ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

31 January, 2012

බහිරව පුජාවකට සහභාගි වි පටි රෝල් උනෙමි

සාමානයෙන් මම ඇත්තටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගොඩාක් විශ්වාස කරන කෙනෙක් නම් නෙමේ.. ඒත් ඒව තනිකරම බොරු කියලා අයින් කරලා දාන්නේත් නැ...

පහුගිය දවසක මට බහිරව පුජා කියලා කියන කටයුත්තකට සහභාගි වෙන්න අවස්ථාව උදා උනා..

මම එතනට යනකොටත් මට මේ ගැන ලොකු විශ්වාසයක් පැහැදිමක් තිබුනේ නැ..

එත් එතන කපු මහත එහෙමත් නැත්නම් ඒ කාර්ය කරන පුද්ගලය එක එක ආවේශ (දෙවි දේවිතාවුන්...වෙන්න ඕන) වෙල එක එක අය ගැන ඇත්ත කියනකොට මට ඒවා විශ්වාස නොකර බැරි උනා..

මොකද මම ගැන මුකුත් දන්න කෙනෙක් නම් නෙමේ එයා.. ඒත් මගේ ජිවිතේ මම විතරක් දන්න ගොඩක් දේවල් එතන ඉන්න අයත් ඉස්සරහ කියලා මගේ පටි රෝල් කලත් (ලොකු වරදි නම් කරලා නැ ඔන්න මම) කිවෙ ඇත්ත නිස මට එක විශ්වස කරන්නම වුනා..

බහිරව පුජාවක් තියන්නේ ගෙදර ආරක්ශවට වගේම තව නොයෙකුත් කාරණා මුල් කරගෙනලු..

එක එක අය එක එක ගනන් වියදම් කරගෙන ලොකු ලොකු ආකාරයට (පලතුරු 18000ක , පඩුරු 2002*9 ආදි) මේ කටයුත්ත කලත් ඕනම දුප්පත් කෙනෙක්ට උනත් කරගන්න පුලුවන් විදියේ වැඩක් කියල තමයි මේක හැදින්නුවේ...

මේකේ පුජාවට ගන්න කිසිම දෙයක් ආහාරයට ගැනිම හොද නැහැලු.. එහෙම කරපු පවුල් කිහිපයක්ම නැත්තටම නැති වෙලා තියනවාලු..

මේ ගැන ගොඩාක් දේවල් නම් මම දන්නේ නැ. ඒත් මම අද විශ්වාස කරනවා මේ දේවල් වල පොඩි හරි බලයක් තියනවා කියලා..

සමහර විට  ඔයාලා මිට වඩා මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාන්ති කර්ම ගැන දන්නවා ඇතිනේ... කැමතියි මමත් දැන ගන්න

ප.ලි: මම ගැන මුකුත්ම නොදන්න මාව නොදන්න කෙනෙක් එහෙම මගේ ජිවිතේ ගැන කියනකොට මට නම් ඇත්තටම විශ්වාසයක් ඒ ගැන ඇති උනා

මෙන්න මේ වගේ විදිහට හදලා එතන එයාලටම ආවේණික ගාථා කියවලා පැයකින් දෙකකින් තමයි මේක කලේ..
තව පුජාවල් කිහිපයක් කල නිසා කොහොමත් පාන්දර 3,4 වෙනකන් මේ දේවල් සිද්ධ උනා..

මේවා අපේ රටට ආවේණික දේවල්.... තාක්ශනයේ දියුනුවත් එක්ක මේවා අභාවයට ගියත් ඇත්තටම මේවා අපි ‍රැක ගන්න ඕනා කියලා මට නම් හිතුනා.

 ගැමි පරිසරයක පමනක් නෙමේ සමහර නාගරික පරිසරවලත් ලංකාවේන් පිටත් සමහර තැන් වල මේවා විශ්වාස කරන අය ඉන්නවා.. ඇත්තටම මේවාගේ ඇත්තකුත් තියනවා.. හිතට දුක මුදල් පරමාර්ථයෙන්ම මේවා ගැන නොදැන රවටන පුද්ගලයින් වැහි වැහලා.. හොදට කරන අයටවත් ඒ නිසා මේක ඉදිරියට ගෙනියන්න බැරි වෙලා...

