ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

29 December, 2012

වසරක නිමාව..... සහ 2013.

අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් උදා වෙනවා.... ගෙවන මේ 2012 අවුරුද්ද මගේ ජීවිතේට ගොඩක් දේවල් ලැබුන ගොඩක් දේවල් වෙනස් උන අවුරුද්ද්දක්, බ්ලොග් ලියන කියවන හැමෝටමත් එහෙම නේද?

අවුරුද්දේ අන්තිම පොස්ට් එක මේක වෙනවා වගේම ලබන අවුරුද්දේ ඉදන්ලොකු වෙනසක් නොවුනත් පුංචි වෙනස්කම් ටිකක් කරගෙන යන්න බලා පොරොත්තු වෙනවා....

පුංචි වැඩක් තියනවා..මගේ මල්ලි ඒ ලෙවල්වලට ක්ලාස් කරනවා.... තාමත් ඉතින් මටත් ඔය ඒ කාලේ කරපුවා වෙනස් වෙන හැටි සිලබස් බලනකොට පුංචි දෙයක් හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න ඒ ලෙවල් වලට.....
එත් මට උද්දව්ව්ක් ඕනා සයන්ස් සබ්ජෙක්ට් ටික නම් අවුලක් වෙන එකක් නැ.. අනිත් සබ්ජෙක්ට් කොමස් වල වගේ දන්නා කියන අය පොඩ්ඩක් මාත් එක්ක එකතු වෙන්න කැමති නම් කියන්න... එහෙම එකතු උනොත් ඒ බ්ලොග් එක පටන් ගනිමු ලබන අවුරුද්දේ.. බ්ලොග් ගැන තියෙන විශේෂ බලාපොරොත්තුව එපමණයි....

තව වෙනස් කම් උනොත් ඒවා බ්ලොග් එකෙනම බලා ගන්න පුළුවන්නේ....

මේ අවුරුද්දේ අන්තිම පොස්ට් එකෙන් මාත් එක්ක උන්නු හැමදෙනේක්ටම ගොඩාක් ස්තුතියි කියලා කියන්න කැමතියි....

නම් වශයෙන් කියන්න ගියොත් කාව හරි මග ඇරුනා කියලා චොදනවා එල්ල වෙන්න පුළුවන් නිසා නම් වශයෙන් කියන්නේ නම් නැ.....


එහෙමනම් ගෙවුණු නත්තල වගේම උදාවෙන නව වසර හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන.... තනිකඩ අය ඩබල් වෙන... ඩබල් අය එක වහලක් යටට යන, එක වහලක් යට ඉන්න අය දෙන්නා තුන්දෙනා වෙන , එහෙම අය ඊට වඩා වෙන... අතමිට කාසි පනම් ගැවැසෙන... හිතත් ගත්ත සතුටින් පිරි නැහවෙන වාසනාවන්ත  සුභම සුභ නව වසරක් වේවා කියලා මුළු හදවතින්ම හැම දෙනෙක්ටම මම පාර්ථනා කරනවා....

ප.ලි : ඉස්සර හොදට බ්ලොග් ලියපු, දැන්නොලියන, ඉස්සර හොදට කතා කරපු දැන් එහෙම නොකරන ඒ හැම දෙනාටම පරණ පුරුදු විදිහටම ඉන්න ලැබේවා කියලා විශේෂයෙන්ම පතනා....

ප.ප.ලි  ඔන්න ජනවාරි මාසේ අන්තිම ඉරිදා (27 ) බ්ලොග් ගේට් එකක් තියනවලු... කට්ටියම දිනේ වෙන් කරලා තියාගන්න හොදේ.....

කලින් පොස්ට් එක මිස් උනා නම් ... රියදුරු බලපත්  .. ලංකාවේ...
 

28 December, 2012

රියදුරු බලපත්...... ලංකාවේ

කොහොමෙන් කොහොමහරි දේවා ත් බයික් වලට විතරක් තිබුණු ලයිසන් එක වෙනුවට සැහැල්ලු වාහන , ත්‍රි විල් කියන වාහන පන්ති වලටත් රියදුරු බලපත් ගත්තනේ... ඔන්න ඒ කාලේ උණු දේවල් එක්ක ලංකාවේ රියදුරු බලපත්‍ර ගැනීමේ ක්‍රමය ගැන මම දකින හැටියට කතා කරන්න හිතුවා......

රියදුරු බලපත්‍ර මුකුත්ම අරගෙන නැති කෙනෙක්ට නම් ඉතින් මුලින්ම රියදුරු පුහුණු පාසලක ලියාපදිංචි වෙලාම ලයිසන් එක ගන්න යනවා නම් හොදයි කියලා මට නම් හිතෙනවා... (එක හිතෙන්නේ මටනේ )

මොනවා කලත් මුලින්ම මෙඩිකල් එකක් එහෙම අරගෙන මොනවා හරි අසනීප එහෙම තියනවද බලාගෙන බ්ලඩ් ගෘප් එක එහෙම හොයාගෙන වැඩේට රෙඩි වෙන්න වෙනවනේ..... එහෙම රෙඩි වෙලා ඉතින් තමන්ගේ ප්‍රදේශයේ රියදුරු බලපත් නිකුත් කරන තැනට ගිහින් එක්සැම් ලියන්න එහෙම වෙනවනේ ඒවාටත් ලෑස්ති පිට ඉන්න ඕනා.....

දැන් නම් ඉතින් ෆොටෝ එහෙම එතනින් ගන්න නිසා (එත් මෙහෙ අය නම් ෆොටෝ ගන්නේ නිකන් මහා ලොකු වැඩක් කරනවා වගේ.... ඔහේ ගන්නවා... මොනවා කරන්නද ජීවිතේටම ගන්න ලයිසන් එකේ ෆොටෝ එක නම් ගොඩක් අප්සට් ඒ ගන්න ගනිල්ලටනම්....)

ෆින්ගර්පින්ට් එහෙම තියලා එක්සැම් එක ලියන්න වෙනවා ඊට පස්සේ..... ප්‍රශ්න 40ක බහුවරණ පේපර් එකක් (එකේ හිනා මුණු නම් දාලා නැ ... එත් සමහර ඒවාගේ උත්තර ලකුණු කරලා වගේ තමා තියෙන්නේ.... එහෙම නැතත් ඉතින් තියෙන්නේ පේපර් දෙක තුනක් විතරයිලු ඒවා එක එක අයට මාරු කර කර දෙනවාලු....

ඕක ඉතින් කලින්ම ලැබෙනවලු...... එහෙම ලැබුනත් නොලැබුනත් ඉතින් එකට ලියන එක නම් ඉසි ගේමක්.... මට නම් එක ලියන්න පැයක් තිබුනත් ගියේ විනාඩි 5ක් විතරයි.....

ගාස්තු..

මේක නම් අනිවාර්යෙන්ම ශාන්ශෝධනය වෙන්න ඕනා මම හිතන්නේ නියමිත ගාස්තු ක්‍රමයක් එක්ක.....

දැනට මේක රියදුරු පාසල් වල අබිමතය පරිදි වෙන නිසා එකට නියමිත මිල ගණනක් නම් නැ...... රියදුරු පාසල් වල පැවිමට ගාස්තු වෙරියබල් වෙන්න ඕනා උනත් ඕනාවට වඩා ඒවා අතර ගැප් එකක් තිබුනොත් නම් එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්....

මේ මම දැකපු එක තැනක මිල ගණන් කීපයක්.....                              තවත්තැනක

සැහැල්ලු වාහන , යතුරු පැදී ,ත්‍රි විල්  = 19000.00                                           15500.00
සැහැල්ලු වාහන , ත්‍රි විල්                   =  15500.00                                           14500.00
සැහැල්ලු වාහන ,යතුරු පැදී              =  14500.00                                           12500.00
යතුරු පැදී                                         = 10500.00                                             9000.00


එත් ඇත්තටම ගන්න ගාස්තු මෙහෙමයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සයිට් එකේ නම් තියෙන්නේ....


සමහර තැන වල මිල ගණන් මීටත් වඩා වැඩි ඉහල මට්ටම් වල පැවතීම නිසා මේවා හැම එකකටම මිල පරාසයක්වත් තිබුණ නම් ගොඩක් හොදයි කියලා මම නම් හිතනවා... කොහොමද එක්කෙනෙක්ගෙන් ගන්න ගැන පුහුණු පාසල...

මේ ගාස්තු හැම එකටම (ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවද දන්නේ නම් නැ) මෙඩිකල් රිපෝට් චාර්ජස් (අදාළ ඩොක්ටර් ට . ඒවාත් එක එක ලර්නස් එකෙන් කියන ඩොක්ටර් ම තාමා ) රු 700.00

විභාගේ ලියලා මාස තුනක් ඉන්න වෙනවනේ ට්‍රයල් වලට ඒ වෙනකන් එල් ප්‍රමිට් එකකින් එල් බෝඩ් ගහගෙන යන්න පුළුවන්... එකට එල් බෝඩ් එකට රු 500.00 (ලනrස්  එකට )

මිට අමතරව ට්‍රයල් දවසේදී ඒ කියන්නේ වාහන පදවන්න පුළුවන් කියලා පරීක්ෂක ඉදිරියේපදවන දවසෙත් විශේෂ ගාස්තුවක් රියදුරු පාසල මගින් ලබා ගන්නවා.. එය කලින් පරීක්ෂක ගාස්තු උවත් දැන් වාහන ගාස්තු විදිහට වෙනස් වෙලාලු... දවසකට එක පරික්ස්කයෙකු හට 60 දෙනෙකුගේ උපරිමයට යටත්ව පරික්ෂා කර බැලිය හැකි වන අතර වාහන පන්ති තුනටම (බයික් , සැහැල්ලු , ත්‍රිවිල් ) ඉදිරිපත් වන්නේ නම් බයික් සදහා - 1000.00 , ත්‍රිවිල් - 1300.00 සැහැල්ලු - 1500.00  මේ තුනටම ඉදිරිපත් වන නම් එක පරික්ෂකයකුට 60ක් දිනකට පරික්ෂා කල හැකි බැවින් = 60 * (1000 + 1300 + 1500 ) , = 60 * 3800 , = 228000.00

මේ හැමදාම මේ තුනටම එක පාර ගන්න 60ක්නැති වෙන්න පුළුවන් එහෙම උන්නොත් දවසකට 228000ක මුදලක් වාහන ගාස්තු විදිහට එකතු වෙනවා.. මම දන්නා විදිහට (වැරදි වෙන්න පුළුවන් ) ඒවා රජයට යන මුදල් නෙමේ... ඒ රියදුරු පාසල පරීක්ෂක අතරේ බෙදී යන මුදලක්.... ඇත්ත කොහොමද කියලා හරියටම දන්නේ ඉතින් ඒ අය තමා සමහර විට ඒවා රජයට යනවා ඈති...එත් මේ මම කිවේ දවසකගාස්තුව....මාසෙකට එහෙම නෙමේ.

මොනවා උනත් මම නම් කැමති ඔය ලයිසන් ගන්න ගන්න ගැන 50000ක් විතර වෙනවට.... එතකොට රටේ වෙන තරමක්  වෙන අනතුරු වලින්  80%කම නැත්තටම නැති කරගන්න පුළුවන් එහෙම උනොත්... මොකද ඔය හදිසි කාරයෝ ගොඩාක් එතකොට ලයිසන් ගන්න එක අඩු වෙයිනෙ.... ( ඊලග අය වැයෙන් මේකත් වේවා )


ලබන  අවුරුදෙදේ ඉදන් ලයිසන් ගන්න සාමාන්‍ය පෙළ ප්‍රතිපලත් බලනවලු  (එක වැඩක් වෙන්නෙත් නැ ඉතින් සම්පත් සර්ලා ඉතින් පිනට ලකුණු 19-20 දීලා හැමෝම පාස් කරවන්නේ.....

මම හිතන විදිහට නම් සාමාන්‍ය පෙළ ප්‍රතිපල බලල එක්සැම් එකෙන් පාස් අයට රියදුරු බලපත්‍ර ලබා දෙන එකේ හොද වගේම නරකත් තියනවා....

ඉගන ගන්න විදිහක් නැතුව ඉන්න කෙනෙක්ට කවදාවත් එතකොට රියදුරු රැකියාවක්වත් කරන්න වෙන්නේ නැ..... සාමාන්‍ය පෙළ සමත් අය රියදුරු අංශයේ රැකියා වලට ගන්න වෙනවා...

නීති ගරුක රියදුරු පිරිසක් බිහිවෙන්නත් ඉඩ තියනවා.. මොකද හැමෝම ඉතින් අද්යපනේ ලබපු අයනේ....

ලංකාවේ රියදුරු බලපත් ලබා ගැනීමේ ක්‍රමයගැනමොකද හිතන්නේ.... 

