ජිවිතේට වැඩියෙන්ම වටින්නේ මොකක්ද කියලා ඔයාලාගෙන් ඇහුවොත් .............
එක එක උත්තර තියෙවි නේද? ආදරවන්තයා , ආදරවන්තිය , රැකියාව , මුදල් , ................... ඔය වගේ ගොඩාක් දේවල්
ඒත් ඔය ඔක්කොම වෙනුවෙන් වටින එක දෙයක් ඔයාලට මතක් වෙයිද කියලා නම් මට ඇත්තටම ප්‍රශ්නයක්...
ඔය ඔක්කොම වෙනුවෙන් අපි අවංක වෙන්න ඕනා නේද?
කෙල්ලට හරි කොල්ලට හරි අවංක නොවුනොත් එතන ප්‍රශ්නයක්....
රස්සාවට අවංක නොවුනොත් එතනත් ඔන්න ලොකු ප්‍රශ්නයක්... ඇත්තටම අවංක කම ජිවිතේට ගොඩාක් වැදගත්..
ඔයාලා හැමෝම 100%ක්ම අවංකද? මම නම් ඇත්තටම 100%ක් අවංක නැ.. මොකද සමහර තැන් වලදි අපිට වෙනවා පොඩ්ඩක් අවස්ථානුකුල වෙන්න... ඒත් කොයිම මොහොතකවත් වැරද්දක් කරන්න නම් මට ඕනේ නැ..
ඇත්තටම අද රටේ අවංක විමේන් දියුණු වෙන්න පුලුවන්ද?
මම අහලා තියෙන දැකලා තියන විදිහට එහෙම අවංක අයට වඩා ගොඩාක් ඉක්මනට අනිත් අය දියුනු වෙනවා...
ඉතින් එහෙම අවංක වෙන එකේ වැඩක් තියනවද?
ඒත් ඇත්තටම අවංක වෙන එකේ ගොඩාක් වැදගත් කමක් තියනවා.... මොකද අවංක නොවි දියුනු වෙන පුද්ගලයාගේ පැවත්ම තාවකාලිකයි..
ඒ වගේම අවංක විමෙන් අපිට ගොඩාක් දේවල් හම්බ වෙනවා.. මම කියවපු තැනක තිබුනු මේ කතාව මට මේ පොස්ට් එකට ගොඩාක් ගැලපෙනවා... බලන්නකෝ කියවලා
එක්තරා රටක රජ කුමාරයෙකුට ඕනා උනාලු තමන්ට ගැලපෙන විශ්වාසවන්ත ආදරය කරන කෙනෙක් තමන්ගේ බිසව විදිහට හොයාගන්න ඕනා උනාලු...
දැන් වගේ බ්ලොග් පොස්ට් දාන්න ඒ කාලේ විදිහක් තියෙන්න නැතුව ඇතිනේ.. ලංකාවේ වගේ අණබෙර ගැහුවද දන්නෙත් නැහැ... කොහොම කොහොම හරි හැමෝටම පණිවිඩේ දුන්නලු.
රාජ කුමාරිකාවෝ.. සිටු දියණිවරු, රටේ සල්ලිකාර ලස්සන කුමාරිකාවරු ගොඩාක් මේ තොරාගැනිමට ඉදිරිපත් උනාලු..
මේ අතරේ රජ මාලිගේ සේවය කරපු කෙනෙක්ගේ දුවකුත් මේ රජ කුමාරයට හිතින් පෙම් කලාලු.. මේක ඒ තැනතියගේ අම්මාත් දැන ගෙන උන්නලු..
අම්මා ඇවිත් මෙහෙම දෙයක් තියනවා කිවහම දුවත් යන්න ලැස්ති උනාලු...
අම්මා දුවට කියනවාලු.. අනේ දුවේ මොකක්ද ඔය කරන්න හදන වැඩේ.. එතන ඉන්න අය එක්ක අපිට මොකක්ද තියන තත්වේ... නිකන් බොරුවට දුක් වෙන්න එපා ලමයෝ
නැ අම්මේ මම දුක් වෙන්නේ නැ... කුමාරයා එක්ක ඒ මොහොතවත් ලගින් ඉන්න ලැබෙන එක මට ගොඩාක් වටිනවා.. ඒ හින්දා මම යන්නම ඕනා කියලා මේ වැඩකාරකම් කම් කරන කාන්තාවගේ දුවත් මේ තෝරගැනිමට ඉදිරිපත් උනාලු..