50 comments:

  1. ලංකාවේ එක එක පලාතට අනුව බහිරව පූජා වෙනස් වෙනවා..ගොඩාක් පලාත්වල කරන්නේ පූජාව තියලා ඉඩමේ 8 කොනේ මුට්ටි වලලන එක..සමහර පැතිවල පහන් ක්‍රමයක් කරන්නේ..දවස් 3 පහන් පත්තුකරනවා.ඒකනං මම දැකලා නෑ..ඔය මුල් ක්‍රමේ තමයි මමත් කරේ...ඉඩම ආරක්ෂාකරලා ඉඩමට අරක්ගත් එක එක ආත්ම තියෙනවනං ඒගොල්ලන්ට කරදරයක් නොවෙන්න තමයි ඔය පූජා කරන්නේ...මගේ ඉඩමේ බිලිං ගහක් තියෙනවා කවදාක්වත් ඒක කපන්න එපා කියලා බහිරව පූජාව කරපු කෙනා කිව්වා..එයා මාතර එක්කෙනෙක්.මගේ ඉඩමට ආවෙත් එදාමයි...ඒ උනාට බිලිං ගහක් තියෙනවා කිව්වම මමත් ගොඩක් පුදුම උනා...මේවා අවිස්වාස කරන්න බෑ.....කොහොම උනත් ගොඩදෙනෙක් බහිරව පුජාවක් නැතුව ගෙයක් හදන්නේ නෑ ඉඩමක.....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නම් මෙතන කලෙත් ඔයා කිව පලවෙනි ක්‍රමේම තමායි.. අනිත් ක්‍රමේ ගැන මම ඇහුවෙත් අදම තමා.. ඇත්තටම ගොඩාක් තැන් වල ඒ දේවල් කරනවා කියලා මමත් අහලා තියනවා.. අපිට මේවා එහෙම වෙන්නේ නැ කියලා පැත්තකට දාන්න නම් බැ කොහොමවත්

      Delete
  2. ශාන්ති කර්ම වගේ දේවල් වලින් කරන්නේ මනසට යම්කිසි සහනයක් ලබාදීමක්. මොකද ඔය හැම දෙකටම මුල් වෙන්නේ හිත නේ. කාගේ හරි හිත සන්තෝස උනා කියන්නේ එයා නිරෝගී උනා කියන එක තමයි. ශාන්තිකර්ම කියන්නෙත් අද සමාජයෙන් ගිලිහිලා යන කලා සම්ප්‍රදායක්. ඇත්ත බොරුව කොහොම උනත් සමාජයෙන් ගිලිහිලා යන ඒ කලාව රැකගන්න කවුරුහරි ඉදිරිපත් වෙනවා නම් ලොකු දෙයක්. මොකද ඒ පාරම්පරික කලාව අනාගත පරපුරටත් දැක බලා ගන්න ඉතුරු වෙලා තියෙන්න ඕනේ,අනිත් එක දෙවියෝ කියන අය නම් මිනිහෙකුගේ ඇගට ආවේශ වෙනවා කියන එක ටිකක් පිළිගන්න අමාරුයි. මොකද දෙවියෝ කියල කියන්නේ මිනිහාට වඩා උසස් කෙනෙක්. ඉතිං එහෙම උසස් කෙනෙක් මොනවා කරන්නද තමන්ට වඩා පහත් කෙනෙකුගේ සරීර කුඩුවක් අස්සට රිංගන්නේ?