18 December, 2012

face book ඉන්නේ වැරදි කරන අය විතරමද?

ලංකාවේ වගේම ගොඩාක් තැන් වල අන්තර්ජාලය කිවොත් මුලින්ම වැඩිපුර භාවිතයක් තියෙන්නේ සමාජ ජාලා එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් එකට එකතු කරවන වෙබ් අඩවි වැඩිපුරම පරිශීලනය කරන වෙබ් අඩවි අතරේ තියනවා.....

මොන ක්‍රමය දාලා උනත් නවත්වගන්න බැරි xxx අඩවි වලටත් ඔය ගොඩක් දෙනෙක් යනවා කියන එකත් නොරහසක්නේ.....

එත් ලංකාවේ වැඩි පුරම  ඉන්ටනෙට් භාවිතා කරන අය ගෙන් 99.99% ක් විතරම මුණු පොත එහෙමත් නැත්නම් ෆේස් බුක් සාමාජිකයන්...

මුණු පොත එහෙමත් නැත්නම් මේ ෆේස් බුක්ගොඩ නගනකොට මාක් අය්යාටත් හිතෙන්න  නැතුව ඇති මේ තරම් මුණු පොත ජනප්‍රිය  වේවි කියලා......

මුණු පොත අද ලංකාවෙ බාවිතා කරන ගොඩාක් දෙනා එක පාවිච්චි කරන්නේ වැරදි දේවල් වලට විතරමද?
පහුගිය සතියක ලක්බිම පුවත් පතෙත් එක අතිරේකයක පිටුවක්ම වෙන් කරලා තිබුනනේ ෆෙක් ප්‍රොෆයිල් ගැන කියන්න.... ඒ අය කියන විදිහට ෆේස් බුක් එකෙන් කරන්නේ නරක වැඩ විතරමයි......

කවදාවත් කොහෙදිවත් හොද වැඩක් වෙන්නෙම නැ...

ඉන්ටනෙට් පාවිච්චි කරන අයගෙන් 30%ක් 40ක් විතර පුවත් පත් බලනවා ඇති.....

එත් ඉතින් තාමත් ලංකාවේ වැඩියෙන් ඉන්ටනෙට් පාවිච්චි කරන යට වඩා පුවත් පත් කියවන පිරිස වැඩි නිසා එහෙම පුවතක් පල වුන ගමන්ම ෆේස් බුක් ගැන නොදන්නා කෙනෙක් උනත් එක පාරම චිත්‍රයක් ඇදගන්නවා ෆේස් බුක් කියන්නේ වැරදි කරන වැරදි වලට අනුබල දෙන වැරදි කරන අය විතරක් ඉන්න තැනක් කිඅලා..

ඊට පස්සේ ඉතින් දන්නා කියන කෙනෙක්ටවත් ෆේස් බුක් තහනම් කලාපයක් වෙනවා..... එත් ඇත්ත ඔකමද?

ලංකාවේ හොද දෙයක් මාකට් කරනවට වඩා වැරදි දෙයක් මාකට් කරන්න  පුළුවන් නිසාමද මන්දා හොද දේවල් ගැන කිය'වෙනවා අඩු....

ෆේස් බුක් සමාජ අඩවිය නිසා ඒ මගින් ගොඩ නැගුනු විවිද ගෘප් නිසා කොයි තරම් සමාජයට වැඩ දායක දේවල් කරනවද? එත් ඒ දේවල් ඔය තරමට ප්‍රසිද්ද නොවෙන්නේ ඒ කටයුතු වල නිරත වෙන අයට වටින්නේ ප්‍රසිද්දිය නොවේ කරන කටයුත්ත විතරක් වටිනා නිසා වෙන්නත් පුළුවන්... ඒ වගේම හොද දෙයකට මාකට් අඩු නිසා ඒවාගේ ප්‍රවුතිමය වටිනා කම අඩු නිසා වෙන්නත් පුළුවන්.......

මොනවා උනත් මගේ ජිවිතෙටනම් ෆේස් බුක් කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්....

ෆේස් බුක් වල නරක නැත්තේම නැ ගොඩාක් හොදම හොද තැනක් කියලා කියන්නෙත් නෑ මම......

අපි භාවිතා කරන කොට අවබෝධෙන් කරනවානම් ඕනෑම නරක දෙයක් හොද දෙයක් කරගන්න පුළුවන් අපිටමයි...

ප.ලි  : ඔන්න මම මැරුනේ නම්  නැ......

12 December, 2012

සියලුම බ්ලොග් කරුවන්,කාරියන් වෙත....

මිහිපිට ජිවත් වෙන හැමෝටම අද දිනය දාලා මොනවා හරි වැඩක් කරනවා නම් ඉතින් වැදගත් දවසක් තමයි... මොකද ඉතින් මේ මිහිපිටජිවත් වෙන කාටවත් තමන්ගේ මේ ආත්මෙදි ආයේ මෙහෙම දිනයක් දාලාමුකුත් කරගන්න ලැබෙන එකක් නැ..

මොකද අද 12 / 12 / 12 . ඊලග අවුරුද්දේ ඉදන් ඉතින් 13 , 14, 15 වගේ මාස අපේ දැන් භාවිතා වෙන දින දර්ශන වල මාස නැනේ... ඒ හින්දා අද අමුතු දවසක්...

ඇත්තටම බැලුවොත් ඉතින් මේකත් එක්තරා දවසක් විතරයි තමයි... එත් ආයේ 2101 - 01 - 01 වෙනිදාට තමයි  ලියන්න පුළුවන් වෙන්නේ 01 - 01 - 01 කියලා.... එත් ඉතින් තව අවුරුදු 88ක් 89ක් ජිවත් වෙන්න අපිට පුළුවන් වෙන එකක් නැනේ.....

මේ 12 -12 - 12 ගැන මොන තරම් කතා කීවද... මායාවරුන්ගේ දින දර්ශනය අනුව අදින් ඒ අයගේ කැලැන්ඩර් එක ඉවර වෙනවා.. ඒ කියන්නේ අද අපේ ජිවිත වල අවසන් දවසද?


 මේක ඉතින් 2009 ඉදන් කියන දෙයක්නේ බලලත් ඇති ඔන්න අද මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්ලු එහෙම උනොත් පරිස්සම් වෙන එක තමා හොදම දේ... පුලුවන්නම් කට්ටිය උදේම නැගිටලා තියන කළමනා ටික එකතු කරගෙන (අර දවසක් මාරයා දාලා තිබුණු කළමනා ටික ඇතිවෙයි මම හිතන්නේ ජිවත් වෙන්න )  වෙන ග්‍රහලෝකයක් බලා හරි ගමන් අරබන එක නුවනට හුරුයි කියලා තමා කියන්න තියෙන්නේ....

මරණේ වෙන හැටි සජීවීව බලාගන්න පින නැති උනොත් එහෙමඒ නිසා ඔය වීඩියෝ එක බැලුවත් කමක් නැ.. ඔහොමලුනේ වෙන්නේ......

 

 බ්ලොග් යාලුවනේ ඉතින් මේ ජිවිත කාලේ මගෙන් ලොකු ලොකු වැරදි අඩු පාඩු වෙන්න ඇති... ඉතින් මේ අන්තිම දවස් ටිකේ ඕවා හිත හිතා මැරෙන්න ඕනේ නැනේ.... ඔය ඉතින් හැමෝම කියන විදිහට (සමහරු කියනවා දෙසැම්බර් 21 කියලා සමහර ය කියනවා 12 කියලා ) ඔය කොයි දවස උනත් ඉතින් එහෙම බැරි වෙලාවත් පුරුවේ පිනකට මැරුනොත් (මගේ නෙමේ ඔහෙලගෙ ) ඊලග ආත්මෙත් අපි බ්ලොග් වලින්ම සෙට් වෙමු...

හොද හොද බ්ලොග් ගේට් තියමු.... අවුරුදු උත්සව වෙසක් කුඩු තරග 
(අන්තිම දවස  නිසා මේකත් කියලාම යන්නම්කො..... මේ අවුරුද්දේනොමරුනොත් මම කොහේ උන්නත් හිතාන උන්නේ සයිබරයෙන් හොදම වෙසක් නිර්මාණ තරගයක් තියලා එකෙන් දිනන අයට පොඩි තෑග්ගකුත් දීලා පොඩි වැඩක් කරන්න.......) වගේ ඒවා කරමුකෝ....

එක කරන්නත් බැරි වෙයි වගේ... එහෙම උනොත් ඊලග ආත්මේ වත් කට්ටිය එකතු වුනහම එක කරමුකෝ....

අමතක වෙයි කවදාවත් වැඩක් කරනකොට දිනයක් දැම්මේ නැතුව වැඩ කළා නම් හරි වැඩ කරනකොට හැමදාම දිනය දැම්මා නම් ඔන්න අදත් විශේෂයෙන්ම දාන්න අද 12 - 12 - 12 හොදේ......

ආයෙමත් කියනවා මොනවා හරි මගෙන් වැරද්දක් අඩු පාඩු වක් උනා නම් සමාවෙන්න............... අද නොමරුනොත් මමආයේ බ්ලොග් ලියනවා හොදේ.....  ඒ නිසා ඔය හිතට දැනෙන ඒවා කියලා යන්න....

අද  මැරුනොත්....

 

නොමැරී උන්නොත්




08 December, 2012

ලැබුනත් අත් තටු ඉගිලෙන්නට හැමදාමත් අපි නුබ සෙවනේ උන් පැටවුන්මය....

ජිවිතේ සමහර වැදගත් අවස්ථා උදා වෙන්නේ අපි නොහිතන විදිහට.......

ජිවිතේ මම ගොඩාක්ම සතුටින් හිටිය කාලේ පාසල් කාලේදී කියන එක මගේ විතරක් නෙමේ මේ හැමෝගෙමත් එහෙම තමයි කියන එකට විවාදයක් නැති වෙයි කියලා හිතනවා.....

කොලබ 7 පාසලකට ගියත් අඩු පහසුකම් තියන වෙන කොහේ හරි පාසලකට ගියත් හිතේ සතුටෙන් ඉගනගන්න එක වගේම ඒ ළමා කාලය ගෙවන්න ජිවිතේ හැමෝටම අවුරුදු 13ක්ම වෙන් කරලා තියන එක ගොඩාක් වටිනවා...

හැබැයි ඒ කාල අතරට 5 ශිෂ්‍යත්වය 11 වසර 13 වසර වල එක්සැම් නිසා ටිකක් ඒ සැහැල්ලුව නැති උනත් එකත් සතුටින් කරගන්න පුළුවන් කම් පාසල තුලින් කියලා දෙනවනේ....

වැඩිය කතා කරන්න ඕනේ නැ මිට අවුරුදු 7,8 කට කලින් ඉවත් උණු පාසල් මාතාව තුරුලට  ලැබෙන ඉඩ කඩ අතර තුර ගොඩ වදින්න අමතක නොකරත් ඊයේ දවස ටිකක් වැදගත්....

ඉගනගත්තු පාසලේ උගන්වපු ගුරුවරු සමහරක් විශ්‍රාම අරගෙන තිබුනත්  තවත් සමහර ගුරුවරු පාසල තුල ඉන්න කාලයක පාසලේ වර්ෂ අවසාන දක්ෂතා එලි දැක්වීම හා කුසලතා ඇගයීම වෙනුවෙන් සංවිදානය උණු එළිමහන් ප්‍රසංගය වෙනුවෙන් ආරාධිතයෙක් විදිහට සහභාගී වීමට ලැබුන එක මගේ ජිවිතේ ගොඩාක් වැදගත් අවස්තාවක්....

ඉස්සර අපි සෙල්ලම් කරපු පිට්ටනිය පන්ති කාමර පිටි පස්ස ටිකක් වෙනස් වෙලා,... ඒ කාලේ නොතිබුණු කම්පියුටර් කාමර , දියුණු උණු පුස්තකාල , වැඩි දියුණු උණු ගොඩනැගිලි පන්ති කාමර, වැඩි හරියක් ගෙවුණු විදුහල්පති කාර්යාලය (වැරදි කරලා එහෙම නෙමේ )එහෙම ගොඩාක් අලුතෙන් අලුත් වෙලා ....

ඒ කාලේ උදේම පාසලට යන පලවෙනි ළමයි 10 දෙනා අතර හැමදාම නොවුනත් ගොඩාක් දවස් වලට මමත් උන්නා...  ඉගන ගන්න වැඩ විතරක්ම  නම් නෙමේ කරන්න පුළුවන් හැම වැඩක්ම කරන්න ඒ කාලේ අපේ සෙට් ගොඩාක් හොදට එකමුතුව උන්නා....