කුමාරයා හැමෝ එක්කම කතා කරලා ඉවර වෙලා හැමෝටම ලස්සනට මල් හැදෙන මල් ගහක බිජයක් දුන්නලු.. මාස 6කින් ලස්සනම මලකුත් එක්ක අරගෙන කෙනාට තමයි තමන්ගේ අග මෙහෙසිය වෙන්න පුලුවන් කියලා හැමෝටම එක ගානේ දුන්නලු...
අර කලින් කිව වැඩ කරන ගැහැනු කෙනාගේ දුවත් මේ ඇටේ පැල කරන්න හරි හමන් විදිහේ දැනුම නැති උනත් උත්සහ කලාලු..
කොහොම හරි මොනවිදිහේ කලත් මේ මාස 6 ඇතුලත ලස්සන මලක් තියා පුන්චි අංකුරයක්වත් මේ මල් පැලේ ආවේ නැහැලු...
මාස 6අ ගෙවිලා ඔය කියන දවස උදා වුනා,
අර ගැහැනු දරුවත් මලක් තියා පැලයක් වත් හැදිලා නැති මල් පොච්චියත් අරගෙන යන්න හදනකොට අම්මා අහනවලු මල් පැලයක්වත් නැතුව ගිහින් රාජ දඩුවම් අපහාස විදින්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න කියලා....
ඒත් මේ ගැනු දරුවා කියනවා අද විතරයි මට මෙහෙම කුමාරයා ගාවට යන්න වෙන්නේ.. ඉතින් මේ අවස්ථාව නැති කරගන්න මම කැමති නැ කියලා..
අනිත් හැමෝම ලස්සනට විශාල මල් හැදුනු මල් ගස් අරගෙන ඇවිත් තියනකොට මේ ගැනු දරුවා විතරක් හිස් පොච්චියක් තියාඅගෙන
අන්තිමේ කුමාරයා තිරනය කලා මේ වැඩකාර අම්මාගේ දුවව කසද බැදලා තමන්ගේ අග මෙහෙසිය කරගන්න...
හැමෝටම පුදුමයි... මේ තරම් ලස්සන මල් තියනකොට මේ මලක්වත් නැති කෙල්ලට කැමති උනේ ඇයි කියලා...
එතකොට කුමාරයා කියනවා මෙතන ඉන්න හැමෝගෙන්ම අවංකම කෙනා තමයි මේ.. මම දුන්නු එක ඇටයක්වත් පැල වෙන එවා නෙමේ නරක් උන කල් පැනපු ඒවා...
*****************************************************************************
ඉතින් ඔයාලාත් හැමදාම අවංක නොවි වැඩ කරනවද?
කෝ කෝ .. රාජ කුමාරියෙක් කොහේ හරි ඇට බෙදනවද.. මාත් යන්න
ReplyDeleteඑක ඇටයක් මට !!! අනිත් ඇටේ අයියට !!!!
Deleteබලමු කාගේ ඇටේ ද පැලවෙන්නේ කියලා !!!
දැන් රාජ කුමාරිකාවෝ කොහේ ඇතිද? ලංකාවේ නම් නැ ඔන්න
Deleteමටත් එකක් ඕනා.... දාමුද ඒකටත් ඔට්‍ටුවක් මධුරංග අයියා...
Deleteමට නොදි ගන්න නේද කට්ටිය ලැස්තිය
මට නම් මල් එපා රාජ කුමාරය දැක ගත්තා නම් එළ
Delete:)
මධුරංග,
Deleteවිනාසයක් මල්ලි වෙන්නෙ ඇටේ පැලඋනොත් එහෙම
මෙහෙමයි වාසි වගේම අවාසිත් තිබේ..වංක නොවුනොත් සමහර වෙලාවට අපිට හබක් වෙනවා...තැනේ හැටියට ඇනේ ගහන්න ඕන සින් එකක් තියෙන්නේ..
ReplyDeleteඒක නම් එහෙම තමා චම්මා... ඒත් ගොඩාක් වෙලාවට වෙන්නේ අපේ අය වංක නේද?
Deleteෂඃ මාර ස්ටෝරිය නෙ... ඔයා දන්න දේවල් !!!
ReplyDeleteජීවිතයට වටිනා පාඩමක්... ලස්සනයි
ශානි.... මම ඉතින් බබානේ... පොඩි අය දන්නවා ගොඩාක් දේවල්....