    ReplyDelete
    Replies
    1. මම ඇත්තටම ඔයා කියපු කථාව ඇත්තද කියන්න නම් දන්නේ නැ.. එක එක අය ආවේශ විමක් එහෙමත් නැත්නම් වෙනස් මුහුනුවරක් ගන්නවා මම ගොඩාක් දැකලා තියනවා.. සාමානයෙන් පියවි සිහියෙන් ඉන්නකොට කරනවා තියා හිතන්න වත් බැරි විදිහේ දේවල් තමා එහෙම උනහම වෙන්නේ..

      ඇත්තටම හිතට සහනයක් දැනේන ඕන දෙයක් නම් ඇත්තටම ඒ වගේ දේවල් ‍රැක ගන්න එක අපි හැමෝගෙම යුතුකමක්

      Delete
  3. හ්ම් මමත් මේ දේවල් 100%ක් විශ්වාස කරනනේ නෑ..ඒත් සමහර දේවල් දකිද්දි අහද්දි ටිකක් හරි විශ්වාස නොකරත් බෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විශ්වාස කරන්නම වෙනවා සමහර තැන් වලදි.....

      Delete
  4. ඇත්ත ඇත්හ අද මේ වගේ දේවල් කරනවා බොහොම අඩුයි. ගොඩක් ම හේතුවෙනවා ඇත්තේ අද කාලේ අලුත් තාක්ෂණික දනුම පස්සේ යනවා මිසක්කා කාටවත් මේ වගේ දේවල් ඉගෙන ගන්න බලන්න යන්න හිතක් දෙන්නේ නැති නිසා වෙන්න ඇති.ඒවට අදාල පරණ කාලේ පරම්පරා වලිත් පැවත එක කට්ටිය අතරේ ඔය සංස්කෘතික අංග තියනවා. ඒත් ඒ කට්ටිය නැති වෙලා ගිහාම අපි අතරින් ඔය දේවල් නිකම්ම අර පරම්පරා එක්කම වැලලිලා යයි. ඒක නම් ලොකු අපරාදයක්......

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි ඒවා ‍රැක ගන්න ඕනා තමා යාලුවා.. මුල් වෙන්න කෙනෙක් නැති එක තමා ලොකුම ප්‍රොබ් එක

      Delete
  5. හ්ම්…..මගෙත් ඕව ගැන වැඩි විස්වාසයක් නම් නෑ මල්ලි. ඒත් ඕවගෙ ඇත්ත තියෙන්න පුලුවන්. අද බොරු කාරයො නිසා ඇත්ත කරන අයටත් බඩේ පහර වැදිලා. අපේ ගෙදරත් ආරක්ෂාවක් කලා. හැබැයි සාස්තර කියන්න ගියේ නෑ. තමා මට ඇත්ත කියන සාස්තර කියන කෙනෙක් හම්බ වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා ලොකුම ප්‍රොබ් එක.. ගොඩාක් අය කරන්නේ එදා වේල හොයාගන්න බොරු කරන එක තමා

      Delete
  6. ඔය අපේ රටේ තියෙන සමහර කෙම් පහන් ක්‍රම ... එතකොට ජ්‍යොතිෂ ක්‍රම .. වගේ ඒවා.. බොහොම හොඳට ප්‍රතිඵල අරගන්න පුලුවන් .. [නිවැරදිව භාවිතා කරනවනම්]
    වැඩේ තියෙන්නෙ හුඟ දෙනෙක් ඕවා හොරට කරන නිසා ..මිනිස්සු දැන් විශ්වාස නොකරන එකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම යාලුවා.... ඒවාගේ දෙයකුත් අනිවා තියනවා..