ජිවිතේ මම වැඩියෙන්ම ආදරේ කරන ගුරුවරු කීප දෙනෙක්ම ඊයෙත් මේ පාසල් භුමිය තුලින්ම මුණ ගැහුන එක ගොඩාක් වැදගත් උනා වගේම හැමදාම ආදරේ කරන එක ගුරුවරයෙක් මේ දවස්වල මම කරන දේවල් ගැන අහලා දීපන්කො කොල්ලෝ අත ගොඩාක් සතුටුයි ඒ දවස් වල අපි කෑ ගහපුවගේ ප්‍රතිපල මෙහෙම දකින්න ලැබෙන එක ගැන ගොඩාක් සතුටුයි  හැමදාම මම කියනවා වගේ " හොද දේවල් කරලා අම්මලාගේ තාත්තලගේ ගමේ , පාසලේ නම තියන්න ලෝකේ කොහේ උන්නත් මෙහෙටත් වැඩක් කරපන් පුතේ කියලා කියන කොට නම් මටත් ඇස වලට කදුළු පිරෙන්න ගත්තා....

ඒ කාලේ සර්ලා මිස්ලා කියන දේවල් සමහර වෙලාවට වදයක් උනත් අද අපේ ජිවිත වල පදනම වැටිලා තියෙන්නේ ඒ අය අපි වෙනුවෙන් කරපු දේවල් නිසා තමයි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැ මගේ ජිවිතේ නම්

ඒ කාලේ  ගුඩ් මෝර්නින් අය්යේ  කියපු නංගිලා මල්ලිලා සමහර අය පාසල් ජීවිතේට සමු දීලා තවත් සමහර අය ඉහලම පන්ති වල..... තාමත් ඒ අය ට අපේ නම් වලින්ම අපිව මතකයි කියන එක හදවතට දැනෙනකොට දැනෙන හැගීම විස්තර කරන්න වචන නම් නැ මට ....

ඒ දවස් වල උත්සවයකට ආරාධනා ලබලා එන ආරාධිත අමුත්තන් අපිට මහා මෙරක් තරම් ලොකුවට පෙනුන නිසා එහෙම අවස්ථාවකට සහභාගී වීම් මට නම් ගොඩාක් වැදගත් අවස්ථාවක්...මොනතරම් ඉහලට ගියත් (තාම නම් මම පොඩි මිනිහෙක් ) හැමදාමත් අපේ ඉහලින් ඉන්නේ පාසල් මවුනි නුබයි...


මගේ පාසලට මගේ ගුරුවරුන්ට තාමත් මම ගොඩාක් ආදරෙයි ගොඩාක් ගරු කරනවා....

03 December, 2012

සෙන්සිටිව් වෙන එක හොදද ? නරකද?

පොස්ට් 200ක් ලියලා ඉවරත් උන එකේ ලියන වේගේ ගොඩාක් අඩුත් වෙලා..... මේ දවස්වල ලියන්න දේවල් මතක් වෙන්නෙත් නැ....

මුලින්ම මගේ දයාබර මෑණියන්ට අද සමරන 47 වන ජන්ම දිනය සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ගොඩාක් ආදරයෙන් සුභ පතනවා.....

......................................................................................................................

මේ දවස් වල ඉතින් රාජ කාරියේ ටිකක් හිර වෙලා ඒ අතරේ අලුතෙන් වැඩට ආපු සහෝදර සහෝදරියෝ නිසා මෙහෙම දෙයක් හිතුනා... (ට්‍රේනින් එන අය මාස 6කට )

සාමානයෙන් නුහුරු පරිසරයක වැඩට එක පාර යන්න උනහම ඉතින් ටෙන්ෂන් එකක් එන එක නෝමල් දෙයක්නේ....

සමහර අය එන්නේ මාස ගානක් වැඩ කරලා පල පුරුද්ද තියනවා වගේ...

තවත් සමහර අය එන්නේ නිකන් පහට ගනින්න බැ වගේ ( හැබැයි යනකොට 5000000000 ටම ගැනලා තමා යන්නේ )

තවත් සමහර අය එන්නේ නෝමල් චරිත විදිහට....

තවත් සමහර අය ඉතින් ගොඩාක් සෙන්සිටිව් අය විදිහට එනවා....

දැන් ඉතින් ඔය එක එක ආකාරයේ චරිත ඉන්න එක මේ සමාජයේ සාමාන්‍ය දෙයක්නේ.....

අද මම කතා කරන්න හිතුවේ ඕනාවට වඩා ඕනෙත් නැති පොඩ්ඩක් වත් නැතුව වැඩකුත් නැති ඔය සෙන්සිටිව් එහෙමත් නැත්නම් සංවේදීතාවය ගැන....

( මේක ලෙඩක් වෙන්නත් පුළුවන් මම දන්නා විදිහට ඒ ගැන ඉතින් ප්‍රදීප් ගේ පිටුවෙන් හෝ සොදුරු සුව අසපුවෙන් කතා කරවිනේ.... )

ඇත්තටම ජිවත් වෙන්න සංවේදී වෙන්නම ඕනද?

රාජකාරී පරිසරයක් තුල වැඩ කරනකොටනම් ඉතින් සෙන්සිටිව් වෙන එක ඕනවට වඩා තිබුනොත් ඒ රැකියාව එපා වෙන එක ගොඩක් සාමාන්‍ය දෙයක් මොකද අලුතෙන් ආව ගමන් හැම වැඩක්ම හරියට කරන්න අපි දන්නේ නැ වගේම එහෙම මොනවා හරි අතපසුවීමක් සිදු උනොත් අහන්න දේවල් නිසා ඕනවට වඩා සෙන්සිටිව් වෙන්න ගියොත් නම් අඩන්න වෙනවා ගොඩක්....

අපේ ජිවිත එක්ක ගෙවෙනකොට සංවේදී නොවෙන අය එක්ක ගොඩාක් වැඩ කරන්න වෙන නිසා අපි ඕනාවට වඩා සංවේදී නොවෙන එක තමා මම හිතන විදිහට හොදම.....

ඔයාලත් ගොඩාක් සංවේදී කෙනෙක්ද? සංවේදී උනහම ඔයාලට ලැබුනේ වාසියක්ද? එහෙමත් නැත්නම් දුකක් විතරක්මද?

.............................................................................................................................

මටත් නොතේරෙන දෙයක් නිසා හිතට දැනෙන නිසා ප්‍රශ්නයක් විදිහට පොඩිම පොඩි පොස්ට් එකක් දැම්මේ....

.............................................................................................................................

ප.ලි  : කතා ලියන්න දන්නේ නැති මම පොඩි කතාවක් ලියන්න ට්‍රයි කරනවා හරි ගියොත් අනිවා දාන්නම්කො.....  එපාද?

30 November, 2012

200ක් ඉවරයි..... තව ඉස්සරහට යනවද?

ගොඩක් වෙලා අරගෙන ගොඩක් දේවල් ගැනලියපු පොස්ට් එක පබ්ලිෂ් කරන්න යනකොටම ඩිලිට් වෙනකොට මොන තරම් ආතල්ද කියලා මේ දැන් අත්වින්ද නිසා ආයේ ඒ ගැන මතක් කරන්න නම් මම කැමති නැ...  200 වෙනි සටහන බ්ලොග් අවකාශයේ ඉතා ලොකු ඉලක්කමක් නොවුනත් මගේ බ්ලොග් ඉතිහාසයේ මට වැදගත් සටහනක්....

2010 මාර්තු මුල මගේ ෆේස්බුක් මිතුරියක් උණු ජිවිතේ මල් එහෙමත් නැත්නම් සංසාරේ අපි ලියන දිල් අක්කා නිසා බ්ලොග් අකුරු කරවපු මම තවත් බොහෝදෙනෙක්ගේ උදව් අවවාද උපදෙස් බැනුම් නරක කමෙන්ට් අතරේ පොස්ට් 200ක දුරක් ඇවිත් ඒ පිලිබදව මම ගොඩාක් සතුටු වෙනවා.... මේ පොස්ට් 200 පුරා මාත් එක්ක උන්නු හැම දෙනෙක්ටම මම ගොඩාක් ස්තුති වන්ත වෙන ගමන් පුලුවන්නම් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා...

කලින් පොස්ට් එක නැතිඋන නිසා මේ පොස්ට් එක නම් දිගින් වැඩි වෙන එකක් නැ

මේ පොස්ට් දෙසිය තුලදී... මාව ෆලෝ කරපු පිරිස 409ක් වන්නත් කමන්ට් 6285ක් වෙනත් මගේ පිටු පෙරලපු පිරිස දෙලක්ෂ හතලිස් දහස පසු  කරන්නත් උණු එක ගැන මට ඇතටම ලොකු සතුටක් තියනවා....

මේ පොස්ට් දෙසිය ඇතුලේ මම කරපු දායක වෙන්න ලැබුන හොදම ක්‍රියාව විදිහට අසනීප උණු මදුශානි නංගිව සුව කරගන්න මෙහෙයුම විදිහට මම දකිනවා....

ඒ හැමදෙයක් එක්කම ගොඩාක් හොදයාළුවො ගොඩක් මගේ ජීවිතේට බ්ලොග් එකතු කරලා දුන්නා...

ඉදිරියටත් ඒ හැමෝම එක්ක හොදින් ඉන්න හොද දෙයක් කරන්න බලාපොරොත්තු වෙන ගමන්ම මම 200 වෙනි පොස්ට් එක පුංචි සටහනකින් ඉවර කරනවා..... ---- 201 න මුණ ගැහෙමු....

--- උපුටනය - සයිබර් සැණකෙළි බ්ලොග් අඩවිය 2012 - 11 - 19 ----

පසුගිය වසර මුළුල්ලේ 
Raj, සඳකිඳුරා, යසන්ත, චතුමිතු, ගයාන්, දුෂ්, පොඩිමෑන්, බිම්සර, දේවා, ප්‍රාර්ථනා, හිමහංසි, ජනරඟ, මලිත්, උදිත්, ජිංජිබිරිස්, යැංකි, ප්‍රදීප් සහ දඟයා 
කියන සංවිධායක මණ්ඩලයේ සාමාජිකයින් දැක්වූ දායකත්වයත්, 2011 වසරේ සංවිධායක මණ්ඩලයෙන් ලැබුණු මගපෙන්වීම් හා බස්රේඩියෝ, සියළුම සින්ඩිකේටර්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආදි ආයතන හා සංවිධාන දැක්වූ සහයෝගයත්, විශේෂයෙන්ම ලොව පුරා විවිධ ස්ථාන වල සිට විවිධ ආකාරයෙන් සහයෝගය දැක්වූ සියළුම බ්ලොග්කරුවන්ගේ උනන්දුවත් නොවන්නට අපට මෙතෙක් ආ මග එන්නට නොහැකි වන්නට තිබුනා.

ඒ සියළු දෙනාට බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෞරවණිය ස්තුතිය පල කරන අතර මේ විවෘත කරන්නේ දයාබර ඔබගේ අවස්ථාවයි.

පසුගිය දෙවසර තුල ලැබූ අත්දැකීම් ඔස්සේ ඉදිරියට යමින් සිංහල බ්ලොග්කරුවන් අතර සහෝදරත්වය වර්ධනය කරන්නටත් ඉදිරි වසරේ නවමු වැඩසටහන් සංවිධානය කරමින් පවත්වන්නටත් ඔබට හැකිනම් අප සොයන්නේ ඔබයි.

සංවිධායක මණ්ඩලයේ සාමාජිකයෙක්/ සාමාජිකාවක් ලෙස 2013 වර්ෂය පුරා බ්ලොග් අවකාශයේ මිතුරෝ මෙහෙයවන්නට, ඒ වෙනුවෙන් දායක වන්නට ඔබ කැමතිනම් නොවැම්බර් මස 30 වන දිනට පෙර මේ පෝරමය පුරවා ඔබේ කැමැත්ත පල කරන්න. මේ අවස්ථාව ඔබේ හෙට දවස වෙනස් කරන අවස්ථාවක් නොවේ යැයි කිවහැක්කේ කාටද?




----- උපුටන අවසන් ----

අද අවසන් දිනය කියලා තියන නිසා ඉක්මනින් ඔබේ හැකියාවන් පෙන්වන්න අවස්ථාවක් ලබා ගන්න්න

එහෙමනම් ආයේ හමු වෙමු 201

23 November, 2012

සුදු මහත්වරුගේ හිගා කැමේ පිළිවෙතද මේ....

මේක සත්‍ය කතාවක් නම් තමයි එත් ඇත්තටම එක උනේ එහෙමමද කියලා කියන්නත් බැ.... එත් මේ වගේ දෙයක් වෙන කොහේ හරි වෙනවනම් එතන වංචාවක් සිද්ද වෙනවා කියන එක ස්ථිර නිසා එක වළක්වාගන්න පුංචිම හරි දෙයක් මේකෙන් වෙන්න ඉඩ තියන නිසා කියන්න හිතුනා.....

