ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

12 February, 2012

ජිවිතයක් බේරා ගන්න පුන්චි උදව්වක් කරනවද?

සාමානයෙන් මම එක දිගට දවසක් ගානේ පොස්ට් දාන කෙනෙක් නම් නෙමේ.. ඒත් මේ දේ ගොඩාක් වැදගත් කියලා මට හිතුනා.. ඔයාලා හැමෝගෙන්ම ලොකු උපකාරයක් බලාපොරොත්තුවෙන් මම මේ ලිපිය ලියන්නේ..

මගේ අවංක කම පොස්ට් එක ඔයාලට මේක නිසා මිස් වෙයි... ඒත් ඊට වඩා මේක වටිනවා අපේ රටේ තවත් අසරන කෙනෙක් ගේ ජිවිතයක් බේර ගන්න පුලුවන් විදිහට දායක වෙන්න...

බ්ලොග් කියවන ඔයාලා ඉන්නවා දස දහස් ගානක්.. මගේ බ්ලොග් එකට ඔයාලා එන්නේ ඇත්තටම ගොඩාක් ලොකු ගානක් නෙමේ ඒ හින්දා බ්ලොග් එක කියවන්න ආපු හැමෝගෙන්ම තවත් ලොකු උදව්වක් ඉල්ලනවා.. මම මේ පහලින් දාන පොස්ට් එක ඔයාලාගේ පොස්ට් එකක් විදිහට ඔයාලාගේ බ්ලොග් වලත් දාන්න එතකොට මගේ එක නොබලන ඔයාලගේ ඒවා බලන අයට මේක ගැන දැන ගෙන මේ නංගියාට අපිට උදව්වක් කරන්න පුලුවන් වෙවි..

මේ සම්පුර්ණ කරුනු පිලිබද වගකිමෙන් මට එවපු සොදුරු සුව අසපුව ලියන මහෙෂ් නිශාන්ත අය්යාගෙනුත් ඔයාලට ගොඩාක් තොරතුරු ගන්න පුලුවන් වේවි..

මේ................ මදුෂාණි නංගි ගේ කතාවයි

 





 









 බ්ලොග් ලියන කියවන ගොඩාක් දෙනෙකුට කෙනෙකුගේ දුකක්දි සංවේදි වෙන හිතක් තියනවා කියලා මම විශ්වාස කරනවා.. මේ අහිසංකිගේ ජිවිතේ බේරගන්න ඇත්තටම ඕන කරලා තියෙන්නේ රුපියල් දෙලක්ශ විසිදාහක වගේ මුදලක්.. තනියම කෙනෙක්ට මේ දේ දරා ගන්න බැරි උනත් පිරිසක් එකතු උනොත් මේ දේ කරගන්න ගොඩාක් ලේසියි

කෙනෙක් රුපියාල් 100කින් මේ දේට දායක වෙනවා නම් ඇත්තටම 2200 දෙනෙක් එකතු උනොත් ජිවිතේ බේරගන්න පුලුවන් වෙනවා වගේම ඔයාලට පුලුවන් උනොත් රුපියල් 1000ක් මේ වෙනුවෙන් වැය කරන්න ඇත්තටම 220කගේ උපකාරයෙන් මේ නංගියා අනාගතේ ජිවත් වේවි..

අපිටත් යමක් ඒ ජිවිතේ වෙනුවෙන් කලා කියලා අහිංසක සතුටක් විදගන්න පුලුවන් වේවි.... පොදි බැදගෙන හොයන සල්ලි අපිට නැ තමා... අපේ මහන්සියෙන් අපි හොයන කිය උනත් අපිට වටිනවා...

ඒත් අපි නිකරුනේ වැය කරන රුපියල් 100කින් 1000කින් මේ නංගියාගේ ජිවිතේ බේරගන්න පුලුවන්..

මොහොතක් හිතන්න... පුලුවන්න්නම් මේ වෙනුවෙන් පහත ක්‍රමයකට දායක වෙන්න....

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

· බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

ඔබේ දැන ගැනිම පිණිස මා මෙය පොස්ට් එකක් ලෙස පල කරනා අතර මේ පිලිබද තව දුරටත් ඔබට තොරතුරු අවශ නම්

ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති

ඔබගේ කාරුනික උපකාරය ලබනු වස් මේ ඊ සටහන මා වෙත යොමු කල මහේෂ් නිශාන්ත (සොදුරු සුව අසපුව)  මහතා මෙම පුහුණු ආයතනයේ සම්බන්ධිකාරන නිළධාරි වරයෙකු හා දේශකයෙකු ලෙස 2011 දක්වාම කටයුතු කර ඇති හෙයින් මෙම නැගනිය හා එම සිදුවිමේ සත්ය තාව පිළිබද පුර්ණ වගකිම ඔහු විසින් ගනු ලබන බව එම ඊ ප්ණිවිඩයේම දක්වන ලදි..

