ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

06 February, 2012

ඔයාලත් වැලන්ටයින් සමරන්න නම් ඉන්නේ මේකත් බලන්න

වැලන්ටයින්....

තව සතියකින් විතර ඔය දවස උදාවෙනවානේ.... එහෙම ලොකු දෙයක් ඒ දවස ගැන කතා කරන්න නම් මට නැ.. ඒත් ඔය වැලන්ටයින් කියන කවුද හින්දා පටන් ගත්තු දෙයක් කියලා තමයි මම අහලා තියෙන්නේ.. හැබැයි එයා ප්‍රේමයෙන් පරාජිතයෙක් කියලා වගේද මන්දා මට මතක.. ( අනේ වැරදි නම් කියන්න හොදද?)

කොහොමත් ලොකේ වගේම ලංකාවේත් පෙබරවාරි 14 කියන්නේ පෙම්වතුන්ගේ දිනය කියලා කියනවානේ..

පෙම්වතුන් ගේ දිනය පෙබරවාරි 14........ ඇයි ආදරේ කරන අයට එක දිනයක් විතරක්... මට ඕක ඔය හැම දිනයකදිම එන ප්‍රශ්නයක්...

ලෝක ළමා දිනයක්... ළමයින්ට එක දිනයක් විතරද ඕනේ... ලෝක ගුරු දිනය,.. මත් ද්‍රව්‍යය විරෝධි දින.. ඕවා ඔක්කෝම එකක් විතරක් ඇයි... ඔය දින හැමදාම තියනවා කියලා හිතන්න ඕනනේ..

කෝ ඉතින් එහෙම කිවා කියලා ඕවා වෙනස් වෙන්නේ නැනේ..

දවස් 7,8ක් මේ පෙම්වතුන්ගේ දිනය ගැන දාන්නේ... මට ඒක ඒ තරම් අදාල නැති උනත් බ්ලොග් ලෝකේ ඉන්න ලස්සන අදරවන්තයන්ගෙන් පර්ස් එක ගැන හිතලයි..

මම නම් ඇත්තටම ඔය කියන පෙම්වතුන්ගේ දිනයක් සමරලා නැ.... ඇත්තටම ඒක වෙලෙන්දාගෙ දිනයක් විතරයි..

ඔය දිනයක කි දාහක් පෙම්වතුන්ගෙන් මුදල් හුර ගෙන කනවද අසාධාර විදිහට,

හැම පැත්තේම එහෙමද කියලා මම දන්නේ නම් නැ..

ඒත් එදා දවසට ගන්න රෝස මලක්... චොකලට් එකක් මොන තරම් ගනන්ද?

අනිත් බඩු ඊටත් වඩා ගනන්...

අනිත් දවස් වල රුපියල් 50ට ගන්න පුලුවන් රෝස මලක් එදා දවසේ අලෙවි වෙන්නේ රුපියල් 500ට..

රුපියල් 250ක චොකලට් එකක් රෝස මලත් එක්ක ගිය පාර මගේ යාලුවෙක් රුපියල් 1000කට ගත්තාලු...

ඇත්තටම එහෙම සමරන්න ඕන දවසක්ද?

මම නම් හිතනවා ඇත්තටම ආදරේ කරන අය ඔය දිනය ඒ තරම් දුරට ගනන් ගන්නේ නැ.. මොකද එහෙම අයට එක දවසක් විතරක් විශේෂ වෙන්නේ නැහැනේ..

කොහොමත් මම මේ පොස්ට් එක දැම්මේ ආදරේ කරන ආදරේ විදින ඔයාලා මේ කියන පෙම්වතුන්ගේ දිනය සමරන්න හිතාන ඉන්නවානම් අනිවා මේ සතියෙම පෙම්වතාට පෙම්වතියට දෙන දේවල් අරගෙන තියා ගන්න...

පෙම්වතුන්ගේ දිනයක් ඇති උනේ කොහොමද?

ඇත්තටම කොහොමද සමරන්න ඕනේ කියලා දන්න කියන අය කියලා යන්නකෝ...

