයිබර් පාවිච්චි කරනවා එකට හොදම දේ තමා වයිබර් මොබයිල් එකට ඉන්ස්ටොල් කරගෙන පස්සේ එ ගමන්ම ලැප් එකටත් ඉන්ස්ටොල් කර ගන්න එක..

එකෙන් ඈත්තටම මොබයිල් එකකට කොල් ගන්න එ වගෙම හරිම ලෙසියෙන් ටෙක්ස්ට් කරන්න ෆොටො ශෙයා කරන්න විඩියො ශෙයා කරන්න හරිම ලෙසියි..

තවත් එක වාසියක් තියනවා තාම සමහරු ඉන්නවනේ ඇන්ඩ්‍රොයිඩ් වගේ ෆොන් එකක් නැති අය ඒ අය කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයයි... ලැප් එකට වයිබර් සොෆ්ට් එක ඉන්ස්ටොල්ඩ් කරගන්න... යාලුවෙකුගේ වයිබර් තියන ෆොන් එකට ඔයාගෙ සිම් එකක් දාලා එකෙන් වයිබර් ලොග් වෙන්න... ලොග් වෙලා ලැප් එකෙ ඔයගෙ වයිබර් නම්බර් එක විදිහට එක දෙන්න එතකොට එවන කොඩ් එක ලැප් එකෙන් දිලා එක කන්ෆම් කරගන්න දැන් ඉතින් සිම් එක ගලවගෙන යාලුවට ෆොන් එක දෙන්න


ඔයාටත් ඔයාගෙ ඔනාම වයිබර් ඉන්න යාලුවෙකුට නොමිලේ කොල් කරන්න ටෙක්ස්ට් කරන්න පුලුවන් එතකොට... සරලයි පහසුයි..

මෙකට ඩෙටා වියදම් වෙනවා තමා එත් ඉතින් අපි මොබයිල් එකට වියදම් කරන එකෙන් දහයෙන් එකක්වත් එකට නම් යන්නේ නැ එ නිසා පාඩුවක් නැ ට්‍රයි කරලම බලන්න...


මෙතනින් යන්න වයිබර් අඩවියට


* කොල් කරන අය ඉතින් දැන් කොල් කරන්නකො වයිබර් වලින්ම *