Deleteඇත්තටම...
අවංකෙන්ම මරු කතාව......
ReplyDeleteඅවංකයෙන්ම ජිවත් වෙන එක තමා ඇත්තටම වටින්නේ
Deleteඅර ඇට අතරේ හොඳ ඇටත් බැරිවෙලාවත් තිබුණද දන්නෑ නේද!!!
ReplyDeleteකතාව නම් ඇත්ත, ඒත් සමහර වෙලාවල් තියෙනවා අවංක නොවී හැබැයි වංක ත් නොවී ඉන්න වෙන වෙලාවල්!
නැහැලු ලහිරු.. ඔක්කෝම ඇට පැල නොවෙන ඒවාලු.. කට්ටිය කඩෙන් මල් පැල අරගෙනලු ඇවිත් තියෙන්නේ...
Deleteමාර මොල තමා ඉතින්
අඩේ මරු කතාව !
ReplyDeleteඒක නෙමෙයි මලේ ජිවත් වෙනකොට හැමවෙලේම අවංක වෙලා ජීවත් වෙන්ඩ බෑ !!
පොඩ්ඩක් වංක වෙලාත් ඉන්න ඕනේ.
ඇත්ත අයියා.. එත් ඔනාවට වඩා වංක උනොත් අවුල් නේද? ටිකක් වංක වෙලා ගොඩාක් අවංක වෙමුකෝ
Deleteඑතකොට කුමාරිකාවක් ඒවි අප්පා..
මන්නම් කොහොමත් අවංකයි.ඒත් මට හැමදාම ඒකෙන් අවාසි තමා වෙන්නේ.එහෙමයි කියලා මං කවදවාත් වංක වෙන්නෙත් නැහැ.
ReplyDeleteඇත්තටම යාලුවා.. ඒක තමා වෙන්න ඔනා.. කොහොම උනත් ඔය වංක වෙලා වැඩ කරනකොට ඒවාගේන් ලැබෙන වාසි තාවකාලිකයි...
Deleteadmire u
ආ.. ඔන්න ඔය හැමවෙලේම අවංක වෙන්න ගිහින් මට වැඅර්දුණු තැන් හුඟාක් තියෙනවා...:( :/ අර කිව්වත් වගේ තැනේ හැටියට ඇණේ ගැහුවානම් හරි තමා..
ReplyDeleteතාවකාලිකව එහෙම උනත් කවදා හරි අවංක කමේ වටිනාකම ලැබෙනවා හිතු... ඒ හින්දා කවදාවත් ඒ දෙවල් ගැන අඩුවෙන් හිතන්න එපා හොදද?
Delete:))))
ReplyDelete:D.............. :D
Deleteහ්ම්ම් ආදර්ශමත් කතාවක්
ReplyDeleteවර්ණා බේබිව දැකපු කල්.... ස්තුතියි නංගෝ
Deleteවටින කතාවක්.....:)
ReplyDeleteස්තුතියි නිසපු.... මෙහේ නතර වෙලා ඉන්න එක නම් මම දැක්කේ නැ.. සෝ පැමිනිම මට ශක්තියක් හැමෝම
Deleteඇනෝ : ඔයා දාපු කමෙන්ට් එක පල නොකලේ ඔන්න හොද නැති වචන තියන නිසා.. එත් කියපු දේට උත්තරයක් දෙන්න ඕනානේ.. මම ජොබ් එකට එහෙම දෙන්න ගියාද මේ පොස්ට් එකෙන්,. ඇත්ත අපිත් අවංක වෙන්න ඔනා තමයි... අපි වැරද්දක් කලොත් අපිටත් පනිශ්මන්ට් තියනවා තමයි.. මම ජොබ් එකේ රුල්ස් වලට අනුව කිසිම දෙයක් ගැන කතා කරලා නැ...
ReplyDeleteඇත්ත මට මගේ ජොබ් එක මට ගොඩාක් වටිනවා.. මම ඒකට ආදරේ කරනවා
පුද්ගලයෙක් අවංක වෙන්න ඕනෙ..ඒත් 100% වෙන්න ගියොත් නම් පරිප්පු තමා......බුද්ධිමත් කම..ස්ථානෝචිත ප්‍රඥාව දෙකමත් එක වගේ තියෙන්නෙ ඕනෙ......