මේක මට අදාළ තැනක සිදු උනාද නැද්ද කියන එක නොහිතා (මට උනා කියලා හිතන්නම එපා ) මෙහෙම වෙන්න පුලුවන්ද කියලා හොයලා බලමු...

ස්ථානය  :- සෙනග ගැවසෙන සමාජයේ පිළිගත්තු ආයතනයක්..............

පුද්ගලයා : සුදු මහත්මයෙක් සමග ශ්‍රී ලාකික සවේදී හදවතක් ඇති වැදගත් මහත්මයෙක්.....

වෙලාව : රාජකාරි වෙලාව තුල මිට සතියකට පමණ පෙර.....

............................................................................................................

ශ්‍රී ලාකික සමාජය අදටත් වඩා ආගන්තුක සත්කාර වලට බෙහෙවින් ලැදී ජාතියක් කියලා ඒ කාලේ ඉදන් ගොඩාක් දෙනා කියලා තියනවා උනත් මේ කාලේ එහෙම දේවල් ගොඩාක් වෙනවා අඩුයිනෙ.....

ලංකාවේ ගොඩාක් දෙනා පිටරටවල් වලට යන්නේ රැකියාවක් හොයාගෙන..... එහෙ ගිහින් ඒ වැඩ කරලා සල්ලි අරගෙන ලංකාවට එන එකනේ කරන්නේ....

කොහොමද ලංකාවට හිගාකන්න ඔෆිසියල් විදිහට පිට රට සුදු මහත්වරු මෙහෙට ආවොත්....

ඇත්තටම මම මේ කියන පුද්ගලයා ආවේ එහෙමද කියලා මම දන්නේ නම් නැ එත් ඉතින් උනේ එහෙම දෙයක් නම් තමයි.... මොකද දවස් 2කින් මුදල් ආපහු දෙනවා කියලා කිවත් එක නොවුන නිසා

යම් ආයතනයකට හදිසියේ කඩා වැදුනු කොට කලිසමක් හා අත් කොට කමිසයක් ඇද ගත්තු සුදු මිනිසෙක් තමන් දැඩි අසරණ තත්වයකට පත් වෙලා තියන්නේ...  තමන් ලංකාවට ආවේ යාළුවන් පිරිසක් එක්ක.... ඒ අසන්නේ පවතින නගරයකදී ඒ අයව මග හැරුනා... ඒ අය මේ පුද්ගලයාව දාලා ගිහින්..

දැන් මට යාපනේට යන්න ඕනා.. සුනාමි කාලේ මම ගොඩාක් ලංකාවට උදව් කරා... මම හදලා දුන්නු ගෙදරකුත් යාපනේ තියනවා....

මේ වෙලේ මට සල්ලි ගෙන්න ගන්නවිදිහකුත් නැ.. මට පුළුවනි නම් රුපියල් දෙදාහක් දෙන්න  ( අපේ හිගන අය ඉල්ලන්නේ මහත්තයා නෝනා දීලා යන්න කියල රුපියලක් දෙකක් පහක් දහයක්නේ... එත් මෙතන කෙලිනම් 2000ක්.... කොයි තරම් ලොකු සලරියක් ගත්තාත්  රු 2000ක් එහෙම ඉල්ලපු ගමන් දෙන්න බැනේ...

කොහොමහරි එකටත් සාධාරණ තර්කයක් අරගෙන ආවා මේ සුදු මහත්තයා..... හැමෝගෙන්ම මෙහෙම ඉල්ලන්නත් බැ මොකද හැමෝටම කියන දේ තේරෙන්නේ නැ කියන එක... අනිත් එක රුපියල් දෙදාහක් කියන්නේ ලොකු ගානක් කියලා හිතුවට අපේ රටේ නම් ඩොලර් විස්සක් විතරයි....

ඒ නිසා අනුකම්පා කරලාඋදව් කරන්න කියලා...

තව ගොඩාක් දේවල් කිවා.....මේ තත්වයටපත් උණුශ්‍රීලාංකික පුද්ගලයා හිතට එකගව ඇති උණු අනුකම්පාවත් එක්ක රු 1500ක් මුදලක් මේ සුදු අන්කල් ට දුන්නා...

තාමත් ශ්‍රීලාකිකයන් ගේ හිත තුල අනුන්නට උදව් කිරීම ගොඩාක් හොදින් තියනවා කියන එකට මේක පුංචි උදාහරණයක්විතරයි....

ඒ වගේම මේ පුද්ගලයා ආපහු මේ මුදල් එවන්නත් පොරොන්දු වෙලා දැනට සතියකට වැඩි(ආපහු ගන්න බලාගෙන දුන්නු එකක් නම් නෙමේ.... එත් මේකතවත් සන්විදානාත්මකහිගා කමක්ද දන්නේ නැනේ...)

ඔන්න ඔහොමලු සුද්දෝ ඔෆීෂියල් විදිහට හිගා කෑවේ....

(මේ හිගා කැවා කියන එක මම වෙනස් කරනවා ඒ පුද්ගලයා අන්තිමට කිවා වගේ මුදල් ආපහු ලැබෙන්න සැලැස්සුවා කියලා දැනගන්න ලැබුනොත්.....)

17 November, 2012

යාලුවන්ව බයිට් කරමු SMS වලින්

කාලෙකින් මුකුත්ම ලියලා නැ.... දැන් ඉතින් ලියන්න දෙයක් හිතන කොට මේ දවස් වල ෆෝන් එකට ආපු එක එක එස් එම් එස් ටික මතක් උනා.... ඉතින් එහෙමනම් ඔයාලත් මේවා යවලා බලන්නකෝ.... මේවා ජෝක් එස් එම් එස් විතරක්ම නෙමේ.....


අපේ ගෙදර කෑම උයන්නේ ALASTAIR COOK,
වාහනේ ගෙනියන්නේ JESSY RIDER,
ඇදුම් මහන්නේ ROSS TAYLOR,
ගෙදර වාහනේ TENDULKAR එකක්...
රැට කන්නේ CHIKEN BURA....
SHANE BOND වලින් තමයි අලවන්නේ.....,
MICHEAL MASON තමයි අපේ ගේ හැදුවේ ...
ගෙදර ගාලා තියෙන්නේ CAMERON WHITE පාට .....
ලිපට දාන්නේ PAUL COLLINGWOOD...
ගෙදර සින්දු කියන්නේ YUVRAJ SINGH.
අල්ලපු ගෙදර දුවට කියන්නේ M.S. DHONI. 


(මේක නම් මම ෆේස් බුකියේත් දැම්මා )

.............................................................................................................

දවසක් බස් 1ක් කනත්තක් පාස් කරගෙන යනවලු. හිට්යේ ඩයිවර් විතරලු. කනත්ත ලගදි ගැනු කෙනෙක් අත දැම්මලු. එයා ඇදලා හිට්යෙත් සුදු පාටලු. ඩයිවර් ටිකක් මනමාල හින්දා ගැනු කෙනාව නග්ග ගත්තලු. එයත් බස් 1 උන්තිම සිට් 1න් ඉදගත්තලු. පස්සෙ ඩයිවර්ට මතක් උනලු එය නැග්ගෙ කනත්ත ලගින් කියල. මිනිහට හීන් දාඩිය දගෙන එද්දි අහෙනවලු බස් 1 පිටිපස්සෙන් කරස්! කරස්! ගාල සද්දයක්. මිනිහා හොදටම බයවෙල පිටිපස්ස බලද්දි ගැනු කෙනා හිනා වෙවි
මන්චී සුපර් ක්‍රිම් කැකර් 1ක් කනවලු.

..............................................................................................................

සල්ලි මතක් මතක් වෙන්නෙ දුප්පත් උනම....
බෙහෙත් මතක් වෙන්නෙ ලෙඩ උනම...
හද මතක් වෙන්නෙ අමවක දාට....
කලා කරුවො මතක් වෙන්නෙ මරුනම.
අව්ව මතක් වෙන්නෙ වහිනකොට...
දෙවියො  මතක් වෙන්නෙ වැරදුනම...
මාව මතක් වෙන්නෙ 4න් එකේ සල්ලි නැති උනහම... 

..............................................................................................................

අද මහ වැස්ස. හරිම සීතලයි.. කම්මැලි…
ඔය අතර තුරෙ මට ඔයාගෙ කටහඩ අහුනා.
මම පුදුම වෙල ඇදෙන් නගිටලා, හැම පැත්තම බැලුවා.
එත් මම ඔයව දැක්කෙ නැ.
ආයෙත් ඔයාගෙ කටහඩ අහුනා. මම හොදින් බැලුවා.
ඇත්තටම මට අදහගන්නත් බැරි උනා.
එයා ඔය වගෙමයි. ඇස් දෙකත් ඔයගෙ වගෙමයි.
ඒ කවුද දන්නවද??
ඔයා වගෙම “මහ තඩි හැල ගෙම්බෙක්”
කානුවක ඉදගෙන මහ හයියෙන් “බක බක” ගනවා

................................................................................................................

උදේට තනි කකුලෙන් ඉන්නවා කියන්නෙ ඇත්තද?
නැ???
ශුවර් ද????
මොහොතකවත්?
නෑ???
බොරු කියන්න එපා…
හෑමොම ඉන්නවා!
මතක් කරලා බලන්න!
මතක නැ???
බොරුනෙ කියන්නෙ
එහෙනම් ඔය උදේට අන්ඩවෙයාර් 1  අදින්නෙ කොහොමද??
හි හි හෙ…හූ

.................................................................................................................

ගර්ල් - අනේ කවුරුහරි දක්කොත් ප්‍රස්නයක් වෙයි....ඉක්මනට කරන්න
බොයි-තව ටික වෙලවක් ඉවස්සන්න...කවුරුවත් දකින්නේට් නැතිවෙයි ..එහෙම්මම තව ටිකක් උස්සල පෙන්නුවහම මම වැඩේ ඉක්මනට ඉවර කරනවා...
ගර්ල්- ඇයි පෙන්නුවෙ නැත්තම් මොනව කරන්නද?
බොයි -ඔයා පෙන්නුවෙ නැත්තම් මම..."එක්සෑම් 1න් "ෆෙල්"වෙයී .ප්ලිස් හෙල්ප් මි...


...............................................................................................................

මේවා නම් ඔයාලා දැකලා ඇති.... මොනවාකරන්නද බනින්න එපා.. තව ආපුවනම් ගොඩාක් තියනවා... එත් වැඩක් නැත්නම් දාලා වැඩකුත් නැනේ...

එහෙමනම් ජය වේවා.....

වෙනස් වෙන්න හිතකුත් තියනවා ඉස්සරහට.... බලමුකෝ


28 October, 2012

ඉගිලෙන්න තහනම් නැ එහෙමනම් අපිටත්.....

ජිවිතේ ගැන අමුතු හැගිමක්නේ මට තියෙන්නේ...... අද මේ බ්ලොග් එකේ නොලියුනු ටයිප් කතාවක් ලියන්න තමා උත්සහ කරන්නේ....

අමුතු කතා ලියනවා කියලා ගොඩක් දෙනෙක් මගේ මුනට කිවනේ සයිබර් සනකෙලියේදී...

මම ඉතින් ලියන්නේ අමුතු කතා නම් නෙමේ ඔන්න මට හිතෙන විකාරපිස්සු කතා තමයි.....  මේ කතාව ඉතින්  මගේ බ්ලොග් පොස්ට් යන අනිත් සයිට් වලින් නම් ඉල්ලනවා ඒවගේ දාන්න එපා කියලා.....

......................................................................................................................................

එක්දාස් නවසිය අසු ගණන් වල අග භාගයේ ඉපදුනු මම ඉපදෙනකොටම අනිත් සහෝ ව නැති කරගෙනම ඉපදිලා තියෙන්නේ අය්යාට මේ ලෝකේ දවසක් වත් ජිවත් වෙන්න ඉඩ අහිමි කරලා.... එහෙම බලනකොට මම උපන් ගෙයි මිනිමරුවෙක්..... ( ඔන්න නඩු දන්න එහෙම හදනවා නෙමේ... මට කලින් එයා එලියට ඇවිත් මාවත් නොබලා යන්න ගිහින්...) අපේ අම්මාවත් හරියට මුණ දැකලා නැ කියලා තමා කියන්නේ... සමහර විට ඉතින් ඒ අය්යා ලස්සන නිසා මට දුක හිතෙයි කියලා නොකියා ඉන්නවද දන්නෙත් නම් නැ..

කොහොම  උනත් උපන් අය්යා නැති උන නිසා මම නොනිල අය්යා වෙලා දැන් ඉන්නවා මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි එක්ක.....

අපේ පවුල මහා ලොකු පෝසත් පවුලක් නම් නෙමේ.... යන්තම් ජිවිතේ ගෙවාගන්න පුළුවන් තරමේ ආදායමක් ලැබුනත් ඒ කාලේ අඩුවක් නොදී බලාගන්න අම්මයි තාත්තයි ගොඩාක් මහන්සි වෙලා තියනවා...

