ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

03 December, 2011

සුභ උපන්දිනයක් අම්මා

අද මගේ ජිවිතේ වැදගත් දවසක්..


දස මාසයක් මාව කුස තුල හොවාගෙන මාව මේ ලෝකෙට බිහි කරපු මගේ ආදරණිය අම්මාගේ උපන් දිනේ...

මිට අවුරුදු 46කට කලින් අදවගේ දවසක මගේ අම්මා මේ ලොකේට ආවා..

ගොඩාක් සැප විදලා නැති උනත් ජිවිතේ සතුටෙන් ගෙවපු අම්මා සහෝදර සහෝදරියෝ 6 දෙනෙක් උන්නු පවුලක 3 වෙනියා විදිහට මේ ලොකේට ඇවිත් ....

දස මසක් මා කුස තුල හොවා
ආදරයෙන් ලේ කිරි පොවා
මා හැදු වැඩු අම්මේ..
ඔබට සුභ උපන් දිනයක්..

අකුරු සතර මා ලැබ ගන්නට
ලෝකය දිනා එහි වැජබෙන්නට
දිරිය දි මා සමගින් හිද සනසන්නට
නුබ ගත් වෙහෙස අපමණයි හැමදාට

දුකක් නොදි මා සනසා
ලෙඩක දුකකදි මා  ලග හිද
ආදරයෙන් මා නලවන
අම්මේ නුබයි මගේ ලෝකය

ගෙවන හැම දිනයක
ඔබේම පුතු විලසින්
ලෝකය දිනා එහි ඔබ හිදුවා
රකිමි මා ඔබේ අභිමානය

ජිවිතේ මට ගොඩාක් ආදරේ කරන මගේ හැම ප්‍රශ්නයකටම විසදුමක් දිලා හැමදාම මට ශක්තියක් උනු මගේ ආදරණිය අම්මාට සුභම සුභම උපන්දිනයක් වේවා කියලා සුභ පැතුමක් මේ බ්ලොග් අවකාශයේ පා කරලා හරිනවා.

ප.ලි : අම්මා ගැන කියන්න දේවල් ගොඩායි.. ඒත් ඔයාලට බොරින් වෙයිද දන්නේ නැ

28 comments:

  1. දේවා මල්ලිගේ අම්මට නිරෝගිමත් වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා !!!

    දෙමවුපියෝ ගැන කියන ඒවා කොහොමද මල්ලි බෝරින් වෙන්නේ. එහෙම බෝරින් වෙනවා නම් ඒකා ඕපපාතිකයෙක් වෙන්න ඕනා. ඒ නිසා ලියන්න

    ReplyDelete
  2. Wish your mum "A Happy Birthday & Many happy Returns"

    [ඇයි දන්නෙ නෑ මේ පෝස්ට් එක වෙන බ්ලොග් වල අප්ඩේට් වෙලා තිබුන නමුත් 'ඔබ්සර්වර්' සයිට් එකේ අප්ඩේට් වෙලා නෑ තාම ]

    ReplyDelete
  3. මල්ලී , අද කාළෙ තරුණ දරුවෙක් අතින් මෙවැන්නක් ලියවෙනවා දකින එක හරිම සතුටක් , ඇත්ත..... , අපිට මොන මොන දේ ලැබුණත් , කවුරු කොපමණ ලැබුණත් හැමදාම අපේ අම්මට අපි හැමදාමත් “මගේ පුතා“ මිසක වෙන කිසිවෙක් නොවෙයි , ඒ උතුම් නොවෙනස් මව් සෙනෙහස වෙනුවෙන් ,.... දේවා වගේ හොඳ පුතෙක් ලබන්නට වාසනා කළ ...අම්මේ ඔබට අපේ සුපැතුම් නිරෝගී , සිත සතුට පිරි සුබ උපන් දිනයක් සමඟින් වාසනාවන්ත අනාගතයක් වේවා ....

    ReplyDelete
  4. අම්මා ට සුබ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා!!! ඒ වගේ ම තව චිරාත් කාලයක් ඔයා ළඟින් ම ඉඳන් ජීවිතේ ට ශක්තිය දෙන්න හැකි වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා!!!

    ඉපදුණු දා ඉඳන් අපි ළඟ හෙවනැල්ලක් වගේ ඉන්න දෙමාපියෝ හැම ළමයෙකුට ම ආශිර්වාදයක්.......

    ReplyDelete
  5. ඔබගේ මවු තුමියට සුභ උපන් දිනයක් වේවා කියල අපිත් ප්‍රාර්ථනා කරන්නම් !

    ReplyDelete
  6. දේවාගේ අම්මට සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
  7. මල්ලිගේ අම්මට වාසනාවන්ත සුබ උපන්දිනයක් !!!

    ReplyDelete
  8. මධුරංග : ගොඩාක් ස්තුතියි අය්යේ... ඇත්තටම මට එහෙම හිතුනේ කියන්න දේවල් ගොඩාක් තිබුන නිසා ඒවා කියවන්න ගියොත් ඉවරයක් නොවෙන නිසයි අය්යේ

    ඔබ්සවර් : තැන්ක්ස් ඔබා මාමේ..
    ඇත්තටම එහෙම උනේ ඇයි කියලා නම් මම දන්නේ නැ මාමේ.. පුලුවන්නම් ඒ ගැජට් එක අයින් කරලා ආපහු දාන්න එතකොට හරියයි

    මහේෂ් : ගොඩාක් වැඩත් එක්ක අයියා මේ පැත්තේ ආව එකට මුලින්ම ස්තුති වන්ත වෙනවා... ඇත්තටම අර කියන්නේ අතේ සතේ නැතත් අම්මා පුතේ කියයි කියලා... ඒ තමන්ගේ දරුවෝ හැම අම්මා කෙනෙක්ටම වටින නිසා නේද අය්යේ.. ඒත් දුක හිතෙනව සමහර අය ගැන (මේකට නරක කමෙන්ට් කරපු) සමහර විට ඒක ඒ අයගේ වැරද්දකුත් නෙමේ වෙන්න ඇති ජාතක කරපු කෙනෙක් නැතුව ඇති...