      Delete
  7. //මොකද මම ගැන මුකුත් දන්න කෙනෙක් නම් නෙමේ එයා.. ඒත් මගේ ජිවිතේ මම විතරක් දන්න ගොඩක් දේවල් එතන ඉන්න අයත් ඉස්සරහ කියලා මගේ පටි රෝල් කලත් (ලොකු වරදි නම් කරලා නැ ඔන්න මම) කිවෙ ඇත්ත නිස මට එක විශ්වස කරන්නම වුනා..//
    මේ සිද්ධිය ගැන මට තියනව අදහසක්. මේ දේවල් කරන අයට පුළුවන් අනුන්ගෙ විස්තර එයාට නොදැනීම අරගෙන කියන්න. මේ වගේ ඇත්තම ඇත්ත කියන තැනකට සාස්තරයක් අහන්න යන කෙනෙකුගෙ සාක්කුවට රෙකෝඩර් එකක් දාල තිබුන මගේ යාළුවෙක්. ඇතුලට ගිය මණුස්සය එලියට ආවෙ ඔක්කොම ඇත්ත කිව්ව කියල. ඒත් රෙකෝඩ් වෙච්ච ටික ඇහුවම තේරෙනව ඒක නිකං මැජික් එකක් වගේ දෙයක් විතරයි කියල. මේවගේ තැන් හදල තියෙන්නෙ නහය තදවෙන තරමට දුම් පිටවෙන, සීනුවල සද්දෙ කන් පුරවල වදින විදියට. මේව ගැන විශ්වාසයෙන් යන කෙනෙක් දන්නෙ නෑ ඇතුලෙදි තමන් කියන්නෙ මොනවද නොකියන්නෙ මොනවද කියල. ඇත්තටම වෙන්නෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙතන නම් එහෙම මුකුත්ම උනේ නැ.. මොකද ආවේ මෙතන වෙන තැනකට ආවේ..

      කොහොම උනත් මේ කෙනාට තොරතුරු කොහෙන්වත් ගියා කියලා මට කොහොමවත් විශ්වාස නැ...

      Delete
  8. ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා පස්සෙන් යන්න හොඳ නැහැ .........
    හැම දෙයක්ම තීරණේ වෙන්නෙ විශ්වාසය මත තමා ......

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත අයියේ.. ඒත් සමහර දේවල් එහෙම වෙනකොට විශ්වාස නොකරත් බැ වගේ දැනුනා..

      Delete
  9. මේවා ගැන ඉස්සරනම් දැඩි විස්වාසයක් තිබුනේ නෑ ඒත් පසුව අහපු දැකපු දේවල් එක්ක විස්වාස කරන්න සිදුවුනා ඒත් අයියේ මම තාමත් ඉන්නේ කෝකද හරි කියලා හිතාගන්න බැරුව....ඒ නිසා මම හිතනවා ඕනෙම දේක අන්තගාමී නොවී හිටියොත් හොඳයිය කියලා....

    ReplyDelete
    Replies
    1. මම දන්නවා යාලුවා... ඔයාගේ බ්ලොග් එකෙන් මම ඒ ගැන අදහසක් ගත්තා... සමහර දේවල් විශ්වාස කරන්න වෙනවා නේද?

      Delete
  10. මම දැකලම නැහැ මචං !

    ReplyDelete
    Replies
    1. මේවා නොදකින දැස් කුමකටදෝ කියලා හිතුනි මට

      Delete
  11. මම කෙසේ වෙතත් අපේ ගෙදර කස්ටිය නම් ඕවා සෑහෙන්න විශ්වාස කරනවා.. මාතර පැත්තෙ ගුරුකම් ප්‍රබලයිලු ඈ...!!!

    ReplyDelete
    Replies
    1. ඇයි... ඔයා.. විශ්වාස කරන්නේ නැතිද?.

      මාතර ගැන නම් වැඩිය දන්නේ නැ ඔන්න මම..

      Delete
  12. ඔව්ව මහ බොරුද! මෙහෙත් මෝඩ බුවාලනං ගෙයක් හදල ගෙවදිනකොට එළුවෙක්ගෙ බෙල්ල කපල ලේ ගානව බිම.

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවාත් කරනවද? මම නම් දන්නේ නැ අයියේ..

      කොහේ බුවාලාද අයියේ..

      Delete
  13. මබ මගුලයි. අපේ ගෙදර පෙරේද බහිර පූ‍ජා‍වක් තිබ්බ.. මම පලතුරු සේරම කෑව..

