ගොඩාක් දවසකින් පොස්ට් එකක් දාන්නේ.... ටිකක් එක එක ප්‍රශ්න ගොඩක හිර වෙලා උන්නා.... ඒත් ඉතින් බලනකොට තිබුනු ප්‍රශ්නයකුත් නැ කරපු දෙයකුත් නැ
ඒක නෙමේ ඉතින් අද මොනවා හරි කියන්නම ඕනා...
නිමිත්ත : මාර්ග වාහන පරික්ෂාවේ උන් පොලිස් නිළධාරින් දෙදෙනෙකු මා නතර කල මොහොතේ ඇති වු කථා බහ...
බලනවකෝ නේද වයස අර කෙල්ලට තාම අවුරුදු 18ක් වත් නැ නේද? ඒ වුනාට පොඩි එකෙකුත් ඉන්නවා..
මම: ඔව් ඉතින් සමහර විට තාම නිතියෙන් බැදලාවත් නැතුව ඇති... වයස නැතුව...
*****************************************************************************
ඇත්තම මේ සිදුවිම ගොඩක් මේ පැත්තෙ නම් වෙලා තියන දෙයක්..
ඉගෙන ගෙන ඉවර වෙලා ඒ කියන්නේ උසස් පෙල නම් නම් නෙමේ... යන්තම් ඕලෙවෙල් කලා විතරයි...
තව දුරටත් ඉගන ගන්න ඕනා කමක් නැ කියමුකෝ.. ඒත් ඒ ගමන්ම පරස්ථාවක් කරගන්නේ හරියට සමාජේ ගැන මොනවා දැන ගෙනෙද කියලා මට වෙලාවකට හිතෙනවා..
ඇත්තටම මගේ පන්තියේ උන්නු (ඕ ලෙවල්) අයගෙන් තාම කසාද බැදලා නැත්තේ මම විතරද කොහෙද?
අනිත් අයගෙන් ගොඩාක් අය දැන් අම්මලා, තාත්තලා වෙලා..
ඒත් ඒ ගොඩාක් දෙනෙක් ජිවිතේ විදිනවා කියන දේ නම් කරන්නේ නැ විදවනවා විතරයි (මම කියලත් ඉතින් විදින එකක්ද නැනේ)
එත් ඇත්තටම කෙල්ලෙක් කොල්ලෙක් කසාද බදින්න ඕනේ මොන වයසෙන්ද?
පොදි බදින්න සල්ලි තියන අයට නම් ඉතින් ඔය වයස කියන දේ ගැටලුවක් නෙමේ වෙන්න ඇති...
ඇත්තද දන්නේ නැ ඉතින් කථාවට කියනවා ඔය ලොකු ලොකු සල්ලි කාරයන්ගේ හිතේ සතුට දුප්පත් පැල්පතක ජිවත් වෙන කෙනෙක්ගේ තරම් නැහැලු..
මේක නිකමට හිතුන දෙයක් බ්ලොග් එකත් පාලු කපලා අයේ ලියන්න පටන් ගන්නත් ඕනානේ..
කොහොමහරි ඉතින් බ්ලොග් ලියන කියවන කසාද බැදපු බදින්න ඉන්න ඔය කට්ටියම කියමුකෝ...
කසාද බදින්න හොදම වයස මොකක්ද කියලා...
ප.ප.ලි : මට නම් ඔය වගේ තිරනයක් ගන්න නම් නෙමේ ඔන්න...
හුරේ දේවා හිරේ යන්ට ලෑස්තිය!
ReplyDeleteඅතට සමුදුන් ඔබට සුභ පැතුම් මලියගෙන් :D
ජය වේවා!
ඔන්න මම නම් දන්නේ නෑ මලේ.
ReplyDeleteආයේ බොරු කියන්නේ මක්කටද ?
මම නම් හිතන්නේ කසාද නොබැඳ ජිවත් වෙන එක තම හොඳම දේ.බැඳීම් අඩුයි නිදහස වැඩියි.අනික කසාද ජිවිතේ ඔය කියන තරම් සුන්දර නැහැ.ළමයි හැදුවට පස්සේ ඉතින් අවරුදු 20k යනකන් පන යනකන් කඹුරන්න ඕනේ.ඊට පස්සේ සැලකුවොත් එහෙමයි නැත්නම් එහෙමයි.ඊට වඩා හොඳයි තනිකඩව ඉඳල (තමන්ගේ ආශාවන් පිරිමහ ගන්න එක වෙනම දෙයක් ) ගානක් ඉතුරු කරලා තරමක හොඳ වැඩිහිටි නිවාසෙක ඉන්න එක .
ReplyDeleteපුලුවන්නම් විසි ගනංවල මුලදි බැඳපං කොල්ලො. නැත්නං වෙන්නෙ පොඩි එකා පෙර පාසැලට බාර දෙන්න ගියාම අහයි "ඇයි සීයා එක්ක ආවෙ, තාත්තා හරි අම්ම හරිනෙ එන්න තිබ්බෙ" කියලා.
ReplyDeletehenryblogwalker the Dude
මම නම් කියන්නෙ කොල්ලො ... බය නැතුව හරිය .. ඇත්තටම අපි බඳින්න ඕන හොඳටම නාකි වුනාම.