    මහි : ගොඩාක් පින් යාලුවා..

    වෙනි : ගොඩාක් ස්තුතියි වෙනි අය්යා...

    පැණ් දොඩම් : ඇත්තම ගොඩාක් ස්තුතියි...

    ReplyDelete
  9. දේවා මල්ලිගේ මැණියන්ට සුභ උපන් දිනයක් හා නිරෝගී දිවියක් පතනවා.
    මගේ ජීවිතේ අත්දැකීම් අනුව මා හැර නොයා තාමත් මා ලඟ ඉන්නේ මගේ මැණියන්. ඒවගේමයි ඔබටත් ඔබේ මැණියන්. ඔබ පුතෙකු වශයෙන් කල හැකි ලොකුම දේ තමයි ඇයට උපරිමයෙන්ම සැලකීම. මව් සෙනෙහස තරම් සෙනෙහසක් කොහේවත් නැහැ. ඔබවත් අගය කරනව මම අද දිනයේ ඔබගේ බ්ලොග් එක ඒ සඳහා වෙන් කිරිම ගැන..මවටත් පුතුටත් ජය පතනව.

    ReplyDelete
  10. අම්මට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  11. ඔබ මැණියන්ට සුබ උපන්දිනයක් පතමි....

    ReplyDelete
  12. දේවා අයියාගෙ අම්මාට සුභම සුභ නීරෝගීමත්, වාසනාවන්ත උපන්දිනයකට හිතූ ගෙනුත් ආසිරි!!!!!

    දීර්ගායූ වේවා!!!

    ReplyDelete
  13. දේවාගේ අම්මාට නිරෝගිමත්, සුබ උපන් දිනයක් වේවා.

    ReplyDelete
  14. අම්මට සුභම සුභ උපන්දිනයක් කියලා මමත් ප්‍රාර්ථනා කරනවා සහෝ!

    ReplyDelete
  15. Dewo...... Ammita suba upandinayak kiyala Naughty kiyala kenekuth wish kola kiyala kiyandoooooooooooooooooooo.......

    ReplyDelete
  16. අම්මාට නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියකට ආසිරි පතනවා......!

    ReplyDelete
  17. Dear Brother Deva, I wish Your dear mother a happy Birthday, I really appreciate your article. No! This is not boring at all. Far from it! :) I am typing in English coz I am in a hurry. Sorry for that. My next comment will defa be in sinhala! :)

    ReplyDelete
  18. අම්මාට සුභ උපන් දිනයක්......

    ReplyDelete
  19. දේවා මල්ලිගෙ අම්මට සුභ උපන්දිනයක් පතනවා.නිදුක් නිරෝගී ජීවිතයක් ගත කිරීමට ලැබේවා.

    ReplyDelete
  20. http://emailkavikaari.blogspot.com/2011/12/blog-post.html
    අමනාප නැතිව ඇති අම්මව චෙක් අප් එකකට ගෙනියන්ට කිව්වට. මමත් ගියා ලඟදි. ඒකයි ඔයාට ඒක මතක් කලේ. අම්මට සුබ උපන් දිනක්.

    ReplyDelete
  21. පමා වුණත් මමත් ඇවිදින් දේවා අයියගේ අම්මට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා .. මේක දැක්කාමයි මට මතක් වුණේ මම කවදාවත් මගේ අම්මගේ උපන්දිනේ දැනං හිටියේ නෑ නේද කියලා ..අදම හොයලා මතක තියාගන්න ඕනෙ

    ReplyDelete
  22. එහෙම කළා මේ දැන්, වැඩේ හරි.

    ReplyDelete
  23. මල්ලිගෙ අම්මාට සුබ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා!!

    ReplyDelete
  24. ඔන්න දවස් ගානක් පහුවෙලා ඔයාගෙ අම්මාට නිදුක් නිරෝගී ඉදිරියක් පතනවා දේවා...

    කවදාවත් හිතට දුකක් දෙන්න එපා පුතා...

    ReplyDelete
  25. දේවාගෙ අම්මාට සුභ උපන් දිනයක්. මේ කමෙන්ට්ස් පෙන්නන්න.
    henryblogwalker the Dude

    ReplyDelete
  26. මාත් ඔන්න ටිකක් පහු වෙලා ඇවිත් හරි දෙවාගේ අම්මට සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  27. දේවා මල්ලි වගේ හොඳ පුතෙක් ලබපු ඒ වාසනාවන්ත මවු තුමියට සුභ උපන්දිනක් වේවා... ඒ වගේම දේවා මලයගේ දරුවන්ගේ දරුවන්ගෙත් සුරතල් බලන්නට එතුමිය දිගු කලක් නිරෝගීව ජීවත් වේවා...

    මව් සෙනෙහස ගැන කියනකොට හැමෝගෙම වගේ පපුව හිරවෙනවා ඇති. ඒක තමා හැඟීම. මට එහෙම නොවුනත්, මමත් ඒ ගැන දන්නවා. ඒ නිසා මේ පැතුම හදවතින්මයි...!!!

    සුභ උපන්දිනක් අම්මේ !

    ReplyDelete
  28. Am I too late ...my heartiest wishes for your mother to have a long healthy ..happy life

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....