ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

07 February, 2012

පොස්ට් 150 & බබා කියන්නේ කවුද?

බබා පාට් එපා...

ඇත්තටම බබා කියන වචනේ ඇත්තටම මම කියන වචන 100න් දහයකවත් තියනවා.. ඒක දැන් මට හුරු වෙලා.. ඇත්තටම බබා කියන්නේ ආදරේ කරන කෙනාට කියලා ඔයා හිතනවා ඇති..

අනේ නැ මම එහෙම දෙයක් ගැන නම් නෙමේ කිවේ...

මට මේ බබා කියන වචනේ හුරු කලේ මගේ මුල්ම කළමනාකර තුමියයි... ජිවිතේ මට ගොඩාක් දේවල් ගැන අවබෝදයක් වගේම ‍රැකියාව ගැන මුල්ම ලැබුනු ඒ මග පෙන්විම ජිවිත කාලෙටම මට ගොඩාක් වටිවි..

ඇත්තටම බබා කියන ඒක මාත් එක්ක වැඩ කරන ගොඩාක් දෙනෙක්ට හුරු වෙලා....

කස්ටමර්ලාට එහෙම කතා කරන්නේ නැ ඔන්න...

හ්ම්ම්ම් ඒවා වැඩිය ඕනේ නැ...

අපි මේ බබා ගැන බලමුකෝ.....

බබා කියන්නේ පොඩි කෙනෙක්ට විතරක් කියන්න ඕන එකක්ද?

(කෙනෙක් මම එහෙම කොහොමද බබා කියලා අහපුවහම අපෝ මම බබෙක් නෙමේ මට වයස *&^% කිවානේ)



එත් මම නම් හිතන්නේ නැ එක පොඩි කෙනෙක්ට විතරක් කියන එකක් කියලා.. එතන තියනවා හදවතට සමිප ගතියක්...
ඒ හින්දා මම ගැහැනු පිරිමි ඕන කෙනෙක්ට වැඩියෙන්ම පාවිච්චි කරන වචනේ බබා වෙලා..

බබා මේක කරනවද??  බබා ඕක ඔහොම නම් කරලා හරි යන්නේ නැ.... කතා කරන ඕන වෙලාවක මම ඔහොමයි..

අනේ මම දන්නේ නැ ඔයාලට කොහොමද කියලා...

ආදරේ කරන අයත් ඉතින් තමන් ආදරේ කරන කෙනාට බබා කියනවා ඇහිලා තියනවා... ඒකත් වැරදි නම් නැ තමා.. මොකද කරන සමහර වැඩ බබාලාවත් කරන්නේ නැනේ...

හිකිස්..

සමහර අය බනිනකොටත් බබා කියනවනේ...

මේ බබෙක් වගේ වැඩ කරන්න ලැස්ති වෙන්න එපා... එහෙම කියන්නේ ඒකනේ

ඇත්තටම ඔයාලා බබා කියන්නේ කාටද?

ඔයාලත් බබාලද??

ප.ලි : දන්නේම නැතුව පොස්ට් 150කුත් මම ලියලානේ.. මේ ලියන්නේ 151 වෙනි එක...

පොස්ට් 150ක් කියන්නේ මම වගේ කෙනෙක්ට නම් ලොකු ගානක් උනාට ඔයාලට නම් පොඩි දෙයක් වෙන්න ඇති...

මේ පොස්ට් එකසිය පනහත් එක්ක මගෙ ලග උන්න හැම යාලුවෙකුටම ගොඩාක් ස්තුතියි වගේම දිගටම මගේ ලග ඉදිවි කියලා විශ්වාස කරනවා...

කවුද දැන් බබා.

94 comments:

  1. හික් හික්... ඔයා බබා....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් මම වෙලාවකට බබා කියනවානේ......... හිකිස්... නැද්ද මම අහන්නේ...

      Delete
    2. ඔව් ඔව්... කියනවා තමා... හිකිස්‌ හිකිස්‌.... ..

      Delete
    3. ඒකනේ ශානි බබෝ....................................... හිකිස්

      Delete
  2. ඒක නේන්නම්... මම තාම 150 න් 10 න් පංගුවක් වත් ලියල නෑනේ... එහෙම බලද්දී ඔයා මට වඩා 10 ගුණයක් ඉදිරියෙන්... ජය වේවා කිව්ව අයියාට !!!