විශේෂ කොට ලියමි (වි.කෝ.ලි) :කවුරු හරි එහෙම පෙම්වතුන්ගේ දිනය සමරන්න කෙනෙක් නැතුව ඉන්න ගැහැනු ලමයි හොරෙන් කියන්නකෝ මටත් සමරන්න විදිහක් නැතුව ඉන්නේ.. අපි සමරමුකෝ...

**************************************************************************

මේක අහුල ගත්තේ ෆේස් බුකියෙන්

ඔබ අවංකව ආදරය කරන ඔහු/ඇය ඔබෙන් කෙමෙන් කෙමෙන් ඈත් වන බව හැගෙනවාද? ඔබව හැර යන බව ඔබට දැනෙනවාද?
ඔහුට/ඇයට යන්න දෙන්න

ඔහුට/ඇයට ඔබත් සමග සිටීමට ,ඔබට ආදරය කිරීමට,ඔබට නිතරම ඇමතුම් ලබා දීමට,ඔබ පිලිබදව සැලකිලිමත් වීමට බල කිරීමෙන් පලක් නැත.
ඔහුට/ඇයට යන්න දෙන්න.

ඔබව වරක් හැර දමා යන කෙනෙකුන් සමග ඔබේ දෛවය බැදී නොමැත,
ඔහු/ඇය ඔබව හැර දමා යන්නේ ඔබත් සමග ඔහුගේ/ඇයගේ බැදීමක් නොමැති හෙයිනි,
ඔබ කෙරෙහි බැදීමක් නොමැති අයෙකු බලෙන් රදවා ගැනීමේ අර්ථයක් නැත,හැකියාවක්ද නැත,
එම නිසා ඔහුට/ඇයට යන්න දෙන්න.

ඔබව හැර දමා යන ඔහු/ඇය නරක පුද්ගලයන් ලෙස නොසිතන්න,
ඉන් අදහස් වන්නේ ඔබේ ජීවන කථාවේ ඔහුගේ/ඇයගේ භූමිකාව අවසන් බවයි,
ඔබගේ ජීවන කථාව තුල යමෙකුගේ භූමිකාව අවසන් වන විට එය ඔබට වැටහිය යුතුය,
එවිට ඔබට ඔහුගෙන්/ඇයගෙන් ඔබව හැර දමා නොයන ලෙස ඉල්ලා සිගමන් යැදිය යුතු නොවේ,නව ජීවිතයකට මුල පිරිය හැකි වේ.


*************************************************************************


ආදරය සැබැ ලෙසම විදින සැබැ පෙම්වතුන්ට සුබම සුභ පෙම්වතුන්ගේ දිනයක්ම වේවා...

වි.කො.ලි : අනිවාර්යෙනම් දෙන දෙයක් ගන්න එදා උදේ වෙනකන්ම ඉන්න එපා... ටිකක් දවස් තියලා අරගන්න..

අර කියපු අය ඉන්නවා නම් මට කියන්න,




104 comments:

  1. මෙහෙම දවසක් තිබුනේ නැත්තං ලවර්ස්ලට තැනක් නෑ නේ....මෝඩයගේ දවසත් තියෙන එකේ මේක අනිවා තියෙන්න ඕනේ දෙයක්.....

    ReplyDelete
    Replies
    1. අනේ අයියා.. මේහෙම දවසක් විතරක් නැතුව හැමදාම වැලන්ටයින් උනොත් ශෝක්නේ

      Delete
    2. හික් හික් අපිටනං ඉතින් හැමදාම වැල ඉන් ටයින් තමයි මලේ.....

      Delete
    3. අලේ අෆ්ෆා............. අපිට නම් ඕවා තේරෙන්නේ නැ.. හිකිස්

      Delete
  2. අපි නොසමරන, හැමදාම සමරන වැලන්ටයින්...

    හැමදාම ආදරෙන් ඉන්න අයට අමුතු දින අනවශ්‍යය..