ReplyDeleteඅනේ මංදා හෆ්ෆා... බඳින වයසක්නම් දන්නෙ නෑ.. වෙන්න තියන විදියට වෙන්න ඕනෙ දේවල් වෙන්න දීලා මමනම් බලං ඉන්නවා හෆ්ෆා,,
ReplyDeletethaniyama inna eka kochchara funda..eth antima kale thani wena ekata thama akamathi
ReplyDeleteහොඳම වයස තමයි
ReplyDelete***බඳින්න හිතෙන්නත් ඕනේ
ගැලපෙන සහකාරයෙක්/සහකාරියක් ඉන්නත් ඕනේ
සුදුසු වෙලාවක්(කේන්දර නෙමෙයි සල්ලි යහමින් තියෙන වෙලාවක්)බලන්නත් ඕනේ
පවුලක් නඩත්තු කරන්න හැකියාවක්(ජොබ් එකක්) තියෙන්නම ඕනේ
**අතිශය ඉවසීමක් නැත්තම් බැන්ඳට වඩා ඉක්මන්ට ලිහාගන්නත් වෙනවා හි හි
මම කියවලා තියෙනවා විවාහ ජීවිතේ කියන්නේ කපිතාන්ලා දෙන්නෙක් ඉන්න නැවක් වගේ කියලා.ඒ නැව හරි ගමන් මාර්ගයෙන් ගෙනියන්න නම් දෙන්නගෙම සහයෝගය වැදගත් එහෙම නැත්තම් ටයිටැනික් නැවට වුනා වගේ තමයි....
ඕං අයියේ මගේ අදහස තවත් අයෙකුගේ අදහසක් සමග...හැබැයි මම තාම පොඩි එකා
@ misfit :
ReplyDeleteමනුස්සයෙක් විදියට ලෝකෙට උපන්නා නම් තමන්ගේන ලෝකෙට වෙන්න ඕනේ දේ ඉටු කරන්න ඇයි පස්ස ගහන්නේ... කසාද බඳින්න පස්ස ගහන මිනිහා කොහොමද වගකීමක් භාරගන්නේ ? කවදා හරි මැරෙන දවසට තමන්ගේ ජීවිත කාලය දිහා බලලා සතුටු වෙන්න පුළුවන් වේද ?
කොල්ලෙක් නම් අනිවා 25-28 බඳින්න ඕනා...
ReplyDeleteකෙල්ලෙක් නම් 21-24 තමා...
මම බැන්දේ 25 න්... මේක බලන අපේ බැඳපු උදවියත් අදහසක් කියලා යනවා නම් තමයි හොඳ !!!
මම නම් කියන්නේ කොල්ලෙක්ට හොදම වයස 27 වගේ :))
ReplyDelete@Chathuranga Perera
ReplyDeleteකසාදය කියන්නේ ඇදගෙන නෑමක්.වගකීම් බාරගන්න නොහැකි kama නෙවි විවාහය කියන වගකීම සහ බරට තියන නොකැමැත්ත.මේ ලෝකෙට කරන්න තියන යුතුකම?
එහෙම යුතුකමක් කරන්න ඇත්තටම ලෝකයක් කියල දෙයක් තියද? අපි කියන්නේ නිකන්ම නිකන් සත්තු කොටසක් විතරයි මේ ලෝකේ . මේකේ අපි නැතිවෙන දවසකට ඒ අඩුව පුරවන්න තව මොකක් හරි දේවි.දහ දෙනෙක් නොබඳ ඉන්න තීරණය කලොත් විස්සක් ඒ දහයේ අඩුපාඩුව මදි නොකියන්න පුරවවී. එකම ප්‍රශ්නේ අපි අර 20 දෙන වෙලා තවත් දුක් විඳිනවද 10 වෙලා අපිට යමක් කරගන්නවද කියන එක .යමක් කරගැනීම බොහෝ අරුත් සහිතයි
පික්ශු මලියා : අනේ මලයෝ..... මම උබට කීවා කියලා හිතාගනින්කෝ... මේ මම එහෙම හොරාට බදින්නේනැ බන්
ReplyDeleteමධුරංග : එහෙම කියලා නම් හරි යන්නේ නැ නේද අයියේ.. අයියලා අපිට කලින් ඉස්සර වෙන්න ඕනනේ
ReplyDeletemisift : ඔය ඔහොම කියන අය ඒ වුනට ඉක්මනටම කසාද බදිනවා... ජිවත් වෙනවා කියන්නේ ඒකටම වෙන්න ඇති නේද යාලුවා.. අනාගතේ දවසක අපි මෙහෙම මේ අයව හැදුවනේ කියලා සතුටු වෙන්නවත් පුලුවන්නේ.///
ReplyDeleteවයස ප්‍රස්නයක් නෑ.... :D
ReplyDeleteඒත් ඉතිං අපි ජීවත් වෙන සමාජෙ අනුව ඒව වෙන්ස් වෙනව නේද... ?? අවුරුදු 20 වෙනකොටම ළමයෙකුත් ඉන්නවනම් වයසින් තුනෙන් එකක් යන්නත් කලින් ජීවිතේ භාගයකටත් වඩ ඉවර වෙලා වුරුදු 30 විතර යනකොට ළමයි දෙන්න තුන්දෙනයිළාඅර්ථික ප්‍රස්නයි අරවයි මේවයි.. ජීවිතේ කල කිරිලා...
එහෙම නැති අයත් නැතුවම නෙවෙයි.. ඉන්නවා.. ඒත් බහුතරයකට එහෙමයි මම දකින විදියට...
ඩුඩේ : අනේ බන් දැන් නම් 23යි.. මුල කියන්නේ දැන්ද?? දැන්ම නම් බැරි වෙයි මම හිතන්නේ.... ඇ යාලු 30න් බැන්දත් ලමයි 32න් හම්න්බ උනත් 38 වෙනකොට පාසල් යනවානේ...
ReplyDelete38 වයසකුත් නෙමේනේ නේද??
කුමාරයා : සිරාවටමද කියන්නේ... ඒ කියන්නේ ඔයා බදින්න ඇත්තේ මිට අවුරුදු 15කට විතර කලින්නේ නේද? එතකොටනේඔයා නාකියි
ReplyDeleteප.ලි : ඇත්ත්ටම එදා මාව දැක්කේම නැද්ද් මාමේ... හිකිස්
හිතුවක්කාරි : අර කලින් පොස්ට් එකක ඔයා දාලා තිබුනා වගේ කෙනෙක් මුන ගැහිලා නම් ඔය කථාව පොඩ්ඩක් වෙනස් වෙයි නේද??
