ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

31 January, 2012

බහිරව පුජාවකට සහභාගි වි පටි රෝල් උනෙමි

සාමානයෙන් මම ඇත්තටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගොඩාක් විශ්වාස කරන කෙනෙක් නම් නෙමේ.. ඒත් ඒව තනිකරම බොරු කියලා අයින් කරලා දාන්නේත් නැ...

පහුගිය දවසක මට බහිරව පුජා කියලා කියන කටයුත්තකට සහභාගි වෙන්න අවස්ථාව උදා උනා..

මම එතනට යනකොටත් මට මේ ගැන ලොකු විශ්වාසයක් පැහැදිමක් තිබුනේ නැ..

එත් එතන කපු මහත එහෙමත් නැත්නම් ඒ කාර්ය කරන පුද්ගලය එක එක ආවේශ (දෙවි දේවිතාවුන්...වෙන්න ඕන) වෙල එක එක අය ගැන ඇත්ත කියනකොට මට ඒවා විශ්වාස නොකර බැරි උනා..

මොකද මම ගැන මුකුත් දන්න කෙනෙක් නම් නෙමේ එයා.. ඒත් මගේ ජිවිතේ මම විතරක් දන්න ගොඩක් දේවල් එතන ඉන්න අයත් ඉස්සරහ කියලා මගේ පටි රෝල් කලත් (ලොකු වරදි නම් කරලා නැ ඔන්න මම) කිවෙ ඇත්ත නිස මට එක විශ්වස කරන්නම වුනා..

බහිරව පුජාවක් තියන්නේ ගෙදර ආරක්ශවට වගේම තව නොයෙකුත් කාරණා මුල් කරගෙනලු..

එක එක අය එක එක ගනන් වියදම් කරගෙන ලොකු ලොකු ආකාරයට (පලතුරු 18000ක , පඩුරු 2002*9 ආදි) මේ කටයුත්ත කලත් ඕනම දුප්පත් කෙනෙක්ට උනත් කරගන්න පුලුවන් විදියේ වැඩක් කියල තමයි මේක හැදින්නුවේ...

මේකේ පුජාවට ගන්න කිසිම දෙයක් ආහාරයට ගැනිම හොද නැහැලු.. එහෙම කරපු පවුල් කිහිපයක්ම නැත්තටම නැති වෙලා තියනවාලු..

මේ ගැන ගොඩාක් දේවල් නම් මම දන්නේ නැ. ඒත් මම අද විශ්වාස කරනවා මේ දේවල් වල පොඩි හරි බලයක් තියනවා කියලා..

සමහර විට  ඔයාලා මිට වඩා මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාන්ති කර්ම ගැන දන්නවා ඇතිනේ... කැමතියි මමත් දැන ගන්න

ප.ලි: මම ගැන මුකුත්ම නොදන්න මාව නොදන්න කෙනෙක් එහෙම මගේ ජිවිතේ ගැන කියනකොට මට නම් ඇත්තටම විශ්වාසයක් ඒ ගැන ඇති උනා

මෙන්න මේ වගේ විදිහට හදලා එතන එයාලටම ආවේණික ගාථා කියවලා පැයකින් දෙකකින් තමයි මේක කලේ..
තව පුජාවල් කිහිපයක් කල නිසා කොහොමත් පාන්දර 3,4 වෙනකන් මේ දේවල් සිද්ධ උනා..

මේවා අපේ රටට ආවේණික දේවල්.... තාක්ශනයේ දියුනුවත් එක්ක මේවා අභාවයට ගියත් ඇත්තටම මේවා අපි ‍රැක ගන්න ඕනා කියලා මට නම් හිතුනා.

 ගැමි පරිසරයක පමනක් නෙමේ සමහර නාගරික පරිසරවලත් ලංකාවේන් පිටත් සමහර තැන් වල මේවා විශ්වාස කරන අය ඉන්නවා.. ඇත්තටම මේවාගේ ඇත්තකුත් තියනවා.. හිතට දුක මුදල් පරමාර්ථයෙන්ම මේවා ගැන නොදැන රවටන පුද්ගලයින් වැහි වැහලා.. හොදට කරන අයටවත් ඒ නිසා මේක ඉදිරියට ගෙනියන්න බැරි වෙලා...

29 January, 2012

හැටට හැටේ යන්න එපා... (Face book දුකක් මට)

අද මම දාන්න උන්නු පොස්ට් එකක් නම් නෙමේ මේක..

ඒත් මගේ හිතට ගොඩාක් දුක හිතුන දවසක්....

ෆේස් බුකිය මට සමහර දේවල් ගොඩාක් දෙනවා මගේ ජිවිතේට... මේ මට ෆේස් බුකිය දුන්නු දුකක්..

සාමානයෙන් මට ගොඩාක් ස්පිඩ් චැට් කරන්න බැ මගේ නෙට් කනෙක්ශන් එකත් එක්ක...
ඒ හින්දා ගොඩාක් වෙලාවට චැට් කලත් සමහර අයට මම ඉන්නකොට මාව පෙන්නේ ඕෆ් ලයින් විදිහට.. ඉතින් මම ගොඩක් යාලුවෝ එක්ක ඉන්නේ ෆේස් බුකියේ නම් මැසේජ් වලින් තමයි..

එහෙම අදුන ගත්තු ගොඩාක් යාලුවෝ මගේත් එක්ක දුකේදි සැපේදි ඉන්න එක ගැන මට ගොඩාක් සතු‍ටුයි..

මේ කියන යාලුවාත් එහෙම කෙනෙක්...

සමාජයේ වැදගත් කියන ආයතනයක ‍රැකියාවක් කරන මේ පුද්ගලායාගේ ‍රැකියා ස්ථානය කොළබ උනාට ගෙවල් තියෙන්නේ ටිකක් දුර පලාතක...

මිට සතියකට විතර කලින් දවසක් ‍රැ 7ට විතර ෆේස් බුක් එකට ආපු යාලුවා.. මචන් මම දැන් ,.......... මගේ ගමට යන්න යනවා බයික් එකේ

මම: උබට පිස්සුද බන් මේ මහ ‍රැ ඔය තරම් දුරක් බයික් එකේ යන්න..