    ReplyDelete
  3. අමතක වුනා දේවා.. මගේ බ්ලොග් රෝලට දාගත්තෙ අද බං.. කලින් මිස් වුනා.. සොලි.. :)

    ReplyDelete
  4. //විශේෂ කොට ලියමි (වි.කෝ.ලි) :කවුරු හරි එහෙම පෙම්වතුන්ගේ දිනය සමරන්න කෙනෙක් නැතුව ඉන්න ගැහැනු ලමයි හොරෙන් කියන්නකෝ මටත් සමරන්න විදිහක් නැතුව ඉන්නේ.. අපි සමරමුකෝ...//

    මේ තියෙන්නේ නියම වැලැන්ටයින් දින කතාවක්...හී හී...

    ReplyDelete
    Replies
    1. මටත් සමරන්න විදියක් නැතුව ඉන්නේ.....

      Delete
    2. මටත් විදිහක් නෑ සමරන්න. :)

      Delete
    3. @ පොඩි කුමාරිහාමි : බැරිද හොයලා දෙන්න

      Delete
    4. @ ඔබ නොදු‍ටු ලොවක් : මේ නම් තනිකර බොරු

      Delete
    5. @ මධුරංග : ආ............ ඒ මොකෝ.....

      Delete
    6. මටත් සමරන්න කෙනෙක් නැහැ අෆ්ෆා :(

      Delete
    7. @ නොසිතු අයෙක් : බලාගෙන යනකොට සමරන කෙනෙක් ඇත්තෙම නැ වගේ

      Delete
  5. වැලන්ටයින් ගැන මම ලියපු ලිපියක් තියෙනවා..ඒක බැලුවොත් කවදා කොහොම පටන් ගත්තු එකක්ද කියලා හොයාගත්තැකි..

    මෙතන දාන්න ඕනෑ කමෙන්ට් මම එතන කියලා තියෙන නිසා මෙතන කියන්නෙ නෑ..

    මෙන්න පාර

    http://dreamsofharee.blogspot.com/2011/02/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් ලොකු උදව්වක්... එන්නම්කෝ ඒ පැත්තේ

      Delete
  6. වි.කො.ලි : ???

    ReplyDelete
  7. මාත් ඉන්නෙ ඔයාගෙ මතේම තමා මල්ලි අනික් දිනයන්නම් තිබ්බත් කමක් නෑ.ඒවගෙදි බොරු වැඩ වැඩිය නෑ නෙ.මේ පෙම්වතුන්ගෙ දවසෙදි කරන්නෙ එයාලව හූරගෙන කන එකනෙ...

    දැන් කී දෙනෙක් ඔයාට හොරෙන් ඔයාට වැලන්ටයින් සමරන්න එන්නම් කිව්වද????

    ReplyDelete
    Replies
    1. ඔන්න අක්කේ ඔයාත් අහු වෙන්න එපා.. කොහොමත් ඔහොම තමා හිතන්න ඕනා,,

      අක්කා හිතන්නේ කියක් විතර ඇතිද?

      Delete
  8. දිනේ නම් ඇති වැරැදදක් නැ , වෙලෙන්දන්ගේන් උපක්‍රම වලට අහුවෙන නොවෙන එක තමන්ගේ වැඩක් , වෙසක් එකත් වෙලෙන්දො අනුභව කරන එක වැලා ඩේ එක අතහරියිද .

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් ඒවා අපේ ආදර වන්තයෝ තේරුම් ගන්නේ නැනේ...

      වෙසක් එකටත් එහෙමම තමා නේද?

      කාලෙකට කලින් ඔය රුපවාහිනි චැනල් ටිකක් තමා ලෙඩේ පැතිරෙව්වේ

      Delete
  9. ආහා! පට්ට ලියුම! උඹ තමයි ඇත්ත කිව්වේ! හිකිස්!

    ReplyDelete
    Replies
    1. අඩේ තැන්කු බන්..... හිකිස්.... ඔන්න අහු වෙන්න නම් එපා

      Delete
  10. අනේ අපිත් ඕක සමරලා නම් නැහැ අද වෙනකන්...:)

    ReplyDelete
    Replies
    1. අක්කා සමරන්නකෝ එහෙමනම් මේ පාරවත්

      Delete
  11. වෙසක් එකට බුදු හාමුදුරුවෝ විකුනනවා, නත්තලට නත්තල් සියවයි ජේසු තුමාවයි විකුනනවා, තුන්සිය හැටපස් දවසෙම අපි අපිවම විකුනනවා. ඉතිං ඔය හැම එකක්ම විකුණන, විකිනෙන එකේ ඒක දවසක් ආදරේ විකුණන් කෑවම මොනවා වෙනවද බං. ඔය තෑගී දෙන්න තියෙන දෙයක් ඊට කලින් දවසක අරගන තියාගත්තනම් එදා දවසේ වෙලාවත් ඉතුරුයි පර්ස් එකටත් වාසියි......