ReplyDeleteවෙන්න තියන දේවල් ඔයා කොච්චර නැ කිවත් වෙනවාමනේ නේද හිතු..
ano : thanikama hodayi yamak karagannna puluwan kaalayak thiyanakan witharak....
ReplyDeleteගැමියාගේ පත් ඉරුව : මල්ලි තාම පොඩි එකා කිවාට ගොඩාක් දේවල් සිරියස් හිතලානේ... ඔහොම හිතන එක ගොඩාක් හොදයි...
ReplyDeleteඇත්තටම එක්කෙනෙක්වත් එහෙම ඉක්මන් වෙන්න ගියොත් සොරිම තමා...
චතුරංග පෙරේරා : අම්මේ අය්යේ ඔයා යන්තම් හිතට දැනෙන දෙයක් කිවා... තව ඉතින් මට 23නේ... තාම මම බදින වයස ඇවිත් නැහැනේ...
ReplyDeleteඒකනේ බැදපු අය නැද්ද මන්දා තාම...
වර්ණා : ඒකේ නම් මොකක් හරි යටි අරමුනක් තියනවා වගේ... ඇ.. මොකද ඒ.. කොල්ලා කියනවද 27 වෙනකන් බදින්න බැ කියලා
ReplyDeleteපොඩි මැන් : ඕකම තමයි බන් පොලිස් මැන් කිවේත්.. ජිවිතේ එපා වෙලා අවුරුදු 27 ,28න් ඉතින් වලි දාගෙන ඩිවොස් කේස් ගොඩ ගැහෙනවාලු...
ReplyDeleteකෝ තාම අනිත් අයට තාම හිතාගන්න බැරිද වයසක් එහෙම
වස ලැජ්ජාවයි වුනේ කොල්ලො ... හැම තැනකදිම දුටුවා .. ඒත් ඉතින් මේ ඉන්නෙ දේවා කියල දන්නෙ කොහොමද ..?
ReplyDeleteඋදාහරණයක් විදිහට .. ප්‍රොපයිල් පොටෝ එකේ ඉන්න එකයි එදා මම ට්‍රිප් එකෙදි දැකපු එකයි කොයි තරම් වෙනස් ද ..? ප්‍රො.. පික්චර් එකේ ඉන්න එකා පොඩි කොලුගැටයෙක් වගේනෙ. ඒ මදිවට නලළෙන් උඩ නෑ. ඉතින් කොහොමද අඳුනාගන්නෙ.
බඳින්න ඕන නෑ....(ආණ්ඩුවේ ලියකියවිලි වල අත්සන් කරන්න ඕන නෑ) එකට ජීවත් වෙන්න.... වයස ඕන එකක්..
ReplyDeleteඇත්තටම කියනවනම් මචන් මම බැන්දේ 21 න් දැන් මට 26 යි මට හා පැටවූ වගේ දුවල දෙන්නෙක්ම ඉන්නවා.ලොක්ක මේ අවුරුද්දේ නර්සරි යන්නත් පටන්ගත්ත.
ReplyDeleteකිසි ප්‍රශ්නයක් නැහැ ආර්ථිකය අවුලක් නැත්නම් අවුරුදු 20 න් පස්සේ කොල්ලෙකුට බඳින්න පුළුවන්.
මේක මට හරි ගියාට අනෙත් අයට දිරවන්නේ නැති වෙන්න පුළුවන් ඒත් ඉක්මනට බඳිනවා වගේ නෙමෙයි ගොඩක් කැපකිරීම් කරන්න වෙනවා මොකද කොල්ලෙක් ගොඩක් ෆන් ගන්නේ ඔය කාලෙනේ මචන්.
විවාහය කියන එක තේරුම ගත්තොත් පවුලක වගකීම් තේරුම ගත්තොත් මුලින් බැන්දත් පස්සේ බැන්දත් එකම තමා ඒත් අද කාලේ දකින දේවල් අනුව පහුවෙලා අත්දැකීම් අරගෙන බඳින එවුනුත් අනන්තවත් බුල ගහනවා මචන්.
මට දැන් 24යි... මම නම් අනිවා තව 5ක්වත් මෙහෙම ඉන්නවා..
ReplyDeleteමල්ලී ...කෝකටත් හුඟක් පරක්කු කරන එකනම් එච්චර හොඳ නෑ ...මෙන්න අද පත්තරේ තිබුණ article එකක් ..නිකං කියවලම බලන්නකෝ ...
ReplyDeletehttp://news.nationalpost.com/2012/01/17/delaying-parenthood-has-serious-medical-risks-for-both-men-and-women-study-warns/
අනේ මේ කොහෙ හරි ඉන්න අහිංසකයෙක් අල්ලගෙන බැඳගෙන ඇයි ඒ පුද්ගලයට දුක් දෙන්නෙ මම නම් ඒ පව් වැඩේ කරන්නෙ නැහැ ..හැමදාම මෙහෙම ජොලියෙ ඉන්නව.....:):):)
ReplyDeleteකුමාරයා : ඒ කියන්නේ මම පොඩි නැ කියලාද කියන්නේ... ප්‍රෝෆයිල් එකට දාලා තියෙන්නේ අවුරුද්දකට කලින් ගත්තු එකක්..
ReplyDeleteඒ කිවේ කොහොම වෙනසක්ද තියෙන්නේ... මම හිතන්නේ ලොකු වෙනසක් තියෙන්නේ බැනේ..අ
ඔයා නිදාගෙන ආවෙත් නැනේ.. ඔය තරම් අනිත් අය කියවනකොට
මමත් වින්චැට් කිරිල්ලිත් එක්ක එකඟයි... මම කසාද බැන්දෙත් විසි ගණන්වල මුලදි... දැන් හිතෙනව තව කාලයක් තනිකඩව හිටියා නම් හොඳයි කියල බැඳීම් වැඩි කරගෙන සංසාරෙ දික්කර ගන්නවට වැඩිය... මේ මගේ පෞද්ගලික මතය.....
