ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

25 June, 2012

උකස් අධ්‍යාපන.....

හැමෝම ලියනවා ලියුම්....... ඒත් මම ඉස්කොලේ යන කාලේවත් ටිචර් සර් දෙන ගුරුදෙගුරු සම්බන්ධතා පොතේවත් ලියන්න කියන ලියුම් ලියලා නැ ඒකත් කාට හරි කියලා ලියා ගන්නවා....

ඒත් අද මේ බ්ලොග් ලියන කෙලි පොඩිඩියක් නිසා ලියන්න වෙනවා ලියුමක්....

ලියුම් ලියන්න අපේ හපනා පොඩි සැමානේ.. මේක නම් ඒවා තරම් හොද නැ ඔන්න....

දයාබර උකස් අධ්‍යාපන ලේකම් තුමා වෙතටයි...

 මේ ලියන්නේ නොට් බුකියේ ලගට වෙලාය...

ඉතින් කෙසේද ?  කොහොම උනත් සැප විතරක් තියන නිසා සැප දුක් නොහසා සැප කොහොමද කියලා අහන්නම්....

අපි නම් සුපුරුදු විදිහටම ඉන්නවා හොදේ...

ආයේ සත්තු වත්ත කියලා ලියන්න යන අකුරේ ක්‍රමේ වෙනස් කරන්න යනවා කියන නිවුස් එකක් ඊමේලයක වේගෙයෙන් පැතිර ගිහින් තිබුනා..

දත කට මැදගෙන වහලා තියන කැම්- පස් එකට යන්න බලාගෙන ඉන්න අපේ කස්ටිය දැන් රත් වෙලා.... මොනවා වෙයිද කියලා...

මාමේ මොනවා උනත් මෙදා පොටේ නම් අර හැම ‍ෆිලුම් වලම තියනවා වගේ ඇපල් ලැපකින්ම වැඩේ පත්තු කරන්න එතකොට කොහෙට කෙලියත් වැඩේ ගොඩ... බලන්නකො ඔය ඇපල් කොම්ප්ටර් වලින් ‍ෆිලුම් වල දෙන වැඩ...

(හැබැයි ඉතින් වෙන වර්ගයක මැසිමක් අරගෙන රෙදි මහන එකක් හරි කමක් නැ  ඇපල් ගෙඩියක් අරගෙන අලවා ගත්තොත් ගොඩය)

දැන් ඔය වැඩේට ඔය කොප්පිටර් අරගෙන එනකොට තව අවුරුදු භාගයක් වත් යාවි....  එත්කොට මේ අවුරුද්දේ කැම්- පස් බලා යන්න උන්නු අයට යනකොට  යන්න වෙන්නේ නාකි වෙලාය.. මේ අයට ජොබක් ගැන හිතන කොට නෙමේ රත් වෙන්නේ... පවුලක් පන්සලක් වෙන්න පරක්කු වෙන එක ගැනය..

අනේ මාමේ ඒකට අර පුහුනු වැඩ පිලිවල වගේම කැම් - පස් එකේ දෙක, තුන අවුරුද්දේදි වගේ කසාදේ අනිවාර්ය කරලා ජොබ් එකකට මුලික සුදුසුකමක් කරන්න ලමයෙක් ඉන්න එක... එතකොට ඒ වැඩේත් ගොඩය...

කොහොම උනත් මාමේ මේ පාර නම් අර පරන උන්නු අයව ඔය ජාරාමිතිය හදන්න දාන්න ඒපා... එතකොට ආයේ පාරක් ඕක හදන්න උනොත් වසලා හමාරයි...

මොනවා උනත් අනේ අර මම කිව එක ගැන සලකලා බලන්න....

අනේ ලියුම කෙටි කොරන්න.... අපිට වගේ නෙමේ වැඩ ගොඩක ඉන්න ඔබතුමාලා මේ වගේ ලියු කරදහියක් කියවා කියවා ඉන්න බැහැනේ ගොඩාක් වෙලා..

එහෙමනම් ඔය හැමෝටම සරණයි...

ප.ලි : කල් ගිහින් හරි හරි විදිහට වැඩේ වෙනවනම් ගොඩාක් හොදයි....

18 June, 2012

ඔයලටත් මෙහෙම යාලුවෝ ඉන්නවද?

දවස් 15කටත් වඩා බ්ලොග් එකේ මුකුත්ම ලියලාත් නැහැනේ.. ඉක්මනට මේ වැඩ ඉවර කරගෙන එන්නත් ඕනා.. ජිවිතේ එක එක වෙනස් කම් ටිකකුත් වෙන්න තියනවා (අර හැමදාම ඇනෝ එන යාලුවා ඒ දෙවල් නෙමේ වෙනස් වෙන්න තියනවා කිවේ හොදේ ඒව හැමදාම එහෙමමයි)

ලියන්නේ මොනවද කියලා හිත හිතා ඉන්න කොට මතක් උන දේවල් ටිකක් ලියලා දාන්න හිතුවා...

ඔයාලටත් මේ දේවල් වෙලා ඇති..

විශේෂයෙන් ගොඩාක් යාලුවෝ එහෙම ඉන්නවානම්...

1. යාලුවෙක් බලන්න ගෙදරට ගියහම අහනවා කොහෙද මචන් මේ යන්නේ කියලා....

(මම මේ රිලවෙක් බලන්න ගහකට නගින්න හදන්නේ කියලා තමයි කියන්න වෙන්නේ)

2. ඩ්‍රාමා එකක්, ‍ෆිල්ම් එකක් බලන්න ගියහම යාලුවෙක් අහනවා මොනවද ඉතින් කරන්නෙ කියලා

( මම මේ නාන්න යනවා කියලා කියන්න හිතෙනවා එතකොට)

3. ‍රැ 12ට විතර කොල් එකක් දිලා අහනවා මචන් උබ නිදාගෙනද උන්නේ කියලා...