යාලුවා : සති ගානකින් ගෙදර ගියේ නැ බන් ඒකයි..

මම : උබට ගමට යන්නම ඕනේ නම් මචන් බස් එකේ පලයන්.. ඔහොම හිතුවක්කාර වෙන්නේ නැතුව

යාලුවා : බැ බන්.. බයික් එකේ ගමන මට ශුවර්.. අනික බස් ගාටනවා බන්.. අනිතිම කිලෝමිටර් තුන් නැත්නම් මට පයින් යන්න වෙන්නේ..

මම : එහෙමනම් පරිස්සමින් ගිහින් වරෙන්.................................

ඔය සිදුවිම වෙලා සතියක් වුනා.. ගෙදරට ඉන්ටනෙට් නැති නිසා කොහොමත් දවස් තුන හතරකින් මුකුත් දැන ගන්න ලැබුනේ නැ මට..

මගේ හිතට දුක දැනෙන ඒ සිද්දිය උනේ ඊයේ ‍රැ... යාලුවා එක පාරම ඊයේ ඔන් ලයින් ආවා..

මචන් මට පොඩි කරදරයක් උනා.. එදා මාව ඇක්සිඩන්ට් උනා බන්.. මගේ එක කකුලක් කපන්න උනා................

මාව සිතල උනා...... ඇත්තටම මොනවා උනාද කියලා මට තෙරුනේ නැ...

මම මොකක්............. කියලා අහනකොටම මම පස්සේ එන්නම් බන් ඇවිත් කියන්නම් කියලා යන්න ගියා...

පව් එදා බස් එකේ ගියානම් ඔහොම වෙන්නේ නැනේ.. කොහොම උනත් එදා ගොඩාක් වේගයෙන් ගියා කියලා මම දන්නවා. ඉක්මනටම යන්න තමයි උවමනව.. ඒත් ඒ හින්දා අද ජිවිත කාලෙටම කකුලක් නැතුව ඉන්න වෙනවා

ඇත්තටම ඔයාලත් මේ දේ කරනවා නේද බයික් පදින වාහන වල යන හැමෝම

‍රැකියාවට යනකොට පරක්කු වෙයි කියලා බයේ ගොඩාක් වේගයෙන් යන අවස්ථා ගොඩයි නේද? ඇත්තටම පරක්කු වෙලා ගියා කියලා ඔයාට මොකද වෙන්නේ හැමදාම ඔයා පරක්කු නොවෙන නිසා ආයතනයෙන් ඔබව ‍රැකියාවෙන් ඉවත් කරයිද නැනේ.. ඔන්ක ඕඅ නම් ආයතන ප්‍රධානියා වචනයක් දෙකක් කියයි.. ඒක ඕබේ අත පයක් නැතිවෙනවාට වඩා ඔබට වේදනාවක්ද?? නැ නේ.. පොඩ්ඩක් හිතන්න ඔබේ රථයේ මිටරය ඉහල වෙග සිමාවකට දාගන්න කලින්...

ඔබේ ජිවිතය වටින්නේ ඔබට විතරක්මද?? ඔබේ මව්පියන්. සහෝදර සහෝදරියන්. බිරිද පෙම්වතිය දු දරුවන්. නැදැයන් යහලුවන් වැඩ පරිසරය.. ඔය ඔක්කොටම ඔබව වටිනවා.. ඉතින් පොඩ්ඩක් හිතන්න (මගේ ෆේස් බුක් යාලුවාගේ ආදරයට මම දන්න විදිහට අවුරුදු 7ක් විතර ලබන අවුරුද්දේ බදින්න උන්නේ, කෙල්ල කොල්ලව දාලා යන එකක් නම් නැ.. එත් පරිස්සම් උනා නම් අද දෙන්නා ගොඩාක් සතුටින්)

වේගයට එලබෙන්න කලින්... වෙගයෙන් නොගිහින් නැතිවෙන්න පුලුවන් මොනවද කියලා.. ඔබට හිතෙවි වේගයෙන් ගිහින් ඔබ නැති කරගන්න දේවල් වලට වඩා ගොඩාක් වටින වැදගත් දේවල් ඔබේ පරිස්සම තුලින් ජිවිතයට එකතු කරගන්න පුලුවන් කියලා...

ප.ලි : මම මේ ටිකේ ගොඩාක් බ්ලොග් කියවන්න උනේ නම් නැ.. පුලු පුලුවන් වෙලාවට ඒවට එන්නම්..

27 January, 2012

අනේ මහත්තයා................... නෝනා දිලා යන්න...

ඇත්තටම අද ලොකේ ඉන්න ජන ගහනයට වඩා දුරකතන අලවි වෙලා තියනවාලු... කොහොමද ඒක..

කොහොම උනත් අද ඕවා පාවිච්චි කරන කි දෙනෙක් හරියට එක පාවිච්චි කරනාවද?

මොබයිල් ෆෝන් ගැනවත් ඒකෙන් තියන ප්‍රයෝජන ගැනවත් කියන්න හදනවා නම් නෙමේ... පුන්චි කථා ටිකක් ඇහුනා.. ඔයාලා එක්ක බෙදා ගන්න හිතුනා

සාමානයෙන් ආයතන ප්‍රධානියෙක්ට එක පාරම කොල් එකක් ගන්න අමාරුයිනේ... දුරකථන වලට පිලිතුරු දෙන්න වෙනම කෙනෙක් ඉන්නවානේ, එයානේ ඒවා කතා කරලා අදාල තැනට දාන්නේ

මේ පුන්චි කතා බහ එහෙම කෙනෙක් කියපු දේවල් ගැන

හිතලා බලන්නකෝ ඔයාලත් මෙහෙමද කොල් කරනකොට කියලා

ආයහන ප්‍රධානියා පිරිමි පුද්ගලයෙක් ඔහුව විමසන ආකාර කිහිපයක් වරහන් ඇතුලේ තියෙන්නේ ඒ වෙලාවේ දුරකතන ක්‍රියා කරවන්නියට හිතුනා කියලා කියපු දේවල්

(මේ ඔක්කොම කන්තාවන් විසින් කරපු ඇමතුම්)

හෙලෝ.....  මිස් මහත්තයා ඉන්නවාද? (ඇයි අනේ මොනවා වෙන්නද ඔය හොදට ඉන්නේ)

හෙලෝ... මහත්තයාව දෙන්න පුලුවන්ද මිස් (කොහොමද යකෝ මගේ මහත්තයව දෙන්නේ)

හෙලෝ මිස් මහත්තයට කථා කරන්න පුලුවන්ද?? (දැන් නම් කතා කරන්න පුලුවන්ද දන්නේ නැ ටිකකට කලින් නම් කතා කලා )

හෙලෝ මිස් මහත්තයට දාන්න පුලුවන්ද?? ( ඒකනම් අහන්න වෙන්නේ මහත්තයාගෙන්ම තමා)

*********************************************************

ඇත්තටම කොහොමද කතා කරන්න හොදම විදිහ... ඔයාලා කොහොමද කතා කරන්නේ.. තව මොනවද මෙහෙම කතා..