ReplyDeleteඅහ්හ් පිස්සුද මට ඇති කොල්ලෙක් නැහැ :/
ReplyDeleteමම නම් හිතාගෙන ඉන්නෙ 28න්.. ගෙවල් දොරවල් එහෙම හදලා. ඔක්කොමත් හරි කෙල්ලෙක් තමා අඩු.. හිකිෂ්!
ReplyDeleteමම නම් ඔය අනිත් අය ගැන දන්නේ නැ. මම නම් අවුරුදු විසි අටක් විසි නවයක් වෙන කම් කසාද නම් බදින්නේ නැ. මම මේ දවස වල ගෙවන ලයිෆ් එකේ හැටියට දැන්ම බැන්දොතින් මාසෙන් දෙකෙන් වයිෆ් ආයෙත් ගෙදර යන එක බුදු ෂුවර්. ඒත් ගැනු ළමයෙක් නම් අවුරුදු 26 ක් 27 ක් වෙන්න කලින් කසාද බදින එක තමා හොද. නැත්තම් ඉතින් එක්ස්ෆයර් වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩියි කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteබඳින්නෙ කොහොමද ඉන්න තැනක් නැහැ හරි හමන් ආදායමක් නැහැ
ReplyDeleteඉන්න තැනක් ඇතුව හරි හමන් ආදායමක් ඇතුව කසාද බැඳීම
අලිය ගත්තනෙ හෙණ්ඩුව පස්සෙ ගන්නවා
ඔය තියෙන්නෙ කසාද බැඳිල්ල ගැන මගේ අදහස් තමා, මට නං හිතෙන්නෙ කොහොමත් කෙල්ලෙකුට කොල්ලෙකුට කියලා වෙනසක් නැහැ අවුරුදු විස්ස පහු උනානං ඇති කියලා .........
මට හිතෙන්නේනම් ගෑණු ලමයෙක් 25ක් වෙනකොටත් පිරිමි ලමයෙක් 28-30 වගෙ වෙනකොට .
ReplyDelete@misift,
ReplyDelete“මම නම් හිතන්නේ කසාද නොබැඳ ජිවත් වෙන එක තම හොඳම දේ.බැඳීම් අඩුයි නිදහස වැඩියි“
ඉතිං සහෝ බැරි වෙලාවත් ඔබතුමාගේ අම්මා තාත්තත් ඔය විදියට හිතුවා නං අද “misift“ කියන නමෙන් කමෙන්ට් කරන්න කෙනෙක් නැති වෙනවා නේ .....
“අනික කසාද ජිවිතේ ඔය කියන තරම් සුන්දර නැහැ“
මේ කතාවට නං කිසිසේත්ම එකඟ වෙන්න බැහැ, ඒක තීරණේ වෙන්නෙ දෙන්නට දෙන්න තේරුම් ගැනීමේ හැකියාව මත, හැබැයි ඉතිං ප්‍රශ්න රණ්ඩු නැති කසාද ජීවිතයක් තියනවා නං සීයට දශම ගාණක් වගේ තමා, එහෙමයි කියලා කසාද ජීවිතේ සුන්දර නැහැ කියන්නෙ නං අමූලික බොරුවක් ........
“ළමයි හැදුවට පස්සේ ඉතින් අවරුදු 20k යනකන් පන යනකන් කඹුරන්න ඕනේ“
ඒක දුකක් විදියට දැනෙන්නෙ තාම “misift“ දරුවෙන් නැති නිසා වෙන්න ඕන, නිකමට වගේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහලා බලන්න, ලමයින්ට අවුරුදු විස්සක් නෙමේ ජීවිත කාලෙම උනත් කඹුරන එක දුකක්ද කියලා ........
“ඊට පස්සේ සැලකුවොත් එහෙමයි නැත්නම් එහෙමයි“
ලමයි සලකන එක නැති එක තීරණය වෙන්නෙ පවුල් පසුබිම තුලින්මයි, අපේ අම්මා, තාත්තා අපේ ආච්චිට, ආතට සලකපු විදිය දැකපු මම කවදාවත්ම අපේ අම්මට,තාත්තට නොසලකා ඉන්නෙ නැහැ, එහෙම හරි දැක්මක් පොඩි කාලේ ඉඳන්ම දරුවන්ට නැති උනාම තමා දෙමාපියන්ට වැඩිහිටි නිවාසවල පිහිට පතන්න වෙන්නෙ .....
බදින්න හොදම වයස 30. (මොකද මම බැන්දෙ ඒ වයසෙදිනෙ):)
ReplyDeleteහ්ම්.... මං හිතන්නෙ ගෑණු ලමයෙක්ට හොදම වයස 24-27 අතර කියලා.
ReplyDeleteපිරිමි ලමයෙක්නම් ඉතිං 29 විතර වෙනකල් හිටියත් මොකෝ...
විවාහය කියන්නේ ජීවිතයේ තියෙන ලස්සනම දෙයක්. හැබැයි ඒකට ජීවිතේ ප්ලෑන් කරල තියෙන්න ඕනේ. නැත්නම් කාට හරි ආදරේ කරල හිතුන ගමන් බැන්දොත් ජීවිතේ ඇත්තටම විඳවන්න තමයි වෙන්නේ. කෝටි ගණන් සල්ලි තිබුණත් අඩු වයසින් බැන්දොත් වෙන්නේ විඳවන්නම තමයි.
