ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

21 January, 2012

හිතත් එක්ක යාලු වෙන්නේ කොහොමද????

අද නිමිත්ත : තමන්ගේන් වරදක් වෙනවා කියලා තේරුම් ගත්තු යාලුවෙක් එක්ක මනෝ උපදේශන සේවා ලබා ගැනිමට ඔහුගේ තනියට ගිය මොහොතක ඇති වු කථාබහ..

*************************************************************************************************

අපේ ජිවත් වෙනකොට ජිවිතේ අපිට ගොඩාක් යාලුවෝ ඉන්නවානේ.... යාලුවෝ ගොඩාක් අපිට ඉන්නකොට ජිවිතේ සමහර දේවල් වලට ගොඩාක් වටිනවා වගේම සමහර වෙලාවට හරි කරදරයක් වෙනවානේ.

මම යාලුවෝ ගැන දකින ලස්සන දේ මේ දවස් වල එයාටෙල් ඇඩ් වලින් දකිනවා... ඇත්තටම මේ තාක් කල් මම අනිත් ඔක්කොම සිම් යුස් කලත් එයාටෙල් යුස් කරලා නැ.. ඒත් ඒ ඇඩ් එකට මාව එයාටෙල් යුසර් කෙනෙක් කරන්නත් පුලුවන් උනා ඔන්න...

අද කථාව නම් ඒ ගැන නෙමේ...

හිත් ගැන... කථාවක්මත් නම් නෙමේ....

අපේ යාලුවන්ගෙන් අපිට ඉන්න දරුනුම යාලුවා කවුද කියලා ඇහුවොත් ඔයාලට එක එක අයගේ නම් මතක් වේවි... ඒත් ඇත්තටම අපිට ඉන්න දරුණුම සතුරා ඉන්නේ අපි ළගම තමා.... සමහර විට ඒ අපේ විශ්වාස වන්තම යාලුවා වෙන්නත් පුලුවන්..

ඇත්තටම කවුද ඒ...

ඒ තමා අපේ හිත..

හිතට පුලුවන් ඔයාලව ගොඩාක් වෙනස් කරන්න.... ගොඩාක් හොද කෙනෙක් කරන්න.. ඒ වගේම ගොඩාක් නරකම නරක කෙනෙක් කරන්නත් හිතට පුලුවන්.

ඔයාලා මොනවා හරි දෙයකට ආසයි නම් ඇත්තටම ඒක ඔයාලගේ අම්මලා තාත්තලා යාලුවෝ කාට කියන්නත් කලින් කියන්නේ ඔයාලාගේ හිතටනේ

හිතත් උඩු හිත යටි හිත කියලා දෙකක් තියනවා කියලා මම අහලා තියනවා...

අපි කරන්නේ උඩු හිතට හිතෙන දේවල් උනත් අපිව පාලනය කරන්නේ යටි හිත...

අපි උඩු හිතෙන් මොකක් හරි දෙයක් ගැන හිතන දේට වඩා 100%ක් වෙනස් දෙයක් යටි හිතේ තියෙන්න පුලුවන්.. එතකොට අපි කොයි තරම් හොද දෙයක් හිතන උඩු හිතෙන් කරන්න හැදුවත් යටි හිතෙන් නරක දෙයක් වෙනවා නම් ඇත්තටම අපි එතනදි පරාද වෙනවා..

මොනවද අපි කරන්න ඕනේ... අපි අපේ යටි හිත අවදි කරගන්න ඕනා... අපේ යටි හිතට අපිම විදාන දි ගන්න ඕනා. අපි උත්සහ කරන්න ඕනා අපේ ජිවිතේ අපි කැමති අපි ආස කරන දේවල් වෙනුවෙන් කැප වෙන්න...

ඇත්තටම අපිට පුලුවන්ද ඒක කරගන්න.... ටිකක් අමාරු දෙයක්.. මොකක් හරි දෙයක් ගැන අපි හිතන විදිහ වෙනස් කරගන්න ඕනේ නම් අපිට එක යටි හිතේ තැන්පත් කරගන්නම වෙනවා... ඒක කරන්නේ ගොඩාක් වෙලාවට මෝහනය කියන ක්‍රම වේදයෙන්.. ඒත් මොහනය කියන්නේ අන්තිම ක්‍රියාවලියලු..