ඒ විතරක් නෙමේ ඔයාලට නිතරම සිගමන් යදින අය මුන ගැහෙනවා නේද? හොදට මතක් කරලා බලන්න ඒ අය කියන්නේ මෙහෙම නෙමේද කියලා

සිගමන් යදින කෙනා කන්තාවක් නම්

අනේ නෝනා................... මහත්තියා දිලා යන්න... (ඔන්න කැමති අය දිලා යන එකයි ඇත්තේ)

සිගමන් යදින්නේ පිරිමි කෙනෙක් නම්

අනේ මහත්තයා........................ නෝනා දිලා යන්න...

21 January, 2012

හිතත් එක්ක යාලු වෙන්නේ කොහොමද????

අද නිමිත්ත : තමන්ගේන් වරදක් වෙනවා කියලා තේරුම් ගත්තු යාලුවෙක් එක්ක මනෝ උපදේශන සේවා ලබා ගැනිමට ඔහුගේ තනියට ගිය මොහොතක ඇති වු කථාබහ..

*************************************************************************************************

අපේ ජිවත් වෙනකොට ජිවිතේ අපිට ගොඩාක් යාලුවෝ ඉන්නවානේ.... යාලුවෝ ගොඩාක් අපිට ඉන්නකොට ජිවිතේ සමහර දේවල් වලට ගොඩාක් වටිනවා වගේම සමහර වෙලාවට හරි කරදරයක් වෙනවානේ.

මම යාලුවෝ ගැන දකින ලස්සන දේ මේ දවස් වල එයාටෙල් ඇඩ් වලින් දකිනවා... ඇත්තටම මේ තාක් කල් මම අනිත් ඔක්කොම සිම් යුස් කලත් එයාටෙල් යුස් කරලා නැ.. ඒත් ඒ ඇඩ් එකට මාව එයාටෙල් යුසර් කෙනෙක් කරන්නත් පුලුවන් උනා ඔන්න...

අද කථාව නම් ඒ ගැන නෙමේ...

හිත් ගැන... කථාවක්මත් නම් නෙමේ....

අපේ යාලුවන්ගෙන් අපිට ඉන්න දරුනුම යාලුවා කවුද කියලා ඇහුවොත් ඔයාලට එක එක අයගේ නම් මතක් වේවි... ඒත් ඇත්තටම අපිට ඉන්න දරුණුම සතුරා ඉන්නේ අපි ළගම තමා.... සමහර විට ඒ අපේ විශ්වාස වන්තම යාලුවා වෙන්නත් පුලුවන්..

ඇත්තටම කවුද ඒ...

ඒ තමා අපේ හිත..

හිතට පුලුවන් ඔයාලව ගොඩාක් වෙනස් කරන්න.... ගොඩාක් හොද කෙනෙක් කරන්න.. ඒ වගේම ගොඩාක් නරකම නරක කෙනෙක් කරන්නත් හිතට පුලුවන්.

ඔයාලා මොනවා හරි දෙයකට ආසයි නම් ඇත්තටම ඒක ඔයාලගේ අම්මලා තාත්තලා යාලුවෝ කාට කියන්නත් කලින් කියන්නේ ඔයාලාගේ හිතටනේ

හිතත් උඩු හිත යටි හිත කියලා දෙකක් තියනවා කියලා මම අහලා තියනවා...

අපි කරන්නේ උඩු හිතට හිතෙන දේවල් උනත් අපිව පාලනය කරන්නේ යටි හිත...

අපි උඩු හිතෙන් මොකක් හරි දෙයක් ගැන හිතන දේට වඩා 100%ක් වෙනස් දෙයක් යටි හිතේ තියෙන්න පුලුවන්.. එතකොට අපි කොයි තරම් හොද දෙයක් හිතන උඩු හිතෙන් කරන්න හැදුවත් යටි හිතෙන් නරක දෙයක් වෙනවා නම් ඇත්තටම අපි එතනදි පරාද වෙනවා..

මොනවද අපි කරන්න ඕනේ... අපි අපේ යටි හිත අවදි කරගන්න ඕනා... අපේ යටි හිතට අපිම විදාන දි ගන්න ඕනා. අපි උත්සහ කරන්න ඕනා අපේ ජිවිතේ අපි කැමති අපි ආස කරන දේවල් වෙනුවෙන් කැප වෙන්න...

ඇත්තටම අපිට පුලුවන්ද ඒක කරගන්න.... ටිකක් අමාරු දෙයක්.. මොකක් හරි දෙයක් ගැන අපි හිතන විදිහ වෙනස් කරගන්න ඕනේ නම් අපිට එක යටි හිතේ තැන්පත් කරගන්නම වෙනවා... ඒක කරන්නේ ගොඩාක් වෙලාවට මෝහනය කියන ක්‍රම වේදයෙන්.. ඒත් මොහනය කියන්නේ අන්තිම ක්‍රියාවලියලු..

කාටවත් කියලා මොහනය කරගන්නවට වඩා අපිටම පුලුවන්නම් ස්වං මෝහනය වගේ දෙයක් කරගන්න.. අපිටම පුලුවන් අපේ වැරදි අඩුපාඩු හදාගන්න..... යාලුවාට එහෙම කරන්න ක්‍රමයක් ඩොක්ටර් කියලා දුන්නත් තාම ඒ දේ කරගන්න බැරි උනා කියලා තමයි යාලුවා කිවේ.