අම්මා කියන විදිහට පොඩි කාලේ මම කරදර කරලා නම් නැ.... මාව බිමින් තියලා තිබ්බොත් කොහේටවත් යන්නේ නැහැලු ආයේ අතට ගන්න කන් මම එතන ඉන්නවලු කිසි කරදරයක් නැතිව....

හ්ම්ම්  මොනවා උනත් අපේ පවුලේ අය එක්කෙනා දෙන්න  වෙනකොට දෙන්නා තුන්දෙනා වෙනකොට එහෙම අමාරු කම් ආවේ නතුවමනම් නෙමේ....

එහෙම උනත් අපි කට්ටියටම හොදින් උගන්වන්න ගොඩාක් මහන්සි උනා.. කොලබ ලොකු ඉස්කෝල වලට තියා මෙහෙ ලොකු පාසලකටවත් නොගියට අපිට ගමේ පාසලේ මහන්සි වෙලා ඉගන ගන්න පුළුවන් තත්වයක් තිබුනා....

11  වසරට යනකන්ම මම එහෙම කොහොමත් ලොකු සද්දයක් දාගෙන හිටිය චරිතයකුත් නෙමේ..... 11 වසරේ ගමේ ඉස්කෝලේ උන්නු මම අවුරුද්දේ අන්තිමේ තිබුණු ගණිතය පෙරහුරු පරීක්ෂණයෙන් කලාපේ තිබුණු හැම පාසලකම ළමයෙකුට වඩා ලකුණු අරගන්න පුළුවන් උනා... නගරේ ටියුෂන් ගිය නොගියට ඒ දේවල් වලට නම් උපන් හැකියාවක්ද මන්දා ඊට අවුරුදු කීපයකට පස්සේ මල්ලිටත් ඒ දේම කරන්න පුළුවන් උනේ......

කොහොම උනත් ඕලෙවල් වලට පාසලේ උන්නු ළමයි 57න් ඉහලම ප්‍රතිපල අරගෙන පාස් වෙන්න ලැබුන එක ජිවිතේ ලොකු වෙනසක් කළා...

නගරේ  පාසලක ඉගන ගත්තු ඒ කාලේ වැරදුන තැන් ගොඩකුත් තියනවා වගේම ජිවිතයට ලබා ගත්තු දේවල් ගොඩකුත් තියනවා....

ඒ ලෙවල් මැත්ස් කලත් හැබැයි මගේ පංන්තියේ අනිත් අය වගේ හැම වෙලේම පොතේම උන්නු කෙනෙක් නම් නෙමේ මම..... කරන්න පුළුවන් ගොඩාක් දේවල් කළා.. විදින්න පුළුවන් ගොඩාක් දේවල් වින්දා

හැබැයි මගේ ජිවිතේ මේ වෙනකන් අරක්කු සිගරට් නම් ලංකරගෙන නැ කවදාවත්..... මට උන්නුයාළුවොගැන ගොඩාක් ආඩම්බර වෙන්න පුළුවන්... සමහර අය උපරිම බෙබාලා.... එත් කවදාවත් මට බොන්න බල කරපු යාලුවෙක් නම් ඉදලා නැ..

ජිවිතේ  මහා ලොකු බලාපොරොත්තු පොදී බැදගෙන ජිවත් වෙන්න ආස කලෙත් නැ... ජිවිතේ පොඩි කාලේ ඉදන් මට වැඩ දෙන ප්‍රශ්නයක් තමා මගේ කලින් පොස්ට් එකේ කියන්න උත්සහ කලේ එත් එක කියාගන්න මට තේරෙන්නේ නැතුවද මන්දා.....

මැරෙන ආයේ ඉපදීමක් ගැනවත් කියන්න බැරි ජීවිතයකට අපි මොකටද ඉතින් කප්පරක් බලාපොරොත්තු තියාගන්නේ?

මට  ඒ කාලේ තිබුන ලොකුම බලාපොරොත්තුව වැදගත් කියන රැකියාවක් කරගන්න එක.. ඒ කියන්නේ.. ටයි එකක් දාලා අයිඩි එකක් කරේ දාගෙන වැඩ කරන එක.... (දැන් නම් ඊට වඩා ඒවා තියනවා )

බෑන්ක් යන්න අදහසක් නොතිබුනත් හැමදාම ආසාවක් තිබුනේ ඒ වගේ ජීවිතයකට නිසා එක ගැන ගොඩාක් සතුටින්....

හදිසියේ මේ ගැන පොස්ට් එකක් ලියන්න හිතුවේ බෑන්ක් ගියාට පස්සේ හිතට ආව අනිත්ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට වෙලා වගේ තියන නිසා...

ඉනටවිව් මෝඩි දාලා තිබුන කාලේ ගැන අහපු දෙන්නෙක් තුන් දෙන්නෙකුත් උන්න නිසා ඒ ගැන කියන්න නොලැබුන නිසා ඒ ගැන කියන්න හිතුවා

බෑන්ක් ගියාට පස්සේ හිතුන ඕනා උන ලොකුම ආසාව තමයි බෑන්ක් එක වෙනුවෙන් ලංකාවෙන් පිට වැඩ කරන එක.....

එකටත් දෙව් වාසනාවන්ත වෙලා... සිලෙක්ෂන් ලෙටර් එකත් ආව නිසා තව ටික කාලයකින් දෙව් ඉගිලෙන්න බලාගෙන ඉන්නවා....

ඒ  කියන්නේ තව ටික දවසකින් දෙව් ලංකාවෙන් පිට අවුරුදු 2කට විතර වැඩ කරන්න යනවා ...... එතකොට සයිබර් ෆෙස්ටිවල් මග හැරේවිද?
නෑ නේද ඔය අනිත් අයත් ඇවිත් යන්න එන්නේ.. බලමුකෝ,....

ඊට කලින් මොනවත් ගේට් එහෙම ඔගනයිස් වෙන්නේ එහෙම නැද්ද?

සෝ ඉතින් ඊට පස්සේ තමා ඉතින් ජිවිතේ අනිත් දේවල් කරන්න වෙන්නේ.... මොනවට හදිසි වෙනවද ඉතින් දැන්ම ඕවට..... තාම පොඩි කොල්ලෙක්නේ මම

 ප.ලි. : ජිවිතේ මම විදපුදුක් ගැන මෙතන ලියල නම් නැ.. ඇත්තටම මම විදපු දුක් සයිබරයේ කීප දෙනෙක් විතරක් ගොඩාක් හොදට දන්නවා....

විදපු  දුක් දැන් මතක් කරන්න ඕනේ නැ ඉතින්....

21 October, 2012

ජිවිතේ කියන්නේ පිස්සුවක් විතරමද?

මුලින්ම කියන්න ඕනා මට මහන වෙන්න තරම් ජිවිතේ ගැන එහෙම දෙයක් හිතිලා නම් නෙමේ.... මහන වෙලා ඉන්න අයත් සිවුරු හැරලා යන මේ කාලේ. ( පන්සලේ හිටපු පොඩි සාදු )
මට එහෙම දෙයක් හිටිලා කියන එක නම් කොහොමත් වැරදියි...

සමහර දේවල් ගැන කල කිරීමක් තිබුනත් ජිවිතේ ගොඩාක් දේවල් විදිමින් මම ජිවත් වෙන නිසා එත් ඇත්තටම බැලුවොත් මේ ජිවිතේ මොනවගේ දෙයක්ද කියලා හිතන්න ගියොත් පිස්සු හැදෙනවා.....

පොඩි කාලේ දන්නා කියන දා ඉදලා බලාගෙන ඉන්නේ කවදද ඉගන ගන්න පාසලකට යන්නේ කියලා.... බලාගෙන ඉදලා ඉදලා ගියාට පස්සේ කවදද අපි ලොකු මිනිහෙක් වෙන්නේ අපිට ඕන දෙයක් කරන්න නිදහසේ  ඉන්න ලැබෙන්නේ කියලා බල බලා ඒ පාසල් කාලෙන් එහා ගෙවන්න තියන ජිවිතේ ගැන හිතනවා....

එත් එක ලැබුනට පස්සේ කියනවා වැඩියෙන්ම සුන්දර පාසල් කාලේ තමයි කියලා.....

ඔය මොනකාලේ ගෙව්වත් අන්තිමේ කවදා කොහොම හරි මේ ලෝකෙන් යන්නම යන්න වෙනවා... ඒ කියන්නේ මැරෙනවානේ.....

අපි මේ හැම දේම කරන්නේ මැරෙනකන් විතරනේ... ලක්ෂ ගණන් වියදම් කරලා ඉගන ගන්නවා රස්සා කරනවා ආදරේ කරනවා එකී නොකී මෙකි හැමදේමත් කරනවා  මැරෙන දවස එනකන් අපි ජිවත් වෙන්නත් ඕනනේ.

මේ අපි ඩ්‍රාමා එකක් රගපානවා නෙමේනේ.... මැරෙනවා කියන්නේ එක ඩ්‍රාමා එකක් ඉවර වෙනවා වගේ වැඩකුත් නෙමේනේ...

ඩ්‍රාමා එකක් නම් ඉවර උනහම වෙන එකක් වත් බලන්න පුළුවන්..... එත් මේ අපෙ ජිවිත මැරුණට පස්සේ මොනවා වෙයිද කියලා කාටද කියන්න පුළුවන්... අපි නිවන් දකින්න තරම් පින් කරලා නැත්නම් මොනවා හරි ආත්මයක් ලබලා ආයේ ඉවදෙවී... ආයෙත් ඔය චක්‍රයම යාවි..

ඔහොම ගෙවිලා ගෙවිලා ආයේ ඉපදෙන්නේ නැති දවසකුත් එනවනේ එදාට....

අනේ මට ඕවාහිතන්න ගියොත් පිස්සු හැදෙනවා....

ජිවිතේ ප්‍රශ්නාක් ආවහම මැරිලා උත්තර හොයන අයට වඩා මොන තරම් දුකක් විදගෙන හරිජිවත් වෙන්න පුලුවන්නම් එක තමා ගොඩාක් වටින්නේ...

ඉන්න ටික කාලේ (මේ අපේ අන්තිම ආත්මෙද දන්නෙත් නැනේ ) සතුටින් ඉන්න කරන්න පුළුවන් තරම් දේවල් කරන එක තමා මගේ නම් ආසාව...

හිතන්න ගියහමහිතෙන විකාරයක් උනාට මේක අපේ ජිවිත වල ඇත්ත.... කිසිම තේරුමක් නැති වැඩ තමා අපි මේ කරන්නේ....

බලය , මුදල් ,වගකීම්, ඔය මොනදේත් ඉන්න ටික කාලේ විතරයි, අයේ ඉපදුනොත් ඔය ඔක්කොම ආයේ හොයන්න ඕනා,..

ඊලග ආත්මේ ලැබෙන්නනම් මේ ආත්මේ පින් කරන්න ඔනලුනේ.....  මට නම් හිතෙන විදිහට (ඔයාලට හිතෙන විදිහ වෙනස් ඇති ) ඉන්න ටික කාලෙත් ජිවිතේ විදින්නේ නැතුව ඊලග ආත්මේ වෙනුවෙන් විතරක් වැඩ කරනවානම් එයාට ඊලග ආත්මයක් ලැබුනත් වැඩක් වෙන එකක් නැනේ,,

සතුටින් ඉමු අපි ඉන්නා ටික කාලේ... අපි ඔක්කොම මැරෙනා මිනිසුන්

09 October, 2012

ආදරේට බාධාවක් ද දුප්පත් කම

ජිවිතේ කියන්නේ ඇත්තටම  පුදුම දෙයක්... මම මේක ගොඩාක් තැන වලදී කියන දෙයක් සමහර විට මගේ මේ බ්ලොග් එකේම පොස්ට් කීපයක්ම පටන් අරගෙන ඇත්තෙත් ඔහොම කතාව කියලා....
ජිවිතේ කෙනෙක්ට වැඩියෙන්ම වටින්නේ සල්ලිද? එහෙමත් නැත්නම් ආදරේද? එහෙමත් නැත්නම් තමන්ගේ තත්වේද? ඉගැනීමද? රස්සාවද? එහෙමත් නැත්නම් වෙන මොනවා හරි දෙයක්ද?
දුප්පත් කම ජිවිතේඅනිත් හැම දෙයකටම බාධාවක්ද? දෙව් කියන්නෙත් ඇත්තම ගොඩාක් දුප්පත් කොල්ලෙක්නේ..... ගොඩාක් අය එක දන්නවා ගොඩාක් අය එක දන්නේ නැ......
දුප්පත් කම ආදරේට බාධාවක් කියලා හිතන අය ඉන්නවානේ නේද?
...................................................................................................................
මුණු පොතෙන් ශෙයා උණු මේ කතාව ඔයාලත් කියවලා ඇති එහෙම උනත් මේක ගොඩාක් හිතට දැනුන නිසා බෙදාගන්න හිතුනා...
සෝ  මේ දවස් වල ෆේස් බුකියේ ඒවාම මගේ බ්ලොග් එකේ දැම්මත් ඒවාගේ හිතන්න යමක්දැන ගන්න දෙයක් තියනවා කියලාහිතුන ඒවා විතරයි... මම වැරද්දක් කරන්නේ නැ කියලා හිතෙනවා  ඇනෝ අය්යලා මල්ලිලා, (අක්කලා නංගිලා ඉන්නවද දන්නේ නෑ) එක්කෙනෙක් දෙන්නෙක් ඉතින් එකට එක එක කතා කියලා තිබුනා ලියන්න දෙයක් නැත්නම් නොලියා ඉදපන් අනුන්ගේ ඒවා නොදා කියලා.. 
සෝ මම ඉතින් කොහොමත් ඒවගේ ක්‍රෙඩිට් ගන්න යන්නේ නැනේ.. මොකද ඒවා මම ලියපුවා කියලා කියන්නේ නැනේ කොයිම වෙලවකත්
ඔන්න මේ කතාවත් මගේ නම් නෙමේ... ලියපු කෙනාට මගෙත් තුති.... (ලියපු කෙනා නොදනී)
දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා

"ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන විදියේ කෙල්ල

කෙනෙක්ව හොයා ගන්න" කියලා එයා පිරිමි ළමයට බොහෝම තදින් කිව්වා.