තව දුරටත් මේ නැගනියගේ රොගි තත්වය හා ව්ස්තර පිලිබදවත් ඔබේ පරිතයාගයන් පිලිබදවත් ෆේස් බුක් මෙම පි‍ටුව හා සම්බන්ද වි ලබා ගත් හැක ( http://www.facebook.com/cooperative.nts )

for more details :-
M.M.Nishantha
Skype : m.m.nishantha
Gtalk: m.m.nishantha


ජිවිතේ අපට කල හැකි තවත් උතුම් ක්‍රියාවකට සම්බන්ද වි මේ නැගනියගේ ජිවිතය බේරා ගැනිමට දායක වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..


කරුනාවෙන් නැවතත් ඉල්ලමි මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ නැගනියගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..

ඔබට හැකි පමන රු 100කින් හෝ මේ සදහා දායකත්වය ලබා දෙන්න..

33 comments:

  1. අනිවා කල යුතුම දෙයක්

    ReplyDelete
  2. පුළුවන් උදව්වක් කරන්නම්.. මේ ගැන දැනුම දුන්නට ස්තුතියි සහෝ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම යාලුවා පුලුවන් උදව්වක් කරන්න මේ සල්ලි ටික හොයාගන්න.... thanks

      Delete
  3. අනිවා උදව්වක් කරනවාමයි !!!

    ReplyDelete
  4. පුලුවන් දෙයක් කරන්නම් මචං
    කාගේ උනත් ජීවිතයක්නේ

    ReplyDelete
  5. කොහොමහරි උදව් කරනවාමයි

    ReplyDelete
  6. මල්ලී , ඔබ කළේ පිංකමකි , හැමදේම “විකිණෙන“ ලෝකේ ..මනුස්සකම වෙනුවෙන් සංවේදී වුනු ඔබ වැනිම තවත් මිතුරන් පිරිසක් එකතුවුනොත් මේ දියණිය ,ආයෙත් නිරෝගී දියණියක කරගන්න එක කරන්නට පුළුවන් දෙයක් ...ඉතින් බොහෝම පිං මේ කතාව ඔබේ බ්ලොග් සටහනේ පළ කළාට , ඒ වෙනුවෙන් වූ වෙහෙසට ...ඔබ සැමගේ උපකාරයෙන් ඇය හෙට දිනයේ සතුටින් “ජීවත්වේවි“ ...

    ReplyDelete
  7. මාත් නම් ශෙයර් කලා.. ඒකේ වැදගත් කමෙන්ට් දෙකක් වැටිලා තිබ්බ මම ඒ දෙක මේකේ දාන්නම්

    පන්සල් හංදියFeb 12, 2012 05:45 AM

    නිකමට වගේ මම කිව්වට මේ පෝස්ට් එකේ(http://pansalhandiya.blogspot.com/2011/05/blog-post_23.html) කියලා තියන ඩොක්ට ලඟට යන්න. මේ ෆෝන් නම්බර් එකට කෝල් කරලා එපොයින්ට්මන්ට් එකක් ගන්න පුලුවන් 0112622822. එයාට සනීප කරන්න පුලුවන්නම් පුලුවන් කියනවා. බැරිනං බෑ කියනවා. රෝගියාම යන්න ඕන නැහැ. රිපෝට් ටිකත් අරං වෙන කෙනෙක් ගියත් ඇති. මම හිතන්නෙ ඔය තරම් වියදමක් යන එකක් නැහැ .....

    කොහොම උනත් මම අනිවා මට කරන්න පුලුවන් තරමින් මම ඔය එකවුන්ට් එකට යම්කිසි මුදලක් දාන්නම් .....
    ReplyDelete



    AnonymousFeb 12, 2012 06:53 AM

    macan me gana FB eke thiyena asarana sarana group eke danna
    ReplyDelete

    මේ කමෙන්ට් දෙක අපේ බ්ලොග් එකේ වැටුනේ.. අපේ බ්ලොග් එක ලගදි පටන් ගත්ත නිසා මම මේකට ඒ දෙක දැම්මා උදව්වක් වෙයි කියා සිතමි...

    ReplyDelete
  8. පුළුවන් විදියට අපි ඔක්කොමලා උදව් කරමු දේවා..

    ReplyDelete
  9. ඔන්න මාත් අනිවා උදව් කරනවා.. බ්ලොග් එකෙත් නෝට් එකක් දැම්මා.. අපි උදව් කරමු..

    ReplyDelete
  10. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... පොඩි උදව්වක් කරා...ට්‍රාන්ස්ෆර් වෙයි එකවුන්ට් එකට...

    ReplyDelete
  11. සල්ලිය බාගේනම් මහා ගොඩක් නැහැ දරුවෝ. ඒත් පුළුවන් උපකාරයක් කරනවා.මේක බලන දරුවන්ටත් මං කියන්නේ, මාසෙකට රුපියල් තුන් හාර දහක් ඉන්ට්නෙට් බිල ගෙවන්න වියදම් කරන එකේ ජිවිතයක් බේර ගන්න රුපියල් දාහකින් වත් දායක වෙන්න.ජීවිතය කියන්නේ අවිනිශ්චිත දෙයක්.සමහරවිට අද මදුෂානි ඉන්න තැන හෙට ඔබ ඉන්න පුළුවන්...