හැබැයි ඩොක්ටර් යාලුවාව අගය කලා තමන්ගේ අඩු පාඩු තේරුම් අරගෙන ඉන්න එක ගැන.. මොකද ගොඩාක් අය තමන්ගේ වැරදි හදාගන්න කියලා උත්සහ කරනවට වඩා කරන්නේ තමන් හැමවෙලේම හරි කියලා අනිත් කෙනාගේ පිටට වැරදි පටවන එකනේ... කොල්ලෙක් එහෙම කරනවා මම මිට කලින් දැකලා නැ.. යාලුවා උබේ ප්‍රශ්න ඉක්මනටම උබට විසද ගන්න ලැබේවා කියලා මම පතනවා

කොහොමද අපි අපේ හිත පාලනය කරගන්නේ අපිට ඕන විදිහට.... දන්න කියන අය නොදන්න ඕන කෙනෙක් හිතෙන දේ කියලා ගියොත් මට යාලුවට පොඩි හරි උදව්ව්වක් කරන්න පුලුවන් වෙයි...

17 January, 2012

ඇත්තටම කෙල්ලෙක් කොල්ලෙක් කසාද බදින්න ඕනේ මොන වයසෙන්ද?

ගොඩාක් දවසකින් පොස්ට් එකක් දාන්නේ.... ටිකක් එක එක ප්‍රශ්න ගොඩක හිර වෙලා උන්නා....  ඒත් ඉතින් බලනකොට තිබුනු ප්‍රශ්නයකුත් නැ කරපු දෙයකුත් නැ

ඒක නෙමේ ඉතින් අද මොනවා හරි කියන්නම ඕනා...

නිමිත්ත : මාර්ග වාහන පරික්ෂාවේ උන් පොලිස් නිළධාරින් දෙදෙනෙකු මා නතර කල මොහොතේ ඇති වු කථා බහ...

බලනවකෝ නේද වයස අර කෙල්ලට තාම අවුරුදු 18ක් වත් නැ නේද? ඒ වුනාට පොඩි එකෙකුත් ඉන්නවා..

මම: ඔව් ඉතින් සමහර විට තාම නිතියෙන් බැදලාවත් නැතුව ඇති... වයස නැතුව...

*****************************************************************************
ඇත්තම මේ සිදුවිම ගොඩක් මේ පැත්තෙ නම් වෙලා තියන දෙයක්..

ඉගෙන ගෙන ඉවර වෙලා ඒ කියන්නේ උසස් පෙල නම් නම් නෙමේ... යන්තම් ඕලෙවෙල් කලා විතරයි...

තව දුරටත් ඉගන ගන්න ඕනා කමක් නැ කියමුකෝ.. ඒත් ඒ  ගමන්ම පරස්ථාවක් කරගන්නේ හරියට සමාජේ ගැන මොනවා දැන ගෙනෙද කියලා මට වෙලාවකට හිතෙනවා..

ඇත්තටම මගේ පන්තියේ උන්නු (ඕ ලෙවල්)  අයගෙන් තාම කසාද බැදලා නැත්තේ මම විතරද කොහෙද?

අනිත් අයගෙන් ගොඩාක් අය දැන් අම්මලා, තාත්තලා වෙලා..

ඒත් ඒ ගොඩාක් දෙනෙක් ජිවිතේ විදිනවා කියන දේ නම් කරන්නේ නැ විදවනවා විතරයි (මම කියලත් ඉතින් විදින එකක්ද නැනේ)

එත් ඇත්තටම කෙල්ලෙක් කොල්ලෙක් කසාද බදින්න ඕනේ මොන වයසෙන්ද?

පොදි බදින්න සල්ලි තියන අයට නම් ඉතින් ඔය වයස කියන දේ ගැටලුවක් නෙමේ වෙන්න ඇති...
ඇත්තද දන්නේ නැ ඉතින් කථාවට කියනවා ඔය ලොකු ලොකු සල්ලි කාරයන්ගේ හිතේ සතුට දුප්පත් පැල්පතක ජිවත් වෙන කෙනෙක්ගේ තරම් නැහැලු..

මේක නිකමට හිතුන දෙයක් බ්ලොග් එකත් පාලු කපලා අයේ ලියන්න පටන් ගන්නත් ඕනානේ..

කොහොමහරි ඉතින් බ්ලොග් ලියන කියවන කසාද බැදපු බදින්න ඉන්න ඔය කට්ටියම කියමුකෝ...

කසාද බදින්න හොදම වයස මොකක්ද කියලා...

ප.ප.ලි : මට නම් ඔය වගේ තිරනයක් ගන්න නම් නෙමේ ඔන්න...

11 January, 2012

මඩ නැති ගාලු ගෙට්‍ටුව.

සලක ස්‍රි ලංකා වාසි... නැ නැ වැරදුනා සකල ශ්‍රි ලංකා වාසි බ්ලොග් කරුවන්ගේ අවධානයට....

කලින් පොස්ට් එකේ මම මන්තරකාරි - පොඩි මැන් අතර ඇති උන (මන්තර කාරි හිනා වෙවි බලාගෙන උන්නා විතරයි ) කතා බහේ විඩියෝ දානවා කියලා පොරොන්දු උනත්...

මම පොඩ්ඩක් කල්පනා කරලා ඒ දේ නොදා ඉන්න තිරනය කලා කියන්න වෙන එක ගැන එක බලා පොරොත්තුවෙන් උන්නු ඔයාලට කරන අසාධාරනයක් කියලා මම හිතනවා..

ඒකෙන් ඇත්තටම ඔයාල පොඩි ආතල් එකක් ගනිවි...  ඒත් මන්තරකාරි ගේ පොස්ට් එකත් ඒ විඩියෝ බලපු මගේ සහෝදර බ්ලොග් ප්‍රවිනයන්ගේ අදහස උනෙත් අපි ඒක නොදා ඉමු කියලා...

ඒකට සමා වෙන්න...

ඔන්න දැන් ආයෙත් ගේට්‍ටුවට....