කාටවත් කියලා මොහනය කරගන්නවට වඩා අපිටම පුලුවන්නම් ස්වං මෝහනය වගේ දෙයක් කරගන්න.. අපිටම පුලුවන් අපේ වැරදි අඩුපාඩු හදාගන්න..... යාලුවාට එහෙම කරන්න ක්‍රමයක් ඩොක්ටර් කියලා දුන්නත් තාම ඒ දේ කරගන්න බැරි උනා කියලා තමයි යාලුවා කිවේ.

හැබැයි ඩොක්ටර් යාලුවාව අගය කලා තමන්ගේ අඩු පාඩු තේරුම් අරගෙන ඉන්න එක ගැන.. මොකද ගොඩාක් අය තමන්ගේ වැරදි හදාගන්න කියලා උත්සහ කරනවට වඩා කරන්නේ තමන් හැමවෙලේම හරි කියලා අනිත් කෙනාගේ පිටට වැරදි පටවන එකනේ... කොල්ලෙක් එහෙම කරනවා මම මිට කලින් දැකලා නැ.. යාලුවා උබේ ප්‍රශ්න ඉක්මනටම උබට විසද ගන්න ලැබේවා කියලා මම පතනවා

කොහොමද අපි අපේ හිත පාලනය කරගන්නේ අපිට ඕන විදිහට.... දන්න කියන අය නොදන්න ඕන කෙනෙක් හිතෙන දේ කියලා ගියොත් මට යාලුවට පොඩි හරි උදව්ව්වක් කරන්න පුලුවන් වෙයි...

44 comments:

  1. උඹ ලගදි කුරුණෑගල මනස සංවර්දන සන්විදානේ පැත්තේ එහෙම ගියාද? යටි සිතින් ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියන ඒක මමත් පිලිගන්නවා .මට එහෙම කරලා ගොඩක් දේවල් ලැබිලත් තියෙනවා. තමන්ගේ තින අඩුපාඩු තමන්ටම තේරුම ගන්න පුළුවන් නම් ඒවා මේ විදියට හදා ගන්න තමන්ටම පුළුවන් වෙයි. බ්ලොගේ අලුත් පෙනුම නම් මරු

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්.. මට ඕවාට යන්න වෙලාවක් නැ බන්.. යාලුවෙක්ගේ තනියට පොඩ්ඩක් ගියා ඩොක්ටර් කෙනෙක් ලගට...

      තැන්කු තැන්කු... පොඩ්ඩක් වෙනස් වෙන එකත් හොදයිනේ

      Delete
  2. යටිහිතට විධාන දීලා අවශ්‍ය දෙයක් කරගන්න පුළුවන් කියන එක ඇත්ත....මටත් එහෙම අත්දැකීම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කොහොමද අයියේ ඒක කලේ...

      Delete
  3. යටිහිතට විධාන දීලා අවශ්‍ය දෙයක් කරගන්න පුළුවන් කියන එක ඇත්ත....මටත් එහෙම අත්දැකීම් තියෙනවා.

    ReplyDelete
  4. යටිහිතට විධාන දීලා අවශ්‍ය දෙයක් කරගන්න පුළුවන් කියන එක ඇත්ත....මටත් එහෙම අත්දැකීම් තියෙනවා.