ReplyDeleteඅනිවාර්යෙන්ම කිරිල්ලියේ... අවංක කම කියලා ලවක් දෙවක් නැතුව උන්නොත් පරිප්පු කන්න වෙන්නේ හොදි නැතුවම....,,
Deleteඇත්තටම අවංකව වැඩ කරන්න ආසයි අයියේ...ඒ වුනාට එහෙම වැඩ කරන්න අද ලෝකෙ ඉඩ අඩු වීම ගැන නම් මට ගොඩාක් කණගාටුයි...ඒත් ඉතින් අපි කියල මොනව කරන්නද...?
ReplyDeleteඅපිට මිනිස්සු නම් හදන්න බැරිවෙයි කොඩු කාරයා මල්ලියේ... ඒත් අපිට පුලුවන්නේ අවංක වෙන්න... ලොකේ ඉඩ අඩු උනත් තාමත් අවංක කම අගය කරන අය ගොඩාක් ඉන්නවා මම හිතන විදිහට
Deleteනියම කතාව අයියා.. ඇත්තටම ලොකු ආදර්ශයක් දෙන්නෙ.. :)
ReplyDeleteස්තූතියි බෙදාගත්තට.. :D
ගොඩාක් ස්තුතියි මල්ලියෝ.... අපි අවංක උනොත් දවසක හරියනවාමයි
Deleteආදරය කරද්දි ගොඩාක් අවංක වෙන්න ඕනේ ජීවිතේදි ඊට වඩා අවංක වෙන්න ඕනේ විවාදයක් නෑ ඒත් අවංක වෙලා බේරගන්න බැරි ප්‍රශ්න ආවොතින් අර සම්‍යයක්ප්‍රෙව්ගයක් දාලා ගැටළු නිරාකරණය කරගන්න ඕනේ කියලයි මට හිතෙන්නේ...
ReplyDeleteඋදාහරණයක් විදියට මම මට වෙච්චි දෙයක් කියන්නම්....
මම ලෙඩකින් පීඩා විඳින කාලේ මගේ ආදරි නිතරම ඇහුවේ දැන් සනීපද කියලා මට ඒ හැටි සනීපයක් නැතත් මම උත්තර දුන්නෙ ඔව් සනීපයි කියලා එහෙම නොකීවා නම් ඒ ලමයා විභාගේ අනාගන්නවා.... කියලා අම්මලා තාත්තලා වුනත් මගෙන් සනීපද කියලා අහද්දි මම කිව්වේ දැන් තනියෙන් ගෙදර එන්න පුළුවන් කියලා එහෙම නොකීවනම් එයාල දහස් ගනන් වියදම් කරන් දවස ගානේ මාව බලන්න එනවා...
ඉතිං හැමතිස්සෙම අවංක වෙන්න බැරි සාදාරණ හේතු එනවනේ ඒ ඒ වෙලාවට සුදුසු හොඳම තීරණය ගන්න එක නේද හොඳම
ගැමි මල්ලිගේ කතාව සමග මාත් එකගයි.. ඇත්තටම එතන අවංක නොවිමක් නෙමේ නේද වෙන්නේ.. අපි එතන ඇත්තටම වැරද්දක් කලා එහෙම නෙමේනේ..
Deleteඅර උඩ කට්ටිය කිවා වගේ අවස්ථාවට අනුව වැඩ කරලා තියනවා...
කොහොම උනත් ආදරේදි නම් අවංක කම ගොඩාක් වැදගත් වෙනවා..........
කතාව නම් ෂෝක්.. සෙන් කතාවක් වගේ.....
ReplyDelete100%ක් කාටවත් අවංක වෙන්න බෑ. එහෙම පුළුවන් කියනවනම් ඒකත් වංකකමක්...
තමන් කරන කටයුත්ත මොකක් වුනත් ඒකට අවංකනම් ජයග්‍රහණය ස්තීරයි...!!
100%ක් කියන කථාව ටිකක් ප්‍රායෝගික නම් නැතිව ඇති.. එත් පුලුවන් උපරිමයෙන් එහෙම ඉන්න උත්සහ කරන එක තමා වටින්නේ...
Deleteපට්ට කතාව බං.
ReplyDeleteතැන්ක්ස් කසුන්.......................... :D
Deleteකොල්ලෝ දැනටත් ඉන්නවා ඔය වගේ ම පරීක්ෂණ කරන,,ඔයාලට හම්බ උනේ නැත්තනම් හිතාගන්න බැහැ ඒත් එහෙම එවුන් ඉන්නවා හරිය.....