මෙයාටලු නාකියා කියන්නේ

පාන්දර ගෙදරින් එනකොට මගදි ආවා මට කොල් එකක්.. මචන් මම කො‍ටුවේ ඊයේ ‍රැ ඉදන් කියලා.. අර මතට සෙට් වෙලා ට්‍රේන් මිස් උන හින්දා බස් එකේ ඇවිත් 4 වෙනකොට කො‍ටුවෙලු...

ඇවිත් කනුවකට හේත්තුවෙලා ඉදලා ඇදුම බතික් උන ඒවා කවුරුවත් දකින්න කලින් මම පිහදාන්න කියපු නිසා චතු ගේ ටැග් වල වගේ අවමානයෙන් බේර ගන්න පුලුවන් උනා..

ආහ් ඔය පින්තුරේ ඉතින් අර මිස් වර්ණා එනකන් ඉන්නකන් නාකියා බි කුණ්ඩෝ .. උබත් නටාපන් මාත් නටාපන් කියන සෙල්ලම කරන වෙලාවේ මම ගත්තු එකක්..

මේ ඉන්නේ චතු මිතු
මෙයා නම් මම කොට්ටාවට යනකොටත් ඇවිත් හැමෝම ගහපු මඩ නම් මම ගහන්නේ නැ.. ඔය පින්තුරේ තියෙන්නේ එනකොට කකා ආපු බිස්කට් මදිවෙලා තව 2ක් ඉල්ලනවා තමයි...

දෙන්නකෝ අය්යේ 2ක්..

මම හිතාන නම් උන්නේ මෙයා මට නංගියෙක් කියලා.. බලාන යනකොට මෙයා මාර වයසයිනේ.. ඉතින් එතකොට අමතක විම් එහෙම වෙනවානේ...

මෙන්න අපේ හසි

මෙයාත් ඉතින් නොදන්න කෙනෙක් නැනේ ඩොකි කිව්වහම.. හැබැයි ඉතින් හිට ගෙන උනත් නිදාගන්න පුලුවන් කෙල්ලෙක් කියලායි මට නම් හිතුනේ...

මේ ඉන්නේ සිංහයා ලු
ඔන්න හැබැයි එතන ඉටපු කවුරු හරි ගැහැනු ළමයෙක් මුනටම කිවා අනේ ඔයා සිංහයෙක් කිවාට එහෙම කිසිම සිංහ ගතියක් ඔයාලග නැනේ කියලා...

මෙන්න ගෝල්ඩ් ‍ෆිශ්
ඇත්තටම වතුර නම් ඇලජික්ද කොහෙද මාලුවා කිවාට... නැවේම නැද්ද කොහෙද අනිත් අය එන්න කිවාට...යසෝධරාගේ උපන්දිනේ සමරන්න යන්න ඕනා හදිස්සියි කිය කියා තමා උන්නේ නම්

මේ යසයා මල්ලි
කෙල්ලන්ට මොනවාදෝ අරගෙන එනවා කියලා අරගෙන ආවේ නැ කියලා ගැලු ලමයි තරහ වෙලලු උන්නේ...

මෙයාටලු පවනි කියන්නේ
කෙල්ලෙක් කියලා තමයි මෙයා මෙච්චර කල් මෙයා ගැන හිතාගෙන ඉදලා තියෙන්නේ... කෙල්ලෙක් වෙන්න දැගලුවට මෙයාට ඒකට සුදුසු කම් නැ කියලා සිරිපාල වගේ හරි කමක් නැ පොඩි පිරිමි නමක් දාගන්න කියලා තමයි කට්ටියම කිවේ

මෙන්න කෙල්ලෝ
මේ කට්ටියටම මාර විදිහට බඩගිනි එනවාලු.. මොකද අපු ගමන්ම කාලා එන්න කියලා තමයි මෙයාලා ගැන දන්න කිප දෙනෙක්ම අපිට කිවේ. මෙයාලා අපේ කැම එකත් එක්කම කාලා ඉවර කරන්න පුලුවන්ලු අපි ඉක්මන් නොවුනොත්
 මාස ගානකින් නාලා නොහිටපු සිංහල බ්ලොග් කරුවෝ


මෙතන වර්ණා මිස් නම් නැ ඔන්න.. එයාත් නාලා නම් උන්නේ නැහැලු... කොහොම හරි කාලෙකින් නාලා නොහිදපු කට්ටියක් නාලා මුහුදේ වතුර ටික අපිරිසිදු වෙලා කලු පාට උනා කියලා ආරංචි නම්

මේවා මඩ නම් නෙමේ  තව ගොඩාක් අය ගැන ලියන්න තිබුනත් අතර මගදි මගේ කැමරාවේ බැටරි බැස්ස නිසා සම්බන්ද 4ටෝ නම් අඩුයි... තව 4ටො කිහිපයක් විතරක් තියනවා...

බ්ලොග් කරුවන්ගේ ගාලු ගේට්‍ටුව අවසානයි

ඇස් දල්වා බලා සිටින සටිබරයේ මහා උලෙල තෙක් නොයිවසිල්ලෙන්

09 January, 2012

ගාල්ලේ ආතල්...රස කථා සමගින් 01

ඇත්තටම මම මුලින්ම දාන්න උන්නු පොස්ට් එක නම් නෙමෙයි මේක... ඒත් ඇත්තටම විඩියෝ අප්ලෝඩ් කරන්න තරම් නෙට් කනෙක්ශන් මදි වගේ ඔන්න ඒක හෙට... (පොඩි මැන් ඇත්තටම කොහොමද මන්තර කාරි ලග හැසුරුනේ) ඒක බලාපොරොත්තුවන්න හෙට

අද මේ පොස්ට් එක ඇත්තටම දැන් දාන එකේ තේරුමක් තියෙවිද මන්දා.. දැන් එතන නොහිටිය කෙනෙක්ට පවා අකුරක් නැර මොකද උනේ කියන්න දන්නවනේ..

දේව් ගිය පලවෙනි ගේට්‍ටුවත් මේක නිසා ලියන්න ඕනමයි..

2012 - 01 -06

සති දෙකකට විතර කලින් පොඩි මැන්ගේ බ්ලොග් පොස්ට් එකක ගාලු ගේට් එක ගැන කියවපු ගමන්ම අනිවා මේකට යනවා කියලා හිතින් හිතලා අනිවා අපිත් එනවා කියලා කමෙන්ට් කරලා දවස උදාවෙනකන් බලාගෙන උන්නා..