    //.... කවුරු හරි එහෙම පෙම්වතුන්ගේ දිනය සමරන්න කෙනෙක් නැතුව ඉන්න ගැහැනු ලමයි හොරෙන් කියන්නකෝ මටත් සමරන්න විදිහක් නැතුව ඉන්නේ.. අපි සමරමුකෝ...//

    ReplyDelete
    Replies
    1. ඔය රෙප් කෙනෙක්ම කියලා තියෙන්නේ. ආයේ ඉතින් කවර කතා ද
      සහතික ඇත්ත කතාව මචං !

      Delete
    2. @ රෙප් මහත්තයා : අන්න ඒක තමා මමත් කියන්නේ.... කලින් ගත්තා නම් වැඩේ
      ගොඩ...

      අත් දැකිම්ද කිවේ

      Delete
    3. @ මධුරංග : අනිවා අයියේ

      Delete
  12. වැලන්ටයින් කියන්නේ කවුද කියලා හරිගේ හිතනලන්තයෙන් හරි කියලා තිබුනා මට මතකයි.

    මට හිතෙන විදිහට ආදරවන්තයන්ට, දෙමවුපියන්ට, ළමයින්ට දිනයක් වෙන් කරලා තියෙන්නේ බටහිර ටරවල් වල තියෙන කාරයබහුල බව නිසා අඩුම තරමේ ඒ දිනයටවත් ඒ අයව සිහිපත් කරන්න ඒ දිනයේ සමරන්න කියලා බල කිරීමක් හැටියට !!!!!

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට තැන්ක්ස් වගේම....

      බටහිර හැමදේම තාම ලංකාවට ගැලපෙන්නේ නැනේද අයියා

      Delete
    2. එහෙමනම් ඔන්න තැන්ක්ස් මධු අය්යා

      Delete
  13. කෙල්ලට මොනවම හරි අරන් දෙන්න ඕන නම් ඒ වගේ දවස් අල්ලල කෙල්ල එක්ක හොඳ වලියක් දාගත්ත නම් මක්කවත් අරන් දෙන්න ඕන නෑනෙ.....:D

    අදයි ආවෙ ඔන්න...ජය වේවා...!!!!!

    ReplyDelete
    Replies
    1. මේ නම් තනිකර අත්දැකිම්ම තමයි... මට ශුවර්..

      තැන්ක්ස් යාලුවා.... දිගටම එන්නකෝ

      Delete
  14. හික් හික් හික්.....
    "කවුරු හරි එහෙම පෙම්වතුන්ගේ දිනය සමරන්න කෙනෙක් නැතුව ඉන්න ගැහැනු ලමයි හොරෙන් කියන්නකෝ මටත් සමරන්න විදිහක් නැතුව ඉන්නේ.. අපි සමරමුකෝ..."

    අනේ බොල අයියේ....මේ වැලන්ටයින් ගැන බොරුවට දාලා මෙයා කෙල්ලෙක් සෙට් කරගන්නයි ට්‍රයි එක.....මෙහෙමත් කපටියෙක්.....

    ReplyDelete
    Replies
    1. කැ ගහන්න එපා බන් නංගියේ...

      Delete
  15. කැ නොගහ කොහොමද....හික්ස්.....දැන් කෙල්ලෝ කියක් හොරෙන් හා කීවද.....?

    ReplyDelete
    Replies
    1. එහෙම කැගන්නේ ඇයි අෆ්ෆා... අපි පවුනේ....

      හිකිස්..... අම්මෝ...

      Delete
  16. එහෙම දවසක් ගැන මතක් වුනේ මේ ආර්ටිකල් එක දැක්කම.
    මට නම් හැමදාම වැලන්ටයින් තමයි.. ජයවේවා...