    ReplyDelete
  5. හොද මාතෘකාවක්.මම මේ විෂය ගැන ගොඩක් කැමතියි.යාළුවට ඩොක්ටර් කියල දන්න ක්‍රමය ගැනත් දාන්න ප්‍රයෝජනවත් වේවි ඕනිම කෙනෙක්ට මොකද හිත ටිකක් පාලනයෙන් තොරයිනේ ;)

    ReplyDelete
    Replies
    1. ඩොක්ටර් යාලුවට කියලා දුන්නු ක්‍රමය යාලුවා හරියට කලා කිවොත් මම ඒ ගැන ලියන්නම් යාලුවා

      Delete
  6. පාලනය කල යුතුම ඒත් පාලනය කර ගැනීම අමාරුම දෙයක් තමා හිත කියන්නේ.
    උඩ ඉන්න රෙපා කිව්වා වගේ මාත් කාලයක් මනස කියෙව්වා. පත්තර කියවනකොට මගේ මනස සංවර්ධනය වෙලා හිතුනා මේ පත්තරේ කියවන එකෙන් වෙන්නේ සල්ලි නාස්තියක් කියලා.ඊට පස්සේ වැඩේ අතෑරලා දැම්මා.

    ReplyDelete
    Replies
    1. මම නම් මනස කියවලා නැ අයියේ... මම දැකලා තියනවා හැබැයි එකේ ‍ෆිල්ඩ් ඔ‍ෆිසර් ලාගේ සැලරි එක 50000ක් විතර කියලා කියනවා.... අයියෝ සල්ලි

      Delete
    2. මෙලෝ රහක් නෑ මල්ලි මනස පත්තරේ. පොල් ගෙඩි අකුරු වලින් එකෙක් විතරක්ම ලියන ලිපි කීපයක් තියෙන පත්තරයක් !!!

      Delete
    3. මම නම් ඔය පත්තරේ කියවලාම නම් නැ.. ඔන තරම් බස් වලට නගිනවා තුනක් 100යි කියගෙන....

      අනේ මන්දා

      Delete
  7. හ්ම්ම් හිත ගැන මෙච්චර දේවල් කියලා දුන්නට ස්තුති

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....... තව නම් ගොඩාක් දේවල් තියනවා මේ ගැන කියන්න.... ඒත් මොකටද ස්තුති...

      Delete
  8. ඇත්ත තමා දෙයක් කරන්න කලින් හිතත් එක්ක පොඩ්ඩක් කතා කරලා බැලුව නම් කරන්න යන දේ ගැන හොඳ නරක පැතිකඩවල් ගැන අදහසක් ගන්න පුලුවන්.....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බිටා.. හැමෝම උත්සහ කලොත් ඒකට ඇත්තටම ඒක කරන්න පුලුවන් වෙයි... ලෝකේ ගොඩාක් ලස්සන වෙයි එතකොට

      Delete
  9. සාතනුත් කැමතිම සබ්ජෙක්ට් එකක්... පොඩි කාලෙ ඉඳන් ගොඩක් කියවන්න ලැබුනෙ ඔය සම්බන්ද පොත්... ඒ හින්දම මේ වෙද්දි මොන දෙයක් වුනත් බොහොම ඉක්මනට හරි ට්‍රැක් එකට වැටෙන්න පුළුවන් කියල විස්වාසයක් තියෙනව..

    හිත පාලනය කරගන්න උපදෙස් දෙන්න නම් දන්නෙ නෑ මචන්.. හොඳම දේ ඒකට සුදුසු කම් ‍තියෙන කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එක... උඹේ යාලුවට උගෙ වැරැද්දක් තියෙනව කියල තේරෙනව කියන්නෙ, ඌට හිත පාලනය කර ගන්න අමාරු වෙන්නෙ නම් නෑ කියන එක ෂුවර්...

    ReplyDelete
    Replies
    1. සාතන් අය්යා ඒ වගේ දේවල් ගැන ගොඩාක් දන්නවා කියලා මගේ කලින් මේ වගේ පොස්ට් වලිනුත් දැකලා තියනවා... කොහොම මේක කරනවද කියන එක තමා ප්‍රශ්නේ..

      Delete
  10. ම්ම්ම්ම්ම්ම්ම්ම්....හිත මහ පුදුම තැනක්......

    ReplyDelete
    Replies
    1. ඇත්තටම......... අමුතුම තැනක්.............