ReplyDeleteඅපි පාසල් කාලෙ ඉවර කරල තව ටිකක් දුරටත් ඉගෙන ගෙන සාමාන්‍යෙයන් රස්සාවක් හොයාගන්නකොට අවු.22 වත් වෙනවා. ඉතින් මේ කාලෙ තමා ඇත්තටම ජීවිතේ අත්හදා බැලීම් කරන්න පුළුවන් කාලේ. පොඩ්ඩක් පිස්සු නටලා, බීලා, දෙපාරක් විතර හයිස්පීඩ් හරි බීල හරි ඩ්‍රයිව් කරල එලිවෙනකම් පොලිසියේ බංකුවේ ඉඳගෙන ඉඳල වගේ දේවල් කරන්න පුළුවන් මේ කාලෙ තමයි. ඒ වගේම කෙල්ලෝ දෙතුන් දෙනෙකුට ආදරේ කරලා (තමන්ගේ ඇත්තටම ආදරේ කෙනා ඉද්දි) එක්කෙනෙක් දෙන්නෙක් එක්ක රැයක් දෙකකුත් ඉඳලා වගේ දෙවල් කරන්න පුළුවන් වෙන්නෙත් මේ කාලෙ.
මෙන්න මේ කළේ අවුරුදු 26 විතර වෙනකම් ගත කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි පොඩ්ඩක් තැන්පත් වෙන්න ඕනේ. කීයක් හරි වැඩිපුර ඉතුරු කරල. ආදරේ කරන ගෑනු ළමයට විවාහය ගැන අදහස දීලා, ඉන්න තැනක් සහ වාහනයක් ගන්න පොඩි ප්ලෑන් එකක් ගහල වැඩ පටන් ගන්න ඕනේ. අනිවාර්්‍යෙයන්ම මේ කාලෙ ටිකක් මහන්සි වෙලා වැඩ කළොත් අවු. 29 වෙනකොට මේ දේවල් වලින් සියයට 60 විතර සම්පූර්ණ කරගන්න පුළුවන්. බඳින්න හොඳම මේ කාලෙ තමා. ජීවිතේ විඳින්න ඕන නම් මේ ක්‍රමය හොඳයි කියල මම හිතනවා. හි හි..... මම කළෙත් එහෙමයි....
මං හිතන්නෙ 25 -30 අතර තමා ගෑනු පිරිමි දෙගොල්ලටම බඳින්න හොඳම වයස.
ReplyDelete[ අපි දෙන්න බඳින කොට මට 26 යි බිරිඳට 25 යි ]
ඒක හරි ඒක හරි !!
ReplyDeleteඅපි මල්ලිලාට ආදර්ශමත් වෙන්ට එපැයි !!!
හික් හික් හික් දේවාටත් හිතෙන එවුවා !!!
අනිවා අනිවා.... අයියලාගේ අඩි පාරේ අපි යන්න ඕනනේ
Deleteකෙල්ලෙකුත් ඉන්නවා නම්, අනිත් සේරම දේවලුත් ප්‍රශ්නයක් නොවේ නම්, ඕනනම් දැන් බැන්දත් කමක් නෑ.. :)
ReplyDeleteඔන්න ඔතනදි තමයි ප්‍රශ්නයක් උනොත් දැන් නම්
Deleteහරි මල්ලි උඹේ වයස හොඳායි... බැඳපාං....
ReplyDeleteඅනේ අම්මෝ මම තාම පොඩි එකා අය්යේ
DeleteSumith Niriella : ඇත්ත්ටම ලියකියවිලි වල අත්සන් කරන්නේ ඉතින් අවිශ්වාස නිසානේ... මමත් හිතනවා එහෙම කරන එක ඒ තරම්ම වැදගත් නැ කියලා
ReplyDeleteඅපේ මුතුන් මිත්තන් වුනත් ගොඩක් වයස ගිහින් විවාහ වුන අය නෙමෙයි..ඒත් එයාල මැරෙන තුරා සතුටින් ජීවත් වුනා..ඒ එයාල ලඟ හැදියාවක් තිබුනා අද සමාජයට වඩා..ඒත් අදට අවුරුදු 17න් 18 න් විවාහ වෙන එක ප්‍රායෝගික නෑ..හොඳම වයස කියල වර්ගීකරනයක් කරන්න අමාරුයි..ඒත් ආදරේ විවාහය වගේම සමාජය ගැනත් නිවරැදි අවබෝදයක් ඇති වුන දවසක තමයි විවාහ වෙන්න ඕන..ඒ මට හිතෙන හැටි.. :)
ReplyDeleteඇත්තටම ඒ කාලේ ඔය කොල වල අත්සන් කරන විවාහ තිබුනෙත් නැනේ නේද එහෙම බලනකොට කොහොමත් වයස කොහොම උනත් අවබෝධය තමා වැදගත් වෙන්නේ නේද සිත් රු
Deleteඅඩේ මම අදද මෙහෙ ආවේ. සෑමා මීට පසු පස්සෙන දේවාගේ පන්නවා..
ReplyDeleteකොල්ලෙක් - 28 අවුලක් නැහැ නේද :)
ඒ මොකද බන් අවුලක් නැ නේද කියලා ඇහුවේ කිසි අවුලක් නැ යාලු... පස්සෙන් පන්නගෙන එන්නකෝ හැමදාම
Deleteසිරා.. සෑමාගේ ගූගල් රීඩරේ සිටි දේවා, දැන් සෑමාගේ බ්ලොග් රෝලේ ප්‍රසිද්ධියේ.. හිකිස් !
Deleteshaaanu :ශානු මේ කියන්නේ කොල්ලෙක් කියලා මම හිතනවා.. සහෝ ඒ වයසෙන් බැදලා අද ගොඩාක් සතුටින් ඉන්න එකට මුලින්ම මගේ ප්‍රනාමය.. මොකද ගොඩාක් තැන් වල අඩු වයසෙන් බැදලා පවුල් අවුල් වෙලා තියන තැන් මම දැකලා තියන නිසා..