නමුත් පිරිමි ළමයට ඇයව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.

වසර 10කට පස්සේ දවසක් මේ පිරිමි ළමයයි අර ගෑණු ළමයයි සාප්පු සංකීර්ණයකදී මුහුනට මුහුන මුන ගැසුනා.

"මේ ඔයාද? ඔයාට කොහොමද දැන්? මම දැන් කසාද බැදලා ඉන්නේ...ඔයා දන්නවද මගේ මහත්තයගේ මාසික ආදායම ලක්‍ෂ 2කටත් වඩා වැඩී කියලා?" ගෑණු ළමයා පිරිමි ළමයට කිව්වා.

මේ මොහොතේම ගෑණු ළමයගේ සැමියා එතනට ආවා. පිරිමි ළමයව දුටු ඔහු බොහෝම ගෞරවයෙන් ඔහුට මෙහෙම කතා කලා

" සර් මෙතන මොක්ද කරන්නේ? මේ ඉන්නෙ මගේ බිරිද"

ඊට පස්සේ බිරිද පැත්තට හැරුනු ඔහු මෙහෙම කිව්වා

"මේ සර්ගේ කම්පැනි එකේ තමා මම අලුතින් ලක් ෂ 2කකට රැකියාවට ගියේ. අපේ සර් තවම කසාද බැදලා නැත්තේ ඇයි දන්නවද? 
සර් ආදරේ කරපු ගෑණු ළමයව සර්ට ලබා ගන්න බැරි වෙලා තියනවා,ඒ දුකට සර් වෙන ගෑණු ළමයෙකුට ආදරේ කරල නෑ. පොඩ්ඩක් හිතන්න ඒ ගෑණු ළමයා කොච්චර නම් වාසනාවන්තද කියලා.අද කාලේ එහෙම ආදරේ කරන පිරිමි හොයන්න කොච්චර අමාරුද?"

ගෑණු ළමයාට මොනවා හිතෙන්න ඇතිද?
 

ජීවිතය කෙටියි. එම නිසා අද ඔබ සතු දේ නිසා උඩගු නොවන්න. අද පවතින තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය හැකියි. අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න.
 
ප.ලි  : එහෙමයි කියලා අහන අහන කෙනාට කැමති වෙන්න කියලා කිවා නම් නෙමේ.... ගැලපෙන අය තෝරා ගැනීම ඉතින් ඔයාලගේ අයිතියක්නේ...... ගිහින් එන්නම්..... ජය වේවා
 

06 October, 2012

හේ ඔහු නමින් මහේල ජයවර්ධන.....

මුලින්ම කියන්න ඕනා මේ කතාව මට හිතන එකක්වත් ඇත්තටම මම හරියටම දන්නා දෙයකුත් නෙමේ.. කියවනකොට ගොඩාක් හිතට දැනුන නිසා නොදන්නා කෙනෙක් දැන ගන්නවානම් එක විතරයි මට ඕනා උනේ.. ලිපියේ සැබෑ හිමි කරුවන්ට පරිවර්තනය කල පුද්ගලයාට.. මුණු පොතේ මේ පිලිබදව පල කල මිතුරාට තුති.....
.......................................................................................................................

මහේලගේ අපි නොදුටු පැත්ත -



වසර 3කට පෙර ,

දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය.

" කට්ටියක් අපිට වෙඩි තියනවා " ....
ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.

ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ ද

රන ආකාරය ඔහු දුටුවේය.

ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි.
" මම හිතුවා එදා මම මැරෙයි කියලා "
--------------------------------------------------------------------------------------
අද ,

වසර 30 කට අධික කාලයක් යුද්දයෙන් බැට කා ශ්‍රි ලංකාවාසීන් අද ආඩම්බරයෙන් ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය තම සුන්දර දූපතේ පවත්වයි. ශ්‍රි ලංකාව අවසාන තරගයටද සුදුසුකම් ලබා ඇත.
ශ්‍රි ලංකාවාසීන් සිනහමුසු මුහුණින් සිටියත් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ අවාසානාවන්ත සිවිල් යුද්ධය සිතින් අමතක කර නොමැත.
ඔවුන් අද ලොවටම පවසන්නෙ ඔවුන් සිටිය ආකාරත් අද සිටින ආකරයත්ය.
අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබා දුන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කල හිටපු ශ්‍රි ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසය.

යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ජනතාවට නැවත සතුටු විය හැකි ආරංචිය බොහෝ දුරට මෙම ලෝක කුසලානය වීමට ඉඩ තිබේ. එය මේ ඉරිදා තීරණය වනු ඇත.
එහෙත් ශ්‍රි ලාංකීය ජනතාව ඔවුන්ගේ ක්‍රිකට් නායකයා ගැන ආඩම්බර විය යුතුය. ඒ ඇයි ?
-------------------------------------------------------------------------------------
අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි.
එහෙත් ඔවුන්ගෙ සගයන්වත් ඔහු සමග කතා කිරීමට උත්සහ නොකරයි.
ක්‍රිස්ටිනා පමණක් ලගට වී නිහඩව සිටියි. ඒ මහේල තේ පානයට එතරම් කැමති බැවිනි. සංගා නම් පැමිණ කුමක්දෝ පවසයි.
මහේල අත් ඔරලෝසුව දෙස බලයි. තම සගයින් හා එක්වී පුහුණු වීම්
කටයුතු වලට යායුතුය.

මෙම සිදුවීම් අතර මහේල , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් හට වැදගත් දෙයක් පැවසා තිබුණි.

" මට අවුරුදු 35යි. අවුරුදු 6, 7 ඉදන් යුද්ධය කියනදේ ගැන අහ අහ ජීවත් වුනේ. මගෙ රටේ මිනිස්සු හැමෝම එහෙමයි. දැන් තියෙන්නෙ අපි හිනා වෙන කාලය. "

මහේලගෙ පාසල් මිතුරන් කිහිපදෙනෙක්ද බෝම්බ් වලට අසුවී මිය ගොස් ඇත.

--------------------------------------------------------------------------------------
 
 
 


මහේලගෙ මිතුරෙක් වන සංජීව ජයවර්ධන මෙසේ පවසයි.

" මහේල සාමාන්‍ය පවුලක කෙනෙක්. එයාට මල්ලි කෙනෙක් හිටියා දිශාල් කියලා. දිශාල්ට අවුරුදු 16 දී පිලිකාවකට ගොදුරු වෙන්න සිද්ද වුනා.
මහේලගෙ තාත්තා එයාව බේර ගන්න හැමදේම වික්කා.හැමදේම.
ගෙදර තිබ්බ බඩු පවා. එත් වැඩක් වුනේ නෑ. දිශාල් නැති වුනා. විශ්වාස කරන්න , මහේලගෙ ගෙදරට අන්තිමට ටී.වී. එකක්වත් තිබ්බෙ නෑ.
මහේලට ඉතිරි උනේ එයා හුගක් ආදරේ කරපු බැට් එකයි , සපත්තු දෙකයි විතරයි. ඊට පස්සෙ මහේලට ක්‍රිකට් ගහන්න ආසවක් තිබ්බේ නෑ.
එයා ක්‍රිකට් ගහන අත අරින්න් යද්දි යාලුවො තමයි බල කරලා පුහුණුවීම් වලට ගෙන්න ගත්තෙ."

අද මහේල යනු ලංකාවෙන් බිහිවුණ සුපිරිතම පිතිකරුවා. ලෝක ක්‍රිකට් වලත් එදා මෙදා තුර සිටි , තවමත් සිටින සුපිරිම පිතිකරුවන් කිහිපදෙනා අතර අයෙක්.

මහේල වැඩසටහන්වලට මුහුණ දීමට අකමැති තම මියගිය සොහොයුරා ගැන කතා කිරීම තරම් තවත් කටුක දෙයක් ඔහුගෙ ජිවිතේ නොමැති නිසයි.
ඔහුගෙ අලුත් මිතුරන් දිශාල් ගැන දන්නෙ ඔහු මියගිය බව පමණි.
ඔහු එම මාතෘකාව තුලදී එතරම් නිහඩය. බොහෝදෙනෙක්
නොදන්න තවත් දෙයක් තිබේ.
ඒ ඔහු යන යන තැන තම සොහොයුරාගේ පින්තූරයක් රැගෙන යන බවයි.
ඔහුට දිශාල් පින්තූරක් තුල හෝ ජීවමානව සිටිනු බව සිතමින් ඔහු සතුටු වේ.
මහේල අසරණ රෝගින්ට කරන උදව් ලංකාවෙ ජනතාවත් දන්නවාදැයි සැකයක් උපදියි.
-------------------------------------------------------------------------------------
මහේල පලමු වතාවට ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා වූ කාලයේ දිනක් සිය මිතුරෙකු සමග මළගෙදරක යමින් සිටියේය.
පොලිස් මුරපොලක් ඔවුන්ගේ වාහනය නැවත්විය. මේ සිදු වුයේ රාත්‍රියේ නිසා පොලිස් නිලධාරියාට මහේල හදුනාගැනීමට නොහැකි විය.

"උඹ කවුද කියලා කියපන් " එ මහේලගෙ මිතුරයි.
" මට බෑ " ඒ මහේලගෙ පිලිතුරයි.
" හැදුනුම්පත දෙන්න " පොලිස් නිලධාරියා පැවසුවේය.
මහේලගෙ හැදුනුම්පතේ නම සදහන් වී ඇත්තෙ දෙනගමගෙ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන යනුවෙනි.
එබැවින් පොලිස් නිලධාරියාට පමණක් නොව ඕනෑම අයෙකුට මේ මහේල ජයවර්ධනයයි එක පාරටම හදුනා ගැනීමට් අපහසුය. මහේල නිහඩවම සිටියේය.

" මම ක්‍රිකට් ටීම් එකේ නායකයා වුනාට එයා කරන්නෙ එයාගෙ ඩියුටිය. " මහේල පැවසුවේය.

ශ්‍රි ලාංකිකයනි , ඔබ නොදන්න ඔබේ ක්‍රිකට් නායකයා එවැනි චරිතයකි.

(රයිට් තොම්සන් නම් විදේශිය ලේඛකයා පලකල ලිපියක් ඇසුරෙනි./පරිවර්තනය:Elakiri.com හී සහෝදරයෙකු විසින්.)
 
හෙට  දිනයේත් 20 20 ලෝක කුසලානය මව් බිමේ නමින් ඔසවන්නට අපේ වීරයාට හැකිවේවායි එක සිතින් පතන්නෙමි....

30 September, 2012

ආදරියේ හිතට දුක් වැඩි නුබ හින්දා..

වෙලාව 7ත් වෙලා..... අද සෙනසුරාදා පන්ති තියනවා නේද නැගිටින්නේ නැද්ද? එලාම් එකත් වදිනවා ඕක ඔෆ් කරලා නැගිටින්නේ නැද්ද? අම්මා උදේ පාන්දරම කතා කළා.....

අද පන්තිත් නැ..... මොන වදයක්ද? නිවාඩු දවසකවත් නිදා ගන්න ඉඩක් නැද්ද? ම නිදි හොදේ..

එලාම් එක ඔෆ් කරලා ආයෙමත් ඇහැ පියවෙගන එනකොටම ජගමේ දුක කියන්න ගත්තා....