ReplyDelete@ Sumith Niriella 100% ක් අවංක අය තාමත් ඉන්නවා.ඒ අය එක පෙන්නන විදිය වෙනස් උනාට එහෙම නෑ කියල කියන්න එපා.
ඒ කිවේ මෙහෙම ඇට බෙදන.. නැත්නම් මෙහෙම පරික්ෂන කරන අයද?
Deleteඇත්තට්ම මටත් මුන ගැහිලා නම් නැ//
නියම උපමා කතාව
ReplyDeleteරස වින්දා
ළමායී අවංක වෙන්න පුරුදු වෙන්න හොදේ
අපි නම් අවංකයි ඔන්න......... පලමු පැමිනිම සාදරයෙන් පිලි ගනිමි..
Deleteඅවංකයා.. අවංකවම සිරා පෝස්ටුව..
ReplyDeleteවංක කමින් ගොඩ ආපු මිනිස්සු දැන්වත් අවංක වෙන්න හොදේ ?
අනිවා සැමා.. වංක කමෙන් පලක් නැතේ.... අවංක වි ඉමු සැමදා
Deleteකුමාරය ගොඩ ගියේ ඇටෙන් එහෙනං.... මාත් ඇට බෙදල දෙන්න ඕනෙ...
ReplyDeleteඇයි බන් දැන් ඇට බෙදන්න කෙල්ලෝ සෙට් එකක් ඉන්නවද??
Deleteරජ කුමාරයෝ ගැන කතාකරද්දී මට කතාවක් මතක වෙනව, කීවට කමක් නැද්ද?
ReplyDeleteඔන්න ඉස්සර බොහොම සාරවත් දේශයක තරුණ රජ කුමාරයෙක් හිටියලු, මේ රජ කුමාරයට කසාද බදින්න හිතිලා අල්ලපු රටේ රජතුමාගේ දුවගෙන් බදින්න ඇහුවලු, ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරාලු, ඉතින් ඊට පස්සේ එ කුමාරයා බොහොම සතුටින් සනීපෙන් ගොඩ කාලයක් ජීවත් වුනාලු!
කිවට කමක් නැ යාලුවා.. ඇයි බන් ඒ කතාව එහෙම ඉවර උනේ....
Deleteඒක තමා මල්ලි ලෝකෙ කෙටිම සුරංගනා කතාව
Deleteවංක කෙනා සමහර විට අවංක කෙනාට වඩා ඉදිරියට යාවි.. අවංක කෙනා වංක කෙනාට වඩා ටිකක් දුක් විදීවි.. ඒත් අන්තිමේ ලැබන සතුට වැඩියෙන්ම ලැබෙන්නේ අවංක කෙනාව.. වංක කෙනාට ඉතුරු වෙන්නේ පසු තැවිල්ලක් සමහර විට..
ReplyDeleteදිනේශ් අයියා.... මම හිතන්නෙත් කියන්න ඕනා උනෙත් ඕකම තමා... අවංක කෙනාට කවදාවත් වරදින්නේ නම් නැ....
Deleteවන්ක මිනිස්සු ඉක්මනටම ගොඩක් උඩ යනව,හැබැයි මම හිතන්නෙ නෑ ඒ අය සතුටින් ජීවත් වෙනව කියල.අවන්ක කම මනුස්සයෙකුට හොඳ ආබරණයක්.කාලෝචිත මාතෘකාවත් මචන්.
ReplyDeleteස්තුතියි කස්ස....
Deleteමේ සිද්දිය උනේ ලංකාවේ නම් වෙන්න බෑ. අර එකෝමත් ඒක රටක් කියන දිහාවේ වෙන්න ඇති. මෙහේ කියන්නේ අවංක මා සැමදා දුකේ කියලනේ. :D
ReplyDeletedan ethakota blog post danne "kumarikawo" hoyanta wentathi maye hithe??
ReplyDelete:)
ඕනෙවට වඩා අවංක වෙන්න ගිහින් මටත් ගොඩක් දේවල් නැති වෙලා තියනවා... එහෙමයි කියල වංක කමෙන් ඒවා ලබාගන්න උත්සහ කරන්නෙත් නෑ.. නමුත් අද අවංක කමට වඩා වංක කමෙන් ගොඩක් අය පලප්‍රයෝජන ගන්නවා. අවංක මිනිස්සුන්ට වඩා වංක මිනිස්සු ඉදිරියෙන් දෙව් කියනවා වගේ.