ReplyDeleteඇත්තටම ඔයාගේ අදහස් ගොඩාක් වටිනවා.. ජිවිතේ හරියට තේරුම් ගත්ත කෙනෙක්ට වයස ප්‍රශ්නයක් නම් නැ වගේ
හපොයි මටනම් තව සෑහෙන කල් තියනවා...
ReplyDeleteසතුටෙන් හිටියා ඇති කියල වගේ හිතුනම කසාද බදින්න මලේ...
ReplyDeleteකොමෙන්ට් ටික කියවන්න වුනේ නැ.. හිමින් බලමුකෝ ඒවත්
අය්යෝ..... ඇයි අක්කියෝ එහෙම කියන්නේ.... එහෙම සතුට නැති වෙනවද කසාද බැන්දොත්
DeleteDinesh : අම්මේ අයියේ ඒ නම් කල් වැඩි වගේ නැද්ද??
ReplyDeleteමහේශ් නිශාන්ත : ඒකත් එක විදිහකට බැලුවොත් ඇත්ත තමයි අය්යේ.. හැමදේකටම කලින් ස්ථාවර වෙලා ඉන්න එකත් හොදයිනේ.... නේද අයියේ
ReplyDeleteවින්චැට් කිරිල්ලි : අනේ ඒ කියන්නේ ජිවිත කාලේ පුරාවටම තනියම ඉන්නද කල්පනාව... කොහෙද දුක් වෙන්නේ සතුටින් තියන්න පුලුවන්නේ...
ReplyDeleteශානි : හ්ම්ම්ම්ම් කියලා හරියන්නේ නම් නැ ඔන්න
ReplyDeleteමියුරු : අනේ අක්කෝ අය්යාට එහෙම ඇහුනානම්.... පව්නේ.. දැන් ඔයාලා ඉන්නේ සතුටින්නේ...
ReplyDeleteමියුරු : අනේ අක්කෝ අය්යාට එහෙම ඇහුනානම්.... පව්නේ.. දැන් ඔයාලා ඉන්නේ සතුටින්නේ...
ReplyDeleteවර්ණා : ඇත්තමද?....................... ඔන්න ඉතින් කිවා බොරුවක්....... හරි හරි අපි අම්මාට කියන්නේ නැ ඉතින්
ReplyDeleteපිටසක්වලයා : ඒ කිවේ ඒවා හැදුවේ අගහරු ලෝකෙද??
ReplyDeleteඅර කුරු කුරු ගහගෙන ඉන්න කෙල්ලක් හොයන එකනම් අමාරු වෙයි තමා නේද??
රෙප් මහත්තයා : ඔන්න මට තේරෙන්නේ නැති කථාවක් කිවා.. කොහොමද අය්යා එක්ස්පයර් වෙන්නේ.... ඔය වයින් එහෙම කල් යන්න යන්න හොද වෙනවා කියලානේ අහලා තියෙන්නේ...
ReplyDeleteඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියලත් කියනවලු හෙහ් හෙහ්
Deleteපන්සල් හන්දිය : ඔය කතා සෙට් එකත් මම පන්සල් හන්දියේ කැමතිම පොස්ට් අතරේ තියනවා..... දැන්ම නම් බැ වගේ අයියේ...
ReplyDeleteගිම්හානි : ඔය නොකියා කිව්වේ අක්කා දැන් ඉන්නේ බදින්න ඕනා වයසේ කියලානේ... ඔන්න කාට කිවත් නැතත් මට නම් වෙඩින්ග් එක කියන්න ඕනා.. අනිවා මම එනවා
ReplyDeleteරාජ් : ඒ කියන්නේ මට තව අවුරුදු 6,7ක් එහෙමනම් පාඩුවේ ඉන්න පුලුවන් නේද?
ReplyDeleteනිසුපා : අක්කෝ එහෙමනම් අම්මාට කිවා නම් හරිනේ මගේ කාලේ ලං වෙලා කියලා... ඔයාගේ වෙඩින්ග් එකටත් එන්නම ඕනා....
ReplyDeleteකොල් එකක් දුන්නම ඇති හොදේ..
ද මැට්‍රික්ස් : ජිවිතේ ගැන ඔයා දකින දැකලා තියන විදිහ හැම කෙනෙක්ම දකින විදිහට වඩා ටිකක් වෙනස්.. ඔයාගේ ජිවිතයෙනුත් ගන්න ගොඩාක් දේවල් තියනවා කියලා මට හිතෙනවා..
ReplyDeleteමමත් එකගයි අඩු වයසේ මැරේජ් ස්ථිර නැ කියන එකටත්.. හැමදෙයක්ම කරන්න ඕනා ජිවත් වෙන පොඩි කාලේ ඇතුලතනේ... අපි හැමෝම මැරෙන මිනිස්සු..
සමහර ඔය කියලා තියන දේවල් එක්ක නම් මම එකග නැ.. කොහොම උනත් ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔයාගේ ජිවිත අත්දැකිම් බෙදා ගන්න ආවට.. දිගටම ඒවි කියලා විශ්වාස කරනවා
ඔබ්සවර් : ඒ කියන්නේ මාමලගේ තිබුනේ පාසල් ප්‍රේමයක්ද.... කොහොම උනත් මාමලා සතුටින් ඉන්න නිසා ඒ වයස හොදයි කියලා හිතෙනවා... බලමුකෝ... තව කල් තියනවානේ
ReplyDeleteපාසල් නෙමේ ' ක්රෙඩ්ල් ස්නැච් ' එකක් කියන්න පුළුවන් කාලෙ පටන් ගත්ත එකක්
Deleteහිකිස් .... මට තේරුනේ නැ ඔබා මාමේ,
Deletemisfit එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි... නොබැඳි සංගමයට සාමාජිකයන් බඳවගනු ලැබේ... හැබැයි මුලින් බැදිච්ච උන් මාස දෙක තුනෙන් සාමාජිකත්වෙන් ඉවත් වුනා ;)
ReplyDeleteමචන් දේවා, අලුත් ඇඳුම නම් හොඳයි.. ඒත් කලු බැක්ග්‍රවුන්ඩ් එකේ සුදු අකුරු කියවිල්ල මට නම් අමාරුයි.. කොම්පීතරේටම ඇස් දෙක දිය වෙලා තියෙන්නෙ.. අකුරු ටිකක් ලොකු කරන්න පුළුවන් නම් හැමෝටම ලේසි වෙයි..