මේ මොන වෙඩිමක්ද......  මොකා උනත් මේ කෝල් කරන එකාගේ අද අම්මටයි තාත්තටයි නම් ඉතින් කිබුහුම් ගිහිල්ලම මැරේවි.......කියලා හිත හිත මම ජගමේ අතට ගත්තා....

වසාලා හමාරයි.............. දැන් ඉතින් මැරෙන්න වෙන්න වෙන්න වයිෆ්ගේ අම්මටයි තාත්තටයි තමා....

මොකද අදකවදාවත් නැතිව වෙන්න වයිෆ කෝල් කරන්නේ කියලා හිතනකොටමයි මීටර් උනේ අද කෙල්ල එක්ක ෂොපින් යන්න එන්න පොරොන්දු උනා කියලා...

ඕන වෙඩිමකට ලග තිබුනේ පන්ති කට් කරලා ඉතිරි කරගත්තු රුපියල් 2500ක් විතරයි....

මොන දේ උනත් මාසෙකට සැරයක් නම් අනිවාර්යෙන්ම මෙහෙම දඩයක් වදින එක සුවර් කියලා දන්න නිසාම මාසේ නොයන පන්ති දෙක තුනකත් නම් කියලා තාත්තා බොහොම අමාරුවෙන් හොයන සල්ලි වලින් වැඩි කොටසක් මගේ සාක්කුවට දාගන්නේ අනාගත ලෙලි වෙනුවෙන් කියලා දන්නවනම් මට මොනවයින් මොනවා වෙයිද කියලා මමවත් දන්නේ නැ...

දැන් ඉතින් ඕවා හිතහිතා ඉන්න එක වැඩක් නැහැනේ....

හෙලෝ..... ඔව් බබා.....

මොකද කරන්නේ තාම නිදි කුම්බරයා වගේ අත් දෙකත් කකුල් දෙක අස්සේ ගහගෙන නිදිද? මම තව විනාඩි 30යි බලන්නේ.....  නොලිමිට් එක ගාවට ආවේ නැත්නම් මම ආපහු යනවා  ආයේ ඉතින් මම ගැන හෙව්වේ නැති උනාට කමක් නැ...

අනේ ඇයි බබා එහෙම කියන්නේ මොකද ඔහොම කතා කරන්නේ..... මම තව ටිකකින් ඔතන....

හරි හරි එහෙමනම් එනවා එතකන් මම කැෆේ එකට ගිහින් මොනවා හරි කන්නම්... ඔයා ඇවිත් බිල සෙට්ල් කරලා අපි ෂොපින් යමු.......

මෙහෙමත්  කෙල්ලෙක්.... මගේම වාසනාවට තමා ඉතින් එහෙම කෙනෙක් ලැබිලා තියෙන්නේ... දැන් ඉතින් මොනවා කරන්නද මේ රුපියල් 2500න්....

අම්මේ අද පන්ති තියනවලු... පේපර් ක්ලාස් එකක්.... විභාහගයටඅනිවාර්යෙන්ම එන ප්‍රශ්න ටිකක් කතා කරනවලු....

ඉතින් එන්නකෝ පුතා අද වෙන වැඩකුත් නැනේ....

කොහේ  යන්නද එකට යන්න රුපියල් 1000ක් ඔනාලු..... මගේ ලග කොහෙද ඉතින් ඕවට සල්ලි...

එකත් එහෙමදටිකක් ඉන්නකෝ බලන්න..... නංගිගේ කරාබු දෙක උකස් කරලා ගත්තු අන්තිම රුපියල් 1000 තිබුනා ලග.... හදිසියකට ගන්න කියලා...

ඉගන ගන්න නැති සල්ලි මොනවටදපුතා.... උබ ඉගන ගෙන නංගි ගැනත් බලපන්කො...

අහ්හ් 1000ක් තියනවද ඉක්මනට දෙන්නකෝ මට යන්න ඕනා තව පය බාගෙන් පටන් ගන්නවා පන්තිය....

අද  මොනවා හරි කරලා කෙල්ලව කැමති කරගෙන යන්න ඕනා ෆිල්ම් එකවත් බලන්න....

මොන මන්ගල්ලෙටත් තියෙන්නේ රුපියල් 3500නෙ.... බලමුකෝ....

කෝ ඔයා කොහෙද ඉන්නේ තව විනාඩි 5යි මම බලන්නේ 10.30ට මට පොඩි වැඩකට යන්නත් තියනවා...

ඒ කොහෙද මම තව විනාඩි5න් ඔතන...

අම්මත් එක්ක රිලේෂන් කෙනෙක්ගේ ගෙදර....  දැනුත් මේ යන්න එපා කියනකොට ආවේ මම....

හරි  හරි ඔන්න මම ආවා....

අනේ එන්න වෙලා ගියානේ මෙතන බිල් එක නම් පොඩි ගානක් තමා රු 400ක් කියලා කිවා... බිල් එක ගෙවන්න කියනකොට කොල්ලට ඇහැක් ගහලා පොඩි ශේප් එකක් දාගෙන උන්නේ... අනේ බිල ගෙවලා එන්නකෝ... ඉක්මනට යන්න ඕනා....

පොඩි කෑම උදේ කන්න විතරක් රු 400ක් ගියහම දහවල් කමටත් ඔහොම කෑවොත් දවසට රු 1200ක් යනවා.. අර එතකොට මාමා කියපු 2000 + 500න් කන්න පුළුවන් වෙන්නේ දවස් 2කට ටිකක් වැඩියෙන් විතරනේ...

හ්ම්ම්ම්  යමුකෝ එහෙමනම්

අනේ  බබා අද නම් ගොඩාක් දේවල් අරන් දෙන්න වෙන්නේ නැතිවෙයි අතේ තියෙන්නේ දැන් රු 3000ක් විතර තමා.....

අනේ ඔයා මහා හිගන්න්නේක්නේ අනේ.. කෙල්ලට ඕන දේවල් අරන් දෙන්න බැරිනම් මොකටද යාලු වුනේ...

ඇයි රත්තරන් ඔයා ඔහොම කියන්නේ.... මට පුළුවන් හැමදේම ඔයා වෙනුවෙන් කරනවනේ...

කරනවා කරනවා ඒ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැ... හරි හරි එකක් දෙකක් හරි අරගෙන දෙනවකො..... හැබැයි ඊලඟ මාසේ මේවටත් එක්ක අරන් දෙන්න ඕනා...

හරි  බබෝ..

..............................................................................................................................................

හ්ම්ම්  වෙලාව 10.20ත් වෙලා දැන් මම යන්න ඕනා.... අම්මා බලාගෙන ඇති...

අනේ.............

අනේ නෙමේ අයේ ඉක්මනටම හම්බවෙනවනේ ඉතින් අපි... මතක් කරලා එදාට අර මම අද බලපු කිට් එක මට අරගෙන දෙන්න ඕනා හොදද?

බායි එහෙමනම් මම යනවා...

පරිස්සමින් රත්තරන්.....

................................................................................................................................................

අතේ ඉතුරු රුපියල් 10යි... එකෙන් කොහොමද බස් එකෙන් යන්නේ... දැන් ඉතින් පලයන්කෝ පයින්ම ගෙදර....

ජගමේ ආයෙත් දුක කියන්න පටන් අරන්... හ්ම්ම්ම් අමිලයා.... මොකද මේ අපතයා මේ වෙලාවේ...

මචං අමිල. ඇයි බන්....

උබ කොහෙද සුරංග ඉන්නේ....

මම මේ ගෙදර යන ගමන් බන් අමිල  ඇයි එහෙම ඇහුවේ....

නැ බන් සුරංග උබ අවුල් වෙන්න එපා මම මේ කියන දේ අහලා...

අපි දන්නවා උබ තුශාරිට බොක්කෙන්ම ලව් කියලා.....

ඔව් බන් මට කන්න නැතත් මම එකී ගැන හිතනවනේ බන්

එක තමා බන් අපිට තියන අවුල... දැන් එකී කවුද මන්දා කාර් කාරයෙක් එක්ක !@#%^^&%* හොටෙල් එකට රිංගනවා අපි සෙට් එකම බලාගෙන.......
..........................................................................................................................................................

ප.ලි  : දැන් ඉතින් ඔන්න මේක මට ආදේශ කරන්න බලාගෙන එහෙම එන්න එපා.. හොදේ.....

කතා ලියලා පුරුද්දක් නැහැනේ මට ඒ නිසා අඩු පාඩු තියනවා සුවර්.... ඒවා කියලා යන්න

ජය  වේවා..

ප.ප.ලි. : සුරංග මොනවා කරන්න ඇතිද?

ආදරේ කරනවා කියලා ගෙදර ප්‍රශ්න වහගෙන ආදරේ කරන්න ඔනාද?

ඔහොම කෙල්ලෝ ජීවිතේටඕනද/







26 September, 2012

Happy Birth day දේවා

මිට අවුරුද්දකට කලින් මම පොස්ට් එකක් දැම්මා හරියටම අද වගේ දවසක සුභ පැතුමක් අරන් එන්න ඇවිත් බලන්න ඒ මොකද කියලා....

ඒ කාලේ වගේම තාමත් මට ඒ පිස්සුව තියනවනේ.... මම මටම විශ් කරගන්න.... ඉතින් ඔන්න අද මගේ උපන් දිනේ.... දැන් ඉතින් කොල්ලට 24කුත් ඉවර උනා... තාම පොඩි කොල්ලෙක් හොදේ...

වෙනදා වගේ දිග හැලි ලියන්නේ නැ ඉතින් වෙනදා වැඩිය බලන්න නාවත් කට්ටිය මම වත් වෙන බ්ලොග් බලන්න ගියානේ,, තාම හරියට ඒ විදිහට එන්න බැරි වෙලා තියන නිසා සුබ පතන්න එන්න අය අඩු වෙලානේ...

පිස්සු හොදටම තදවී.... කෙටිම පොස්ට් එකකින් මම මටම සුභම සුභ මෙව්වා එකක් වේවා කියලා කියා ගන්නවා...

ජය වේවා

අද තනොජා අක්කිගෙත් බර්ත් ඩේ එක මම දන්නා විදිහට...... අක්කටත් සුබ උපන්දිනයක් වේවා මටත් සුභ උපන්දිනයක් වෙන ගමන්ම

මෙන්න  කේක් කළා යන්න.....


.

.


.

.


තිබුනේ  නැද්ද.............. එ කියන්නේ ඔයා පරක්කුයි... කලින් අය කළා යන්න ඇති.... හම්බුනේ නැති අය කියලා යන්නකෝ....

අපි ගියා එහෙමනම්

24 September, 2012

ප්‍රශ්න කියලා හිතන්නේ අපි ප්‍රශ්න වලටමද?

මුහුණ දෙන්න තිබුණු ගොඩාක් ප්‍රශ්න ඉවර නිසා ආයෙමත් බ්ලොග් පැතත බලන්න පුළුවන් වෙලා.. එ ගැන නම් සතුටුයි...
මොනවද මේ පැත්තේ වෙන්නේ කියන එක ගැන ලොකු අවබෝධයක් නම් නැ ඉතින්.. ටික කාලයක්ම කලේ අවාරෙට පොල් වැටෙනවා වගේ මේ පැත්ත මතක් වෙන වෙලාවට ඇවිත් මොනවා හරි ලියලා දුවපු එකනේ... ආයෙමත් කියවන්න පටන් ගන්න ඕනා කියලා හිතුනා.... ඒවා ඉතින් වැඩකට ඇති කතා නෙමේනේ...

අද කතාව.. ආ.............හා මම පටන් ගත්තානේ ජිවිතේ සතුට සොයන් ලිපි පෙළක් එකක් නම් ලීවා කලින් සල්ලි ගැන....
අද  ඉතින් එකේ දෙවෙනි කොටස......

දැන් ඉතින් සමහර අයට හිතෙන්න පුළුවන්නේ ඉතින් දැන් මේ අපිට පොරටෝක්ස් දෙන්නේ හැම වෙලේම සතුටෙන්ද ඉන්නේ කියලා...

අනේ නැ මමත් ඉතින් සතුට හොයන් යනවා...

මට හිතෙනදැනෙන දේවල් තමා මෙ ලිපි පෙලෙන් ලියවෙන්නේ,

අද ලියන්න යන දෙ නම් ඉතින් නොතිබුණු කෙනෙක් ඉන්නවානම් ඉතින් ඒ කෙනා අද ඉපදුන කෙනෙක් වෙන්න ඕනා...

ප්‍රශ්න...

ජීවිතේට මොනම හරි ප්‍රශ්නයක් ආවේ නැති කෙනෙක් ඉන්නවද..... ඉතින් අපි මොනවද මේ ප්‍රශ්න ආවහම කරන්න ඕනේ... එ ගැන මම කියන්න යන්නෙත් නැ... ගොඩාක්.....