    වි.කො.ලි
    නැ නැ කිය කියා ඉන්න අය තමයි ඉතින් මහා රෑ 12 පහු වෙනකොටම කෝල් කරලා විශ් කරන්නේ ඕන් :p

    ReplyDelete
    Replies
    1. ඔය කිවේ අක්කා ගැන මයි නේද?? ඕකේ... ඔකේ... එහෙම තමා ඉන්න ඔනේ.. අපි ඉතින් බලාගෙන ඉන්නම්කෝ

      Delete
  17. මාකටින් තමයි. හැම දිනයක්ම මොනවහරි දෙයක් විකිනීමට යොදාගන්නව. පහුවෙනිදට ගානක්වත් නෑ. ලගදි මම පත්තරේක දැක්ක "මේ උත්සව සමයේ..." කියල. මම කල්පනා කලා මොකද්ද උත්සවේ කියල, නත්තල් ඉවරයි අවුරුද්ද ඉවරයි.... මට කල්පනා උනේම නෑ. ‍එහෙම එකක් තියනවද මේ දවස්වල?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....................

      මාත් කල්පනා කලා.. මතක් උනේම නැනේ අයියා.... මේ වැලන් ගැනද දන්නේ නැ කිවේ නේද??

      Delete
  18. අලේ.. මටත් සමරන්න විදියක් නෑ. හැබැයි තාම මම පොඩි වැඩිද මන්දා. ඕලෙවල් කරා විතරයිනේ.

    ReplyDelete
    Replies
    1. අනේ පොඩි මල්ලියේ..... එහෙමනම් දැන්ම ඕවා ගැන හිතන්න එපා බන්... තව වයස තියනවානේ..

      අදමයි දැක්කේ...

      Delete
  19. කනියා කල සමීක්ශනයක්

    අවුරුද්දකට කොල්ලෙක්ගේ පර්ස් එකට හරියටම දැනෙන්න කෙලවෙන දවස් 3ක් තියනවා

    1 වැලා ඩේ
    2 ඇනිවෙර්සරි
    3 කෙල්ලගේ බර්ත් ඩේ එක

    විසදුම:පෙබරවාරි 14 ඉපදුන කෙල්ලෙක්ව පෙබරවාරි 14 වෙනිදා යාලු කරගත්තනම් කොල්ලා ගොඩ.

    3 ඉන් වන් කියලා 3ම එකට දුන්නාම හරි ;)

    ReplyDelete
    Replies
    1. පෙබරවාරි 14 වෙනිදා ඉපදිච්ච කෙල්ලෙක්ව හොයගත්තා කියමු. ඒකි කවදට හා කියයිද කියලා ඒකිගේ ඉහේ ඉන්න උකුණාවත් දන්නේ නැතුවැති !!

      Delete
    2. යකෝ මු හොයාගන්න දේවල්...... දැන් ඉතින් කෙල්ලන්ගේ උපන්දින හොයපල්ලාකෝ.....

      අලේ............ එහෙම අය ඉන්නවද දැන්

      Delete
    3. @ මධුරංග : ඒ කියන්නේ කෙල්ලෙක්ව හොයා ගත්තද අයියේ...

      Delete
  20. mewa mehema samaranna one na adaren hitiyama ati eka dawasak witarak adare karala pennanawata wada hamadama punchi punchi dewal walin tamange kellata adare pennanna pluwannam eka godak watinawa....kellekwa sathutu karanna dahas ganan salli one na adaren katha karana eka wachanayak punchima punchi taaggak nattam lassana kaviyak hodatama ati kiyalai mama hithanne....

    ReplyDelete
    Replies
    1. aniwaaa saho.... eka nam aththa yaluwaa... ehema deyak uanath godak watinawa adareydi...

      sathutuyi yaluwaa

      Delete
  21. //මම නම් හිතනවා ඇත්තටම ආදරේ කරන අය ඔය දිනය ඒ තරම් දුරට ගනන් ගන්නේ නැ.. මොකද එහෙම අයට එක දවසක් විතරක් විශේෂ වෙන්නේ නැහැනේ..//

    සම්පූර්ණ ඇත්ත මලේ... ඒ වගේම අර අන්තිමට කියාපු ටිකත් මල් මසුරං !!!