      Delete
  11. මාත් ගත්තා මනස සඟරාව කාලයක්... දැන් නම් ගැනෙන්නෙ නෑ.. මෙන්න ඔය අර පටන්ගද්දීම කියපු එයාර්ටෙල් ගැන මගේ අදහසක්...

    http://shanigehitha.blogspot.com/2012/01/blog-post_10.html

    ReplyDelete
    Replies
    1. මම ඒක නම් කලින් කියවලා නැ වගේ, කියවන්න ඒවා දැන් නම් ගොඩ ගැහිලා.. මාසයක් නිවාඩු දැම්මත් බැරිවෙයි වගේ ඉවර කරන්නනම්...

      මනස ගැන උඩ ඇතිනේ

      Delete
  12. සමහර වෙලාවට කොච්චර හිතුවත් අපෙ යටි හිත අපිට පේන්නෙ නැහැ....ඒ වෙලාවට තව කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එක තමා හොඳම දේ....තව කෙනෙක් කිව්වෙ යාලුවෙක්ගෙන් නම් නෙවේ..:)

    ReplyDelete
    Replies
    1. එහෙමනම් වින්චැට් කිරිලියේ කාගෙන්ද උදව් ගන්න වෙන්නේ...

      Delete
  13. ඇත්තටම ලංකාවෙ කොල්ලෙක් එහෙම කළා කියල අහපු පළමුවෙනි පාර.... මේ රටවල්වල නම් ඔය වගේ උපදෙස් ගැනීම් ඕනතරම් වෙනවනෙ... හයියෙන් පඩයක් ගියත් ඒකටත් කවුන්සිලර් කෙනෙක් ළඟට යනව.... ඒ අතින් ඔයාගෙ යාළුව හරිම හොඳ කෙනෙක්... එයාට ඒකෙන් ජයම ලැබෙන්න කියලා පතනවා....

    ReplyDelete
    Replies
    1. අම්මේ එහෙමනම් ලොකෙන් උතුම් රට ලන්කාවයි කියලා මෙහෙට වෙලා වෙන දෙයක් බලාගෙන කාලා ඇදලා ඉන්න එක තියන දෙයක් ඇදලා ඉන්න එක සැපායි වගේ

      Delete
  14. සුමනදාස සමරසිංහ මහත්මයගේ මිනිස් සිතේ හාස්කම් පොත කියවලා බලන්න.

    එයාගේ දුව අරුණි ශපිරෝ ලියන බ්ලොග් එකේත් මේ මිනිස් සිත සා එහි පාලනය ගැන ගොඩක් ලිපි ලියලා තියෙනවා.

    ReplyDelete
  15. අනේ මන්ද....හිත කියන්නේ මහා පුදුම දෙයක්....

    ReplyDelete
  16. ඔන්න අපි ආවා ඒ පැත්තේ............

    ReplyDelete
  17. හිත මනමාලකං කරයි........සිතුවිලි සීතලෙන් ගැහෙයි....... අනේ මන්දා......