    ReplyDelete
  12. සල්ලිය බාගේනම් මහා ගොඩක් නැහැ දරුවෝ. ඒත් පුළුවන් උපකාරයක් කරනවා.මේක බලන දරුවන්ටත් මං කියන්නේ, මාසෙකට රුපියල් තුන් හාර දහක් ඉන්ට්නෙට් බිල ගෙවන්න වියදම් කරන එකේ ජිවිතයක් බේර ගන්න රුපියල් දාහකින් වත් දායක වෙන්න.ජීවිතය කියන්නේ අවිනිශ්චිත දෙයක්.සමහරවිට අද මදුෂානි ඉන්න තැන හෙට ඔබ ඉන්න පුළුවන්...

    ReplyDelete
  13. මේ ගැන කිව්වට ගොඩක් ස්තුතියි.. කොහොමින් හරි උදව්වක් දෙන්න ඕන..

    ReplyDelete
  14. මමත් පුළුවන් විදියෙ උපකාරයක් කරන්නම් ගිණුමට මුදල් බැරකරලා... බොහොම ස්තුතියි මේ ගැන දැනුවත් කලාට

    ReplyDelete
  15. අපි කරමු උදවුවක්..

    ReplyDelete
  16. මේ ගැන කිව්වට ගොඩක් ස්තුතියි.. මාත් පුලුවන් සහයෝගයක් දෙන්නම්..

    ReplyDelete
  17. අනිවාර්යෙන් පුළුවන් උදව්වක් කරනවා අයියේ...

    ReplyDelete
  18. අපි එකතුවෙනවා මේ සද්කාර්යට.

    ReplyDelete
  19. බ්ලොග් අවකාශයේ කෙනෙකුගේ විපතකදි ඒ වෙනුවෙන් දුක් වෙන යමක් කරන්න කැප වෙන ඔයාලා හැමෝටම ගොඩාක් පින්... අපි හැමෝම එකතු වෙලා මේ වෙනුවෙන් මොනවා හරි දෙයක් කරමු....

    ඔබලාගේ සහය මේ නැගනියගේ ජිවිතය හෙට දවස ලස්සන කරාවි..

    ගොඩාක් පින් මගේ යාලුවනේ.. හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තුතියි...

    ReplyDelete
  20. දේවි... අසනීප වෙලා ඉදපු නිසා මම අදයි මෙි පැත්තට ආවෙි දවස් ගානකට පස්සේ. මම මෙි නැගනිය වෙනුවෙන් පුළුවං උපරිම උපකාරයක් කරනවා. හෙටම සල්ලා දානවා දේවි. මෙි ලියලා තයෙන ගිණුමි අංකය හරි නේද?

    ReplyDelete
  21. mekata math dayaka wenewa mallii. e gana mama Mr Meheshta kiwwa

    ReplyDelete
  22. මමත් පුලුවන් උපරිමෙන් දායක් වෙන්නම්...

    ReplyDelete
  23. පොඩි උදවුවක් කළා.

    ReplyDelete
  24. කොහොම හරි උදව් කරනවා මල්ලි...

    ReplyDelete
  25. ගොඩක් පින් සිද්දවෙන වැඩක් සහෝ. පුලුවන් හැම උදව්වක්ම කරමු.

    ReplyDelete
  26. ගිය මාසේ පඩිය පොඩ්ඩක් පරක්කුයි මලේ . . . (ලොකේ හැමතැනම ආර්තික ප්‍රශ්න)

    ඒක ලබන සතියේ හම්බ උනු ගමන් මේ තියෙන එකවුන්ට් එකට ගානක් දාන්නම් මල්ලී . . .

    ReplyDelete
  27. බොහොම පිං මලේ.. පුළුවං හැටියට පුංචි උදවුවක් කරන්නං..

    ReplyDelete
  28. මං මේක කලිං අහලා තිබුණත් අමතක වෙලයි තිබුණේ.. පස්සේ ඊමේල් එකක තිබිලා හම්බ වුණා.. මේක පිළිකාවට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් කියලා තමයි කියන්නේ..

    කටුපිළ ශාකයේ පංචාංගය මී පැණි දමා බොන්න. කොළ, පොතු, මුල්, මල්, ගෙඩි ගෙන චූර්ණ කර පාණ්ඨ ලෙස සකස් කර දවසට තෙවරක් කෝපි මෙන් වත්කර බොන්න. කොළ, දළු ගෙන හීනටි හාලෙන් කැඳ පිස බොන්න, කොළ පරිප්පු ව්‍යාංජන පිළියෙල කර කන්න.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....