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා.... ඒත් නංගලා යන ස්පිඩ් එකට අපිව පහු කරලා යයි ඉක්මනටම... ස්තුතියි...

      ජයවේවා නංගාලාටත්...

      Delete
  3. 150ට සුභ පැතුම්....150 ඉක්මනින්ම 250ක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඕං....ඇත්තටම කෙල්ලට බබා කියන එක හොඳයිද ඒක නිකන් අමුයි වගේනේ අයියේ....

    බබෝ....එහෙමත් නැත්තම් බබී.....කියලා කිව්වාම මට ගොඩක් ආදරණියයි වගේ දැනෙනවා ඔයත් ටිකක් ට්‍රයි කරලා මට කියන්නකෝ

    ReplyDelete
    Replies
    1. ඒකට නම් කල් යයි බබෝ.... මොකද ඉතින් කියන්නේ කාටද මං... හිකිස්..

      එක නෙමේ මම මේ සර්ච් කරලා බැලුවේ ගැමි මල්ලි බුකියේ නැද්ද?

      Delete
    2. හෑ මම ඔයාට රික්වෙස්ට් එකක් එව්වනේ අර ධනික අයියා ගැන තිබුනු පත්තරේ කොටසත් එව්වනේ හම්බුනේ නැද්ද ඈ

      Delete
    3. අනේ මට හම්බ උනේ නැනේ මලයන්ඩි...... මාත් බලාගෙන උන්නා... එවනකන්/

      Delete
    4. ගැමි මලයගේ කථාව ඇත්ත... බබා වුනත් ටිකක් අයිසින් කරලා ගත්තම තවත් රසයි...!

      Delete
  4. හා හා! එල ඈ!
    කොහෙද ඉතින් කියෙව්වට කමන්ට් කොරන්න වෙලාවක් නෑ නෙව.
    ජය වේවා කිව්වා 150ට තව 1ලක්ස 50ස්දාහක්ම ලියන්ට හැකිවේවා කියලා!


    පී.ඇස්. - මේ දවස් වල පොඩ්ඩක් හිරවෙලා & ලැපීගෙ ඩිස්ප්ලේ එක & බට්ටියට කෙල වෙලා ඔක්කොටම යනවා 40ගානක්.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා... එහෙමත් කේස් එකක් වෙලාද? දැන් ඉතින් තාත්තාගේ කාඩ් එකට අබ සරනයි..

      අම්මෝ පොස්ට් 150000ක් ලියන්න ආත්ම 10ක්වත් ඉපදෙන්න වෙයි

      Delete
  5. yako . . . post 150k kiyanne loku deyak thamayi . . . kwuda ne kiwuwe ????

    ReplyDelete
    Replies
    1. අද නම් ෆුල් හැපි............. මම කැමතිම කෙනෙකුත් මේ පැත්තේ ඇවිත්නේ..

      Delete
    2. මම හැමදාම එනව බං කොමෙන්ට් නොකලට

      Delete
    3. ඇත්තටම මම ඒකනම් දෑනගෙනම උන්නේ නැ.. සතු‍ටුයි ගොඩාක්

      Delete
  6. ලිපි 150 ලියනවා කියන්නෙත් ලොකු ජයග්‍රහණයක්.. ඉතින් ඔන්න මගෙනුත් සුභ පැතුම්..

    ඔය බබා වචනේ ලොකු බබලා වෙච්ච අපිත් ඉදලා හිටලා පාවිච්චි කරන එකක්නේ..

    ReplyDelete
    Replies
    1. හැමෝම බබාලා......... :D :D..... ස්තුතියි යාලුවා

      Delete
  7. සුබ පතනවා..හොද බබා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... අක්කෝ අපි හොදායි

      Delete
  8. බබාගේ 150 ඉක්මනින් 1500 වේවා....

    ReplyDelete
    Replies
    1. ඉක්මන් නම් කොටයිලු අක්කෝ.... හෙමින් යමුකෝ... 1500 කෙසේ වෙතත් 200ට වත්

      Delete
  9. සුබ පැතුම්

    ReplyDelete
  10. බ්ලොග් එකට කලු ඇදුම අන්දන්න ගොඩාක් කාලෙකට කලින් මම ආවේ...
    ඒත් අදනම් කමෙන්ට් එකක් දාලම යනව...
    151වෙනි පොස්ට් එකට මගෙන් සුභ පැතුම් අයියේ...