ReplyDeleteදැන් ඕක අද කාලෙට ගැලපෙන විදියට හදාගෙන හොඳ ගෑණු දරුවෙක් හොයාගන්න විදියත් කියමුකෝ බලන්න..
ReplyDelete:D
තමන් තමන්ට අවංක වුනා නම් හරි.
ReplyDeletehenryblogwalker the Dude
වංක සීන් එක නිසා කෙල්ලෝ කීයක් මිස් උනාද....කෙහෙද ඉතින් ගෙදරට කියන්න ඕනේ...අම්මට කියන්න ඕනේ...තාත්තා ඔයාව හම්බෙන්න ඕනේ කිව්වා..ඔහොම නරක වදන් ඇහුන ගමන් කොල්ලා මාරු.....
ReplyDeleteමට අවශ්‍ය තැන්වලටවත් වංක වෙන්න තේරෙන්නේ නෑ. මව ලගින් ආශ්‍රය කරන අය මට හුගක් බනිනවා ඔය තරම් විවෘත වෙන්න යන්න එපා කියලා.සමහරු කියන්නේ මම මෝඩයි කියලා. ඒත් මම හිතන්නේ මේ ඉන්න විදියට ඉදලා මැරිලා ගියත් මට ඒක සැපක් කියලා. අවංක කම නැති තැන වෙන කිසිම දෙයක් තියෙන්න විදියක් නෑ. අපි කෙනෙක්ට දෙයක් දෙන්න ඕන අපිට දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. එයාගේ සතුට මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරලා.
ReplyDeleteදේවා මොකෝ සීන් එක බූට් මතකයක්ද?
ReplyDeleteමං මේ තාම කල්පනා කොරන්නෙ වංක වෙනවද අවංක වෙනවද කියල...හෙහ්..හෙහ්..
ReplyDeleteඅර ඩූඩ් කිව්ව වගේ මට හිතෙන්නෙත් තමන් තමන්ටම අවංක උනා නම් හරි කියලයි....
ReplyDeleteකාලෙකින් දේවාගේ බ්ලොග් එක පැත්තේ ආවේ, මේ ටිකේ වැඩ වැඩි වෙලා කිසිම එකක් කියවන්න බැරි වුනා. මේක කියවද්දි මතක් වුනා ගොඩාක් කතා. ඒත් සමස්තයක් විදිහට මෙහෙම අවංක වෙච්ච මිනිස්සු නිකම්ම මැරිලා යනවා. පගා ගහන උන් වැජබෙනවා. එහෙම කියලා වංක වෙන්න ඕනේ නෑ. මොකද කරන කලට පව් මිහිරිය පැණි සේ වගේම තමා ඔව්වා කවදා හරි ගෙවද්දි. සමහර විට මේ ආත්මෙදි නෙවේ ඊලග ආත්මයකදි හරි. :) බලං යද්දි දේවාත් දන්නේ මාර කතා නේ :)
ReplyDeleteඅවංක කම ගොඩක් හොද දෙයක් තමයි....
ReplyDeleteඑත් ඉතින් අද සමාජයේ නම් බොහොමයක් අවංක නම් නෑ...වෙලාවකට වංක නොවීත් බැරි අවස්ථා අපේ ජිවිත වලටත් එනවා.ගොඩක් දුරට වංක කමින් අපි බලාපොරොත්තු වෙන්නෙ අපේ ආත්මාර්ථකාමී අවශ්‍යතා සපුරා ගන්නනෙ.එත් වංක කම පරාර්ථකාමී යහපත් අරමුණු සපුරා ගන්න මුල් වෙන අවස්ථා නැතුවම නෙවෙයි...
එත් තමන් හැම විටම අවංක වෙනවනම් ඒ ගුණය බොහෝවිට තමාටත් අනුනටත් යහපතට පවතීවී.
එත් කණගාටුවෙන් වුවත් කිව යුත්තේ අපේ රටේ ජනදිපතිගේ පටන් මොන්ටිසෝරි දරුවා දක්වා අවංක කමට වඩා ඇත්තේ වංක කම බවයි..බොහෝවිට දරුවන්ට වංක බව උගන්නන්නේද දෙමව්පියන් වීම තවත් ශෝකනියයි....