(අනේ නැ මම මේ මුකලන් බස්සෙක් කොල් කරනකන් ඇහැරිලා උන්නේ කියලා කියන්න වෙනවා)

4. අවුරුදු ගානකට පස්සෙ දැකපු යාලුවෙක් දැකලා අහනවා මචන් මේ ටික කාලෙට ඔයා ගොඩාක් ලොකු වෙලානේ කියලා

(නැ බන් මම මේ කාලේ වැඩිම පාලනය කරගෙනන ඉන්නේ අමාරුවෙන්)

5. කැම කන්න හෝටලයකට ගිහින් අහනවා මොනවද බන් දැන් කරන්නේ කියලා

( දැන් මම මේ ඩෙසට් එකට ගෙනවා වල් උරෙක්ව මෙතනම මස් කරන්න හදන්න කියලා)

6. පොදු ප්‍රවාහන සේවයක යන අතර මගදි අක්කා කෙනෙක් යකඩ කුරක් වගේ හිල් සපත්තු දාගෙන කකුල පාගලා අහනවා අනේ රිදුනද කියලා

(අනේ නැ අක්කො... මට ඉතින් හැගිම් දැනිම් නැහැනේ.. මට ලාදුරුනේ....)

 තව ගොඩාක් දෙවල් නම් තියනවනේ නේද?
දැන් මතක් වෙන්නෙත් නැ..

ඔයාලට මතක් වෙන දේවල් කියලා යන්නකො....

එහෙමනම් ආයෙත් දවසක මුන ගැහැමුකෝ....

ජය හා සතුට

02 June, 2012

Hand Watch පාවිච්චි කරන්නේ මොනවටද අපි..

හ්ම්ම් අලුත් මාසයකුත් ඇවිත්...

එක දිගට දවස් තුනක් තියන නිසා පොඩ්ඩක් විතර බ්ලොග් කියවන්න පොස්ට් එකක් දාන්න කියලා හිතුවත් අර එක පිම්මට ලියන එක නවත්වලා (ගොඩාක් දෙනෙක්ට නම් මම ලියන්නේ විකාරලු නේ) නිසා ලියන්න දෙයක් හිතට ආවෙත් නැ..

මතකයිනේ මිට කලින් මම ලියපු අර ටයි ගැන පොස්ට් එක.. මේකත් ටිකක් ඒ වගේ තමයි...

අද ඉතින් උදේ නැගිටිනකොට කුකුලා උදේ නැගිටලා එලාම් එකත් දිලා උදේට කැමත් කාලා දවල්ට කැමත් හොයන්න ගිහින්...

මොනවා කරන්නද ?

මමත් ඉතින් කොහොමහරි ඉක්මනට රෙඩි වෙලා ක්ලාස් බලා යන්න පිටත් උනා කියමුකෝ..

කොහොමත් මම පුරුද්දක් විදිහට ඔරලොසු (අර වොච් කියලා කියන්නේ) ඒවා පාවිච්චි කරන්නේ නම් නැහැ..

වෙලාවට වැඩක් නොකරන නිසාම නම් නෙමේ. මම ඉතින් ඔය වෙලාව බලගන්න ඕන වෙලාවට ෆොන් එකෙන් ඒක කරගන්න පුලුවන් නිසා මට කරදරයක් වගේ නිසා තමයි පාවිච්චි කරන්නේ නැත්තේ....

ටිකක් දවල් වෙලා වගේ නිසා මම ඉතින් වෙලාව බලනකොට පන්ති පටන් ගන්න තව 10 මින්ට් විතරක් වගේ තියෙන්නේ... මට ඉතින් ඒක ශුවර් නැති නිසා ටයිම් එක කන්ෆර්ම් කරගන්න කියලා ලග උන්නු 6 දෙනෙකුගෙන් වෙලාව ඒ අයට හොරෙන් බැලුවා..






ඒ එකම එක ඔරලොසුවක්වත් වැඩ කරන්නේ නැ... හැම එකක්ම නැවතිලා... මම ඉතින් ෆුල් අප්සෙට්.... තව ටිකක් එහාට ගිහින් ක්ලාස් යන බොයි කෙනෙක්ගෙන් අහලා වෙලාව බලාගත්තත්.. මේ අය මොකටද ඔරලොසුවක් පාවිච්චි කරන්නේ කියලා මට හිතුනා..

මට නම් ඉතින් ඔරලොසුවකින් එලාම් එකක් තියනවට අමතරම කරන ප්‍රධානම දේ තමයි වෙලාව බලන එක.. ඒත් වැඩ නොකරන ඔරලොසුවක් බැදගෙන ඉන්නකොට ඒක කරන්න පුලුවන්ද?

එහෙමත් නැත්නම් ඒකෙනුත් වැදගත් පෙනුමක් එනවද?


ඔයාලත් එහෙම වැඩ නොකරන ඔරලොසු බැදගෙනද ඉන්නේ

ප.ලි : මම බ්ලොග් ෆේස් බුක් වලින් ඇත් වෙලා ඉන්නවා කිවනේ.. මගේ යාලුවෙක්ගෙන් (ෆේස් බුක්) ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකක් තැගි ලැබුන නිසා ඔන්න මම හැමවෙලෙම වගේ ඔන්ලයින් ඉන්නවා පේනවා ඇති... ෆේස් බුක් ජි ටොක් ....... සෝ ඔයාලට ෆ්‍රි තියන වෙලාවක කතා කරන්නකෝ....