    (හැමෝටම බබා කියන්න යන්න එපා අනේ...එක එක්කෙනාට ෆීල්වෙන විදිය වෙනස්නේ...විශේෂයෙන් ගෑනු ළමයින්ට...)

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා,, ඒකත් එහෙම තමා.... ඒත් ඉතින් අනේ පුරුද්දනේ...

      ස්තුතියි නිසපු... ඔන්න ආව කිවට දැක්කේ මම අදනේ.. ඉතින් සදරයෙන් පිලි ගන්නවා

      Delete
  11. අපේ තාත්ත මට පුංචි කාලෙ කිව්ව බක්ක කබා කියල.. අර පෝස්ට් එක මතක ඇතිනේ....
    ලොකු පුතා ලියල තිබ්බා අක්ක බබෙක් ගැන...
    එතකොට නිකං බබා උකුං පාට් දාන්න එන්න එපා කියලත් කියනව නේද...?

    තව තව ලස්සන කතා දහස් ගණනක් දේවාගෙන් බිහිවේවා කියලා පතනවා 150ට සුභ පතන ගමන්ම...!!

    ReplyDelete
    Replies
    1. අනිවා..... මට ඒ කතාව කියවපු මතකයක් තියනවා අක්කෝ... බබා කතා ගොඩායි... ස්තුතියි අක්කෝ.....

      ඔයාලා මගේ ශක්තියනේ........

      Delete
  12. ජයවේවා!!

    මම බබා..උබ කොබා

    දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා................ හා හා අක්කේ එහෙමනම් මම බොටත් බබා ම කියන්නම්කෝ

      Delete
  13. එකසිය පනහට සුභ පැතුම් අයියේ... දිගටම ලියමු.....
    අපිත් හොඳ බබාලා තමා හරි....

    ReplyDelete
    Replies
    1. හික්ස්........... ඔක්කොම බබාලා නම් මරු, බබාලන්තේ බබාලා වගේ....

      Delete
  14. ඒකනම් නියමයි අය්යේ......තව තවත් ලස්සන ඒව දාන්න.කොහොමත් ඔයා ලියන ඒවයෙ අමුතු ගතියක් තියෙනව

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි මල්ලියෝ.... එහෙම කෙනෙක් කිවාමද මන්දා............ ගොඩාක් හැපි

      Delete
  15. පෝස්ට් 50ට මගෙනුත් සුබ පැතුම්!!!
    අනේ බබා වෙන්ට හදන්ට එපා. බබා කියන්නේ ඔයා....:D

    ReplyDelete
    Replies
    1. අනේ පොඩිඩි බබෝ.. වයසට යනකොට ඔහොම තමා... හිකිස්.... ඒකනේ පොස්ට් 150 කියන එක 50 වගේ පෙනිලා තියෙන්නේ..........

      මම බබා.... ඔයාගෙද? සතු‍ටුයි අෆ්ෆා..........

      Delete
  16. ඔන්න ඉතින් දේවා බබාට කෝඩුකාර බබාගෙනුත් උණුසුම් සුභ පැතුම් පිරිනමනවා පෝස්ට් එකසිය පණහට......තව පෝස්ට් ලක්ශ 50ක් ලියන්න වාසනාව ලැබේවා කියල කෝඩුකාර බබා ප්‍රාර්ථනා කරනවා.....!

    ReplyDelete
    Replies
    1. අනේ කොඩුකාර බබෝ.... එහෙම ලියන්න ගියොත් මට ජිවිතේ අවුරුදු 50000ක්වත් ජිවත් වෙන්න වෙයි

      Delete
  17. අපේ දේවා බබාට ජය වේවා....තව ගොඩාරියක් පෝස්ට් දාන්න හැකියාව ලැබේවා....!!!!

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි කිවා හිත හොද පිස්සා බබෝ...

      Delete
  18. ඔන්න බබො ඇතින්නියා ගල් අරබේ සිටින්නියා ..
    ගලින් ගලට පනින්නියා...
    බබුට බයේ දුවන්නියා....