අයියෝ මම නම් තවම පොඩි එකා එත් මේ පොස්ට් එකයි කොමෙන්ට් ටිකයි දැක්කම මටත් යමක් කොටන්ද හිතුනා....
ReplyDeleteමේ පැත්තට අවෙත් ගොඩක් කාලෙකින්,දැන්නෙ දන්නෙ දේවා අයිය අපේ මේ ලග පාත පොරක්නෙ....
ඔන්න මගේ අදහස නම් මේකයි....
ඔය පුරස්නෙ එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා...
සමහර එවුන් ඉන්නවනෙ වයස 20 විතර වෙනකොට අම්බානෙකට පිස්සු කෙලිනවා,ජිවිතේ කිසිම වගකීමක් නෑ ,අපේ ගොඩක් ඉන්න එවුන් ඔහොම තමා,ඕක ඉතින් වයසෙ වැරැද්දනෙ .....
තවත් කට්ටියක් ඉන්නව ඔය වෙද්දී ඉගෙනීමේ වැඩත් හොදට කරගෙන,ගෙවල් වල බරත් කරට අරන් ජිවිතේ ස්ථාවරයකට ආපු අය,ජොබ් කට්ටක් එහෙමත් හොයා ගත්තු ....එහෙම අය නම් ඉන්නෙ ටිකයි....
ඔය දෙගොල්ලන්ගෙන් ස්ථාවර උනු එවුන් නම් බැන්දට කමක් නෑ 20 විතර කැමති නම්,එත් මට හිතෙන හැටියට නම් තව අව්රුදු 2ක 3ක් ඔන්න ඔහෙ නොබැදම හිටියොත් හොදයි.බැන්දම ඉතින් වගකීම් වැඩිනෙ.....
ඕකෙ තව පැත්තක් තියෙනව ඔන්න ඉතින් අහගන්ඩකෝ.....
සමහර අය ඉන්නව දෙමව්පියෝ කිව්වත් වෙන මොකා කිව්වත් ජොබ් එකක් හොයා ගන්නැති,ස්ථාවර තත්වයකට එන් නැති අය....
දෙමව්පියො මොකද දන්නවද කරන්නෙ ඕකට කියල කියල බැරිම තැන "මූව බන්දලවත් දීල බලමු මේක හැදෙයිද කියල....." හිතල ඔන්න ඉතින් බැඳලා දෙනව....
සමහර එවුන් නම් ඉන්නව හිටියටත් වඩා චාටර් වෙන එවුන්...
අප්පේ සමහර කොල්ලො නම් මේ බදින්න කලින් හිටපු එකාද කියල හිතන්නවත් බැරි තරමට වෙනස් වෙනවා...
ඔන්න ඕකයි ඉතින් කොලුවන්ගේ තත්වෙ .....මට නම් හිතෙන්නෙ කෝකටත් 23-28 වගේ වයස හොදයි කොලුවෙක්ට....
දැන් ඔන්න මේකයි කෙල්ලන්ගෙ තත්වෙ....
කෙල්ලෙක්නම් අනේ අප්පේ 18,20 බදින්න එපා....
ඔයාල තාම චුටි කෙල්ලොනෙ,නිකම් කසාද බැදලා නැති බර ඔලුවට දාගන්ඩ එපා ඔය වයසට...
ආදරේ කරන්න,ඒ අයව තේරුම ගන්න අව්රුදු කීපයක් ආශ්‍රය කරල විවාහ වෙන්න...මට හිතෙන විදියට 23-26 වගේ කාලෙ හොදයි විවාහ වෙන්න....
කෙල්ලෙක්ට කොහොමත් විවාහ ජිවිතේ වගකීම් වැඩිනෙ...එක නිසා තමන්ගෙ සහකරුවා තොර ගනිද්දි තමන්ව හොදින් තේරුම ගත්තු කෙනෙක්ව තොර ගන්න එතකොට පුළුවන් වේවි ඒ ජිවිතේ ලස්සනට සතුටින් ගත කරන්න.....
අපි හැමෝටම ඕනේ ජිවිතේ ලස්සනට සතුටින් ගෙවන්නනේ..........
ඔන්න ඕකයි ඉතින් මගේ අදහස....
පොඩි එකා කියෙව්ව වැඩිද මන්ද එත් ඉතින් කියන්ඩ හිතුන දේ මම කිව්වා...
එහෙනම් ජයම වේවා!!!!!!!!
මට හිතෙන්නේ 27-29 කොල්ලෙක්ට එළය....22-25 කෙල්ලෙක්ටනං එළය...
ReplyDeleteඇත්තටම ටිකක් වයසට ගිහින් බදින්න තමා මාත් හිතාන ඉන්නේ
Deleteහදන එකා පරම්පරාව කන එකෙක් උනොත්? ජිවත් වෙනවා කියන්නේ තමන් ජිවත් වීම මිස අනුන්ව ජිවත් කරන එකට නෙවි. බැඳීම් අඩු ජිවිතේ සැහැල්ලුයි. ඕක ඔය බන්දනෙට අහුවුණා ය හොඳට දන්නවා නමුත් කවදාවත් එළිපිට කියන්නේ නැහැ.
ReplyDelete@ pansal handiya
මගේ අම්මයි තාත්තයි ළමයි හදපු නිසාම මමත් ළමයි හදන්න ඕනෙද?