    ඇත්ත ආදරයක් තද කරලා, බන්දලා තියාගන්න වෙන මොන නීතියක්වත් ඕනේ නෑ...
    එකම දේ, විස්වාසය පමණයි...!!!

    දවස් 364 ක්ම තමන්ගේ සහකරු / සහකාරියට එක පාරක්වත් “මම ඔයාට ආදරෙයි“ නොකියපු අය වැලයිටයින් එකට අළුතෙන් ආදරවන්තයන් වෙනවා... එක අතකට එහෙම දවසක් වෙන් කරපු එකත් හොඳයි... මොකද නැත්නම් අපේ උදවියට ආදරෙත් අමතක වෙනවනේ... :P:P:P

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ... ජිවිතේ ආදරේ කියන්නේ අමුතුම දෙයක්......

      මට ඒ ගැන කතා කරන්න තේරෙන්නේ නැ අයියා...

      එත් මම දන්නවා අයියේ අයියාත් නොනිත් ගොඩාක් ආදරෙන් ඉන්නවා කියලා ඒ හින්දා ඔන්න මමත් දෙන්නටම සුභ පතනවා.. අනිත් එක අක්කට එහෙම ආදරේ අමතක වෙන්නේ නැ මම ඒක දන්නවා..

      අනිවා විශ්වාසේ නම්බර් 1

      Delete
  22. ඇත්තටම ආදරේ කරන අයට "ඩේ" ඔනෑ නැත...

    ReplyDelete
    Replies
    1. ඩේ නෙමේ වන් ඩේ ඕනා නැත නේද බිටා

      Delete
  23. හිහි.දේවක අය්යා හරිම කපටියි නෙ බලන් ගියාම.වැලන්ටයින් එකත විතරක් ආදරෙන් ඉදල අනිත් දවස් වලට රන්ඩු වෙනවනම් එතන ආදරේ තියෙද?අනික එදාට විතරක් ප්‍රසන්ට් එකක් දීලා වැඩක් නෑ.නිතරම පොඩි හරි ප්‍රසන්ට් එකක් දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්ට් නම් දෙන්න බැරියේ ඕන තරම්...

      හැමදෙයකදිම වටින්නේ ආදරේ කියන එකයි මම හිතන්නේ නම්...ඔය හැම අනිත් දෙයක්ම ඊට පස්සේ...

      Delete
  24. ඇත්ත අඅදරේ එක දවසකට සීමා කරන්න ඕනෙ නම් නෑ.. හැබැයි හැමදේම මාකට් වෙන ලෝකෙ, ආදරේ කරන අයත් මාකට් නොවුනොත් තමා පුදුමෙ..:D

    ReplyDelete
    Replies
    1. ආදරේ මාකට් නොකර ඒ ආදරේට ගරු කරනවානම් ආදරේ වෙනුවෙන් කැප වෙනවානම්... ඉති ඔය කොයි තරම් මාකට් වෙන ලෝකෙක උනත් ලස්සනට ඉන්න පුලුවන්

      Delete
  25. හොඳටම හිතට දැනුනා. ස්තූතියි මේක ලිව්වට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පුන්චි කුමාරිහාමියේ.......

      Delete
  26. මේ ගෙවුන කාලෙටම වැලන්ටයින් එක මම සමරලා නෑ.. ඒ මොකද ඒ කාලෙට මම තනිකඩ නිසා.. :)

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දේ සමරනවා නේද?? ඔන්න අපේ සුභ පැතුම්

      Delete
  27. වැලන්ටැයින් ආවත් එකයි නැතත් එකයි මට නම්
    අපි නම් තනි රෝදේ.

    ReplyDelete
    Replies
    1. නිකමා.......... අපි නෙදන්න චෙස්. ඔය කියන්නේ බොරුනේ නේද?