    ඔන්න දෙවා බබාට මගේත් සුබ පැතුම් තව කෙල කොටියක් ලියහං

    උබ වැඩේ දෙල් කොරගන්නේ ඔය එක එක ගැනු ලමයින්ට බබා කියන්ඩ ගිහින් තමා ඔං...

    ReplyDelete
    Replies
    1. අනේ බන් රාජ් සහෝ......... ඒ සහෝදර ප්‍රේමෙටනේ බන්...

      දේවා හොද කොල්ලා....

      Delete
  19. හෆොයි...මලේ මං නම් මොනවා වුනත් කවුරු හරි මට බබා කියනවාට ආස නෑ නෙ.ආදරේ කරන කෙනා කිව්වොත්....හ්ම්.... එතකොටනම් කැමතියි.... :D

    150ට සුභ පැතුම් මලේ....තව ඔය වගේ දහ ගුණයක් ලිවීමට ලැබේවා....

    ReplyDelete
    Replies
    1. අයියෝ..... බබා කියන එක හොදායිනේ...

      ඔන්න ඒත් මම ඔයාට ආයේ එහෙමනම් කියන්නේ නැ ඔන්න බබා කියලා....

      ගොඩාක් ගොඩාක් ස්තුතියි

      Delete
    2. ඉතිරි කමෙන්ට් වලට රිප්ලයි අද ‍රැටම දාන්නම්කෝ... සුභ පැතු එක්කල හැමටම හොඩාක් ස්තුතියි

      Delete
  20. සුභ පැතුම් දේවා..
    ඔය බබාට තවත් ලස්සනට ලියන්න පුළුවන්කම ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි... රූ...

      ඔය බබා කිවේ ඔයාත් බබාද??

      Delete
  21. හික්ස්ස් 150ට සුභ පැතුම් අයියේ!!!තව තවත් ලියන්න ශක්තිය ලැබේවා!!

    මටනම් අම්මායි තාත්තායි ඇරෙන්න වෙන අය බබා කිවොත් ටිකක් අප්සට්... ;) කොහොමවුනත් මම බබා අම්මාටට්ය් තාත්තාටයි..:D ආ.. නෑ තව කෙනෙක්ට බබා වෙන්න ඕනෙ.. දැන්ම නෙවෙයි හැබැයි.. හිකි හිකි!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් අප්සට් උනහම මොකද අනේ යාලුවෙක් බබා කිවොත්... ඒ ඉතින් ටිකක් පිස්සු වැඩි යාලුවෙක්ම තමා... (මම වගේ)

      තව කොච්චර කල් යයිද දන්නේ නැ.. අර කලින් දාපු කෙනාගේ ඉන්ටර්විව් ද දැන්

      Delete
  22. මාත් දේව් බබාට සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. කිටි මේ පැත්තේ ආවේ අලුතෙන් වගේ.... සතු‍ටුයි හදුනා ගැනිම...

      ස්තුතියි

      Delete
  23. සෙල්ලංද පෝස්ට් 150 ක් කියන්නෙ ........
    දීර්ඝ ගමනකට මගෙනුත් ඔන්න මලේ සුබ පැතුම් .......

    බබාගේ සිට මහල්ලා දක්වා ඕනෑම කෙනෙකුට ගැලපෙන පෝස්ට් ලිවීමට හැකියාව ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා .........

    ReplyDelete
    Replies
    1. සිරාවටම අයියේ.... ඇත්තටම මම ලියන ඒවා හැමෝටම කියවන්න පුලුවන් තත්වේ ඇති කියලා හිතනවා.. විශේශයෙන්ම පොඩි බබාලට...

      ලොකු බබාලට නම් ගන්න දෙයක් නැතුව ඇති... හික්ස්..

      පලවෙනි පොස්‍ටුවේ ඉදන් උන්නු අයියාට ගොඩාක් තැන්ක්ස්

      Delete
  24. :O මගේ පෙට් නේම් එකත් බබානෙ..අල්ලපු ගෙදර පොඩි එකාත් මට කියන්නෙ බබා කියල..:D:D පෝස්ට් 150 ට සුබ පැතුම් දේව් බබාටත්.. :)

    ReplyDelete
    Replies
    1. අද ඉතින් අපිත් කියන්නම්කෝ ඔයාට බබා කියලා........
      කමක් නැනේ නේද?