සමාජය කිව්වා පලියට දෙයක් කරන්නතිව තමන්ම හිතල බලන්න.අම්මෙක්ගෙන් ඇහුවොත් ළමයි හදන එකා දුකක් ද කියල "එක සැපතක්" කියල තම කියන්නේ.එකට හේතුව පොඩි කලේ ඉඳලම අපේ මනස එක සැපතක් විදිහට අපේ ඔළුගෙඩි වලට දාපු එක.අනික මම කිසිම වෙලාවක අම්මෙක්ගේ සෙනෙහස ආදරය ප්‍රශ්න කරන කෙනෙක් නෙවි.අම්මෙක් තාත්තෙක් ගන්නේ ලොකු වග කීමක්. එත් එහෙමයි කියල මමත් ඒ හැමදේම කරන්න ඕනේ කියල හිතනවානම් එක මහා මෝඩ කමක්.තමන්ගේ කැමැත්ත තමයි කරන්න ඕනේ.
බදින්න හොදම කාලය තමයි, පාළුව තනිය මුල් වරට දැනෙන්න පටන් ගන්නා වෙලාව, ඒ කියන්නේ ගෙදරින් පිට රස්සාවකට හෙම ගියාට පස්සේ!මම හිතාන ඉන්නේ එහෙමයි!
ReplyDeleteතව කොච්චර කල් යයිද යාලුවා ඒකට.... ආදරය කරලාම බදින එක ගොඩාක් හොදයි මම නම් හිතන්නේ
Deleteකෙල්ලෙක් නම් පොඩි වයසින් කසාද බැන්ඳම ප්‍රශ්න වැඩියි.කොල්ලෙක් නම් ඉතින් ස්ථාවර උනාම කසාද බදින්න ඕන.ඒ කිව්වෙ ජොබ් එකක් වත් නැතුව ඉන්න හිටින්න තැනක් වත් නැතුව කසාදයක් කරගන්න හොඳ නෑ.
ReplyDeleteඅනික කෙල්ලො නම් හුගක් වසය ගියාම ඒ කිව්වෙ 28ක් 27ක් වගේ වෙලා කසාද බදින එක ටිකක් හොඳ මදි.
කොල්ලොත් පොඩි වසසින් බඳින එක හොඳ මදියි වගේ,මොකද විසි 25ක් උනත් ඒ කොල්ලන්ගෙ සෙල්ලක්කාර වයසනෙ.කසාද බැන්දම වගකීම් වැඩියි.ඉතින් ඒව තේරුම් ගන්න නම් ටිකක් වයසින් මුහුකුරා ගිහින් තියෙන්න ඕන.
ඒත් ඉතින් තමන්ට පවුලක් නඩත්තු කරන්න පුලුවන්නම්, බිරිඳව / සැමියාව හරියට තේරුම් ගන්න පුලුවන්නම්, තනිකඩ ජීවිතේදි කරපු සෙල්ලක්කාර කම් අමතක කරලා බැඳීම් වැඩි වගකීම් වැඩි ජීවිතයක් ගත කරන්න පුලුවන්නම් හෙට උනත් කසාද බඳින්න.
මම තාම පුන්චියි හොඳේ.ඒ නිසා මට හිතෙන දේවල් කිව්වෙ.experience නැත.ඒත් කාලය ආවාම මමත් කසාඳ බඳිමි.ඔක්කොටම කලින් ඉගෙන ගන්න තියෙනවනේ.ඊලගට ජොබ් එකක්.ඊටත් පස්සෙ තමයි ඉතින් ඕක.
රිප්ලයි වැඩ නැනේ...
ReplyDeleteතරු ගේ ලෝකය : තරු අය්යා තාත්තා කෙනෙක් කියලානේ මම හිතුවේ
සාතන් : ඔන්න අකුරු නම් ලොකු කලා අය්යේ..... දැන් නම් පුලුවන් වෙයි නේද??... මට නම් බැ බන් ඕකට බදින්න...` කවදා හරි මම බදිනවා
ReplyDeleteදමිත් ශියන්ත : ගොඩාක් කාලෙකට පස්සේ මම හිතන්නේ මේ ඔයා ඇවිත් තියෙන්නේ...
ReplyDeleteකියපු ඔක්කොම සිරාවටම ඇත්ත කියලා මමත් හිතනවා.. ඇත්තටම මොන දේ කරන්නත් කලින් තමන්ට කියලා හොද ස්ථාවර තත්වයක් හදාගෙන ඉන්න එක තමා ගොඩාක් වැදගත් වෙන්නේ...
පිස්සු කෙලින අය බැන්දාට පස්සේ පිස්සු නවත්වනකොට හොදට හිටපු අය බැන්දට පස්සේ පිස්සු කෙලින්නත් පුලුවන් නේද?
හිම හංසි : ඔයා කියන විදිහ හිතන විදිහ හරි කියලා මමත් හිතනවා...සෝ ඔයාගේ ටාගට් ඔක්කොම කරගන්න පුලුවන් වෙයි ඔයා කියන හිතන විදිහට... ඇත්තටම කවුරු උනත් පොඩි හරි පිස්සුවක් දෙකක් කෙලිනවාමනේ ඉතින් තනිකඩ ජිවිතේ...
ReplyDeleteඒවා කසාද බැන්දහම කරන්න බැනේ... හැමදෙයක්ම කරන්න කියන්න එක්ස්පිරියන්ස් නම් ඕනේ නැ මම හිතන්නේ.. කසාදේ කියන දේ එක්ස්පිරියන්ස් ගන්න කරන්න පුලුවන් දෙයකුත් නෙමේනේ..ජිවිතේ දෙතුන් පාරක් කරන්න පුලුවන් දෙයකුත් නෙමේනේ
Mama bande 27. Mage lokuduwa A/L. Dewaniya A/L. Thunweniya 8 wasara. Mama satutin innawa.
ReplyDelete