    ReplyDelete
    Replies
    1. මම දන්නේ නැ බන් ඒ ගැන හරියට.... ආපු කෙනා තමා කිවේ වත්තේවත් තියාගන්න එපා කියලා.. එත් දැන් උබේ බඩේනේ....

      අනේ මන්දා බන්

      Delete
  14. අපේ ගෙදර පෙරේද තිබ්බ එකක්.. මම පලතුරු සේරම කෑව මල මගුලයි............

    ReplyDelete
    Replies
    1. එළ එළ බය වෙන්න එපා උඹ තනියමනේ කෑවේ....

      Delete
  15. @kanaththa
    බයවෙන්න එපා පවුලම නැතිවෙන්නේ නෑ උඹ විතරයි නැත්තටම නැතිවෙන්නේ.

    ReplyDelete
  16. ඔය දෙවල් මමත් එතරම්ම විශ්වාස කරන්නැ..නමුත් යම්කිසි බලපැමක් මේ විෂ්වශක්තිය තුල තිබෙන බව්නම් ඇත්ත..හැබැයි නිකං සල්ලි කන වැඩ කොරනවට වඩා ප්‍රතිඵල දායක දෙවල්වල යොදනවනම් ඇඟට ගුනයි

    ReplyDelete
  17. මාත් මේව යම් තරමකට විශ්වාස කරනව . එහෙම නොවී බැරි උනා . ඔයාටත් එහෙම වෙලා තියෙන බව පේනවා . ඒත් බොරු කරන අය ඉන්න නිසා තමයි මිනිස්සු මේ ගෑන විශ්වාස නොකරන්නෙ .

    ReplyDelete
  18. @kanaththa වමාරපන් මචං පුලුවන් ඉක්මනට.

    මමත් දැකලා වෙලා තියන දේවල් වලින් විස්වාස කරනවා. කරනවට වඩා කරන්න වෙලා තියනවා.

    ReplyDelete
  19. ම්ම නම් මේව ඕන තරම් දැකල තියෙනව .හැබෙයි අය්යේ මමත් දැනං උන්නෙ නෑ ඕං ඔහොම දෙයක්

    ReplyDelete
  20. @ ඉන්දික උපශාන්ත
    අනේ නොදන්නා බනිස් ගැන කතානොකර හිටියනම් තමා හොද ,මොකද මේ තිරිසන් මිනීකන සත්තුන්ගේ පොටෝ දාගෙන ?
    @ රාජ්
    විශ්වාස නැත්නම් මුන්නේස්වරම් ගිහිල්ල බහිරවයන්ට විරුද්ධව පොල් ගහන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. පොල් ගැහිල්ල මහලොකු දෙයක් කියලද හිතං ඉන්නෙ? හැබැයි මුන්නේෂ්වරම් යන්න නං කාලය පූජාකරන්න බෑ. වෙන වැඩ තියනවනේ.

      Delete
  21. මම කැමති නෑ මාව පාලනය කරන අත්භූත දෙයක් තියෙනවට.. ඒ නිසා වෙන්න ඇති මේ වගේ දේවල් විශ්වාස කරනවා අඩුයි. හැබැයි මේවට ලක් වෙන අය සුවපත් වෙනවා දැකලා තියෙනවා. ඒක වෙන්නෙ ඒ අයගේ මේ වගේ පූජා ක්‍රම විධි ගැන තියෙන විශ්වාසය අනුවම තමයි.. එතකොට ඒ පාලනය නොදැනුවත්ම සැඟවිලා තියෙන්නෙ කෙනෙක්ගෙ හිත ඇතුලෙමයි.

    ReplyDelete
  22. විශ්වාස කරන්නත් බැරි..ඒත් නොකරත් බැරි දේවල්........

    ReplyDelete
  23. මමත් අපේ ගෙවල් ලඟ ගෙදරක එකක් තිබිලා එලි වෙනකම් ඇහැරිලා උන්න බං...