      Delete
  25. මටත් ගොඩාක් කියවෙන වචනයක් මේක . ඒක කටට හුරුවෙලා . අමතක් වෙලා වෙන අයටත් කියවෙනවා.

    …සුභ පතනවා දිගු ගමනක් යන්නට .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම කියනවද අක්කෝ.. දවසක අපිටත් කියයිනේ...

      ඔයාගේ කමෙන්ට් ඉතින් මට ගොඩාක් වටිනවා කියලා ඔයා දන්නවානේ..

      ස්තුතියි අක්කෝ

      Delete
  26. හපොයි....ඔය වචනේ මන් ගොඩක්ම කියන්නේ මගේ ස්ටුඩන්ට්ස්ලට....දැන්නම් ටිකක් අඩුයි කියවෙනවා....


    සුභපැතුම් අයියා....දිගටම ලියන්න වාසනාව ලැබේවායි පතනවා....

    ReplyDelete
    Replies
    1. අපිටත් ඒ වගේ ගුරුවරු හම්බ උනානම් කියලා සිතුනි මට...........

      ලමයි ටික ආසාවෙන් ඉගන ගන්නවා ඇති..

      දැන් මොකෝ අඩු කියා දනිමි මම

      Delete
  27. බබාගෙ එකසිය පනහට උණුසුම් සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි රාජ් යාලුවා.........

      Delete
  28. ආ උඹ බබා?? :P අඩේ 150ක් කියන්නේ පොඩියිනම් 25ට කියන්නේ කොච්චර පොඩියි කියලද බං අපි තාම පෝස්ට් 25යි...

    කොහොමින් කොහොම හරි බබාට එකසිය පනහට එක්දාස් පනහක්ම ආයුශ ලැබේවා

    ReplyDelete
    Replies
    1. අඩේ බන් මාසෙට දේකට 25ක් දැම්මා නම් අවුරුද්දකදි 200ක් 300ක් දාවිනේ....

      ඔන්න මම නම් බබා

      Delete
  29. දේව්‍ බබාට ජය වේවා 150 150න් වැඩි වේවා.(මාත් තාම බබා හැබැයි.)

    ReplyDelete
    Replies
    1. අනේ.... 150* 150 කියද බන්... ගාන ලොකු වැඩි නැද්ද?

      ඔක්කොම බබාලා................ ශොයි

      Delete
    2. 22500යි බං.එච්චර ලොකු ගානක් නෙවේ :)

      Delete
    3. එච්චර ගානක් නම් නෙමේ බන් .. මේ 150 ලියන්න මාස 10ක් විතර ගියා,, තව ඒවගේ ඒවා 150ක් කිවහම මාස 1500ක් ඒ කියන්නේ අවුරුදු 125 නේද බන්.... පොඩිද ඉතින්............. අම්මේ.

      Delete
  30. පෝස්ට් එකසිය පනහ කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. මම ලියලා තියෙන්නෙත් තවම පනස් ගනනයි. ජයවේවා.
    එතකොට බබා කියන එක ගැන. අපි ස්ටාෆ් මෙම්බර් කෙනෙක් හිටියා මාලිනී අක්කා කියලා. ඕනැ කෙනෙකුට කතා කරන්නෙ බබී කියලා. පුරුද්දට. සමහර වෙලාවට වයසක ඩයල් වලටත් බබී කියලා බැනුම් අහලා තියෙනවා,කියන්නෙ හිනාවෙවී.
    එතකොට අපේ චූටි පුතාට තියෙන එක බයක් තමයි යාලුවො ඉස්සරහ එතකොට සාප්පු වලදි හෙම අම්ම ගෙදරදි වගේ "බබා" කියලා කතාකරයි කියලා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අඩේ බන් මම නම් ආසයි මට බබා කියනවාට...

      ඇත්තටම අපේ ස්ටාෆ් මෙම්බර්ස්ලාත් ගොඩාක් තරුන අය.. ඉතින් කොහොමත් අපි අපි අතරේ විතරනේ... කොහොමත් ජිවිතේ සුන්දරයි එහෙම අය ලග ඉන්නකොට..

      Delete
  31. චක් අපිට කවුරුත් නෑ නේ බබා කියන්න.. :D
    මේ මේ පොස්ට් 150 කියන්නේ සෙල්ලම් නෑ කොල්ලෝ හරිද..නරකද පාටියක් වගේ දැම්මොත්..