ඔය අතරේ තමයි ගෙදර බණක් සමග සාංගික දානයක් ලැස්ති කරලා තියනවා කියලා අම්මා කිවේ...

මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව මාත් කල්පනා කරලා කොහොමහරි ශේප් එකක් දාගෙන බනට විතරක් ඉදලා ගාලු එන්න.

ඔන්න යන්න කලින් දා ‍රැ 8ට විතර එනවා කොල් එකක්..

හේලෝ කොහොමද දේවා අයියා..

ඔව් කියන්න වර්ණා නංගි... ඔයා හෙට එනවා නේද නංගි

ඒක තමා අයියේ කොල් කලේ.. පුලුවන්ද  අයියේ හෙට මට 3.30ට විතර ඇහැරවන්න...

(මම එහේ නම් නෙමේ උන්නේ හොදේ)

මම නංගිට කෝල් කරන්නම් උදේට..

ඒත් නංගි කිරිබත්ගොඩ නම් ඉන්නේ ඉතින් 3.30ට නැගිටින්න ඕනේ නැනේ නේද?

නැ අය්යේ දවස් ගානකින් නාලා නැ හෙට උදේවත් නාගන්න ඕනා... ඒකයි ඒ ටයිම් එකට කිවේ

හා හරි නංගෝ... ඒත් ඉතින් ඇහැරුනේ නැ කියලා නෑවිත් ඉන්න එපා මොකද අපි කොහොම හරි නහය වහගෙන ඉන්නම්කෝ...

හරි අය්යේ එහෙමනම් ගුට් නයිට්..

ඔන්න ඔහොම කියපු වර්ණා ට ඇහැරිලා තියෙන්නේ 6 ටලු. කිරි ටොපි හදපු ටිකත් බුල්ටෝ වෙලාලු..

දේවා කොහොමහරි ගෙදරින් 3ට පිටත් වෙලා 6 වෙනකොට කො‍ටුවේ... නාකියාවයි පොඩ්ඩෝ ටිකකුයි සෙට් කරගෙන 7.10 විතර වෙනකොට කොහොමහරි කට්ටිය කොට්ටේට ආවා..

කියමුකෝ කැවා කට්ටක් ගොඩාක් වෙලා... ඊට පස්සේ ලොකු ජොලියක් එහෙම දාලා ගෙදර ආවා අද උදේ 10.30 වෙනකොට..

මගේ මුලු ගමනට ගතවු පැය ගාන 31.30ක්..

ඔය අතරේ උනු රසවත් දේවල් නොලියා පින්තුර වලින්ම දාන්නම්කෝ...

2012 - 01 - 07



ඔන්න දේව් බස් එකට නගිනකොටම ගැහුවා ෆොටෝ එකක්...  තාම ඔක්කෝම ඇවිත් නැ වගේ...


පවනි , මැක් සමගින් යැංකි (යැංකිට හෙනම ප්‍රශ්නේ කොහොමද මම එක පාර අදුන ගත්තේ කියලා) 

මේ කතාව ඉතින් සද කිදුරා රාජ් එක්ක ගිහින් වර්ණා මැඩම් එක්කගෙන එනකන් තමා...


සයිබර් අවකාශයේ නවක තරු ගමන ඇරබුමටත් පෙර ඇග උනුසුම් කිරිමේ ව්‍යායාම කරමින්....

කෙල්ලෝ ටික ඇතුලේ හොදේ


































පැය තුනකට වැඩි මෙහෙයුමකින් පසුව වර්ණා සමගින් ශානි ගේ සහභාගිත්වය...

බස් එකට ආව ගමන් ඉද ගත්තා විතරයි... අනේ සමාවෙන්න වත් කිවේ නැනේ...






එන ගමන් බස් එකේ ආතල්..... සින්දු ටිකනම් සිරාවටම කිවා හොදේ...

හොද ෆන් එකක් ගත්තා... එනකන්ම...නැ නැ කැඩෙනකන්ම





ඔන්න දැක නැත්තෝ බලා ගන්න මේකට තමා හයි වේ කියන්නේ....

ඕක අතරමග තමා අර අපි තල්ලු කරපු බස් එක දුම් දාලා මග හිටියේ...





ඔතන තමා අපි අතරමග නැවතුනේ...

කොහොමෙන් කොහොමහරි අපි අදාල තැනට එනකොට ගොඩාක් දේවල් වෙලා තිබුනා කියලා හිතුනත් ඇත්තටම ගොඩාක් ආදරය කරන ගොඩාක් බ්ලොග් සහෝදර සහෝදරියෝ මුන ගැහැන්න කථා කරන්න විනෝද වෙන්න ගොඩාක් ලොකු අවස්ථාවක් ලැබුනා..

නම් වශයෙන් කියන්න ගියොත් ආව ඔක්කොම කියන්න බැරි උනොත් ඒක වැරද්දක් නිසා මම ඒහෙම කියන්න යන්නේ නම් නැ ඔන්න...

මුන නොපෙනෙන්න කෙනෙක් වැල්ල සැපයි කියලා නිදාගෙන උන්නු නිසා කතා කරන්න ආසාව තිබුනත් කතා කරන්න උනේ නම් නැ... ආයේ දවසක් එනකන් මම ඒකට බලාගෙන ඉන්නවා..



ලස්සන ලස්සන දේවල් ගොඩාක් එක්ක ජිවිතේට ගොඩාක් ලොකු අත්දැකිම් ගොඩාක් එක්ක ගොඩාක් වටින අවස්ථාවක් උදා කරලා දුන්නට බ්ලොග් ලෝකයේ අභිත අයියා , මගේ මරනය ,රංග අයියා , මාතලන් අයියා වගේම ප්‍රවින බ්ලොග් කරුවන් සියලු දෙනා වෙතත් මේ වගේ අවස්ථාවක් සංවිධානය කරපු පොඩි මැන් , කිඩෝ , බනියා (කැමරාව එහෙට මෙහෙට වන වනා උන්න හින්දා කතා කරන්න බැරි උනානේ..) ඇතුලු ගාලු සංවිධායක මණ්ඩලයටත් රාජ් සහෝ ටත් ගොඩාක් ස්තුතියි මේ අවස්ථාව උදා කරලා දුන්නට...