    ReplyDelete
  18. මල්ලී , එයාගේ යාළුව එක් අතකින් වාසනාවන්තයි , එකක් ඔයා වගේ යාවවෙක් සිටීම දෙවැන්න “සාතන් මල්ලී“ කියනව වගේ “යාලුවට උගෙ වැරැද්දක් තියෙනව කියල තේරෙනව කියන්නෙ, ඌට හිත පාලනය කර ගන්න අමාරු වෙන්නෙ නම් නෑ කියන එක ෂුවර්,“ ....මට හිතෙන විදියට නම් මේ වගේ තත්ත්වෙක ඉන්න කෙනෙකුට පුළුවන් “තමන්ට වරදින තැන“ ගැන ටිකක් හිතන්න , උදාහරණයක් තමන්ට අසාමාන්‍යව තරහ යනවා නම් , එය පාලනය කර ගරනීමට අවශ්‍ය නම් , මුලින්ම කරන්න පුළුවන් දේ තමයි විවේකීම “තමන් ගැන හිතන එක“ ..තමන්ට තරහ යන අවස්ථා ,පරිසරය , කා එක්කද , කියන එක ..ඒ එක්කම ඒ තරහ ගිය අවස්ථාවක තමනගේ හැසිරීම , කතාබව මොන වගේ උනාද ? ඉන් වුනු ප්‍රතිපල ..ඔය වගේ තමන් ගැන මධ්‍යස්ථව හිතා බලන්න ඔබේ යාළුවට පුළුවන් , ඊට පස්සේ ඒ වගේ අවස්ථාවක ක්‍රියා කළ යුතු හරි විදිය ගැනත් තේරුම් ගන්න උත්සාහ කරන්න , ඉදිරියේ විය හැකි යැයි කියන අවස්ථාවක් හිතේ මවාගෙන , ඊට මුහුණ දෙන්න . ඒ වගේ විය හැකි අවස්ථා මවා ගනිමින් ඊට නිසි ලෙස මුහුණ දෙන විදිය හිතන්න , ඒක භාවනාවක් වගේ තමයි , ඒ විදියට පුහුණුවක් තමන්ටම ගන්න පුළුවන් නම් ඔබේ මිතුරාට “මෝහනය වගේ ප්‍රබල ප්‍රතිකාර“ සීමාවන්ට යන්න ඕන වෙන එකක් නැහැ (ප්‍රබල කිව්වේ ඒ තරම් පරාසයකට යායුතු නොවන බව) ...මමත් ඔබේ මිතුරාට සිත සතුට පිරි අනාගතයක් පතනවා ...

    ReplyDelete
  19. හිත - හැමෝගෙම එක වගේ නැත

    සිරා පෝස්ටුව !

    ReplyDelete
  20. දේවා මල්ලී,
    එකඟයි ඔබ සමග. ඇත්තම තමයි තමන්ගේ හොඳම මිතුරාත් සතුරාත් තමන්ගේ සිතමයි .
    මේ ගැනනම් බෝහෝ අත්දැකීම් මටත් තියනවා . අතීතයේ සිදුවූ වැරදි කිසි ලෙසකින්වත් නැවත නොවීමට මම බොහෝ පරිස්සම් වෙනවා . ඒ පිළිබදව මම සදාගත් නීති මාලාවක් මාගාව තියනවා. කිසි ලෙසකින්වත් ඒවා කඩ කරන්නේ නෑ මම . ඇතැම් වෙලාවට ඔබලා උනත් සිතනවා ඇති යම් කරුණු සම්බන්ධව මා දක්වන මුරන්ඩු බාවය. මේ සියලු දේම මා කරන්නේ අන්න ඒ නිසායි .
    සිතින් වැටුන අවස්ථාවල මා කරන්නේ මගේ සිත සතුටු කරගන්නේ කෙලෙසද කියල මමම නිදහසේ හිතන එක. මගෙ සිත සතුටින් තැබුවොත් පමණයි මට තවත් කෙනෙක් සතුටින් තැබිය හැකි වන්නේ . යම් යම් කරුණු සම්බන්ධව පසු තැවීම් තිබුනත් . බොහෝ සතුටින් ඉන්න කෙනෙක් මම .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ ගැන යම් යම් දේවල් මමත් දන්න නිසා සමහර තැන් වලදි මමත් ආගිව් නම් කරන්නේ නැ කියලා දන්නවානේ...
      ඇත්තටම එහෙම කරන එකත් එක්තරා විදිහක හිතට සතුටක් නේද අක්කෝ...

      හිත තමා හැමදේකටම මුල

      Delete
  21. සිත ඇත්නම් පත කුඩාද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබා මාමේ දන්නේ නැති නිසා අහන්නේ කලින් එකෙත් දන්නේ නැති වචනයක් කිවා.. මේකේත් මේ පත කියන්නේ මොකක්ද කියන්නකෝ

      Delete
  22. සමහර කමෙන්ට් වලට රිප්ලයි දාන්න ගුගල්, බ්ලොගර් මාමලා මට ඒක පාර ඉඩ දෙන්නේ නැනේ, අනිත් ඒවාට ඉක්මනටම දාන්නම්කෝ

    ReplyDelete
  23. යාලුවට ජය වේවා....