    ReplyDelete
    Replies
    1. කෝ ඉතින් උබලව අල්ල ගන්න විදිහක් නැනේ බන්.... එදා ගාලු ගියෙත් නැ... ආයේ මිට් වෙමුකෝ...

      Delete
  32. 150ට 1150ක් ආවඩා ආයුබෝ වේවා..

    **උඹ බබා**

    ReplyDelete
    Replies
    1. යා යා............... මම බබා...

      හිකිස්..................

      Delete
  33. පෝස්ට් 150ක් ??? මල්ලි මාර බබෙක් නේ !!!!
    මරු මරු ! සුබ පැතුම් මගෙන් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. අය්යා.. මගේ පොස්ට් 151න් ඔය අනිවා 145කට වඩා නම් ඇවිත් තියනවාමයි අයියේ,,,, ගොඩාක් ස්තුතියි ඒකටනම් හැමදාමත්

      Delete
  34. සුභ පතනවා බබෝ......තව තවත් ලියන්න....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි සහෝ.... තාම මම බබා...

      Delete
  35. අපේ උණුසුම් සුභ පැතුම් දේවා.... දිගටම ලියමු..... මටත්නම් සමහර වෙලාවට බබා කියලා කියවෙනවා...

    ReplyDelete
    Replies
    1. ඉතින් අෆ්ෆා අයියාලටත් බබා කියන එකේ අපිට කිවහම මොකද නේද?

      හොරෙන් අහන්නේ කවුද කියන්නේ

      Delete
  36. දේවා මලයා ඉතින් ඔන්න බබා වෙන්න හදනවනේ... මෙතන බොරුවට අපිට බබා පාට් දානවා....

    එහෙනමම් ඔන්න මල්ලි බබෝ... ඔයාගේ 150 ට ජයවේවා... දැන් ටිකක් ස්පීඩ් බැහැලා වුනත් ඔයා ඔය ස්පීඩ් එකෙන් ගියොත් අනිවා අවුරුදු 3 න් 500 ගැහුවැකි...

    මල්ලි බබාට ඉක්මනින්ම හොඳ නංගි බබියෙකුත් ලැබේවා...!!!

    ReplyDelete
    Replies
    1. හික්ස් අය්යා ... ඉතින් අපි තාම බබාලනේ..

      බලමු අයියා... මගෙත් ටාගට් එක හොද පොස්ට් 500ක් දාන එක...
      දැන් ලියන ඒවාත් හොදද නම් මම දන්නේ නැ. ඒත් ඇත්තටම මේ අවුරුද්දේ මුල ඉදන් මම පොඩ්ඩක් වෙනස් විදිහකටමයි ලිවේ.. විකාර ටිකක් දලා කතා කරන්න පුලුවන් දෙයක්

      ඒක නම් නොහිතමි

      Delete
  37. ඈ.... සෝක් මල්ලි බබෙක්නේ... ඵල ඵල! 150 ට සුබ පැතුම්, හොඳ බබා වගේ දිගටම ලියන්න!

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා................ අනිවා දිගටම ලියමු..... බබාලා එක්ක ලහිරුලා ඉන්නවානේ..

      Delete
  38. 150ට ආවඩා අයුබෝ වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියා............... :D

      Delete
  39. 150 ට 250 ක ලියන්න ශක්තිය ලැබේවා.එන්නනම් ටිකක් පරක්කු වුනා.

    ReplyDelete
    Replies
    1. 250ක් නම් මේ ඊයර් එන්ඩ් එකට කලින් ලියන්න ඕනා බන්... බලමුකෝ.. ගොඩාක් ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete
  40. මම මේ පැත්තට නම් ආවේ අද
    ඇත්තට කවුද දැන් බබා?

    ReplyDelete
    Replies
    1. බබා මමනේ.............. මේ පැත්තට නම් ගොඩාක් අලුතෙන්ම වගේ සෝ වෙල්කම් කිවා ඔන්න

      Delete
  41. මගේ සුබ පැතුම් දේවා අයියේ.. පරක්කු උනාට භජනය කර සිටිමි.. :)

    ReplyDelete
    Replies
    1. ඇ බන් මල්ලියේ මොනවද භාජනය කරන්න ඕනේ....

      හිකිස්

      ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....