      Delete
  28. වැලන්ටයින්ස් ඩේ එක විතරක් නෙවෙයි වෙළෙන්දන්ගෙ දිනය. අනිත් හැම දේම. සිංහල අලුත් අවුරුද්ද, වෙසක් , එතකොට නත්තල? උදාහරණයක් විදියට අපි ලංකාවට එන්නෙ බිත්තර, කුකුල්මස් ගනංම කාලෙ. මොකද නත්තලට ගනන් යන නිසා.
    අනිත් අතට පෙම්වතුන්ගේ දිනයට කඩෙන් ගන්නවට වඩා තමන් අතින්ම කරපු නිර්මාණයක් කරන්න පුලුවන්නෙ දවස් ගානක් තිස්සෙ.
    ඒ වගෙ දේක වටිනා කමත් වැඩියි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇත්තම කොයි තරම් ලස්සනට තියෙවිද කියලා මට හිතාගන්නවත් බැ යාලු..
      ඇත්තටම ගොඩාක් ලස්සනට තියෙවි... දවසක මමත් එහෙම කරන්න ඕනා

      Delete
  29. 100%ක් එකගයි.. ඇත්තටම ආදරේ කරනකොට එක දවසක් විතරක් විශේෂ වෙන්නෙ නෑ.. :D :D මේක කියවනකොට මතක් උනේ.. තෑගි වල මිලෙන් ඒවගේ වටිනකම මනින එකට මම විරුද්ධයි.. මොකද ආදරේදි දෙන තෑගි මිල කරන්න බෑ. අමිලයි!

    ReplyDelete
    Replies
    1. සිරා අදහසක්.... ලක්ශයක් වියදම් කරලා ගන්න දෙයකට වඩා වැඩි වටිනකම තියන දෙයක් රුපියල් 100කින් කරන්න පුලුවන් කියලා මමත් අහලා තියනවා..

      ලකි ඇති ඔයාගේ ග්ර්ල්

      Delete
  30. නියම අදහසක් මල්ලි.... මමත් 100% එකගයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අය්යා.... අත්දැකිම් ඇති අයනේ ඔයාලා

      Delete
  31. අෆ්ෆටසිරි එහෙමත් එකක් තියෙනවා නේද? මතක් උණෙත් දැනුයි... වැඩක් නෑ... :(

    ReplyDelete
    Replies
    1. ඔය කීවට දවස් ගානකට කලින් ඉදන් නේද නංගා රෙඩි වෙන්නේ

      Delete
  32. බිස්නස් කාරයෝ ටික දැන් කෙස් දමය් ද දන්නේ නෑ නේ....

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා එහෙම එකක් නම් හිතුනෙම නැනේ,..... ඒත් ඇත්තනේ

      Delete
  33. මගෙ යාලුවෙක් වැලන්ටයින් කාඩ් එකක් අරන් ඒකෙ ලස්සන ට ආදරෙන් දේවල් ලියලා එයාටම ලැබෙන විදියට තැපැල් කරල තිබුනා....හික්ස් එයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් උන්නෙ නැහැ.....!.

    ReplyDelete
    Replies
    1. නියම අයිඩියා එකක්... මාත් කරලා බලන්නම ඕනා... අනිවා.. තැන්ක්ස් හොදේ

      Delete
  34. අනේ මටනම් ඕව සමරන්න කෙනෙක් නැත. ඒකත් මට තවත් එක දවසක් විතරයි.

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙම තමයි අක්කෝ... මේ සමරන අයට උදව්වක්.. නැතනම් ඉතින් අපරාදනේ සල්ලි

      Delete
  35. නන්දා මාලිනි මේ ගැන කියන සිංදුව අහල ඇතිනෙ ?

    ReplyDelete
    Replies
    1. අනේ මම නම් අසා නැත මොකක්ද මාමේ ඒ..

      Delete
  36. වැලන්ටයින් සමරන්න කෙල්ලෙක් එපැයි බන්... අපිට ඔය කරදර නෑ...

    ReplyDelete
    Replies
    1. ඔය උඩ තියෙන්නේ ඇයි අය්යේ කරන්න දෙයක්... අපිම කාඩ් එකක් වත් දාගමුකෝ...