    හිත හුගක් ලොකු ආයුදයක්,හොදට වගේම නරකටත්.වැඩේ තියෙන්නෙ අපි ගොඩක් දෙනෙක් ඒකෙ අගේ දන්නෙ නෑ.

    හොද ලිපියක් මල්ලි....

    ReplyDelete
  24. මචන් මම මනස ගැන කිව්වේ ඒක ගැන ඇඩ් එකක් දෙන්න නෙවෙයි. සුමනදාස සමරසිංහ මහත්තයා ඕක පටන් ගත්තේ සමාජ සේවයක් විදියට වෙන්න ඇති. ඒත් දැන් කරගන යන අය නම් කරන්නේ මනස විකුණන් කෑම. මොකද මටත් දැන් අවුරුදු දෙක තුනකට කලින් ඕකේ ෆීල්ඩ් ස්ටාෆ් එකට කතා කළා. ඔය කියන විදියට සගරාව කියවන කියවන එකා පෝසත් වෙනවා නම් බස් වල නැගලා පාරවල් ගානේ ඇවිදලා කථා කරලා ඔය සගරා විකුනන්න ඔච්චර පරිප්පුවක් කන්න ඕන නැ නේ. විකුණන එකා අනුන්ට කියන්න කලින් ඕක කියෙව්වනම් මිනිහා කොටිපතියෙක්නේ.
    ඒත් යටිසිතට විදාන දීලා යමක් කරන්න පුළුවන් කියන එක නම් ඇත්ත.

    ReplyDelete
  25. මම හිතන්නේ අයියේ භාවනාව තමයි කියලා මම ලඟදි බ්ලොග් එකක කියෙව්වා චීනේ දියත් කරපු යුධමය වැඩසටහනක් සිත දියුණු කරන් යුධ හානි අවම කරන්න....පොළව යට උමං මාර්ගවල තමයිලු පුහුණුවිම් දෙන්නේ චිත්ත ශක්තිය දියුණු කරන්න.ඇමෙරිකාව පවා භීතියට පත්වෙලා ඉන්නවලු.ඒ ආටිකල් එකේ නම තිබුනේ කළු මකර බල ඇණිය වගේ එකක්...

    ReplyDelete
  26. තීරණයක් ලඟදී ඒ තීරණය ගත්තාට පස්සේ වෙන දේ ගැන මෙනෙහි කරන්න... හොඳ පැත්තටත් - නරක පැත්තටත්... තීරණයක් ලඟදී එක පැත්තක ඉඳලා තීරණ ගත්තොත් ගොඩක් වෙලාවට වරදිනවා. මොකද අපිට පේන්නේ එක පැත්තක් විතරක් නිසා. ඒ වගේ වෙලාවට තමා යටිහිතේ ප්‍රයෝජනේ තියෙන්නේ. අපිට පුළුවන් නම් උඩු හිතයි, යටි හිතයි දෙපැත්තක කරලා වාද කරවන්න... අන්න හොඳ තීරණයක් එළියට ඒවි...

    ඔන්න දේවා කසාද බඳින්න යනවා... උඩුහිත කියනවා හොඳයි හොඳයි බැඳපන් කියලා... යටිහිත කියනවා පිස්සුද යකෝ එපා කියලා... දෙන්නගේම පැත්තෙන් තර්ක කරලා තර්ක බිඳලා බලන්නකෝ කවුද දිනන්නේ කියලා...

    මතක තියාගන්න දෙහිතේම අයිතිකාරයා ඔයා වුනාට කාගෙවත් පැත්ත ගන්න යන්න නම් එපා...

    කරලා බලන්නකෝ... මම ප්‍රායෝගිකව කරන දෙයක්... ජය !!!

    ReplyDelete
  27. ඇත්ත කථාව... ස්තූතියි යාළුවා...

    ReplyDelete
  28. හිතන්න දකින්න...

    ReplyDelete
  29. සුමනදාස සමරසිංහ ලියූ පොත් ගැන අළුත් ම වෙබ් අඩවියට එන්න ආරාධනා!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....