පුංචි ෆොටෝ එකක් හැබැයි ගොඩක් වටිනා අදහසක් තියන මමත් ගොඩාක් බලන අදහස් ටිකක් මෙතනට එකතු කරන්නම්...


ඇත්තටම හිතලා බැලුවොත් අපේ ජිවිත වලට ප්‍රශ්න කියලා අපි හිතන ගොඩාක් අවුල් වෙන සමහර විට ජීවිතෙන් පවා වන්දි ගෙවන දේවල් අපි අපේ කර ගත්තට අපට අදාළ නොවන ප්‍රශ්නයක්...

ලෝකේ තියන හැම ප්‍රශ්නයක්ම අපේ කරගන්න ගියොත් නම් ඇත්තටම අපිට කවදාවත් සතුටින් ඉන්න ලැබෙන එකක් නැ....

ගොඩාක් ප්‍රශ්න වලට හොදම විසදුම කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න එක තමා..... කාලය ඕනෑම ප්‍රශ්නයකට විසදුමක් දෙනවා කියන එකමම නම් අත්දැකීමෙන්ම විශ්වාස කරනවා...

ප්‍රශ්න නැති ජීවිතය හරියට පරිප්පු නැති හෝටලයක් වගෙ කියලාත් කියනවානේ...

ප්‍රශ්නත් ඕනා ජිවිතයට... එත් අපි දන ගන්න  ඕනා කොහොමද අපි ඒ ප්‍රශ්න වලට විසදුම් හොයා ගන්නේ කියලා..

ප්‍රශ්න වලින් පැනලා යන්නෙත් නැතුව මුහුණ දෙනවා කියන්නෙත් ඇත්තටම ගොඩාක් සාර්තක ජයග්‍රහණයක්....

සමහර  ප්‍රශ්න පටන් ගන්නේ අපේම වරදින් කියන එක අපි තේරුම් ගන්නවානම් අපිට පුළුවන් වෙනවා ගොඩාක් ප්‍රශ්න වලට විසදුම් හොයා ගන්න....

ප්‍රශ්න වලට ඔයාලා කොහොමද මුහුණ දෙන්නේ කියලා කියලා යන ගමන් පහල අහලා තියලා දෙයටත් උත්තරයක් දීලාම යන්නකෝ...


අපිට තියන ප්‍රශ්න මොනවද කියලා හිතෙනවා නේද මේවා දකිනකොට.....

දැන් ඉතින් ගොඩාක් දෙනෙක්ට තියන ප්‍රශ්නේ කොල්ලෙක් නැති එක කෙල්ලෙක් නැති එක නේද?

 ඔන්න  මේක ඔයාලට ගැලපෙන විදිහට අදාළ කර ගන්න...

 ඇත්තටම බලනකොට එකත් බලන්න තරම්ලොකු ප්‍රශ්නයක් එහෙම නෙමේ නේද?



ඇත්තම අපි ප්‍රශ්න කියලා හිතාගෙන ඉන්න ඒවා ලොකු ප්‍රශ්නත් නෙමේනේ... ජිවත් වෙන්න තියන පුංචි කාලේ ප්‍රශ්නත් එක්ක විතරක් ඉදලා හරියන්නෙත් නැනේ....

ප්‍රශ්න ගැන කතා කරමු තව ඉස්සරහටත්....

ගිහින් එන්නම් ජය හා සතුට....

අහ්හ්හ්හ්හ්හ් තව ඩින්ගෙන්  අමතක වෙනවා.... ඔන්න වැදගත් දවසක් ලග එනවා... ඔයාලට නෙමේ අනේ මට.. මගේ උපන්දිනේ... ඔන්න ඉතින් මේ වෝල් එක පැත්තෙවත් එන්නකෝ ඔය ලග එන 26 වෙනිදාට...

ඔන්න  පාටි ඕනා කියලා නොකියා කෝල් එකක් එහෙම දීලා මේ පැත්තේ ඇවිත් යනවා නම් මම පාටි දෙන්නම් හොදද?


12 September, 2012

ජිවිතේ සතුට සොයන්....... සල්ලි

ජිවිතේ  සතුට සොයන්..................... ආරම්භය....

ජිවිතේ අපිට අපි හිතන විදිහටම ගෙවන්න පුලුවන් නම් කොයි තරම් අපුරුද කියලා නොහිතුන කෙනෙක් ඉන්නවානම් ඒ මේ මොහෙතේ ඉපදුන කෙනෙක් විතරක්ම වෙන්න ඕනා.. අපි හිතන විදිහට අපි කැමති විදිහකට ජිවත් වෙන්න අපි කොයි තරම් ආසයිද?

අපි හිතනවා අපිට යාන වාහන සල්ලි පොදි බැදන් ඉන්න තිබුනනම් කොයි තරම් හොදද කියලා.. ඒත් අපි කියෙන් කි දෙනාටද එහෙම සැපක් ලැබෙන්නේ....... සල්ලි තියනවානම් මොනවද කරන්න බැරි කියලා හිතන අය  කොයි තරම්ද කියලා බැලුවොත් ජිවත් වන ප්‍රමානයෙන් 90%කටත් එහා ප්‍රමාණයක් ඉන්නවානේ......

ඉතින් ඔය සල්ලි වලට ඔය තරම් දෙයක් කරන්න පුලුවනිද?

මගේ රාජකාරි ජිවිතේ නිතරම මට මුන ගැහෙන අය අතරේ ගොඩාක්ම ඉන්නේ ඔය අපි පතන සල්ලි කාර මිනිස්සු වගේ ඉන්න පුලුවන්නම් කියන වගේ ජිවිත.....

ඒත් අපි හිතන සල්ලි තිබුනානම් මරුම තමා කියන ආකල්පයෙන් එයාලා ජිවත් වෙනවා කියලා හිතනවද?

දවසකට  තමන්ගේ ගිනුමට රුපියල් 100000ක් දාන කෙනෙක්ගේ හිතේ සතුටට වඩා සතියකට සැරයක් තමන්ගේ ගිනුමට රුපියල් 1000ක් දාන ගනුදෙනු කරුගේ හිතේ සතුට වැඩි කියල හිතෙන වෙලාවල් වගේම ගොඩාක් අය එක්ක කතා බහ කරන නිසා මම දන්නවා ඒ මම හිතන දේ ඇත්තක් තියනවා කියලාත්....



මෙතන උනත් ඇති  දවසකට රුපියල් ලක්ෂ 7,8ක්  එක්ක ගනුදෙනු කරන අය...  සල්ලි වලින් විතරක් ඔයාලාගේ ජිවිත වලට ඕන කරන සැනසීම ලැබිලා තියනවද? 100%කමවිශ්වාසයෙන් කියන්න පුළුවන් සල්ලි වලින් විතරක් අපේ ජිවිත වලට ඕනැ කරන සතුට සැනසීම.... වගේ කිසි දෙයක් හැමදාම තියාගන්න බැ...

සල්ලි කාර අය හිතේ හැමවෙලේම ගොඩාක් බයකින් ජිවත් වෙන්න තමයි ජිවිත හැදිලා තියෙන්නේ.... අපි මේ තැනින් පහලට වැටුනොත් මොකද කරන්නේ... මේ සල්ලි කොහොමද පරිස්සම් කරගන්නේ.... මොනවද අපි මේවට කරන්නේ..... කොහොමද අපි ආරක්සා  වෙන්නේ.... කාවද විශ්වාස කරන්නේ.. කාවද අපි ආශ්‍රය කරන්නේ... ඔය වගේ දාහක් ප්‍රශ්න

තමන්ගේ ආර්ථීක තත්වේ ගොඩාක් හොද තැනක තියන එක පුද්ගල වශයෙන් වගේම රටේ  ආර්ථික තත්වය සලකන කොටත් ගොඩාක් හොද දෙයක්.

එත් මම මෙතන කිවේ නම් සල්ලි වලින් හැම දෙයක්ම නම් කරන්න බැ.. අපි හිතන පතන හැම දේම කරන්න බැ කියලා තමයි..

ජිවිතේ අපි කවුරුත් ආසයි ලස්සනට ජිවත් වෙන්න  හැබැයි  සල්ලි වලට විතරක් මුල් තැන දෙන්න ගියොත් අපිට ජිවිතේ විදින්න නම් නෙමේ විදවන්න වෙන්න පුළුවන් ඉඩ වැඩියි...

සල්ලි  නිසා යාළුකම් නැති වෙන තැන් උනත් අපි මේ බ්ලොග් අවකාශයෙන්ම දෑකලා තියනවානේ..

ජිවිතේ සතුට සොයන්..... ලේබල් එක යටතේ ලිපි ටිකක් (මාසෙකට එකක් විතර වගේ) ලියන්න හිතුනා....

එ වගේම කීප දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුනා කරන රැකියාවේ (බැංකු ) රහස්‍ය නොවන එත් බැංකුවකටම ගිහින් තොරතුරු හොයා ගන්න වෙන (ලෝන් වගේ ) දේවල් ගැනත් ටිකක් ලියන්න කියලා.... එ ගැනත් පොඩ්ඩක් ලියන්න කියලා ..... එහෙම ලියනවට කැමැත්තක් ඒ ගැන තොරතුරු  ඕන අයත් ඉන්නවා නම් කියන්නකෝ.....

ජිවිතේ  කියන්නේ සල්ලිම නෙමෙ නම් මොනවද ජීවිතේට වැඩියෙන් වටින්නේ.................ඊලඟ ලිපි වලින්....
ලිපි පෙළක් ලියන මුල්ම වතාව... එකත් බ්ලොග් අවකාශයෙන් ටිකක් ඇත වෙලා ඉදලා  ආයෙත් ලියන්න පටන් අරගෙන....


07 September, 2012

රැවුලක් ඕනමද? කොහොමද මෙහෙම තිබුනොත්



ඉතින්.... ආයෙමත් පරණ තාලෙට...... හැබැයි ඉතින් ඊටත් වඩා ටිකක් වෙනස් වෙයිද කියලාත් කියන්න බැ.

ඒවා  ඕනේ නැ ඉතින්.... කාලෙකට කලින් බ්ලොග් අවකාශේ  ටිකක් ගැහැනු ළමයි  ගැන ඒ අය කැමති දේවල් කරන දේවල් ගැන එහෙම පොස්ට් ලියවුනානේ.... වෙනදා වගේ බ්ලොග් ගෙන කිසි අප්ඩේට් එකක් නැති නිසා තාමත් ලියවෙනවද කියලා මම දන්නෙත් නැ... ඉක්මනටම පරණ බ්ලොග් තිබුන තත්වෙටම එනවා නම් ගොඩාක් හොදයිනේ...

ඔය අතරේ පිරිමි අය ගැන ලියවුනු ගොඩාක් පොස්ට් වල ලියවුනේ කොල්ලන්ගේ වැරැදී වගේ ඒවා විතරයි... අඩුම තරමේ කොහොමද කොල්ලෝ කියන එක ගෙන පුංචි සටහනක් වත් මම නම් දෑකලා නැ...

ඉතින් මම හිතුවාටිකක් ඒ ගෙන කතා කරන්න....

කොල්ලෙක් උනහම රැවුලක් ඕනමද?
ගොඩක් දෙනෙක් නම් දැන් ඉතින් ඔය රැවුල වවාගෙන ඉන්නේ නැනේ..
දැන් රැවුල වවාගෙන උන්නොත් අහන්නේ මොකද ඔය ජුතක බමුණා වගේ කියලා...
 එයාට කොයි තරම් රැවුල තිබුනද කියලා බලාගන්න මම එ කාලේ උන්නේ නැනේ. සමහර අයට රැවුල නතුවහම මුනට හරි නැ.. සමහර අයට රැවුල මුනට තිබුනහම හරි නැ.. මොනවා උනත් ඉතින් එක තීරණය කරන්න පුළුවන් තමන්ටම...
රැවුල එහෙම කපලා පිලිවලකට ඉන්න එකත් හොදයිනේ... එ කොහොම උනත් ඉතින් සමහර අය ඉන්නවා කොන්ඩේට වගේම රවුලටත් එක එක මෝස්‌තර දාන අය...
රැවුල වවාගෙන ඉන්න අය... තාම රැවුල නැ කියලා එනකන් බලාගෙන ඉන්න අය , එහෙමත් නැත්නම් මහත්තයාගේ , වෙන්න මහත්තයාගේ , හිතේ ඉන්න කෙනාගේ හරි මේ තියන මෝස්‌තර වලින් රැවුලක් මැච් කරගත්තනම් හොදයි නේද?
හරිද මන්දා  අහලා තියන විදිහට ඒබ්‍රහිම් ලින්කන් ජනාධිපති  තුමා උනත් ජන්දේ දිනලා තියෙන්නේ රැවුල වවාගෙන පෙනුමට හිටපු කාලේ කියලා මම අහලා තියනවා.... එක හැම රටටම අදාලද මන්දා...