    ReplyDelete
  24. මමනම් තාම මේ වගේ පූජාවකට ගිහින් නෑ..

    ReplyDelete
  25. මම නම් පොඩ්ඩත්වත් විශ්වාස කරන්නේ නෑ.. ඕවා ඇත්තටම අනවශ්‍ය දේවල්. හිත දුර්වලයින්ට හොඳයි බොරුවට හිත හදාගන්න. ඇත්ත වුණත් බොරු වුණත් ඕවා නැතුව ජීවිතේ ගෙනියන්න පුළුවන් කිසි ප්‍රශ්ණයක් නැතුව. නිකං කාලයයි මුදලුයි නාස්ති කර ගන්නවා.

    ReplyDelete
  26. ඔය ආවේස වෙන එක, දේව බලයෙන්, බූත බලයෙන් සාස්තර කියන එක වගේ දේවල් ගැන, ඒවා සිද්ද වෙන්නේ කොහොඅම්ද කියන එක ගැන එහෙම හොඳ විග්‍රහයක් වෛද්‍ය සනත්දේව මුරුතැන්ගේ මහතාගේ මනෝකය, මරණය සහ සසර ප්‍රගමනය පොතේ තියෙනවා . .

    ඔය දේවල් ගැන කුතුහලයක් තියෙනවා නම් ඒ පොතත් කියවලා බලන්න . .

    ReplyDelete
  27. මලේ, මේ ගැන කථා කරන්න බ්ලොග් අවකාශේ සුදුසුම කෙනෙක් කියලා මට කියන්න පුළුවන් මායා බ්ලොග් එක ලියන නෙළුම් සහෝදරී...

    මෙන්න පාර...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩාක් ස්තුතියි අය්යේ මම ගිහින් බලන්නම්කෝ අනිවා....

      Delete
  28. මුන්නේසරමේ ගිනි පාගනව බලන්න ගිය අපේ යාලුවෙක් [ ගානට අනුමත වෙලත් හිටියෙ ] කිසිම පේ වීමක් නැතුව ගිනි පාගල පෙන්නුව. හැබැයි බැතිමතුන්ගෙන් ගුටි නොකා බේරුනේ දුවල.

    කාලෝ ෆොන්සේක එක අතකින් බැදපු මස් කෑල්ලකුයි අනිත් අතෙන් අරක්කු වීදුරුවකුයි අරං කොකු වලින් එල්ලිලා පත්තරේ පින්තූරෙකුත් දැම්ම කාලෙකට ඉස්සර.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම කථාවක් නම් අහලා තියනවා ඔබා මාමේ... ඇත්තටම සමහර දේවල් වලට ඕනාවට වඩා වත් පිලිවෙත් ඇති.. ඒත් මොකක් හරි අමුතු දෙයකුත් තියනවා කියලා මට හිතෙනවා

      Delete
  29. ලොකු විස්වාසයක් නැතත් යම් යම් දේවල් ගැන විස්වාස කරන්න පුළුවන් සිද්ධි වෙලා තියනවා.....

    නමුත් ඔය වගේ පුජාවක්නම් දැකලා නැ.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැකලා නැති එක නම් ලොකු අඩුවක් ජිවිතේට මට හිතුනා එහෙම.... නංගාත් පුලුවන් නම් බලන්න ඔය පැත්තේ නැති වෙන්න නම් බැනේ

      Delete
  30. ම්සකට කලින් අපේ මාමලෑ දිහා බහිරව පූජාවක් තිබ්බා . මම නම් පැත්ත පලාතේවත් ගියේ නෑ . මට මගේ සීයා යන්න දුන්නේ නෑ ඒකයි

    ReplyDelete
    Replies
    1. එතන නම් මොකක් හරි දෙයක් තියනවා නේද මල්ලෝ.. ඇහුවේ නැද්ද ඒ මොකද කියලා

      Delete
  31. මේවයෙත් යම් සත්‍යක් තියෙනවා කියල අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....