      දුකේ බැ........... :D

      Delete
  37. අනේ මන්ද ඉතින්....අපිනම් ඕව ගැන දන්නෙ නෑ....අපි ඉතින් තාම පොඩි එව්වොනේ.....අර සමරන්න කවුරුහරි නැති ගෑනු ළමයෙක් කතා කලොත් එහෙම මටත් කියපන් හොඳේ.........

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා............. ඒවා එහෙම බෙදා ගන්න පුලුවන්ද බන්..... බැනේ,

      පොඩි අය පැත්තකට වෙලා උන්නා නම් නේද හොද?

      Delete
  38. මමත් හිතන්නේ ඕක තවත් එක ගොන් ආතල් එකක් විතරක් කියලයි. තව ටික දවසකින් වෙළෙන්දෝ තමන්ගේ අම්මා, තාත්තාවත් මාකට් කරයි!

    ReplyDelete
    Replies
    1. දැනටමත් එහෙම තමා නේද?
      එහෙම දවස් මාකට් කරනවානේ නේද??

      Delete
  39. අප්පේ සාක්කුවට තට්ටුවෙන දවසෑ...ඔකට වෙනම දවසක් ඔනෑ බං හැමදාම නත්තල්..හෑ.නැ..නෑ වැලන්ටයින්..හික්

    ReplyDelete
    Replies
    1. රාජ් : දැන් නම් ඉතිං සාක්කුවට තට්‍ටු වෙන දවසක් ඔනේ නැ කියන්නේ හැමදාම තට්‍ටු වෙනවද බන් අය්යේ....

      අයියා පව්.....................................

      Delete
  40. අම්මප අය්යෙ මම නම් අද වෙනතුරු ඕක සමරලා නැහැ.ඒ උනාට සමරන එවුන්ට උදව් කරන්න ගිහින් ගජ රාමෙට සැමරිලා නම් තියෙනව

    ReplyDelete
    Replies
    1. අෆ්ෆේ මලයෝ ඒ කොහොමෙයි.... නත්තලට නම් නත්තල් සියා වගේ සැරසිලාවත් සමරන්න පුලුවන්.. ඒත් ලව් කරන කපල් එකත් එක්ක කොහොමද බන් උබ සමරන්නේ...

      Delete
  41. අම්මප අය්යෙ මම නම් අද වෙනතුරු ඕක සමරලා නැහැ.ඒ උනාට සමරන එවුන්ට උදව් කරන්න ගිහින් ගජ රාමෙට සැමරිලා නම් තියෙනව

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා, දෙපාරක්ම කියලා.. මේ අවුරුද්දේවත් බැරිවෙයිද මල්ලියේ

      Delete
  42. ආදරේ කරන්න දවසක් ඕනි වෙන්නෙ ඉතුරු දවස් 364ම ආදරේ කරන්න අමතක වෙන අයට.. ඕවා බොරු වැඩ. සමරන්න ඕනිම නම් කරන්න තියෙන්නෙ තමන් අදහන ආගම අනුව අදාල සිද්ධස්ථානෙකට දෙන්න එක්ක ගිහින් පිනක් දහමක් කරගන්න එක..

    ආ .... අයියේ වැලන්ටයින් කියන්නෙ පරාජිත ප්‍රේමවන්තයෙක් නෙවේ.. ආදරේ කරන අය එකතු කරන්න ගිහින් තමන්ගෙ ජීවිතෙන් වන්දි ගෙවපු උතුම් පූජකයෙක්...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි... වැරද්ද නිවැරදි කල එකට... ඇත්තටම මටත් මොකක් හරි වැරදුනා කියලා හිතුනා....

      ඇත්තටම ඔන්න ගොඩාක් ස්තුතියි ආයෙමත්

      Delete
  43. ආදරේදි මටනම් හැමදාම වැලන්ටයින් තමා..හි හි..

    ReplyDelete
    Replies
    1. ඒ කිවේ හැමදාම සාක්කුව ටම විදිනවද බන්

      Delete
  44. හ්ම්....සහතික ඇත්ත කතාව...

    ReplyDelete
    Replies
    1. අනිවා මල්ලියෝ... ඒ කියන්නේ මල්ලි සමරන්නේත් නැනේ

      Delete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....