තවත් ගොඩාක් 4ටෝ නම් තියනවා දාන්න... ඒත් අද ජාල සබදතා ගොඩාක් දුර්වල වෙලා...මේ ටික දාන්නත් මාර ගේමක් දුන්නේ..  ඉක්මනින්ම බලාපොරොත්තු වෙන්න පොඩි මැන් & මන්තර කාරි ගැ‍ටුම විඩියෝ සමගින්...

ප.ලි: කිප දෙනෙක්ම කිවා මම යන්න නැතුව ඇති කියලා අප්ලෝඩ් කරපු ෆොටෝ වල මම ඉන්නවා දැක්කේ නැ කියලා.. වෙලාවට මගේ ලගත් නැනේ ගොඩාක් මගේ 4ටෝ...

04 January, 2012

ගාලු යමුද? සෙට් වෙලා... පුන්චිම පුන්චි මඩක් එක්ක..

ගාල්ලේ යන්න සෙට් වෙමු....

සයිබර් අවකාශයේ  නවක තරු..... සංවිධානය කරන මෙගා වැඩක්...

මේ ගැන අපේ පොඩි මැන්.. කිඩෝ , රාජ් සහෝ දාපු පොස්ට් වලින් දැනටමත් ඔයලා ගොඩාක් තොරතුරු දන්නවා ඇතිනේ..

මේ තියෙන්නේ ඒ ගැන දාපු අලුත්ම පොස්ට්...

පොඩි මැන්...

කිඩෝ

රාජ්

ඔය තොරතුරු වලින් ඔයාලට ගොඩාක් දේවල් දැන ගන්න පුලුවන් කම තියනවනේ...

පුන්චි ඉල්ලිමක් මගේ බ්ලොග් කියවන හැමෝගෙන්ම...

ඇවිත් යන්න එන්න ගාලු පැත්තේ....

අවුරුදු ගානක් තිස්සේ මගේ හිතේ තිබුනු ආසාවක් වගේම සයිබරේ හැම කෙනෙක්ම මුන ගැහිලා පොඩ්ඩක් කතා බහ කරලා විනෝද වෙලා යන්න්න එන්නකෝ..

එක එක අය එක එක කතා ඔන්න ඉතින් අහන්න ලැබෙයි...

මට උනු පලවෙනිම ආතල් කතාව ගලු ගමන පටන් ගන්න කලින්ම උනා කියමුකෝ...

මම ඉතින් පොඩ්ඩක් මොක්ද වෙන්නේ කියලා ඔය තියන නම්බර් එකකට කථා කලා කියමුකෝ...

එක පාරම මම කිඩෝ නේද කියලා ඇහුවෙ නැතැ...

මෙන්න කථා කරනවා ගැහැනු කටහඩකින්.... මට හිතා ගන්න බැරිවෙලා මම ඉතින් ෆෝන් එක කට් කලා... මොකද ඒ නම පාව්ච්චි කලාට දන්නේ නැනේ මම ඇත්ත නම...
ඉන්නවද කියලා අහන්නවත්...

ඉතින් කථා කරපු අය දන්නවනේ කොහොමද ඒ තත්වේ කියලා... අම්මාද ගැහැනු ලමයද දන්නේත් නැනේ...

ඔන්න ඉතින් 8 වෙනකොට ගාල්ලේ ඉන්න දේව් නම් පාන්දර 3ට විතර ගෙදරින් එන්නතමා හිතාන ඉන්නේ...
මේ හිතල කාලෙ එහෙම එන්න වෙන එකත් කොයි තරම් ආතල් වෙයිද කියලා එදාටම තමා විදින්න වෙන්නේ...

පොඩි මැන් කෙල්ලෙක් ලග දන ගහන හැටි බලන්න.... තව නොකියපු ගොඩාක් වැඩ වෙනවා කියලා තමයි ආරංච්චිය...

බ්ලොග් ලියන්නම ඔනේ නැනේ සිංහල බ්ලොග් කියන වචනේ දන්න....

වයස ප්‍රශ්නයක් නම් ඔන්න නැහැ කියලා තමා සංවිදායක වරු කියලා තිබුනේ

ආයෙත් ඉතින් බ්ලොග් ලියන කියවන හැමොගෙන්ම ඉල්ලනවා යලුවනේ එන්නකෝ..

කට්ටිය එකතු වෙලා පොඩ්ඩක් විනෝද වෙලා සතු‍ටු වෙමුකෝ..

ප.ලි: ආයෙත් කියනවා කිඩෝ ට එහෙම කොල් කරනවා නම් පොඩ්ඩක් පරිස්සමින් කතා කරන්න.... මිනිහා ගෙදර ඉන්නත් ඔනනේ..

ජය වේවා....

සිංහල බ්ලොග් කලාව දියුනු වෙවා..

මේ හැම දේටම වඩා තව එක දෙයක් ගැන නම් කියන්නම ඔනා... අපේ බ්ලොග් නවක තරු වලට මේ වැඩේට සහෝගය දෙමින් අපිට උදව් කරන අපෙන් වෙන වැරදි හදාගන්න උපදෙස් දෙමින් අපිව දිරිමත් කරන ප්‍රවින බ්ලොග් කරුවන් ඔක්කොටම ගොඩාක් ස්තුතියි කියලා කියන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා

ස්තුතියි සයිබර් අවකාශයේ ප්‍රවින බ්ලොග් කරුවනි.. ඔබගේ සහයෝගය අපට ශක්තියක්.....

හැමදාමත් බලාපොරොත්තු වන්නෙමි සහයෝගය ඉතා උනන්දුවෙන්

01 January, 2012

ආදරේ නාමයෙන් එපා රවටන්න - I

ඔන්න ආවා......... අලුත් ඒවාත් එක්කම...... 

කලින් පොස්ට් එකට ඔතනින්

***************************************************

මචං රංග අර බලපන්කෝ අර අලුතෙන් ආපු කෙල්ල උබ දිහා බලනවා නම් වැඩි වගේ..

මොකද මොනවා හරි ලයින් එකක් වත් වැඩ කරනවද කියගෙන මගේ පිටට තට්‍ටුවකුත් දාගෙන ඒ ලෙවල් මැත්ස් පන්තියේ උන්නු අපේ සෙට් එකට සනාත් එකතු උනා

උබ දන්නවානේ සනා... කෙල්ලෙක් කියන්නේ මට මොනවද කියලා...  උබලගේ පවකටද කොහෙද බන් මම මේ උබලට සෙට් වෙලා ඉන්නේ...

එහෙම කියන්න එපා මචං උබ ඔය පිස්සු කෙලියට හොද මිටරයක් ඒකෙන් වැඩක් අරන් ගනින් ටිකක් හිතට අරන්..

කොහොමද බන් මම එහෙම මිටරයක් කියලා උබ කියන්නේ ප්‍රවින් මට මොනවද පුලුවන්.. තාත්තා අල්ලගෙන පොවන නිසා කෙමෙස්ට්‍රි ටික නම් ඔහේ ඇදගෙන යනවා..

බලපන් රංග අපි හැමදාම ටියුශන් යනවා.. මැරිගෙන පාඩම් කරනවා.. පේපර් වලට උත්තර ලියනවා
ඒත් උබ එහෙමද කරන්න පුලුවන් ඔක්කොම පිස්සු ඔක්කොම කරනවා...
අඩුම තරමේ වැස්සකටවත් ක්ලාස් එකකට යනවද ? නැනේ වහිනකොට කොහේ හරි කෙල්ලෙක් එක්ක කුඩයක් යටට වෙලා උබ උබේ ලෝකේ..

ඒත් හැම වාරෙකම උබ ඉන්නේ පලවෙනි 5 දෙනා අතර...

අර හැමදාම අපේ කෙමා කියනවා වගේ උබට ගොඩ යන්න පුලුවන් පොඩ්ඩක් ඔය පිස්සු අඩු කලොත්...

හරි හරි උබලගේ ඔය මගුල් කතා ඔක්කොම නවත්වපල්ලකෝ...

වෙන දෙයක් වෙයි...

ඇත්තටම අර කෙල්ල ගොඩාක් ලස්සනයි නේද සනා... කොහොම හරි ඒකි මගේ කරගන්න ඕනා බන්..

පව් රංග... ඒකි ගොඩාක් දුප්පත් කෙල්ලක්ලු...  ඉගන ගන්න මාර විදිහට පුලුවන් කියලා මට සචිනි කිවා

ඇත්තටම විශ්ව උබේ කෙල්ල සචි ඉන්නේ ඒ පන්තියේ නේද ??????

ඒයි ඒයි කොහොමද හෙලෝ මගේ කෙල්ල උබට සචි උනේ....

ඒවා නම් තියා ගන්න එපා හොදද? ඔන්න උබ මගෙන් තමා නැති වෙන්න හදන්නේ...

මේ බලපන්කෝ ප්‍රවිනයෝ මුට අමු කැවිලද??

හොදට අහගෙනින්... මට බැ කියන්න ප්‍රවිනයෝ එක්කෝ සනෝ මුට කියලා දිපන්කෝ මම මිත්‍ර ද්‍රෝහියෙක් නෙමේ කියලා...

මම මේ සචිනි ඔන්න මම හරියටම නම කිවා දැන් උබට හරිනේ නේද??

සචිනි ගැන කියන්න ගියේ මට පොඩ්ඩක් හෙල්ප් කරන්න කියන්න කියලා අර කෙල්ලව දාගන්න.....

අම්මෝ... රංග අයියේ හවස යනකොට උබම ඇවිත් කියපන්..
මට බැ මගේ පවුලත් කඩා ගන්න..

මතකනේ අර නිර්මලා ගේ කේස් එක.. එකි සචිනිලගේ ගෙදරත් ගිහින් පාට් එකක් දාලා තිබුනනේ..

අනේ අනේ නරක් වුනා එහෙම කරපු එකෙන්... දැන් ඒ හින්දා නෙමේද උබලාගේ ලව් එක ගෙවල් වලින් දන්නේ...

දන්නවා තමයි.. දැන් ඉතින් අර කලින් තිබුන නිදහස තියනවද?? වෙනදට පැය දෙක තුනක් කථා කරන එක දැන් විනඩි 3,4න් ඉවර කරන්න වෙලා...

ඔන්න උබලාගෙන් අපිට ලැබෙන තැගි...

හරි හරි විශ්ව උබ කියන්න ඕනේ නැ මමම කියන්නම්කෝ..

රංග අයියේ මුගේ විනාඩි 3 කියන්නේ රබර් ද කොහෙද අපි යන බස් 2ක් ඇරලා ටවුන් එකේ පැයක් විතර ඉදලා මුං යන්නේ..

එහෙම තමා බන් සනෝ සැබැ ප්‍රේම වන්තයෝ ආදරේ වෙනුවෙන් මුන් මැරෙනවා...

අපි වගේ පව් කාරයෝ අපි ආදරේ වෙනුවෙන් මැරෙනවා නෙමේ අපි වෙනුවෙන් ආදරේ මැරෙනවා...

මේ විශ්ව එක නෙමේ සචි කිවේ නැද්ද  මොකක්ද ඔය ගර්ල් ගේ ඇත්ත නම එහෙම............

කිවා කිවා.... ඒ කෙල්ලගේ නම නිසංසලා බන්..

නිසංසලා... රුපේ වගේම නමත් ලස්සනයිනේ...

මේ ගේමට මම බහිනවා බන්...

******************************************************************

දේව් බ්ලොග් ලොකේ ලියපු පලවෙනි කතාවේ පලවෙනි කොටස..... චාටර් නම් කියල යන්න....

නිසංසලා එක්ක රංග යාලු වෙයිද?? නැත්නම් මොනවා වෙයිද?

ඉක්මනින්ම ඉතුරු කොටසින්

කථාව පොඩ්ඩක් විතර අද නම් කෙටියි... බනින්න ඔට්‍ටු නැ අලුත් අවුරුද්දේ...

අද ඉතින් මම වැඩනේ...

ඔයාලත් එන්න.....